12/03/2017

හැට දෙලක්ෂයට’ අත නොතියනු!

කතෘ:යුතුකම     12/03/2017   No comments

-ආචාර්ය චරිත හේරත්

මෙවර මා ලියන්නට සිතුවේ මේ ආණ්ඩුවට 2015 ජනවාරි 8 දින ලැබුනා යැයි කියන හැට දෙලක්ෂයේ ජනවරම රුකගැනීම සදහා ආණ්ඩුවටම සම්බන්ධ කුඩා කණ්ඩායමක් මේ දිනවල කරගෙන යන දේශපාලන ජවනිකාව පිළිබදවය. රාවය පුවත් පතේ ලියන සමහර කණ්ඩායම් පවා නිතර ජප කරන මේ හැට දෙක්ෂයේ මන්ත‍්‍රණය ගැන කථා කිරීම වැදගත් වන්නේ පසුගිය ජනාධිපතිවරණයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජන්දය දුන් අයගේ ඇති විශේෂ වැදගත් කමක් ඇතැයි මා සිතන නිසා නොව ඒ ජන්දයෙන් පසුව හැට දෙලක්ෂයේ ‘අයිතිකාරයන්’ වශයෙන් පෙනී සිටින අය කියන කරන දේවල්වලින් මතුවෙන දේශපාලනය විමසීම වැදගත් වන නිසාය. එය මේ මොහොතේ රටේ බල දේශපාලනයේ ගමන තේරුම් ගැනීමට ද වැදගත්කමක් ඇතැයි සිතන නිසාය.

මේ සම්බන්ධයෙන් කළ හැනි පළමු නිරීක්ෂනය වන්නේ හැට දෙලක්ෂය කේසේ වෙතත් මේ ‘රුකගැනීමේ කණ්ඩායම’ නම් ප‍්‍රමාණයක් ලෙසින් එන්න එන්නම පරමානුකරණය වෙමින් තිබෙන බවය. එය දිනෙන් දිනම ප‍්‍රමාණයෙන් කුඩා වෙමින් තිබෙන බවය. ඒ දර්ශනය අපට මතක් කරන්නේ අපේ රටේ වමේ ව්‍යාපාරය විශාල තැනක සිට පුංචිම තිතක් දක්වා පරමානුකරණයවීමේ අතීත කථාවය. මේ හැට දෙලක්ෂය රුකගැනිමේ ව්‍යාපාරයේ ද මුළින්ම සිටින්නේ ඒ දවස්වල වාමාංෂික ව්‍යාපාරවල සිටි දැන් එජාපය ගොස් සිටින කීපදෙනෙකුවීම දෛවොපගත සම්බන්ධයක් යැයි කීමේ වරදක්ද නැත.

දැන් මේ කණ්ඩායම තර්ක කරන්නේ ජනවාරි 8 දින ජයග‍්‍රහනයේ ‘සාරය’ ක් (essence එකක්) තිබෙන බවත් මේ ආණ්ඩුව ඒ සාරය හරියට අතට ගන්නේ නැති බවත් ය. තවත් පැහැදිළිව ගතහොත් මේ අය කියන්නේ ජනවාරි 8 මෛත‍්‍රීව ගෙනාවේ නිශ්චිත ‘වැඩකට’ බවත් මෛත‍්‍රී ඒ වැඬේ හරියට කරන්නේ නැති බවත්ය. හැටදෙලක්ෂය රුකගැනීමට අරගල කිරීම කියා මේ කණ්ඩායම කියන්නේ ඔවුන් කියන මේ ‘වැඬේ’ මෛත‍්‍රී ලවා කරවා ගැනීම යැයි සරළව තේරුම් ගත හැකිය.

දැන් මේ "කළ යුතුව තිබූ නමුත් මෛත‍්‍රී නොකල" වැඬේ මේ හැටදෙලක්ෂයට අයිති නැති අපි වැනි අය ‘නිච්චියටම’ දන්නේ නැති වුවත් ඒ කණ්ඩායමට පිටින් එයට විරුද්ධ පැත්තේ සිට මේ ප‍්‍රශ්නය දෙස බලන කෙනෙක් ලෙසින් කිව හැකි කාරණා කීපයක් තිබේ. පළමුවෙන්ම මම සිතන්නේ මේ රුකගැනීමේ කණ්ඩායම කල්පනා කරන ආකාරයේ සාරයක් ජනවාරි 8 මෛත‍්‍රීගේ ජයග‍්‍රහනයේ නැති බවයි. දේශපාලනමය වූ අවකාශයක් ඇතුලේ ජනවාරි 8 දින මහින්ද පැරදවීම සදහා එකතුවූයේ වෙන වෙනම තම තමන්ගේ දේශපාලනමය වු අභිලාෂයන් ගනනාවක් වෙනුවෙන් එක්වූ වෙනස් වූ කණ්ඩායම් හා පුද්ගල චරිත ටිකක් මිස ඔය කියන ආකාරයේ සාරයක් හෝ එකමිතියක් ඇතුළේ වූ දේශපාලනයම ගොඩනැවීමක් නොවන බවයි. ඒ එක් එක් අයගේ ස්වකීය අභිලාෂයන් සියල්ල මහින්ද පැරදවීම යන මහා පොදුසාධකය ඇතුලේ තබා වැඩකිරීමක් මිස ඒ පරාජයෙන් පසුව දිගටම කරගෙන යන ආකාරයේ සාරයක් ඒ තුළ නොතිබූ බව මගේ තේරුම් ගැනීමයි. පසුගිය ජනාධිපතිවරණයේ යහපාලනය කියමින් ඒකරාශී වූ විවිධ බලවේගයන් පිළිගත් මහා පොදුසාධකය වූයේ කෙසේ හෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් පරාජයට පත්කිරීම මිස අනෙක් ඒවා නොවන බව මෙහි ඇති සරල තේරුමයි. අනෙක් අතට මේ කණ්ඩායමට එකතුවූ බොහෝ අය ඒ සදහා ආවේම තම තමන් මහින්ද එක්ක තිබූ ‘ඇරියස් එක’ පිරිමහා ගැනීමට යැයි සිතීමේ වරදක්ද මට පෙනෙන්නේ නැත. ඒ අයගේ උත්සාහය එය මිස කඩදසිවල ලියු ආකාරයේ යහපාලන මුළධර්ම තේරුම් ගැනීමෙන් හෝ ඒවා කි‍්‍රයාත්මක කිරීමේ අවශයතාවය මත වු එකක් නොවේ. දැන් උදහරණ වශයෙන් ගත් විට ඒ ජනාධිපතිවරණයේ දි ශ‍්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලය හෝ ස්විස් මහ කොමසාරිස් කාරයාලයේ අභිලාෂය වූයේ මහින්ද පැරදවීම මිස වෙනත් යමක් නොවන බව පැහැදිලි කාරණයකි. එජාපයේ අභිලාෂය වූයේ වසර විස්සකට ආසන්න කාලයක් විපක්ෂයේ සිටීම නිමා කොට කෙසේ හෝ ආණ්ඩු බලයක් ලබා ගැනීම යැයි සිතිය හැකිය. එයට අමතරව මහ බැංකුව ‘ඇලෝසියස්කරණය’ වැනි අමතර අභිලාෂයන් කීපයක්ද ඒ පක්ෂයේ අයට තිබුනා විය හැකිය. ටී එන් ඒ එකට අවශ්‍ය වුවා යැයි මා සිතන්නේ ‘එල් ටී ටී ඊ එක පරදවපු එකේ ඇරියස් එක’ මහින්දගෙන් පිරිමසා ගැනීම මිස වෙන බරපතල දේශපාලන වෙනස්කමක් නොවේ. චම්පික ට රතනට අවශ්‍ය වුනේ ඒ අයගේ යෝජනාව පිළි නොගත් මහින්දට හොද පාඩමක් ඉගැන්වීමට බව මාගේ අදහසය.

ඒ නිසා ජනාධිපතික‍්‍රමය ඉවත් කිරීම, මැතිවරණ ක‍්‍රමයක් හ දුන්වා දිම, අලූත් ව්‍යවස්ථාවක් හැදිම, දුෂනය අවම කිරීම, යහපාලනය යනාදිය ඒ ඒ අභිලාෂයන් එක්තැන් කිරීම පිනිස යොද ගත් චත‍්‍රපද (Umbrella terms) කීපයක් මිස ‘බලයට ආවොත් කරන්නට’ යන දෙයක් ලෙසින් පිලිගැනීමේ කිසිදු දේශපාලනමය වටිනාමක් ඒ ජනාධිපතිවරණයට සාපේක්ෂව නොතිබු බව මගේ පිළිගැනීමයි. දැන් මේ හැට දෙලක්ෂය රුකගැනීමේ කණ්ඩායම නොදන්වා වුවාට ජනවාරි 8 මැදිහත් වූ මේ බොහෝ කණ්ඩායම් තමන්ගේ මැදිහත්වීමේ අභිලාෂය මහින්ද පරාජයට පත් කිරීමෙන්ම විසද ගත් අය බව පිළිගන්නා තත්වයකදි මේ කරන රංගනය මා නම් දකින්නේ ‘මරණයක් භූමිදනය කිරීමෙන් පසුවත් අවමංගල්‍ය සභාව’ පවත්වාගෙන යන ආකාරයේ විකාරයකටය.

දැන් හැට දෙලක්ෂයේ කථාව වැදගත් වන්නේ හැට ගනන්වල නිෂ්පාදනය කළ ‘හාරලක්ෂයේ මංකොල්ලය’ වැනි විත‍්‍රපට කළාවේ ‘ප්ලොට් එකක්’ ලෙසින් මිස වෙන යම් ආකාරයකින් නොවේ. අවශ්‍ය නම් යහපාලන කළාකරවෙකුටම "හැටදෙලක්ෂය" කියා චිත‍්‍රපටියක් හැදිම වැනි දෙයක් හැර වෙන යමක් මේ කථාවේ දැන් ඉතිරි වී නැති බව මගේ යෝජනාවය.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions