3/16/2018

ලෝකය ජය ගත් බද්දේගම ළිංමැඩියා - ආරියශීල වික්‍රමනායක

කතෘ:යුතුකම     3/16/2018   1 comment

කොදෙව් සන්දේශය - මව්බිම තීරු ලිපිය - 2018.3.13

> චිංගීස් ආයිත්මාතව් දුටු ලංකාව

“කල්පනා කරලා බලන්න. මම ලෝකෙ ගිහින් නැති රටක් නැති තරම්. හැබැයි ඔය ෂර්ට් ඔය විදිහට ඇඳගෙන මුළු අවුරුද්ද පුරාම රටේ ඕන තැනක ඇවිදින්න පුළුවන් රටවල් කීයෙන් කීයද ලෝකේ තියෙන්නේ? ”
ආරියශීල වික්‍රමනායක මහතා දිනක් මට එවැනි අපූරු පැනයක් යොමු කළේය. ඒ කතාව සරලය. එහෙත් ගැඹුරුය. සියල්ලෝම පාහේ දන්නා නමුදු බොහෝ දෙනෙකුගේ මතකයට නොඑන්නකි. ලංකාවේ ප්‍රබලතා ගැන දිග කතාවක් ඔහු ඉතා ලස්සනට කෙටි කළ ආකාරය ඇසූ මට සිහිපත් වූයේ සෝවියට් ලේඛක චිංගීස් ආයිත්මාතව් විසින් රචිත “වේලාසන කොක්කු ඇවිත්” නවකතාවේ එන ලංකාව පිළිබඳ අගනා විස්තරයකි. ලංකාව වනාහී ඍතු භේදවලින් තොර, දැවැන්ත හිමතලා හෝ කාන්තාරවලින් වැසී නොගිය, රටේ ඕනෑම තැනක, ඕනෑම කාලයක පහසුවෙන් ජීවත් විය හැකි දේශගුණයක් සහිත, වසර පුරා හරිත පැහැයෙන් බබළන ගහකොළ සහිත රටක් බව එහි සිත්ගන්නා සුළු ආකාරයෙන් විස්තර කොට තිබේ. කෙසේ වුවද මා මෙහිදී ලියන්නට අදහස් කළේ චිංගීස් ආයිත්මාතව් ගැන නොව ඔහුගේ කතාව මගේ මතකයට කැඳවා දුන් ආරියශීල වික්‍රමනායක ගැනය.

> ලියා ඉවර නොවූ කතාවක්....

මම මේ දිනවල අලුත්ම පොතක අවසානම හරිය ලියමින් සිටිමි. ඒ ආරියශීල වික්‍රමනායකගේ කතාවය. ලියා ඉවර නොකළ දේ ගැන කල් තියා කිට්ටු යහළුවන්ට වුවද කීම සුදුසු නැති බව චිංගීස් ආයිත්මාතව් පවසා ඇතත් මේ අලුත් පොත ගැන නම් යමක් නොලියා සිටීම අසීරුය.
ආරියශීල වික්‍රමනායක යනු මාස්ටර් ඩයිවර්ස් සහ පැල්වත්ත කිරි යන ආයතනවල හිමිකරුවාය. මව්බිම ලංකා පදනමේ සභාපතිවරයාය. ඒ නිල හැඳින්වීමෙන් ඔබ්බට ගොස් ඔහු ගැන තව කීමට ඇති දේ බොහෝය. සැකෙවින්ම කිවතොත් ඒ සියල්ලට වඩා ඔහුගේ වැදගත්කම වන්නේ ඔහු මේ රට පිළිබඳ මනා දැක්මක් හා ආදරයක් ඇති දේශීය ව්‍යාපාරිකයකු වීමය. දැක්මෙන් නොනැවතී ඒ දැක්ම වෙනුවෙන් ප්‍රායෝගිකව මහපොළොවේ අරගල කළ හා ඒ වෙනුවෙන් තම පෞද්ගලික ප්‍රතිලාභ උගසට තැබූ ව්‍යාපාරිකයෙක් වීමය. ඒ කැපවීම හා පරිත්‍යාගය කිසිවිටෙකත් ව්‍යාපාරිකයෙකුගෙන් අපේක්ෂා කළ නොහැකි තරමේ එකකි. ඔහු මේ රට මුහුණ දී සිටින ආර්ථික දේශපාලන ඛේදවාචකය නිවැරදිව විනිවිද දුටුවේය. ඔහු නිතරම පරාධීනත්වයට එරෙහිව ශක්තිමත් ජාතික ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටියේය. ඒ ඔස්සේ මේ රටට ලද හැකි ජයග්‍රහණ කෙතරම් විශාල දැයි ඔහු කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද රටට ඔප්පු කළේය. ආරියශිලගේ කතාව රටට කිව යුතු යැයි මා තීරණය කළේ ඒ නිසාය. එසේ නොමැතිව සල්ලිකාරයෙකු සල්ලි හෙවූ ආකාරය ගැන ලිවීම මගේ පරමාර්ථයන්ට අයත් නොවේ. ආරියශීල ධනවතෙකු වුවද ඔහුට ඇත්තේ සමාජවාදී මනසකි. සමාජවාදීන් යැයි කියාගන්නා අය සිය දහස් ගණනක් ඇසුරු කොට, ඔවුන්ගේ උස් මිටිකම් ගැන හොඳාකාරවම දන්නා මට ආරියශීල ගැන ලිවීමට ඒ දැක්ම ශක්තියක් මිස කිසිදු ආකාරයක බාධාවක් වී නැත.

> රට ගොඩනැඟීමේ වික්‍රමනායක ආදර්ශය
ඔහු මාස්ටර් ඩයිවර්ස් ආයතනය හරහා ලංකාවේ නම ඉන්දියන් සාගරයෙන් බොහෝ ඈතට ගෙන ගියේය. ඔහු පැල්වත්ත කිරි ආයතනය හරහා “ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කළ හැකිය” යන සිහිනය සෑහෙන තරමින් යථාවක් බවට පත්කළේය. රටට අවශ්‍ය සීනි රටේම නිපදවා ගත හැකි බව ඔහු ප්‍රායෝගිකව රටට ඔප්පු කළේය. පාන් පිටි වෙනුවට සහල් හා සහල් පිටි ආහාර ප්‍රචලිත කිරීමේ වැදගත්කම කාටත් පෙරාතුව රටට හඬ ගා කීවේ වික්‍රමනායකය. හම්බන්තොට වරායක් ඉදිකිරීමේ උපාය මාර්ගික වැදගත්කම ගැන කාලයක් තිස්සේ රටේ සියලු ආණ්ඩු දැනුවත් කරමින් ඒ සිහිනය සැබෑවක් වනතුරු ආරියශීල ඒ වෙනුවෙන් අරගල කළේය. වැටුප් දීමනා රහිතව රජයේ විවිධ තනතුරු දරමින් ලාබ ලැබිය නොහැකි යැයි කී ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට ඔහුට හැකිවිය. මව්බිම ලංකා පදනම වැනි ආයතන හරහා දේශීය ව්‍යාපාරිකයන්ට නායකත්වය සපයමින් ජාතික ආර්ථික අරමුණු ඔස්සේ ඔවුන් පෙළගැස්වීමට වික්‍රමනායක දැක්වූ දායකත්වය අති විශිෂ්ටය. මජර දේශපාලනය, අස්ථාවර රාජ්‍ය ප්‍රතිපත්ති, බඩ ඉස්සර කරගත් වම, ආදී නොයෙකුත් බාහිර බාධා නිසා ඔහුගේ මැදිහත්වීම්වල උපරිම පල නෙලා ගැනීමට මේ රට අසමත් වුවද, තනි පුද්ගලයෙක් ලෙස ඔහු තමන්ට කළ හැකි සීමාවේ තරමද ඉක්මවා බොහෝ දුර ගියේය. ඔහු ඒ අරගලය දියත් කළේ වාසි සහගත බිමක නොව ඉතා අවාසි සහගත බිමක බවද අමතක කළ යුතු නැත. කුමන බාධක මැද වුවද “අපට කළ හැකිය” යන වැදගත්ම පණිවිඩය මේ රටට හඬ ගා කීමට වික්‍රමනායක සමත් විය. මේ රට ඔහුට සවන් දිය යුත්තේ ඒ නිසාය.

> ලෝකය ජය ගත් බද්දේගම ළිංමැඩියා

ආරියශීල වික්‍රමනායක පළමුකොටම හොඳ ගැමියෙකි. එහෙත් ඔහු ළමා වියේ සිටම විදේශිකයන් අතර හිඳ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබුවේය. ඔහු අද ලෝකයේ රටවල් ගණනාවක් සමඟ ගනුදෙනු කරයි. ඒ කවර තරමේ ලෝක අත්දැකීම් තිබුණද මේ කුඩා දූපතේ විශාලත්වය අවතක්සේරු කිරීමේ හීනමානයක් ඔහුට නැත. තමාගේ මුල් බිම වූ බද්දේගම ගැමි සංස්කෘතියේ ප්‍රබලතා හඳුනාගැනීමට ඔහුගේ ගෝලීය අත්දැකීම් ඔහුට කිසිදු බාධාවක් වී නැත. මතවාදී ළිං පතුල් තුළ ජීවත් වෙමින්, ගෝලීය මානසිකත්වය ගැන වහසි දොඩන බොහෝ පඬියන්ට වඩා ආරියශීල ලෝකය ගැනත් දූපත ගැනත් දත්තෙකි. කොදෙව්ව දෙසත් ලෝකය දෙසත් ඇස් ඇර බැලීම කොදෙව් විරෝධයේ හීනමාන රෝගය සුවකරගැනීමේ හොඳම ක්‍රමයකි. මේ සියල්ල අදාළ කෘතිය තුළින් විස්තරාත්මකව පාඨක ඔබට කීමට හැකි වේ යැයි සිතමි. මේ දිනවල මගේ පෑනට ජවය සපයන මහා අපේක්ෂාව වන්නේ එයය.

-ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ඉතා හොඳ ලිපියක්. ආරියශීල වික්‍රමනායක මහතා අඩුගානේ ලංකාවේ වැදගත් අමාත්‍යංශයක් බාරව ඉන්ඩ ඕනේ.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions