12/07/2017

අපේ රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් නැගී සිටින සුදු මහත්තයා - නේස්‌බි සාමිවරයා

කතෘ:යුතුකම     12/07/2017   No comments

නේස්‌බි සාමිවරයාගේ අමතක කළ ප්‍රකාශය
-ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ -



කිසිදු අධිකරණ ක්‍රියාවලියකට නතු නොවූ යුද අපරාධ චෝදනා නිසා ශ්‍රී ලංකාවට නව ව්‍යවස්‌ථාවක්‌ හෝ 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලගැන්වීමේ භයානක ක්‍රියාවලියට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මණ්‌ඩලයෙන් මරු පහරක්‌ එල්ල වී තිබේ. නේස්‌බි සාමිවරයා විසින් 2017 ඔක්‌තෝබර් මස 12 වන දින කළ එම ප්‍රකාශය මගින් බටහිර ප්‍රජාව ශ්‍රී ලංකාවට එරෙහිව වසර 9 ක කාලය තුළ දිගින් දිගටම එල්ල කරන ලද ද්‍රවිඩ සාමාන්‍ය වැසියන් 40,000 ක්‌ වන්නි නැගෙනහිර පෙරමුණේ ඝාතනය කළා යෑයි කරනු ලබන චෝදනාව මුළුමනින්ම අභියෝගයට ලක්‌ වේ. 2009 මැයි මස 19 වන දින LTTE ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමූ පසු ශ්‍රී ලංකාවට එරෙහිව කරන පදනම් විරහිත යුද අපරාධ චෝදනාවලට එම චෝදනා එල්ල කළ ප්‍රධානතම රටක පාර්ලිමේන්තුවකදී නිකුත් කළ පළමු ප්‍රකාශය මෙයයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව පැවති විවාදයේදී නේස්‌බි සාමිවරයා මතු කළ ප්‍රධාන කරුණු සැකැවින් දැනගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට අයිතියක්‌ ඇති බව අපේ හැඟීමයි. නේස්‌බි සාමිවරයා මතු කළේ පහත කරුණුය.

මෙම සටනේදී මියගිය මුළු සංඛ්‍යාව 40,000 නොව 7000 ත් 8000 ත් අතර ප්‍රමාණයක්‌ බවයි. එම සංඛ්‍යාවෙන් 1/4 කොටසක්‌ LTTE සාමාජික සාමාජිකාවන් බවත් ඔවුන් සිවිල් ඇඳුමින් සැරසී සිටි බව, එවකට පැවති ශ්‍රී ලංකා රජය කිසිදු ආකාරයකින් සිතා මතා සිවිල් වැසියන් ඝාතනය නොකළ බව සහ යුද සමයේදී ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආරක්‌ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් යුද තත්ත්වය සම්බන්ධයෙන් එවනු ලැබූ සියලු රහස්‍ය වාර්තා හෙළි නොකිරීම සිතා මතා කරුණු වසන් කිරීමක්‌ ලෙසත්ය. නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය පදනම් වූයේ ගෑෂ් සහ එවකට ඇමරිකානු තානාපති රොබට්‌ ඕ බ්ලේක්‌ කරනා ලද රහස්‍ය ප්‍රකාශය මතය.

නේස්‌බි සාමිවරයා පවසන පරිදි කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයෙන් එවනු ලැබූ වාර්තා තමන් කළ ඉල්ලීමක්‌ අනුව අධික ලෙස වාරණයට ලක්‌ කර තමන් හට ලබා දුන්නේ සත්‍ය වසන් කිරීමට බවයි. නේස්‌බි සාමිවරයා ඊට දින කීපයකට පසුව අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ඉන්දියානු මාධ්‍ය ජාලයක්‌ වන වියෝන් Wion හරහා බ්‍රිතාන්‍ය රජයට නැවතත් මෙම චෝදනා එල්ල කළේය.

ඔහු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු ස්‌තූතිය පළ කරන ලද අතර ඔහුගෙන් මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද විමසීමක්‌ කරන ලදී. එහිදී නේස්‌බි සාමිවරයා පැවසුවේ තමා 2017 ඔක්‌තෝබර් මස 12 කරනා ලද ප්‍රකාශයෙන් පසුව මෙම විෂයට අදාළව කටයුතු කරන මාර්ක්‌ ෆSල්ඩ් අමාත්‍යවරයා තමා පෙන්වා දුන් කරුණු සලකා බැලීමට පොරොන්දු වූ බවයි.

මිනිස්‌ ඝාතන 40000 ක්‌ චෝදනාව අභියෝගයට ලක්‌ කළ නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය රජයෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජයවත් අද වනතුරු ඉටු කර නැත.

ඔහුගේ ඉල්ලීම වූයේ බ්‍රිතාන්‍ය එක්‌සත් ජාතීන්ට සහ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට වහාම යුද චෝදනා පත්‍රය වෙනස්‌ බව ඉදිරිපත් කළ යුතු බවය. එනම් මියගිය මුළු සංඛ්‍යාව උපරිම ලෙස 8000 විය යුතු බවත් ඒ අතරින් 1/4 ක ප්‍රමාණයක්‌ පමණ ත්‍රස්‌තවාදීන් ලෙස වෙනස්‌ විය යුතු බවත්ය.

යුද්ධයෙන් පසු සංහිඳියාව

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට ප්‍රධානම බාධකය පසුගිය රජයට සහ ආරක්‌ෂක හමුදාවලට එල්ල කරනු ලබනා අභූත චෝදනාය. වන්නි මෙහෙයුමේදී (2007 මාර්තු සිට 2009 මැයි දක්‌වා) හමුදා ප්‍රහාර හේතුවෙන් සිවිල් ජනතාව මියගිය බව සහ තුවාල වූ බව රහසක්‌ නොවේ. එම මරණවල වගකීම ශ්‍රී ලංකා රජය භාරගත යුතුමය. කිසිදු වරදක්‌ හමුදා අතින් සිදු වූයේ නැති බව පැවසීම තමුන් තමන්වම රවටා ගැනීමක්‌ බව එවකට පාලකයන්ට තේරුණේ නැත. හිටපු ජනාධිපති රාජපක්‌ෂ මහතාට හිතවත් ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට සහ ව්‍යවස්‌ථා වෙනසකට එරෙහි අනෙකුත් පාර්ශ්වවලට මේ බව තේරෙන්නේ නැත. ඒ හේතුවෙන් නේස්‌බි සාමිවරයා කියනු ලබන ත්‍රස්‌තවාදීන් ඇතුළුව මියගිය උපරිම සංඛ්‍යාව 8000 බවත් එම නිසා ප්‍රධාන යුද අපරාධ චෝදනාව සංශෝධනය විය යුතු බව සහ එය ශ්‍රී ලංකාවට ඉතාම වාසි දායක තත්ත්වයක්‌ බව කිසිවෙක්‌ අවබෝධ කරගෙන නැත.

සාමිවරයාගේ ප්‍රකාශය යහපාලන රජය දුර්මුඛ කළේය. එලෙසම ශ්‍රී ලංකාවේ දේශපාලන සහ හමුදා නායකත්වය දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියකට භාජනය විය යුතු බව බටහිර මුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන නඩය නිරුත්තර කළේය. ද්‍රවිඩ ජනතාවගේ ගැලවුම්කරුවා ලෙස දැන් පෙනී සිටින ආර්. සම්බන්ධන්ගේ ටී. එන්. ඒ. පක්‌ෂය මහත් අපහසුතාවට ලක්‌ කළේය. එලෙසම කිසිදු ආකාරයකින් අධිකරණ ක්‍රියාවලියකට ලක්‌ නොවූ චෝදනා පදනම් කරගෙන සංහිඳියාව ඇති කර ගැනීමට බලය බෙදා හැරිය යුතු බව පුන පුනා පවසන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශයට කොළඹදී ප්‍රතිචාර දැක්‌වීය. එම ප්‍රතිචාර දැක්‌වීම සාමි මණ්‌ඩලයේ කළ ප්‍රකාශයට දින 12 කට පසුව සිදුවීම අවධානයට ලක්‌ කළ යුතුමය.

ශ්‍රී ලංකාවේ දින 14 ක සංචාරයකින් පසුව එක්‌සත් ජාතීන්ගේ නිලධාරියකු වන කොලොම්බියානු ජාතික පැබ්ලෝ ඩී ගී්‍රෆ් කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේදී නේස්‌බි සාමිවරයාට පිළිතුරු දුන්නේය. නමුත් එම ප්‍රකාශය කළ ස්‌ථානය හෝ සාමිවරයා පිළිබඳව සඳහන් කළේ නැත.

ඔහු පැවසූ මේ වන්නි සටනේ වින්දිතයන් සංඛ්‍යාව 40,000 ක්‌ද එසේ නැති නම් 8000 ක්‌ද බව පිළිබඳව පුවත්පත්වල සඳහන් වූ නමුදු එම සංඛ්‍යාව නිශ්චිත ලෙසම දැන ගැනීම අපහසු බවයි.

පැබ්ලෝ ගී්‍රෆ්, නේස්‌බි සාමිවරයා කළ ප්‍රකාශය දේශපාලන මතයක්‌ ලෙසද හැඳින්වීය.

මේ ප්‍රකාශය, එවකට සිටි එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා විසින් පත් කරනු ලැබූ දරුස්‌මාන් කොමිටියේ ප්‍රධානතම චෝදනාව, එනම් 40,000 ක්‌ ඝාතනය කිරීම පිළිබඳ චෝදනාව විවාදයට ලක්‌ කිරීමකි. තම සංවිධානය විසින්ම 2011 මාර්තු මස 31 දින නිකුත් කරනා ලද වාර්තාව විශ්වාසදායක ආරංචි මාර්ග අනුව 40,000 ක්‌ අනිවාර්යයෙන්ම මියගිය බව කළ චෝදනාව මේ නිසා අමතක කර තිබේ. (දරුස්‌මාන් වර්තාව 41 පිටුව 137 පරිච්ඡේදය)

මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කළ චෝදනාව අභියෝගයට ලක්‌ වෙද්දී ලොව පුරා ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කළ සංවිධාන කර බාගෙන සිටියේය.

ලංකාවේ සංහිඳියාව ගැන දේශනා කරන කොළඹ පිහිටි කිසිදු තානාපති කාර්යාලයක්‌ මේ පිළිබඳව ප්‍රකාශයක්‌ කළේ නැත. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික සාම මණ්‌ඩලය මෙම ලියුම්කරු කළ විමසීම්වලට පිළිතුරු ලබා දුන්නේය. එහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය නේස්‌බි සාමිවරයා තමන් සමඟ කළ කතාබහ හෙළි කිරීම ප්‍රතික්‌ෂේප කළේය. ජාතික සාම මණ්‌ඩලය පැවසුයේ සටනේ මියගිය සංඛ්‍යාව 7000 සිට 10000 දක්‌වා සඳහන් වන අතර නේස්‌බි සාමිවරයා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන තවත් එක්‌ වාර්තාවක්‌ බවයි.

විදේශ අමාත්‍යාංශය නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය අර්ථ නිරූපණය කළේ අමුතුම ආකාරයකටය.

විදේශ අමාත්‍යාංශය චෝදනා කළේ යුද්ධයේදී මියගිය සංඛ්‍යාව ජාත්‍යන්තරයේ කතාබහට ලක්‌වීම දැනට කරගෙන යනු ලබන සංහිඳියා ක්‍රියා පිළිවෙතට මහත් බාධකයක්‌ බවත් එවැනි ප්‍රකාශ යම් යම් පුද්ගලයන්ගේ හිත සුව පිණිස වනු ඇති බවත්ය. මෙවැනි ප්‍රකාශ කිරීමම ඛේදවාචකයකි. එලෙසම ත්‍රස්‌තවාදයට එරෙහි සටනේදී තම ජීවිත පූජා කළ හමුදා සහ පොලිස්‌ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට කළ අවමානයකි. අප රට වෙනුවෙන් විදේශීය පාර්ලිමේන්තුවකදී හඬක්‌ නඟන කෘතහස්‌ත දේශපාලනඥයන් අපහාසයකට ලක්‌ කිරීමකි. ඔවුන් නිහඬ කිරීමට ගත් උත්සාහයකි. සැබවින්ම අපගේ විදේශ අමාත්‍යාංශය 2015 ඔක්‌තෝබර් මස 1 වන දින ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙන් සම්මත කරගන්නා ලද ජිනීවා නිර්දේශය එම තත්ත්වයට පත් කිරීමට බටහිර බලවතුන් කටයුතු කළ ආකාරය අමතක කර ඇත. තමුන් රට වෙනුවෙන් කළ යුතු කාර්යය නේස්‌බි සාමිවරයා කිරීම පිළිබඳව සැබවින්ම අප රටේ දේශපාලන නායකත්වය සහ නිලධාරීන් ලැජ්ජා විය යුතුය. මෙම ලියුම්කරු දන්නා පරිදි එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පැබ්ලෝ ඩී ගී්‍රෆ් හමු වූ දේශපාලනඥයකු හෝ නිලධාරි හෝ උසස්‌ හමුදා නියෝජිතයන් කිසිවෙකු නේස්‌බි සාමිවරයා පෙන්වා දුන් කරුණු සාකච්ඡාවට බඳුන් කළේ නැත. මෙම තත්ත්වය පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයාද පුදුමයට පත්වූ බව නොඅනුමානය. තම රටට එරෙහිව නැඟෙන ප්‍රධානම චෝදනාව සුණු විසුණු කිරීමට අවශ්‍ය කරුණු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සපයා තිබියදී ඒ පිළිබඳව වචනයකුදු නොදොඩා සිටින මහජන මුදලින් යෑපෙන මෙවැන්නන් කුමකටද? සංහිඳියාව ඇති කිරීමට ප්‍රධානතම බාධකය 40,000 කට අධික සිවිල් ජනතාවක්‌ සිතා මතා කරනා ලද හමුදා ප්‍රහාර හේතුවෙන් මියගියා යෑයි කරනු ලබන චෝදනාවයි. එම චෝදනාව කිසිදු පදනමක්‌ නැති අසත්‍යක්‌ බව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ පෙන්නුම් කිරීමට අප හට අවස්‌ථාවක්‌ නේස්‌බි සාමිවරයා උදා කර දී ඇත. එම අවස්‌ථාවෙන් ප්‍රයෝජනයක්‌ ගැනීමට උත්සුක නොවන සියලු පාර්ශ්ව ශ්‍රී ලංකාව කැබලිවලට කැඩීමේ ක්‍රියාවලියේ නියමුවන් ලෙස අකමැත්තෙන් වුවද හඳුන්වාදීමට සිදු වී ඇත.

ඔක්‌තෝබර් මස 30 දින සිට පුරා දින 4 ක්‌ පාර්ලිමේන්තුවේ මතභේදයට හේතු වූ ව්‍යවස්‌ථා යෝජනාවලි වාද විවාදයට ගත් අවස්‌ථාව නේස්‌බි සාමිවරයා කළ ප්‍රකාශය මන්ත්‍රීවරුන් හට යොදා ගත හැකි අවස්‌ථාවක්‌ විය. නමුත් රටේ අවාසනාවකට රජය, ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හෝ ඒකාබද්ධ විපක්‌ෂය නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය කිසිදු ආකාරයකට සාකච්ඡාවකට භාජනය කළේ නැත. ආර්. සම්බන්ධන්ගේ කණ්‌ඩායම ඔවුන්ගේ ප්‍රධානම චෝදනාව මහා බේගලයක්‌ බව හෙළිදරව් වීම සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කිරීම පුදුමයක්‌ නොවේ. කලක්‌ කොටි සංවිධානය ද්‍රවිඩ කතා කරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් ටී. එන්. ඒ, නේස්‌බි සාමිවරයාගේ හෙළිදරව්ව කිසිවිටකත් අභියෝගයට ලක්‌ කරන්නේ නැත.

නේස්‌බි සාමිවරයා සඳහන් කළ මරණ සංඛ්‍යාව බොහෝ දුරට එක්‌සත් ජාතීන් 2008 අගෝස්‌තු – 2009 මැයි 13 දක්‌වා වන්නියේ සිදු වූ මරණ සහ තුවාලවීම් සම්බන්ධයෙන් එකතු කරන ලද දත්ත සමඟ ගැලපේ. මේ බව අවධානයට ලක්‌ විය යුතුය.

තෙරේසා මේ මහත්මියගේ බ්‍රිතාන්‍ය රජය ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රබල සාමාජිකයකු වේ. ඇමරිකාවද, ඉන්දියාවද එහි වර්තමාන සාමාජිකයෝය. යුද සමයේදී වන්නියේ පමණක්‌ නොව නැගෙනහිර පළාතේ තිබූ තත්ත්වය සම්බන්ධයෙන්ද එම රටවල කොළඹ ස්‌ථානගත කර සිටි හමුදා නිලධාරීන් ඉදිරිපත් කළ වාර්තා ජීනිවා මානව හිමිකම් කොමිසමට ලබාදීම ඉතාම වැදගත් බව ලියුම්කරුගේ හැඟීමයි. ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය වාර්තා බොහෝදුරට එකම ස්‌ථාවරයක සිටින බවට තොරතුරු ඇත. උදාහරණයක්‌ ලෙස ශ්‍රී ලංකාව පොකුරු බෝම්බ පාවිච්චි නොකළ බවට බ්‍රිතාන්‍ය හමුදා නිලධාරි ලුතිනල් කර්නල් ගෑෂ් කර ඇති ප්‍රකාශයයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට තම රහස්‍ය වාර්තාවද හෙළි කළ හැක.

විශ්‍රාමික හමුදා නිලධාරීන් නියෝජනය කරන කිසිදු සංවිධානයක්‌ නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය පිළිබඳව කටයුතු කිරීමට මෙම ලිපිය ලියන අවස්‌ථාව වන විටත් බල කිරීමක්‌ කර නොමැත.

යුද හමුදා මූලස්‌ථානයද මුනිවත රකින බව කිව යුතුය.

ලෝකයේ ත්‍රස්‌තවාදය පරාජය කළ එකම රට තම හමුදාවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහිව නැඟුන පදනම් විරහිත ප්‍රධානම චෝදනාව නිෂ්ප්‍රභ කිරීමට ලැබී ඇති අවස්‌ථාව ප්‍රයෝජනයට ගෙන නොමැත.

යහපාලන රජයේ ක්‍රියාකලාපය පිළිබඳ මුළු රටම බලා සිටී. ඒකාබද්ධ විපක්‌ෂයේ නිහැඬියාව ජනතාවට පුදුමයකි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions