- ආචාර්ය නාලක ගොඩහේවා -
පසුගිය සතියේ කාගේත් අවධානයට ලක්වූ ප්‍රවෘතියක් වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණයට නීතිපති අවසරය ලැබී ඇති බවයි. මෙම ප්‍රවෘතියත් සමග බොහෝ දෙනෙකු කැලබීමට පත්වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමේ ප්‍රයත්නය හෙලා දකිමින් විවිධ දේශපාලනඥයින්, වෘතිකයින් හා පූජක තුමන්ලා අදහස් දක්වනවා දකින්නට ලැබුනි.
මේ තත්වය තුල බැඳුම්කර කොමිසම හමුවේ දැඩි ලෙස මහජන අප්‍රසාදයට ලක්වෙමින් සිටි රජයේ ප්‍රධානීන්ට ජනතා අවධානය වෙනතකට යොමුවීමේ වාසිය උපරිම වශයෙන් ලැබුන බව පෙනී ගිය නිසා හදිසියෙම ගෝඨාභය රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීමේ ප්‍රවණතාවක් ජනගත කලේ රජයේ මාධ්‍ය හසුරවන්නන් විසින්මද කියා සැකයක්ද මතුවිය.
ඒ කෙසේ වෙතත් සතිය අවසන් වූයේ රජයට හිතකර නොවන ප්‍රවෘතියකිනි. ඒ ගොඨාභය රාජපක්ෂ මහතා පොදු දෙපල පනත යටතේ අත් අඩංගුවට ගැනීම තාවකාලිකව වලකමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව නිසාය. මේ තීන්දුව තුලින් රටට වැදගත් පනිවිඩයක් දීමේ අවස්ථාව දැන් විපක්ෂයට උදා වී ඇත.
නීතිය රටක සියලු පුරවැසියන් විසින් ගරු කල යුතුය. නමුත් ඒ නීතිය සැමට සමාන හා සාධාරණය යන උපකල්පනය යටතේය. නීතියේ සාධාරණත්වය තහවුරු කිරීමෙ වගකීම තිබෙන්නේ අධිකරණයට පමනක් නොවේ. නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවටත් නීති ක්‍රියාත්මක කරණ රජයටත් එහි වගකීම ඇත. රජයකින් ජනතාව බලාපොරොත්තු වන්නේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමයි. එහෙත් රජය නීතිය අවභාවිත කරමින් දඩ බල්ලෙකු ලෙස හැසිරෙන්නට පටන් ගත්හොත් පුරවැසියන් පතන්නේ කාගේ පිලිසරණද ?
ගෝඨාභය රාජපක්ෂමහතාගේ නීතිඥයින් අභියාචනාධිකරණයට යාම හෙලාදකින්නට රජයේ හිත්වතුන් මතුකලේ "වරදක් කර නැත්නම් නීතියට බය ඇයි ? " යන ඔවුන්ගේ සුපුරුදු තර්කයයි. මෙය වත්මන් දේශපාලන වාතාවරණය ගැන ගැඹුරු අවබෝධයක් නැති පුද්ගලයෙකුට පමනක් ඉදිරිපත් කල හැකි තර්කයකි. මන්ද පසුගිය කාලයේ රජය ක්‍රියාකල ආකාරය දෙස බලන විට නීතිය නිවැරදිව හසුරවනු ලබනවාද යන්න පිලිබඳ විශාල සැකයක් මතුන බැවිනි.
තමුන්ගේ නීත්‍යානුකූල භාවය දැනට වසර 3 කට ආසන්න කාලයක් පුරා උසාවියේ අභියෝගයට ලක්ව ඇති පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශය (FCID ) නීතිපති උපදෙස් පතා තිබුනේ ඩී ඒ රාජපක්ෂ අනුස්මාරකය ඉදිකිරීම සඳහා පහත් බිම් සංවර්ධන අධිකාරියට කොන්ත්‍රාත් ලබාදීමේදී පොදු දෙපල අපහරණය කලාය යන චෝදනාව යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 7 දෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමටය. ඒ සඳහා නීතිපති දෙපාර්තුමේන්තුව අනුමැතිය දී තිබුනි. ගෝඨාභය රාජපක්ෂ මහතා උසාවි ගියේ මෙම කාරණය පොදු දේපල පනතට අදාල නොවන බව කියමින් එම සැලසුම්සහගත අත් අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලමිනි.
උසාවිය මෙම ඉල්ලීමට අනුමැතිය දුන්න පමනක් නොව බැලූ බැල්මට මෙම සිද්ධියේ චූදිතයන්ගේ පැත්තෙන් කිසිදු වංක චේතනාවක් හෝ අපහරණයක් අධිකරණයට නොපෙනෙන බවද පවසා ඇත.
මින් ගම්‍ය වන්නේ කුමක්ද. කුමන්ත්‍රණය ඇත්තෙන්ම සිදු කොට ඇත්තේ ( නීත්‍යානුකූල භාවය උසාවියේ අභියෝගයට ලක්ව ඇති ) පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශය (FCID )බවයි.
පසුගිය කාලය පුරාවටම රජයට දේශපාලන පලිගැනීම් කිරීමට අවශ්‍ය පුද්ගලයින් රැසක් අත් අඩංගුවට ගෙන ඇප නොදී මාස ගනන් රඳවා ගැනීම සඳහා රජය අවභාවිතා කලේ මේ පොදු දේපල පනතයි. ඔවුන් පොදු දේපල පනත යටතේ පුද්ගලයින් අත් අඩංගුවට ගන්නේ මහෙස්ත්‍රාත් උසාවිය පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට පත්වූවෙකුට විශේෂ හේතුවක් මත මිස ඇප දීමට නොහැකි බව හොඳින්ම දන්නා නිසාය. අත්ඩංගුවට පත්වූ තැනැත්තා මහාධිකරණයට ගොස් ඇප ලබා ගැනීමට මාසයකට පමන කල් ගතවෙයි. මේ කාලය තුල තම දේශපාලන ප්‍රතිවාදියා සිරගත කිරීමේ ප්‍රීතිය බුක්ති විඳීමටත් මාධ්‍ය සංදර්ශන පවත්මින් ඔහුගේ චරිතය ඝාතනය කිරීමටත් රජයේ දේශපාලනඥයින්ට අවස්ථාව සකසා දීම පොලීසියේ අදාල මහත්වරුන්ගේ කාර්ය භාරයයි.
දේශපාලන ප්‍රතිවාදීන් දඩයමට පොදු දේපල පනත යොදාගැනීම සම්බන්ධයෙන් අද ලැබුන තීන්දුවෙන් යලිත් හෙලිවන්නේ ආන්ඩුවේ නිරුවතයි. නීතිය නැමීමටත් යම් සීමාවන් ඇති බව ඉන් ඔප්පු විය..
වත්මන් රජය වෙනස් වූ පසු පොදු දේපල පනත යටතේ දැමූ බොරු නඩු පිලිබඳව විශේෂ විමර්ෂණයක් කෙරෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඒවා පිටුපස සිටි සියලු දෙනා ගැනම සොයාබලා ඔවුන්ට විරුද්ධවද නීතිමය කටයුතු ආරම්බ කෙරෙන දවසක් මතු උදා වනු නිසැකය. දේශපාලනඥයින් පිනවීමට අයථා වැඩ කරන නෝනා මහත්වරුන් ගැන නම් වශයෙන් වාර්ථා ඇති අතර අනාගතයේ ඔවුන්ට උත්තර බඳින්නට සිදුවනු ඇති බව පසුගියදා ජී එල් පීරිස් මැතිතුමා ප්‍රවෘතී සාකච්ඡාවකදී ඉඟිකලේය.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ නීත්‍යානුකල භාවය අභියෝගයට පත්කරමින් පූජ්‍ය ඇල්ලේ ගුනවංස හිමියන් පැවරූ නඩුව ඇතුලු නඩු කිහිපයක් දැනට වසර 3 කට ආසන්න කාලයක් සාධාරණ හේතුවකින් තොරව දිගින් දිගටම ප්‍රමාද කෙරෙමින් තිබේ. දේශපාලන ප්‍රතිවාදීන්ගේ නඩු ඉක්මන් කරන්නට අලුතින් අධිකරන පිහිටුවන්නට පවා සැරසෙන රජය තමන්ගේ දඩයම් මන්දිරයේ නීත්‍යානුකූලබව අභියෝග කරමින් පුරවසියන් විසින් පවරා ඇති නඩු ඉක්මන් කොට එවා හැකිනම් සධාරණීකරණය නොකරන්නේ මන්ද යන්න ප්‍රශ්ණය ජනතාවට මතක් කොට දීම ස්වාධීන මාධ්‍යවේදීන්ගේද යුතුකමකි.
එක්සත් ජාතික පක්ෂය විසින් 2017 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කල ' මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය" යන ප්‍රතිපත්ථි ප්‍රකාශණයේ( දැන් මාස 30 ක් ඉවරයි ) 12 වන පිටුවේ මෙසේ කියා ඇත
' මුල්‍ය අපරාධ විමර්ෂන අංශය පනතකින් නීතිගත කර එය වඩාත් ශක්තිමත් කරමු '
ඒ අනුව මුල්‍ය අපරාධ විමර්ෂන අංශය (FCID) නීත්‍යානුකූල නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ථි ප්‍රකාශනයම පිලිගෙන ඇත. කට බොරු කීවත් දිව බොරු නොකියයි කියන්නේ මෙයටය.
ගෝටාභය රාජපක්ෂට එරෙහි පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශයෙන් , කෙරෙන පරීක්ෂණයට සම්බන්ධව පොදුවේ දන්නා කරුණු කිහිපයක් විමසා බලමු. පාට කන්නාඩි දමාගෙන මෙය කියවීමෙන් පලක් නැත. විවෘත මනසකින් කරුණු විමසීමෙන් පමනක් සත්‍යය අවබෝධ කරගත හැක.
මහාධිකරණයේ ඉදිරිපත් වූ කරුණු අනුව ඩී ඒ රාජපක්ෂ පදනම පහත්බිම් සංවර්ධන මන්ඩලය සමග 2014 පෙබරවාරි වල ස්මාරකයක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුවකට එළබ ඇත. පහත්බිම් සංවර්ධන මන්ඩලයේ 2014 පෙබරවාරි 26දා පැවති අධ්‍යක්ෂක මන්ඩල වර්ථාව අනුව ඒ සඳහා ඇස්තමේන්තු කල මුදල රුපියල් මිලියන 33 කි.
2015 අගෝස්තු 25දා පහත්බිම් සංවර්ධන මන්ඩලය ඩී ඒ රාජපක්ෂ පදනමට ලිපියක් යවමින් අවසන් ඇස්තමේන්තුව එවන තෙක් රුපියල් මිලියන 25 ක් ගෙවන ලෙස දන්වා ඇත. ආයතන දෙක අතර කොන්ත්‍රාත් එකඟතාවක් තුබුන බව මින් තහවුරුවේ.
ඉන් සතියක් ඇතුලත 2015 අගෝස්තු 31 ඩී ඒ රාජපක්ෂ පදනම මෙම මුදල පහත්බිම් සංවර්ධන මන්ඩලයට ගෙවා ඇත.
මීට අමතරව තවත් රුපියල් 8,944,741.60 ක් ඩී ඒ රාජපක්ෂ පදනම මෙම මුදල පහත්බිම් සංවර්ධන මන්ඩලයට ගෙවූ බවට වාර්ථා ඇති නිසා මෙ වන විට ඇස්තමේන්තු කල රුපියල් මිලියන 33ටත් වඩා රුපියල් මිලියන 3.94 ක් පදනම විසින් පහත්බිම් සංවර්ධන මන්ඩලයට ගෙවා තිබුනි.
අප කවුරුත් දන්නා පරිදි 2015 අගෝස්තු මස පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුනු අතර ඉන්පසු පහත්බිම් සංවර්ධන මන්ඩලය අලුත් ඇමතිවරයෙකු යටතට පත්වෙයි.
කතාව වෙනතකට යන්නට පටන් ගන්නේ ඉන් පසුවය.
නව පාලනය යටතේ පහත්බිම් සංවර්ධන මන්ඩලය මෙම කොන්ත්‍රාත්තුව සඳහා වැයවූ මුදල රුපියල් 81, 313,374 ක් බව ඩී ඒ රාජපක්ෂ පදනමට දන්වා ඇත.
මෙය ඩී ඒ රාජපක්ෂ පදනම කිසිසේත්ම බලාපරොත්තු නොවූ ඉහල මිලකි. ඉදිකිරීම් කරයුත්තකට කොන්ත්‍රාතුවක් බාරදුන් විට වැඩ අවසන් වන විට අවසන් මිල ඇස්තමේන්තුවට වඩා 10% ක් පමන ඉහලයාම අපෙක්ෂාකල හැකි වුවද ඇස්තමේන්තු කල අගය මෙන් තුන් ගුණයක් වියදම් වූවායයි පිලිගන්නට සූදානම් කවුද ? ඒ අනුව ඩී ඒ රාජපක්ෂ පදනම මෙම බිල්පත අභියෝගයට ලක් කර ඇත. මෙයද සාමාන්‍යයෙන් ඉදිකිරීම් ක්ශෙස්ත්‍රයේ සුලබව සිදුවන්නකි.
පහත්බිම් සංවර්ධන මන්ඩලය කරන්නේ 2016 ජූනි මස රුපියල් 56,313,374.14 නොගෙව්වොත් නඩු පවරන බව කියා ඩී ඒ රාජපක්ෂ පදනමට ලිපියක් යැවීමයි. ඔවුන්ට ඉහත කී රුපියල් 8,944,741.60 ගෙවීම සම්පූරණයෙන්ම අමතක වී ඇති බව පෙනේ. රුපියල් මිලියන 25 ගෙවීම පමනක් සලකා තිබුනි.
මේ අනුව මේ ඇත්තේ පැහැදිවම කොන්ත්‍රාත්කරුවෙකු හා සේවාදායකයා අතර ඇති සිවිල් ආරාවුලකි. සිවිල් නඩුවකි. කවුරු හරිද වැරදිද යන්න තීරණය කිරීම සිවිල් නඩුවක් පැවරුවහොත් අධිකරණය විසින් කරනු ඇත.
සිවිල් නඩුවකදී චූදිතයින් ඇප නැතුව සිරගත කරනු නොලැබේ.
නමුත් ඒ වෙනුවට කාගේ හෝ උවමනාවට ( කවුද කියා ඔබට සැක කල හැක ) මෙයට පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශය පැටලවුනි. ඔවුන් එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්ව සිටි ගෝටාභය රාජපක්ෂ මහතා මෙයට පටලවා ගත්හ. ඒ සුපුරුදු පරිදි මහේස්ත්‍රාත් උසාවියට ඇප දිය නොහැකි පොදු දේපල පනත යටතේය. ඒ අතර රජයේ දේශපාලනඥ්ඥයෝ සහ ඔවුන්ට සහායවන වෙබ් අඩවි , මුහුනුපොත් ක්‍රියාකාරිකයෝ ගෝඨාභය රාජපක්ෂ මහජන මුදලින් තම පියාට ස්මාරකයක් සෑදවීය කියා මතයක් ජනගත කල අතර තවමත් ඉතුරුවී සිටින ලැම්බොගිනිකාර්/රත්තරන් අශ්වයන්/රොකට්/ඩුබයි ගිනුම් රසිකයෝ මෙම පුවත රසකොට වැළඳූහ
පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ අංශය විසින් සුපුරුදු පරිදි මහේස්ත්‍රාත් උසාවියේ ගොනුකල බී වාර්තාවකට අනුව ගෝඨබය රාජපක්ෂ අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂන කරන්නට නීතිපති අවසරද ලැබුනි.
නමුත් රජයේ කරුමයට ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගන්නට පෙර ඔහුගේ නීතිඥයෝ අභියාචනාධිකරණයට ගොස් කරුණු ඉදිරිපත් කලහ. පොදු දේපල අපහරණයක් මෙහි සිදුවී නැති නිසා පොදු දේපල පනත යටතේගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම වලකන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. මෙය පොදු දේපල ගනයට වැටෙන අපරාධ නඩුවක් නොව සිවිල් නඩුවක් බවට විත්තියේ නීතීඥ්ඥයින් ඉදිරිපත් කල මතයට එකඟ වූ අභියාචනාධිකරණය බැලූ බැල්මට මෙහි වංක චේතනාවක් හෝ අපහරණයක් ඇති බවක් නොපෙනෙනෙන බවද ප්‍රකාශ කලේය.
නමුත් පසුගිය වසර 3 ක කාලය තුල අභියාචනාධිකරණයට නිසි වෙලාවට යාමට නොහැකිවූ නිසා පොදු දේපල පනත යටතේ අත් අඩංගුවට පත්ව ඇප නැතිව සිරගතව සිටි විශාල පිරිස මතක් කර බලන්න. ඔවුන්ට වූ අපහාසයට , මානසික වේදනාවන්ට, නඩු වියදම් වලට වන්දි ගෙවන්නේ කවුද ? ඔවුන්ගෙන් සමහරකුට දේශපාලනිකව ඔබ අකමැති වන්නට පුලුවන. එහෙත් නීතිය සැමට සාධාරණ විය යුතු නොවේද ?
රටට ආදරය කරණ , අවංකවම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරණ, සැබෑ යහපාලනය අපේක්ෂා කරනා , පාට කන්නාඩි නොපලඳින අය කල්පනා කල යුත්තේ රජයක් විසින් මෙසේ නීතිය අවනීතිය කිරීමින් දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීම තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් ලෙස ඔබ අනුමත කරනවාද යන්නයි. එසේ නොකරන්නේ නම් රජයේ මෙම මර්ධනකාරී ක්‍රියාපිලිවෙතට දේශපාලන පක්ෂ බෙදයකින් තොරව විරෝදය පලකිරීමට අවස්ථාවක් නුදුරේ එළබෙන ප්‍රාදෙශීය සබා චන්දයේදි ලැබෙනු ඇත. චන්ද මග හරින ආන්ඩුවක් යටතේ කලාතුරකින් ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම දූරදර්ශී පුරවැසියෙකුගේ වගකීමයි.
( මව්බිම )
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .