- ආචාර්ය නාලක ගොඩහේවා -
පසුගිය සතියේ මුහුනුපොතේ දක්නට ලැබුන ඡායාරූපයකින් කියවුනේ තවත් එක් අප්‍රසන්න පුවතකි. එහි දක්නට ලැබුනේ 2014 සැප්තැම්බර් 17දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා චීන ජනාධිපති ෂී ජින්පින් මහත්වරුන් විසින් කොලඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියට මුල්ගල තැබු අවස්ථාවේ පිහිටවන ලද සමරුඵලකය ගලවා ටිපරයක දමාගෙන යන ආකාරයයි. අද මුහුනු පොතට පින්සිදුවන්නට මෙවැනි අකටයුතුකම් ජනතාවගෙන් සඟවන්නට රජයට නොහැක.
ඉතිහාසය විකෘතී කරන්නට උත්සාහ කරන්නේ අයහපත් අදක්ෂ පාලකයින්ය. පෝට් සිටියේ සමරු ඵලකය ඉවත් කරන්නේ එයට වත්මන් පාලකයින්ගේ නම් දා ගැනීමට බව පැහැදිලිය. පසුගියදා මහින්ද යුගයේ සාදන්නට පටන් ගත් රාජගිරිය ගුවන් පාලමටද වත්මන් රජයේ පාලකයින් උප්පැන්න සහතික දෙනවා දුටිමු. මහින්ද යුගයේ සාදන්නට පටන් ගත් මොරගස්කන්ද ව්‍යාපෘතියටද අද හිමිකරුවෙක් සිටී. හෙට අනිද්දා වැඩ අවසන් වන නෙලුම් කුලුණටද මොවුන් උප්පැන්න සහතිකය දෙනු ඇත. ඉතිහාසය වෙනස් කරමින් අනුන්ගේ නිර්මාණ වලට තම නම් දුන් දූෂිත පාලකයන් අතීතයේද ඕනෑතරම් සිටියහ. එහෙත් එවන් පිරිසක් සියැසින් දකින්නට තරම් වර්ථමානයේ අප අවාසනාවන්ත වූයේ ඇයි ?
පසුගියදා රාජගිරිය ගුවන් පාලම අධීක්ෂණයට අගමැතිවරයා සමග ගිය නියෝජ්‍ය ඇමතිවරයෙකු රූපවාහිනී නාලිකාවලට කල ප්‍රකාශය වත්මන් රජයේ කෙරුවාව වටහා ගැනීමට හොඳ උදාහරණයකි. ගුවන් පාලම මත සිටගෙන මෙම ඇමතිවරයා තම සුපුරුදු අවඥාසහගත විලාශයෙන් මෙසේ ඇසුවේය " සමහරු කියනවා මේ රජයට බෝක්කුවක් වත් හදා ගන්න බැහැ කියල. මේක බෝක්කුවක්ද ? "
රාජගිරිය ගුවන් පාලම කිසිසේත්ම බෝක්කුවක් නොවේ. නමුත් එය සෑදුවේ වත්මන් රජයද නොවේ. එම පාලම සැලසුම් කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. ඒ සඳහා මුදල් වෙන්කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. එහි ටෙන්ඩර් කැඳවා මුලික කොන්ත්‍රාත් කරුවන් තෝරාගෙන වැඩ ආරම්ඹ කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. ඒ වැඩ අරඹා තිබූ ව්‍යාපෘතිය නිමකරන්නට වත්මන් රජයට වසර 3ක් ගත විය. මාවිල් ආරු වලින් පටන් ගත් කොටි සංහාරය අවසන් කරන්නටවත් මහින්ද රාජපක්ෂට එතරම් කල ගත් නොවිනි.
මීලඟට නියෝජ්‍ය ඇමතිතුමා මෙසේ කිවේය.
" විවේචනය කරන්න . ඒකට ප්‍රශ්ණයක් නැහැ. නමුත් කරපු දේ නොකල කියල කියන්නත් එපා "
පසුගිය රජය කල දෙවල් ජනතාවට අමතක කරවීම සඳහා සමරු ඵලක පවා ගලවා ඉවත් කරන තරම් පහත් තත්වයකට වැටුන රජයක ඇමතිවරයෙකුට මෙසේ කීමට සදාචාරාත්මක අයිතියක් ඇත්ද ?
බොරු කීම වත්මන් රජයට අත්හැරගත නොහැකි පුරුද්දක් බවට පත්වී ඇත. දිගින් දිගටම බොරු කියන පුද්ගලයින් අවසානයේ එම බොරු තමුන්ද විශ්වාස කරන්නට පටන් ගන්නා බව මනෝ විද්‍යාඥයෝ කියති. වත්මන් රජයේ නායකයින් අද පත්ව සිටින්නේ එවන් මානසික තත්වයකටදැයි සමහරවිට ඔවුන් කරන කියන දේ වලින් ප්‍රශ්ණයක් මතුවේ.
උදාහරණයක් වශයෙන් පසුගියදා පැවති කැබිනට් රැස්වීමකදී ෂැංග්‍රිල්ලා හෝටලයට ගාලු මුවදොර හමුදා මූලස්ථානයේ ඉඩම ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවී යැයි කැබිනට ප්‍රකාශක මහින්ද සමරසිංහ ඇමතිවරයා කියා සිටියේය. ඔහු කී ආකාරයට පසුගිය රජය විසින් සැලසුමකින් තොරව හමුදා මූලස්ථානය අලුත් ස්ථානයකට ගෙන යාමට තීරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයකි. ෂැංග්‍රිල්ලා හෝටලයට ඉඩදීමේ පසුගිය රජයේ වැරදි තීරණය නිසා හමුදාවේ විවිධ අංශ ස්ථාන 15ක පමන රඳවා තබාගැනීමට වාර්ෂික කුලිය කෝටි 500 ක් පමන බවක්ද කියැවිනි. ෂැංග්‍රිල්ලා ඉඩම වසර 99ට බදු නොදී ඇමෙරිකානු ඩොලර් මිලියන 125 කට සින්නක්කර විකිනීම රටට අවාසියක් බවත් සාකච්ඡා වුන බවද ඔහු ප්‍රකාශ කලේය.
මහින්ද සමරසිංහ මහතා නැවත නැවත පෙන්වන්නට උත්සාහ කලේ පසුගිය රජයට මේ කටයුත්ත සඳහා විශේෂ හදිස්සියක් තිබුන බවය. මේ ගැන සොයන්නට ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් බොහෝ ඇමතිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලු බවද කැබිනට් ප්‍රකාශකයා කීවේය.
මේ කරුණු සම්බන්ධයෙන් අපි මදක් විමසා බලමු.
පසුගිය රජය සැම ව්‍යාපෘතියකටම අතගසුවේ ඒවා කඩිනමින් නිම කරන බලාපොරොත්තුවෙනි. එම රජය විසින් කඩිනමින් නිම කල ව්‍යාපෘති ලැයිස්තුව ලියන්නට පුවත්පත් පිටුවකුදු මදි නිසා ඒවා මෙහි සඳහන් නොකෙරේ. හමුදා මූලස්ථානය බත්තරමුල්ලේ අකුරෙගොඩදී සාද නිමකිරීමට නියමිතව තිබුනේ 2015 දීය. නමුත් 2017 අවසානයේදීත් අප තවමත් මේ ගැන කතා කරමින් ඉන්නේ කාගේ වරදින්දයි ඇසිය යුත්තේ 2015 ජනවාරි මස වෙනසකට චන්දය දුන් චන්ද දායකයින්ගෙනි.
ත්‍රිවිධ හමුදා මූලස්ථානයක් එක් ස්ථානයක පිහිටවීමේ සැලැස්ම මුලින්ම සකස්කරනු ලැබුවෙ පසුගිය රජය විසින් නොවේ ඊට රජයන් ගනනාවකට පෙරය. මේ සඳහා බත්තරමුල්ලේ අකුරෙගොඩ ඉඩම වෙන්කලේද 2005ට පෙරයි. ත්‍රිවිධ හමුදා මූලස්ථානය එක් තැනක පිහිටවීම ආරක්ෂාවට තර්ජනයක් කියා මෙතෙක් කිසිදු ආරක්ෂක විශේසඥයෙක් කියා නැත.
පසුගිය රජය සෑම ව්‍යාපෘතියක්ම කලේ මනා සැලස්මකට අනුවය. ඔවුන්ගේ සැලස්ම තිබුනේ 2015 අග වන විට ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ මූලික වැඩ අවසන් කරන්නට හා කොටස් වශයෙන් විවිධ හමුදා අංශ ගාලු මුවදොර සිට බත්තරමුල්ල අකුරෙගොඩට ගෙනියන්නටයි. මේ සැලසුම යටතේ විවිධ හමුදා දෙපාර්තමේන්තු ස්ථානගත කරන්නට දීර්ඝ කාලීන කුලියට ගොඩනැගීලි ගන්නට වන්නේ නැත. හමුදා මුලස්ථානය සාදා නිමකරන්නට ෂැංග්‍රිල්ලා සමාගමෙන් ලබාගත් රුපියල් බිලියන 18 ක් ලංකා බැංකුවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගිනුමක දමා තිබුනි. නමුත් වත්මන් රජය බලයට ආ විගස එම රුපියල් බිලියන 18 ක මුදල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂගේ පෞද්ගලික ගිනුමක දමා තිබෙනවා කියා බොරුවක් සමාජ ගත කරන ලදී. පසුව නව රජයේ පලමු ආරක්ෂක ලේකම් බී. එම්. බස්නායක මහතා ඉදිරිපත් වී එම බොරුව නිවරදි කරමින් පෙන්වා දුන්නේ එය රජයේ ගිනුමක් බවයි. ඉන් පසු ඒ මුදල ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් මහා භාන්ඩාගාරයට මාරු කරන ලදී. නව රජයේ අධික වියදම් නිසා මේ මුදල සුලුකලකින් ආගිය අතක් නැතුව ගිය නිසා ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් වැඩ මුදල් නැතුව අඩාල විය. ඉන් සිදුවූයේ ෂැංග්‍රිල්ලා හෝටලයට ඉඩම් නිදහස් කිරීම සඳහා විවිධ හමුදා පරිපාලන අංශ කුලී ගොඩනැගිලි වලට ගෙනියන්නට සිදුවීමයි. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යම් ගොඩනගිල්ලකට අතිවිශාල කුලියක් අසාධාරණ ලෙස ගෙවන බව අද මුලු රටම දන්නා නිසා මෙසේ කුලීයට ගොඩනැගිලි ගැනීම කාට කාට හෝ හොඳ ව්‍යාපාරයන් වී ඇති බව පෙනී යයි. ඒ අනුව 2015 අවසන් කල යුතුව තිබු ව්‍යාපෘතිය මෙතෙක් අවසන් නොකර මෙතරම් මුදල් නාස්තියක් කිරීම ගැන ජනාධිපති කොමිසමක් දමා කරුණු සෙවීම නම් නරක අදහසක් නොවේ.
ෂැංග්‍රිල්ලා හෝටලය යනු 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ලංකාවට මුලින්ම ආ පලමු විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ සභාපතිවරයා 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ නිලධාරීන්ට ඒ අවස්ථාවේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. මහා භාන්ඩාගාරයේ ඍජු මැදිහත්වීමෙන් රජයට අයත් සංවර්ධනය සඳහා සුදුසු ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදී. අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ෂක අමාත්‍යාංශය පිටා තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කොට එය බත්තරමුල්ලේ අකුරෙගොඩට ගෙන යන්නට සැලස්මක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ සකස්වී තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසායි. රජයේ තක්සේරු කරු විසින් අනාගතය ගැනද කල්පනා කොට කොලඹ නගරයේ පැවති අනෙක් ඉඩම් වල මිල ගනන්වලට වඩා අතිශයින් ඉහල මිලවලට මෙම ඉඩම තක්සේරු කරන ලද අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10 ක ඉඩම සඳහා ඩොලර් මිලියන 125ක් ( රුපියල් කෝටි 1800 ක් )ගෙවන්නට කැමතිදැය් ෂැංග්‍රිල්ලා සභාපතිවරයාගෙන් ඇසුවිට ඔහු එයට එකඟ විය.
දැන් අපි මේ ඉඩම අවුරුදු 99 කට බදු දීමේ හා සින්නක්කර විකිනීමේ වෙනස සොයා බලමු. ඉඩම් සින්නක්කර නොවිකුණා බදු දීම සාමාන්‍ය රාජ්‍ය ප්‍රතිප්ත්තියයි. එය ගැන විවාදයක් නැත. ෂැංග්‍රිල්ලා ඉඩමේ පලමු අක්කර 6 මහා භාන්ඩාගාරයේ අනුමැතිය යටතේ සින්නකර විකුණා ඇති බව දැනගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මැදිහත් වී ඉතුරු අක්කර 4 එම මුදලටම බදු දෙන ලෙස නියෝග කලේ එබැවිනි. නමුත් ප්‍රායෝගිකව බලන කල මුල් අක්කර 6 සින්නකර දීමෙන් රජයට විශේෂ අවාසියක් වීද ? උත්තරය නැත යන්නයි. ඒ මන්ද කියා මදක් විමසා බලමු.
ලංකාවේ පවතින නීතිය අනුව යම් ගොඩනැගිලි ඉදිකිරීමේ ආයතනය රජයෙන් 99 අවුරුදු බද්දකට ඉඩමක් ගෙන එහි නිවාස සංකීර්ණයක් සාදා එහි එක් එක් නිවස විකුණන විට නිවාස හිමියාට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ඒ නිසා එම ගොඩනැගිල්ල පවතින තුරු වසර 200ක් ගතවුනත් රජයට යලිත් එම ඉඩම් හිමි නොවේ. වසර 99කට පසු සිදුවන්නේ රජය විසින් එම ව්‍යාපෘතිය සඳහාම ඉඩම තවත් වසර 99කට ඉතා සුලු මුදලකට බදු දීමයි. මෙය ලංකාවේ පමනක් නොව අන් රටවලත් පවතින නීතියකි. ඒ නිසා වසර 99කට පසු ඉඩම රජයට හිමිවනවා යන්න මිථ්‍යාවකි.
ෂැග්‍රිල්ලා ඉඩමේ සුපිරි මහල් නිවාස 400 ක් ඉදිවේ. ඒ සියල්ලටම ලැබෙන්නේ සින්නක්කර ඔප්පුය. මුල් ඉඩම දුන්නේ සින්නක්කර වුවත් 99 අවුරුදු බද්දට වුවත් එහි වෙනසක් නැත.
ෂැංග්‍රිල්ලා සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක (රුපියල් කෝටි 120,000 ක ) පමන ආයෝජනයක් ලංකාවට ගෙන එන අතර ලාංකිකයින්ට රැකියා අවස්ථා 1000 කට වඩා ජනිත කරයි. වෙනත් රටක නම් මෙවනි විශාල පරිමාන ආයෝජනයක් සඳහා ඉඩම නොමිලේම ලැබෙන්නට ඉඩ තිබුනි. ලංකාවම උදාහරණයක් ලෙස ගත හොත් ගාලු මුවදොරම ෂැංග්‍රිල්ලා හෝටලය අසලම පිහිටි ටාජ් සමුද්‍රා හෝටලයට එදා හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා ඉන්දියානු සමාගමට ඉඩම ලබා දුන්නේ නොමිලයේ දෙන්නාක් වැනි කුඩා බදු මුදලකටය. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල සෑදීමට ෂැංග්‍රිල්ලා හොටලයට ආසන්නයේ ඉඩමක් හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා සිංගප්පූරු සමාගමකට ලබාදුන්නේද නොමිලයේ දෙන්නාක් වැනි කුඩා බදු මුදලකටය. වර්ථමාන රජය හම්බන්තොට වරාය ඇමෙරිකානු ඩොලර් මිලියණ 1200ක ණයකට හිලව්වන්නට චීන සමාගමකට පවරන විට වරායා ආශ්‍රිත අක්කර 3000 ක ඉඩම් එම සමාගමට දෙන්නේ නොමිලයේය. මෙවැනි තත්වයක් යටතේ කොහොමටත් ආපසු නොලැබෙන අක්කර කිහිපයක ඉඩමකට රුපියල් කෝටි 1800 ක් මුදලකුත් අයකොට රුපියල් කෝටි 120,000 ක ආයෝජනයකුත් ලංකාවට ගෙන්වා ගැනීම මහා අපරාධයක් වන්නේ කෙසේද ? මෙසේ අනුන්ට අඟිලි දික්කරන්නේ බැඳුම්කර මංකොල්ලයෙන් රටට කෝටි ලක්ෂයකයට වඩා පාඩු කල අයම නොවේද ?
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. ඒ නිසා ජනතාව රවටන්නට දේශපාලනඥයින් කියන කතා තර්කානු බුද්ධියෙන් විමසා බලන්නට ජනතාව දැන්වත් පුරුදු විය යුතුය.

[mawbima]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .