7/01/2015

කෙම්මුර වදන – 2015 ජූලි 1

කතෘ:යුතුකම     7/01/2015   No comments

ජූලි එක

කෙම්මුර වදන සටහන් පෙළ ලිවීම අරඹන අද දවස ජූලි පළමුවැනිදාය. ලෝකයේ පළමු අන්තර් ජාතික දුරකතන සංවාදය කැනඩාව හා ඇමරිකාව අතර සිදුවූයේද (1881) , චීන කොමියුනට්ස් පක්ෂය පිහිටුවූයේද (1921) සෝමාලියාව (1960) ඝානාව (1960) රුවන්ඩාව (1962) බුරුන්ඩි (1962) යන රටවල් ඊනියා නිදහස් ජාතික රාජ්‍ය බවට පත්වන්නේද අද වැනි දවසකය. එපමණක් නොවේ. 1955 මැයි 14 වැනිදා පිහිටුවන ලද වෝර්සෝ හවුල 1991 ප‍්‍රාග් නුවරදී නිල වශයෙන් විසුරුවා හරින ලද්දේද අද වැනි දවසකය. වෝර්සෝ හවුල විසුරුවා හැරීම යනු ගිලී ගිය රතු ඉර පිළිබඳවේදනාත්මක මතක සටහනකි. රතු ඉර ගිලෙන විට සමුදුර හඬා වැලපෙයි. අනතුරුව ලෝකයට උදාවන්නේ ඝනදුරය. ඒ ඝනදුරින් අපි තවමත් අනේක විද පීඩා විඳිමින් සිටින්නෙමු.

කෙම්මුර
 
කෙම් යනු ක‍්‍රමය, පිළිවෙත යන අරුත් දෙන්නකි. මුරය යනු අවස්ථාව හඟවන පදයකි. දෙවියන් උදෙසා යාග හෝම පුද පූජා ආදී පිළිවෙත් ඉටු කිරීමට සුදුසුම අවස්ථාව යන අර්ථයෙන් බදාදා සහ සෙනසුරාදා දින දෙක කෙම්මුර දවස් ලෙස හඳුන්වනු ලැබේ. මේවා බොහෝ කටයුතුවලට සුබ දවස් ලෙස සැලකෙන අතර, දෙවියන්ගේ වැඩි බැල්මක් ආරක්ෂාවක් ලද හැකි බව කියන මේ දිනවල අව් වැසි සුළංවල පවා යම් වෙනසක් ඇතැයි කියැවේ. ජ්‍යෝතිෂ්‍ය හා සම්බන්ධ කරගත් විට කෙම්මුර දවස් යන්න තව බොහෝ සංකීර්ණ පැති මාන සහිතව අර්ථ දැක්විය හැක්කකි.

කෙම්

කතාවෙන් තොරව කරන ප‍්‍රතිකාරයක් පිළිවෙතක් හැඳන්වීමටද කෙම් යන වචනය භාවිත වේ. දත් කැක්කුමට නිවසේ යටලීයේ හුණුවලින් ඉරි ඇඳිම, කැඩුණු කකුළ වෙනුවට රෝගියා නිදා සිටින ඇෙඳ් කකුළක බෙහෙත් බැඳීම, බෙල්ලේ උලූක්කුවට නිදන පැදුරු කොට්ට අව්වේ දැමීම, සර්පයකු දෂ්ඨ කළ බව කීමට වෙද ගෙදරට එන තැනැත්තාට වෙදා අත දිග හැර කම්මුල් පහරක් දීම, යනාදිය කෙම් ක‍්‍රමවලට අයත් දේ වන අතර එවැනි කෙම් ක‍්‍රම රාශියක් පාරම්පරික සිංහල ජන සංස්කෘතිය තුළ හමුවෙයි.

ගඟ සහ ගිනිකූර

කෙම් ක‍්‍රම වැනි අබූත ආදි කල්පික දෑට ඒ කියන අන්දමේ ප‍්‍රායෝගික අර්ථයක් බලයක් තිබේද? තිබේ නම් එය කි‍්‍රයාවට නැංවෙන යාන්ත‍්‍රණය කුමක්ද? එය තර්ක බුද්ධියට හෝ නිල විද්‍යාවට හසු කර ගත හැක්කේ කෙසේද? වැනි ප‍්‍රශ්න නිසි පරිදි විසඳා දීමට මගේ දැනුම අවබෝධය ප‍්‍රමාණවත් නැත. එසේ වුවද ඊනියා උගතුන්ගේ නිල විද්‍යාවේ තර්කයෙන් පමණක් මේ සියල්ල මිනිය නොහැකි බව පැහැදිලිව කිව හැකි අත්දැකීම් ප‍්‍රමාණයක් මා අත්විඳ තිබේ. එහෙයින් සම්මත විද්‍යාවේ තර්කයෙන් මේ සියල්ලේ පිරිවිතර ගන්නට යාම ගිනි කූරකින් ගංගාවක පරිමාව මනින්නට යාම වැනි කටයුත්තක් බව නොපැකිලව ප‍්‍රකාශ කළ හැකිය.

කාලීනත්වයේ අපුල

කාලීනත්වය යන්නෙහි විරුද්ධ පදය අකාලිකත්වය හෝ සර්ව කාලීනත්වය විය හැකි වුවද මිනිස් කි‍්‍රයාවන් ගැන කතා කිරීමේදී ඊට හොඳම යෙදුම උත්තර් ඓතිහාසිකත්වය බව මට සිතේ. ඒ මන්ද යත් කාලීනත්වයෙන් ඔබ්බෙහි පවතී යැයි අප සිතන වටිනාකම් කිසිවක් සර්වකාලීන දැයි අපට අනාවැකි කිව නොහැකි බැවිනි. කෙසේ වුවද කාලීනත්වය කර්කශ විය හැකිය. අපේ හිතේ ඇඳී ඇති දේට වඩා අවලස්සන විය හැකිය. ඒ සමඟ හැපෙන්නට යාම ඇඟ පතේ කිලිටි තවරා ගැනීමට සිදුවන අපුල කි‍්‍රයාවක් වන්නටද පුළුවන. එසේ වුවද රටක කාලීන අභියෝග අමතක කොට අපට කිසි ලෙසකින්වත් උත්තර් ඓතිහාසික මිනිස් වටිනාකම් ගැන කතා කළ හැකි නොවේ.

මැතිවරණ සිතියම

යළිත් හදිසි මැතිවරණයක් රට හමුවට පැමිණ තිබේ. එයද කර්කශ කාලීන අභියෝග ගනයට අයත් වන්නකි. මේ මැතිවරණයද සුපුරුදු ලෙසම දේශපාලඥයන් අතර ගැටුමකට වඩා ජාතිකත්වය සහ විජාතිකත්වය අතර ගැටුමකි. මෙරට දේශපාලනයේ මේ මූලික බල බෙදුම් රේඛාව අවුල් කිරීමද විජාතික විශ්ලේෂකයන්ගේ න්‍යාය පත‍්‍රයේ පළමු රාජකාරියකි. මිලේච්ඡු විජාතිකත්වය රටේත් මනුෂ්‍ය වර්ගයාගේත් ප‍්‍රධාන සතුරාය. මේ මොහොත වන විට මේ පොළවේ පවතින ජාතිකත්වයේ බලවේගය බොහෝ අඩුපාඩු සහිත, අපරිණත, හා අපිරිසිදුකම්වලින් ගහන එකක් බවත් ඒ තත්ත්වය වෙනස් කරගත යුතු බවත් ඇත්තකි. එහෙත් එය එසේ වූ පමණින් විජාතිකත්වයට ජය අත් කරදීමට ඒ අවුල කිසිම අන්දමක නිදහසට කාරණයක් හෝ හේතුවක් කර ගත යුතු නොවේ.

මහින්ද සහ මෛත‍්‍රී

මහින්දගේ පාලන කාලය තුළ හොරි, දද, කුෂ්ඨ වැනි දේවලින් රට අපවිත‍්‍ර වූ බව ඇත්තකි. හොරකම්, නාස්තිය, අයථා ඉපයීම්, විගඩම් නාඩගම්, බලයේ අවභාවිත යෙදවීම් ආදිය මේ හොරි දද කුෂ්ඨ ලෙස ගත හැකිය. මෛතී‍්‍ර වෙස්ගෙන රනිල් බලයට එන ලද්දේ මේ හොරි දද කුෂ්ඨ තවදුරටත් විශාල කර පෙන්වා ඒවා කඩිනමින් සුවපත් කරන බවට තරයේ පොරොන්දු ලබා දෙමිනි. නමුත් ඔවුන්ගේ සැබෑ පිළිවෙත වන්නේ හොරි දද කුෂ්ඨ එසේම පවත්වා ගන්නා අතරේම රටේ කශේරුකාවටද පහර දී එයද කඩා බි`ද දැමීමය. මේ මූලික අවුල සංයුක්තව වටහා ගැනීම කොන්ද බේරාගැනීමේත්, හොරි සුව කර ගැනීමේත්, දේශපාලනයක නියම මූලාරම්භය වෙයි.

- ඉසුරු ප්‍රසංග
 [උපුටා  ගැනීම :  Lanka Lead News වෙබ් අඩවියෙන්  ]

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions