- පෙබරාවරි 10 රටවැසි ප්‍රකාශය : රට බෙදන ව්‍යවස්ථාවට , රණවිරු දඩයමට , පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් අල්ලාගැනීමට එරෙහිවයි.
-ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා,
"පෙබරවාරි 10 තිබුණේ අමුතු තාලෙ ඡන්දයක්. මේ ඡන්දයෙන් ආණ්ඩුව පක්ෂයත් පරාදයි. නිල විපක්ෂයත් පරාදයි. මේ රටේ නිල විපක්ෂයේ නායකයා ගෙනියන සෑම දේශපාලන පක්ෂයක්ම සෑම දේශපාලන මතකයක්ම පරාදයි. මේ ආණ්ඩුව 2015 අගෝස්තු මාසේ තේරී පත් වූ දවසේ ඉඳලා එක පෙළට මේ රටට කරපු දේවල් අපි දන්නවා.
මේ රටේ ජනතාව පෙබරවාරි 10 වැනිදා තීරණය දුන්නේ බඩ ගැන කල්පනා කරලා නෙමෙයි. මේ ඡන්දය ආණ්ඩුව පරාද වුණේ ගොවියාට පොහොර ටික නොදුන්න නිසා නම් බයිසිකලයෙන් ඉල්ලපු මහරගම දිනන්න විදියක් නැහැ.
ආයෙනම් මේ රට බෙදන ව්‍යවස්ථා ගේන්න එපා කියලා අපි පක්ෂ විපක්ෂ දිනපු, පරාජය වුණු සියලු දෙනාගෙන්ම ඉල්ලනවා. මේ රටේ ජනතාව රට බෙදන ව්‍යවස්ථාවලට ඉඩ දෙන්නේ නැහැ කියලා අපි අවධාරණය කරනවා. පෙබරවාරි 10 ජනතාව ආණ්ඩුවට දුන්නෙත් ඒ උත්තරේ තමයි. අනාගතයේදී පත්වෙන අයටත්, මේක හොඳ පාඩමක්."
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .