12/05/2017

ශ්‍රී ලාංකික වාරි ශිෂ්ඨාචාරයේ විශ්මිත යෝධ පිම්ම - රටක් නැගිටවන්නට ඉදිකළ මොරගහකන්ද

කතෘ:යුතුකම     12/05/2017   No comments
'මහින්ද රාජපක්ෂ සමූද්‍රය' -  මොරගහකන්ද -

-විශ්ව චින්තන-
ලංකාවේ විශාලතම කෘෂි ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද ගැන මුලින්ම කථා කරන්නේ 1955 වසරේදීය.නැවත 1977දී කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ මොරගහකන්ද නැවත කරලියට එයි.නමුත් මහින්ද යුගය එලැබෙන විටත් 60 වසරක් තිස්සේ එකඳු පස් පිඩැල්ලක් හෝ කැපීමට කිසිදු රජයකට හැකි වූයේ නැත.

රට කෘෂිකර්මයෙන් ස්වයං පෝෂිත කිරීමේ මහින්ද චින්තන දැක්ම අනුව ආරම්භ කල වෙහෙරගල, වේලි ඔය, මව්ආර, රඹකැන් ඔය, කැකිරිඕබඩ, උඩවලව වම් ඉවුර, දැදුරු ඔය, යාන් ඔය, උමා ඔය ඇතුළු යෝධ ව්‍යාපෘති අතර මොරගහකන්ද - කළුගඟ යථාර්තයක්ම වන්නේ ඒ වැඩ සටහන යටතේ ඉදිවන විශාලත ව්‍යාපෘතිය ලෙසයි. මෙහි විශේෂත්වය නම් මේ ව්‍යාපෘති සියල්ල කෙටි කාලයක් තුල සමාන්තරව ගොඩනැගීමයි.

පරාක්‍රම සමුද්‍රය මෙන් 6 ගුණයක් විශාල මහ ජලාශ දෙකක් හදන මාතලේ ඉදිකරන මොරගහකන්ද බහුකාර්ය යෝජනා ක්‍රමය මඟින් මධ්‍යම උතුරුමැද උතුරු හා නැගෙනහිර පළාත්වල මහ වැව් 20ක් පමණ හා අලුත් වැව් 51 ක් ඉදිවේ. කුඩා වැව් සිය ගණනක් පෝෂණය වෙයි.

රුපියල් කෝටි 12,500 ක් වැය කරන මේ ව්‍යාපෘතිය මඟින් උතුරුමැද මධ්‍යම පළාත්වල ජනතාවට ලබාදෙන පානීය ජල ධාරිතාව තෙගුණයකට වැඩි කෙරේ. ඊට අමතරව මධ්‍යම උතුරුමැද උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර ලක්ෂ 2.5 ක් යල මහ අස්වැද්දීමට කටයුතු කරනු ලැබේ.

නාවුල ඇළහැර පාරේ මොරගහකන්දේ දී අඹන් ගඟ හරහා මීටර් 463ක් දිග මහ වේල්ලක් ඉදිකර එමඟින් අක්කර අඩි 463000ක ජල ධාරිතාවක් සහිත මහ ජලාශයක් ඉදිකෙරේ. එය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාලය. ඊට අදාළව තවත් සඳැලි වේලි දෙකක් ඉදිවේ.

මෙම ව්‍යාපෘතියේ අනික් ප්‍රධාන වේල්ල ඉදිවෙන්නේ පල්ලේගම ප්‍රදේශයේය. ඒ මාතලේ කළු ගඟ හරහා මීටර් 548ක් දිග වේල්ලක් බැඳීමෙනි.මෙයට අමතරව තවත් සඳැලි වේලි දෙකක් ද ඉදිකර අක්කර අඩි 216000 ක ජල ධාරිතාවක් දැරිය හැකි යෝධ ජලාශයක් කළු ගඟ ආශ්‍රිතව ඉදිකරනු ලැබේ.මෙය පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාලය.

මෙම යෝධ ජලාශ කිලෝමීටර් 9ක් දිග උමගකින්/ඇලකින් එකට සම්බන්ධ වේ. මෙම සම්පූර්ණ ව්‍යාපෘතියම ඉදිකිරීමට අවශ්‍ය සහණ පොලී ණය මුදල චීන සංවර්ධන බැංකුව, ඔපෙක් හා සවුදි අරමුදල හා කුවේට් රජය යටතේ ලැබී ඇත. ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 25ක ජල විදුලි බලාගාරයක් ඉදිවෙන අතර ලග්ගල වැල්ලෙවෙල ආදි ප්‍රදේශවල නව නගර ද බිහි වෙයි.

මේ මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය යටතේ ‍රජරට ගොවි ජනතාවට පමණක් ලැබෙන වාර්ෂික ප්‍රතිලාභය රුපියල් කෝටි 400 කි.මුළු ව්‍යාපෘතියෙන් ලැබෙන සමස්ත වාර්ෂික ප්‍රතිලාභය රුපියල් කෝටි 750 ක් වේ.මේ අනුව ව්‍යාපෘතියට යන සම්පූර්ණ වියදම වන රුපියල් කෝටි 12,500 අවුරුදු 18කට පෙර පියවීමට අවස්ථාව ලැබේ.

අලුත් පාලම් 80 ක් වැව් 51 ක් නව නගර 3 ක් මේ යටතේ ඉදිවෙයි.නව මාර්ග කිලෝමීටර් 200 ක් පමණ හා නව යටිතල පහසුකම් රැසක් ද මේ නව ව්‍යාපෘතිය යටතේ ජනතා අයිතියට පවරමින් තිබේ.

වසර 60ක් තිස්සේ සාකච්ඡා අධ්‍යයනවලට පමණක් සීමා වී තිබූ මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතියට 2007 ජනවාරි 25 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් මුල්ගල් තැබුනු අතර 2016 වසරේදී වැඩ අවසන් වන්නට නියමිතව තිබුනි.

2015 වසර එලැබෙන විට ව්‍යාපෘතියෙන් 75%ක වැඩ නිම කරන්නට ව්‍යාපෘතිය භාර නිලධාරීන්ට හැකි වී තිබුනි...!!!


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/28/2017

"ඉඩම් සුද්දන්ට විකිණීම" - සිරිසේන මහතාගේ ව්‍යාජ අඳෝනාව සහ ඇත්ත

කතෘ:යුතුකම     7/28/2017   No comments
"ලංකාවෙ බිහි වුන කිසිම රජයක් මේ රටේ ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට ලියලා දුන්නෙ නෑ. ඒත් පහුගිය පාලකයො පෝට්සිටියෙ අක්කර 200ක් සින්නක්කරව චීනෙට ලියලා දුන්නා. ෂැන්ග්‍රීලා එකට ගෝල්ෆේස් එක ලඟින් අක්කර 10ක් සින්නක්කරව ලියලා දුන්නා. එතකොට අද කථා කරන දේශප්‍රේමියො හිටියෙ ඇඳන් යට.''
මේ ජනාධිපති සිරිසේන
මහතා සහ ඔහුගේ ගෝල සේනාවෝ පසුගිය වසර දෙකහමාර පුරාම විටින් විට නැගූ අඳෝනාවකි.

නමුත් මේ කථාවේ ඇත්ත තත්වය කුමක්ද.?? මඳක් ආපස්සට යමු.

2001 වසරේදී අද සිරිසේන ජනාධිපතිවරයාගේද 'බොස්' ලෙස අපිට පෙනෙන අගමැති වික්‍රමසිංහ ලංකාවේ අගමැති පුටුවට පත් වූයේ සුළුතර ආණ්ඩුවක් සමඟය. ඒ වන විට විදේශිකයන්ට ලංකාවේ ඉඩම් සින්නක්කරව අත්පත් කර ගැනීම අහුරාලන නීති ප්‍රතිපාදන ලංකාවේ නීතියේ තිබුනි.
'යලි පුබුදමු ශ්‍රී ලංකා' නම් ශ්‍රී ලංකාව විදේශිකයන්ගේ අම්බලමක් බවට පරිවර්ථනය කිරීමේ විකුම්සිහ ප්‍රතිපත්තිය යටතේ මෑත ඉතිහාසයේ විදේශිකයන්ට කුණු කොල්ලයට ඉඩම් මංකොල්ල කෑමට පළමු ඉඩ ලැබුනි. ඊට තිබූ නීතිමය බාධා ඉවත් කරනු ලැබීය.
එහි ප්‍රතිපලය වූයේ ඉතා කෙටි කාලයක් තුල මේ භූමියේ ඉඩම් අක්කර දස දහසකට (10,000) වඩා විදේශිකයන් කුණු කොල්ලයට මංකොල්ල කෑමයි. ගාලු කොටුව ඇතුළු දකුණු මුහුදු තීරයේ ඉඩම් විදේශිකයන් අත පත්වූයේ මේ වික්‍රමසිංහ ප්‍රතිපත්තිය නිසාය.
ජනාධිපති සිරිසේන මහතා මයික් පලමින් නොකියන කථාව එයයි. දැන් ඔහු අඳෝනා නගන මේ මහා පෝට්සිටි සහ ෂැංග්‍රීලා පාවා දීම් ගැන බලමු .

මෙහි පෝට් සිටි කථාව ගැන ජනාධිපති සිරිසේන මහතා කියන්නේ පුරුදු පරිදි තවත් පට්ටපල් පට්ට කෙබරයකි. නැතිනම්, පෝට්සිටිය ගැන ඕපදූපයන්ට එහා කථාවක් සිරිසේන මහතා නොදන්නවා වීමද විය හැකි දෙයකි.
පෝට්සිටියේ අක්කර 200ක් සින්නක්කරව ලබා දුන් කථාව ගල් පැලෙන කෙබරයකි. සත්‍යය නම් එසේ සින්නක්කරව හිමිකම පැවරූ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 233 (අක්කර 575.8) ක්වූ මුහුදේ නිර්මාණය කරන පෝට්සිටියේ ඉඩමෙන් හෙක්ටයාර් 20ක් (අක්කර 49.4) පමණි. එසේ පවරණු ලැබූවේ නැවත නොගෙවිය යුතු ඩොලර් බිලියන 1.1ක (රුපියල් කෝටි 16720 ක) ආයෝජනයේ හිලව්වටය. එම සින්නක්කර හිමිකමද පවරනු ලැබුවේ අදාල චීන සමාගම ලංකාවේ ලියාපදිංචි කරන සමාගමකට මිස චීනයටද නොවේ.

මෙය මහා අපරාධයක් ලෙස බොහෝ හඩ නැගූ යහපාලකයෝ මෙම හෙක්ටයාර 20 'සින්නක්කර' ලේබලයෙන් ගලවා 'අවුරුදු 198ක බඳු' ලේබලයක් අලවා තිබුනාටත් වඩා ප්‍රතිලාභ චීන සමාගමට යන ලෙස ගිවිසුම වෙනස් කලේ අංක වචන විජ්ජාවකින් නැවත වරක් ජනතාව මුලා කරමිනි.
ඒ පිළිබඳ සටහනක් පහත සබැඳියෙන් කියවන්න
https://www.facebook.com/wishwa.chinthana/posts/1211696892194291

අනිත් කථාව ෂැන්ග්‍රීලා අක්කර 10 කථාව.

2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු ලංකාවට පැමිණි පළමු විශාලතම ආයෝජනය වූයේ මෙම ආන්දොලාත්මක ෂැන්ග්‍රීලා ආයෝජනයයි. ලෝකයම මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බූදයක ගිලී තිබුනු එම යුගයේ ලංකාවට ආ මේ ආයෝජනය ආයෝජන අහේනියකින් දශක ගණනක් සිටි ලංකාවට සුවිශේෂී වූ බවද මතක තබා ගත යුතුය.
එහි දී ආණ්ඩුව ගාලු මුවදොර අසල ඉදි වන ෂැන්ග්‍රීලා ව්‍යාපෘතිය සඳහා ඉඩම සින්නක්කරව අදාල සමාගමට විකිණීමට එකඟ වූ අතර එය අක්කරයට ඩොලර් මිලියන 12.5 ක් (රුපියල් කෝටි 165) ලෙස රුපියල් කෝටි 1650ක පමණ සම්පූරණ ආයෝජනයක් ලෙස සිදු විය. යුධ හමුදාව යටතේ ආරක්ෂක අමාත්‍යංශය සතුව පැවති මේ භූමිය පැවරීමෙන් ලඳ සියළු ආදායම් වලින් අකුරේගොඩ ඉදිකරන ආරක්ෂක මූලස්ථානය ඉදි කිරීමට තීරණය කර තිබූ අතර ඒ සදහා ප්‍රමාණවත් මුදලක් ඉපැයීම සදහා මේ ආයෝජනය මේ ක්‍රමයට සිදු කිරීමට ආණ්ඩුව යොමු වූ බව පෙනේ.

එහෙත් මෙම තීරණය තුලින් තමන් බරපතල වැරැද්දක් කල බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් තේරුම් ගන්නට ආණ්ඩුවට වැඩි කාලයක් අවශ්‍ය වූයේ නැත. මින් පසු කිසිඳු ආයෝජනයකදී සින්නක්කර ක්‍රමයට ඉඩම් නොපැවරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් එම ආණ්ඩුව ගන්නේ 2011 වසරේදීමය.
එම තීරණයෙන් නොනැවතුනු පසුගිය ආණ්ඩුව වික්‍රමසිංහ පාලනය ඉවත් කල විදේශිකයන්ට සින්නක්කරව ඉඩම් මිලදී ගැනීමට තිබූ බාධා නැවත බලාත්මක කිරීමටද පියවර ගන්නා ලදී.

නමුත් මැතිවරණ සමයේ නැවත කරලියට රැගෙන ආ රාජපක්ෂලාගේ ඉඩම් පාවා දීම හරහාම බලයට ආ සිරිසේන ආණ්ඩුව සිය දෙවන අයවැය යෝජනා මගින් විදේශිකයන්ට ඉඩම් අත්පත් කර ගැනීමට තිබූ බාධා නැවත ඉවත් කර ආපසු විදේශිකයින්ට ලංකාවේ ඉඩම් නැවත අත්පත් කර ගැනීමට ඉඩ දුන් බව ( පුවත්පත් වාර්ථාවක් : http://www.dailymirror.lk/111195/Government-to-allow-foreigners-to-buy-land) සමහර විට ජනාධිපති සිරිසේන මහතා තවමත් නොදන්නවා වන්නට ඉඩ ඇත. ඔහුට ඒ ගැන සඳහන් සිංහල පුවත්පතක් හමු නොවූවා වන්නටද ඉඩ ඇත.

"සිරිසේන බොරු පතුරවයි - පිළිගන්න එපා" කියලා පෝස්ටරයක් ගහන්න සහෝදරයෙක්වත් නැති එකේ ඔහු හෙටත් ඔය කෙබරම දෙසා බාගෙන ඉන්නත් ඉඩ ඇත.

-විශ්ව චින්තන
ෆේස්බුක් සටහන ඇසුරෙනි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

6/15/2015

ලංකා නැව් සංස්ථාව කෑවෙ මහින්ද ද.?

කතෘ:යුතුකම     6/15/2015   No comments
අර්ජුන ඇමතිගේ කථාවක් අලලා යූඇන්පී මඩ බලඇණිය හිටු ගා ෂෙයා කරන පෝස්ට් එකක් තමයි මේ පහත තිබෙන්නේ.
බොරුකාරයන්ට තක්කඩියන්ට අළුගුත්තේරුවන්ට 'අනිකාව' රැවටිය හැක්කේ... අනිකා 'ඇත්ත' යථාර්ථය නොදැන සිටින තාක් පමණි.
එබැවින් ලංකා නැව් සංස්ථාවේ ඉතිහාසය කෙටියෙන් දක්වන්නට අදහස් කරන අතර. එම 'ජාතික සම්පත' කොල්ල කෑවේ, උලා කෑවේ, විනාශ කලේ කවුදැයි ඔබම තීරණය කරන්න.

 1970/71 - සමගි පෙරමුණු රජය ඇමති කළුගල්ලගේ මූලිකත්වයෙන්.ලංකා නැව් සංස්ථාව පිහිටුවයි..
1971 - ලංකාවේ ධජය සහිත පළමු නෞකාව.. 'ලංකා රාණි' කොළඹට පැමිණේ.
1975 - පළමු වසර හතර තුල ලංකා නැව් සංස්ථාව නෞකා 9ක (ලංකා රාණි, ලංකා දේවි, ලංකා සාගරිකා, ලංකා කල්යාණි, ලංකා කාන්ති, ලංකා ශාන්ති, ලංකා කීර්ති, ලංකා රත්න, තම්මැන්නා (an Oil Tanker) ) සාඩම්බර හිමිකරුවා වූ අතර.. තවත් නෞකා කිහිපයක් කුලී පදනමින් සේවයට එක් කරන තරම් වර්ධනය විය...
1977 - සමගි පෙරමුණ පරාජය කොට එක්සත් ජාතික පක්ෂය බලයට එන විට සංස්ථාව මෙහෙයවමින් සිටි නෞකා ප්‍රමාණය 18කි...
1981 - දකුණු ආසියාවේ බහාලුම් නෞකා හැසිරවීමේ (Container Ship Handling) පළමුවැන්නා බවට සංස්ථාව පත් වේ.. ලෝකයෙන්ම පළමු දස දෙනා අතරට ද එක්වේ..
1982 - සංස්ථාව මිලට ගත් ප්‍රථම බහාළුම් නෞකාව (Container Ship) 'ලංකා සිරි' කොළඹට පැමිණේ...ලංකා සීදේවි, ලංකා සිරිමනී, ලංකා සිරිමතී, ලංකා මුදිත යන බහාළුම් නෞකා ද ලංකා නැව් සංස්ථා නෞකා බලඇණියට එක්වේ...
1983 - ලංකා මහපොල, ලංකා අජිත, ලංකා අතුල නෞකා බලඇණියට එක්වේ...මේ වන විට සංස්ථාව හැසිරවූ නෞකා ප්‍රමාණය 27 කි.
1983-86 වකවානුව - 1971 සිට පිම්මේ වර්ධනය වූ නැව් සංස්ථාවට 'කණකොකා හඩන්නේ' මේ වකවානුවේ ය... ඊට ප්‍රධාන හේතු කිහිපයකි..

* සංස්ථාවට ලාභ ගෙන දුන් පැරණි නෞකා විකිණීම සහ එම විකිණීම් වලදී මහා පරිමාණ දූෂණ වංචා සිදුවීම... ඇතැම් නැව් විකුණා ලැබුනු මුදල්වලට උනු දෙයක් නැති බව කිය වේ... එකල ඇමතිවරයා වූ ලලිත් ඇතුලත්මුදලිට 'නැව් ගිල්ල ලලිත්' යැයි කීවේ නිකමට නොවේ... ඔවුන් ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු මිලදී ගත්තායි කුප්‍රකට වන්නෙද මේ සමයේදී ය... (මෙහි තවත් නිරීක්ෂණයක් නම් පසු කලෙක ලලිත්ගේ මුදල් ගිණුම් සහ වෙනත් දේපල බලා කියා ගත් ගෝලයා වූවේ වත්මන් මුදල් ඇමති රවී කරුණානායකයි..)
* සංස්ථාව අළුත් නෞකා මිලදී ගැනීමේ දී සිදු වූ මහා පරිමාණ දූෂණ වංචා සිදුවීම...
විශාල මුදලක් වෙන් කර ඉතා අඩු මිලට බාල තත්වයේ නෞකා මිලට ගැනීම නිසා විශාල සොරකම් සිදු වූ බවට එකල කුප්‍රකට විය... ඇතැම් නෞකා ඇනවුම් කලේ 'පුරුදු වෙන්නට නැව් හැදූ ආජන්ටිනාවෙනි'.... ආජන්ටිනාවට දුන් නෞකා හතරක ඕඩරය නෞකා දෙකකට සීමා වූයේ භාගෙට හදා තිබූ තෙවන නෞකාවට පවා විශාල මුදලක් ගෙවා නඩු හබ වලින් කෙලවර වීමෙනි... මිලදී ගත් ලංකා අජිත සහ ලංකා අතුල නෞකා 2ද සුදු අලින් සේ වූ අතර සංස්ථාවට අත් කර දුන් පාඩුව මාරාන්තික විය...

* සංස්ථාවේ එදිනෙදා මෙහෙයුම්වලදී මහා පරිමාණයේ සොරකම් වංචා දූෂණ සිදුවීම.
1990 - සංස්ථාව සතු නෞකා ප්‍රමාණය 10 දක්වා පහත බැස තිබුනි. මෙහෙයුම් පාඩු ලබන තත්වයකට පත් වූයේ නිමක් නොමැති දූෂණ වංචා නිසාය.
1994 - 17 වසරක එජාප ආණ්ඩුව ගෙදර යන විට නැව් සංස්ථාවට අත් වී තිබුනේ ඛේදජනක ඉරණමකි.. නෞකා ප්‍රමාණය 4 දක්වා පල්ලම් බැස තිබුනි.
2000 - සංස්ථාව තවදුරටත් අභාවයට යමින් නෞකා 2කට සීමා විය.
2005 - මහින්ද රාජපක්ෂ බලයට එන විට නැව් සංස්ථාව තිබුනේ මරණ මංචකයේය. ඉතිරිව තිබුනු ලංකා මුදිත සහ ලංකා මහපොල අවුරුදු 22ක් පැරණි දුබල තත්වයේ තිබූ නෞකා විය. ලංකා මුදිත ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධානය පරිදි යාපන අර්ධද්වීපයට 'හමුදා සැපයුම්' ලබා දීමේ ජාතික මෙහෙවරක් සිදු කරමින් තිබුනි.
2013 - සංස්ථාවේ නැව් බල ඇණියට තිත තබමින් ලංකා මුදිත සහ ලංකා මහපොල නෞකා ද අවසන් ගමන් ගියේ අවුරුදු 30ක ආයු කාලය නිමා කරමිනි.
2014 - යලිත් බලාපොරොත්තු ඇති කරමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පුද්ගලික අංශයේ සමාගමකට දී තිබූ කොළඹ වරායේ නෞකා ඉන්දන විකිණීමේ (Fuel Oil Bunkering) බලපත්‍රය නැවත ලංකා නැව් සංස්ථාවට ලබා දෙන්නෙ සංස්ථාවට සාමාන්‍ය ප්‍රමාණයේ නෞකා 2ක් (Handy size Bulk Carriers) සහ තෙල් ප්‍රවාහණය කරන කුඩා නෞකා 2ක් (Bunker Barge) ඇණවුම් කරමිනි.

ලංකා නැව් සංස්ථාවේ ඉතිහාසය සැකෙවින් එසේය.
රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස සිටින ආණ්ඩුවක ඇමතිකම් දරණ අර්ජුන රණතුංග ලංකා නැව් සංස්ථාවේ විනාශය මහින්ද රාජපක්ෂ මත පැටවීමත්.
බුකියේ යූඇන්පීකාරයන් එය මඩ සමග අනා පැතිරවීමත්.
කොතරම් සාධාරණ දැයි ඔබම තීරණය කරන්න.
මට නම් අර්ජුන රණතුංග යනු කුහකත්වයෙන් ද්වේශයෙන් වෛරයෙන් ඉතිරෙන.. කුණු වූ මියැදුනු චරිතයකි.

-විශ්ව චින්තන

6/14/2015

ජවිපෙ හාන්සි කළ සිරි අයියාගේ මල්ටි බැරල් ප්‍රහාරය...

කතෘ:යුතුකම     6/14/2015   No comments
සෝමවංශ අමරසිංහ නොහොත් 'සිරි අයියා' යනු ලාංකීය දේශපාලන කථාන්දරය තුල 'ජනතා විමුක්ති පෙරමුණ' යන නාමය නොමැකී යන තුරු නොමැකී යන ඒ හා තදින් බැඳුනු නාමයකි... ඒ ගැන වාද විවාද ද අවශ්‍ය නොවේ... මක් නිසාද යත් 87/90 ධවල භීෂණයෙන් කුඩු පට්ටම් වී අළු දූලි වී ගිය 'පක්ෂය' ඉතා දුශ්කර වටපිටාවක් තුල වසර කිහිපයකදී දෙපයින් සිටු වීමට තරම් උපක්‍රමශීලී තීන්ඳු තීරණ ගැනීමේදී 'සිරි අයියා'ගේ අත්දැකීම් දැණුම කොතරම් තීරණාත්මක වූවා දැයි එකල පක්ෂය ගොඩ නැගීම වෙනුවෙන් දර දිය ඇදි කිසිවෙකුට නොදැනුන දෙයක් නොවේ...

සියල්ලේ 'අනිත්‍යය' තහවුරු කරමින් එසේ ජවිපෙ නැවත ගොඩනගන සටනේ තීරණාත්මක නායකයා වූ සිරි අයියා ද පක්ෂය හැර පියා තනියම පාරට බසින්නේ...
ජවිපෙ නැවත ගොඩනැගීමේ දුශ්කර කටුක සටනේ අමිල සේවයක් පක්ෂයට කල විවිධ හේතූන් නිසා පක්ෂයෙන් වෙන් වූ නායකයන්ගේ සිට බිම් මට්ටමේ සාමාජිකයන් දක්වා 'වත්මන් ජවිපෙ නායකත්වයට' එල්ල කල පොදු චෝදනා රැසක් එල්ල කරමිනි....

සිරි අයියා.. ජවිපෙ 'දේශපාලන මණ්ඩලය'ට පසුගිය දා ' මල්ටි බැරල් රොකට් ' ප්‍රහාරයක් එල්ල කරන ලදී... ඔහුට අනුව...

* 'නව' ජවිපෙ යනු තවදුරටත් රෝහණ විජේවීර ගොඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණ නොවේ...
* 'නව' ජවිපෙ කිසියම් කණ්ඩායමක පදයට නටන.. 'ඔඩොක්කු කුක්කන්' පිරිසක් බවට පත් වී ඇත...
* විවිධ පර්ශව වලින් 'මුදල් කුට්ටි' ජවිපෙ වෙත ගලා එමින් ඇත....
* විජේදාස රාජපක්ෂගෙන් ලක්ෂ 25ක් ගත් බවට අනුර කුමාර දිසානායක පක්ෂය දැනුවත් කර නැත... චෝදනාව ප්‍රතිශේප කොටද නැත...
* අනුර කුමාර දිසානායක බොහෝ වැඩ කරන්නේ දේශපාලන මණ්ඩලයට දන්වා නොවේ..
* අනුර කුමාර දිසානායකගේ හඩ පිටුපස සැඟවුනු අලි පැටවු ඇත...
 
මේ ප්‍රබල චෝදනා බිඳ දමන්නට ජවිපෙ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන කිසිඳු නායකයෙකු මේ දක්වා සමත් වී නැත... ඒ වෙනුවට ඔවුන් 'ප්‍රසිද්ධියේ සරම කැඩී නිරුවත් වුනු' එකෙකු කළඹල වන්නේ යම් සේ ද එසේම හැසිරෙමින් ඇත... හදිසියේම මෙතෙක් නොතිබුනු 'බොළද' 'සිව්මැලි' එජාප විරෝදයක් මවා පාමින් තිබෙන්නේ ලිඳ ලඟ සංගමයකට ගිය එන්සිනාගේ 'විවේචන' සිහිගන්වමිනි...

එහෙත් අපේ 'ලක්' එකට බුකියේ අපට හමුවන... නිතරම ජවිපෙ දේශපාලන මණ්ඩලයට පවා සහභාගී වන... සෝමවංශ අමරසිංහටත් වඩා ජවිපෙ ගැන දන්නා... 'භක්තිමත් බුකී විප්ලවකරුවන්' නම් පක්ෂයෙන් යන ඕනෑම 'හිටපු' ආදරණීය සහෝදරයෙකුගේ ඇගේ අලවන 'ද්‍රෝහියා' 'ධනපතියන්ගේ කටු ලෙවකන්නා' 'කුණු ගොඩ' 'ප්‍රතිගාමියා' වැනි ලේබල් සෝමවංශ අමරසිංහගේ ඇග පුරාම අලවන්නට තරම්... තම නායකත්වය ගැන ඇති 'දේව භක්තිය' 'විශ්වාසය' 'ඇදහිල්ල' හා 'වන්දනාව' මොනවාට පෙන්වා ඇත.

-විශ්ව චින්තන

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions