12/11/2017

ද්‍රෝහී ව්‍යවස්‌ථාව ජනමත විචාරණයක්‌ සඳහා ගෙන ඒමට පෙර පාර්ලිමේන්තුව තුළදීම පරාජයට පත්කළ යුතුයි - ගෝඨා

කතෘ:යුතුකම     12/11/2017   No comments

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ජනමත විචාරණයක්‌ සඳහා ගෙන ඒමට පෙර පාර්ලිමේන්තුව තුළදීම පරාජයට පත්කළ යුතුයි - ගෝඨාභය රාජපක්‌ෂ
යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ජනමත විචාරණයක්‌ සඳහා ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව තුළදීම පරාජයට පත්කළ යුතු බැව් හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පවසයි. 05 දා එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයකට එක්‌වෙමින් හිටපු ආරක්‌ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේ ද කීවේය.

තමුන්නාන්සේලාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය ශ්‍රී.ල.නි.පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ව්‍යවස්‌ථාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට ජනතාව බල කළ යුතුයි. ඒ තුළින් පුළුවන් පාර්ලිමේන්තුව තුළින්ම මේ ව්‍යවස්‌ථාව ගෙන ඒම පරාජය කිරීමට. මේ තුළින් තමයි අපට මේ ක්‍රියාවලිය නතර කරන්න පුළුවන්. මේක ජනමත විචාරණයකට එන්නට අවස්‌ථාව සැලසුවහොත් එය පැරදුනත් අපි පරාදයි දිනුවත් අපි පරාදයි. මේ ව්‍යවස්‌ථාවට දකුණු ප්‍රදේශයේ ජනතාව බෙදිලා ඡන්දය පාවිච්චි කරන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල බහුතරයක්‌ ව්‍යවස්‌ථාවට ඡන්දය දුන්නොත් ඒක ඔවුන්ට ඇති ජාත්‍යන්තරයට පෙන්වන්න. මේ ජන කොටස්‌වලට වෙනම රජයක්‌ අවශ්‍ය කියන කාරණාව පෙන්වීම. ඒ නිසා ජනමත විචාරණයකට එන්න කලින් පාර්ලිමේන්තුව තුළම යෝජිත ව්‍යස්‌ථාව පරාජය කළ යුතුයි.

එය කරන්න පුළුවන්. තමුන්නාන්සේලාගෙන් පාර්ලිමේන්තුවට ගිය විශේෂයෙන්ම ශ්‍රී.ල.නි.පක්‌ෂයේ ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන් මෙයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහොත් අපට පුළුවන් මේ ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවම තුළම පරාජය කරන්න.

එළිය සංවිධානය මඟින් දිස්‌ත්‍රික්‌ක ගණනාවක අපි සම්මන්ත්‍රණ පැවැත්වුවා. විශේෂයෙන්ම විද්වතුන් ජනතා නියෝජිතයන් අපි දැනුවත් කළා. ඒ අයට පුළුවන් ගමක්‌ ගමක්‌ පාසා මේ ගැන දැනුවත් කරන්නට. දැනට මේ පිළිබඳ කථිකාවත් ජනතාව අතර නැතිවෙලා තියෙනවා. නමුත් ඒක තමයි භයානක තත්ත්වය. ඒ ක්‍රියාදාමය යන බව අපට පැහැදිලියි, ඒ නිසා අපි අවදියෙන් ඉන්න ඕන. ජනතාව දැනුවත් කළ යුතුයි. ඔවුන්ට බල කළ යුතුයි. මේ ක්‍රියාදාමය පාර්ලිමේන්තුව තුළම පරාජය කිරීම සඳහා.

උතුරු නැගෙනහිර ප්‍රදේශ අපි නොසිතූ අන්දමින් සංවර්ධනය කළත් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කළත් ඒවා සියල්ලක්‌ම සඟවලා බලය බෙදීමක්‌ ගැන කතා කරනවා ඒ හදන්නේ මේ රටේ වෙනම රාජ්‍යයක්‌ ඇතිකරන්න. සියයට 68 කට වඩා වැඩි පිරිසක්‌ ජීවත්වන්නේ අනිකුත් ප්‍රදේශවල තමුන්නාන්සේලාත් එක්‌ක. මේ ප්‍රදේශයට පමණක්‌ බලය බෙදීම තුළින් සියලුම දමිළ ජනතාවගේ ප්‍රශ්නයට අපි කොහොමද විසඳුමක්‌ හොයන්නේ. මින් පැහැදිලි වෙනවා මොකක්‌ද ඒ අයගේ රහස්‌ සිතුවිල්ල කියලා. මේ ගැන දැනුවත් කරන්න තමයි අපි දිස්‌ත්‍රික්‌කයෙන් දිස්‌ත්‍රික්‌කයට ගිහින් සම්මන්ත්‍රණ පවත්වන්නේ.

සමහර අය අපේ එළිය සංවිධානය ජාතිවාදී සංවිධානයක්‌ හැටියට හංවඩු ගහන්න හදනවා. සාහසිකයන් ඉන්න සංවිධානයක්‌ හැටියට හංවඩු ගහනවා. අපි ජාතිවාදී නැහැ. අපි සහාසිකයන් නෙවෙයි අප බලාපොරොත්තු වන්නේ සිංහල, මුස්‌ලිම්, දෙමළ මේ සෑම ජන කොටසකම ගෞරවණීය ලෙස ජීවත්වීමට හැකි රටක්‌ ඇති කිරීමයි. අපේ සටන රට බෙදනවාට විරුද්ධවයි.

එළිය සංවිධානය ඇති කළේ යෝජිත ව්‍යවස්‌ථාව පරාජය කළ යුත්තේ ඇයි කාරණය ගැන ජනතාව දැනුවත් කිරීමටයි. සංහිඳියාව කියන කාරණය මහින්ද රාජපක්‌ෂ රජය දුටුවේ වෙනත් ආකාරයටයි. අපි දැක්‌කා බලය බෙදීමක්‌ තුළින් සංහිඳියාවක්‌ ගෙන එන්නට බැරි බව හොඳම උදාහරණය තමයි අපේ කිට්‌ටුවෙන්ම ඉන්න ඉන්දියාව. ඉන්දියාව නිදහස ලබන අවස්‌ථාවේ පකිස්‌තානය වෙන් කළා. අවසානයේදී රටවල් තුනක්‌ බවට ඉන්දියාව පත්වුණා. නමුත් ඉන්දියා - පකිස්‌තාන මායිම හැමදාමත් යුද්ධයක්‌ පවතින මායිමක්‌ බවට වසර ගණනාවක්‌ තිස්‌සේ පවත්වෙලා තියෙනවා. බලය බෙදීමක්‌ තුළින් නෙවෙයි. ඒ ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතාවන් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම තමයි අපි තොරාගත් සංහිඳියා ක්‍රමය. වසර 30 ක්‌ මේ රටේ තිබූ ත්‍රස්‌තවාදය පරාජය කළා හා සමානව අපි යුද්ධය අවසාන කළ දිනයේ සිට අපේ රජය පරදින දිනය දක්‌වා අවුරුදු තුනක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශ අපි සංවර්ධන කළේ මේ සංහිඳියාව වෙනුවෙන්.

මේ පළාත්වල ජීවත්වන ඕනෑම පුද්ගලයකුට අධ්‍යාපනයක්‌ ලබන්නට විශ්වවිද්‍යාලයට යන්නට තමන්ගේ උගත්කම අනුව රැකියාවක්‌ ලබන්නට ව්‍යපාරයක්‌ කරගෙන යැමට කිසිදු අවහිරයක්‌ තිබුණේ නැහැ. වසර 30 කටත් වඩා වැඩි කාලයක්‌ උතුරු නැගෙනහිර ප්‍රදේශ එල්. ටී. ටී. සංවිධානය මඟින් පාලනය යටතේ තිබූ නිසා ඒ ප්‍රදේශවල සංවර්ධනයක්‌ ඇති වුණේ නැහැ. ඒ ප්‍රදේශවල ළමුන් ළමා සොල්දාදුවන් වශයෙන් බඳවා ගත්තු නිසා ඔවුන්ට රැකියාවක්‌ ලබාගැනීමේ හැකියාවක්‌ තිබුණේ නැහැ. ඉගෙනුමක්‌ ලබන්න පුළුවන් වුණේ නැහැ. මේ ඇතිවූ වෙනස හරිගස්‌සන්නට අපි යුද්ධය අවසන් වූ දිනයේ සිටම ක්‍රියා කළා.

යුද්ධයේදී එල්. ටී. ටී. සංවිධානයේ ත්‍රස්‌තවාදීන් 13,000 ක්‌ පමණ හමුදාවට යටත්වුණා. වසර දෙකක්‌ ඇතුළත මේ සියලු ත්‍රස්‌තවාදීන් පුනරුත්ථාපනය කරලා සමාජගත කළා. ඒ අය අපි සිවිල් ආරක්‌ෂක බළකායට බඳවාගත්තා ඔවුන් එල්. ටී. ටී. සංවිධානය විසින් පත්වාගෙන ගිය ගොවිපොළවල්වලට යොමු කරලා ඒ මුදල් ඔවුන්ට ලබාදුන්නා කාන්තාවන් විශාල ප්‍රමාණයක්‌ යුද හමුදාවට බඳවාගත්තා. ව්‍යපාරිකයන් විශාල ප්‍රමාණයක්‌ ගෙනැවිත් අපි ඉල්ලා සිටියා ඔවුන්ගේ ව්‍යපාර හා කර්මාන්ත උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගෙනියන්නට ඒ අනුව කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක්‌ ඒ ප්‍රදේශවල ඇතිකරන්න ඒ අය උත්සාහ ගත්තා. ඒ විතරක්‌ නෙවෙයි මේ ප්‍රදේශවල තිබූ බිම් බෝම්බ වසර දෙකහමාරක්‌ වැනි කෙටි කාලයක්‌ ඇතුළත යුද හමුදාව විසින් ඉවත් කළා. නමුත් මේවා ගැන බෙදුම්වාදී දමිළ දේශපාලනඥයන් කතා කරන්නේ නැහැ.

ඒක තමයි සංහිඳියාව එදා මහා වීර දිනය සමරන්න අපි ඉඩ නුදුන්නේ එහි ජනතාව වසර ගණනාවක්‌ තිස්‌සේ ඔවුන් මුලාකරලා තිබූ සිතුවිලි වලින් ඔවුන් ඉවත් කළ යුතු නිසා ත්‍රස්‌තවාදයට සම්බන්ධ වූ කිසිදු අයකු නැවත ආයුධ අතට ගන්නේ නැහැ. නමුත් වැරදිම මත යුද්ධය, ත්‍රස්‌තවාදය කුමක්‌දැයි කියන නොදන්නා තරුණ පිරිස අතරට ඒ මතයන් ගියහොත් හිතට වැදුනහොත් ඔවුන් නැවත ත්‍රස්‌ත්‍රවාදීන් වෙන්න පුළුවන් කියලා. යුද්ධය පැවති ප්‍රදේශවල එක පොස්‌ටරයක්‌ අලවන්න අපි ඉඩදුන්නේ නැහැ. එකට හේතුවක්‌ තිබුණා. ඒ තරුණයන්ට වැරදි මතයක්‌ එන්නට ඉඩ තිබූ නිසා. ඒ හේතුව නිසා අපි ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සැඟවූයේ නැහැ. ඒ ප්‍රදේශයේ වසර ගණනාවකට පසු පළාත් සභා ඡන්දයක්‌ පැවැත්වූයේ මහින්ද රාජපක්‌ෂ මහතාගේ රජය කාලයේදී

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions