3/09/2018

අතුරුදන් වූවන්ගේ කාර්යාලයට කොමසාරිස්ලා පත්කිරීමෙන් ආණ්ඩුව නිවට හා දීන බව පෙන්වලා

කතෘ:යුතුකම     3/09/2018   No comments

මානව හිමිකම් මහ කොමසාරිස් වරයා මානව සැසියට ප‍්‍රථමයෙන් මෙරට පිළිබඳ මූලික වාර්තාව ඉදිරිපත් කර තිබුණා ඔබ එය දකින්නේ කොයි විදිහටද ?

එයින් කියන්නේ 30/1 යෝජනාවලියට අපේ රජය දෙවරක් අනුග‍්‍රාහකත්වය දැක්වූවා, එ් නිසා එ්කට අනුව කටයුතු කළ යුතුයි කියලයි මේ කියන්නේ, ඇත්තටම සම අනුග‍්‍රහය දැක්වූ නිසා එහි තියෙන සියලූම කාරණා කි‍්‍රයාත්මක කිරීමට බැ`දී සිටිනවා කියලයි.

මේ වාර්තාවේ බොහොමයක් තියෙන්නේ මුල් යෝජනාවේ තියෙන කරුණු එකින් එක කි‍්‍රයාවට නැංවිය යුතුයි කියන දැඩි අවවාදාත්මක සඳහන් කිරීමක්.

අතුරුදන් වූවන්ගේ කාර්යාලය, මානව හිමිකම් සැසිවාරය ආරම්භ වී ඇති මෙවැනි අවස්ථාවක පිහිටුවීම පිළිබ`ද ඔබේ අදහස කුමක්ද ?

නිවට බව සහ දීන බව නැවත ප‍්‍රදර්ශනය කිරීමක් විදිහටයි මම මෙය දකින්නේ. අතුරුදන්වීමේ පනත පාර්ලිමේන්තුවේදී පසුගිය වසරේදී සම්මත වුණා. ඊට පස්සේ සැප්තැම්බර් සැසිවාරයේදී සෙයිද් අල් හුසේන් අඩිය හප්පලා පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වුණත් කාර්යාලය පිහිටුවලා නැහැ කියලා කිව්වාම ඊට පහුවෙනිදාම අපේ රජය මේ කාර්යාලය පිහිටුවීමට කටයුතු කළා. මෙවර වාර්තාවෙන් වහාම එය කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා කිව්වාම ඊට පහුවෙනිදාම මේ කාර්යාලයට කොමසාරිස්වරුන්ව පත්කිරීමට පියවර ගත්තා. ඇත්ත වශයෙන්ම අපේ නායකයෝ කටයුතු කරන්නේ රටේ ජනතාවගේ අභිමතයට නෙමෙයි පිටරට ඉන්න විදේශිකයකුගේ වුවමනාවට කටයුතු කරන රූකඩයක් විදිහටයි.

අද මේකට පත්කරලා තියෙන එක්කෙනෙක් වෙන්නේ නිමල්කා ප‍්‍රනාන්දු සහ මිරාක් රහීම්. එතකොට මිරාක් රහීම් කියන්නේ සංහිඳියාව උදෙසා ප‍්‍රතිචාර කාර්ය බලකායේ සමාජිකයෙක් විදිහට හිටිය කෙනෙක්. මේ බලකාය හැදුවේ 30/1 යෝජනාව අනුවයි. එතකොට මේ බළකාය නිකුත් කළ යෝජනා අතර උතුරේ ඉඩම් වහාම ලබා දිය යුතුයි. මහ විරු දිනය සැමරිය යුතුයි වගේ කාරණා තියෙනවා.

නිමල්කා ප‍්‍රනාන්දු කියන්නේ කොටි සංවිධානයේ රාජ්‍ය නොවන සංවිධාන සමග එකතුවෙලා ජිනීවාවල අපේ රටේ රණවිරුවා පාවා දීමේ පුරෝගාමියෙක්. පහුගිය ජිනීවා සැසිවාරයේ දී කොටි හිතවාදී සංවිධාන කියා සිටියා දෙමළ තරුණියන් තවමත් දූෂණයට ලක්වෙනවා කියලා. මේක අස්සට නිමල්කා ප‍්‍රනාන්දු ඇවිත් කිව්වා තමුනුත්

ශී‍්‍ර ලංකා රජයෙන් හිංසාවට ගොදුරු වෙච්ච කාන්තාවක් කියලා.

බොරු සාක්කි පවා මේකට ගොනු කරන්න පුළුවන්. වීඩියෝ තාක්ෂණයෙන් දෙන සාක්කි, සාක්කි ආඥ පනතට පටහැණිව දෙන සාක්කි ලබා ගැනීමට හැකියාව තියෙනවා. එ් වගේම තමන්ට විරුද්ධව සාක්ෂි දෙන අයගෙන් හරස් ප‍්‍රශ්න අහන්න චූදිතයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

එ් වගේම සෙයිද් රාද් අල් හුසේන් කියනවා අපි සර්වලෝක අධිකරණ බලයට යටත් විය යුතුයි කියලා. එ් අධිකරණ බලයට යටත් වුණාම මේ වගේ සාක්ෂි රැුස් වුණාම විදේශයකට ගියාම එ් චෝදනා එල්ලවෙන පුද්ගලයාව අත් අඩංගුවට ගන්න පුළුවන්. එ් විදිහට රණවිරුවාව ඉතා නින්දිත විදිහට පාවා දීලා තියෙනවා.

මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යොමු කළ මෙරට හමුදා නිලධාරීන් කිසිම යුද අපරාධයකට සම්බන්ධ නැති බව සිදු කළ පරීක්ෂණ වලින් සනාථ කර ඇති බව ප‍්‍රකාශ කර තිබෙනවා. රණවිරුවා යුද අපරාධ කළා කියලා දංගෙඩියට යොමු කරනවා කියන කාරණය සිදු වෙලා නැහැ නේද ?

මේ මාලිවලට යවපු අයව දැඩි පරීක්ෂාවකට භාජනය කළා. සමහර විට එතැන ඉන්න බොහෝ අය යුද්ධ කාලයේ හිටිය නැති අය වෙන්න ඇති. එතකොට එ්කේ අන්තිමට කියලා තියෙනවා මානව හිමිකම් කවුන්සිලයෙන් පත් කරන අය තමයි අපි ගැන බලන්නේ කියලා. මේක මොන තරම් නින්දිත කි‍්‍රයාවක්ද?

යුද අපරාධ කරලා තියෙනවා කියලා කිසිම අවස්ථාවක ඔප්පුවෙලා නැහැ. එහෙම දෙයක් නැතිව රණවිරුවන්ව මේ විදිහට පරීක්ෂාවට ලක්කරන්නේ කොහොමද? ඒකෙන් යුද අපරාධයක් කළා කියලා ඔප්පු කරන්නේ කොහොමද? ඊට තියෙන සාක්කි මොනවාද ? ඉතින් මේක තනිකරම යුද්ධයට සම්බන්ධ වුණ කිසිවකුට විදේශ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව නොදෙන කි‍්‍රයාවක්. ඉතින් මේ රජය එ්කට ඉඩ දෙනවාද කියන එකත් ගැටලූවක් මතුවෙන කාරණයක්.

ශී‍්‍ර ලංකාවේ දූත මණ්ඩලයක් ජිනීවා බලා යෑමට නියමිතයි. එ් අය කොයි විදිහට කි‍්‍රයා කළයුතුයි කියලද ඔබ හිතන්නේ ?

මම එ් කණ්ඩායමට පැහැදිලිව කියනවා මේ 30/ 1 යෝජනාවට පාදක වුණේ සෙයිද් අල් හුසේන්ගේ ඕ අයි එස් එල් කියන වාර්තාවයි. එ් වාර්තාව නිසා තමයි 30/ 1 වාර්තාව ඇමරිකාව ගෙනාවේ. එ්කට අපි සම අනුග‍්‍රහයක් දුන්නේ. මේ වාර්තාවේ තියෙන චෝදනා සියල්ලක්ම අපි ගෝලීය ශී‍්‍ර ලංකා සංසදය නිෂ්ප‍්‍රභා කරලා මේක ඇත්ත හෙළි කරන වාර්තාවක් ජිනීවාවලට ලබා දී තියෙනවා.

මහ කොමසාරිස්ගේ වාර්තාවේ තියෙන එක චෝදනාවක් වෙන්නේ අපි උතුරට භාණ්ඩ යවන එක හිතාමතාම නැවැත්තුවා කියන එක. අපි යුද කාලයේදී මානුෂීය ආධාර සඳහා උපදේශන මණ්ඩලයක් පත් කරලා තිබ්බා. ඒකේ සභාපති වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එ්කට හැම අමාත්‍යංශයකම ලේකම්වරුන් හිටියා. ඒකේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හිටියා.

එක්සත් සංවිධානයේ මෙරට නියෝජිත නීල් බුනේ මහතා කියනවා උතුරට භාණ්ඩ යැවීම සම්බන්ධයෙන් ලංකා රජයට රන් පදක්කමක් දිය යුතුයි කියලා.

එ් වගේම මුලතිව් දිසාපතිනිය කියනවා හැම වෙලාවකම මාස තුනක ඖෂධ සහ ආහාර තියෙනවා කියලා.

ඕ.අයි.එස්.එල්. වාර්තාව නැවත වරක් සලකා බලන්න කියලා මානව හිමිකම් කවුන්සිලයට කියන්න කියලා ශී‍්‍ර ලංකා කණ්ඩායමට කියන්න කැමතියි. එහෙම කිව්වේ නැත්තම් අපේ රජය හමුදාවන් පාවා දෙන කණ්ඩායමක් බවට පත්වෙනවා. එ් අයට අපේ රජයක් ආපු අවස්ථාවක දේශද්‍රෝහීන් විදිහට සලකලා කටයුතු කරනවා.

ජිනීවා නුවරදී ගෝලීය ශී‍්‍ර ලංකා සංසදය විදිහට ඔබලා මොනවගේ වැඩසටහනක්ද කි‍්‍රයාත්මක කරන්න බලපොරොත්තු වෙන්නේ ?

ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය බර්මිංහැම් විහාරයේ කස්සප හිමියන්ට අයත් සංවිධානයක්. උන්වහස්සේ පමණයි අපට මේ අවස්ථාව ලබාදුන්නේ. එහිදී අපි ජිනීවා නුවරට ගිහිල්ලා කියන්නේ මංගල සමරවීර මේ 30 / 1 යෝජනාවට සහාය දැක්වූයේ කැබිනට්ටුවේ අනුදැනුම නැතිව තනි කැමැත්ත මතයි. එ් නිසා එ්ක නීති විරෝධියි.

එ් වගේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විවාදයක් තියන්නේ නැතිවයි මේක කි‍්‍රයාත්මක කළේ. මේ ගැන කතා කිරීමටයි අපි මෙවර බලාපොරොත්තුවෙන්නේ. ගියපාර යුද විශේෂඥයින්ගේ වාර්තා 6ක් අපි ඉදිරිපත් කළා අපි යුධ අපරාධ කළේ නැහැ කියලා. එහි ප‍්‍රගතියත් අහන්න අපි බලාපොරොත්තුවෙනවා.

[Rivira]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions