-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
"ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් රටට අවශ්‍යයි" යන තේමාව යටතේ පවත්වනු ලැබූ සම්මන්ත්‍රණයකට එක්‌වෙමින් රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන රාජිත සේනාරත්න නව යෝජිත ව්‍යවස්‌ථාව සාධාරණීය කිරීමට කරනු ලබන්නාවූ ප්‍රකාශ කෙටියෙන් විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි. ඒ එවිට රාජිත යනු කෙබඳු විදියේ සත්වයෙක්‌දැයි (අප සැවොමද මනුෂ්‍ය සත්වයෝ බැවින් ) ලිපිය කියවන්නාට හොඳ අදහසක් ලබා ගත හැකි බැවිනි. තවද එම අදහස නව ව්‍යවස්‌ථාව සාධාරණීය කිරීමට ඔහු ගන්න ප්‍රයත්නයට සෘජුව සම්බන්ධ වන බැවිනි.
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව හා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒකාබද්ධව නොවැම්බර් 13 වැනිදා කොළඹ නව නගර ශාලාවේදී පැවති උක්‌ත සම්මන්ත්‍රණයේදී පළමුවෙන්ම රාජිත කළේ එදා මෙදාතුර "ජාතියත් ආගමත් බේරා ගැනීමේ සටන්" නින්දාවට පත්කිරීමයි. "නිදහසින් පසු වසර 71 ක් ගතවීත් තවම අපි ජාතියත් ආගමත් බේරා ගන්නවා" යෑයි අපහාසාත්මකව පැවසූ ඔහු "ඇල්බට් අයින්ස්‌ටයින් නමැති මහා දාර්ශනිකයා දේශප්‍රේමය හඳුන්වා ඇත්තේ සරම්ප රෝගය මෙන් සුව කළ නොහැකි අන්තවාදී ලෙඩක් ලෙසයි." යනුවෙන්ද කියා සිටියේය. එයින් රාජිත අදහස් කළේ නිදහසින් පසුව අප විසින් දියත් කරන ලද සියලුම "ජාතිය ආගම බේරගන්නා සටන්" අන්තවාදී රෝගයෙන් පෙළෙන මිනිසුන් විසින් කරන ලද බවය.
ඇල්බට් අයින්ස්‌ටයින් යනු ලොව මෙතෙක් පහළවූ විශිෂ්ටතම විද්‍යාඥයාය. ඔහු නවීන භෞතික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන අතර එහි එක් කුලුනක් වන "සාපේක්‌ෂතාවාදය" සොයා ගත්තේය." කොන්ටොම් ප්‍රමේය "පිළිබඳව ඔහුට නොබෙල් ත්‍යාගය හිමි වුවද ඔහු ලොව සුප්‍රසිද්ධ වූයේ සාපේක්‌ෂතාවාදය තුළිනි. එනම් ඉතා සරලව කිවහොත් යමක් බැලිය යුත්තේ අනෙකාට සාපේක්‌ෂව බවයි. උදා( ලෙස වේගයෙන් ගමන් කරන දුම්රියක වේගය දැනෙන්නේ වේදිකාවේ තිබෙන කුලුනකට සාපේක්‌ෂවය. ඒ අනුව බලන කල අයින්ස්‌ටයින් "දේශප්‍රේමීන්" සම්බන්ධව උක්‌ත ප්‍රකාශය කර ඇත්තේ "දේශෙද්‍රෝහීන්ට" සාපේක්‌ෂවය. එනම් දේශෙද්‍රෝහීන්ට සාපේක්‌ෂව දේශප්‍රේමීන් යනු සරම්ප රෝගයෙන් පෙළෙන අන්තවාදීන් යන්නයි. අයින්ස්‌ටයින් ඇත්තෙන්ම නිවැරදිය.
ඉන්පසු රාජිත පැවසුවේ වර්තමාන ජනාධිපතිතුමා මන්ත්‍රීවරු 45 ක් තියාගෙන දවල්ට නොකා ප්ලේන්ටි බිබී මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත වෙන වෙනම ලබාගෙන ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ බලතල 19 වැනි සංශෝධනයෙන් තමන්ම දන් දුන් බව සහ එදා සරත් වීරසේකර කියන අන්තවාදියා හැර ඉතිරි 224 දෙනාම එයට අනුමැතිය දුන් බවයි.
විවිධ බලපෑම් මත සහ ආරම්භක සංශෝධනය හැකිතාක් දුරට දියාරු කළ පසු 19 සංශෝධනයට ඡන්දය දුන් අය අතර තවමත් දැඩිව 19 සාධාරණීයකරන අය සමාජයේ සිටී. රාජිත එහි පෙරමුණ ගනී. ඔහු අදටත් සාධාරණීයකරන 19 න් අද රටට සිදුව ඇත්තේ කුමක්‌ද? අද රටේ ප්‍රධාන /සංවේදී තනතුරු, විවිධ කොමිසම් යනාදියට පත් කරන්නේ කවුද? ව්‍යවස්‌ථා සභාවේ බහුතරය පාලනය කරන ආර්. සම්පන්දන් සහ රනිල් වික්‍රමසිංහයි. ව්‍යවස්‌ථාදායක සභාවේ ඡන්දය තිබෙන 9 දෙනාගෙන් 7 දෙනෙක්‌ම ඔවුන් දෙදෙනා සහ ඔවුන් විසින් පත් කරන අය වෙති. එසේ නම් අද රටේ මහජන ආරක්‌ෂාව ඇතුළු වෙනත් වැදගත් විෂයයන් සම්බන්ධ ප්‍රධාන තනතුරුවලට පත් කරන්නේ ත්‍රිකුණාමල ජනතාවගෙන් පත්වුණු සම්පන්දන් සහ කොළඹ ජනතාවගෙන් පත් වුණු රනිල්ය. එසේ නැතිව සමස්‌ත ජනතාවගෙන් සියයට පනහකට වැඩි පිරිසකගේ ඡන්දයෙන් පත්වුණු රටේ ජනාධිපතිතුමා නොවේ. එසේ නම් අද 19න් කර ඇත්තේ මෙතෙක් තිබූ ජනාධිපතිතුමාගේ එම විධායක බලය දෙමළ ජාතික සන්ධානයේ සම්පන්දන්ට සහ යූ. එන්. පි. යෙ රනිල්ට පැවරීම නොවේද? ඒ අනුව බලන විට එදා වත්මන් ජනපති තුමා දවල්ට නොකා ප්ලේන්ටී බිබී කර ඇත්තේ ජනතාව විසින් තමන්ට පැවරූ ජනතා පරමාධිපත්‍ය, ජනතා පරමාධිපත්‍ය නියෝජන නොකරන දෙදෙනකුට පැවරීම නොවේද? ජනාධිපතිතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ලද ඒ දේ සාධාරණීයකරණය කරණ රාජිත කෙබඳු පුද්ගලයෙක් විය හැකිද?
අද රටේ පරිපාලනය පිළිබඳව වැදගත් තීරණ ගන්නා උක්‌ත ඒකකය වන ව්‍යවස්‌ථා සභාවේ සංයුතිය කුමක්‌ද? කතා නායක (ඡන්දයක් නොමැති) අගමැති, විපක්‌ෂ නායක, අගමැති සහ විපක්‌ෂ නායක පත්කරන 5 දෙනා, ජනපති පත්කරන අය සහ අගමැති /විපක්‌ෂනායකගේ පක්‌ෂ හැර අනෙක් සුළු පක්‌ෂවල මන්ත්‍රීවරුන්ගෙන් විමසා පත් කරන අය වේ. එසේ නම් මෙම ව්‍යqහය ගැඹුරින් විමසීමේදී ව්‍යවස්‌ථාදායක සභාවේ 9 දෙනාගෙන් (කථානායක හැර) ජනතාවගෙන් පත්වූ ජනාධිපතිට පත් කළ හැක්‌කේ එක් අයෙක් පමණක් වන අතර සුළු පක්‌ෂ වල මන්ත්‍රීන්ට පවා එක් අයෙක් පත් කළ හැකි මුත් රටේ ප්‍රධාන පක්‌ෂ දෙක වන එක්‌සත් ජාතික පක්‌ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ බහුතරයක් වන සිංහල /සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන්ට එක් අයෙක් හෝ මෙම සභාවට පත් කළ නොහැක. රටේ තීරණ ගැනීමට සිංහල මන්ත්‍රීවරුන්ට තිබෙන අයිතිය උදුරා ගැනීමේ ආරම්භය මෙයයි. චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය "අපට අවශ්‍ය රටේ සිංහල බෞද්ධ ඒකාධිකාරිය නැති කිරීමයි" යනුවෙන් පැවසුවේ ඒ නිසයි. අද රාජිත සතුටු වන්නේ එම කුප්‍රකට ව්‍යායාමය සාර්ථක වූ නිසයි. ඔහුට අනුව සරත් වීරසේකර යන ඒ "අන්තගාමියා" 19 ට විරුද්ධ වූයේ මෙය සක්‌සුදක්‌සේ දුටු බැවින් බව ඔහු දනී. රාජිතගේ සිංහල / සිංහල බෞද්ධ විරෝධී ස්‌ථාවරය සනාථ වන එක් කරුණක් වන්නේ එයයි.
එදා බණ්‌ඩාරනයක -චෙල්වනායගම් ගිවිසුම නිසි පරිදි ක්‍රියාත්මක වූවා නම් අද රට සිංගප්පූරුවක් වී හමාර බවද අන්තවාදී භික්‌ෂූන්ගේ විරෝධය නිසා ගිවිසුම ඉරා දැමු බවද, පසුව ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම ගෙන ආ වෙලාවේ ජාතිවාදීන් රට කඩන්න යනවා යයි විරෝධය පෑ නිසා එය ද හකුලා ගැන්මට සිදුවූ බවද රාජිත දැඩි ආවේගශීලීව කියයි. ඔහුට අනුව ජාතිවාදී අන්තවාදීන් මෙම ගිවිසුම අවලංගු කිරීමට ක්‍රියා නොකළා නම් අද රට සුත මුදිත වී හමාරය. රාජිත විසින් ක්‍රියාත්මක වූවා නම් කෙතරම් අගනේ දැයි පවසන උක්‌ත ගිවිසුම් දෙක අත්සන් කළේ චෙල්වනායගම්ය. යාපනයේ පැවැත්වූ චෙල්වනායගම් ගුණසමරු උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වූ රාජිත ඔහු දෙමළ ජනතාවගේ එකම ගැළවුම්කාරයා යනුවෙන් මහත් ප්‍රශංසාවෙන් කතා කළ අයුරු අප දුටුවෙමු.
රාජිතගේ ඉමහත් ප්‍රශංසාවට ලක්‌වන චෙල්වනායගම් යනු මලයාසියාවේ උපත ලබා සිංහල - දෙමළ ජනතාව බෙදා වෙන කරන කුමන්ත්‍රණය ඇටවූ පුද්ගලයාය යයි කිවහොත් නිවැරදිය. අප නිදහස ලැබීමට මාස දෙකකට පෙර (සිංහල රාජ්‍ය භාෂා පනත ගෙන ඒමට වසර 8 කට පෙර සහ ප්‍රමිතිකරණයට වසර 15 කට පෙර) 1947 නොවැම්බර් 26 වැනි දින චෙල්වනායගම් පැවසුවේ මෙසේය. "ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් වීමට සටන් කරනවා නම් ඇයි දෙමළ ජනතාවට ලංකාවෙන් වෙන් වෙන්න බැරි?"
ඉන්පසු ඔහු 1951 දී දෙමළ ජාතිවාදී පක්‌ෂයක් වන ඉලංගෙයි තමිල් අරසුකච්චි යන පක්‌ෂය ආරම්භ කළේය. එහි සඳහන් වනුයේ ලංකාවේ දෙමළ කතා කරන පුද්ගලයන් සිංහලයන්ගෙන් පැහැදිලිව වෙන්වූ ජාතියක් බවත්, රටේ 1/3 වඩා ප්‍රදේශවල ජීවත් වන දෙමළ ජනතාවට ස්‌වයං තීරණ අයිතිය තිබිය යුතු බවත්, දේශපාලන ස්‌වාධිපත්‍ය සඳහා ඔවුනට අහිමි කළ නොහැකි අයිතියක් ඇති බවත් යනාදියයි. ඉන්පසු ඔහු විසින් 1973 සැප්. 9 වැනි දින වෙනම රාජ්‍යයක් සඳහා මල්ලකම් හි සම්මුතියක් ඇතිකර ගන්නා ලදී. අවසානයේ චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ දෙමළ එක්‌සත් නිදහස් සන්ධානයේ ජී. ජී. පොන්නම්බලම් සහ වෙල්ලාල නොවෙන දෙමළ ජනතාවට කෝවිලකට යැමට ඉඩ නොදුන් මහාචාර්ය සුන්දරලිංගම් වැනි අන්ත නින්දිත පුද්ගලයන් සමඟ එක්‌වී උතුරු නැගෙනහිර දෙමළ නිජබිම් බැවින් දෙමළ ඊළාම් රජයක් සඳහා වන ඊනියා කුප්‍රකට වඩුක්‌කොඩෙයි සම්මුතිය ප්‍රකාශයට පත් කරන ලදී. 12.6% වන දෙමළ ජාතිය එදා එසේ බලකර සිටියේ රටෙන් 1/3 ක් සහ වෙරළ තීරයෙන් 60% ක් ය. එසේ නම් නිදහස ලැබීමටත් පෙර සිට බෙදා වෙන් වීමට තැත් කළ, ජාතිවාදය වැපිරූ, චෙල්වනායගම්ට අතිශය ලෙස ප්‍රශංසා කරමින්, එය වලක්‌වා ජාතිය ආගම බේරා ගැනීමට තැත්කළ පුද්ගලයන් ජාතිවාදී අන්තගාමීන් යයි හඳුන්වන රාජිතගේ සිංහල විරෝධී බෙදුම්වාදී ආකල්පයන් ඉන් මොනවට පැහැදිලි නොවන්නේද?
රාජිත විසින් ක්‍රියාත්මක කළේ නම් ඉතා අගනේයයි කියන බණ්‌ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමේ අන්තර්ගතය කුමක් දැයි දැන් බලමු. එම ගිවිසුම අත්සන් කළේ 1957/7/26 වන දිනය. එහි කොන්දේසි පහත සඳහන් වේ.
1. උතුරට එක පළාතකුත්, නැගෙනහිරට පළාත් 2 ක් හෝ වැඩි ගණනක් සහ උතුර නැගෙනහිර එකතු කිරීමේ අයිතිය
2. එසේ එකතු කරගත් පළාත්වලට පහත සඳහන් විෂයයන් සඳහා පූර්ණ බලය දා කෘෂිකර්ම, ඉඩම්, ඉඩම් සංවර්ධන, ජනාවාස පිහිටුවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, කර්මාන්ත, ධීවර, නිවාස, සමාජ සේවා, විදුලිය, ජලය සහ මාර්ග, ඉඩම් ලබාදෙන ව්‍යාපෘති සඳහා මිනිසුන් තෝරන බලය.
මෙම ගිවිසුම අත්සන් කොට දින දෙකකට පසුව චෙල්වනායගම්ගේ ෙෆඩරල් පක්‌ෂයේ ජාතික සමුළුවේදී "ලංකා ෙෆඩරල් සමූහය තුළ ස්‌වාධීන දෙමළ රාජ්‍යයක් සඳහා සම්මුතියක්‌ද" ඇතිකර ගන්නා ලදී. එසේ නම් මෙම ගිවිසුම පෙඩරල් පක්‌ෂයේ බෙදුම්වාදී ප්‍රතිපත්ති හෝ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය මතුවීම වැළැක්‌වීමට හේතු වූ සාධකයක්‌ද? නැත .
අනෙක් අතට එම ගිවිසුම ක්‍රියාත්මක වීම ඔහුගේ ඊනියා අරමුණ කරා යැමට කදිම ප්‍රවිෂ්ඨයක් වීමට තිබුණා නොවේ ද ? රාජිත සේනාරත්න එවන් ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීම ගැන පසුතැවිලි වන්නේ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ට අවශ්‍ය ලෙස රට බෙදන්නට බැරි වූ නිසා නොවේද? නීති සම්පාදනයක් අවශ්‍ය වන එම බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම සඳහා බණ්‌ඩාරනායකට කිසිදු ජන වරමක් තිබුණේ නැති අතර තමන්ගේ පාර්ලිමේන්තුවේ අනුමැතියක් ද නොතිබිණ.
එය ෙෆඩරල් පක්‌ෂය විසින් කරන්නේ යෑයි කියූ සත්‍යග්‍රහ භීතිය නිසා ඇතිකරන ලද්දකි. බණ්‌ඩාරනායකට අවසානයේදී එය අත්හැරීමට සිදු වූයේ එබැවිනි.
ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම 1965-03-24 දින අත්සන් කළේ ඩඩ්ලි අගමැති වීමට දින තුනකට පෙර හොර රහසේය. එම ගිවිසුමේ අඩංගු ප්‍රධානම කරුණ වූයේ උතුරු නැගෙනහිර ජනාවාස පිහිටු වීමේදී ඉඩම් ලබා දෙන ආකාරයයි. එනම් ප්‍රථමයෙන් දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් නොමැති අයට, දෙවනුව උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන අයට සහ තෙවනුව රටේ දෙමළ ජනතාවට ප්‍රමුඛතාවය දී ඉතිරි අයට. මේ අනුව, සිංහල ජනතාවට ලැබෙනුයේ ඉඩම් තිබෙන හෝ නැති දෙමළ ජනයාට සියල්ල ලබා දී ඉතිරි වන ටික පමණි. එස්. එල්. ගුණසේකර මහතා මෙය කදිමට පැහැදිලි කර ඇත.
රාජිත සේනාරත්න කඳුළු සලන්නේ මෙම ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක නොවීම නිසාය. එසේ නම් ඔහු කම්පා වෙන්නේ කා වෙනුවෙන්ද?
මෙය අත්සන් කරන විට ඩඩ්ලි අගමැතිව නොසිටි නිසා ඔහුට ගිවිසුමට ක්‍රියාත්මක කිරීමට කිසිදු බලයක් නොතිබිණ එය එ. ජා. පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශනයේද සඳහන්ව නොතිබිණ. තිබ්බා නම් 1956 ජයගත් ආසන 8 වත් එ. ජා. පක්‍ෂයට ලැබෙන්නේ නැත. එම ඊනියා ගිවිසුම අවලංගු වුණේ ඒ නිසයි. එයට විරුද්ධ වුණු සංඝයා වහන්සේ ඇතුළු සියල්ලම ජාතිවාදී අන්තවාදීන් ලෙස සලකන රාජිතගේ සිංහල හා සිංහල බෞද්ධ විරෝධී ආකල්පය එයින්ම ගම්‍ය නොවන්නේද?
19 වන සංශෝධනයට පමණක් නොව ව්‍යවස්‌ථාව පවා උල්ලංඝනය කොට දෙමළෙන් ජාතික ගීය ගැයීමට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණේ මා පමණි. රාජිතලා වැනි ෙද්‍රෝහීන්ගේ බලපෑමට කරන ලද එම පාවා දීම තුළින් අද " සංහිඳියාව" මඳක් හෝ ඇති වී තිබේද? අද වව්නියාවේ සිංහල පාසල් උත්සවයේදී උතුරු පළාත් අධ්‍යාපන ඇමැති රටේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කරයි. රාජිත ඒ ගැන මෙතෙක් වචනයකුදු හෝ නොදොඩයි. සුමන්දිරන් සහ විග්නේශ්වරන් ජාතික කොඩිය වෙනස් විය යුතු යෑයි මොර දෙති. රාජිත පවා හෙට දින එසේ කිවහොත් අප පුදුම විය යුතු නැත.
ඇල්බට් අයින්ස්‌ටයින් දේශනුරාගය සහ දේශප්‍රේමීන් ගැන ප්‍රකාශයක් කළා නම් එසේ කළේ එදා ජර්මනියේ හිට්‌ලර් මිලියන ගණනක් අහිංසක යුදෙව් වැසියන් ඝාතනය කළේ "දේශප්‍රේමය" පෙරටුකොට ගෙන නිසා බැවින් මිස වසර දහස් ගණනක් තිස්‌සේ ලක්‍ෂ ගණනක් දිවි කැප කොට රැකගත් ඒකීයභාවය, බෙදුම්වාදී සුළුතරයක් විසින් ත්‍රස්‌තවාදයෙන් හෝ ව්‍යවස්‌ථාවක් මගින් හෝ බෙදීම වලක්‌වන " දේශප්‍රේමීන්" සම්බන්ධව නොවේ. එය යථාවබෝධයෙන් තේරුම් ගත හැක්‌කේ ලක්‌මාතාවගේ සුජාත දරුවන්ට පමණි.
එසේ නම් රාජිත සේනාරත්න යනු සිංහල විරෝධි, රට බෙදීමට දරුණු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයින් සමඟ කටයුතු කරන පුද්ගලයෙක් බව ඔහුගේම ප්‍රකාශවලින් ඉහත දැක් වූ ආකාරයට සනාථ වේ. කරුණු එසේ බැවින් ඔහු විසින් වර්තමාන යෝජිත ව්‍යවස්‌ථාව අගය කරන්නේ නම් එසේ කරන්නේ අනිවාර්යයෙන්ම එයින් සිංහලයන්ගේ අයිතීන් නැති කරමින් රට බෙදෙන නිසාය. රට, ජාතිය, ආගම රැක ගැනීමට නායකයින් බිහි කළ ආනන්ද විදුහලට එහි ඉගෙනුම ලැබූ රාජිත වැන්නන් අතිශය නින්දාවක් බැව් මා පවසන්නේ එබැවිනි. එය එසේ දැයි ද නැත්ද යන්න තීරණය කිරීම ඔබට බාර කරමි.
යුතුකම සංවාද කවය
www.yuthukama.com : Like us on facebook
https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .