3/10/2018

පෙබරවාරි 10 නෙළුම් පොහොට්ටුවේ ජය රටේ විජයග‍්‍රහණයක් කරවමු!

කතෘ:යුතුකම     3/10/2018   No comments

- ගෙවිඳු කුමාරතුංග-මහනුවර ප‍්‍රදේශයේ ජාතිවාදී කලකෝලාහල පැතිරීමට ඉඩ හැරීම මඟින් හා එය දඩමීමා කරගනිමින් රජය පෙබරවාරි 10 දින මෙ රටවැසියා උස් හඬින් ප‍්‍රකාශ කළ අභිලාෂ යටපත් කරලීමේ උත්සහයක නිරත ව සිටින බව පැහැදිලි ය. ඊට පෙර සිට ම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට (නෙළුම් පොහොට්ටුවට) ලැබුණේ 50%ට අඩු ඡන්ද ප‍්‍රතිශතයක් ය යන කරුණ අවධාරණය කරමින් එ් මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ නායකත්වය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලත් අතිවිශිෂ්ට ජයග‍්‍රහණය අවප‍්‍රමාණය කිරිමේ ප‍්‍රයත්නයක් දරනු පෙණේ. දැන් දැන් පෙබ. 10 ජනමතය හා ජාතිවාදය අතර සබඳතාවක් මවාපාමින් එ් ජයග‍්‍රහණයට නිග‍්‍රහ කිරීමේ ප‍්‍රයත්නයන් ද දක්නට ලැබේ.

කෙසේ වුව ද ගෙවුණු වසර 3 පුරාවට පැවැති පාලනය, ඒ පාලනය රට මත පැටවීමට දැරූ විනාශයන් සියල්ල මුළුමනින් ම ප‍්‍රතික්ෂ්ප කරන බව ද, ම්ලේච්ඡ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය සහමුලින් ම පරදා එ්කීය ශී‍්‍ර ලංකාව යළි ප‍්‍රතිස්ථාපනය කළ, විජාතික බලවේග හමුවේ නොසැලී ශී‍්‍ර ලංකාවේ ස්වාධීනත්වය හා දේශයේ සම්පත් සුරක්ෂිත කිරීමට කැපවුණු මහින්ද රාජපක්ෂ නායකත්වය රටට අවශ්‍ය බව ද පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයේ දී රටවැසියා උස් හඬින් ප‍්‍රකාශ කර ඇති බව යටපත් කළ නොහැකි ය.

ජයග‍්‍රහණයේ සුවිශිෂ්ට බව

පෙබරවාරි 10 මැතිවරණය පැවැත්වූයේ පළාත් පාලන ආයතන 340ක් වෙනුවෙන් ය. ඉන් ආයතන 239ක් පොදුජන පෙරමුණ ජයග‍්‍රහණය කරද්දී දෙ වන තැන ලත් එක්සත් ජාතික පෙරමුණට ජයග‍්‍රහණය කළ හැකි වූයේ ආයතන 41ක් පමණි. සිරිසේන ජනාධිපතිතුමා නායකත්වය දුන් ශී‍්‍රල.නි.ප. හා එ.ජ.නි.ස. එකතුව දිනා ඇත්තේ ආයතන 10ක් පමණ ය. දෙමළ ජාතික සන්ධානය ආයතන 34ක් ජය ගන්නා විට ජනතා විමුක්ති පෙරමුණට එක ද ආයතනයක් හෝ ජයගත නොහැකිව ඇත. ප‍්‍රතිශත හැටියට සැලකුව හොත් පොදුජන පෙරමුණ 70% ඉක්මවන ජයග‍්‍රහණයක් ලබද්දී එක්සත් ජාතික පෙරමුණට හිමිව ඇත්තේ 12%කි. සිරිසේන ජනාධිපතිතුමාට 3%ට අඩු ප‍්‍රතිශතයකි. දෙමළ ජාතික සන්ධානයට 10% හිමිවන විට ජනතා විමුක්ති පෙරමුණට 0%කි. වසර 3ක් පුරා ජනාධිපති ධුරය, අගමැති ධුරය දරමින් රාජ්‍ය බලය භුක්ති විඳින එක්සත් ජාතික පක්ෂයට, ශී‍්‍රල.නි.ප.යට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙන් ම විපක්ෂ නායකයා හා විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස නිල විපක්ෂයේ වරප‍්‍රසාද භුක්ති විඳින දෙමළ ජාතික සන්ධානයට හා ජනතා විමුක්ති පෙරමුණට යන පක්ෂ සියල්ලට ම දිනාගත හැකි ව ඇත්තේ ආයතන 340න් ආයතන 85ක් පමණි. ප‍්‍රතිශතයක් ලෙස 25% පමණි. ඊට ප‍්‍රතිපක්ෂ ව මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වූ පළමු ඡන්දයේ දී ම ආයතන 340න් ආයතන 239ක්, 70% ඉක්මවා යන ප‍්‍රතිශතයක් සහිත විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ඇත.
ඉතිහාසයේ කිසි දින රාජ්‍ය බලය අහිමි පාර්ශ්වයක් පළාත් පාලන ඡන්දයක් ජයග‍්‍රහණය කර නොමැති පසුබිමක ලත් ජයග‍්‍රහණයක් වීම, ඡන්ද කොට්ඨාශවලින් 70%ක් හා සමානුපාතික නියෝජන 30%ක් වශයෙන් තිබූ ඡන්ද ක‍්‍රමය 60% හා 40% ලෙස - පැහැදිලි ජයග‍්‍රහණයක් ලැබීම වඩා අපහසු වන පරිදි ඡන්ද ක‍්‍රමය විකෘති කර තිබිය දී ලද ජයග‍්‍රහණයක් වීම, පොදුජන පෙරමුණ පිහිටුවීම හරහා සිදුවන්නේ ශී‍්‍රල.නි.ප.යේ ඡන්ද පදනම දෙකට කැඞීමෙන් එක්සත් ජාතික පක්ෂයට පහසු ජයග‍්‍රහණයක් හිමිකර දීම බවට නැඟුණු චෝදනා හමුවේ ඇතැම් මිතුරු බලවේග පවා චංචල වූ මොහොතක ලැබූ ජයග‍්‍රහණයක් වීම, එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රල.නි.ප.ය ලෙස ප‍්‍රධාන පක්ෂ දෙක තහවුරු වූ පසු මෛතී‍්‍රපාල සේනනායක, ටී. බී. ඉලංගරත්න, විජය හා චනිද්‍රිකා වැනි ශී‍්‍රල.නි.ප. ප‍්‍රබලයන් ද, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, පේ‍්‍රමචන්ද්‍ර වැනි එ.ජා.ප. ප‍්‍රබලයන් ද නව පක්ෂ සැදීමට දැරූ උත්සාහයන් ගේ අසාර්ථකත්වය පිළිබඳ ව ගොඩනැංවූ මානසික බාධක හමුවේ ලත් ජයග‍්‍රහණයක් වීම - මේ ජයග‍්‍රහණයේ විශිෂ්ටත්වය තව දුරටත් විශද කරන සාධක වේ.
 
හතර දෙනාම හෙළුවෙන්

ජනාධිපති ධුරය දරමින් ම මෛතී‍්‍ර නායකත්වය වෙනුවෙන් ඡන්දය ඉල්ලා දිනාගත හැකි වූයේ ආයතන 10 (2.9%) නම්, අගමැති ධුරය දරමින් ම එක්සත් ජාතික පක්ෂ රජයකට ජනවරමක් ඉල්ලා දිනාගත හැකි වූයේ ආයතන 41 (12%) නම්, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය දරමින් තිස්සමහාරාම ආදර්ශය අනුගමනය කරමින් තමන්ට ගම බාර දෙන්නැයි ඉල්ලූ ජ.වි.පෙ.ට එක ආයතනයක් වත් (0%) දිනාගත නොහැකි වී නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අබමල් රේණුවක හෝ හැඟීමක් තිබේ නම් මේ නායකයන් කළ යුතුව ඇත්තේ රාජ්‍ය තනතුරුවලින් පමණක් නොව තමතමන් ගේ පක්ෂ නායකත්වයෙන් ද ඉල්ලා අස්වීම ය.

විපක්ෂ නායකකම දරන දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්දන් මහතා සම්බන්ධයෙන් ද කිවයුතු ව ඇත්තේ මෙය ම ය. ෆෙඩරල් බලතල ඉක්මවා යන ස්වයං පාලනයක් දෙමළ නිජභූමියට ලබාගන්නා බවට ප‍්‍රතිඥ දුන් ඔවුනට යාපනය දිස්ති‍්‍රක්කයේ පැහැදිලි බහුතරයක් ලබාගත හැකි ව ඇත්තේ පළාත් ආයතන 2ක පමණි. උතුරු හා නැෙඟනහිර පළාත්වල එක ද දිස්ති‍්‍රක්කයක හෝ 50% ඉක්මවා යන ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීමට දෙමළ සන්ධානය අසමත් ව ඇත. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබාගත් 515,963 ඡන්ද ප‍්‍රමාණය 339,675 දක්වා ඡන්ද එක්ලක්ෂ හැත්තහයදාහකට වැඩි සංඛ්‍යාවකින් අඩු කරගෙන ඇත.

එහෙත් මේ අය ජනමතයට එරෙහි ව බලයේ එල්ලී සිටීමට අපූරු ප‍්‍රතිශත විජ්ජාවක් මවමින් ජනතා අභිලාෂය දුර්මුඛ කිරීමේ ප‍්‍රයත්නයක නිරත ව සිටී. දෙමළ ජාතික සන්ධානයේ සම්බන්දන් මහතා තම විපක්ෂ නායක පුටුවේ සිටිමින් ම මහින්ද රාජපක්ෂ ජනතා නායකයාට අපවාද නඟමින්, බැන වදිමින් කියාසිටියේ පොදුජන පෙරමුණට මුලූ රටෙන් ම 45%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබෙන විට 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ රජය පැරදවීමට එක්වූ චෞර හවුලට 50% ඉක්ම වූ ප‍්‍රතිශතයක් ලැබී ඇති බව ය. එ.ජා.ප.යට 32.6%ක්, ශී‍්‍රල.නි.ප. හා එ.ජ.නි.ස. එකතුවට 13.4%ක්, ජ.වි.පෙ.ට 6.2%ක්, දෙමළ ජාතික සන්ධානයට 3.0%ක් ලෙස එදා ජනවාරි 08 මවුබිමට එරෙහිවූ හවුලට 55%ක් ඇති බව ය!

දැන් මේ පලාත් පාලන ඡන්දයේ දී එ.ජා.ප.යට, ශී‍්‍රල.නි.ප.යට හා එ.ජ.නි.ස.ට, ජ.වි.පෙ.ට, දෙමළ සන්ධානයට ලැබුණු ඡන්ද එ ලෙස මේ රජය පවත්වාගෙන යෑමට ලැබුණු ඡන්ද ලෙස එකතු කළ හැකි ද? ජ.වි.පෙ.ට ලැබුනු 6% මහබැංකු හොරකමට, නිදහස් අධ්‍යාපන කප්පාදුවට, පොහොර සහනාධාරය කැපීමට, අගමැතිවරයා ගේ ආර්ථික ප‍්‍රතිපත්තියට, ආණ්ඩුව එ ලෙස ම පවත්වාගෙන යෑමට ලැබුණු ඡන්දයක් ද? සිරිසේන ජනාධිපතිවරයා ඡන්ද ලබාගත්තේ මේ රජය, මේ ලෙස ම පවත්වාගෙන යන බව කියමින් ද? ගෙවුණු වසර 3 ආර්ථිකය අසාර්ථක බව, එය නොපමාව වෙනස් කළ යුතු බව, මහබැංකු හොරුන්ට අනිවාර්යයෙන් දඬුවම් දිය යුතු බව, රාජ්‍ය දේපළ - විශේෂයෙන් රාජ්‍ය බැංකු රැකගත යුතු බව ආදිය කියමින් නොවේ ද? ශී‍්‍රල.නි.ප.යට හා එ.ජ.නි.ප.යට ලැබුණු 13% මේ රජය පවත්වාගෙන යෑමට ලැබුණු ඡන්දයක් වන්නේ කෙසේ ද? ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙක ම වෙන වෙන ම යන ගමනක් ගැන කියමින් ඡන්දය ඉල්ලා ඇති විට මේ රජය පවත්වාගෙන යෑමට ලැබුණු ජනවරමක් ගැන කතා කළ හැකි ද? එසේ තිබිය දී විපක්ෂ නායක පුටුවේ සිටිමින් ම විභේදනය වූ ආණ්ඩුවේ පක්ෂ ලත් ඡන්ද එකතු කිරීමෙන් නොනැවතී එ් ඡන්ද සමඟ විපක්ෂයේ ඔවුන් ලත් ඡන්ද ද හිරිකිතයකින් තොර ව එකතු කරමින්, මෙ බලපන්, උඹලට 45% යි, අපිට, අපේ ආණ්ඩුවට 55% යි කියන විපක්ෂ නායකයා ගේ ගෝරනාඩුව අසූවිය පැන්න මහල්ලකු ගේ නිරුවත් මදාවි හැසිරීමකටත් වඩා අශෝබන ය. ජුගුප්සාජනක ය.
ඇත්ත වශයෙන් ම පෙබ. 10 දින මෙ රට වැසියන් සිය ඡන්දයේ බලයෙන් ජනාධිපති, අගමැති, විපක්ෂනායක, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක යන හතරදෙනාට ම එ් පදවි දැරීමට මොනයම් හෝ සදාචාරාත්මක අයිතියක් යුක්තියක් නැති බව පෙන්වා ඇත. එ් බව නොපිළිගනිමින් මේ සිවුදෙනා කරන කියන සියල්ල ජනතාව දකිනු ඇත්තේ ඇෙඟ් නූල්පටක්වත් නොමැතිව ආඩම්බරයෙන් වීදි සංචාරය කළ අධිරාජ්‍යයා පරිදි ම ය. එක ම කෝලම් නාටකයක් පරිදි ය. රජ ගෙදර ෙදාරටුව ඉදිරිපිට දී ම වසන්ත සේනානායක රාජ්‍ය ඇමැතිතුමාට මේක නම් එක ම කොමිඩියක් යැ යි කියවෙන්නේ එ් නිසා ය.

පනස්හය පෙරට ම!

56 දී මෙ රට ජනීජනයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නම් වූ අලූත් පක්ෂයක් තමන් ගේ පැතුමන් වෙනුවෙන් ඉහළට ඔසවා තැබීමෙන් පසු යළි අලූත් දේශපාලන පක්ෂයක් තම පැතුමන් වෙනුවෙන් ඔසවා තැබූයේ මේ පෙබරවාරි 10 දා ය. එ් නිසා නෙළුම් පොහොට්ටුවේ ජයග‍්‍රහණය 56 සිහිපත් කරවන්නක් වීම ස්වභාවික ය. එහෙත් 45% ඡන්ද ප‍්‍රතිශතයක් ලැබූ මේ ජයග‍්‍රහණය 56 හා සැසඳීම 56ට කරන නිග‍්‍රහයක් ලෙස පනස්හයේ දරුවන් ගැන කතා කරන, එ් පනස්හයේ දරුවන් වෙනුවෙන් දැනුම නිර්මාණය කිරීමට මුල් වූ ඇතැම් සුධීමතුන් පවා පවසන බැවින් එ් ගැන මඳක් විමසීම වටී.
එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ශී‍්‍රමතානන් ගේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මුල්වරට ඡන්දයකට මුහුණ දෙන්නේ 1952 මහමැතිවරණයේ දී ය. එ් සඳහා බණ්ඩාරනායක මහතා ඉදිරිපත් වනුයේ පැවැති රජයේ සභානායකවරයා ලෙස ය. පළාත්පාලන ඇමැති ලෙස මෙ රට පුරා ගම්සභා නායකයන් සමඟ ගොඩනඟාගත් සබඳතා ජාලයක් සමඟ ය. තිහේ දශකයේ සිට ගොඩනැඟූ සිංහල මහ සභාව ශී‍්‍රල.නි.ප.යේ න්‍යෂ්ටිය ලෙස යොදාගනිමින් ය. එසේ නමුත් 1952 මහමැතිවරණයේ දී බණ්ඩාරනායක මහතාට, ශී‍්‍රල.නි.ප.යට රටේ ආසන 101න් දිනාගත හැකි වූයේ ආසන 9ක් (8.9%ක්) පමණි. එ් ලංකා සමසමාජ පක්ෂය ද ආසන 9ක් හා කොමියුනිස්ට් පක්ෂය ආසන 4ක් දිනාගනිද්දී ය (පිළිවෙලින් 13.07%ක් හා 5.76%ක් ඡන්ද ප‍්‍රතිශත ලබාගනිද්දී ය). කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් පෙනී සිටියේ නම් බණ්ඩාරනායක මහතාට විපක්ෂ නායකකම පවා අහිමි වීමට ඉඩ තිබිණි.

1956 මහමැතිවරණයේ තත්වය කෙසේ ද? එහි දී බණ්ඩාරනායක මහතා සමස්ත ආසන 95න් ආසන 51ක් දිනාගත්තේ ය. ආසන 54ක් හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂය ආසන 8ට බැස්සේ ය. මෙය විශිෂ්ට ජයග‍්‍රහණයක් බවට කිසිදු සැකයක් තිබිය නොහැකි ය. එහෙත් අද පොදුජන පෙරමුණේ 45%ක ඡන්ද ප‍්‍රතිශතය ගැන අවධාරණය කරන්නන්ට අනුව ගොස් 56 මැතිවරණයේ ඡන්ද ප‍්‍රතිශත සලකා බැලූවහොත් දක්නට ලැබෙන්නේ කුමක් ද? සියලූ පරගැති සිරිත් රජ කරවා හුදී ජනයා ගේ සිත් පෑරවූ ජෝන් කොතලාවල මහතා ගේ එක්සත් ජාතික පක්ෂයට සමස්ත ඡන්දයෙන් 27.91%ක් ලැබෙද්දී, පිලිප් ගුණවර්ධන වාමාංශික නායකයා සමඟ, සිංහල භාෂා පෙරමුණ සමඟ මහජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වූ ශී‍්‍රල.නි.ප.යට, බෞද්ධ තොරතුරු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන බවට ශපථ කරමින් මුළුමහත් බෞද්ධ ජනයා ගේ ද, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට ශපථ කරමින් සිංහල භාෂානුරාගින් ගේ ද, තිරිකුණාමලය, කටුනායක අධිරාජ්‍යවාදීන් ගේ යුද කඳවුරු ඉවත් කරන බවට ශපථ කරමින් අධිරාජ්‍ය විරෝධීන් ගේ ද, වරාය, බස් ජනසතු කරන බව ශපථ කරමින් සමාජවාදීන් ගේ ද නායකත්වය දිනාගත් බණ්ඩාරනායක මහතාට (මහජන එක්සත් පෙරමුණට) ලබාගත හැකි ව ඇත්තේ සමස්ත ඡන්දයෙන් 39.52%ක් පමණි.

එ් නිසා සමස්ත ඡන්දයෙන් 45%ක් ලැබීම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් ම ය. ඊට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ එ්කාබද්ධ විපක්ෂයේ නායකකාරකාදීන්ට, ඊට සංවිධාන ශක්තිය සැපයූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට සංවිධායකයන්ට, ඊට මතවාද සැපයූ ජාතික සංවිධානවලට - මේ සියලූදෙනාට ම සතුටුවිය හැකි, ආඩම්බරවිය හැකි ජයග‍්‍රහණයක් ම ය.

පොදුජන පෙරමුණ හමුවේ ඇති අභියෝග

මේ ජයග‍්‍රහණයත් සමඟ ම පොදුජන පෙරමුණට අතිදැවැන්ත වගකීම් සමුදායක් ද පැවරෙන බව අවබෝධ කරගත යුතු ය. විජාතික බලවේගවලට මවුබිම පාවා දීමට අටවා ඇති මේ දුර්දාන්ත රජය හැකි ඉක්මණින් අවසන් කර රටට අලූත් රජයක්, අලූත් නායකත්වයක්, අලූත් ගමනක් නොපමාව උදාකර දීම ඉන් ප‍්‍රමුඛ වේ. එ් සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් පහකරලීම, මේ විජාතික හවුල් රජය අවසන් කරලීම හා පාර්ලිමේන්තු මැතිවරණයක් නොපමා ව දිනාගනිමින් මහජනයා ගේ අභිලාෂයන්ට අනුව නව රජයක් පත්කර ගැනීමට අවස්ථාව සලසා දීම අත්‍යවශ්‍ය ව ඇත.
එ් සමඟ ම එ් නව රජය ත‍්‍රස්තවාදය නිමා කළ රටක අනාගතය ගොඩනඟන - බෙදුම්වාදය සදහට ම පරදා භූමිය පමණක් නොව රටේ සකලවිධ ජනීජනයා ද එක්සේසත් කරන රජයක් ම විය යුතුය. එ් හා ම පරගැති බවින් - සුද්දා ගෙන් මතු නොව කළු සුද්දන් ගේ ආධිපත්‍යයෙන් ද අපේ මවුබිම මුදවාගන්නා දිශානතියකට ගෙන යන රජයක් විය යුතු ය.
මේ අරමුණු සාක්ෂාත් කරගැනීම මෙ රට උපනුපන් සෑම පරපුරක් ම මුහුණ දෙන අතිදැවැන්ත අභියෝග බවට සැකයක් නැත. එහෙත් එ් අභියෝගයන් ජය ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ නායකත්වය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙ රට සුවහසක් ජනීජනයා ගේ තේරීම වී තිබේ. දසදහස් ගණනක් වූ අහිංසක ජනයා සිය ප‍්‍රාර්ථනයන් ඉටුකරගැනීම සඳහා නෙළුම් පොහොට්ටුව තෝරාගෙන ඇත. එය සිය ආදරය දිනාගත් හදවතේ පක්ෂය බවට පත්කරගෙන ඇත.
එහෙත් සැකය, අවිශ්වාසය, ඊර්ෂ්‍යාව, වෛරය වැනි මනෝභාවයන් ද ආදරය හා බැඳී පවතින බව පොදුජන පෙරමුණේ සියලූ නායකයන්, සාමාජිකයන්, අනුගාමිකයන්, හිතවතුන් - සියලූදෙනා ම අවබෝධ කළ යුතු ය. එ් නිසා මේ සියලූ දෙනා, සංඝනායක පදවියෙන් පිදුම් ලත් විට අසරණසරණ වැලිවිට සරණංකර සඟරජුන් තමන් වහන්සේට ම ‘උඩඟු නොව මහණ’ ය යි කියාගනිමින් දුන් එ් උදාර ආදර්ශය අනුව යමින් වඩවඩාත් තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනීජනයා වෙනුවෙන් කැපවීම මෙන් ම වඩවඩාත් නිරහංකාර වීම හා තමතමන්ට ම වඩවඩාත් අවංක වීම අත්‍යාවශ්‍ය ය. බෞද්ධ සාහිත්‍යයෙහි යළියළිත් නෙළුම උපමා කොට ඇත්තේ මඩින් පැන නඟින මුත් මඩ තවරා නොගෙන පිරිසුදු ව, පිවිතුරු ව සුදිලීමේ ආනුභාවයට ය. නෙළුම් පොහොට්ටුවේ නායකයන්, සාමාජිකයන්, අනුගාමිකයන්, අනුග‍්‍රාහකයන් සෑම සියලූ දෙනා ම එක දශමයකින් හෝ වඩා යහපත් වීමට, වඩා ගුණගරුක වීමට, එක දශමයකින් හෝ තමතමන් ගේ ජීවිත උසස් කරගැනීමට, උදාර කරගැනීමට, ආදර්ශවත් කරගැනීමට අධිෂ්ඨාන කරගන්නේ නම් මෙ රට ජනීජනයා එදා-මෙදා තුර සෙවූ, එදා-මෙදා තුර පැතූ හදවතේ පක්ෂය නෙළුම් පොහොට්ටුව වනු ඇත. මවුබිම ද පියවරෙන් පියවර ජයග‍්‍රහණ අත්පත් කරගන්නවා ඇත.

- ගෙවිඳු කුමාරතුංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions