12/11/2017

කොළපාට ‘වම’

කතෘ:යුතුකම     12/11/2017   No comments

කොළපාට සමාජය කියා සී ඒ චන්ද්‍රපේම විසින් පොතක් ලීවේ අනුව දශකයේ මුල භාගයේය. ඒ කාලයේ දේශපාලනය කළ අපේ කණ්ඩායම් අතර ඒ පොතට විශේෂ අවධානයක් ලැබුනේ එජාපයේ දේශපාලනය විසින් රටට තුළ ගොඩ නැගූ ‘තත්වය’ එම පොත මගින් සංකල්පනාත්මක ව හා තාර්තිකව වෙනස් ආකාරයකින් යුක්තිසහගත කර තිබු නිසාය. 1977 වර්ෂයෙන් පසුව මේ රටේ සිදුවූ දේශපාලන පරිවර්තනය ගැන එයට ප‍්‍රතිවිරුද්ධ පැත්තෙන් පමණක් බලමින් සිටි කණ්ඩායම්වලට ජෙ. ආර්. ගේ දේශපාලනය වෙනස් ආකාරයකින් හා වෙනස් ආකල්පයකින් (භෞතිකවාදි ආකල්පයකින්) බැලීමට චන්ද්‍රපේම විසින් යෝජනා කළ බව සමහරුන්ගේ මතය විය. එහෙත් එකල මෙරට වැඩ කළ වාමාංෂික බුද්ධිමය කේඩරය සහ ජාතිකවාදි බුද්ධිමය කේඩරය මේ කෘතියේ තිබු ප‍්‍රධාන තර්කයට තදින් පහර දුන් බව අපට තවමත් හොදින් මතකය. කොළපාට සමාජය මගේ මතකයට හදිසියේ ආවේ මේ දවස්වල දේශපාලනයට අලූතින් එක්වෙමින් තිබෙන එජාප-වාමාංෂික හවුල හෙවත් ‘කොළපාට වාමාංෂය’ ගැන සටහනක් ලියන්නට සිතුන නිසාය.

වාමාංෂිකයින් යැයි තමන් කියා ගන්නා ගමන් එජාපයේ දේශපාලනය ‘කැත නැතිව’ ආරක්ෂා කරන්නට තරම් ‘නිර්භය’ කණ්ඩායමක් වමේ දේශපාලනයෙන් මේ මතුවී තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. වමේ පක්ෂවලට සම්බන්ධව සිටි විශාල කණ්ඩායමක් තමන්ගේ යටතට මේ ආකාරයෙන් ගැනීමට එජපයට මේ හැකි වූයේ 2015 ජනාධිපතිවරණයට පිං සිදුවන්නටය. ඊට පෙර හුගක් පැරනි කාලයේ පැවති 1965 මැතිවරණයෙන් පත්වුනු එජාප ආණ්ඩුවේ පිලිප් ගූණවර්ධන වැනි වාමාංෂිකයින් සිටියේ යැයි සමහරෙක් තර්ක කළ හැකි වුනත් මේ සිදුවෙමින් පවතින්නේ එයට වඩා බරපතල ආකාරයකින් වෙනස් දෙයකැයි මගේ අදහසය. අනෙක් අතට එජාපයෙන් බිහිවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදිම නායකයා යැයි සැළකිය හැකි ඩඞ්ලි සේනානායකගේ 1965 රජයට පිලිප් සම්බන්ධවීම එද වුවත් සැළකූයේ වමේ යැයි කියා ගන්නා ගමන් එජාපයේ දේශපාලන කරන්නට යාමක් ලෙසින් නොවේ. පිලිප් එජපයට ගොස් ‘වමේ’ කථා කීවේ නැති ගානය. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්ය. සමසමාජ හා කොමිනියුස්ට් පක්ෂවල සිටි සමහරුන් සහ නව සමසමාජ පක්ෂයේ සමහර නායකයින්ද ඇතුලත් මේ කණ්ඩායම පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මේ රටේ දේශපාලනය තුළ හැසිරෙන්නේ ‘ඇන් ඇම්ටත් වඩා වමේ සහ රනිල්ටත් වඩා එජාපයේ වගේ’ විකාර රංගනයක් පෙන්නවමින් ය.

වාමාංෂික පක්ෂවල සිට 2015 ජනාධිපතිවරණය හරහා මෛත‍්‍රී වෙතට ගමන් කර එතැනින් රනිල් වෙතට මාරුවී ඇති මේ කණ්ඩායම් මුළින් රටට පෙන්වූයේ ඒ අයගේ අභිලාෂය වී තිබෙන්නේ ව්‍යවස්ථාමය වෙනසක් රටට යෝජනා කිරීම බවය. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම, බලය බෙදිම වැනි කාරනා පෙරට දමා ගනිමින් ඉදිරියට පැමිනි මේ කණ්ඩායම් මේ වන විට සිටින්නේ එජාපයේ අයවැය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්නට පුදුම සහගත ආකාරයේ තර්ක ඉදිරිපත් කරමින්ය. තමාගේ වැඩිහිටි කාලය ම පාහේ වෙනත් රටක ජවත්වී මේ දවස්වල රටට පැමින ‘හදිසියේ විප්ලවය කරනවා වැනි වේගයකින් වගේ ලිපි ලියාගෙන ලියාගෙන’ යන කුමාර් ඬේවිඞ් මහතා ඉංග‍්‍රීසි පුවත්පතකට ලියා කියා තිබුනේ මේ අයවැය ඉතාමත් ඉදිරිගාමී එකක් බවය. අනෙක් අතට ඉතිහාසයේ පළමු වතාවට අලියා ලකුනින් පාරලිමේන්තු ගොස් සිටින සමසමජයේ (බහුතර පිළ යැයි කියාගන්නා පුංචිම කණ්ඩායමේ) නායකයා රනිල්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන කිසිවක් ප‍්‍රසිද්ධියේ කියන්නේ කියන්නේ නැත්තේ ඬේවිඞ් මහතා ආකාරයේම ‘ඉදිරිගාමී‘ බවක් මේ අයවැයේ තිබෙන නිසා දැයි මා දන්නේ නැත. හම්බන්තොට වරායෙන් පටන් ගෙන රජයේ සම්පත් විකිනීම ගැන කිසිවක් ඒ ‘වාමාංෂිකයින්’ කථා කරන්නේ නැත්තේ එසේ රජයේ සම්පත් විකිනීමට එහෙිවීම පසුගාමී නිසා දැයි අපි දන්නේ නැත. මහ බැංකු කොල්ලය ගැන සුසිරිපාල සහෝදරයා වැනි පැරනි වෘත්තීය සමිති නායකයින් මතු කර ඇති අභියෝගයන් ගැන කිසිවක් ‘සමසමාජයේ බහුතර කණ්ඩායම’ කියන්නේ නැත්තේ ඒ කථා සුලූතරයකගේ මතවාද නිසාදැයි දැනගත හැකි ක‍්‍රමයක් ද නැත.

රනිල්ගේ ආණ්ඩුව කියන්නේම රාජ්‍යය හැකි තරම් දිය කරන බවත් වෙලදපොළ හැකිතරම් ශක්තිමත් කරන බවත් ය. සුභසාධන ආර්ථිකය හා සහනාධාර මත ගෙඩ නැගී ඇති සෙසු ක්ෂේත‍්‍ර අහෝසි කරන බවත්ය. දැනටමත් පොහොර සහනාධාරය වැනි දේවල් වලට කප්පාදු කර අවසන් කර ඇත්තේ මේ නිසාය. එජාපයේ ආර්ථික ප‍්‍රතිපත්තිය තනිකරම එල්ලකර තිබෙන්නේ සුභසාධන ආර්ථිකය නිමා කරමින් වෙළදපොල මගින් හසුරුවන ආර්ථිකයක් බවට රට පත් කිරීමය. රාජ්‍යය හැකිලවීමේ හා වෙළදපොලට සියල්ල යට කිරීමේ එජාපයේ මේ දේශපාලනය මාක්ස් කියු ආකාරයේ රාජ්‍යය දියකර හැරීමක් මේ ‘කොළපාට වමෙන්’ ඇසෙන දිනය වැඩි ඈතක නොවන බව මගේ හැගීමය.

චරිත හේරත්
[Ravaya]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions