පසුගිය දා 'ඇත්ත' රූපවාහිනී සංවාදයට සහභාගී වූ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා වත්මන් දේශපාලන තත්වය සහ මහ මැතිවරණය හමුවේ අප ගත යුතු මග පිලිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය. මෛත්‍රී වේශයෙන් , සාධාරණ වේශයෙන් , පිවිතුරු වේශයෙන් සිට පසුගිය මැතිවරණයේදී සිදුකළ නින්දා සහගත ව්‍යාජ මවා පෑමත්, වත්මන් රනිල් -මෛත්‍රී ආණ්ඩුවේ අසාර්ථකත්වයත් , සෑම අංශයකින්ම අරාජිකත්වය කරා ගමන් කරමින් තිබෙන රට අවසානයේ බෙදුම්වාදී මර උගුලේ හිර වන අයුරුත් පෙන්වා දුන් ඔහු ඉන් මිදිය හැකි මග පිලිබඳවද විවරණය කළේය.
- ජනාධිපතිවරණ සමයේ පිවිතුරු හෙටක් , සාධාරණ සමාජයක් ආදී සටන් පාඨවලට මුවා වී සිදුකල ජනතාව මුලා කිරීම.
- මහින්ද පැරදවීමේ සැබෑ උවමනාව කාගේද?
- චෞර නායිකාවන්ට යහපාලනය උදාකළ හැකිද?
- ම්ලේච්ච ත්‍රස්තවාදයෙන් ම්බ්විම නිදහස් කරීමට බාධා කළෝ අවමන් කළෝ කවරහුද?
- ලංකාව, ඉන්දීය හා ඇමරික් අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ ගොදුරක් වීම සහ ආණ්ඩු පෙරළියට විදෙස් බලපෑම කෙතෙක්ද?
- ආත්මාර්ථකාමී බලලෝභය නිසා සිංහ වෙස් ගෙන සිටි කපටින් අද වැටී ඇති අධම තත්වය?
- රටේ ඒකීයභාවය ස්වෛරීභාවය අනතුරට හෙළන බෙදුම්වාදී අනතුර.
- රාජපක්ෂ රජයේ සංවර්ධනය හා රටේ ගමන නතර කළ වත්මන් ආණ්ඩුවේ ආර්ථික භාවිතයේ වෙනස.
- යහපාලනය හාංසි කල රනිල්ගේ මහ බැංකු හොරකම සරල සිංහලෙන්.
- නව පාර්ලිමේන්තුව හරහා රට රැකගැනීමට ගත යුතු මග..
ඉහත සඳහන් මානයන් ඔස්සේ සිදුකළ එම රූපවාහිනී සංවාදයට මෙතනින් සවන් දෙන්න..
-සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
We are forever grateful to you for your attempt in giving the public the right view.......
ReplyDeletethank you