7/18/2019

ඉඩම් ඔප්පු තෑගි දීමේ දේශද්‍රෝහී අරමුණ...

කතෘ:යුතුකම     7/18/2019   No comments
-රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

මැතිවරණ 3 ක් අත ළඟ පැමිණ තිබිය දී (ජනාධිපතිවරණය, පළාත් සභා සහ මහ මැතිවරණය) වර්තමාන රජය ලක්වැසි ජනතාව කෙරේ පෙර නොතිබූ ඉමහත් පහන් සංවේගයක් ඇති කරගෙන වහ වහා රාජ්‍ය සේවකයන්ගේ පඩි 2,500 කින් වැඩිකිරීමට සහ ලක්ෂ 11 ක පමණ ජනතාවට තමන් සතු ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු කරමින් සිටී.

මේ ආණ්ඩුව 2015 දී බලයට පැමිණියේද රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 වැටුප් වර්ධකයක් දෙන පොරොන්දුව මතිනි. රුපියල් 10,000 කට තම ඡුන්දය ලබා දුන් ජනතාව එම ක‍්‍රියාවේ විපාක දැන් අත්විඳිමින් සිටී. ඒ නිසා ඔවුන් නැවතත් රුපියල් 2,500 කට තම ආත්මය අලෙවි නොකරනු ඇතැයි විශ්වාස කෙරේ. රජයකට පඩි වැඩි කළ හැක්කේ නිෂ්පාදනය වැඩි කොට ආදායම වර්ධනය කළ හොත් පමණි. ලෝකයට ඩොලර් කෝටි ගණනින් ණය වී, ආර්ථික වර්ධන වේගය 3 % ටත් වඩා පහළ අගයකට වැටී තිබියදී, ලංකාවේ විදේශ ආයෝජනයට ඉතා අනතුරුදායක රටක් බවට වර්ගීකරණය කොට ලෝකයේ දූෂිතම රටවල් 4 න් එකක් ලෙස නම් කර තිබියදී මෙසේ ලහි ලහියේ පඩි වැඩි කොට ඉඩම් ඔප්පු ලබා දෙන්නේ කුමන හේතුවකට දැයි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට වැටහිය යුතු කරුණකි. තමා සතු සර්වජන ඡුන්ද බලය බුද්ධිමත්ව පාවිච්චි නොකර රට අගාධයට පත් වුවහොත් එම තත්ත්වයට තමාද වගකිව යුතු බව අප සැම දැනගත යුතුය.

ලක්ෂ 11 ක පමණ ජනතාවට කඩිමුඩියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙන්නේ ඇයිද යන්න අප බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. සෑම අතටම ණය වී සිටින දුප්පත් ගොවියෙකුට හෝ ඕනෑම කෙනෙකුට මෙතෙක් බලපත‍්‍රයක් පමණ තිබූ තම ඉඩමට ඔප්පුවක් ලැබුණහොත් එය සංවර්ධනය කිරීම සඳහා බැංකුවකින් ණයක් ලබාගත හැකිවේ. තවද එය කොටස් වලට බෙදා දූ දරුවන්ට ලබාදිය හැකිවේ. ඒ වගේම ඉතා ලෙහෙසියෙන් එම ඉඩම ඕනෑම කෙනෙකුට, විදේශිකයෙකුට පවා විකිණීමට හැක. ප‍්‍රශ්නය තිබෙන්නේ එතැනය.

නමුත් මෙම ඉඩම් ඔප්පු ලබා දීම තුළ සැඟවී තිබෙන දේශද්‍රෝහී, දුෂ්ට අරමුණ කුමක්දැයි යන්න පිළිබඳව තවම ජනතාව නිසි ලෙස දැනුවත් වී නොමැත. එමගින් ඉදිරියේ ඉතාමත් අවාසි සහගත තත්ත්වයක් මතුවිය හැක. ගියවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ සියල්ලන්ම යොදා ගත්තේ ”දූෂිත රජය ගන්නා හරිමු” යන පාඨය ය. ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ අධිවේගී මාර්ග කන්නද කියාය. එසේම එයට වියදම් කරන මුදල යොදා එම පාරවල් රත්තරනින් ආලේප කළ හැකි බවය. නමුත් එසේ පැවසූ ජනතා විමුක්ති පෙරමුණට අද එම අධිවේගී මාර්ග රත්තරන් නොව ප‍්‍රීමික්ස් දමාවත් ඒ ගණනකට කළ නොහැකි බව වැටහී හමාරය. අද මේ රජය අධිවේගී මාර්ග සෑදීමට යොදා ගන්නා මුදල, එදා මෙන් සිව් ගුණයකටත් වඩා වැඩිය. රුපියල් මිලියන 200 කින් පමණ නිම කළ හැකි, මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ගයේ ඉදිකරන සංඥා කණු 4 ට, රුපියල් මිලියන 2,200 ක මුදලක් වැය කරන බව සියල්ලෝම දනිති. ජනතා විමුක්ති පෙරමුණ එයට විරුද්ධව වචනයක් හෝ නොදෙඞීම ඔවුන් රතු අලි පැටියෙක්ය යන්න තවදුරටත් සනාථ වීමක් නොවේද? ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ පසුගිය රජයට විරුද්ධව ගෙන ගිය එම ”දූෂිත පාලන” චෝදනා කිසිවකට නිසි පිළිතුරු නොදීම එම රජය බලයෙන් පහ වීමට ප‍්‍රධාන හේතුවක් විය. මේ රජය බලයට පත්වී වසර 4 ක් ගතවී තවමත් ඒ කිසිදු චෝදනාවක් සනාථ කිරීමට නොහැකි වී ඇත. ඒ අයුරින් බලන කල මෙම ඉඩම් ඔප්පු ප‍්‍රශ්නයටද ඒකාබද්ධ විපක්ෂය මීට වඩා උනන්දුවෙන් ජනතාව දැනුවත් කිරීම සිදු කළ යුතුවේ. මන්ද, ලක්ෂ 11 ක ජනතාවට ඉඩම් ඔප්පු ලබා දී රැවටීමෙන් විශාල ඡුන්ද සංඛ්‍යාවක් වර්තමාන රජයට වංචනිකව ලබා ගැනීමට ඉඩ තිබෙන නිසාය.

ඉතා කෙටියෙන් පවසතොත් රජය මෙම බලපත‍්‍ර ඉඩම් හිමියන්ට වහ වහා ලබා දීමට සැරසෙන්නේ ඇමරිකානු ඵ.ක්‍.ක්‍. සමාගම සමග ඇති කර ගත් ගිවිසුමට අනුව යෝජිත ආර්ථික කොරිඩෝවට අයත් වන ඉඩම් සියල්ල විදේශීය සමාගම් වලට මිලදී ගැනීමට මාර්ගය විවෘත කර දීමටය. අප මීට පෙරද දැනුවත් කර ඇති පරිදි ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම සමග ඇතිකර ගන්නා ගිවිසුමට අනුව අදාළ ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර හෙක්ටයාර් ලක්ෂ 12 ක් අයත් වේ. එම ඇමරිකානු සමාගම රජයට නිර්දේශ කර ඇත්තේ එම ඉඩම් තීරය දැනට ඹබ චරදවැජඑසඩැ හෙවත් ඵල රහිත ඉඩම් බවයි. එම ඔවුන්ට අනුව නම් කර ඇති ඵල රහිත තීරුවේ පාසල්, රෝහල්, අලිමංකඩවල්, රක්ෂිත වනාන්තර, ඛනිජ සම්පත් යනාදිය ඇති බව ජනතාව දැනගත යුතු වේ.

මෙම ඇමෙරිකානු සමාගම අප රටේ දරිද්‍රතාව තුරන් කිරීමට කරන ලද ඊනියා අධ්‍යයනයට අනුව රටේ සංවර්ධනය සඳහා තිබූ ප‍්‍රධානම බාධකය ලෙස හඳුනාගෙන ඇත්තේ ආයෝජන, කර්මාන්ත සඳහා ඉඩම් ලබා ගැනීමට තිබෙන බාධකයයි. එම බාධක ඉවත් කර අදාළ ඉඩම් විදේශීය සමාගම් සඳහා නිදහස් කළහොත් එහි කර්මාන්ත සහ වෙනත් පහසුකම් ස්ථාපිත කොට රට ශීඝ‍්‍රයෙන් ”සංවර්ධනය” කළ හැකි බව එම වාර්තාවේ සඳහන් වේ. එසේනම් ඇමෙරිකානු ගැති මේ රජය දැන් සිදු කරන්නේ එම ඉඩම් විදේශීය සමාගම් වලට මිලදී ගැනීම සඳහා නිදහස් කර ගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා ඔවුන් දැනට ඉඩම් පනත් 3 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, පළමු වැන්නෙන් එහි අඩංගු රජයේ ඉඩම් සියල්ල ඉඩම් බැංකුවට පවරාගනී. පසුව අදාළ ඇමැතිතුමාගේ අවසර පිට එම ඉඩම් ඕනෑම කෙනෙකුට මිලදී ගත හැක. දෙවැන්න වනුයේ ඉඩම් සීමා පනතින් කෙනෙකුට උපරිම තබාගත හැකි අක්කර 50 සීමාව ඉවත් කිරීමයි. එවිට විදේශීය සමාගම් වලට අක්කර දහස් ගණනක් වුවද මිලදී ගැනීමට පුළුවන. තෙවැන්න නම් බලපත‍්‍ර වලට ඔප්පු ලබා දීමයි. එහි වෙසෙන දුප්පත් මිනිසුන්ගේ බලපත‍්‍ර වලට එලෙස ඔප්පු දුනහොත් දහඅතේ ණය වී ඇති ඔවුන් පළමුවෙන්ම කරන්නේ තමන් සතු ඉඩම් විකුණා ගැනීමයි. ඒ සඳහා ඉඩමේ වටිනාකම මෙන් දෙගුණයක් මුදල් ගෙවීමට වුවද අදාළ සමාගම් සැදී පැහැදී සිටී. විකුණන්නෙ නැති ඉඩම් සඳහා විකල්ප ඉඩම් ලබාදී රජයට පවරාගෙන ඉඩම් බැංකුවට බැර කරයි. එවිට අදාළ ආර්ථික තීරුවේ සියලූම ඉඩම් විදෙස් සමාගම් වලට නතුවේ. එසේ නම් මේ රජය ලහි ලහියේ මෙසේ ඉඩම් ඔප්පු ලබා දීමේ රහස එයයි.

දැන් මේ ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම සමග අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා හෝ තමන්ට හිතුමතේ අත්සන් කිරීමට යන ගිවිසුම නීත්‍යනුකූලද? ජනාධිපති මෙය අත්සන් නොකරන බව කියයි. එසේනම් අගමැතිතුමාට තනි කැමැත්තෙන් මෙය අත්සන් කළ හැකිද? ඒ පිළිබඳව ජනතාව දැනුවත් වී සිටීම වැදගත් වේ.

අපේ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය, ඇමරිකාවේ මෙන් එකිනෙකට වෙන්ව පවතින ආයතන 3 කි. අපේ රටේ ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති අනුව එය එසේ බැව් සනාථ වේ. ඇමරිකාවේ මෙවන් ගිවිසුමක් අත්සන් කිරීමට ජනපති තුමාට සෙනෙට් මණ්ඩලයේ 2/3 ක අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය වේ. සෙනෙට් මණ්ඩලය සෑදී ඇත්තේ ඇමරිකාවේ සෑම ප‍්‍රාන්තයකින්ම නියෝජිතයන් දෙදෙනෙක් බැගින් පත් කරමිනි. එවිට මුළු ඇමරිකාවේම ජනතාවගේ 2/3 ක අනුමැතිය ලැබුනා සේ එය සැලකිය හැක. එසේනම් ලංකාවේ ද ගිවිසුම් සම්බන්ධයෙන් එය එසේ විය යුතුය. එනම් ජනාධිපතිතුමා (විධායකය මිස අගමැති නොවේ.) පාර්ලිමේන්තුවේ 2/3 කින් එය අනුමත කර ගත යුතුය. එසේ නොමැතිව අත්සන් කරන ගිවිසුම් කිසිවක් නීත්‍යනුකූල නොවේ.

ඉඩම් යනු ජනතාවට අයිති දේපළ මිස අගමැතිගේ පුද්ගලික බූදලය නොවේ. වසර 5 කට බලයට එන රජයක අගමැතිවරයෙක්ට වසර 200 කට බලපාන මෙවන් ගිවිසුමක් අත්සන් කිරීමට බලයක් නැති බැව් සියලූම දෙනා දන්නා කරුණකි.

එසේ කිරීමට නම් ජනතාවගේ වැඩි ඡන්දයෙන් පත්වුණු ජනාධිපති සහ ජනතාව විසින් පත් කළ නියෝජිතයන්ගේ 2/3 කගේ අනුමැතිය ලැබීම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියට අනුව ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කිරීමකි. එසේ නොමැතිව අත්සන් කරන ඕනෑම ගිවිසුමක් ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් වන්නේ එලෙසය.

දැන් මේ සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර සම්මුතීන් කුමක්දැයි විමසා බැලීම වටී. රටවල් දෙකක් අතර අත්සන් කරන ගිවිසුම් පාලනය වන්නේ 1969 දී ඇතිකරගත් වියානා සම්මුතියෙනි.

මේ අනුව වියානා සම්මුතියේ 46(1) න් පැවසෙන්නේ යම් රටක දේශීය නීතියක් උල්ලංඝනය කරමින් රටවල් දෙකක් අතර එළැඹෙන්නා වූ ගිවිසුමක් ක‍්‍රියාත්මක කිරීමට අදාළ රට බැඳී නොමැති බවයි. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විධායක සම්මතයකින් තොරව එළඹෙන ගිවිසුම් මගින් රටේ දේශීය නීතිය උල්ලංඝනය වන බැව් අප පෙන්වා දුන්නෙමු. ඒ අපේ රටේ ඒ අවස්ථාවේ 3,4 අනුවයි. මෙවන් ගිවිසුම් රාජ්‍ය නායකයන්ට හෝ ප‍්‍රාදේශීය අමාත්‍යවරුන්ට හෝ අත්සන් කිරීමට වියානා සම්මුතිය අවසර දී ඇතත් ඒ අවසරය ඔවුනට ලැබෙන්නේ නියම ක‍්‍රමවේදය අනුගමනය කරමින් (එනම් ජනාධිපති හා පාර්ලිමේන්තුව 2/3 ක අනුමැතියෙන්) ලබන බලය තුළිනි. එසේ නොමැතිව මොන නායකයෙක් හෝ මොන විදේශීය ඇමැතිවරයෙක් හෝ අත්සන් කළ නීති විරෝධී ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීමට අනාගත රජය බැඳී නොමැත.

මේ සම්බන්ධයෙන් දේශපේ‍්‍රමී ජනතාව හඬක් නැගීමට උත්සාහ කරන විට ඇමරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනිය පැවසුවේ අනාගත රජයවල් සියල්ල ඇමරිකාව යහපාලන රජය සමග අත්සන් කරන ගිවිසුම් ක‍්‍රියාත්මක කරනු දැකීම ඇමරිකාවට අවශ්‍ය බවය.

එය තමන්ගේ අතවැසි රටකට මෙන් කරනු ලබන උඩඟු ප‍්‍රකාශයකි. එවන් ප‍්‍රකාශයකට ඒ ආකල්පයෙන්ම ප‍්‍රතිචාර දැක්විය හැක්කේ කශේරුකාව ඇති සෘජු නායකයෙකුට පමණි. එවන් නායකයෙක් සිටින රටකට ඕනෑම බලගතු රටක් වුවද ගරු කරයි. අපේ නායකයෝ රටට අහිතකර SOFA ගිවිසුම ජනතාවගේ විරෝධය මැද්දේ වුවද ඇමෙරිකාව සමග අත්සන් කිරීමට සැරසේ. මාලදිවයින එය එක හෙළාම ප‍්‍රතික්ෂේප කර තිබේ. ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයක් වන ඉන්දියාවේ අගමැති වන නරේන්ද්‍රසිංහ මෝදි තමන් දෙවන වරට අගමැති ධුරයට පත්වූ පසු ප‍්‍රථමයෙන්ම නිල චාරිකාවක යෙදුණේ මාලදිවයිනටය. ඒ මාලදිවයිනට ඉන්දියාවේ ගරුත්වය පෙන්වීමටය. ඕනෑම බලගතු රටක් ඉතා කුඩා රටක වුවද වුවද ඍජු නායකත්වය ගරු කරන්නේ මෙලෙසිනි.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/12/2018

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

කතෘ:යුතුකම     9/12/2018   No comments
-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය බදාදා, ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් වර්තමාන පාලනයට විරුද්ධව කොළඹට ඇදී එද්දී, 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ අතර මාස 6 ක් තුළ විෂය භාර ඇමැති ඒ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විය යුතුය. ජවිපෙ ආණ්ඩුවේම කොටසක් බැවින් මාස 6 ක් තුළ නොව සති 2 ක් තුළ අදාළ ඇමැතිවරයා/වරිය ඒ පිළිබඳව කටයුතු කිරීමට ඉඩ තිබේ. ඉන්පසු එය කැබිනට් මණ්ඩලය අනුමැතියෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක. ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කළ යුතුයි, යන මුවාවෙන් හෙතෙම මෙම යෝජනාවට කාරක සභා අවස්ථාවේදී අනෙකුත් අනේකවිධ, එනම් ආණ්ඩුකාරවරයා මහඇමැතිගේ කැමැත්ත අනුව පත් කිරීම, සමගාමී ලැයිස්තුව අහෝසි කිරීම යනාදී සියලූම අගයන් එක්කොට තුනෙන් දෙකෙන් සම්මත කර ගැනීමට උත්සාහ කරනු ඇත. එසේ තුනෙන් දෙකෙන් සම්මත වුවහොත් ජනමත විචාරණයකින් තොරව රට ස්වාධීන පළාත් රාජ්‍යයන් 9 ට බෙදෙන අන්දම අප මීට පෙර මෙම පුවත්පත මගින්ම පෙන්වාදී ඇත. ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් මන්තී‍්‍රවරයා ළඟදීත් කියා සිටියේ ඔවුනට ‘‘ඒකීය’’ නම හෝ ‘‘ෆෙඩරල්’’ නම හෝ අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ පූර්ණ බලතල පමණක් බවත් ය. දැන් මේ සිදුවන්න යන්නේද එයයි. මෙම ලිපියෙන් ජනතාවට දන්වා සිටීමට අදහස් කරන්නේ වර්තමාන ජවිපෙ නායකයන් රට බෙදන නින්දිත කුමන්ත‍්‍රණයට දේශද්‍රෝහීන් ලෙස හවුල් වී ඇති අන්දමය. ඒ බව ජනතා විමුක්ති පාක්‍ෂිකයන් ද නොදන්නා බවට කිසිදු සැකයක් නැත.

එදා ජනතා විමුක්ති පෙරමුණේ තරුණ තරුණියන් දහස් ගණනක් දිවි පි¥ ඉන්දියාව විසින් අප වෙත බලෙන් පැටවූ 13 වැනි සංශෝධනයට විරුද්ධවය. එම 13 වැනි සංශෝධනයෙන් අපේ රට යම්කිසි ආකාරයකින් පෙඩරල් වුවද, එය මුළුමනින්ම පෙඩරල් වීම වළක්වාලීමට යම් යම් බාධක ඇතුළත් කිරීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට හැකි වූයේද එම ජනතා විමුක්ති පෙරමුණේ බලවත් විරෝධය පෙන්වාලමින්ය. අද වර්තමාන ජ.වි.පෙ. පාලකයන් මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා කිරීමට යන්නේ ජේ. ආර්. ජයවර්ධන විසින් දමා ඇති එම ‘‘බාධක’’ ඉවත් කිරීමය. එවිට රට මුළුමනින්ම පෙඩරල් වීම වැළැක්විය නොහේ. එසේ නම් මෙම ජ.වි.පෙ. පාලකයන් අද කිරීමට යන්නේ එදා 13 ට විරුද්ධව තම වටිනා ජීවිත බිලිඳුන් දහස් ගණන් තරුණ / තරුණියන්ව නින්දිත අයුරින් පාවාදීම නොවේ ද? සැප්තැම්බර් 5 වැනිදා ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් රජයට විරුද්ධව කොළඹට ඇදෙන බවත්, එදින බොහෝවිට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ නොසිටින බව සමස්ත

ජනතාවගේම අවධානය එදින එම උද්ඝෝෂණ කි‍්‍රයාවලියට බවත් සියල්ලන්ම දැනසිටි කරුණකි. ජවිපෙ මෙම අතිශය සංවේදී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ද සැප්. 5 වැනිදාය.

වර්තමාන ජනපති බලයට පත් වූ විගස එනම් 2015 වර්ෂයේ පෙබරවාරි 10 වැනි දින, උතුරු පළාත් සභාවේ විග්නේශ්වරන් ප‍්‍රධාන ඇමැති විසින්, ඉතා කුප‍්‍රකට යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලදී. එහි අඩංගු කරුණු කිහිපයක් ඉතා සැකෙවින් මෙසේය.
  •   මෙතෙක් පැවැති සියලූම ලංකා රජයන් ඉතා සැලසුම් සහගත ලෙස දෙමළ ජනතාව සමූල ඝාතනයට ලක් කරමින් සිටී. 
  • සියලූම රජයන් දෙමළ ජනතාවගේ මානව හිමිකම් සැලසුම් සහගත ලෙස උල්ලංඝනය කරමින් සිටි අතර එහි කූටප‍්‍රාප්තිය වූයේ 2009 වර්ෂයේදීය. 
  • රජයේ අනුග‍්‍රහයෙන් දෙමළ ජනතාවට ලිංගික හිංසා සිදුවූ අතර සංස්කෘතිමය, භාෂාමය වශයෙන් ද ඔවුන්ට එරෙහිව විනාශකාරී ප‍්‍රතිපත්තීන් ගෙන යමින් තිබේ. 
  • දේශීය අධිකරණය කෙරේ කිසිදු විශ්වාසයක් නොමැති හෙයින් හමුදාව විසින් කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික යුද අධිකරණයට යොමු කළ යුතුය. 
  • එජා සංගමයේ මහලේකම්ගේ දරුස්මාන් වාර්තාවේ ද ගෝඨාභය රාජපක්‍ෂ සුදු වෑන්වලින් පැහැරගෙන යෑම සඳහන් කොට තිබේ. එවන් පැහැර ගෙන යෑම් සහ සරණාගත කඳවුරුවලදී ලංකා හමුදාව මගින් එහි සිටි කාන්තාවන්ට ලිංගික අපරාධ කර ඇති හෙයින් එයින් දෙමළ ජනතාව දැඩි මානසික පීඩනයට ලක්ව ඇත.  
  • මධ්‍යම පළාතේ දෙමළ කාන්තාවන්ව බලහත්කාරයෙන් වඳ භාවයට පත්කොට තිබේ. 2007 වර්ෂයේදී ද ඇමරිකානු තානාපති කාර්යාලය විසින් දෙමළ කාන්තාවන්ව බලහත්කාරයෙන් ගබ්සා කර ඇති බවට සඳහන් කොට තිබේ. උතුරේ හමුදා සාමාජිකයන් නිසා දෙමළ කාන්තාවන් නිරතුරුවම ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානමට ලක්ව තිබේ.
උතුරු පළාත් සභාව මෙම යෝජනාව අනුමත කරගත් පසු,

අද වනතුරු, වරින්වර දෙමළ ජනතාවට වන අසාධාරණය සහ හමුදා ආක‍්‍රමණයන්්/ යුද අපරාධ සම්බන්ධ යෝජනා සම්මත කර ගනිමින් සිටී. මෙම යෝජනා කිසිවක් රජය විසින් ප‍්‍රතික්‍ෂේප කොට නොමැත. පළාත් සභාවක් මගින් සම්මත කර ගන්නා යෝජනාවන්ට රජය නිල වශයෙන් ප‍්‍රතිචාර දක්වන්නේ නැත්නම්, එසේ නැත්නම් පාර්ලිමේන්තුවේ හෝ එයට විරුද්ධව මතයක් ප‍්‍රකාශ නොකරන්නේ නම් එය පිළිගත්තා සේ සැලකේ. එසේ නම් ඉහත සඳහන් සියලූම දෑ වර්තමාන රජය විසින් වක‍්‍රව නොව සෘජුව පිළිගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ සංගමයේ ආරක්‍ෂක මණ්ඩලය විසින් රටක කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය කරන කොන්දේසිවලින් එකක් වනුයේ එම පළාතේ ජීවත් වන ජනතාව, වසර ගණනක් තිස්සේ, නොකඩවා ලිංගික හා අනෙකුත් වධහිංසා, හිරිහැරවලට භාජනය වීමය. උතුරු පළාතේ විග්නේශ්වරන් එම කොන්දේසිය දැනටමත් සපුරා ඇත්තේ එසේය. එයට අපේ යහපාලන අඥාන පාලකයන් දායක වී ඇත්තේ මෙසේය.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, පෙර සඳහන් කළ පරිදි, 13 වැනි සංශෝධනයට අන්තර්ගතකොට ඇති ‘බාධක’ වලින් සමහරක් වනුයේ ජනපතිගේ විධායක බලය පාවිච්චි කරන ආණ්ඩුකාරවරයාගේ තනතුර සහ සමගාමී ලැයිස්තුවයි. උදාහරණයක් ලෙස උතුරේ මහඇමැති රටට ‘‘අහිතකර’ නීතියක් ගෙන ආවොත් ආණ්ඩුකාරවරයාට ‘‘ජනපති විධායක බලය’’ පාවිච්චි කරමි. එය හරවා හැරිය හැක. එසේ ම සමගාමී ලැයිස්තුවේ තිබෙන, පරිසරය, ඓතිහාසික නටබුන්, උසස් අධ්‍යාපනය, විවාහ/ උප්පැන්න යනාදී විෂයයන් 36 ක් සම්බන්ධයෙන් නීති සෑදීමට පළාත් සභාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුය. ජනපතිගේ විධායක බලය අහෝසි වුවහොත් ආණ්ඩුකාරවරයාට ප‍්‍රධාන ඇමැති අභිබවා යෑමට බලයක් නොලැබේ. තවද ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ තිබෙන්නේ ආණ්ඩුකාරවරයා ප‍්‍රධාන ඇමැතිගේ කැමැත්ත අනුව පත් කළ යුතු බවය. මේ කරුණු දෙක එසේ වුවහොත් උතුරේ ප‍්‍රධාන ඇමැතිවරයාට ලැබෙන ‘බලය’ කොපමණ දැයි ඔබට සිතා ගත හැකිය. උතුරේ විග්නේශ්වරන් ප‍්‍රධාන ඇමැති දැනටමත් උතුරේ බුදුපිළිම ඉවත් කළ යුතු යැයි කිලිනොච්චියේ පෙළපාලි යයි. නාගදීපයේ බුදුපිළිමය ඉදිකිරීමට තවමත් තහංචි පනවමින් සිටී. උතුරේ සිංහලයාට ජීවත් වීමේ අයිතියක් නැතැයි ප‍්‍රසිද්ධියේ කියයි. උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කළ යුතු යැයි දිනපතා මොරදෙයි. ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් මේ කිරීමට හදන්නේ එවන් වූ විග්නේශ්වරන්ට උතුරේ නීති සෑදීම සම්බන්ධයෙන් පූර්ණ බලතල ලබාදීමය. ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියේ අඩංගු අනෙක් වැදගත්ම නිර්දේශය නම් සමගාමී ලැයිස්තුව අහෝසි කිරීමය. එම කරුණු දෙක සම්බන්ධ බලය විග්නේශ්වරන්ට ලබා දුනහොත් උතුරේ සිදුවන්නේ කුමක්දැයි ජනතාවට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නොවේ.

ජවිපෙ ගෙන එන මෙම ව්‍යවස්ථා සංශෝධන පනතට කාරක සභා අවස්ථාවේදී පෙර කී, නොකී සංශෝධන ගණනාවක් එකතු වනු ඇත. ප‍්‍රාදේශීය සභා පනතේ කාන්තා නියෝජනය කියමින් ගෙන ආ යෝජනාව අවසානයේ පාර්ලිමේන්තුවේ සම්මත වනවිට මුලින් නොතිබූ යෝජනා 323 අඩංගුව තිබූ බැව් සියල්ලන්ම දනී. මෙම පනතට ද සිදුවන්නේ එයමය. එවිට රට බෙදන, බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් තෘප්තිමත් කරන,

‘‘ඒකීය’’ නාමය යටතේ රට මුළුමනින්ම පෙඩරල් කරන සංශෝධන ගණනාවක් සමග මෙම 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත තුනෙන් දෙකින් සම්මත කර ගැනීමට මොවුන් උත්සාහ කර ඇත. ජවිපෙ නායකයන් ජනතාවට කොලේ වසා එසේ කිරීමට තැත් කරන්නේ විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුය යන ‘‘ආකර්ෂණීය’ සටන් පාඨය ගෙන එසේ 2/3 න් එය සම්මත වූවා යැයි සිතමු. එවිට වන්නේ කුමක්ද?

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ විගස උතුරු පළාත් සභාව (උදාහරණයක් ලෙස) තමන්ට අවශ්‍ය ජාතිවාදී නීති සියල්ලක්ම සම්මත කරගනු ඇත. එසේ ම පොලිස් බලතල සහ ඉඩම් බලතල වැනි සංවේදී බලතල කි‍්‍රයාත්මක කරනට සැරසෙන විට අනිවාර්යයෙන් එයට දකුණේ විරෝධය හට ගෙන ඇත. ‘‘ඊළම ලබා ගැනීම සඳහා තමන්ගේම ජනතාව සහ නායකයන් මරා දැමූ ප‍්‍රභාකරන් ‘‘වීරයෙක්’ යැයි උදම් අනන විග්නේශ්වරන්ට හමුදා සාමාජිකයන් පිටතින් ජාතිවාදී කෝලාහලයක් වුවද ආරම්භ කිරීමට හැකියාවක් තිබේ. එවිට ලෝකයාට පෙන්වන්නේ තමන්ට පාර්ලිමේන්තුවෙන් ලබා දුන් ‘‘බලය’’ පාවිච්චි කිරීමට ‘‘සිංහල’’ ජනතාව එරෙහි වන බව සහ එයට එරෙහිව ‘‘දෙමළ’ ජනතාව ඝාතනය කරන බවය. එ.ජා.සංගමයේ ආරක්‍ෂක මණ්ඩලය මගින් රටක කොටසක් වෙනම රාජ්‍යයක් යනුවෙන් නම් කිරීමට අවශ්‍ය වන තවත් වැදගත් කොන්දේසියක් වනුයේ එම ජන කොට්ඨාසයට දී ඇති බලය පාවිච්චි කිරීමට ඉඩ නොදීමය. විග්නේශ්වරන් ඉතා සූක්‍ෂම ලෙස එම කොන්දේසිය සපුරා ගැනීමට යන්නේ එලෙසිනි. අපේ ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් එයට උඩගෙඩි දෙන්නේ මේ අයුරිනි.

වෙනම රාජ්‍යයක් හෙවත් ‘‘ඊළමක්’’ සඳහා වන අනෙකුත් කොන්දේසි නම් එම පළාතේ වෙනම ජන කොට්ඨාසයක් විසීමය. උතුරේ ජීවත් වූ සිංහල/ මුස්ලිම් ජනයා අමු අමුවේ ඝාතනය කොට පලවා හැර ජනවාර්ගික ශුද්ධයක් කළේ ප‍්‍රභාකරන්ය. ඉන්පසු එහි ජීවත් වූ සිංහල/මුස්ලිම් වැසියන්ට නැවත එහි පදිංචියට ඉඩ නොදෙන්නේ විග්නේශ්වරන් ය. උතුරේ 99.9% ක් දෙමළ ජනතාව පමණක් ජීවත් වන්නේය යන අවශ්‍යතාව ද බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් සපුරා ඇත්තේ එසේය.

එසේ නම් ජවිපෙ නායකයන් සහ වර්තමාන පාලකයන් එක්ව දියත් කරන්නා වූ මෙම දේශද්‍රෝහී කුමන්ත‍්‍රණය හමුවේ රටේ ජනතාව කළ යුත්තේ කුමක්ද? අප විසින් කළ යුත්තේ කෙසේ හෝ මෙම ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවේ 2/3 සම්මත වීම වැළැක්වීමය. දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ 69 ක් පමණ සිටී. එසේනම් තව මන්තී‍්‍රවරුන් 7 දෙනෙක් නොවරදවාම මෙයට විරුද්ධ නොවන බව අප තහවුරු කර ගත යුතුය. තමාගේ පළාතේ මන්තී‍්‍රවරයාට කරුණු පහදා ඔහුට මෙයට පක්‍ෂව ඡුන්්දය දීමෙන් වළක්වාලිය යුතුය. අද වන විට මූල්‍යමය අතින් ඉතාම ශක්තිසම්පන්න බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡුන්දය දෙන සෑම මන්තී‍්‍රවරයකුටම රුපියල් මිලියන 300 බැගින් (එනම් ඩොලර් මිලියන 2 බැගින්) දීමට සූදානම්ව සිටින බව ආරංචි මාර්ග පවසයි. වසරකට ඩොලර් මිලියන 400 ක ආදායමක් ඇති ඔවුනට එය ඉතා සුළු දෙයකි. එසේ නම් මෙම ව්‍යවස්ථාව සංශෝධනයට පක්‍ෂව ඡුන්දය දෙන සෑම මන්තී‍්‍රවරයෙක් ම මුදලට තම මාතෘභූමිය පාවා දෙන්නෙකි. ඔහුගේ බිරිඳ, දූ පුතුන් මවුපිය ඥාතීන් සියල්ලන්ම මාතෘභූමිය පාවා දුන් කෙනකුගේ ඥාතීන් බවට පත් වේ. කරුණු එසේ බැවින් එම ඥාතීන්ගේ ද යුතුකම සහ වගකීම වනුයේ තම මන්තී‍්‍ර ඥාතිවරයා එම නින්දිත කි‍්‍රයාවෙන් වළකාලීමය.

කවුරු කෙසේ රට බෙදීමට වෑයම් කළත් දේශපේ‍්‍රමී ජනතාව සහ රණවිරුවන් එය දිවි පුදා හෝ වළකාලනු ඇත. එම ව්‍යායාමයේ දේශද්‍රෝහීන් කවුරුන්දැයි ජනතාවට තේරුම් යනු ඇත. එවන් වූ දේශද්‍රෝහීන්ට සහ එම පරම්පරාවට ස්වභාවධර්මය විසින්ම දඬුවම් දෙනු ඇත. මන්ද රට ආරක්‍ෂා කිරීමට වසර දහස් ගණනක් තිස්සේ දිවි පිදූ වීරයන්ගේ අනුහසට ස්වභාවධර්මයා ද සවන් දෙන බැවිනි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

7/01/2018

මානව හිමිකම් කවුන්සලයෙන් ඇමෙරිකාව ඉවත් වීම ලංකාවට ගැලවීමක්‌ද ?

කතෘ:යුතුකම     7/01/2018   No comments
-රියර් අද්මිරාල් සරත් වීරසේකර
ඇමෙරිකා එක්‌සත් ජනපදය මානව හිමිකම් කවුන්සලයෙන් මීට දින කිහිපයකට මත්තෙන් ඉවත් විය. ඔවුන් ඉවත් වූයේද නිකම්ම නොවේ. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික්‌ පොම්පියෝ මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙම කවුන්සලයෙන් කරනුයේ මානව හිමිකම් කතා කිරීම නොව මානව හිමිකම් උල්ලංඝනය කරන්නවුන් ආරක්‌ෂා කිරීම බවයි. ජිනීවාහි ඇමෙරිකන් තානාපතිනිය නිකී හේලි පවසන්නේ මානව හිමිකම් කවුන්සලය යනු දේශපාලන අශූචි වළක්‌ බවයි. තවද එය තමන්ටම සංග්‍රහ කරන කුහක ආයතනයක්‌ බව කියා සිටින ඇය මානව හිමිකම් කවුන්සලය යනු මානව හිමිකම් හාස්‍යයට ලක්‌කරන තැනක්‌ බවද පවසන්නීය. තවද ඇමෙරිකාවේ එම ක්‍රියාවට සහාය දක්‌වන රටවල්ද කියා සිටින්නේ මානව හිමිකම් කවුන්සලෙහි රටවල් 47 අතර මානව හිsමිකම් දැඩි ලෙස උල්ලංඝනය කරන සෞදි අරාබිය, ඊජිප්තුව වෙනිසියුලාව, පිලිපීනය වැනි රටවල් සිටීම නරියන්ට කුකුල්ලු බාරදීමක්‌ වැනි නිසා ඔවුන්ටද කවුන්සලය ගැන කිසිම විශ්වාසයක්‌ නැති බවත් එය කිසිම වැඩක්‌ නොකරන කයිවාරු පොළක්‌ පමණක්‌ බවයි.

අද අපට එරෙහිව තිබෙන 30/1 ජිනීවා යෝජනාව එදා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළේ අද එම කවුන්සලය අශූචි වළක්‌ යෑයි පවසමින් ඉන් ඉවතට ගිය ඇමෙරිකාවයි. වර්ෂ 2014 දී අපේ රටේ යුද අපරාධ සිදුවූවා දැයි පරීක්‌ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්‌ ජනරාල්වරයාට බලය දෙමින් අනුමත කරන ලද යෝජනාවක්‌ ද ඉදිරිපත් කළේ ඇමෙරිකාවයි. එයට රටවල් 28 ක්‌ පක්‌ෂව ඡන්දය දුන් අතර රටවල් 12 ක්‌ එයට විපක්‌ෂවද රටවල් 12 ක්‌ ඡන්දය දීමෙන් වැළකී ද සිටියහ. රටවල් 24 ක්‌ එම යෝජනාවට පක්‌ෂව නොදුන් තත්ත්වයක්‌ තුළ වුවද එය අනුමත වූයේ ඇමෙරිකාවේ ඕනෑකම මතයි. අපේ රටේ හමුදාවත් යුද අපරාධ කළා යෑයි අඩංගු ඉතාම සාවද්‍ය පරස්‌පර විරෝධී වාර්තාව කවුන්සලයට ඉදිරිපත් වූයේ ඉහතකී යෝජනාවට අනුවය. අපේ හමුදාවන් විසින් කිසිසේත්ම නොකරන ලද එම යුද අපරාධ කිසිම විමර්ශනයකින් තොරව අගය කරමින් පිළිගත්තේ වර්තමාන රජයේ එවකට සිටි විදේශ ඇමැතිවරයාය. ඉන්පසු ඇමෙරිකාව විසින් එම යුද අපරාධ වාර්තාව මත සකස්‌ කරන ලද 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදුන්නේද එකී විදේශ ඇමැතිවරයාමය. අපේ රට සහ යුද්ධය ජයග්‍රහණය කරන ලද යුද සහ දේශපාලන නායකත්වය අන්තර් ජාතික යුද අපරාධ අධිකරණයට ගෙන යා හැකි ප්‍රතිපාදන තිබෙන එම යෝජනාව මානව හිමිකම් කවුන්සලයෙහි කිසිම විවාදයකට භාජනය නොකොට කිසිම ඡන්දයක්‌ නොතබා ඉන් අනුමත කරනු ලැබුවේ වර්තමාන රජය විසින් කරන ලද එම දුෂ්ට පාවාදීම නිසාය. මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ඉහත සඳහන් ලෙස අපට එරෙහිවූ එම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වූයේ ජනාධිපතිවරයාගේ හෝ කැබිනට්‌ මණ්‌ඩලයේ හෝ ලිත අනුමැතියකින් තොරවය. (එම කරුණ මත කිසිදු බලයක්‌ නොමැති පුද්ගලයකුගේ තීරණයක්‌ නිසා මුළු රටේම ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ලෝක ප්‍රකට යුද විශේෂඥයෙකු වූ ශ්‍රීමත් ජෆේරි නයිස්‌ විසින් අනුමත කරන ලද පෙත්සමක්‌ අප විසින් පසුගිය මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන ලදී).

වර්තමාන රජයට රණවිරුවන් ඉහත ආකාරයට පාවාදීමේ මහා පාප කර්මයෙන් මඳක්‌ හෝ මිදීමට නම් එක්‌ මාර්ගයක්‌ දැන් විවෘතව තිබේ. එනම් ඇමෙරිකාව ජිනීවා කවුන්සලයෙන් ඉවත් වීමට ගත් තීරණයේ වාසිය ලබාගෙන ඇමෙරිකාව විසින් ඉදිරිපත් කළ 30/1 යෝජනාවේ අනුග්‍රහකත්වයෙන් ඉවත්වීමයි. එසේ ඉවත් වුවහොත් එහි සඳහන් කිසිම නිර්දේශයක්‌ ක්‍රියාත්මත කිරීමට අප බැඳී නොසිටී. අද අපට එහි සියලුම නිර්දේශ කිරීමට සිදුවී ඇත්තේ එයට සම අනුග්‍රාහකත්වය දැක්‌වූ හේතුවෙනි. එසේ නම් රටට අංශු මාත්‍රයක්‌ හෝ ආදරයක්‌ ඇතිව වර්තමාන පාලකයෝ එසේ ක්‍රියා කරත්දැයි ජනතාව බලා සිටී.

දැන් අපරාධ සම්බන්ධ අෙන්‍යාන්‍ය සහාය සම්බන්ධ 2002 අංක 25 දරණ පනතට සංශෝධන ආදේශ කරමින් වර්තමාන රජය කර ඇත්තේ රණවිරුවා පාවාදෙන ව්‍යාපෘතිය නමැති මිනී පෙට්‌ටියේ අන්තිම ඇණය ගැසීමයි. මෙම රජය බලයට පත්වූ පසු උක්‌ත 30/1 යෝජනාවට අනුව අතුරුදන්වීමේ කාර්යාල පනත සම්මත කොට එම කාර්යාලය විවෘත කරන ලදී. අප මීට පෙර විස්‌තරාත්මකව පෙන්වා දී ඇති පරිදි එම කාර්යාලය මගින් තමන්ට අවශ්‍ය හඳුනාගත් හමුදා පුද්ගලයකුට විරුද්ධව බොරු සාක්‌ෂි ඇතුළත් යුද අපරාධ ලිපි ගොනුව සැකසිය හැක. ඒ අනුව එම චූදිතයා විදේශ රටකට ගියහොත් ඒ රට සර්ව ලෝක අධිකරණ බලයට යටත් රටක්‌ නම් තම රටේ යුද අපරාධ කළායෑයි සැක කරන පුද්ගලයෙක්‌ සිටී නම් ඔහුව අත්අඩංගුවට ගැනීමේ බලයක්‌ තිබෙන බැවින් එසේ කළ හැකිවේ.

එසේම ඊට පසු 30/1 යෝජනාවේම තිබෙන පරිදි බලාත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කොට (මෙම ප්‍රඥප්තිය බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කැනඩාව, සහ ආසියාවේ කිසිම රටක්‌ බලාත්මක කර නොමැත) පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කරමින් බලාත්මක කරන ලදී. එම ප්‍රඥප්තියට අනුව එම ප්‍රඥප්තිය අත්සන් කර ඇති ඕනෑම රටක්‌ අදාළ චූදිතයාට නඩු පැවරීම සඳහා ඉල්ලා සිටියහොත් එම රණවිරුවාව එම රටට පිටුවහල් කිරීමට ප්‍රතිපාදන ඇතුළත් කර තිබේ. මෙම පනත් දෙකම පාර්ලිමේන්තුව අනුමත කළේ ජනතාවගේ ඇසට වැලිගසාය. අතුරුදන් කාර්යාල පනත අනුමත කළේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව පාර්ලිමේන්තුවේ කිසිදු ඡන්දයක්‌ නොතබාය. බලාත්කාරයෙන් අතුරුදන් පනත අනුමත කළේ දිගන මුස්‌ලිම් කෝලහල මුල් කරගෙන පැනවූ රටේ හදිසි නීතිය තුළ ඇතිවූ කලබලකාරී තත්ත්වය තුළය. ඒ දෙකම කළේ 30/1 යෝජනාවට අනුව රණවිරුවා පාවාදීමටය.

දැනට ගැසට්‌ කර ඇති උක්‌ත අපරාධ සඳහා අෙන්‍යාන්‍ය සහාය පනතින් මොවුන් කිරීමට යන්නේ කුමක්‌දැයි ජනතාව දැනුවත් කිරීම අපේ වගකීමයි. මෙහි මුල් පනතට අනුව (2002) අපරාධ සම්බන්ධ සාක්‌ෂි සහ අනෙකුත් සහාය දිය හැක්‌කේ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රටවල් වලට සහ ලංකාව අපරාධ පිළිබඳව ගිවිසුම් අත්සන් කර ඇති රටවල් සමග පමණි. එසේම එම පනතට අනුව යම් කිසි විදේශ රටක්‌ අපරාධ සම්බන්ධ සැකකරුවන් පිළිබඳ විස්‌තර සාක්‌ෂි ඉල්ලා සිටියොත් මධ්‍යම අධිකාරිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එය ප්‍රතික්‍ෂේප කළ හැකි කරුණු කිහිපයක්‌ම වේ. එනම් එම (කිරීම) වරද ලංකාවේ නීතියට අනුව වරදක්‌ නොවේ නම් එය දේශපාලන ස්‌වරූපය ගන්නා වරදක්‌ නම් ලංකාවේ නීතියට අනුව එම පුද්ගලයා දැනටමත් එම වරද සඳහා නිදහස්‌ වී හෝ වරදකරු වී ඇත්නම් එම ඉල්ලීම ඉටුකිරීමට රටේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය වන්නේ නම් හෝ රටේ ජාතික ආරක්‌ෂාවට අවදානමක්‌ වන්නේ නම් යනාදී වශයෙනි. තවද එම පනතට අනුව යම් රටක්‌ යම් පුද්ගලයෙක්‌ව ඉල්ලා සිටියොත් (සාක්‌ෂි දීම සඳහා) එය කළ හැක්‌කේ එම පුද්ගලයා කැමැති නම් පමණි.

දැන් ඉදිරිපත් කර ඇති සංශෝධන වලින් මුල් පනතේ අන්තර්ගතව ඇති රටේ ස්‌වාධීනත්වය රැකෙන සියලුම කරුණු පාහේ අහෝසි කොට තිබේ. මුල් පනත මෙන් නොව මේ පනත මගින් සහාය දීම සඳහා ලංකාව අත්සන් කළ ජාත්‍යන්තර ප්‍රඥප්තිවල කොටස්‌ කාර සියලුම රටවල්ද ඇමැතිවරයාට කැමැති නම් ලංකාව සමග අපරාධ පිළිබඳ කිසිදු ගිවිසුමක්‌ අත්සන් කොට නොමැති රටවල්ද ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඕනෑම සංවිධානයක්‌ද (රටක්‌ නොවේ.) ඇතුළත් කර තිබේ. මෙහි බලධාරියා මධ්‍යම අධිකාරිය වන අතර ඔහුට කිසි බලධාරියෙක්‌ට බලය පැවරිය හැක. කිසියම් රටක්‌ යම් කිසි තොරතුරක්‌ ඉල්ලා සිටියොත් මධ්‍යම අධිකාරියට පිටපතක්‌ යවා එය ඉටු කිරීමට නිසි බලධාරියා බැඳී සිටී. කිසිම උසාවියකට එය ප්‍රතික්‍ෂේප කළ නොහැකිවේ. ඒ අනුව අප්‍රිකාවේ අප නොදන්නා රටක යස්‌මින් සුකාගේ සංවිධානයකට වුවද අතුරුදන් වීමේ කාර්යාලය මගින් අපේ රණවිරුවෙක්‌ට එරෙහිව ගොනු කරන බොරු සාක්‌ෂි සත්‍ය සාක්‍ෂිසේ ලබාදීමට අප බැඳී සිටිනවා. එසේම ඒ රට කුමන ආකාරයෙන් හෝ ලබාගෙන අප වෙත එවන සාක්‌ෂි අපේ අධිකරණයේ පිළිගත හැකි සාක්‌ෂි බවට පත්කොට තිබේ. මේ පනතට අනුව ලෝකයේ තිබෙන සියලුම රටවල්වලට සහ යුද අපරාධ සම්බන්ධයෙන් යෑයි අටවා ගත් සියලුම සංවිධානවලට ලංකාවේ සිටින අදාළ පුද්ගලයන් සම්බන්ධ පූර්ණ අධිකරණ බලය ලැබේ. ඒ අනුව ඒ ඕනෑම රටකට අපේ රටේ පුද්ගලයන් ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන හමුදා දඬුවම් කිරීමටද හැකි වනු ඇත. ඒරට අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයේ සාමාජිකයෙක්‌ නම් ඔහුව එම ඒ රට මගින් එම අධිකරණයටද යෑවීමට පුළුවන.

වර්තමාන පාලකයෝ මේ කරන්නේ කුමක්‌ද ලෝකයේ භයානකම ත්‍රස්‌තවාදී සංවිධානය ලෙස නම් දැරූ ලක්‌ෂ සංඛ්‍යාත අසරණ ජනතාවගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කළ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය පරාජය කොට විනාශ කළ එසේ කරමින් සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාවගේ මානව හිමිකම් ආරක්‌ෂා කළ හමුදා රණවිරුවන්ව ජාත්‍යන්තර යුද අධිකරණයට සහ වෙනත් සංවිධානවලට නින්දිත අයුරින් පාවා දීමයි. අද වර්තමාන රජයේ බලගතු අමාත්‍යවරයෙක්‌ මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගේ පවුල්වලට රජයේ මුදල් වලින් වන්දි ගෙවීමට අනුමැතිය ඉල්ලා කැබිනට්‌ පත්‍රයක්‌ ඉදිරිපත් කොට තිබේ. ඔහු එවන් ඉල්ලීමක්‌ -සම කරන්නේ එය එවන් නිවට පාලකයන් රජයේ සිටින නිසා නොවේද එවන් නිවට පාලකයින් රජයේ සිටින නිසා නොවේද? එවන් ඉල්ලීමක්‌ කරන්නේ එම ඔහුව කැබිනට්‌ ධුරයෙන් ඉවත් කොට මන්ත්‍රී ධුරයද අහෝසි වන වරදක්‌ බවට පත්කළ නොහැක්‌කේ මන්ද? මේ පාලකයන් අපේ මාතෘභූමියේ අභිමානය, ස්‌වාධිපත්‍යය ත්‍රස්‌තවාදීන්ට සහ බෙදුම්වාදීන්ට පාවා දී ඇත්තේ ඒ අයුරිනි. එවන්වූ පනත් ඉදිරිපත් කිරීමට සහාය වන සියලු දෙනා සහ එයට ඡන්දය දෙන සියලුම දෙනා දැනගත යුතු කරුණක්‌ තිබේ. එනම් ඔවුනට කවදා හෝ දිනක ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන බවය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/17/2018

ජාතියේ හිස සිඳින ජවිපෙ උමතු විස්‌ස

කතෘ:යුතුකම     6/17/2018   No comments
ජාතියේ හිස සිඳින උමතු විස්‌ස

-රියර් අද්මිරාල් සරත් වීරසේකර  -

මේ දිනවල ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ගෙනා තවත් එක්‌ පුස්‌ තර්කයක්‌ නිසා ජීවන බරින් මිරිකී ගිය, ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට පවා යම්කිසි විනෝදයක්‌ ගෙන දෙන ප්‍රකාශ මුහුණු පොතේ අපට දැකගැනීමට හැකිව තිබේ. අනුර කුමාර කියා සිටින්නේ කොටි ත්‍රස්‌තයන්ට එරෙහි යුද්ධය නිකම්ම නිකම් සිවිල් යුද්ධයක්‌ බවත් එයින් කවරෙක්‌ හෝ කවදා හෝ ජය ලබන බවත් ඒ නිසා මහින්ද රාජපක්‍ෂ ජයග්‍රහණය කළා නොව යුද්ධය ජයගන්නා විට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වී සිටියා පමණක්‌ බවය. ඒ සම්බන්ධයෙන් 8 වසරේ ශිෂ්‍යයෙක්‌ ලියා තිබුණේ ඒ අනුව බලන විට එළාර පරදා ජය ගත්තේ දුටුගැමුණු නොව ඒ යුද්ධය ජය ගන්නා විට දුටුගැමුණු රජ වෙලා සිටියා පමණකි සහ රුවන්වැලි සෑය හැදුවේද දුටුගැමුණු නොව සෑය සාදා නිම වනවිට දුටුගැමුණු කුමන හෝ හේතුවකට රජ වී සිටියා පමණකි යනුවෙනි.

මුකරිකම සහ වාචාලකම යනු එකක්‌ නොව දෙකකි. මුකරිකමට හිස්‌ වචන කීවත් එහි උපහාසය තිබුණත් කිසිවිටෙක අපහාසයක්‌ අන්තර්ගතව නැති නිසා සිනාසෙමින් වුවද අසා සිටිය හැක. එහෙත් වාචාලකම එසේ නොවේ. වාචාල අයුරින් කතා කරන්නාගේ ඇතුළත ඇත්තේ පිළිකුල් සහගත කුහකකමකි. තවත් අයෙක්‌ හෙළාදැකීමේ දුෂ්ට ෙච්තනාවකි. වාචාල ප්‍රකාශ තුළ බොහෝ විට ඊර්ෂ්‍යාව, වෛරය, ගුණමකුකම ගැබ්ව තිබේ. වසර 39 ක්‌ සක්‍රීය යුද සේවයේ සිටි කෙනෙක්‌ ලෙස මා වගකීමෙන් යුතුව කියනුයේ මහින්ද රාජපක්‍ෂ ජනපති නොසිටින්න අද අප යුද්ධය පරාජය වී රට දෙකඩ වී හමාර බවය. යුද්ධයක්‌ යනු සන්නද්ධ අරගලයකි. එය ජාත්‍යන්තර හා ජාත්‍යන්තර නොවන වශයෙන් කොටස්‌ දෙකකට බෙදේ. අපේ රටේ තිබුණේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයකි. ඒ කොටි ත්‍රස්‌තවාදීන් වෙනම පළාතක්‌ පාලනය කළ, සාම්ප්‍රදායික යුද හමුදාවකින් සහ නාවික ගුවන් අංශවලින් සමන්විත, නිල ඇඳුම් අඳින, වෙනම පරිපාලන ව්‍යqහයක්‌ තිබූ සංවිධානයක්‌ වූ බැවිනි.

ඒ ආකාරයේ යුද්ධයක්‌ දිනන්නේ හෝ පරාජය වන්නේ දේශපාලන නායකයා මිස යුද, ගුවන්, නාවික හමුදාපතිවරු නොවේ. යුද්ධය යනු දේශපාලනයේම දිගුවක්‌ය යන්න ප්‍රසිද්ධ කියමනකි. යුද්ධයක්‌ නැතිව දේශපාලනයක්‌ තිබිය හැකි වුවත් දේශපාලනය නැතිව යුද්ධයක්‌ තිබිය නොහේ. දෙවැනි ලෝක මහා යුද්ධය ජයගත්තේ ජෙනරාල් හියුස්‌ හෝ අද්මිරාල් පප්ට්‌ වත් නොව වින්ස්‌ටන් චර්චිල් ය. පරාජය වුණේ හිට්‌ලර්ය. ඒ, යුද්ධයක ජයග්‍රහණයේ තීරණාත්මක, සංවේදී තීරණය ගන්නේ දේශපාලන නායකයා බැවිනි.

1987 වඩමාරච්චි මෙහෙයුමේ ප්‍රභාකරන් කොටුවී යුද්ධය ජයගන්න ඔන්න මෙන්න තිබියදී එදා සිටි දේශපාලන නායකයන් ඉන්දියාවේ බලපෑමට යටත්වී නිවටව යුද්ධය නවතාලූයේ නැතිනම් යුද්ධය අවසන් වන්නේ මීට වසර 33 කට කලිනි. එදා අපට යුද ජයග්‍රහණය වැළකී ගියේ එදා සිටි ජනාධිපතිගේ ඒ තීරණය නිසාය.

2009 මැයි 19 දින කොටි ත්‍රස්‌තවාදීන් පරදා යුද්ධය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති යටතේය. නමුත් ත්‍රස්‌තයන් 1987 දී මෙන් කොටු වී පරාජය වන්නට දින කිහිපයකට පෙර එදා බලපෑම් කළාක්‌ මෙන් මෙදාද ඉන්දියාවේ විදේශ සහ ආරක්‍ෂක ලේකම්වරයා මෙහි පැමිණ මහින්ද රාජපක්‍ෂ ජනපතිට කීවේ වහාම යුද්ධය නවතන ලෙසය. ජනපති තුමා ඔවුනට දුන් පිළිතුර වූයේ "ඔබට පුළුවන් මේ රට ආක්‍රමණය කරන්න. එදා 1987 දී වගේ අපේ ගුවන් තීරය උල්ලංඝනය කරන්න. නමුත් අපේ රට වසර 30 ක්‌ තිස්‌සේ පෙලූ මේ ත්‍රස්‌තවාදය නිම කර මිස මා මෙය නවතන්නේ නැහැ" යනුවෙනි. ඉන්පසු අප්‍රේල් 29 වැනි දින එංගලන්තයේ සහ ප්‍රංශයේ විදේශ ඇමැතිවරුන් වන ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ බර්නාඩ් කුෂ්නර් බලවත් ලෝකයම නියෝජනය කරමින් ලංකාවට පැමිණ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට යුද්ධය නවතන ලෙස කී විට මහින්ද රාජපක්‍ෂ කීවේÊ" මතක තියාගන්න අප ඔබගේ යටත්විජිතයක්‌ නොවේ. අප ඔබට යටත්ව සිටියේ මීට වසර 60 කට කලින්. මමයි රටේ ජනාධිපති. මගේ තීරණය වෙනස්‌ කරන්නේ නැහැ" යනුවෙනි. බලවත් ලෝකයේ බලපෑම් / තර්ජන හමුවේ අනුර කුමාර වැනි නායකයන්ට මුත්‍රා යන තත්ත්වයක්‌ මත මහින්ද රාජපක්‍ෂ එසේ හැසිරීම සමස්‌ත ජාතියටම අභිමානයක්‌ නොවේද? එවන් තත්ත්වයක්‌ හෑල්ලුවට ලක්‌ කරන අනුර කුමාර කෙබඳු පුද්ගලයෙක්‌a විය හැකිද?

එදා මහින්ද රාජපක්‍ෂ 1987 දී මෙන් බියවී යුද්ධය නැවැත්වූයේ නම් අද රටේ අනුර කුමාරට අවශ්‍ය දේ සිදුවී හමාරයි. අද යුද්ධය දිනුවේ මමයි යනුවෙන් පුරසාරම් දොඩන "යුද වීරයන්ට" එසේ කීමට හෝ හැකිවන්නේ මහින්ද රාජපක්‍ෂ ගත් ඒ අභීත තීරණය නිසාය. යුද්ධයක ජයග්‍රහණයන් හෝ පරාජයේ වගකීම දේශපාලන නායකත්වය මත පැවරෙන්නේ ඒ අයුරිනි.

කරුණු එසේ වුවත් අනුර කුමාර 20 සංශෝධනය ගෙන ඒමට මොහොතකට පෙර එම ප්‍රකාශය කළේ ද නිකම්ම නොවන බව අපේ හැඟීමයි. තමාගේ දේශපාලන අනාගතය පරදුවට තබමින් එවන් තීරණයක්‌ ගත් මහින්ද රාජපක්‍ෂව සහ ත්‍රස්‌තවාදී යුද්ධය හෑල්ලුවට පත් කරමින් එවන් ප්‍රකාශයක්‌ කළේ 20 වැනි සංශෝධනය ඌණ පූරණයක්‌ වශයෙන් බව අප තේරුම් ගත යුතුය.

වර්තමාන රජය බලයට ආවේම බෙදුම්වාදී න්‍යායපත්‍රය අතෙහි තබාගෙන බැව් අප දනිමු. ඒ සෘජුව නොව වක්‍රව රට පෙඩරල් කරන 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට තිබෙන ව්‍යවස්‌ථාමය බාධක ඉවත් කිරීමටය. අප හමුදාව යුද අපරාධ කළා යෑයි අඩංගු අතිශය සාවද්‍ය චෝදනා සහිත වාර්තාව අගය කරමින් පිළිගෙන ලෝකයේ වෙනත් කිසිම රටක්‌ නොකරන පරිදි තම රටට එරෙහිව 30/1 ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වූයේ එබැවිනි. එහි අඩංගු නිර්දේශවලින් ප්‍රධානම නිර්දේශය වනුයේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමය. රනිල් වික්‍රමසිංහ, ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් සමග එක්‌වී වසර 3 ක්‌ තිස්‌සේ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩල පිහිටුවමින්, "ජනතා අදහස්‌" ලබා ගනිමින් අනු කමිටු 6 ක්‌ පත් කරමින්, මෙහෙයුම් කමිටු වාර්තා සකස්‌ කරමින් කිරීමට බැරි වූ දේ ජනතාවගේ ඇසට වැලි ගසමින් රනිල්ගේ කොන්ත්‍රාත්තුවක්‌ ලෙස කිරීමට භාරගෙන තිබෙන්නේ අනුර කුමාරය. ඒ ඊනියා 20 වැනි සංශෝධනය මුවාවෙනි.

අනුර කුමාරගේ මෙම වෑයම රටේ අනෙකුත් දැවෙන ප්‍රශ්න අමතක කරලීමට දියත් කළ ව්‍යාපෘතියක්‌ ලෙසද සමහරු දකිති. අද රටේ ආර්ථික වේගය 3.1% දක්‌වා බරපතළ ලෙස පහත වැටී තිබේ. දරුණුම යුද සමයේ පවා රටේ මෙවන් ආර්ථික වේගයක්‌ තිබුණේ නැත. රැකියා දස ලක්‍ෂයක්‌ පොරොන්දු වුවද අද වනවිට 2014 ට වඩා තිබූ රැකියා ලක්‍ෂ 2 ක්‌ අඩුවී ඇත. කොටස්‌ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. කෝටි 21,500 කින් පහත වැටී තිබේ. ආයෝජකයන් රට හැරයති. රටේ වටිනා සම්පත් විදේශිකයන්ට කුණුq කොල්ලයට මිලදී ගැනීමට මංපෙත් විවර කර ඇත. රුපියල 20% කින් බාල්දු වී ඇති නිසා විදේශ ණය රු. බිලියන 890 කින් වැඩිවී තිබේ. රාජ්‍ය ණය බර කෝටි 1,040,000 ක්‌ වන අතර එය 2014 ට වඩා 40% කින් වැඩිවීමකි. ඉන් මැති ඇමැතිවරුන්ගේ සුඛ විහරණය මිස රටේ ජනතාවට කළ දෙයක්‌ නොමැත. 2014 ට වඩා ජනතාවගෙන් රු. බිලියන 620 ක බදු අය කරමින් සිටී. ගංවතුරෙන් ලක්‍ෂ ගණන් අහිංසක ජනයා පීඩාවට පත්ව තිබෙන විට ජනාධිපති ප්‍රකාශ කරන්නේ ගංවතුර නඟින විට ආර්ථික වේගය ද නඟින බවයි. මේ සම්බන්ධයෙන් විශ්ලේෂණයක්‌ කරමින් බැසිල් රාජපක්‍ෂ මහතා පවසන්නේ මෛත්‍රීපාල ජනාධිපතිට අනුව තවදුරටත් ගංවතුර ගැලුවොත් අපේ රට ළඟදීම චීනයේ ආර්ථික වේගයද ඉක්‌මවා යනු ඇති බවයි. ස්‌වාභාවික විපත්වලින් මෙන්ම ඩෙංගු/ වෛරස්‌ වලින් ද දසදහස්‌ ගණන් වැසියෝ මිය යමින් සිටී. ජනාධිපතිවරණයක සේයාවක්‌ පෙනෙන තෙක්‌ මානයේ ඇති විටෙක අනුර කුමාර මේ කරන්නේ ඉහත කී සියලු දේ ජනතාවගෙන් අමතක කරවීමය.

අනුර කුමාර සිතුවේ අගමැතිට පූර්ණ බලතල දෙමින් ගෙන එන 20 සංශෝධනයට මීළඟ අගමැති වීමට සිටින මහින්ද රාජපක්‍ෂගේ සම්පූර්ණ සහයෝගය ලැබේය කියාය. නමුත් මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ධ විපක්‍ෂය 20 ට පූර්ණ විරෝධය දැක්‌වීම තුළින් ගම්‍ය වනුයේ ඔවුන් පුද්ගලික වාසියට වඩා රට ගැන සිතන බවය. අප විසින් මීට ඉහතදීත් පුන පුනා ප්‍රකාශ කළේ 20 ගෙන එනවිට කාරක සභා අවස්‌ථාවේදී 19 ට කළාක්‌ මෙන් මන්ත්‍රීවරුන්/ ජනතාව රවටා 13 ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධක ඉවත් කරන සංශෝධන ගෙන එන බවය. අනුර කුමාර කියනුයේ කාරක සභා අවස්‌ථාවේදී එසේ වෙනත් සංශෝධන ගෙන ඒමට ඉඩ නොදෙන බවය. එසේ කිරීමට ඔහුට ඇති බලය කුමක්‌ද? කාරක සභා අවස්‌ථාවේදී සංශෝධන ගෙන ඒම මන්ත්‍රීවරුන්ගේ අයිතියකි. එම අයිතිය අහිමි කරන්නට අනුර කුමාරට තිබෙන අයිතිය කුමක්‌ද? ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට ව්‍යවස්‌ථාවෙන් දී ඇති කොන්දේසි වෙනස්‌ කිරීමට නොහැකි බව දැන දැනත් අනුර කුමාර මේ කරන්නේ අවසාන මොහොත දක්‌වා ජනතාව රැවටීමට උත්සාහ කිරීමකි. අනුර කුමාර, මහින්ද රාජපක්‍ෂ ජනපති සහ යුද්ධය ගැන කළ ඉහත ප්‍රකාශයේ සැඟවුණු අරුතක්‌ ඇත්දොaයි අපට සිතේ. මන්ද 13 හි බාධක ඉවත් කරන සංශෝධන කාරක සභා අවස්‌ථාවේ යෝජනා කොට අනුමත වූ පසු "එය මා විසින් කරන ලද්දක්‌ නොව එසේ වනවිට මා විපක්‍ෂයේ සංවිධායක වී සිටියා පමණකි" යනුවෙන් පැවසීමට මගක්‌ විවෘත කර ගැනීමට හැකි වන නිසාය.

ශිෂ්ට සම්පන්න සමාජයක්‌ සඳහා 20 අනුමත කරමු යන ජවිපෙ දැන්වීම් රට හැමතැනම අලවා තිබේ. අනුර කුමාරගේ 20 හි තිබෙන එක්‌ දෙයක්‌ වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ හෘද සාක්‍ෂියට එකඟව තීරණ ගැනීමට ඇති අයිතිය උදුරා ගැනීමයි. වර්තමාන ව්‍යවස්‌ථාවට අනුව මන්ත්‍රීවරුන් පක්‍ෂයේ තීරණයට එරෙහිවී පක්‍ෂයෙන් නෙරපා හැරිය විට ඔහුට අධිකරණයේ පිහිට පැතිය හැකි නමුත් අනුර කුමාරගේ සංශෝධනයේ එම අයිතිය අහෝසි කර ඇත. එසේ වුවහොත් මන්ත්‍රීවරයා යටත් වන්නේ ජනතාවට නොව පක්‍ෂයටයි. අනුර කුමාර ශිෂ්ටසම්පන්න සමාජයක්‌ බිහි කිරීමට යන්නේ ඒ ලෙසිනි.

තවද ජනාධිපති පත්කිරීමට යන්නේ පාර්ලිමේන්තුවේ 113 ක ඡන්දයෙනි. අද බැඳුම්කර වංචාවේ මහමොළකරුගෙන් මන්ත්‍රීවරු 118 ක්‌ අල්ලස්‌ ලබා ඇති බව ආණ්‌ඩුවේම මන්ත්‍රීවරයෙක්‌ පවසයි. ඒ අනුව බලන කල මුදල් විසි කළ හැකි ඕනෑම ජාතිකයකුට, ඕනෑම දූෂිතයකුට 113 ක්‌ ඡන්ද ලබා ජනාධිපති විය හැක. එවිට ඔහු රටේ සේනාවිධායකයාය. එසේම මින්මතු එසේ මුදල් අල්ලස්‌ දිය යුත්තේ මන්ත්‍රීවරයාට නොව පක්‍ෂ නායකයාටය. පක්‍ෂ නායකයා කියන විදියට ඡන්දය නොදුන්නොත් මන්ත්‍රීවරයා පක්‍ෂයෙන් නෙරපා හරියි. අනුර කුමාරගේ ශිෂ්ට සම්පන්න රට ඔහු විසින්ම මුදලට/ අල්ලසට පාවාදී ඇත්තේ එලෙසිනි.

මේ අතර වර්තමාන නිවට පාලකයන්ගේ ක්‍රියාකලාපය හමුවේ උතුරේ විග්නේශ්වරන් පිනුම් ගසමින් සිටින අන්දම ද අප විමසිල්ලෙන් යුතුව බලා සිsටිමු. පසුගිය මැයි මස 26 වැනි දින යාපනය පුස්‌තකාලයේ තරුණයන් අමතා ඔහු ප්‍රකාශ කළේ උතුරට ස්‌වයං පාලනයක්‌ අනිවාර්යයෙන් ලබාගත යුතු බවයි. ඒ සඳහා සන්නද්ධ යුද්ධය නිහඬ කළත් පසුබට නොවිය යුතු බවත් විශ්වාසය ගොඩනඟා ගත යුතු බවත්, ලෝක ප්‍රසිද්ධ බොක්‌සිං ක්‍රීඩක මොහොමඩ් අලි මෙන් ප්‍රතිවාදියා දුර්වල කොට පහරදිය යුතු බවත් දැන් ඔවුන් රටේ සිංහල පාලකයන් ඉතා දැඩි ලෙස දුර්වල කර ඇති නිසා තමන්ට අවශ්‍ය දේ ලබාගත යුතු බවත් ය.

අද දෙමළ ජනතාව අතරට ගොස්‌ වීරයෙක්‌ වීමට හදන විග්නේශ්වරන් ජීවිතයේ එකම වතාවක්‌ හෝ තමන්ගේ" දෙමළ ජනතාවට ලේ බිංදුවක්‌ පරිත්‍යාග කොට තිබේද? අපේ රණවිරුවෝ 4,95,000 ක්‌ බිම්බෝම්බ ඉවත් කරමින් දෙමළ පවුල්වලට ජීවත්වීමට බිම් නිදහස්‌ කරද්දී ඔවුන්ට එක තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට විග්නේශ්වරන් පැමිණියාද? 2,95,000 ක්‌ අවතැන් ජනතාව නැවත පදිංචි කරද්දී ඔහු එක යෝගට්‌ කෝප්පයක්‌ දෙමළ දරුවෙක්‌ට දීමට පැමිණියාද? 2002 සාම ගිවිසුම් කාලයේ කොටි ත්‍රස්‌තයන් යාපනයේ පාසල්වලට පැන විරෝධය දක්‌වන විදුහල්පතිවරුන් ප්‍රසිද්ධියේ මරා දමමින් ළමුන් බලෙන් පැහැර ගෙන යනවිට කොළඹට වී උගුඩුවකුසේ මොකුත් නොකර බලා සිටියේ අද දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටින්නට තැත් කරන විග්නේශ්වරන්ය.

මේ වාගේ "මුග්ධ වීරයන්" ට උඩ ගෙඩි දෙනුයේ ඒ ආකාරයෙන් ම ජනතාවගේ ගැලවුම්කාරයන් යෑයි කියාගන්නා අනුර කුමාර වැන්නන්ය. එවන් වූ දීනයන් කනෙන් ඇද එළියට දමා, ජාති භේදයකින් තොරව සියලුම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට පරිසරය සැකසිය හැක්‌කේ සෘජුව කටයුතු කරන රටේ සමස්‌ත ජනතාවගේම ඡන්දයෙන් පත්වන විධායක ජනපති කෙනෙක්‌ට පමණි. අනුර කුමාර විධායක ජනපති තනතුර ජනතාවගෙන් උදුරා ගැනීමට යන්නේ ඒ බව දන්නා නිසාය. ඔහුගේ විස්‌ස පුස්‌සක්‌ බවට ඉබේම පත්වන්නේ ඒ කුහක චින්තනය ජනතාව හොඳ හැටි තේරුම් ගෙන ඇති නිසාය.


රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර  
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook - https://www.facebook.com/yuthukama

3/09/2018

අතුරුදන් වූවන්ගේ කාර්යාලයට කොමසාරිස්ලා පත්කිරීමෙන් ආණ්ඩුව නිවට හා දීන බව පෙන්වලා

කතෘ:යුතුකම     3/09/2018   No comments
මානව හිමිකම් මහ කොමසාරිස් වරයා මානව සැසියට ප‍්‍රථමයෙන් මෙරට පිළිබඳ මූලික වාර්තාව ඉදිරිපත් කර තිබුණා ඔබ එය දකින්නේ කොයි විදිහටද ?

එයින් කියන්නේ 30/1 යෝජනාවලියට අපේ රජය දෙවරක් අනුග‍්‍රාහකත්වය දැක්වූවා, එ් නිසා එ්කට අනුව කටයුතු කළ යුතුයි කියලයි මේ කියන්නේ, ඇත්තටම සම අනුග‍්‍රහය දැක්වූ නිසා එහි තියෙන සියලූම කාරණා කි‍්‍රයාත්මක කිරීමට බැ`දී සිටිනවා කියලයි.

මේ වාර්තාවේ බොහොමයක් තියෙන්නේ මුල් යෝජනාවේ තියෙන කරුණු එකින් එක කි‍්‍රයාවට නැංවිය යුතුයි කියන දැඩි අවවාදාත්මක සඳහන් කිරීමක්.

අතුරුදන් වූවන්ගේ කාර්යාලය, මානව හිමිකම් සැසිවාරය ආරම්භ වී ඇති මෙවැනි අවස්ථාවක පිහිටුවීම පිළිබ`ද ඔබේ අදහස කුමක්ද ?

නිවට බව සහ දීන බව නැවත ප‍්‍රදර්ශනය කිරීමක් විදිහටයි මම මෙය දකින්නේ. අතුරුදන්වීමේ පනත පාර්ලිමේන්තුවේදී පසුගිය වසරේදී සම්මත වුණා. ඊට පස්සේ සැප්තැම්බර් සැසිවාරයේදී සෙයිද් අල් හුසේන් අඩිය හප්පලා පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වුණත් කාර්යාලය පිහිටුවලා නැහැ කියලා කිව්වාම ඊට පහුවෙනිදාම අපේ රජය මේ කාර්යාලය පිහිටුවීමට කටයුතු කළා. මෙවර වාර්තාවෙන් වහාම එය කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා කිව්වාම ඊට පහුවෙනිදාම මේ කාර්යාලයට කොමසාරිස්වරුන්ව පත්කිරීමට පියවර ගත්තා. ඇත්ත වශයෙන්ම අපේ නායකයෝ කටයුතු කරන්නේ රටේ ජනතාවගේ අභිමතයට නෙමෙයි පිටරට ඉන්න විදේශිකයකුගේ වුවමනාවට කටයුතු කරන රූකඩයක් විදිහටයි.

අද මේකට පත්කරලා තියෙන එක්කෙනෙක් වෙන්නේ නිමල්කා ප‍්‍රනාන්දු සහ මිරාක් රහීම්. එතකොට මිරාක් රහීම් කියන්නේ සංහිඳියාව උදෙසා ප‍්‍රතිචාර කාර්ය බලකායේ සමාජිකයෙක් විදිහට හිටිය කෙනෙක්. මේ බලකාය හැදුවේ 30/1 යෝජනාව අනුවයි. එතකොට මේ බළකාය නිකුත් කළ යෝජනා අතර උතුරේ ඉඩම් වහාම ලබා දිය යුතුයි. මහ විරු දිනය සැමරිය යුතුයි වගේ කාරණා තියෙනවා.

නිමල්කා ප‍්‍රනාන්දු කියන්නේ කොටි සංවිධානයේ රාජ්‍ය නොවන සංවිධාන සමග එකතුවෙලා ජිනීවාවල අපේ රටේ රණවිරුවා පාවා දීමේ පුරෝගාමියෙක්. පහුගිය ජිනීවා සැසිවාරයේ දී කොටි හිතවාදී සංවිධාන කියා සිටියා දෙමළ තරුණියන් තවමත් දූෂණයට ලක්වෙනවා කියලා. මේක අස්සට නිමල්කා ප‍්‍රනාන්දු ඇවිත් කිව්වා තමුනුත්

ශී‍්‍ර ලංකා රජයෙන් හිංසාවට ගොදුරු වෙච්ච කාන්තාවක් කියලා.

බොරු සාක්කි පවා මේකට ගොනු කරන්න පුළුවන්. වීඩියෝ තාක්ෂණයෙන් දෙන සාක්කි, සාක්කි ආඥ පනතට පටහැණිව දෙන සාක්කි ලබා ගැනීමට හැකියාව තියෙනවා. එ් වගේම තමන්ට විරුද්ධව සාක්ෂි දෙන අයගෙන් හරස් ප‍්‍රශ්න අහන්න චූදිතයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

එ් වගේම සෙයිද් රාද් අල් හුසේන් කියනවා අපි සර්වලෝක අධිකරණ බලයට යටත් විය යුතුයි කියලා. එ් අධිකරණ බලයට යටත් වුණාම මේ වගේ සාක්ෂි රැුස් වුණාම විදේශයකට ගියාම එ් චෝදනා එල්ලවෙන පුද්ගලයාව අත් අඩංගුවට ගන්න පුළුවන්. එ් විදිහට රණවිරුවාව ඉතා නින්දිත විදිහට පාවා දීලා තියෙනවා.

මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යොමු කළ මෙරට හමුදා නිලධාරීන් කිසිම යුද අපරාධයකට සම්බන්ධ නැති බව සිදු කළ පරීක්ෂණ වලින් සනාථ කර ඇති බව ප‍්‍රකාශ කර තිබෙනවා. රණවිරුවා යුද අපරාධ කළා කියලා දංගෙඩියට යොමු කරනවා කියන කාරණය සිදු වෙලා නැහැ නේද ?

මේ මාලිවලට යවපු අයව දැඩි පරීක්ෂාවකට භාජනය කළා. සමහර විට එතැන ඉන්න බොහෝ අය යුද්ධ කාලයේ හිටිය නැති අය වෙන්න ඇති. එතකොට එ්කේ අන්තිමට කියලා තියෙනවා මානව හිමිකම් කවුන්සිලයෙන් පත් කරන අය තමයි අපි ගැන බලන්නේ කියලා. මේක මොන තරම් නින්දිත කි‍්‍රයාවක්ද?

යුද අපරාධ කරලා තියෙනවා කියලා කිසිම අවස්ථාවක ඔප්පුවෙලා නැහැ. එහෙම දෙයක් නැතිව රණවිරුවන්ව මේ විදිහට පරීක්ෂාවට ලක්කරන්නේ කොහොමද? ඒකෙන් යුද අපරාධයක් කළා කියලා ඔප්පු කරන්නේ කොහොමද? ඊට තියෙන සාක්කි මොනවාද ? ඉතින් මේක තනිකරම යුද්ධයට සම්බන්ධ වුණ කිසිවකුට විදේශ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව නොදෙන කි‍්‍රයාවක්. ඉතින් මේ රජය එ්කට ඉඩ දෙනවාද කියන එකත් ගැටලූවක් මතුවෙන කාරණයක්.

ශී‍්‍ර ලංකාවේ දූත මණ්ඩලයක් ජිනීවා බලා යෑමට නියමිතයි. එ් අය කොයි විදිහට කි‍්‍රයා කළයුතුයි කියලද ඔබ හිතන්නේ ?

මම එ් කණ්ඩායමට පැහැදිලිව කියනවා මේ 30/ 1 යෝජනාවට පාදක වුණේ සෙයිද් අල් හුසේන්ගේ ඕ අයි එස් එල් කියන වාර්තාවයි. එ් වාර්තාව නිසා තමයි 30/ 1 වාර්තාව ඇමරිකාව ගෙනාවේ. එ්කට අපි සම අනුග‍්‍රහයක් දුන්නේ. මේ වාර්තාවේ තියෙන චෝදනා සියල්ලක්ම අපි ගෝලීය ශී‍්‍ර ලංකා සංසදය නිෂ්ප‍්‍රභා කරලා මේක ඇත්ත හෙළි කරන වාර්තාවක් ජිනීවාවලට ලබා දී තියෙනවා.

මහ කොමසාරිස්ගේ වාර්තාවේ තියෙන එක චෝදනාවක් වෙන්නේ අපි උතුරට භාණ්ඩ යවන එක හිතාමතාම නැවැත්තුවා කියන එක. අපි යුද කාලයේදී මානුෂීය ආධාර සඳහා උපදේශන මණ්ඩලයක් පත් කරලා තිබ්බා. ඒකේ සභාපති වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එ්කට හැම අමාත්‍යංශයකම ලේකම්වරුන් හිටියා. ඒකේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හිටියා.

එක්සත් සංවිධානයේ මෙරට නියෝජිත නීල් බුනේ මහතා කියනවා උතුරට භාණ්ඩ යැවීම සම්බන්ධයෙන් ලංකා රජයට රන් පදක්කමක් දිය යුතුයි කියලා.

එ් වගේම මුලතිව් දිසාපතිනිය කියනවා හැම වෙලාවකම මාස තුනක ඖෂධ සහ ආහාර තියෙනවා කියලා.

ඕ.අයි.එස්.එල්. වාර්තාව නැවත වරක් සලකා බලන්න කියලා මානව හිමිකම් කවුන්සිලයට කියන්න කියලා ශී‍්‍ර ලංකා කණ්ඩායමට කියන්න කැමතියි. එහෙම කිව්වේ නැත්තම් අපේ රජය හමුදාවන් පාවා දෙන කණ්ඩායමක් බවට පත්වෙනවා. එ් අයට අපේ රජයක් ආපු අවස්ථාවක දේශද්‍රෝහීන් විදිහට සලකලා කටයුතු කරනවා.

ජිනීවා නුවරදී ගෝලීය ශී‍්‍ර ලංකා සංසදය විදිහට ඔබලා මොනවගේ වැඩසටහනක්ද කි‍්‍රයාත්මක කරන්න බලපොරොත්තු වෙන්නේ ?

ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය බර්මිංහැම් විහාරයේ කස්සප හිමියන්ට අයත් සංවිධානයක්. උන්වහස්සේ පමණයි අපට මේ අවස්ථාව ලබාදුන්නේ. එහිදී අපි ජිනීවා නුවරට ගිහිල්ලා කියන්නේ මංගල සමරවීර මේ 30 / 1 යෝජනාවට සහාය දැක්වූයේ කැබිනට්ටුවේ අනුදැනුම නැතිව තනි කැමැත්ත මතයි. එ් නිසා එ්ක නීති විරෝධියි.

එ් වගේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විවාදයක් තියන්නේ නැතිවයි මේක කි‍්‍රයාත්මක කළේ. මේ ගැන කතා කිරීමටයි අපි මෙවර බලාපොරොත්තුවෙන්නේ. ගියපාර යුද විශේෂඥයින්ගේ වාර්තා 6ක් අපි ඉදිරිපත් කළා අපි යුධ අපරාධ කළේ නැහැ කියලා. එහි ප‍්‍රගතියත් අහන්න අපි බලාපොරොත්තුවෙනවා.

[Rivira]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/18/2017

(ප) රාජිතගේ දේශප්‍රේමය සහ අයින්ස්‌ටයින්ගේ දේශප්‍රේමය

කතෘ:යුතුකම     12/18/2017   No comments
-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

"ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍යයි" යන තේමාව යටතේ පවත්වනු ලැබූ සම්මන්ත්‍රණයකට එක්‌වෙමින් රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන රාජිත සේනාරත්න නව යෝජිත ව්‍යවස්‌ථාව සාධාරණීය කිරීමට කරනු ලබන්නාවූ ප්‍රකාශ කෙටියෙන් විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි. ඒ එවිට රාජිත යනු කෙබඳු විදියේ සත්වයෙක්‌දැයි (අප සැවොමද මනුෂ්‍ය සත්වයෝ බැවින් ) ලිපිය කියවන්නාට හොඳ අදහසක්‌ ලබා ගත හැකි බැවිනි. තවද එම අදහස නව ව්‍යවස්‌ථාව සාධාරණීය කිරීමට ඔහු ගන්න ප්‍රයත්නයට සෘජුව සම්බන්ධ වන බැවිනි.

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව හා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒකාබද්ධව නොවැම්බර් 13 වැනිදා කොළඹ නව නගර ශාලාවේදී පැවති උක්‌ත සම්මන්ත්‍රණයේදී පළමුවෙන්ම රාජිත කළේ එදා මෙදාතුර "ජාතියත් ආගමත් බේරා ගැනීමේ සටන්" නින්දාවට පත්කිරීමයි. "නිදහසින් පසු වසර 71 ක්‌ ගතවීත් තවම අපි ජාතියත් ආගමත් බේරා ගන්නවා" යෑයි අපහාසාත්මකව පැවසූ ඔහු "ඇල්බට්‌ අයින්ස්‌ටයින් නමැති මහා දාර්ශනිකයා දේශප්‍රේමය හඳුන්වා ඇත්තේ සරම්ප රෝගය මෙන් සුව කළ නොහැකි අන්තවාදී ලෙඩක්‌ ලෙසයි." යනුවෙන්ද කියා සිටියේය. එයින් රාජිත අදහස්‌ කළේ නිදහසින් පසුව අප විසින් දියත් කරන ලද සියලුම "ජාතිය ආගම බේරගන්නා සටන්" අන්තවාදී රෝගයෙන් පෙළෙන මිනිසුන් විසින් කරන ලද බවය.

ඇල්බට්‌ අයින්ස්‌ටයින් යනු ලොව මෙතෙක්‌ පහළවූ විශිෂ්ටතම විද්‍යාඥයාය. ඔහු නවීන භෞතික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන අතර එහි එක්‌ කුලුනක්‌ වන "සාපේක්‌ෂතාවාදය" සොයා ගත්තේය." කොන්ටොම් ප්‍රමේය "පිළිබඳව ඔහුට නොබෙල් ත්‍යාගය හිමි වුවද ඔහු ලොව සුප්‍රසිද්ධ වූයේ සාපේක්‌ෂතාවාදය තුළිනි. එනම් ඉතා සරලව කිවහොත් යමක්‌ බැලිය යුත්තේ අනෙකාට සාපේක්‌ෂව බවයි. උදා( ලෙස වේගයෙන් ගමන් කරන දුම්රියක වේගය දැනෙන්නේ වේදිකාවේ තිබෙන කුලුනකට සාපේක්‌ෂවය. ඒ අනුව බලන කල අයින්ස්‌ටයින් "දේශප්‍රේමීන්" සම්බන්ධව උක්‌ත ප්‍රකාශය කර ඇත්තේ "දේශෙද්‍රෝහීන්ට" සාපේක්‌ෂවය. එනම් දේශෙද්‍රෝහීන්ට සාපේක්‌ෂව දේශප්‍රේමීන් යනු සරම්ප රෝගයෙන් පෙළෙන අන්තවාදීන් යන්නයි. අයින්ස්‌ටයින් ඇත්තෙන්ම නිවැරදිය.

ඉන්පසු රාජිත පැවසුවේ වර්තමාන ජනාධිපතිතුමා මන්ත්‍රීවරු 45 ක්‌ තියාගෙන දවල්ට නොකා ප්ලේන්ටි බිබී මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත වෙන වෙනම ලබාගෙන ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ බලතල 19 වැනි සංශෝධනයෙන් තමන්ම දන් දුන් බව සහ එදා සරත් වීරසේකර කියන අන්තවාදියා හැර ඉතිරි 224 දෙනාම එයට අනුමැතිය දුන් බවයි.

විවිධ බලපෑම් මත සහ ආරම්භක සංශෝධනය හැකිතාක්‌ දුරට දියාරු කළ පසු 19 සංශෝධනයට ඡන්දය දුන් අය අතර තවමත් දැඩිව 19 සාධාරණීයකරන අය සමාජයේ සිටී. රාජිත එහි පෙරමුණ ගනී. ඔහු අදටත් සාධාරණීයකරන 19 න් අද රටට සිදුව ඇත්තේ කුමක්‌ද? අද රටේ ප්‍රධාන /සංවේදී තනතුරු, විවිධ කොමිසම් යනාදියට පත් කරන්නේ කවුද? ව්‍යවස්‌ථා සභාවේ බහුතරය පාලනය කරන ආර්. සම්පන්දන් සහ රනිල් වික්‍රමසිංහයි. ව්‍යවස්‌ථාදායක සභාවේ ඡන්දය තිබෙන 9 දෙනාගෙන් 7 දෙනෙක්‌ම ඔවුන් දෙදෙනා සහ ඔවුන් විසින් පත් කරන අය වෙති. එසේ නම් අද රටේ මහජන ආරක්‌ෂාව ඇතුළු වෙනත් වැදගත් විෂයයන් සම්බන්ධ ප්‍රධාන තනතුරුවලට පත් කරන්නේ ත්‍රිකුණාමල ජනතාවගෙන් පත්වුණු සම්පන්දන් සහ කොළඹ ජනතාවගෙන් පත් වුණු රනිල්ය. එසේ නැතිව සමස්‌ත ජනතාවගෙන් සියයට පනහකට වැඩි පිරිසකගේ ඡන්දයෙන් පත්වුණු රටේ ජනාධිපතිතුමා නොවේ. එසේ නම් අද 19න් කර ඇත්තේ මෙතෙක්‌ තිබූ ජනාධිපතිතුමාගේ එම විධායක බලය දෙමළ ජාතික සන්ධානයේ සම්පන්දන්ට සහ යූ. එන්. පි. යෙ රනිල්ට පැවරීම නොවේද? ඒ අනුව බලන විට එදා වත්මන් ජනපති තුමා දවල්ට නොකා ප්ලේන්ටී බිබී කර ඇත්තේ ජනතාව විසින් තමන්ට පැවරූ ජනතා පරමාධිපත්‍ය, ජනතා පරමාධිපත්‍ය නියෝජන නොකරන දෙදෙනකුට පැවරීම නොවේද? ජනාධිපතිතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ලද ඒ දේ සාධාරණීයකරණය කරණ රාජිත කෙබඳු පුද්ගලයෙක්‌ විය හැකිද?

අද රටේ පරිපාලනය පිළිබඳව වැදගත් තීරණ ගන්නා උක්‌ත ඒකකය වන ව්‍යවස්‌ථා සභාවේ සංයුතිය කුමක්‌ද? කතා නායක (ඡන්දයක්‌ නොමැති) අගමැති, විපක්‌ෂ නායක, අගමැති සහ විපක්‌ෂ නායක පත්කරන 5 දෙනා, ජනපති පත්කරන අය සහ අගමැති /විපක්‌ෂනායකගේ පක්‌ෂ හැර අනෙක්‌ සුළු පක්‌ෂවල මන්ත්‍රීවරුන්ගෙන් විමසා පත් කරන අය වේ. එසේ නම් මෙම ව්‍යqහය ගැඹුරින් විමසීමේදී ව්‍යවස්‌ථාදායක සභාවේ 9 දෙනාගෙන් (කථානායක හැර) ජනතාවගෙන් පත්වූ ජනාධිපතිට පත් කළ හැක්‌කේ එක්‌ අයෙක්‌ පමණක්‌ වන අතර සුළු පක්‌ෂ වල මන්ත්‍රීන්ට පවා එක්‌ අයෙක්‌ පත් කළ හැකි මුත් රටේ ප්‍රධාන පක්‌ෂ දෙක වන එක්‌සත් ජාතික පක්‌ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ බහුතරයක්‌ වන සිංහල /සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන්ට එක්‌ අයෙක්‌ හෝ මෙම සභාවට පත් කළ නොහැක. රටේ තීරණ ගැනීමට සිංහල මන්ත්‍රීවරුන්ට තිබෙන අයිතිය උදුරා ගැනීමේ ආරම්භය මෙයයි. චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය "අපට අවශ්‍ය රටේ සිංහල බෞද්ධ ඒකාධිකාරිය නැති කිරීමයි" යනුවෙන් පැවසුවේ ඒ නිසයි. අද රාජිත සතුටු වන්නේ එම කුප්‍රකට ව්‍යායාමය සාර්ථක වූ නිසයි. ඔහුට අනුව සරත් වීරසේකර යන ඒ "අන්තගාමියා" 19 ට විරුද්ධ වූයේ මෙය සක්‌සුදක්‌සේ දුටු බැවින් බව ඔහු දනී. රාජිතගේ සිංහල / සිංහල බෞද්ධ විරෝධී ස්‌ථාවරය සනාථ වන එක්‌ කරුණක්‌ වන්නේ එයයි.

එදා බණ්‌ඩාරනයක -චෙල්වනායගම් ගිවිසුම නිසි පරිදි ක්‍රියාත්මක වූවා නම් අද රට සිංගප්පූරුවක්‌ වී හමාර බවද අන්තවාදී භික්‌ෂූන්ගේ විරෝධය නිසා ගිවිසුම ඉරා දැමු බවද, පසුව ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම ගෙන ආ වෙලාවේ ජාතිවාදීන් රට කඩන්න යනවා යයි විරෝධය පෑ නිසා එය ද හකුලා ගැන්මට සිදුවූ බවද රාජිත දැඩි ආවේගශීලීව කියයි. ඔහුට අනුව ජාතිවාදී අන්තවාදීන් මෙම ගිවිසුම අවලංගු කිරීමට ක්‍රියා නොකළා නම් අද රට සුත මුදිත වී හමාරය. රාජිත විසින් ක්‍රියාත්මක වූවා නම් කෙතරම් අගනේ දැයි පවසන උක්‌ත ගිවිසුම් දෙක අත්සන් කළේ චෙල්වනායගම්ය. යාපනයේ පැවැත්වූ චෙල්වනායගම් ගුණසමරු උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වූ රාජිත ඔහු දෙමළ ජනතාවගේ එකම ගැළවුම්කාරයා යනුවෙන් මහත් ප්‍රශංසාවෙන් කතා කළ අයුරු අප දුටුවෙමු.

රාජිතගේ ඉමහත් ප්‍රශංසාවට ලක්‌වන චෙල්වනායගම් යනු මලයාසියාවේ උපත ලබා සිංහල - දෙමළ ජනතාව බෙදා වෙන කරන කුමන්ත්‍රණය ඇටවූ පුද්ගලයාය යයි කිවහොත් නිවැරදිය. අප නිදහස ලැබීමට මාස දෙකකට පෙර (සිංහල රාජ්‍ය භාෂා පනත ගෙන ඒමට වසර 8 කට පෙර සහ ප්‍රමිතිකරණයට වසර 15 කට පෙර) 1947 නොවැම්බර් 26 වැනි දින චෙල්වනායගම් පැවසුවේ මෙසේය. "ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් වීමට සටන් කරනවා නම් ඇයි දෙමළ ජනතාවට ලංකාවෙන් වෙන් වෙන්න බැරි?"

ඉන්පසු ඔහු 1951 දී දෙමළ ජාතිවාදී පක්‌ෂයක්‌ වන ඉලංගෙයි තමිල් අරසුකච්චි යන පක්‌ෂය ආරම්භ කළේය. එහි සඳහන් වනුයේ ලංකාවේ දෙමළ කතා කරන පුද්ගලයන් සිංහලයන්ගෙන් පැහැදිලිව වෙන්වූ ජාතියක්‌ බවත්, රටේ 1/3 වඩා ප්‍රදේශවල ජීවත් වන දෙමළ ජනතාවට ස්‌වයං තීරණ අයිතිය තිබිය යුතු බවත්, දේශපාලන ස්‌වාධිපත්‍ය සඳහා ඔවුනට අහිමි කළ නොහැකි අයිතියක්‌ ඇති බවත් යනාදියයි. ඉන්පසු ඔහු විසින් 1973 සැප්. 9 වැනි දින වෙනම රාජ්‍යයක්‌ සඳහා මල්ලකම් හි සම්මුතියක්‌ ඇතිකර ගන්නා ලදී. අවසානයේ චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ දෙමළ එක්‌සත් නිදහස්‌ සන්ධානයේ ජී. ජී. පොන්නම්බලම් සහ වෙල්ලාල නොවෙන දෙමළ ජනතාවට කෝවිලකට යැමට ඉඩ නොදුන් මහාචාර්ය සුන්දරලිංගම් වැනි අන්ත නින්දිත පුද්ගලයන් සමඟ එක්‌වී උතුරු නැගෙනහිර දෙමළ නිජබිම් බැවින් දෙමළ ඊළාම් රජයක්‌ සඳහා වන ඊනියා කුප්‍රකට වඩුක්‌කොඩෙයි සම්මුතිය ප්‍රකාශයට පත් කරන ලදී. 12.6% වන දෙමළ ජාතිය එදා එසේ බලකර සිටියේ රටෙන් 1/3 ක්‌ සහ වෙරළ තීරයෙන් 60% ක්‌ ය. එසේ නම් නිදහස ලැබීමටත් පෙර සිට බෙදා වෙන් වීමට තැත් කළ, ජාතිවාදය වැපිරූ, චෙල්වනායගම්ට අතිශය ලෙස ප්‍රශංසා කරමින්, එය වලක්‌වා ජාතිය ආගම බේරා ගැනීමට තැත්කළ පුද්ගලයන් ජාතිවාදී අන්තගාමීන් යයි හඳුන්වන රාජිතගේ සිංහල විරෝධී බෙදුම්වාදී ආකල්පයන් ඉන් මොනවට පැහැදිලි නොවන්නේද?

රාජිත විසින් ක්‍රියාත්මක කළේ නම් ඉතා අගනේයයි කියන බණ්‌ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමේ අන්තර්ගතය කුමක්‌ දැයි දැන් බලමු. එම ගිවිසුම අත්සන් කළේ 1957/7/26 වන දිනය. එහි කොන්දේසි පහත සඳහන් වේ.

1. උතුරට එක පළාතකුත්, නැගෙනහිරට පළාත් 2 ක්‌ හෝ වැඩි ගණනක්‌ සහ උතුර නැගෙනහිර එකතු කිරීමේ අයිතිය

2. එසේ එකතු කරගත් පළාත්වලට පහත සඳහන් විෂයයන් සඳහා පූර්ණ බලය දා කෘෂිකර්ම, ඉඩම්, ඉඩම් සංවර්ධන, ජනාවාස පිහිටුවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, කර්මාන්ත, ධීවර, නිවාස, සමාජ සේවා, විදුලිය, ජලය සහ මාර්ග, ඉඩම් ලබාදෙන ව්‍යාපෘති සඳහා මිනිසුන් තෝරන බලය.

මෙම ගිවිසුම අත්සන් කොට දින දෙකකට පසුව චෙල්වනායගම්ගේ ෙෆඩරල් පක්‌ෂයේ ජාතික සමුළුවේදී "ලංකා ෙෆඩරල් සමූහය තුළ ස්‌වාධීන දෙමළ රාජ්‍යයක්‌ සඳහා සම්මුතියක්‌ද" ඇතිකර ගන්නා ලදී. එසේ නම් මෙම ගිවිසුම පෙඩරල් පක්‌ෂයේ බෙදුම්වාදී ප්‍රතිපත්ති හෝ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය මතුවීම වැළැක්‌වීමට හේතු වූ සාධකයක්‌ද? නැත .

අනෙක්‌ අතට එම ගිවිසුම ක්‍රියාත්මක වීම ඔහුගේ ඊනියා අරමුණ කරා යැමට කදිම ප්‍රවිෂ්ඨයක්‌ වීමට තිබුණා නොවේ ද ? රාජිත සේනාරත්න එවන් ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීම ගැන පසුතැවිලි වන්නේ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ට අවශ්‍ය ලෙස රට බෙදන්නට බැරි වූ නිසා නොවේද? නීති සම්පාදනයක්‌ අවශ්‍ය වන එම බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම සඳහා බණ්‌ඩාරනායකට කිසිදු ජන වරමක්‌ තිබුණේ නැති අතර තමන්ගේ පාර්ලිමේන්තුවේ අනුමැතියක්‌ ද නොතිබිණ.

එය ෙෆඩරල් පක්‌ෂය විසින් කරන්නේ යෑයි කියූ සත්‍යග්‍රහ භීතිය නිසා ඇතිකරන ලද්දකි. බණ්‌ඩාරනායකට අවසානයේදී එය අත්හැරීමට සිදු වූයේ එබැවිනි.

ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම 1965-03-24 දින අත්සන් කළේ ඩඩ්ලි අගමැති වීමට දින තුනකට පෙර හොර රහසේය. එම ගිවිසුමේ අඩංගු ප්‍රධානම කරුණ වූයේ උතුරු නැගෙනහිර ජනාවාස පිහිටු වීමේදී ඉඩම් ලබා දෙන ආකාරයයි. එනම් ප්‍රථමයෙන් දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් නොමැති අයට, දෙවනුව උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන අයට සහ තෙවනුව රටේ දෙමළ ජනතාවට ප්‍රමුඛතාවය දී ඉතිරි අයට. මේ අනුව, සිංහල ජනතාවට ලැබෙනුයේ ඉඩම් තිබෙන හෝ නැති දෙමළ ජනයාට සියල්ල ලබා දී ඉතිරි වන ටික පමණි. එස්‌. එල්. ගුණසේකර මහතා මෙය කදිමට පැහැදිලි කර ඇත.

රාජිත සේනාරත්න කඳුළු සලන්නේ මෙම ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක නොවීම නිසාය. එසේ නම් ඔහු කම්පා වෙන්නේ කා වෙනුවෙන්ද?

මෙය අත්සන් කරන විට ඩඩ්ලි අගමැතිව නොසිටි නිසා ඔහුට ගිවිසුමට ක්‍රියාත්මක කිරීමට කිසිදු බලයක්‌ නොතිබිණ එය එ. ජා. පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශනයේද සඳහන්ව නොතිබිණ. තිබ්බා නම් 1956 ජයගත් ආසන 8 වත් එ. ජා. පක්‍ෂයට ලැබෙන්නේ නැත. එම ඊනියා ගිවිසුම අවලංගු වුණේ ඒ නිසයි. එයට විරුද්ධ වුණු සංඝයා වහන්සේ ඇතුළු සියල්ලම ජාතිවාදී අන්තවාදීන් ලෙස සලකන රාජිතගේ සිංහල හා සිංහල බෞද්ධ විරෝධී ආකල්පය එයින්ම ගම්‍ය නොවන්නේද?

19 වන සංශෝධනයට පමණක්‌ නොව ව්‍යවස්‌ථාව පවා උල්ලංඝනය කොට දෙමළෙන් ජාතික ගීය ගැයීමට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණේ මා පමණි. රාජිතලා වැනි ෙද්‍රෝහීන්ගේ බලපෑමට කරන ලද එම පාවා දීම තුළින් අද " සංහිඳියාව" මඳක්‌ හෝ ඇති වී තිබේද? අද වව්නියාවේ සිංහල පාසල් උත්සවයේදී උතුරු පළාත් අධ්‍යාපන ඇමැති රටේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කරයි. රාජිත ඒ ගැන මෙතෙක්‌ වචනයකුදු හෝ නොදොඩයි. සුමන්දිරන් සහ විග්නේශ්වරන් ජාතික කොඩිය වෙනස්‌ විය යුතු යෑයි මොර දෙති. රාජිත පවා හෙට දින එසේ කිවහොත් අප පුදුම විය යුතු නැත.

ඇල්බට්‌ අයින්ස්‌ටයින් දේශනුරාගය සහ දේශප්‍රේමීන් ගැන ප්‍රකාශයක්‌ කළා නම් එසේ කළේ එදා ජර්මනියේ හිට්‌ලර් මිලියන ගණනක්‌ අහිංසක යුදෙව් වැසියන් ඝාතනය කළේ "දේශප්‍රේමය" පෙරටුකොට ගෙන නිසා බැවින් මිස වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ලක්‍ෂ ගණනක්‌ දිවි කැප කොට රැකගත් ඒකීයභාවය, බෙදුම්වාදී සුළුතරයක්‌ විසින් ත්‍රස්‌තවාදයෙන් හෝ ව්‍යවස්‌ථාවක්‌ මගින් හෝ බෙදීම වලක්‌වන " දේශප්‍රේමීන්" සම්බන්ධව නොවේ. එය යථාවබෝධයෙන් තේරුම් ගත හැක්‌කේ ලක්‌මාතාවගේ සුජාත දරුවන්ට පමණි.

එසේ නම් රාජිත සේනාරත්න යනු සිංහල විරෝධි, රට බෙදීමට දරුණු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයින් සමඟ කටයුතු කරන පුද්ගලයෙක්‌ බව ඔහුගේම ප්‍රකාශවලින් ඉහත දැක්‌ වූ ආකාරයට සනාථ වේ. කරුණු එසේ බැවින් ඔහු විසින් වර්තමාන යෝජිත ව්‍යවස්‌ථාව අගය කරන්නේ නම් එසේ කරන්නේ අනිවාර්යයෙන්ම එයින් සිංහලයන්ගේ අයිතීන් නැති කරමින් රට බෙදෙන නිසාය. රට, ජාතිය, ආගම රැක ගැනීමට නායකයින් බිහි කළ ආනන්ද විදුහලට එහි ඉගෙනුම ලැබූ රාජිත වැන්නන් අතිශය නින්දාවක්‌ බැව් මා පවසන්නේ එබැවිනි. එය එසේ දැයි ද නැත්ද යන්න තීරණය කිරීම ඔබට බාර කරමි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com : Like us on facebook
https://www.facebook.com/yuthukama

11/19/2017

දේශද්‍රෝහීන්ගේ මරණ බිය

කතෘ:යුතුකම     11/19/2017   No comments

දේශද්‍රෝහීන්ගේ මරණ බිය - රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

"සරත් වීරසේකර හෝ කමල් ගුණරත්න හෝ නීතිය හා සාමය භාර ඇමැතිගේ රැකවරණය ලබන රාජපක්‌ෂ පවුලේ කෙනකු හෝ අප මරා දැමීමට ප්‍රථම කවුරුන් හෝ මෙය කිව යුතුය..."

මහාචාර්යවරයෙක්‌ ලෙස හඳුනාගත් සරත් විඡේසූරිය නමැත්තා උක්‌ත ප්‍රකාශය කළේ සෝභිත හිමිගේ දෙවැනි ගුණ සමරු උළෙලේ ජනපති ඇතුළු මැති ඇමැතිවරු සහභාගි වූ සභාවක්‌ අමතමිනි. මුළු ජීවිත කාලයෙන් 2/3 ක්‌ම රට වෙනුවෙන් කැපවූ අප දෙදෙනාව පාතාලයේ දාමරිකයන්ට සමකොට කරන ලද එම ප්‍රකාශය පිළිබඳ මා විසින් විරුද්ධත්වය පෑ යුතු යෑයි පැවසූ මගේ මිතුරෙක්‌ තවදුරටත් කියා සිටියේ "සාධාරණ" සමාජයක්‌ වෙනුවෙන් පෙනී සිටින සරත් විඡේසූරිය ආචාර්ය උපාධීන් තිබියදීත් මහාචාර්ය නොවූ පුද්ගලයන් සිටියදී ආචාර්ය උපාධියක්‌ තබා දර්ශනවේදී (ඵ චයා) උපාධියක්‌ හෝ නොමැතිව මහාචාර්ය පදවියක්‌ ලබාගැනීම කොතෙක්‌ දුරට සාධාරණ දැයි ඔහුගෙන් ප්‍රථමයෙන් විමසන ලෙසය. මට එසේ විමසීමට කිසිදු අවශ්‍යතාවක්‌ නැතත් ඊළඟ ගුණ සමරු උළලේදී විඡේසූරිය විසින් එම "සාධාරණ" ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනපති ඉදිරියේ කරුණු පැහැදිලි කර දෙනු ඇතැයි සිතමි.

සරත් විඡේසූරියගේ දේශනය පුරාම ගරු අධිකරණයත්, ශ්‍රී ලංකා පොලිසියත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් තදබල ලෙස අපහාසයට ලක්‌කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම ආයතන කෙසේ ප්‍රතිචාර දක්‌වන්නේ දැයි අප බලා සිටිමු. රාජපක්‌ෂ සමයේ දූෂිත යෑයි අත්අඩංගුවට ගත් අයට ඉක්‌මනින් ඇප ලැබේ යෑයි පැවසීමෙන් අදහස්‌ කරන්නේ විනිසුරුකරුවන් අල්ලස්‌ ලබා හෝ වෙනයම් බලපෑමකට යටත්ව හෝ එසේ ඇප ලබාදෙන බවයි. එය ගරු අධිකරණයට කරන අපහාසයක්‌ නොවන්නේද? නීතියට අනුව ඇප ලබාදීමට අදාළ කොන්දේසි සපුරාලිය යුතුය. එම නීති හෝ කොන්දේසි විශ්වවිද්‍යාලයට සිංහල භාෂාව ඉගැන්වීමට දිනපතා ප්‍රමාදව පැමිණෙන සරත් විඡේසූරිය දන්නේද? ඇප දීමට අදාළ නීති ගැන හසරක්‌ නොදන්නා අයෙක්‌ නීතිය උගත් විනිසුරුකරුවන්ගේ තීරණ අභියෝගයට ලක්‌කරන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් නීති සංගමය නිහඬව නොසිට මෙම පුද්ගලයාට විරුද්ධව නීතිය මඟින් කටයුතු කළ යුත්තේ එසේ නොකළහොත් විනිසුරුකරුවන් දූෂිත යෑයි වක්‍රව නොව Rජුව පැවසූ කරුණු සත්‍ය ලෙස පිළිගැනෙනා බැවිනි.

රටේ අධිකරණය සඳහා අමාත්‍යවරයෙක්‌ පත් කෙරෙන්නේ අධිකරණ ක්‍රියාවලියට, පරිපාලනයට අවශ්‍ය සම්පත් ලබාදී අධිකරණයට අනුයුක්‌ත පුද්ගලයන්ගේ සුබසාධනය, ඉදිරි සැලසුම් යනාදිය සකසමින් රටේ සමස්‌ත ජනතාවටම අධිකරණයේ සහාය ලබාගැනීමට, සාධාරණ යුක්‌තිය ඉටුකිරීමට අවශ්‍ය මාවත සැකසීමට මිස විනිසුරුවන්ට බලපෑම් කොට තම රජයට එරෙහි පාර්ශ්වයන්ට විරුද්ධව දඬුවම් පැමිණවීමට නොවේ. ඒ අයුරින් බලන කල වර්තමාන රජය "රාජපක්‌ෂ හිතවාදීන්" ගේ නඩු ප්‍රමාදවීම සම්බන්ධයෙන් වරදකරු කොට හිටපු අධිකරණ ඇමැති ඉවත් කිරීමෙන්ම ගම්‍ය වනුයේ එක්‌කෝ රටේ විනිසුරුවන් දේශපාලන බලපෑම් වලට යටත් වී ඇති බව පිළිගැනීම හෝ අධිකරණ ඇමැති විනිසුරුවන්ට බලපෑම් කොට අදාළ චූදිතයන්ට දඬුවම් කළ යුතුය යන්න නොවේද? එයින් කවරක්‌ සත්‍ය වුව ද එයින් අභියෝගයට ලක්‌වන්නේ අධිකරණයේ ස්‌වාධීනත්වය නොවේද?

රාජපක්‌ෂ පවුල සහ එම පාලන සමයේ බලධාරීන් සහ හමුදා නිලධාරීන් සමඟ දැඩි වෛරයකින් පසුවන විඡේසූරිය එම පුද්ගලයන් රිමාන්ඩ් ගතකොට ඇප ලබාදීමට විරුද්ධ වන නමුත් මිනිසුන් සිය ගණනක්‌ අමු අමුවේ මරාදමා දඬුවම් ලබන ත්‍රස්‌තවාදීන්ව සිරෙන් නිදහස්‌ කිරීම ගැන කිසිදු විරුද්ධත්වයක්‌ නොපායි. නාවික හමුදාවේ බුද්ධි අංශයේ ලුතිනන් කොමාන්ඩර් සුමිත් රණසිංහ මාස 9 ක්‌ තිස්‌සේ ඇප නොදී සිරගතව සිටින අතර ඔහු විසින් අත්අඩංගුවට ගත් කිලෝ 1008 ක පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ ලොරිය පදවන් ආ මරාගෙන මැරෙන ත්‍රස්‌තයා (ජීවරත්නම්) නිදහස්‌ කොට යෑවීම ගැන කිසිත් නොකියයි. හමුදාව රසායනික අවි භාවිත කළේ යෑයි එක්‌සත් ජාතීන්ගේ සමුළුවේ පට්‌ටපල් බොරුවක්‌ කියා අපේ හමුදාව පාවාදුන් සන්ධ්‍යා එක්‌නැලිගොඩ තම සැමියාගේ ඡායාරූපය තුරුළුකරගත් ලැම දෙස මහත් වූ අනුකම්පාවෙන් බලමින් කඳුළුහලන විඡේසූරිය එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සතුටු කිරීමට මාස 13 ක්‌ තිස්‌සේ නිකරුනේ සිරගත කොට සාක්‌ෂි නොමැති නිසා තවමත් නඩු පවරා නැති ත්‍රස්‌තවාදය නිම කිරීමට දිවි පරදුවට තබා සේවය කළ බුද්ධි නිලධාරීන්ගේ බිරින්දැවරුන් එදා දුක්‌වින්ඳ අන්දම පිළිබඳව තුට්‌ටුවකට මායිම් නොකරයි. යුද්ධයේ අවසාන අදියරේ දෙමළ ජනතාව දහස්‌ ගණනකගේ ජීවිත බේරාගත් නාවික මෙහෙයුමට නායකත්වය දුන් කොමදොaරු දසනායක අද සිරගතව සිටින අතර ඔහුගේ බිරිඳ සහ දියණියන් හෙළන කඳුළු ගැන ඔහුට ගණනක්‌ නැත. වසර ගණනාවකට පෙර අත්අඩංගුවේ සිටි ත්‍රස්‌තයෙක්‌ පැන යැමේදී දියේ ගිලී මැරුණු සිද්ධියකට එවකට රාජකාරියේ යෙදී සිටි චින්තක බණ්‌ඩාර ඇතුළු පොලිස්‌ නිලධාරීන් වසර 10 කට සිරගත කොට ඇති අතර ඔවුන්ගේ බිරින්දැවරුන් නඟන අෙ¹aනාවල් විඡේසූරියට ඇසෙන්නේ නැත. මිනී මැරීමට, මත්ද්‍රව්‍ය, මංකොල්ලකෑම් යනාදියට වරදකරුවන් වූ සිරකරුවන්ගේ ඝාතනය පිළිබඳව (කුඳුළු හෙළමින්) පරීක්‌ෂණ පැවැත්විය යුතු යෑයි කියන විඡේසූරිය, ත්‍රස්‌තයෝ අරන්තලාව සාමණේරයන් ඝාතනය කරද්දී, ශ්‍රී දළදා මාලිගයට පහර දෙද්දී, ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසිකාවන් සිය ගණනක්‌ මරා දමද්දී, ගෝනගල බඩදරු මවුවරුන්ගේ පණපිටින් කුස පලා මරද්දී අද සාධාරණ සාමාජයක්‌ සඳහා මොරදෙන විඡේසූරිය එදා කිසිදු හඬක්‌ නැඟුවේ නැත.

මියගොස්‌ ඇත්දැයි තවමත් නොදන්නා ප්‍රංශයේ සැඟව සිටී යෑයි සමහරෙක්‌ සැකකරන එක්‌නැලිගොඩගේ බිරිඳ ගැන කම්පා වන විඡේසූරිය තමන් ද ඇතුළුව සමස්‌ත ජනතාවටම ජීවත්වීමේ නිදහස ලබාදීමට මිනීමරු ත්‍රස්‌තයන් සමඟ සටන් කොට දිවිපිදූ හමුදා සෙබළු 29,000 කගේ සහ ආබාධිත වූ 14,000 ක ගේ බිරින්දැවරුන්, අම්මාවරුන් ගැන බොරුවට හෝ කඳුළක්‌ හෙළනු අප කිසිදා දැක නැත. මෙවන් වූ තිරශ්චීන පුද්ගලයන් එසේ ක්‍රියාකරමින් යහතින් වැජඹෙන්නේ ලංකාවේ පමණක්‌ විය යුතුය.

රිමාන්ඩ් ගතකරන රාජපක්‌ෂ හිතවාදී සැකකරුවන් කෙලින්ම බන්ධනාගාර රෝහලට ඇතුළත් වන බව විඡේසූරිය පවසන්නේ ඉතාම අවඥවෙනි. රිමාන්ඩ් ගතකරන සැකකරුවන් නීතිඥයන්ගේ මාර්ගයෙන් තමාගේ රෝගී තත්ත්වය ගැන ප්‍රකාශ කළ විට උසාවියෙන් සැකකරුවාව බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කරයි. සැකකරුවාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නේ එම වෛද්‍යවරයාගේ නිර්දේශය මතයි.

එම වෛද්‍යවරයා අයත් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නොවේ. බන්ධනාගාර නිලධාරීන් කරනුයේ රෝහලට ආරක්‌ෂාව දීම පමණි. තවද සෑම සතියකම බදාදා දින මහ රෝහලින් විශේෂඥ වෛද්‍යවරයකු පැමිණ සෑම රෝගියෙක්‌ම පරීක්‌ෂා කරයි. සුව වූ අය රෝහලින් පිටත් කරයි. එසේ නම් විශ්වවිද්‍යාලයේ තම විෂය වන සිංහල භාෂාව පවා නිසි ලෙස උගන්වන්නේ නැතැයි චෝදනා ලැබ සිටින විඡේසූරිය මෙලෙස අභියෝගයට ලක්‌කරනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීමය සුදුසුකම සහ ඔවුන්ගේ චර්යා ධර්මයන් සහ අවංකභාවයයි. ඕනෑම ආයතනයක අඩුපාඩු සිදුවීම ස්‌වභාවිකය. නමුත් රටේ ප්‍රධානියා ඉදිරිපිටදී මෙසේ ප්‍රකාශ කිරීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් හෝ අදාළ වෛද්‍යවරුන් හෝ කිසිත් නොකියා නිශ්ශබ්දව සිටී නම් එය උක්‌ත ප්‍රකාශය අනුමත කිරීමක්‌ වන බව පිළිගැනේ.

අත්අඩංගුවේ සිටින රාජපක්‌ෂ හිතවතුන් රෑට තරුපහේ හෝටල්වල සිටින බවට ඔහු පොලිසියට විරුද්ධව බරපතළ චෝදනාවක්‌ නඟයි. එයින් ඔහු පොලිසියට සහ පොලිස්‌පතිට කරනුයේ බලවත් අපහාසයකි. ඔහුට අනුව රාජපක්‌ෂ පාලන සමයේ සිදුවූයේ යෑයි චෝදනා කරන අපරාධ මෙතෙක්‌ අල්ලා නොමැත්තේ පොලිස්‌ නිලධාරීන් පොලිස්‌පතිගේ භාවනා පන්ති වැඩසටහන නිසා "සෝවාන්" වී ඇති නිසාය. සාක්‌ෂි නැති නිසා නොවේ. සූක්‌ෂම ලෙස සාක්‌ෂි සොයාගනිමින් බොහෝ වෙහෙස මහන්සි වී දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගන්නා පොලිස්‌ නිලධාරීන් ඔහුගේ කිසිත් අගය කිරීමකට ලක්‌ නොවන්නේ ඒ අපරාධකරුවන් රාජපක්‌ෂ පවුලේ අය නොවන නිසාය. විඡේසූරියට දැන් අවශ්‍ය වන්නේ (සාක්‌ෂි නොමැති නිසා) "සෝවාන්" වී ඇති පොලිස්‌ නිලධාරීන් නැවත "පෘථග්ජන" බවට පත්කොට, පොලිස්‌පතිගේ භාවනා පන්තිය අවලංගු කොට හතරවැනි ශික්‌ෂා පදය කඩකොට බොරු සාක්‌ෂි හෝ ගොනුකොට රාජපක්‌ෂ නඩයේ එකෙක්‌ හෝ අපරාධයකට හසුකොට ජනතාවට පෙන්වීමය. විෙ-සූරියගේ මෙම දැඩි අසහනයට හේතුව යහපාලනය බලයට ගෙන ඒමට වේදිකාවන් පුරා දිවා රෑ රාජපක්‌ෂලා කළා යෑයි කියූ දූෂණ, අපරාධ වසර 3 ක්‌ ගතවීත් කිසිත් සනාථ නොවී එකෙක්‌ හෝ "කොටු" කර ගැනීමට මෙතෙක්‌ අසමත් වීමය. එයට පොලිසියට අපහාස කිරීමෙන් ඵලක්‌ තියේද?

හිතාමතාම අපරාධකරුවන් අල්ලා නොගන්නා බවට ජනපති ඉදිරියේ මහත්වූ අවඥවෙන් පොලිසියට අපහාස කළ විඡේසූරිය සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌දැයි අප බලා සිටිමු.

බොහෝ දෙනා යෝජනා කරන්නේ පොලිස්‌පතිතුමා තම භාවනා වැඩසටහන අවලංගු කොට කිසිදු සාක්‌ෂියක්‌ නොමැතිව "රාජපක්‌ෂ නඩයේ" අයවලුන් උක්‌ත අපරාධ වලට වැරදිකරුවන් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව කියාදීම සඳහා ඔහු ලවා වැඩමුළුවක්‌ සංවිධානය කළ යුතු බවයි. වෙනත් අයගේ කෘතීන් තමන්ගේ නම යොදා මුද්‍රණය කරන බවට චෝදනා ඇති ආචාර්ය හෝ දර්ශනවේදී හෝ උපාධි නොමැතිව මහාචාර්ය තනතුරක්‌ ලබාගත් බව කියන විඡේසූරියගෙන් ඒ සඳහා කදිම උපදෙස්‌ මාලාවක්‌ ලබාගත හැකි බව ද ඔවුන් වැඩිදුරටත් පවසති.

සෝභිත හිමිගේ 2 වැනි ගුණ සැමරුම් උළෙලේ කොළයක්‌ බලාගෙන පැයක්‌ පමණ වෙලා රාජපක්‌ෂ සමයේ දූෂණ ගැන මහත් වූ කම්පාවෙන් ද අගමැතිතුමා සම්බන්ධයෙන් මහත් වූ වර්ණනාවෙන් ද කතා කළ විෙ-සූරිය ලක්‌ ඉතිහාසයේ සිදුවූ භයානකම සහ බරපතළම, විශාලතම සොරකම ලෙස සැලකෙන මහ බැංකු වංචාව පිළිබඳව වචනයක්‌ හෝ නොදෙඩුවේ මන්දැයි යන්න ද එම මහත් වූ වංචාවට සම්බන්ධ විදේශිකයා මහ බැංකු අධිපති ධුරයට පත්කළ අගමැතිවරයා දූෂණ කමිටුව ඉදිරියට තවමත් නොගෙනාවේ ඇයි දැයි එදා නොඇසුවේ මන්ද යන්න ද එකී වැඩමුළුවේදී විෙ-සූරියගෙන් ඇසීමට "සෝවාන්" නොවූ එක්‌ පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ හෝ යොදවන ලෙස අප පොලිස්‌පතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සරත් විඡේසූරියගේ ප්‍රධාන අරමුණ වනුයේ කෙසේ හෝ වර්තමාන නව ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස්‌ කිරීමය. සම්බන්ධන් මහතා රට බෙදීමට විරුද්ධ බවත් බුදු දහමට නිසිතැන දීමට කැමති පරිණත දේශපාලනඥයකු බවත් ඔහු කියන්නේ සම්බන්ධන් සහ නීතිපති ඉදිරියේ ය. එසේම ව්‍යවස්‌ථාවට එරෙහි වන්නේ ජන විඥනය දූෂණය කරන සංඝයා වහන්සේලා සහ අන්තවාදී පිරිස්‌ යෑයි ද ඔහු කියයි. සම්බන්ධන් රට බෙදීමට විරුද්ධ නම් "අපගේ අරමුණ කෙසේ හෝ ඊළාම් රාජ්‍යය ලබාගැනීම" යෑයි ප්‍රකාශ වන සුප්‍රසිද්ධ වඩුක්‌කොඩෙයි ප්‍රඥප්තිය ඔහු තවමත් ප්‍රතික්‌ෂේප නොකරන්නේ මන්දැයි යන ප්‍රශ්නයට විඡේසූරිය පිළිතුරු දිය යුතුය. විඡේසූරිය එක්‌කෝ නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් හසරක්‌ නොදන්නෙක්‌ විය යුතුය. එසේ නැතහොත් දෙමළ ඩයස්‌පෝරාවේ මුදලින් යෑපෙමින් ජනතාව මුලා කොට රට බෙදීමට හවුල් වන්නෙක්‌ විය යුතුය. 13 වැනි සංශෝධනයෙන් පසුව රටේ ඒකීයභාවය යම්තාක්‌ දුරට හෝ රඳවා සිටින ජනපති විධායක බලතල සහිත ආණ්‌ඩුකාර තනතුර සහ සමගාමී ලැයිස්‌තුව යන දෙකම අහෝසි කරන නිර්දේශ ඇතුළත් නව ව්‍යවස්‌ථාව අනුමත වුවහොත් රට නොබෙදන්නේ කෙසේ ද යන්න කශේරුකාවක්‌ තිබේ නම් විඡේසූරිය වහාම පහදා දිය යුතුය. දැනටමත් උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතු යෑයි පෙළපාලි යන නාගදීපයේ බුදු පිළිමය ඉදිකිරීම තහනම් කොට ඇති විග්නේෂ්වරන්ට නව ව්‍යවස්‌ථාවට අනුව ආණ්‌ඩුකාරවරයාගේ බලරහිත කොට නීති සෑදීමේ පූර්ණ බලතල දුනහොත් උතුරේ බුදු සසුන රැකගන්නේ කෙසේ ද යන්නත් ඔහු පහදා දිය යුතු වේ.

වර්තමාන ව්‍යවස්‌ථාවට අනුව රට වැසියෙක්‌ට පවා (තෑගි, අල්ලස්‌, තර්ජන, බලපෑම් කරමින්) තම ආගම ප්‍රවර්ධනය කිරීම තහනම වන නමුත් නව ව්‍යවස්‌ථාවට අනුව විදේශිකයකුට වුව ද තම ආගම සහ සංස්‌කෘතිය ප්‍රවර්ධනය කිරීමට අවසර දී ඇත. එවිට විදේශිකයන් මෙහි පැමිණ මුදල් විසිකරමින් අපගේ දුප්පත් අසරණ බෞද්ධයෝ තම ආගමට හරවනු ඇත. අප රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව ක්‍රම ක්‍රමයෙන් විනාශ කරනු ලබන්නේ එලෙසිනි. මෙම අවදානම නොදැන සිටීමට බබෙක්‌ මෙන් කතාකරන විඡේසූරිය බබෙක්‌ නොවේ. එසේ නම් ඔහුත් මෙම කුමන්ත්‍රණයේ හවුල්කරුවෙක්‌ නොවේද?

දේශෙද්‍රෝහියා යනු දේශයට/මවුබිමටද්‍රෝහි වන්නාය. දේශයට ද්‍රෝහි විය හැක්‌කේ කෙසේද? සම්පත් රටවැසියන්ට අහිමි කිරීමෙන්, රට ආරක්‌ෂා කරන හමුදාව දුර්වල කිරීමෙන්, වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ජීවිත ලක්‌ෂ ගණනක්‌ කැප කොට ආරක්‌ෂා කළ රටේ ඒකීයභාවය විනාශ කිරීමෙන් යනාදියෙනි. ත්‍රස්‌තවාදයෙන් වසර 30 යුද්ධ කොට ලබාගැනීමට බැරිවූදේ ව්‍යවස්‌ථාවකින් බෙදාදීමට සැරසේ නම් එය අනිවාර්යයෙන්ම දේශයටද්‍රෝහී වීමකි. එවන් ව්‍යවස්‌ථාවකට අනුබල දෙන්නන් ද දේශයටද්‍රෝහි වන්නන් ය. නමුත් එය එසේ දැයි තීරණය කරන්නේ අප නොව අධිකරණයයි. අපට කළ හැක්‌කේ එවන් වූ අපට අනුව හඳුනාගත් "දේශෙද්‍රෝහීන්ට" විරුද්ධව නිසි කල ආපසු නඩු පැවරීම පමණි. උසාවියේදී "දේශෙද්‍රෝහී" චෝදනාව සැකයෙන් තොරව සනාථ වුවහොත් ලෝකයේ සෑම රටක මෙන්ම අපේ රටේ ද ඔවුන්ට දෙන එකම දඬුවම මරණීය දණ්‌ඩනයයි. ජනරාල් කමල් ගුණරත්න සහ මා ප්‍රකාශ කළේ එයයි. එනම් රට තුළ පවතින එම අධිකරණ ක්‍රියාවලිය/තත්ත්වයයි. කරුණු එසේ තිබියදී සරත් විඡේසූරිය දෙනෝදහසක්‌ ඉදිරියේ "සරත් වීරසේකර සහ කමල් ගුණරත්න අප මරාදැමීමට පළමු....." යනාදී වශයෙන් ප්‍රකාශ කරයි නම් එයි නැඟෙනුයේ තමා තම දේශයට ද්‍රෝහි වී ඇති බව තමාම පිළිගැනීමක්‌ නොවේද?

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :
https://www.facebook.com/yuthukama

7/12/2017

දේශද්‍රෝහීන්ට එල්ලුම් ගස? : උතුරට ෆෙඩරල් නම් වැල්ලවත්තට?

කතෘ:යුතුකම     7/12/2017   No comments
උතුරට ෆෙඩරල් නම් වැල්ලවත්තට?
ජාති වාදය යළි අවුලන උපරිම බලය
යාපනයේ වැනසෙන සිංහල බෞද්ධ උරුමය


-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

අද වන විට පුරවැසි බලය නමැති "කුහක" සංවිධානයේ පුද්ගලයන් කිහිප දෙනෙක්‌ සහ භික්‌ෂුන් වහන්සේ නමක්‌ "ඒකීය" රටක්‌ තුළ උපරිම ලෙස බලය බෙදිය යුතු යෑයි දිවයින පුරා දේශනා පවත්වමින් යති. එයට වර්තමාන රජයේ දේශපාලනඥයන් කිහිප දෙනෙක්‌ද සහභාගි වී සිටිති. ඊර්ෂ්‍යාකාරයෝ යනු තමා සමඟ තරග වදින තමා දන්නා හඳුනන අයගේ යහපත, දියුණුව නොඉවසන්නෝය. "කුහකයෝ" යනු මුළුමහත් ජාතියක්‌ සතුටින් සමගියෙන් සිටිනු දැකීම නොරිස්‌සන්නෝය. ඔවුන් වනාහි රටක පහල වන "සුජාත" පුද්ගලයෝ නොවෙති. මන්ද ඔවුන් තමන්ට ලැබෙන පුද්ගලික වාසි කතා එක්‌ ජාතියකට සහාය දක්‌වමින් මතුවට ජාතීන් අතර කුලල් කා ගන්නා තත්ත්වයක්‌ රට තුළ ඇති කිරීමට සෘජුව දායක වන බැවිනි. සමාජයක යහපත තකා වැඩ කරන්නේ "සුජාත" පුත්‍රයන් මිස "අවජාත" පුත්‍රයන් නොවේ. අවජාතකයන්ට තමන්ගේම ජාතියක්‌ ජන්මයක්‌ නොමැති බැවින් සමාජයේ ජාතීන් අතර කුමන අන්දමේ ප්‍රශ්න මතු වුවද මුදලට ඕනෑම ජාතියක්‌ පාවා දීමට ඔවුන් පසුබට නොවෙති. කරුණු එසේ වුවද ඇත්ත වශයෙන්ම "කුහක" "සුජාත නොවන" ගණයට වැටෙන්නේ තමා දැනුවත්වම එයට අනුකූලව කටයුතු කරන්නන් පමණි. තමා කරනුයේ අනිසි දෙයක්‌ බැව් "පුරවැසි බලයේ" කෙනෙකුට දැන්වත් වැටහී ගියහොත් එම සංවිධානයෙන් ඉවත් වී තමාගේ "ආත්ම ගෞරවය" රැක ගැනීමට ඔහුට තවමත් අවකාශ තිබේ.

"ඒකීය" රටක්‌ යනු රට පුරාම එක නීතියක්‌, එක ජාතික ප්‍රතිපත්තියක්‌ පවතින තත්ත්වයකි. ඒකීය රටක්‌ යනු පෙඩරල් නොවන රාජ්‍යයකි. පුරවැසි බලය පවසන අයුරින් පළාත් නවයෙහි ප්‍රධාන ඇමැතිට සහ ඇමැති මණ්‌ඩලයට විවිධ විෂයන් සම්බන්ධයෙන් තම තමන්ගේ පළාතේ වෙනම නීති සම්පාදනය කිරීම සඳහා බලය ලබාදුනහොත් පළාත් නවයේ තිබෙනුයේ එකම විෂයක්‌ සම්බන්ධයෙන් නීති නවයකි.

අද වන විට පළාතක ප්‍රධාන ඇමැතිට තමාට අවශ්‍ය ආකාරයේ නීති සම්පාදනය කළ නොහැක්‌කේ ප්‍රධාන ඇමැතිට ඉහළින් සිටින ආණ්‌ඩුකාරවරයාට ජනපති විධායක බලය පාවිච්චි කරමින් එම "අහිතකර නීති" අවලංගු කළ හැකි නිසාය. උදාහරණයක්‌ ලෙස උතුරේ මහ ඇමැති හෙට දින උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතු යෑයි නීතියක්‌ ගෙන ආවොත් ආණ්‌ඩුකාවරයාට එය ප්‍රතික්‌ෂේප කළ හැක. පුරවැසි බලය දැන් තම සහාය දෙන්නේ පළාත් සභාවට උපරිම බලය පවරමින් ආණ්‌ඩුකාවරයාගේ බලතල අහෝසි කොට ආණ්‌ඩුකාරවරයා "නාමික" තනතුරක්‌ බවට පත් කළ යුතුය යන යෝජනාවටය.

තවද 13 වන සංශෝධනය අනුමත වූ පසු තවමත් රට "ඒකීය" රටක්‌ ලෙස පවත්වාගෙන යැමට ඉවහල් වන එක්‌ කරුණක්‌ නම් "සමගාමී" ලැයිස්‌තුවයි. එහි සෞඛ්‍ය, පරිසරය, අධ්‍යාපනය, විවාහ, පුරාවස්‌තු යනාදී විෂයන් 36 ක්‌ අඩංගු අතර, යම්කිසි පළාතක්‌ ඒ සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන විට මධ්‍යම රජයේ අනුමැතිය ගැනීම අවශ්‍ය වේ. උදාහරණ ලෙස හෙට දින නැගෙනහිර මුස්‌ලිම් මහ ඇමැතිවරයා ෂර්යා නීතියට අනුව මුස්‌ලිම්වරුන්ට අවුරුදු 12 න් පහළ ගැහැනු ළමයි විවාහ කර ගත හැකි යෑයි නීතියක්‌ ගෙන ආවොත් මධ්‍යම රජයට එම වැලකිය හැකි වන්නේ "විවාහ/ උප්පැන්න" යන විෂය සමගාමී ලැයිස්‌තුවට අයත් බැවිනි. කුමන අභය භූමියේ අක්‌කර 500 ක්‌ එළිකොට තට්‌ටු නිවාස ඉදිකිරීමටත්, දීඝවාපි භූමියේ පරිවාර චෛත්‍යය ඩෝසර් කොට කර්මාන්තශාලාවක්‌ ඉදිකිරීමටත් තීරණය කළහොත් මධ්‍යම රජයට එය වැලකිය හැක්‌කේ "පරිසරය" සහ " පුරාවස්‌තු" යන විෂයන් සමගාමී ලැයිස්‌තුවට අයත් බැවිනි. පුරවැසි බලය උපරිම ලෙස බලය බෙදිය යුතු යෑයි කියන්නේ සමගාමී ලැයිස්‌තුව අහෝසි කළ යුතු යෑයි යන ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය වෙමිනි. ආණ්‌ඩුකාවරයාගේ බලය අහෝසි කර සමගාමී ලැයිස්‌තුවද අහෝසි කළ විට අපේ රටට පාර්ලිමේන්තුවක්‌ අවශ්‍ය නැති බැව් ඕනෑම කෙනෙකුට වැටහෙන කරුණකි. එවිට රටක්‌ ඒකීය වන්නේ කෙසේද? එසේ නම් "ඒකීය" රටක්‌ තුළ උපරිම ලෙස බලය බෙදනවා යෑයි කියන්නේ රටේ ජනතාව රවටා රට පෙඩරල් කිරීමට නොවේද?

විශේෂයෙන් උතුරු පළාතට බලය බෙදන්නේ දෙමළ ජනතාවට සිsදු වී ඇති අසාධාරණය වැළැක්‌වීමට බව කියති. නමුත් උතුරේ ජීවත් වන්නේ සමස්‌ත දෙමළ ජනතාවගෙන් 49% ක්‌ පමණක්‌ බව "පුරවැසි බලය" දැන නොගැනීමට ඔවුන් අත දරුවන් නොවේ. දෙමළ ජනතාවට සිදුවන "අසාධාරණය" වැළැක්‌වීමට උතුරට උපරිම ලෙස බලය බෙදන්නේ නම් වෙනත් වචනයකින් කිවහොත් "ඒකීය" රටක්‌ තුළ උතුරට පෙඩරල් දේ නම් එයින් දකුණේ සිංහලයෝ සමඟ ජීවත් වන සියයට පනහටත් වඩා සිටින දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳෙන්නේ කෙසේද? එයින් හැඟෙන්නේ පුරවැසි බලය දකුණේ සිටින දෙමළ ජනයාගේ ප්‍රශ්න පිළිබඳව සැලකිල්ලක්‌ නොදක්‌වන බවද එසේත් නැතහොත් දකුණේ ජීවත්වන බහුතර දෙමළ ජනයාගේ ප්‍රශ්න දැනටමත් විසඳී ඇති බවට ඔවුන් තෘප්තිමත් වී ඇති නිසාද? දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීමට උතුරට පෙඩරල් දිය යුතු නම් දෙමළ ජනයා 95% වෙසෙන වැල්ලවත්තට, බම්බලපිටිය, කොටහේනටද පෙඩරල් දිය යුතුද? පුරවැසි බලයේ සිටින්නන් අතර, කශේරුකාවක්‌ ඇති එකෙක්‌ හෝ සිටී නම් මෙයට පිළිතුරු දීමට ඉදිරිපත් විය යුතුයි.

උතුරේ ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් දැනටමත් උතුරු පළාතේ සිංහලයන්ට ජීවත් වීමට අයිතියක්‌ නොමැති බව පවසයි. එසේම දෙමළ තරුණ තරුණියන්ට සිංහල තරුණ තරුණියන් හා විවාහ නොවිය යුතු බව පවසයි. තවද උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතු යෑයි කිලිනොච්චියේ පෙළපාලි යයි. මෙම ජාතිවාදී ප්‍රධාන ඇමැතිගේ "හැසිරීම" වර්තමානයේ "බලයක්‌ නොමැතිව" මෙසේ නම් පුරවැසි බලය කියන අයුරින් ඔහුට "උපරිම බලය" දුනහොත් සිංහලයාට සහ උතුරේ බෞද්ධ උරුමයන්ට අත්වන ඉරණම කුමක්‌ද? මෙවන් දෙයක්‌ සිදුවන බැවින් දැන දැනම උතුරට උපරිම ලෙස බලය දිය යුතු යෑයි මොර දෙන්නන් "සුජාත" පුද්ගලයන් නොවේ යෑයි කීමේ වරද කුමක්‌ද? ව්‍යවස්‌ථාව සංශෝධනය කොට උපරිම ලෙස බලය බෙදිය යුතු යෑයි කියන්නේ බෙදුම්වාදී දෙමළ ඩයස්‌පෝරාව, ද්‍රවිඩ සන්ධානය, බටහිර රටවල් සහ එ. ජා. ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරයාය. සිංහල මහා ජාතියට සහ බුදු දහමට දැඩි ලෙස අසාධාරණයක්‌ වන බවත් යෝජනාවකට සහාය දිය හැක්‌කේ ඩොලර්වලට තම ජාතිය විකුණන "සිංහලයන්" සේ පෙනී සිටින "අසිංහලයන්ට" පමණක්‌ නොවේද? එවන් පුද්ගලයන් "සුජාත" නොවන කරුණත් එයම නොවේද?

පුරවැසි බලයේ භික්‌ෂුන් වහන්සේ නමක්‌ද "උපරිම බලය" බෙදීමේ "අමිල" මෙහෙවරෙහි නියුක්‌ත වී ඇති සෙයක්‌ පෙනේ. වර්තමාන බෞද්ධ භික්‌ෂුව ආර්ය සංඝරත්නයෙන් පැවතෙන අතර, උන්වහන්සේලා අපේ ඉතිහාසය පුරාම සිංහලයා සහ රට ආරක්‌ෂා කිරීමට තම ජීවිත පවා පරිත්‍යාග කොට ඇත්තාහ. බුදු සසුන ආරක්‌ෂා කරනුයේ භික්‌ෂුන් වහන්සේලා වන අතර, භික්‌ෂූන්ට සිවුපසයෙන් සංග්‍රහ කොට උන්වහන්සේලාව රක්‌ෂා කරනුයේ සිංහලයන්ය. සිංහලයාට අවදානමක්‌ ඇති වන විට ඔවුන්ට අසාධාරණයක්‌ සිදුවන විට ඔවුන් ජීවත් වන රට අනතුරට ලක්‌ වන විට බෞද්ධ භික්‌ෂුන් වහන්සේලා නිවන් දැකීම පසෙකලා එම තත්ත්වය මැඬලීමට දිවි පරදුවට තබා ඉදිරිපත් වූයේ එබැවිනි. මන්ද එම "අනතුර " සෘජුව බුදු සසුනේ පැවැත්මට අහිතකර ලෙස බලපාන බැවිනි. ථෙරපුත්ථාභය තෙරණුන්ගේ පටන් මහනාම හිමි, ඉහගම හිමි, කුඩාපොල හිමි, වාරියපොල සුමංගල හිමි දක්‌වා සිංහලයා, රට සහ ඒ තුළින් සසුන ආරක්‌ෂා කිරීමට බෞද්ධ භික්‌ෂුන් වහන්සේලා දහස්‌ ගණනින් කැප වූයේ එම පරාර්ථකාමී උදාර අරමුණ වෙනුවෙනි.

ඒ අනුව බලන විට අද සිංහලයා දැඩි ලෙස ආසාධාරණයට පත් වන විශේෂයෙන් උතුරු, නැගෙනහිර බෞද්ධ උරුමයන් බෞද්ධ භික්‌ෂුව දැඩි ලෙස අවදානමට පත් වන ඊනියා බලය බෙදීමේ ක්‍රියාවලියට සහාය දිය හැක්‌කේ කවර නම් භික්‌ෂුවකටද? එබැවින් උපරිම බලය බෙදීමේ "කුහක" වෑයමට නොදැනුවත්වම හෝ සම්බන්ධ වී සිටින භික්‌ෂුන් වහන්සේලාගෙන් අප ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එම වෑයම තුළින් සිංහලයාට සහ බෞද්ධ උරුමයන්ට උදා වන ෙ€දනීය තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කරන ලෙසටය. දැනටමත් නාගදීපයේ බුදු පිළිමය ඉදිකිරීම විග්නේශ්වරන් ප්‍රධාන ඇමැති තහනම් කොට ඇති අතර, නැගෙනහිර බෞද්ධ පුරාවස්‌තු අන්‍ය ජාතිකයන් විසින් විනාශ කරමින් තිබේ. මුහුදු මහා විහාරය සතු ඉඩම්හි බලෙන් පදිංචි වී ඇති අතර, එම පන්සලට බස්‌ රථයකින් යා නොහැකි වන සේ පාර දෙපස මුස්‌ලිම් ජනයා පදිංචිව සිටී. විවිධ අභියෝග, තර්ජන, ගර්ජන මධ්‍යයේ ඉදිකර ඇති චෛත්‍ය රාජයා, පොළවට කිදා බස්‌සවා විනාශ කිරීම සඳහා ඒ අවට මහා පරිමාණයෙන් වැලි ඉවත් කිරීම කරගෙන යනු ලැබේ. බලය නොබෙදා මෙසේ නම් බලය උපරිම ලෙස බෙදු විට කුමක්‌ සිදුවේද?

කරුණු එසේ බැවින් විශේෂයෙන් උතුරු, නැගෙනහිරට උපරිම බලය ලබාදුන් විට මෙවන් වූ අවදානමකට මංපෙත් විවෘත වේ නම් එම ඊනියා බලය බෙදීමට භික්‌ෂුන් වහන්සේ නමක්‌ සහාය දීම අපට මහත් ශෝකයක්‌ ගෙනදෙන කරුණකි. උතුරෙන් සිංහලයා පලවා හැර ඔවුන්ට උතුරේ ජීවත් වීමට අයිතියක්‌ නැතැයි ප්‍රසිද්ධියේ පවසන උතුරේ බුදු පිළිම ඉවත් කළ යුතු යෑයි පෙළපාලි යන මහ ඇමැතිවරයෙක්‌ට තවත් "උපරිම" බලය දිය යුතු යෑයි දේශනා කරන භික්‌ෂුවක්‌ සිංහලයාගෙන් තවදුරටත් සිවුපසයෙන් සංග්‍රහ ලැබීමට සුදුසුද?.

මහා විජයබාහු, ධාතුසේන, වලගම්බා වැනි රජවරුන්ව ආරක්‌ෂා කොට, පන්සලේ සඟවා තබා දන් බත් කෑමටද සේනාව රැස්‌ කිරීමටද උපකාරී කොට අවසානයේ සතුරා පලවා හැරීමට එදා නායක භික්‌ෂුන් වහන්සේලා කටයුතු කළේ සසුන රැකීමටය. එවන් භික්‌ෂු පරම්පරාවකින් පැවතෙන භික්‌ෂුවකට එම සම්ප්‍රදායද රැකීමට සිදුවේ. සසුන ආරක්‌ෂා කිරීම "ග්‍රාමවාසී" භික්‌ෂුවකගේ "අමිල" යුතුකමක්‌ වන අතර, එය කිනම් හෝ "මිලකට" පාවා දීම භික්‌ෂුන්a වහන්සේ නමකට තරම් නොවේ.

දැනටමත් ජනවාර්ගික ශුද්ධය මඟින් උතුරේ සිංහල/ මුස්‌ලිම් ජනයා පලවා හැර ඇත. උතුරට උපරිම බලය බෙදුවහොත් සිංහලයාට හෝ මුස්‌ලිම් ජනයාට උතුර පදිංචිය සඳහා තහනම් කලාපයක්‌ වනු ඇත. නැගෙනහිර පළාතට උපරිම බලය බෙදු විට එහි සුළු ජාතියක්‌ වන සිංහලයාට පල නොකියා පලා බෙදනු ඇත. දිනෙන් දින බෞද්ධ උරුමයන් විනාශ කරමින්, සිංහලයාට එසේ කෙනෙහිලිකම් වන විට දකුණේ සිංහලයෝ නිවට ලෙස බලා සිටීද? ඔවුන්ගේ එම සාධාරණ වෛරය හමුවේ දකුණේ වෙසෙන දෙමළ ජනයාට සැනසිල්ලේ ජීවත් විය හැකිද? එය නිරතුරුවම ජාතිවාදී කෝලාහලයන් ඇති වන තත්ත්වයක්‌ නොවේද? පුරවැසි බලය රටේ ඇති කිරීමට යන්නේ එවන් තත්ත්වයක්‌ නොවේද?

දේශද්‍රෝහියා යනු දේශයට ද්‍රෝහි වන්නාය. ඕනෑම රටක දේශද්‍රෝහීන්ට මරණ දඬුවම දෙන්නේ තම මවුබිමට ද්‍රෝහී වීම අතිශය බරපතළ වරදක්‌ වන බැවිනි. දේශය කෑලිවලට කැඩීමට කුමන්ත්‍රණය කරන්නාද, දේශය ආරක්‌ෂා කරන රණවිරුවා පාවා දෙන්නාද දේශද්‍රෝහී ගණයට දැමෙන්නේ එයින් රට අස්‌ථාවර වී රටේ මතු පැවැත්ම අනතුරට ලක්‌වන නිසාය. ආචාර්ය උපාධියක්‌ නොමැති මහාචාර්යවරුන් සිටින පුරවැසි බලයේ පුද්ගලයන්ගේ මෙම "උපරිම බලය" බෙදීමේ වෑයම දේශයට ද්‍රෝහී වීමක්‌ බැව් සනාථ කිරීමට අප ළඟ කරුණු තිබේ. එය එසේ නොවේ යෑයි සනාථ කිරීම ඔවුන් සතු කාර්යයක්‌ වන අතර, ඒ පිළිබඳව ඔවුන් අවධානයෙන් සිටිය යුතුවේ. මන්ද ඉදිරියේ පත් වන දේශප්‍රේමී රජය සියලුම දේශද්‍රෝහීන් නීතිය හමුවට ගෙන එන බැවිනි. දේශප්‍රේමී ජනතාව එවන් රජයකින් ඉල්ලා සිටින ප්‍රධානම දේ නම් එල්ලුම් ගස වහාම ක්‍රියාත්මක කිරීමය.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  :https://www.facebook.com/yuthukama

1/14/2017

බෙදුම්වාදී ව්‍යවස්‌ථාවට නිහඬව සිටීමත් දේශයට ද්‍රෝහි වීමකි

කතෘ:යුතුකම     1/14/2017   No comments
-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

යෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනයන්ට අනුව අපගේ මවුබිමේ ඒකීයභාවය වැනසී යන බැව් අප පෙන්වා දෙන විට විපක්‍ෂ නායක සම්බන්ධන් ජනවාරි පළමුවැනිදා ප්‍රකාශ කර සිටියේ එක්‌සත් ලංකාවක්‌ තුළ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන් කැමැති බවය. ඒ ප්‍රකාශය තුළින් සමහර පිරිසක්‌ සිතනුයේ එසේ නම් දැන් ද්‍රවිඩ සංධානයත් සාධාරණ විසඳුමකට කැමැත්ත පළ කර තිබේය කියාය. එයින් ගම්‍ය වන්නේ අද රටේ කිසියම් පිරිසකට හෝ ඒකීය සහ එක්‌සත් යන වචන දෙකෙහි නියම අර්ථය පිළිබඳව නිසි අවබෝධයක්‌ නොමැති බවයි.

ඒකීය රටක්‌ යනු නොබෙදුණු රටකි. එහි මධ්‍යය විසින් මුළු රටම පාලනය කරනු ලබයි. බලය විමධ්‍යගත කර ඇති නමුත් බලය පවරා නොමැත. පැවරූ බලයක්‌ නැවත ලබාගත නොහැක. විමධ්‍යගත කළ බලයක්‌ නැවත මධ්‍යමයට පවරාගත හැක. ඉතාමත් සංක්‍ෂිප්තයෙන් ඒකීය රටක්‌ යනු එවන් තත්ත්වයක්‌ ඇති රටකි.

එක්‌සත් රටක්‌ යනු බෙදී වෙන්වී ගිය කොටස්‌ එක්‌කොට සෑදූ රටකි. ඇමරිකා එක්‌සත් ජනපදය යනු එවන් රටකි. එය ප්‍රාන්ත 54 ක්‌ එක්‌කොට සෑදුණු පෙඩරල් රාජ්‍යයකි. ඉන්දියාවද පෙඩරල් රාජ්‍යයකි. සාමාන්‍යයෙන් එක්‌සත් වී පෙඩරල් ව්‍යqහයක්‌ සාදන්නේ ඉතා විශාල රටවල් ය. ඇමරිකාවේ කුඩා ප්‍රාන්තයක්‌ වූ බටහිර වර්ජිනියාව ද ලංකාවට වඩා ප්‍රමාණයෙන් විශාලය. ඉන්දියාවේ තමිල්නාඩු (දෙමළ) ප්‍රාන්තයේ පමණක්‌ ජනගහනය මිලියන 80 කි. මුළු ලංකාවේම ජනගහනය මිලියන 22 ක්‌ පමණි.

වසර 2550 ක්‌ තිස්‌සේ අපේ රට ඒකීය රටක්‌ වශයෙන් තබා ගැනීමට අපේ මුතුන් මිත්තෝ ලක්‍ෂ ගණනින් දිවි පුදා ඇත්තාහ. පෘතුගීසීන් පැමිණීමට පෙර වරින් වර අපේ රට ආක්‍රමණය කළේ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩයන්ය. එළාරගේ මෙන් සේන ගුත්තික, කාලිංග මාඝ, ආර්ය චක්‍රවර්ති යනාදී චෝල, පාණ්‌ඩ්‍යයන් අපේ රට ආක්‍රමණය කොට, වෙහෙර විහාර ගිනිබත් කරමින්, ගම්මාන කොල්ලකමින් සිංහල ස්‌ත්‍රීන් දූෂණය කරමින්. මනුෂ්‍ය ඝාතන කරමින් එක්‌ එක්‌ පෙදෙස්‌ සුළු කාලයකට පාලනය කරමින් සිටියද අපේ රජවරු ඉතා අපහසුතාවන් මධ්‍යයේ කැලෑවලට වැදී සේනා සංවිධානය කොට ද්‍රවිඩයන් පලවා හැර රට එක්‌සේසත්, එනම් එක කොඩියක්‌ යටතට, එසේත් නැතිනම් නැවතත් "ඒකීය" රටක්‌ බවට පත් කළහ. ඒ සියලුම සටන්වලදී දිවි පිදුවේ සිංහලයන්ය.

පෘතුගීසී, ලන්දේසි, ඉංගී්‍රසි යටත් විජිත කාලයේදී පවා අපේ රටේ ස්‌වාධීනත්වය වෙනුවෙන් සිංහලයෝ දිවි පුදා ඇත්තාහ. බ්‍රසීලය අපේ රටට වඩා 70 ගුණයක්‌ විශාලය. පෘතුගීසීන් බ්‍රසීලය යටත් කර සිටියේ අපට වඩා අඩු වසර ගණනකි. නමුත් අද බ්‍රසීලයේ 95% ක්‌ පෘතුගීසී භාෂාව කතා කරන අතර ඔවුන්ගේ ආගම වැළඳගත් පිරිසකි. පෘතුගීසීන් අපේ රට අවුරුදු 158 ක්‌ යටත් කර ගෙන සිටියද, ඉතා දරුණු වධ හිංසා කරමින් ඔවුන්ගේ ආගම පතුරුවන්නට හැරියද සිංහලයෝ එයට ඉඩ නුදුන්හ. අද ලංකාවේ පෘතුගීසි භාෂාව කතා කරන අය නැත. තවමත් බහුතරය සිංහල බෞද්ධයන්ය. එසේ නම් අපට අපගේ මේ මවුබිම බේරා දීමට අපේ මුතුන් මිත්තන් මොන තරම් කැපවීමක්‌ කර ඇත්දැයි සිතිය යුතුව ඇත. ඉංගී්‍රසීන්ට විරුද්ධව කැරලි ගැසුවේද සිංහලයෝමය. එම කැරලි ඉවසනු බැරි ඉංගී්‍රසීහු සිංහල ජාතිය වනසා දැමීමට කළ දේ අප සිත් තුළ තවම තිබේ. එම නියෝග තුළ වූයේ අවුරුදු 18 - 35 සියලුම සිංහල පිරිමි මැරිය යුතු බවත්, කුඹුරු, හරකබාන, වැව් අමුණු විනාශ කළ යුතු බවත්, පලතුරු ගස්‌ සියල්ලම කැපිය යුතු බවත් සහ සියලුම ළිංවලට වස දැමිය යුතු බවත් ය. එහෙත් බ්‍රිතාන්‍යයෝ අද අපට මානව හිමිකම් ආරක්‍ෂා කිරීම පිළිබඳව උපදෙස්‌ දෙන විට උන්ට ඒ බැව් මතක්‌ කර දීම වටී. එසේ නම් අපේ රටේ ඒකීයභාවය රැක ගැනීමට සියලුම දේ කැප කළේ සිංහලයන් බැව් අප විසින් සිහි තබා ගත යුතුය.

ඉහත ආක්‍රමණවලදී සහ ත්‍රස්‌තවාදය පවතින කාලය තුළදී ද අපේ මුතුන් මිත්තන් සහ රණවිරුවන් දිවි පිදුවේ, ආබාධිත වූයේ අප මවුබිම ඒකීය රටක්‌ වශයෙන් තබා ගැනීමටය. මන්ද රටේ සියලුම ජාතික සම්පත් ඒ ඒ පළාත්වල සිටින මිනිසුන්ට පමණක්‌ නොව මුළු රටේම ජනතාවට අයිති විය යුතු බැවිනි. මුළු රටේම තිබිය යුත්තේ එක්‌ නීතියක්‌ පමණක්‌ බැවිනි. රටේ සියලුම ජාතීන් අතර සාමය සමගිය පවතින්නේ එවන් තත්ත්වයක්‌ තුළ බැවිනි.

නමුත් අප විසින් එසේ ඉතා අමාරුවෙන් ආරක්‍ෂා කරගත් රටේ ඒකීයභාවය අද නව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මගින් "එක්‌සත්" රාජ්‍යයක්‌ හෙවත් පෙඩරල් රාජ්‍යයක්‌ කිරීමට යන්නේ නම් එය වළක්‌වාලීම දේශහිතෛෂී සියල්ලන්ගේම යුතුකමකි. ව්‍යවස්‌ථාව තුළින් රට පෙඩරල් වන්නේ කෙසේදැයි අප මීට පෙර පෙන්වා දී ඇත. ඉතාම කෙටියෙන් කියතොත් එය සිදුවන්නේ මෙසේය. දහතුන් වැනි සංශෝධයෙන් පළාත් සභාවලට දී ඇති ස්‌වාධීන බලතල පාලනය කරමින් තවමත් රටේ ඒකීයභාවය රැකගෙන ඉන්නේ විධායක ජනාධිපති නියෝජනය කරන ආණ්‌ඩුකාරවරයා හරහාය. උදාහරණයක්‌ ලෙස උතුරේ මහඇමැති විග්නේශ්වරන් හෙට උතුරේ සියලුම හමුදා කඳවුරු ඉවත් කොට එම ඉඩම් සංවර්ධනය සඳහා යෙදවිය යුතු යෑයි නීතියක්‌ ගෙන ආවොත් ආණ්‌ඩුකාරවරයාට එය නැවතිය නොහැක. නමුත් මධ්‍ය පර්යන්ත අනුකමිටුවේ ප්‍රධාන නිර්දේශය වන්නේ ආණ්‌ඩුකාරවරයාගේ එම බලතල ඉවත්කොට ආණ්‌ඩුකාරවරයා ප්‍රධාන ඇමැති යටතට පත් කිරීමය. එවිට සිදුවන දේ වටහා ගැනීමට අපට අපහසු නැත.

ජනාධිපතිවරයා විසින් මෙම ව්‍යවස්‌ථාවේ ජනමත විචාරණයකට යන කිසිම දෙයක්‌ කිරීමට ඉඩ නොදෙමැයි කියයි. ඒ කියන්නේ රටේ ඒකීයභාවය, ජාතික කොඩිය , ජාතික ගීය, බුද්ධාගමට මුල්තැන දීම යනාදියට හානිවන කිසිම දෙයක්‌ නොකරන බවය. නමුත් ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් සිංගප්පූරුවේදී ප්‍රසිද්ධව කියා සිටියේ කුමක්‌ද? ලංකාවේ සිංහලයන්ට, හාමුදුරුවන්ට අවශ්‍ය ලේබල් පමණකි. ඒ නිසා ඔවුන්ට එම ලේබල් දී අපේ අරමුණු ඉෂ්aට කර ගනිමු යනුවෙනි. මෙම ඊනියා ව්‍යවස්‌ථා කුමන්ත්‍රණයේදී සිදුවීමට යන්නේ ද එයමය. "ඒකීය" ලේබලය පමණක්‌ මතුපිටින් තබා පෙඩරල් රාජ්‍යයක්‌ නිර්මාණය කිරීමය. ඉහත සඳහන් කළ පරිදි ආණ්‌ඩුකාරයා ප්‍රධාන ඇමැති යටතට පත් කිරීමට ජනමත විචාරණයක්‌ අවශ්‍ය නොවේ. එසේම පළාත් සභාවලට මධ්‍ය රජයෙන් අවසර නොගෙන ක්‍රියා කළ නොහැකි ගංගා, වන සම්පත්, ඛනිජ තෙල්, වරාය, පරිසරය යනාදී අප ව්‍යවස්‌ථාවේ සඳහන් විෂයයන් 36 ම අහෝසි කළ යුතු යෑයිද උක්‌ත නිර්දේශවල සඳහන් අතර ඒ සඳහාද ජනමත විචාරණයක්‌ අවශ්‍ය නොවේ. නමුත් අඩුම තරමේ එම නිර්දේශ දෙක අඩංගු ව්‍යවස්‌ථාවක්‌ අනුමත වුවහොත් උතුර/ නැගෙනහිර පළාත් සභාවලට ඉතාමත් ස්‌වාධීනව මධ්‍යම රජයේ කිසිම බලපෑමකින් තොරව සියලුම සම්පත් තමන්ට රිසිසේ පරිහරණය කරමින්, තමන්ට අවශ්‍ය නීති සම්පාදනය කරමින් කටයුතු කරනු ඇත. විශේෂයෙන්ම උතුරට එම බලතලදීමේ භයානක ප්‍රතිඵලය ගැන අපට අවබෝධයක්‌ තිබිය යුතුයි. උතුරට සැතපුම් 18 ක්‌ උතුරින් තිබෙන්නේ තමන්ගේම භාෂාව කතා කරන තමන්ගේම ජාතියේ මිලියන 80 ක්‌ ජීවත් වන දෙමළ තමිල්නාඩුව නම් උතුරු පළාත් සභාව තමිල්නාඩුව සමග සම්බන්ධ වීම කාහටවත් වැළැක්‌විය හැකි නොවේ. මන්ද එසේ වැළැක්‌විමට බලතල තිබෙන ආණ්‌ඩුකාරවරයා දැන් සිටින්නේ ප්‍රධාන ඇමැති යටතේ බැවිනි. රට පෙඩරල් කරන රටේ ඒකීයභාවය නැති කරන මෙම ඊනියා නව ව්‍යවස්‌ථා සංශෝධනයට රටට ආදරය කරන සියල්ලන්ම එරෙහි විය යුත්තේ එබැවිනි. මීට එරෙහි නොවී උපේක්‍ෂාවෙන් බලමින් නිහඬව සිටීමත් ජාතියට ෙද්‍රdaහී වීමක්‌ වන්නේ එබැවිනි.

හිටපු ජනාධිපතිවරියක්‌ වන චන්ද්‍රිකා බණ්‌ඩාරනායක පවසන්නේ එදා ප්‍රතික්‍ෂේප කළ ව්‍යවස්‌ථාව අද ජනතාව පිළිඅරන් බවයි. ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා රූපවාහිනියේ සාකච්ඡාවකදීය. එය අමූලික බොරුවකි. මන්ද එදා කළාක්‌ මෙන්ම මෙදා ද ජනතාව මෙය තරයේ ප්‍රතික්‍ෂේප කරන බැවිනි. "චන්ද්‍රිකා පැකේජය" යනුවෙන් එදා හැඳින්වූ එම යෝජිත ව්‍යවස්‌ථාව ද එදා සම්පාදනය කළේ අද ද එම ෙද්‍රdaහී ක්‍රියාවලියට මූලිකත්වය දෙන ජයම්පති වික්‍රමරත්න නමැති පුද්ගලයාය.

චන්ද්‍රිකා පැකේජයෙන් ද අදහස්‌ කළේ ශ්‍රී ලංකාව පෙඩරල් රාජ්‍යයක්‌ බවට පත් කිරීමටයි. එනම් පළාත් ලැයිස්‌තුවේ සඳහන් විෂයයක්‌ සම්බන්ධයෙන් ජනපති සතු විධායක බලය ඔහුගෙන් ඉවත් කිරීමයි. එසේ කළ විට පළාත් ලැයිස්‌තුවේ කිසිදු විෂයයක්‌ සම්බන්ධයෙන් මධ්‍යම ආණ්‌ඩුවට මැදිහත් වීමට ඇති අයිතිය සම්පූර්ණයෙන්ම අහුරා දැමේ. එදා දේශෙද්‍රෝ පැකේජයක්‌ යෑයි කියමින් රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ගිනිතබා විනාශ කළ ව්‍යවස්‌ථාවම අද වෙනත් මුහුණුවරකින් ගෙන එන්නේ ජනතාව රැවටීමට නොවේද? වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ මහත් වූ කැප කිරීම්වලින් ස්‌ථාපිත කරන ලද රට බෙදා වෙන් කිරීමේ දුෂ්ට ක්‍රියාවලියට එදා මෙන් අදත් පිඹුරුපත් සකසන ජයම්පති වික්‍රමරත්න වැන්නන් කවදා හෝ මතු දිනක දේශෙද්‍රdaහී චෝදනාව යටතේ උසාවිය ඉදිරියේ පෙනීසිටීමට සූදානම්ව සිටිය යුතු වේ. එසේම දේශයට ද්‍රෝහී වූ බැව් සනාථ වුවහොත් ලැබෙන දඬුවම මරණීය දණ්‌ඩනය බවද එකී සියල්ලන්ම දත යුතුය.

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක, රනිල් වික්‍රමසිංහ, සම්බන්ධන්, සුමන්තිරන්. විග්නේශ්වරන් යනාදීන් උතුරට මේසා විශාල බලය බෙදීමට සැරසෙන්නේ රටේ ප්‍රශ්නය විසඳාලීමටය. අද අපේ රටේ දෙමළ ජනතාවට තිබෙන "ප්‍රශ්නය" කුමක්‌දැයි ප්‍රථමයෙන්ම ඔවුන් පහදා දිය යුතුව ඇත. අද රටේ සිංහල ජනතාව භුක්‌ති විඳින දෙමළ ජනතාවට අහිමි කර ඇති වරප්‍රසාද සහ පහසුකම් මොනවාද? නමුත් දෙමළ ජනතාව භුක්‌ති විඳින සිංහල ජනතාවට අහිමි වරප්‍රසාද එමට ඇත. (අද යාපනයේ සිංහල මිනිසෙක්‌ට ව්‍යාපාර ඉඩම් මිලදී ගැනීම, ගොවිපළක්‌ දැමීම සපුරා තහනම් වේ.) උතුරේ ජීවත් වන්නේ රටේ සමස්‌ත දෙමළ ජනතාවගෙන් 49% ක්‌ පමණි. අනෙක්‌ සියල්ලන් දකුණේ සිංහලයන් සමග ජීවත් වෙති. දෙමළ ජනයාගේ ප්‍රශ්නය විසඳීමට උතුරට බලය බෙදන්නේ නම් එයින් දකුණේ සිටින දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳෙන්නේ කෙසේද? එයින් ගම්‍ය වන්නේ දකුණේ දෙමළ ජනතාවට ප්‍රශ්න නැද්ද? එසේත් නැතිනම් ඔවුන්ගේ ප්‍රශ්න දැනටමත් විසඳී අවසන්ද? දෙමළ ජනගහනය අනුව බලතල බෙදීමේ පදනම මත උතුරට පෙරඩල් දෙන්නේ නම් කොටහේනටත්. වැල්ලවත්තටත්, බම්බලපිටියටත් පෙඩරල් දිය යුතුයි නේදරෑ. නැති ප්‍රශ්නයක්‌ ඇතැයි නිර්මාණය කර බලය ලබා ගැනීමට වලිකන්නේ බෙදුම්වාදී දේශපාලනඥයන් ය. පෞද්ගලික වාසි තකා උන්ට උඩ ගෙඩි දෙන්නේ සිංහල දේශෙද්‍රෝහීන් ය. මොවුන් සියල්ල අද දේශප්‍රේමී ජනතාවගේ පිලිකුළට භාජන වී අවසන්ය.

රටේ සංහිඳියා ක්‍රියාවලියක්‌ සම්බන්ධ කමිටුවක සභාපති ලෙස සිටින චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය යටතේ පත් කළ කණ්‌ඩායමක්‌ විසින් ඉදිරිපත් කළ නිර්දේශ දැන් පිටව තිබේ. එම කණ්‌ඩායමේ නායිකාව ලෙස ක්‍රියා කළේ මනෝරි මුත්තෙට්‌ටුවේගම වන අතර ඉතිරි සාමාජිකයන් අතර පාක්‍යසෝති සරවනමුත්තු සහ ගාමිණි වියන්ගොඩ ද වේ. මොවුන් නිර්දේශ කර ඇත්තේ අපේ රණවිරුවන්ට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට විදේශීය විනිසුරුවන් ද සිටිය යුතු බවයි. එක්‌සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කොමසාරිස්‌ ජනරාල් සෙයිද් හුසේන්ද කියා ඇත්තේ අපේ රණවිරුවෝ අතිශය භයානක යුද අපරාධ කර ඇති බවත් ඒවා විභාග කිරීමට විදේශීය විනිසුරුකරුවන් සහභාගී කළ යුතු බවත් ය. තමන්ටද ඇතුළුව රටේ සමස්‌ත ජනතාවටම ජීවත් වීමේ නිදහස ලබාදීමට 29,000 ක්‌ දිවි පුදා 14,000 ක්‌ ආබාධිත තත්ත්වයට පැමිණෙමින් මහත්වූ කැපවීමකින් කටයුතු කළ අපගේ රණවිරුවන්ට යුද අපරාධ සම්බන්ධ අභූත චෝදනා නඟන විට එය අනුමත කරමින් විදේශ විනිසුරුවන් ද සහභාගී කළ යුතු යෑයි නිර්දේශ කරන නිර්ලඡ්ජිත තිරශ්චීනයන් සිටින්නේ ලංකාවේ පමණක්‌ විය යුතුය. තවද රණවිරුවන් ද පුනරුත්ථාපනය කළ යුතු යෑයි ද ඔවුන් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. දේශයට ආදරය කරන, දේශය ආරක්‍ෂා කළ රණවිරුවන්ට ගෞරව කරන කිසිදු සුජාත පුද්ගලයෙක්‌ එවන් නිර්දේශ ඉදිරිපත් නොකරනු ඇත. අනාගතයේදී මෙම කණ්‌ඩායමටද දේශෙද්‍රdaහී චෝදනාව යටතේ උසාවියේ පෙනීසිටීමට සිදු වන බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය. රටක්‌ දියුණු කළ හැක්‌කේ දේශප්‍රේමී ජනතාවක්‌ රටේ සිටී නම් පමණි. එහි ප්‍රථම පියවර වනුයේ එතෙක්‌ රටට ෙද්‍රdaහී වූ පුද්ගලයන් හඳුනාගෙන උන් සමාජයෙන් ඉවත් කිරීමය.

මේ අතර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය (එජාප) ප්‍රභාකරන් අද ජීවත්ව සිටියා නම් රටේ අගමැති වන බවද, එසේ නොවීම සමස්‌ත දෙමළ ජනතාවගේම අවාසනාව බවද කියා සිටී. මෙවන් වදන් අසමින් නිහඬව සිටීමට තරම් අද වර්තමාන රජයේ පාලකයෝ නිවටව ඇත. ප්‍රභාකරන් යනු විජයකලාගේ ස්‌වාමි පුරුෂයා ඝාතනය කළ මිනීමරුවා ය. එසේම දෙමළ කුඩා දරුවන් බලෙන් පැහැරගෙන කොන්සටිනා කම්බිරෝල් මතින් බලෙන් යෑවූ නරුමයා ය. එවන් වූ අධම ත්‍රස්‌තයෙක්‌ පිළිබඳව එවන් ප්‍රකාශයක්‌ කරන විජයකලාගේ කැරැට්‌ටුව කුමක්‌දැයි අපට සිතාගත හැක. රටේ ව්‍යවස්‌ථාව අනුව රට බෙදීමේ ක්‍රියාවලියට යමෙක්‌ සහාය දුන්නද ඔහුගේ/ ඇයගේ මන්ත්‍රීකම අහෝසි වේ. ප්‍රභාකරන් යනු රට බෙදා වෙන් කිරීමට දහස්‌ ගණන් මිනිසුන් ඝාතනය කළ කෙනෙකි. එවන් කෙනකු අගයමින් ප්‍රකාශයක්‌ නිකුත් කිරීමට ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමකි. ඒ කරුණ ද උපයෝගී කරගෙන තමා හොබවන අගමැති ධුරය ලෝකයේ දරුණුතම ම්ලේච්ඡ ත්‍රස්‌තයා ලෙස නම් කර ඇති නිවටයෙක්‌ට දිය යුතු යෑයි කිව් තමාගේම පක්‍ෂයේ විජයකලාට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කුමන අන්දමේ පියවරක්‌ ගනී දැයි අපි බලා සිටිමු.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/01/2016

ව්‍යාජ සංහිඳියා නාඩගම අස්සේ සද්දෙන් ඊළම හදන යාපනයේ අලුත් ගේම...

කතෘ:යුතුකම     11/01/2016   No comments
මේ අර අදින්නේ බොරුවෙන් ස්‌වයංපාලනයට යන්නයි
-රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර

ආහාර, නිද්‍රා, භය, මෛතුනංච ධම්මේන හීනඃ පශුණිභික්‌ සමානඃ" යනාදී වශයෙන් සංස්‌කෘත ශ්ලෝකයක්‌ මීට වසර දහස්‌ ගණනකට පෙර සිට පැවත එයි. එයින් පෙන්වා දෙන්නේ මිනිසා සහ තිරිසනා අතර තිබෙන මූලික වෙනසයි. ආහාර ගැනීම, නිදා ගැනීම, බියදැනීම සහ සංසර්ගය තිරිසනාටත් මිනිසාටත් පොදු ලක්‍ෂණ වේ. නමුත් මිනිසා තිරිසනාගෙන් වෙනස්‌ වන්නේ තමා ජනිත වූ මාතෘ භූමියට ආදරය කළ හැක්‌කේ මිනිසාට පමණක්‌ වීම හේතුවෙනි. බල්ලෙක්‌ට, බූරුවෙක්‌ට, හිවලෙක්‌ට, ඌරෙක්‌ට තම මවු බිමට ආදරය කළ නොහැක. එය කළ හැක්‌කේ මිනිසෙකුට පමණි. එබැවින් ඉහත ශ්ලෝකයෙන් කියෑවෙන්නේ යම් මිනිසෙක්‌ ධර්මතාවයන්ගෙන් එනම් දයාව ස්‌නේහය, මාතෘ භූමිය ආදරය යනාදී ගුණාංගයන්ගෙන් හීන නම් එවන් මිනිසෙක්‌ හා තිරිසනෙක්‌ අතර කිසිදු වෙනසක්‌ නොමැති බවය. මන්ද ඉහත දැක්‌වූ ක්‍රියා 4 ම මනුෂ්‍යයා සේම තිරිසනාද කරන බැවිනි.

මාතෘ භූමියට ආදරය කිරීම යනු පොළොව බදාගෙන සිප ගැනීම නොවේ. තම රට ආක්‍රමණය කරන පරසතුරන් හා සටනට එළඹීම එය වළක්‌වා ලීමට තැත් කිරීම මවු බිමට ආදරය කිරීමකි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ දිවි පුදා ආරක්‍ෂා කරගත් රට බෙදා වෙන් කිරීමට තැත් කරන විට එය වැළකීමට ඉදිරිපත්වීම මවුබිමට ආදරය කිරීමකි. රටේ සම්පත්, රැකියා රටේ ජනතාවට අහිමි කරමින් විදේශිකයන්ට අලෙවි කිරීමට තැත් කරන විට එය නවතාලීමට කටයුතු කිරීම මවුබිමට ආදරය කිරීමකි. අනෙක්‌ අතට යමෙක්‌ තමා ජනිත වූ මවුබිම, පුද්ගලික වාසි තකා හෝ පාරම්පරිකව රට පාවා දුන් අයගේ ජානවලින් පැවතෙන නිසා හෝ දෙකඩ කිරීමට සහාය වන්නේ නම් හෙතෙම මවුබිමට එනම් තම දේශයට ෙද්‍රdaහී වන්නෙකි. එනම් දේශෙද්‍රdaහියෙකි. ඉහත ශ්ලෝකයට අනුව නම් මිනිස්‌ වෙසින් සිටින තිරිසනෙකි.

වික්‍රමබාහු කරුණාරත්න යනු එල්ටීටීඊ කොටි ත්‍රස්‌තවාදීන්ගේ අරමුණට පූර්ණ සහාය දෙමින් දෙමළ ඊළමක්‌ දිය යුතුය යන ස්‌ථාවරයේ සිටින සිංහලයෙකි. මා ඔහු සිංහලයෙක්‌ යෑයි කීවේ ඔහුගේ නම "සිංහල" බැවිනි. සිංහලයන් විසූ මායිම් ගම්මානවලට කඩා පැන සිංහල බඩදරු අම්මලාගේ සිට කිරිකැටියා දක්‌වා අමු අමුවේ ඝාතනය කළ, ශ්‍රීමහා බෝධිය අවට සිල්සමාදන් වී සිටි සිංහල උපාසිකාවන් සිය ගණනක්‌ වෙඩි තබා මරා දැමූ, කිතුල්උතුව අලුත්ඔය ප්‍රදේශයේ බස්‌ නවතා සිංහලයන් පමණක්‌ තෝරා බේරා ඉවතට ගෙන කපා කොටා ඝාතනය කළ, අහිංසක සිංහල කුඩා සාමණේර හිමිවරු 37 ක්‌ කැති ගා මරා දැමූ දෙමළ කොටි ත්‍රස්‌ත සංවිධානයේ මියගිය කොටි වෙනුවෙන් යමෙක්‌ කඳුළු සලයිද ඔහු කවදාවත් "සුජාත" සිංහලයෙක්‌ නම් විය නොහැකි බව ඕනෑම සිංහලයෙක්‌ පිළිගන්නා කරුණකි.

විදේශයක ජාත්‍යන්තර සභාවක "සිංහලයෙක්‌" විසින් ලංකාවේ දෙමළ ජාතියට සිදුවන දැඩි "අසාධාරණය" ගැන පවසමින් ඔවුනට ස්‌වයං පාලනයක්‌ ලබාදිය යුතු යෑයි අවධාරණය කරයි නම් එයට, ද්‍රවිඩ ජාතිකයෙකු කරන සමාන ප්‍රකාශයකට වඩා පිළිගැනීමක්‌ නිතැනින් හිමිවෙයි. දෙමළ රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා දියත්ව ඇති ජාත්‍යන්තර ව්‍යාපෘතිය මගින් එවන් "සිංහලයන්" මිලදී ගැනීම ඉතාම සාර්ථකව ඉටුකර තිබේ. එවන් සිංහලුන්ගේ රාජකාරිය විවිධ අවස්‌ථාවල තමාට වරින්වර ලැබෙන මුදල් ප්‍රමාණය අනුව එවන් ප්‍රකාශ කිරීමයි.

එළාර සමයේ සිට බ්‍රිතාන්‍ය සමය දක්‌වා සියලුම කාලපරිච්ඡේදයන්හිදී විවිධාකාර වරප්‍රසාද වරදාන වෙනුවෙන් සතුරා සමග එක්‌ව මාතෘ භූමිය පාවාදුන් "සිංහලයන්" ගැන ඉතිහාසයේ සඳහන්ව තිබේ. පරංගි, ලන්දේසි, ඉංගී්‍රසි සුද්දන්ගේ කාලයේ ගමේ නිලතල ලබා ගැනීමට පවා තම බිරිඳ පාවාදුන් "සිංහලයන්" ගැනද අප අසා ඇත්තෙමු. එබැවින් එවැන්නන්ගෙන් පැවත එන සිංහලයන් අදත් සිටිනු දැකීම පුදුමයක්‌ නොවේ.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, පසුගියදා පොලිස්‌ වෙඩි පහරින් මියගිය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා සම්බන්ධව පාරේ සිට අපූරු ප්‍රකාශයක්‌ කරනු මා දුටුවෙමි. "එතන හිටිය සාජන් සිංහල, ඉන්ස්‌පෙක්‌ටර් සිංහල, අනෙක්‌ දෙන්නාත් සිංහල, එක දෙමළ කෙනෙක්‌ තමයි හිටියේ. සිංහල පොලිස්‌කාරයෝ නිසා තමයි මේ දේ සිද්ධ වුණේ. සිංහලෙන් නවතිනු කිව්වාම දෙමළ ළමයින්ට තේරෙන්නේ නැතිව ඇති. ඇයි දෙමළ පොලිස්‌කාරයෝ දාන්න බැරි? මේකද සංහිඳියාව? සිංහලෙන් අණ දෙනවා, ඇහුවේ නැත්නම් වෙඩි තියනවා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය?

දශක 5 කට අධික කාලයක්‌ දේශපාලනය කර ඇති වික්‍රමබාහු එවැනි බාල ප්‍රකාශයක්‌ කරන්නේ මාර්ග බාධක පිළිබඳව නොදැන නොවේ. මාර්ග බාධකයකදී පොලිස්‌ නිලධාරියෙක්‌ ඉදිරියට පැමිණ අත ඔසවන විට ගමන් කරන වාහනය හෝ යතුරුපැදිය නැවතිය යුතු බවද, කතාකරන භාෂාව අවශ්‍ය වන්නේ නැවැත්වූ පසුව බවද සියල්ලන්ම දනී. දෙමළ කතා කරන කෙනෙක්‌ සිට ඇත්තේ එබැවින් විය යුතුය. තවම පරීක්‍ෂණයක්‌ පවා අවසන් නොවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිම අවබෝධයකින් තොරව මෙවන් ප්‍රකාශ කරන්නේ සිංහලයන් කෙරේ "ආරූඪ" කරගත් ද්වේශයකින් බව ඉතාම පැහැදිලිය. එසේ හැසිරෙන්නේ ද්‍රවිඩ බෙදුම්වාදීන්ගේ සිත් සතන් ඉන් ප්‍රබෝධයටත් අමන්දානන්දයටත් පත්වන නිසා බවද සියල්ලන් දනී.

2010 වසරේදී ලන්ඩන් නුවර "දෙමළ දිනය" වෙනුවෙන් පැවැති මියගිය කොටි සාමාජිකයන් සැමරීමේ උත්සවයේදී වික්‍රමබාහු කළ කතාවේ සාරාංශය මෙයයි. "මේ අවස්‌ථාවේ ඔබලා වෙනුවෙන් කඳුළක්‌ සැලීමට ලැබීම ගැන මා සතුටු වෙනවා. සිංහල ජාතිවාදීන් විසින් මහින් දපාලනය විසින් ඔබව මරා දැමුවා. මම දෙමළ නිජ බිම සඳහා කැපවුණු ඔබ වෙනුවෙන් දුක්‌වෙනවා. අපි අද පරාජය වුණා. නමුත් අපි නැවත නැගිටිය යුතුයි. දෙමළ ජනතාවට එරෙහිව අපරාධ කළ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි. අද උතුරු නැගෙනහිර තිබෙන්නේ මිලිටරි පාලනයක්‌. මේ මහින්ද රෙජිමය පලවා හැරිය යුතුයි."

2009 මැයි 19 වැනි දින ත්‍රස්‌තවාදය පරාජය කළපසු 2010 වසරේදී ලන්ඩනයට ගොස්‌ මියගිය ත්‍රස්‌තයන් වෙනුවෙන් වික්‍රමබාහු දුක්‌වූ අයුරුයි ඒ.

2015 ජන. 7 වන දින, එනම් පසුගිය ජනාධිපතිවරණයට පෙර දින "දෙමළ තොරතුරු මධ්‍යස්‌ථානය" විසින් වික්‍රමබාහු කළ ප්‍රකාශයක්‌ හුවා දක්‌වා තිබුණේ මෙලෙසය. "යුද්දෙන් පසුව දෙමළ සිය දහස්‌ ගණනක්‌ අවතැන්වූවා. ඒ අයව තවම නැවත පදිංචි කර නැහැ. පුනරුත්ථාපනය කර නැහැ. අක්‌කර සියගණනක්‌ හමුදාව අත්පත් කරගෙන දෙමළ ජන ජීවිතය ඉතාම අඩාල වෙලා. කාන්තාවන්ට ලිංගික අතවර, රාජපක්‍ෂ පාලනයෙන් දෙමළ ජනතාවට අත්වුණේ හිරිහැර. වේදනාව පමණයි. දෙමළ ජාතික සංවිධානය මෛත්‍රිපාල සිරිසේන අපේක්‍ෂකයාට සහාය දීම පිළිබඳව මා සතුටු වෙනවා.

යුද්දෙන් පසුව අවතැන්වූ 2,95,000 ක දෙමළ ජනතාව සියලු පහසුකම් සහිතව ඉතාම කෙටි කාලයකින් නැවත පදිංචි කිරීම ලෝක වාර්තාවක්‌ බැව් විදේශිකයන් පවා පිළිගන්නා කරුණකි. මනික්‌ µdම්හි රඳවා තිබියදී ඔවුනට සැලසූ සහන හා පහසුකම් ලෝකයේ වෙනත් රටවල ඇතිවූ සමාන තත්ත්වයන් හා සසඳන විට සිතාගත නොහැකි තරමේ පැවැති බැව් වාර්තා ගතව ඇත. ඒ සියල්ල කළේ සිංහලයන්ගේ ප්‍රධානත්වයෙනි.

යුද්ධයේ අවසාන දින කිහිපයේ කොටි විසින් යාපනයේ ජනාකීර්ණව පැවැති සියලු ප්‍රදේශවල බිම් බෝම්බ වළලා දමා තිබිණ. දෙමළ ජනතාව නැවත පදිංචි කරවීම සඳහා ඒ සියල්ල දිවි පරදුවට තබා නිෂ්ක්‍රීය කළේ සිංහල සෙබළුය. වෙඩි උණ්‌ඩයේ සිට බිම් බෝම්බය දක්‌වා මිලියන 2 1/2 ක සංඛ්‍යාවක්‌ද, පුද්ගල නාශක බෝම්බ පමණක්‌ 4,95,000 ක්‌ද, බිම් බෝම්බ 4900 ක්‌ද තම ජීවිතය ගැන නොතකා ගොඩ ගත්තේ සිංහල සොල්දාදුවන්ය. එසේම අහිංසක දුප්පත් දෙමළ පවුල් සඳහා තම පුද්ගලික මුදලින් නිවාස 8000 ක්‌ පමණ සාදා දුන්නේද සිංහල හමුදාවය. එසේනම් වික්‍රමබාහු සිංහලයන් විසින් දෙමළ ජනතාව නැවත පදිංචි කර නැතැයි කරන ප්‍රකාශය හිතාමතාම කියන ලද අමූලික බොරුවකි.

යුද්ධයෙන් පසුව අත්අඩංගුවට ගත් කොටි සාමාජිකයන් 11,950 ක්‌ද, ළමා සෙබළුන් 530 ක්‌ද පුනරුත්ථාපනය කොට සමාජයට නිදහස්‌ කළ බව ලෝකයම දනී. ළමා සොල්දාදුවන්ගෙන් කොටසක්‌ අද විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අතර අනෙක්‌ අය වෘත්තීය පුහුණුව ලබා හොඳ රැකියාවල නිරතවේ. පවුල්වී සාර්ථක විවාහ දිවි ගෙවයි. ඒ සියල්ලටම මග පෑදුවේද ද්‍රවිඩ සංවිධානය නොව සිංහලයින්ය. එසේ නම් පුනරුත්ථාපනය සම්බන්ධයෙන්ද වික්‍රමබාහු ඇදබා ඇත්තේ බේගලයකි.

යුද ජයග්‍රහණයෙන් පසුව හමුදාව විසින් අත්‍යවශ්‍යම කඳවුරු හැර අන් සියලුම ඉඩම් සහ අත්පත් කරගත් ගොඩනැඟිලි නැවත සිවිල් ජනතාවට භාරදුනි. යුද්ධයේදී පවරාගත් ඉඩම්වලින් 90% ක්‌ යළි භාර දුන්නේ මහින්ද රජයයි. ඒ සම්බන්ධයෙන්ද වික්‍රමබාහු කියා ඇත්තේ පට්‌ටපල් බොරුවකි.

උතුරු වසන්තය නමැති ව්‍යාපෘතිය මගින් යාපනයේ වෙළෙඳ සංකීර්ණ, බැංකු, ක්‍රීඩාංගන, පාසල්, පරිගණක මධ්‍යස්‌ථාන, ගුවන් පාලම්, මහා මාර්ග, පාලම් සියල්ලම හැදුවේ, ස්‌ථාපිත කළේ පසුගිය රජයයි. ලංකාවේ වර්ධන වේගය 7% වන විට යාපනයේ වර්ධන වේගය 22% විය. කාන්තාවන්ට ස්‌වයං රැකියා, ධීවර පහසුකම්, කෘෂි නිෂ්පාදන පහසුකම් සියල්ල ලබාදුන්නේද මහින්ද රජයයි. එසේනම් දෙමළ ජන ජීවිතය අඩාල වී ඇතැයි වික්‍රමබාහු කර ඇති ප්‍රකාශය කිසිදු ශිෂ්ට සම්පන්න මිනිසෙක්‌ නොකරන අමූලික අසත්‍ය ප්‍රකාශයකි.

යුද්ධය පවතින කාලය තුළ දෙමළ ජනයාට අත්වූ තාඩන, පීඩන නොදන්නා කෙනෙක්‌ නොමැත. අසාධාරණ බදු ගෙවීම්, නිවාස අතහැර යැම්, කුඩා ළමුන් පවා බලෙන් බඳවා ගැනීම් යනාදියද, අවසාන දින කිහිපය තුළ හමුදා පෙදෙස්‌වලට ආරක්‍ෂාව පතා දිව යන ගර්භණී මාතාවන්ද ඇතුළු දෙමළ ජනතාවට වෙඩි තැබූ අන්දමද දැන් සනාථ වී හමාරය. කොටි ත්‍රස්‌තයන් යටතේ එසේ දුක්‌ පීඩා විඳි දෙමළ ජනයා මහින්ද රජය යටතේ හිරිහැර වේදනා වින්දා යෑයි යමෙක්‌ පවසයි නම් ඔහුද කොටි හිතවාදියෙක්‌ම විය යුතුය.

ඉහත සිද්ධීන්වල යථාර්ථය සත්‍ය ලෙසින්ම නොදැන සිටීමට තරම් වික්‍රමබාහු අත දරුවෙක්‌ නොවේ. එසේම දෙමළ ජාතිය වෙනුවෙන් කඳුළු පෙරන මේ වික්‍රමබාහු සිංහලයන් විසින් දෙමළ ජනතාව වෙනුවෙන් කරන ලද ඒ කිසිම කටයුත්තකදී ඔවුන් වෙනුවෙන් එක යෝගට්‌ කෝප්පයක්‌, උළුකැටයක්‌, තේ කෝප්පයක්‌ දීම තබා ශත පහක්‌වත් වියදම් කළ බවක්‌ අප අසා නැත. එසේ නම් ඔහු මෙවන් අමූලික අසත්‍ය ප්‍රචාර කරමින් සිංහලයන් කෙරේ ද්වේශයක්‌ ඇති වන ආකාරයට ජාත්‍යන්තරයට ප්‍රකාශ නිකුත් කරන්නේ කුමක්‌ නිසාදැයි අප විමසා බැලිය යුතුවේ. දෙමළ ජාතිය සඳහා ස්‌වයංපාලනයක්‌ දීමට සහාය දීම එක්‌ දෙයකි. නමුත් එය සාධාරණීය කිරීමට බොරු කීම තවත් දෙයකි. එවන් දෙයක්‌ කිරීමට තිබෙන එකම උත්තේජනය මුදල් පමණි.

අද "සිංහල පොලිස්‌ කාරයන්ට" සහ "සිංහල ආමිකාරයන්ට" නින්දිත ලෙස පරිභව කරන වික්‍රමබාහුට කිව යුත්තේ යුද්ධය පැවැති කාලය තුළ පවා අහිංසක දෙමළ ජනයා රැක ගත්තේ එම සිංහල පොලිස්‌, ආමිකාරයන් බවය. අහිංසක දෙමළ මිනිසුන් ගැන සිතුවේ නැත්නම් යුද්ධයේදී මියගිය 29000 ක සහ ආබාධිත වූ 14000 ක සිංහල රණවිරුවන්ගෙන් 25% කගේ පමණ ජීවිත අපට බේරා ගත හැකිව තිබුණි. එවන් විශාල පිරිසක්‌ මියගියේ ආබාධිත වුණේ ජනතාව බුරුතු පිටින් නොමරා ත්‍රස්‌තයන් පමණක්‌ තෝරා බේරා සටන් කිරීමට ගිය බැවිනි. එවන් වූ විශාල කැපවීමක්‌ කළ පසුත් සිංහල සෙබළුන්ට මෙසේ අපහාස කරන වික්‍රමබාහුගේ මානසිකත්වය කෙබඳුද යන්න අපට තේරුම් ගැනීමට අපහසු නොවන්නේ පරංගි, ලන්දේසි, ඉංගී්‍රසි කාලයේ මේ අයුරින්ම හැසිරුණු පෙර සඳහන් කළ සිංහලයන් ගැන අප හොඳින් දන්නා නිසාය.

ත්‍රස්‌තවාදය පිළිබඳව කතා කරන විට එහි අතරමැදියෙක්‌ සිටිය නොහැක. එක්‌කෝ ඔහු ත්‍රස්‌තයෙකි. නැතහොත් ත්‍රස්‌තයෙක්‌ නොවේ. ඒ කෝණයෙන් බලන විට ත්‍රස්‌තයන්ට සෘජුව සේම වක්‍රව සහාය දෙන කෙනාද, උන්ගේ සැහැසිකම් හෙළා නොදකින කෙනාද ත්‍රස්‌තයෙකි. එය ත්‍රස්‌තවාදය පිටුදකින ශිෂ්ට සම්පන්න ලෝක ප්‍රජාව පවා පිළිගත් න්‍යාය ධර්මයකි.

එදා 1990 ජුලි 11 වැනි දින ත්‍රස්‌තයෝ මඩකලපුව පොලිසිය වැටලූ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරීන් සටන් කිරීමට සැරසුණු විට එවකට සිටි එක්‌සත් ජාතික පක්‍ෂ රජය ඔවුනට කොටින්ට යටත්වන ලෙස නියෝග කරන ලදි. ඉන්පසු ත්‍රස්‌තයෝ එසේ යටත්වූ පොලිස්‌ රණවිරුවන්ගෙන් "සිංහලයන්" පමණක්‌ තෝරා බේරා 600 දෙනෙක්‌ එක පෙළට තබා වෙඩි තියා ඝාතනය කරන ලදී. කල්මුණේ පොලිසිය භාර අයිවන් බොතේජු සහකාර පොලිස්‌ අධිකාරිතුමා තම සගයින් සමග යටත් නොවී කොටින්ට එරෙහිව සටන් කරමින් ගුවන් හා කාලතුවක්‌කු සහාය ඉල්ලන විට රජය එය ප්‍රතික්‍ෂේප කර ඔහුටද යටත්වන ලෙස නියෝග කළේය. එසේ යටත්වූ බොතේජු රණවිරුවා ඇතුළු තෝරා බේරා ගත් "සිංහල සහ මුස්‌ලිම්" පොලිස්‌ රණවිරුවන් 334 ක්‌ කොටි විසින් දැත් දෙපසට තබා බැඳ වෙඩි තබා මරා දමන ලදි. එම සිද්ධියද ඇතුළුව මනුෂ්‍යත්වයට එරෙහිව කොටි විසින් කරන ලද එක්‌ ම්ලේච්ඡ ඝාතනයක්‌වත් වික්‍රමබාහු හෙළා දුටුවේ නැත. ඔහු කළේ ඒ කොටින්ට ආවඩමින්, උන් වෙනුවෙන් කඳුළු සලමින්, උන්ගේ අරමුණ කරා යැමට නින්දිත ලෙස සහාය දීමයි. එසේ නම් ත්‍රස්‌ත විරෝධී ශිෂ්ට ලෝක ප්‍රජාවගේද අර්ථ දැක්‌වීම අනුව එවන් කෙනෙක්‌ ත්‍රස්‌තවාදියෙක්‌ නොවන්නේ කෙසේදැයි වික්‍රමබාහුගෙන්ම අසා දැන ගැනීම වටී.

අපේ මුතුන් මිත්තන් විසින්ද වර්තමානයේ රණවිරුවන් විසින්ද දිවි පුදා දිවි කැපකොට ආරක්‍ෂා කළ මේ රට "නොබෙදුණු" වචනය ඉදිරියට දමා සියලු බලතල දෙමින් දෙමළ දේශපාලනඥයන්ට තැටියක දමා දීමට මේ රජය සැරසේ. ප්‍රභාකරන්ට යුද්දෙන් දිනාගත නොහැකිවූ දේ අද සම්බන්ධන් ඉතා පහසුවෙන් ලබා ගනිමින් සිටී. එය සාධාරණ කිරීමට සිංහලයන් යෑයි කියාගන්නා පිරිසක්‌ද එක්‌ව සිටී. මහ බැංකු අධිපති, භාණ්‌ඩාගාර ලේකම්, මුදල් ඇමැති, අග්‍රවිනිශ්චකාර තුමා, නගරාධිපති දෙමළ ජාතිකයන් බව ඔවුහු අමතක කරති. කොළඹ සිංහලයන් සුළුතරයක්‌ බවද ප්‍රකාශ නොකරති. අද රටේ තොග වෙළෙඳ පොළ හසුරුවන්නේ, රටේ ප්‍රධාන ව්‍යාපාර සියල්ලක්‌ම භාරව සිටින්නේ කෝටි ප්‍රකෝටිපති දෙමළ ජාතිකයන් බවද නොදන්නා සේ සිටී. සාමාන්‍ය දෙමළ ජනතාවට ඊළම අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය සිංහලයන් සමග සමගියෙන් විසීමය. ඊළම් අවශ්‍ය වන්නේ බෙදුම්වාදී දුෂ්ට දෙමළ දේශපාලනඥයින්ට සහ "සිංහල" නරුමයන්ටය.

දුටුගැමුණු යුද්ධයේදී රට බේරා ගැනීමට දිවි දුන්නේ සිංහලයින්ය. විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා රජ සමයේද සොලීන් සමග සටන් කළේ සිංහලයන්ය. පරංගි, ලන්දේසි සමග යුද වැදුණේද සිංහලයන්ය. 1848 කැරැල්ලෙන් පසුව ඉංගී්‍රසින් විසින් මරා දැමුවේ සිංහලයන්ය. කුඹුර, හරකබාන, වැව්, ඉඩම් අහිමි වූයේ සිංහලයන්ගේය. ත්‍රස්‌තවාදී යුද්ධයේදී 99% ක්‌ දිවි පිදුවේ ආබාධිත වූයේ සිංහල තරුණ තරුණියන්ය. එසේ දිවිකැපකොට සාමය උදා කළ රටේ සතුටින්, බියෙන්, සැකෙන් තොරව ජීවත් වන්නේ සිංහලයන් පමණද? නැත. සියලුම ජාතීන්ය. සිංහල සිසුන්ට යාපන විශ්වවිද්‍යාලය තුළ දෙමළ සිසුන් පිරිසක්‌ අමානුෂික ලෙස පහරදී තුවාල කළ විට වික්‍රමබාහු ඊට එරෙහිව කිසිදු ප්‍රකාශයක්‌, වචනයක්‌ කීවේ නැත. ත්‍රිරෝද රථ කිහිපයක දමාගෙන යා හැකි සාමාජිකත්වයක්‌ තිබෙන, විදේශීය මුදලට රට පාවා දෙන පුද්ගලයන්ගෙන් එවන් දෙයක්‌ බලාපොරොත්තු විය නොහැක. මෙතැනදී වැදගත් වන්නේ මාටිං ලුතර් කිං විසින් කරන ලද ප්‍රකාශයයි. නරක දුෂ්ට මිනිසුන්ගේ ඝෝෂාව අපට ඉවසිය හැකියි. අපට ඉවසිය නොහැක්‌කේ හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි.

අද රට තීරණාත්මක සන්ධිස්‌ථානයකට පැමිණ තිබේ. බුද්ධිමත් දේශප්‍රේමී ජනතාව ඇස්‌ කන් ඇර සිටිය යුතුවේ. අසත්‍ය ප්‍රචාරකරමින් රට පාවා දෙන්නන්ද, රට බෙදීමට පිඹුරුපත් සකසන්නන්ද හඳුනාගත යුතුවේ. මවුබිම ආරක්‍ෂා කිරීමට ලක්‍ෂ ගණන් දිවිපිදූ අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් එවන් ෙද්‍රdaහීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට ඉදිරියේදී කාලය එළඹෙන බැවිනි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions