12/05/2017

ශ්‍රී ලාංකික වාරි ශිෂ්ඨාචාරයේ විශ්මිත යෝධ පිම්ම - රටක් නැගිටවන්නට ඉදිකළ මොරගහකන්ද

කතෘ:යුතුකම     12/05/2017   No comments

'මහින්ද රාජපක්ෂ සමූද්‍රය' -  මොරගහකන්ද -

-විශ්ව චින්තන-
ලංකාවේ විශාලතම කෘෂි ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද ගැන මුලින්ම කථා කරන්නේ 1955 වසරේදීය.නැවත 1977දී කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ මොරගහකන්ද නැවත කරලියට එයි.නමුත් මහින්ද යුගය එලැබෙන විටත් 60 වසරක් තිස්සේ එකඳු පස් පිඩැල්ලක් හෝ කැපීමට කිසිදු රජයකට හැකි වූයේ නැත.

රට කෘෂිකර්මයෙන් ස්වයං පෝෂිත කිරීමේ මහින්ද චින්තන දැක්ම අනුව ආරම්භ කල වෙහෙරගල, වේලි ඔය, මව්ආර, රඹකැන් ඔය, කැකිරිඕබඩ, උඩවලව වම් ඉවුර, දැදුරු ඔය, යාන් ඔය, උමා ඔය ඇතුළු යෝධ ව්‍යාපෘති අතර මොරගහකන්ද - කළුගඟ යථාර්තයක්ම වන්නේ ඒ වැඩ සටහන යටතේ ඉදිවන විශාලත ව්‍යාපෘතිය ලෙසයි. මෙහි විශේෂත්වය නම් මේ ව්‍යාපෘති සියල්ල කෙටි කාලයක් තුල සමාන්තරව ගොඩනැගීමයි.

පරාක්‍රම සමුද්‍රය මෙන් 6 ගුණයක් විශාල මහ ජලාශ දෙකක් හදන මාතලේ ඉදිකරන මොරගහකන්ද බහුකාර්ය යෝජනා ක්‍රමය මඟින් මධ්‍යම උතුරුමැද උතුරු හා නැගෙනහිර පළාත්වල මහ වැව් 20ක් පමණ හා අලුත් වැව් 51 ක් ඉදිවේ. කුඩා වැව් සිය ගණනක් පෝෂණය වෙයි.

රුපියල් කෝටි 12,500 ක් වැය කරන මේ ව්‍යාපෘතිය මඟින් උතුරුමැද මධ්‍යම පළාත්වල ජනතාවට ලබාදෙන පානීය ජල ධාරිතාව තෙගුණයකට වැඩි කෙරේ. ඊට අමතරව මධ්‍යම උතුරුමැද උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර ලක්ෂ 2.5 ක් යල මහ අස්වැද්දීමට කටයුතු කරනු ලැබේ.

නාවුල ඇළහැර පාරේ මොරගහකන්දේ දී අඹන් ගඟ හරහා මීටර් 463ක් දිග මහ වේල්ලක් ඉදිකර එමඟින් අක්කර අඩි 463000ක ජල ධාරිතාවක් සහිත මහ ජලාශයක් ඉදිකෙරේ. එය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාලය. ඊට අදාළව තවත් සඳැලි වේලි දෙකක් ඉදිවේ.

මෙම ව්‍යාපෘතියේ අනික් ප්‍රධාන වේල්ල ඉදිවෙන්නේ පල්ලේගම ප්‍රදේශයේය. ඒ මාතලේ කළු ගඟ හරහා මීටර් 548ක් දිග වේල්ලක් බැඳීමෙනි.මෙයට අමතරව තවත් සඳැලි වේලි දෙකක් ද ඉදිකර අක්කර අඩි 216000 ක ජල ධාරිතාවක් දැරිය හැකි යෝධ ජලාශයක් කළු ගඟ ආශ්‍රිතව ඉදිකරනු ලැබේ.මෙය පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාලය.

මෙම යෝධ ජලාශ කිලෝමීටර් 9ක් දිග උමගකින්/ඇලකින් එකට සම්බන්ධ වේ. මෙම සම්පූර්ණ ව්‍යාපෘතියම ඉදිකිරීමට අවශ්‍ය සහණ පොලී ණය මුදල චීන සංවර්ධන බැංකුව, ඔපෙක් හා සවුදි අරමුදල හා කුවේට් රජය යටතේ ලැබී ඇත. ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 25ක ජල විදුලි බලාගාරයක් ඉදිවෙන අතර ලග්ගල වැල්ලෙවෙල ආදි ප්‍රදේශවල නව නගර ද බිහි වෙයි.

මේ මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය යටතේ ‍රජරට ගොවි ජනතාවට පමණක් ලැබෙන වාර්ෂික ප්‍රතිලාභය රුපියල් කෝටි 400 කි.මුළු ව්‍යාපෘතියෙන් ලැබෙන සමස්ත වාර්ෂික ප්‍රතිලාභය රුපියල් කෝටි 750 ක් වේ.මේ අනුව ව්‍යාපෘතියට යන සම්පූර්ණ වියදම වන රුපියල් කෝටි 12,500 අවුරුදු 18කට පෙර පියවීමට අවස්ථාව ලැබේ.

අලුත් පාලම් 80 ක් වැව් 51 ක් නව නගර 3 ක් මේ යටතේ ඉදිවෙයි.නව මාර්ග කිලෝමීටර් 200 ක් පමණ හා නව යටිතල පහසුකම් රැසක් ද මේ නව ව්‍යාපෘතිය යටතේ ජනතා අයිතියට පවරමින් තිබේ.

වසර 60ක් තිස්සේ සාකච්ඡා අධ්‍යයනවලට පමණක් සීමා වී තිබූ මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතියට 2007 ජනවාරි 25 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් මුල්ගල් තැබුනු අතර 2016 වසරේදී වැඩ අවසන් වන්නට නියමිතව තිබුනි.

2015 වසර එලැබෙන විට ව්‍යාපෘතියෙන් 75%ක වැඩ නිම කරන්නට ව්‍යාපෘතිය භාර නිලධාරීන්ට හැකි වී තිබුනි...!!!


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions