බැඳුම්කර මගඩිය මහජන අධිකරණයේ ද විභාග වීමෙන් දැනටමත් ලැබී ඇති බවට අප විශ්වාස කරන මහජන විනිශ්චයට අනුව ඊට වගකිවයුතු පාර්ශවයන්ට, ඔවුන් රැකීමට කටයුතු කළ අයට මෙන්ම ඊට ආධාර අනුබල දුන් බවට මහජනයා විශ්වාස කරන අයට එරෙහිව මජනතාවට සුදුසු අවස්‌ථාවලදී පියවර ගත හැකිව තිබේ. ජනතා පරමාධිපත්‍ය බලය හිමි ඔවුන්ටය. නීතියෙන් මහජනයා අපේක්‌ෂා කරන නිසි යුක්‌තිය පූර්ණ වශයෙන් ඉටු නොවන්නේනම් මහජනයාට තමන්ට හිමි ඒ ජනතා පරමාධිපත්‍ය බලය මගින් මේ ද`ඩුවම් ලබා දීමේ කාර්ය ඉටු කිරීමට පුළුවන. ඇතැම් විට ඒ සඳහා මහජනතාවට ලැබෙන පළමු අවස්‌ථාව වනු ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයයි. මේ මගඩිය දේශපාලන අක්‌මුල් කරා විහිද පැතිර ගිය එකක් බව රටම දන්නා කාරණයකි. මේ මැතිවරණයට එම මගඩියට සහය දුන් ඉහළ පෙළේ අය ඉදිරිපත් වන්නේ නැත. එහෙත් මේ මගඩිය හා සම්බන්ධ දේශපාලන පක්‌ෂයට අවශ්‍ය නම් මහජනතාවට ඉදිරි ජාතික මැතිවරණවලට පෙරම මේ අවස්‌ථාවේදී පණිවිඩයක් ලබා දිය හැකිය. මේ නිසා බැඳුම්කර මගඩිය මහජන අධිකරණයේ විභාග වීමෙන් ලැබී ඇති මහජන විනිශ්චයන්ට අනුව දීගුකාලීන වශයෙන් අහිතකර ප්‍රතිවිපාක වලට මුහුණ දීමට මේ මගඩියට අනුබල දුන් අයට සිදු වනු ඇතැයි අපට සිතිය හැකිය. ආණ්‌ඩු පත් කරන්නේත් පත් කළ ආණ්‌ඩු ගෙදර යවන්නේත් මහජනතාවයි. මේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා රජයේ හොඳ නමට බරපතළ කැළලක් ඇති කර ඇති අතර එය රජයේ පැවැත්මට පවා තීරණාත්මක ලෙස බලපාන කරුණකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුව බැදුම්කර ජනාධිපති කොමිසම පත් කළත් එහි අවසානයේ සිදු වූ ඇතැම් දේවල් මහජනතාව තුළ සැක සංකා ජනිත කර තිබේ. මුලින් පාර්ලිමේන්තුව පවා විසුරුවා හැර ඩිව් ගුණසේකර කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම වැළැක්‌වීමට කටයුතු කළේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාමය. මේ නිසා අවසාන මොහොත දක්‌වාම මහජනතාවට නිසි යුක්‌තිය ඉටු වීම සම්බන්ධයෙන් නොයෙකුත් සැකසංකා ජනතාව තුළ නැතුවා නොවේ. කෙසේ වෙතත් කොමිසමේ සාක්‌ෂි විභාගය අවසන් වුවත් තවමත් කොමිසමේ වාර්තාව නිකුත්ව නැත. එය නිකුත් වීමට තිබුණේ පසුගිය දෙසැම්බර් 08 වැනිදාය. එහෙත් කොමිසමේ කාලය යළිත් දික් කරගත් නිසා දැන් වාර්තාව දෙන දිනය මේ මස අගවන තෙක් කල් ගොස් තිබේ. ඒ නිසා වාර්තාවේ තිබෙන්නේ මොනවාද යන්න මහජනතාවට දැනගැනීමට සිදුවනු ඇත්තේ ලබන වසරේදීය.
අවසන් වරට ජනාධිපති බැඳුම්කර කොමිසමේ කාලය තවත් දින 23 කින් දික්‌කළේ සිව්වන වරටය. කොමිෂන් සභා පනතේ 2 වැනි වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව 2017 ජනවාරි මස 27 වැනි දින අංක 2003/41 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කෙරුණු නිවේදනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ කොමිසම මුලින්ම පිහිටුවනු ලැබුවේ මාස තුනක කාලයක් සඳහාය. ඉන්පසු තෙවරක් කොමිසමේ කාලය දික් කර මෙම මස 31 දින දක්‌වා කොමිසමේ කාලය දීර්ඝ කිරීමට පියවර ගත්තේ ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් 2017 දෙසැම්බර් 06 දින නිකුත් කළ අංක 2048/29 දරන ගැසට් නිවේදනයෙනි. මෙම ජනාධිපති පරීක්‌ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ, 2015 පෙබරවාරි මස 01 වැනි දින සිට 2016 මාර්තු මස 31 වැනි දින දක්‌වා වූ කාල සීමාව තුළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතූන් පිළිබඳ පරීක්‌ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහාය. මෙසේ අවසන් වරට කොමිසමේ කාලය දික් කළේ අලුත් සාක්‌ෂි කැඳවීමට නොව කොමිසමේ වාර්තාව ලිවීමට කාලය ප්‍රමාණවත් නොවීම නිසාය. කොමිසමේ කාලය දික්‌කර ගැනීම ගැන කාටවත් ප්‍රශ්නයක් නොතිබෙන නමුත් කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැන නොයෙකුත් විවේචන ඉදිරිපත්ව ඇත. එය මහජනතාව තුළ කිසියම් කනස්‌සල්ලක් ඇති කර තිබේ. කෙසේ හෝකොමිසමේ කාලය දික්‌කර ගත්තත් නැතත් එය මේ සිද්ධිය සම්බන්ධව දැනටමත් ඇතිව තිබෙන පොදු මහජන මතයට කිසිදු බලපෑමක් ඇතිකරන කාරණයක් නොවනු ඇත. අවශ්‍ය වන්නේ මේ මගඩිය ගැන පරිපූර්ණ විමර්ශන කටයුත්තක් සිදු කොට මේ මගඩියට වගකිවයුත්තන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමත් මහජනයාගෙන් කොල්ල කා ගත් ධනය නැවත අය කර ගැනීමත්ය. එහෙත් ඇතැම් හේතු නිසා මේ ජනාධිපති කොමිසමෙන් පරිපූර්ණ විමර්ශන කටයුත්තක් සිදු වූයේද යන්න ගැන නොයෙකුත් ගැටළු මතුව තිබේ.
නීතිය ඉදිරියේ කව්රුත්සමාන විය යුතුය.එහෙත් එය මේ කොමිසම තුළ එසේ නොවූ බවට මේ ජනාධිපති කොමිසම ඇතැම්සාක්‌ෂිකරුවන්සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත නිසා මහජනතාවට ආකල්පයක් ඇති වන්නේ නම් එය අහිතකරය.එනම් එය ජනාධිපතිවරයා මේ කොමිසම පත් කළ අරමුණු නිසි පරිදි ඉටු වනු ඇතිද යන්න සහ මේ කොමිසමෙන් නිසි යුක්‌තිය ඉටු වනු ඇතිද යන්න ගැන මහජනතාවට සැකසංකා ඇති කිරීමට හේතුවක් වීමයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන තිදෙනා සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත අනෙකුත් සාක්‌ෂිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතට වඩා වෙනස් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. අනෙකුත් සාක්‌ෂිකරුවන්ගෙන් විශේෂයෙන් විදේශ ඇමැති ලෙස කොමිසම හමුවට පැමිණි රවී කරුණානායක මහතාගෙන් පවා කොමිසම දැඩිව ප්‍රශ්න කළේය. කොමිසම තුළ පොදුවේ සාක්‌ෂි මෙහෙයවීම සිදු කළේ කොමිසම හමුවේ පෙනී සිටින රජයේ නීතිඥ මණ්‌ඩලයයි. නීතිපති කිසි දිනෙක කලින් කොමිසමට ආවේ නැත. කොමසාරිස්‌වරුන් සහ විවිධ සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් නීතිඥයන්ද සාක්‌ෂිකරුවන්ගෙන් ප්‍රශ්න ඇසුවේය. මේ ශාක්‌ෂි විභාගය රටේ ප්‍රධාන ජාතික පුවත්පත් විසින් ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් පිටු ගණන් වාර්තා කළේය. ඒ මහජනතාව වෙනුවෙනි .ඒ නිසා කොමිසමේ සාක්‌ෂි විභාගය ගැන මුළුමහත් ජනසමාජයම දැනුවත් විය. රටේම අවධානය කොමිසම වෙත යොමු විය. ඒ සම්බන්ධයෙන් කොමිසම තුළ කටයුතු කළ රජයේ නීතිඥ මණ්‌ඩලයට සහ විමර්ශන නිලධාරීන්ට ජාතියේම ගෞරවය හිමි වේ. එම රජයේ නීතිඥ මණ්‌ඩලයේ සියලු දෙනා දිවා රෑ නොබලා ඉමහත් කැපවීමෙන් කටයුතු කළ බව රහසක් නොවේ. ඔවුන් පඩියට අමතරව තමන්ට හිමි වෙනත් දීමනා කිසිවක් ගැනීමෙන් ද වැළකී සිටි බව ජනතාව දනී. ඔවුන් රට වෙනුවෙන් ඉටු කරන යුතුකමක් ලෙස සලකා මේ සියල්ල කළේ මහජනතාවට නිසි යුක්‌තිය ඉටුකර දීමටය. බාගෙට විමර්ශන කර අර්ධ සත්‍ය මත බාගෙට යුක්‌තිය ඉටු කර දීමට නොවේ. එහෙත් අගමැතිවරයාට කලින් ප්‍රශ්න මාලා දෙකක් කොමිසම විසින් යෑවීම නිසා ඔහුට වෙනත් පාර්ශ්වයන්ගේ සහය හා උපදෙස් ඇතිව ඒවාට පිළිතුරු ලියා දිව්රුම් ප්‍රකාශයක් මගින් කොමිසමට ඉදිරිපත් කිරීමට අවස්‌ථාව ලැබිණි. එසේම රජයේ නීතිඥ මණ්‌ඩලය විසින් අගමැතිවරයාට යොමු කළ ඇතැම් ප්‍රශ්න අගමැතිවරයාගෙන් විමසා නොතිබූ බවද කොමිසමේ ආරංචිමාර්ග වලින් අපට දැනගන්නට ඇත. කොමිසමට පැමිණි අගමැතිවරයා බය නැති අගමැති කියනවා නම් රජයේ නීතිඥ මණ්‌ඩලයේ ප්‍රශ්න වලට මුහුණ දීමට ඔහුට ඉඩකඩ සැලසිය හැකිව තිබුණා නොවේද?
මෙහිදී මහජනතාවට යුක්‌තිය ඉටුකර දීම රජයේ නීතිඥ මණ්‌ඩලයට පමණක් කළ හැකි දෙයක් නොවේ. කොමිසම දුන් ඇතැම් තීන්දු නිසා අර්ජුන් අලෝසියස් වැනි කොමිසමට අත්‍යවශ්‍ය ඇතැම් සාක්‌ෂිකරුවන්ගෙන් ශාක්‌ෂි ගැනීමට කොමිසමට නොහැකි විය. මුලින් කොමිසමේදී ප්‍රකාශ වූයේ වෙනත් උසාවියකින් නියෝගයක් නැත්නම් අර්ජුන් අලෝෂියස්‌ගෙන් කොමිසම අනිවාර්යෙන්ම සාක්‌ෂි විමසන බවය. එහෙත් ඔහුගෙන් ශාක්‌ෂි ගැනීමට එරෙහි නියෝගයක් වෙනත් උසාවියකින් ඉදිරිපත් නොවී තිබියදීත්කොමිසම විසින්ම අර්ජුන අලෝෂියස්‌ගෙන් සාක්‌ෂි ගැනීමට බල නොකිරීමට තීරණය කළේය. පොත්වල තිබෙන නීති තර්ක කෙසේ වෙතත් අපට නම් හැඟුනේ එය රටේ ජනාධිපතිවරයා විසින් බලය පවරා ඇති කොමිසමේ අරමුණු නිසිපරිදි ඉටුකර ගැනීමට බාධාකාරී වන පරිදි කොමිසමෙන් ලැබුණු තීන්දුවක් ලෙසටය. මුළු මහත් ජන සමාජයම මේ තීන්දුවෙන් වික්‌ෂිප්තභාවයට පත් විය. කොමිසමේ කාලය කෙතරම් දික් කර ගත්තත් කොමිසමේ අරමුණු නිසි පරිදි ඉටුකර ගැනීමට බාධාකාරී වන මෙම තත්වයන් නිවැරදි වනු ඇතිද? එසේම අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ චෝදනා එල්ල වී ඇති තවත් සාක්‌ෂිකරුවන් දෙදෙනෙකුගෙන්කොමිසම සාක්‌ෂි නොගැනීම තුළ ඔවුන්ට එරෙහි චෝදනා ගැන නිගමනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු වේ. ඉන්දික සමන් කුමාර ගැන ද මේ ප්‍රශ්නයම තිබේ. ඔහුවද එක දිනක් හැර කොමිසම නිසි සාක්‌ෂි විභාගයක් කළේ නැති බව කොමිසමේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම මහජන මුදල් කොල්ලය ලෙස සැලකෙන මේ බැඳුම්කර මගඩිය පොදු දේපළ කොල්ලයක් නොවේද? කොමිසම පවතින අතරේම පොදු දේපොළ නීතිය යටතේ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකිව තිබූ බව පසුගිය දෙරණ නාලිකාවේ 'අලුත් පාර්ලිමේන්තුව' වැඩසටහනකට එක්‌වෙමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ප්‍රකාශ කළේය. එහෙත් මෙහිදී එවැන්නක් සිදු නොවූ බවද ඒ මහතා කීවේය. මීට අමතරව මේ සම්බන්ධයෙන් මහජනයාට නිසි යුක්‌තිය ඉටු වීමට දිගින් දිගටම බලවත් බාධා පැවති බව රහසක් නොවේ. ඒවා මේ දක්‌වා මෙන්ම ඉදිරියටත් සිදු වීමට ඉඩ ඇත. මුලින් කොමිසම ගැන ඇතිව තිබූ සමාජ ආකල්පය සහ විශ්වාසය පසුව වෙනස් වූ බවද පෙණුනි. ඒ ගැන මහජනතාව අතර සිදු වූ නොයකුත් සාකච්ජා වලින් පැහැදිලි විණි. මේ බැඳුම්කර කොමිසමේ වාර්තාව ලබන සතියේ (දෙසැම්බර් 31 දින) ජනාධිපතිවරයාට භාර දීමට නියමිතව ඇත්තේ මේ පසුබිම තුළය. කවරක් නමුත් ඒ ගැන පොදු මහජන මතයක් ඇතිවී අවසන්ය. ජනමාධ්‍යයට නිසා මේ සාක්‌ෂි මාධ්‍ය හරහා සමාජගත විය. නිසි යුක්‌තිය ඉටු වීම හෝ නොවීම කෙසේ වෙතත් පිටිපන කමිටුව ද ඇතුළු වෙනත් විමර්ශනයන්හිදී ද හෙළි නොවූ කරුණු රැසක් මේ ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වීමත්, ඒ හරහා මේ පොදු දේපළ කොල්ලය ගැන පුළුල් මහජන මතයක් ඇති වීමත් මේ කොමිසමෙන් වූ වැදගත්ම දෙයයි. ඒ වැදගත්ම දෙය දැනටමත් සිදුව තිබේ. මේ සඳහා කොමිසමේ කාලය දික්‌කර ගැනීම හෝ කොමිසමේ වාර්තාව අදාළ නොවන දෙයකි.
රටම බලා සිටියත් අර්ජුන් ඇලෝසියස්‌ගෙන් සාක්‌ෂි නොගැනීම තුළ කොමිසමට ඉදිරිපත්වීමට ඉඩ තිබූ තොරතුරු රැසක් කොමිසමට ඉදිරිපත්වීම් වැළකී ගිය බව අපගේ හැගීමයි. එසේම ඇලෝසියස්‌ගෙන් සාක්‌ෂි ගැනීමට බල නොකිරීමට කොමිසම විසින් ගන්නා ලද තීරණය අනපේක්‌ෂිතව ගත් තීන්දුවක් බවත් එයට එකඟ නැති බවත් කොමිසම හමුවේ පෙනී සිටි රජයේ නීතිඥ මණ්‌ඩලයේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේය. එය වැරදි තීන්දුවක් බවද ඔහු දැඩිව කියා සිටියේය. නීතිපති සමඟ සාකච්ජා කර එම තීන්දුව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර ගැන කොමිසමට විශේෂ ප්‍රකාශයක් කරන බව ද ලිවේරා මහතා කොමිසමට කියා සිටි බව අපට මතකය. එහෙත් ලිවේරා මහතා එම විශේෂ ප්‍රකාශය කොමිසම හමුවේ පසුව කිසි දිනෙක සිදු නොකළේය. මේ තුළ අප නොදන්නා රහසක් තිබෙන්නට පුළුවන. දප්පුල ද ලිවේරා මහතා කොමිසමේ තීන්දුව වැරදි තීන්දුවක් බව කීවේ ඔහුගේ පුද්ගලික අදහස අනුව නොව කොමිසම හමුවේ පෙනී සිටින රජයේ නීතිඥ මණ්‌ඩලයේම පොදු සාමුහික අදහස අනුව බව අපේ අදහසයි. ඒ නිසා ඔවුන් තුළ එම තීන්දුවට එරෙහිව පියවර ගැනීමේ සූදානමක් තිබුණා විය හැකිය. එහෙත් ඔවුන්ට පාලනය කළ නොහැකි යම් හේතුවක් නිසා ඔවුන් නිහ`ඩව සිටියාද විය හැකිය. ඒ නිසා මේ කොමිසමෙන්ද නිසි යුක්‌තිය ඉටු වීමට බලවත් බාධා පැවති බවට විශ්වාස කිරීමට සාධාරණ කරුණු තිබෙන බව මහජනයා වෙනුවෙන්, මහජන සුභසිද්ධිය වෙනුවෙන් අපට සටහන් කිරීමට සිදුවේ.
මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි ජනාධිපති බැඳුම්කර කොමිසම පත් කිරීමට හේතු වූ පසුබිම ගැන කියමින් ජනාධිපතිවරයා වරක් කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නීතිපතිවරයාට යවන ලද කෝප් වාර්තාව සම්බන්ධයෙන් පරීක්‌ෂණ කරන ආකාරය ගැන එනම් එය සිවිල් පරීක්‌ෂණයකට යොමු කර තිබීම ගැන තමා එකඟ නොවන බවයි. එම පරීක්‌ෂණ කෙරෙන්නේ අපරාධයක් පිළිබඳ සිදු කෙරෙන පරීක්‌ෂණයක් ආකාරයෙන් නොවන බවද රටට හෙළි කළේ ජනාධිපතිවරයාමය. කොටින්ම නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත ගැන ජනාධිපතිවරයා සෑහීමට පත් නොවූ අතර මේ බැඳුම්කර ජනාධිපති කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කළේ ද ඒ නිසාමය. අපට වැටහෙන්නේ එයයි. එහෙත් කොමිසමට පැමිණි අගමැතිවරයාගෙන් ප්‍රශ්න අසන්නට මේ නීතිපතිටම ඉඩකඩ සැලසී තිබුණි. කොමිසම තුළ කටයුතු කරන නීතීඥ මණ්‌ඩලයට අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමටද අවස්‌ථාව නොලැබිණි. මෙය රටට පේන්නට කළ නාටකයක් බවට ජන සමාජය තුළ කතා බහට ලක් විය. බැඳුම්කර කොමිසම තුළ රජයේ නීතීඥ මණ්‌ඩලය සිදුකළ විශිෂ්ඨ සාක්‌ෂි මෙහෙයවීම තුළ කොමිසම ගැන මුලින් රටම ඉතා ගෞරවයෙන් කතා කළේය. එසේ ජනිත කරගත් මහජන විශ්වාසයට අවසානයේ සිදුවූයේ කුමක්‌ද? මුලින් හොඳට ගිය බැඳුම්කර කොමිසම මෙලෙස නාටකයකින් අවසන් වූ බවට සමාජය තුළ කතාබහට ලක්‌වූයේය. කොමිසමේ නිගමන සහ නිර්දේශ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් යුක්‌තිය ඉටු කරගත හැකි වනු ඇත්තේ මහජනතාවටමනොවේද? එනම් මේ ගැන මහජන අධිකරණයේ විනිශ්චය තුළින් ගත හැකි තීන්දු තීරණ හරහා ඔවුන්ට මේ යුක්‌තිය ඉටුකර ගැනීමට සිදුවනු ඇති බවයි. ඇතැමුන් කියන්නේ එසේය. මේ සම්බන්ධයෙන් යුක්‌තිය ඉටුවීමට කවර බාධා තිබුණත් ජනතා පරාමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ එම තීන්දුවට නම් කාට බාධා සිදු කළ හැකිද ?
-ශ්‍යාම් ගනේවත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .