4/28/2020

ජාතික ආර්ථිකය දැඩි සත්කාර ඒකකයට යැවූ කොරෝනා

කතෘ:යුතුකම     4/28/2020   No comments
මහාචාර්ය කාලෝ ෆොන්සේකා දුන් කාලෝචිත ආදර්ශය... ‘බොරු ෂෝ‘ කාරයන්ට තවදුරටත් ඉඩක් නැත.....
* මැතිසබය කල වින්නැහියක්
* සැබෑ පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය ඉස්මතු කළ ආර්ථික පරිහානිය
* ඇමරිකන් ඩොලරය රුපියල් 200න් එපිටට, රටම අනතුරේ

-ශමින්ද්‍ර ෆර්ඩිනන්ඩු

2020 මහ මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇත. කොරෝනා හේතුවෙන් මහා මැතිවරණය කෙදිනක පැවත්විය හැකිදැයි අනුමාන කිරීමට පවා නොහැකිය. මාර්තු 12 - 19 අතර බාරගත් නාම යෝජනා අනුව මහ මැතිවරණය කෙදිනක පැවැත්වුවත් පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීමේ සටන පවතින්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ( ශ‍්‍රී. ල. පො. පෙ.) සහ සමගි ජනබලවේගය (ස. ජ. බ.) අතර බව පැහැදිලිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දෙන ශ‍්‍රී.ල.පො.පෙ. (ජනාධිපතිවරයා තවමත් එම පක්ෂයේ සාමාජිකයෙකු නොවේ ) සහ සජිත් පේ‍්‍රමදාස මෙහෙයවන ස.ජ.බ. ඡන්ද ගැටුමට කොරෝනා වෛරසය කල විනාශය කෙලෙස බලපාවිද ?

ගෝඨාභය රාජපක්ෂ ඉතා පහසුවෙන් ජයග‍්‍රහණය කල 2019 ජනපතිවරණයට බලපෑ ප‍්‍රධාන කරුණු සියල්ල යටපත් වී ඇත. 2020 මහ මැතිවරණයට අදාල කරුණ වන්නේ කොරෝනා වෛරසය විනාශකල රටේ ආර්ථිකය නැවත ගොඩනැගීමයි.

ඇත්ත වශයෙන්ම කොරෝනා වෛරසය පහර දුන්නේ බරපතල ලෙස දුර්වලව තිබූ ආර්ථිකයකට බව ජනතාව මෙන්ම දේශපාලන අධිකාරිය ද අමතක කල යුතු නැත.

තව දුරටත් කිසිදු දේශපාලන පක්ෂයකට බොරු පොරොන්දු දීම පහසු නොවෙනු ඇත . නිදහස් වෙළද පොළ ආර්ථිකයක් 1978දී හදුන්වාදීමෙන් පසුව ජාතික ආර්ථිකය මෙවැනි බරපතලම තර්ජනයකට මුහුණ දී නැත. බෙදුම්වාදී ද්‍රවිඩ ත‍්‍රස්තවාදය ප‍්‍රබලවම ක‍්‍රියාත්මක වූ කාලයේදීවත් ජාතික ආර්ථිකය මෙවැනි අවදානම් තත්වයකට පත් වුයේ නැත . ශ‍්‍රීලංකාවේ පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා වාර්තා වුයේ මාර්තු 11වැනිදාය. ඉන් සති හතරක් ගතවන විට සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම බිඳ වැටිණි. නිමි ඇඳුම් ඇතුළු අපනයන ආර්ථිකයකට මරු පහරක් වැදි ඇත. ශ‍්‍රී ලාංකිකයන් විදේශ රටවල සිට කරනු ලබන මුදල් සම්පේ‍්‍රෂණය සැලකිය යුතු ලෙස අඩු වී ඇත. තවදුරටත් ‍ඒවා පහල යනු ඇත. ආර්ථිකය එකතැන නැවතී ඇත.

ශ‍්‍රී ලංකාවේ තත්්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රබල මැදිහත් වීම මත කොරෝනා වෛරසය පැතිරීම සෑහෙන දුරකට පාලනය කල බව පැහැදිලිය. නමුත් ලෝකයේ තත්වය යහපත් වනතුරු ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්්වයට පත්වන්නේ නැත.

2020 මහා මැතිවරණයට ඉදිරිපත් වන සියලූ‍ම දේශපාලන පක්ෂ මෙම තත්වය තේරුම් ගත යුතුය. ජනතාවට බොරු පොරොන්දු දීම මෙම මැතිවරණයේදීවත් නවතා දැමිය යුතුය. බොරු පොරොන්දු දෙන කිසිදු අපේක්ෂකයෙකුට ජන්දය දෙන ජනතාව මනාපය නොදිය යුතුය. ජනතාව මුලා නොකළ යුතුය. බලයේ සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ බලය ලබා ගැනීමට උත්සහ කරන සමගි ජන බලවේගය මැතිවරණ පොරොන්දු දිය හැකි තත්ත්වයක අද ජාතික ආර්ථිකය නැත. ¥ෂණය සහ වංචා හේතුවෙන් බරපතල ලෙස රෝගාතුර වී සිටි ජාතික ආර්ථිකය කොරෝනා වෛරසය හේතුවෙන් මරණාසන්න තත්ත්වයට පත්වී ඇත.

මාධ්‍ය මෙහෙයුම් මගින් ආර්ථිකය ගොඩනැගීමට නොහැකිය. යුධ සමයේදීද ජාතික තලයේ ඡුන්ද පැවැත්වූ බව රහසක් නොවේ. 1999 දෙසැම්බර් ජනාධිපතිවරණය පැවැත්වුයේ, කොටි ත‍්‍රස්තවාදීන් එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංගට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කල යාපනය යටත් කර ගැනීමට සටන් කරන අවස්ථාවකදීය. එවැනි බරපතල අවස්ථාවකදීවත් ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් ඇති වුයේ නැත. මුහුදු කොටි කොළඹ වරායට එල්ල කල බරපතල තර්ජනය හේතුවෙන් සියලූ‍ම නැව් වලට අධිභාරයක් පැනවිණි. එම තත්ත්වය ජාතික ආර්ථිකයට විශාල බරක්‌ විය. ආර්ථික වර්ධනය පහලට වැටිණි. පැවති රජයන් සියල්ල අභියෝග වලට මුහුණ දුන්නේය. අභියෝග ජය ගත්තේය. 2009 මැයි මස ත‍්‍රස්තවාදය පරාජය කිරීම අප ජයගත් ප‍්‍රබලම අභියෝගයයි. එම ජයග‍්‍රහණයට නායකත්වය දුන් කණ්‌ඩායම අද කොරෝනා අභියෝගයට මුහුණ දී ඇත.

කොරෝනා වෛරසය හේතුවෙන් පවතින රජය මුහුණ දෙන අභියෝගය සම්බන්ධයෙන් අදහාගැනීමට හෝ බැරිය. මෙවැනි අභියොගයක් මීට පෙර කිසිදු රජයක් මුහුණ දී නැත. එලෙසම මෙවැනි තත්ත්වයක් තුල කිසිදු විපක්ෂයකට

( පාර්ලිමේන්තුව විසිරුවා ඇති අවස්ථාවක පවා) මීට පෙර ක‍්‍රියාත්මක වීමට සිදුවී නැත. අවසන් පාර්ලිමන්තුවේ බලය හිමි එජාපය දෙකඩ වීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එජාපය සහ වෙන්වුනු සමගි ජන බලවේගය සමග වෙන වෙනම සාකච්ජා පැවැත්වීමට සිදු වී ඇත. මෙම අවාසනාවන්ත මොහොතේ දේශපාලන පක්ෂ ජනතාවට විහිළු සැපයීම හෙලා දැකිය යුතුය.

දෙකඩ වූ එජාපයට කොරෝනා මැඩලීමට දීමට උපදේශයක් තිබිය නොහැකිය. මීට වසරකට පෙර 2019 අපේ‍්‍රල් 04 දින ඉන්දියාවෙන් ලබා දුන් රහස් තොරතුරු මත ක‍්‍රියා නොකිරීමෙන් තව්හිද් ජමාත් සංවිධානයට අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට ඉඩ සැලැස්වූ එජාපය ප‍්‍රමුඛ කණ්ඩායම අද බලයේ සිටියානම් රටට දෙවියන්ගේම පිහිටය.

නමුත් මෙම ලියුම්කරු මුලික ලෙස සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නේ පාර්ලිමේන්තුව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් කොරෝනා වෛරසයට ශක්තිමත්ව මුහුණ දීමේ අවස්ථාව රටට අහිමි කිරීමය. ජාතික ආර්ථිකය ශක්තිමත් නම් කොරෝනා වෛරසය හේතුවෙන් ප‍්‍රධාන අදායම් මාර්ග සියල්ල අවහිර වන විට බරපතල තත්ත්වයක් ඇතිවීම මගහරවා ගත හැකිව තිබිණි. නමුත් අවාසනාවකට කොරෝනා වෛරසය ප‍්‍රහාරයට ලක්වන අවස්ථාවේදී අපගේ ජාතික ආර්ථිකය දැඩි සත්කාර ඒකකයේ සිටි බව රජය, විපක්ෂය සහ ජනතාව මතක තබා ගත යුතුය.

2015 සහ 2016 සිදුකල මහා බැංකු බැදුම්කර වංචාව පිළිබදව විදේශිය සමාගම් කල වෝහාරික විගණනය හේතුවෙන් 2010 - 2015 සහ 2015 - 2020 පැවති රජයන් ජාතික ආර්ථිකයට කල හානිය රහසක් නොවේ. අදාල පාර්ශව දෙක එකිනෙකට චෝදනා කරගත් නමුත් අද වනතුරු එම වාර්තා සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැත. ජාතික ආර්ථිකයට දරාගන්න නොහැකි ව්‍යසන කරන්නේ බලවතුන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන

පත්වූ සහ පත්කල මන්ත‍්‍රීවරුන්ය. එම ජනතා නියෝජිතයන් දිගින් දිගට මහා මැතිවරණවලට ඉදිරිපත් කරන පක්ෂවල නායකත්වය දරන්නේ ජනාධිපතිවරුය එසේත් නැතහොත් හිටපු මැති ඇමැතිවරුය. ජනතාව මෙම අවනඩුව කියන්නේ කාටද ?

¥ෂණය වංචාවට සහ පිළිගත් ක‍්‍රමවේදවලට පිටින් කටයුතු කිරීම වැළැක්වීමේ ප‍්‍රධානතම වගකීම දරන පාර්ලිමේන්තුව දුෂිතයන්ට තෝතැන්නකි. මෙම දුෂිතයන්ට පාර්ලිමේන්තුව සිතු පැතු දේ ලබාදෙන කප්රුකකි. සත්‍යය කොතරම්

අමිහිරිද ? සුදු ඇදුමින් සැරසුන බොහෝ ජනතා නියෝජිතයින් කෙතරම් අප‍්‍රසන්නද ?

පාර්ලිමේන්තුවට මූලික වගකීම් දෙකක් ඇත. රටේ අවශ්‍යතාවය සහ යහපැවැත්ම සදහා නීති සම්පාදනය කිරීම සහ මුල්‍ය විනය පවත්වා ගැනීම එම වගකීම බව පාර්ලිමේන්තුවට මතක් කර දීමට සිදුවීම ඇත්ත වශයෙන්ම අවාසනාවකි. මෙම වගකීම් දෙකම පාර්ලිමේන්තුව ඉටු නොකළ බව පැහැදිළිය. පාර්ලිමේන්තුව වගවිය යුත්තේ මහජනතාවටයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් මහජන විශ්වාසය ආරක්ෂා කර නැත. අවිනීත හැසිරීම සදහන් කල සැනින් ජනතාවට මතකයට එන්නේ 2018 නොවැම්බර් මස එවකට බලයේ සිටි එකසත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරු කථානායක කරූ ජයසූරියට, එජාප මන්ත‍්‍රීවරුන්ට, පාර්ලිමේන්තු සේවකයන්ට සහ පොලිස් නිලධාරීන්ට පහරදුන් ආකාරයයි. මෙම ප‍්‍රහාරයට මිරිස් කුඩු මුසු කල වතුර යොදා ගැනීම හේතුවෙන් එවකට ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර ලෝක ප‍්‍රසිද්ධ විය. 2020 මහා ඡුන්දයේදී ප‍්‍රසන්න රණවීර ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ගම්පහට තරග කරන ලැයිස්තුවේ සිටියේය. හිටපු මන්ත‍්‍රීවරයා ගම්පහ ලැයිස්තුවේ පස්වෙනියාය. 2018 නොවැම්බර් ගැටුමට සම්බන්ධ සියලූ‍ම හිටපු මන්ත‍්‍රීවරු 2020 මහ ඡුන්දයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරති. රූපවාහිනී නාලිකා වලට පින්සිදු වෙන්නට ගැටුම සම්බන්ධ සියලූ‍ම මන්ත‍්‍රී වරු ලොවට හෙළි විය. මෙම ලියුම්කරුට පෙන්නා දීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද යොදා ගනිමින් ජාතික ආර්ථිකය විනාශ කරන ජනතා නියෝජිතයන් සුරක්ෂිතව සිටින බවයි. පාර්ලිමේන්තු වරප‍්‍රසාද පිළිබදව දේශපාලන පක්ෂ නියෝජිතයන් ජනතාවට මතක් කර දෙති. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සම්බන්ධයෙන්ද කථා කරති. නමුත් පාර්ලිමේන්තු වරප‍්‍රසාද යන ආවරණයෙන් රැුකෙන ජනතා නියෝජිතයෝ ජනතාවට හිමි ආර්ථික සුරක්ෂිතභාවය නැති කර දමති.

පාර්ලිමේන්තුවේ දුෂිතභාවය හේතුවෙන් ජනතාවට අහිමි කරන සෑම රුපියලකටම මැතිසබය වගකිව යුතුය.

පාර්ලිමේන්තුවේ නොසැලකිල්ල සහ වගකීම් විරහිත ක‍්‍රියාකලාපය හේතුවෙන් සිදු වූ මුල්‍ය පාඩු වලටද එම ආයතනය වගකිව යුතුය. කවුරු කවුරුත් එකතු වී සේවක අර්ථසාධක අරමුදල අවභාවිතා කළේය. ඒ අවස්ථාවන්හිදී පාර්ලිමේන්තුව වෙනතක් බලාගන සිටියේය. මහා බැංකු මගඩියටද රාජ්‍ය බැංකු පද්ධතිය යොදා ගත්තේය. පාර්ලිමේන්තුව එයද ප‍්‍රශ්නයක් කර ගත්තේ නැත. බැදුම්කර මගඩියට අදාලව රාජ්‍ය බැංකු ප‍්‍රධානීන්ට වැරදි උපදෙස් ලබා දුන්නේ ද වෙන කවුරුත් නොව එවකට මුදල් ඇමති රවී කරුණානායක ය. එජාප උප නායකයාගේ පසෙකින් ඒ අවස්ථාවේ සිටියේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංගය.

පළමුවන මහා බැංකු කොල්ලයට පෙර සිදුකල මෙම උපදෙස් දීම හෙලිවුයේ 2017 ජනාධිපති විමර්ශණ කොමිසම ඉදිරියේය. මෙය බරපතල හෙළිදරව්වකි. රජයට අවාසිදයක ලෙස ක‍්‍රියා කිරීමට රාජ්‍ය බැංකු පද්ධතියට උපදෙස් දෙන මුදල් අමාත්‍යවරු ලෝකයේ ක‍්‍රියාත්මක අනෙකුත් පාර්ලිමේන්තුවල සිටී ද ? එවැනි නීති විරෝධී උපදෙස් මහා භාණ්ඩාගාරයේ ලේකම් පසෙකින් තබාගෙන දුන් අවස්ථාවක් මීට පෙර ඔබ අසා තිබේද? අවසන් පාර්ලිමේන්තුවේ මුදල් කොමිසම මෙම අදහාගත නොහැකි හෙළිදරව්ව සම්බන්ධයෙන් සොයා බැලිය යුතුව තිබිණි. නමුත් එය එසේ නොවීය. පාර්ලිමේන්තුව නියෝජනය කල කිසිදු දේශපාලන පක්ෂයක්, ඩොලර් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ජාලය හෝ සිවිල් සංවිධාන මෙම හෙළිදරව්ව පිළිබදව කිසිදු හඩ නැගීමක් කලේ නැත. කිසිවක් සිදුවුයේ නැති ආකාරයට සිටියේය. ඇත්ත වශයෙන්ම මහා බැංකු මංකොල්ලයේ අතිශයින්ම වැදගත් හෙළිදරව්ව මෙයයි.

මුදල් කොමිසම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසා බැලීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කිරීමක් කල යුතුය. මහජන මුදලින් පවත්වා ගෙනයන මැති සභයට නිශ්ශබ්දව සිටිය නොහැක. මෙහි දී විශේෂයෙන්ම සදහන් කල යුතුව ඇත්තේ මුදල් කොමිසමේ එවකට ප‍්‍රධානි එම්. ඒ. සුමන්තිරන් මහා බැංකු වංචාවට චෝදනාවට ලක්වූ අර්ජුන ඇලෝෂියස් (ප‍ර්පෙචුවල් ටෙ‍්‍රෂෙරීස් ආයතනයේ හිමිකරු* ඇතුළු කණ්ඩායම සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ රජයේ නිලධාරියෙකු වෙනුවෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටීමයි. මෙම ලියුම්කරු එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි අතර එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතිඥ සුමන්තිරන් එම පුද්ගලයා වෙනුවෙන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව එහිදී නියෝජනය කල දප්පුල ද ලිවේරා සහ මන්ත‍්‍රීවරයා අතර සිදුවූ දෙබස අප රටේ තත්ත්වය හෙළි කල අවස්ථාවක් විය.

ජනාධිපති කොමිසම 2017 දෙසැම්බර් මාසයේ එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන බාරදුන් මහා බැංකු වංචා පිළිබදව වාර්ථාව දින දෙකක සාකච්ජාවට නොගැනීමට පාර්ලිමේන්තුව වගබලා ගත්තේය. අප රටේ පාර්ලිමේන්තුව අපුරුය.

ජනාධිපති සිරිසේන මහා බැංකු වංචාව සම්බන්ධයෙන් ජනාධිපති වාර්තාව ලැබුණු පසු ගතයුතු ක‍්‍රියාමාර්ග නොගත් බවට පාර්ලිමේන්තුවට ප‍්‍රසිද්ධියේ චෝදනා කලේය. බලයේ සිටි එජාපය ජනාධිපතිවරයාගේ දෝෂාරෝපණය ඉවත දැමීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 19 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව මාර්තු 02 දින විසුරුවා දමන තුරුම මහා බැංකු වාර්තාව විවාදයට ගත්තේ නැත. විවාදයට ගත්තත් ‘අපේ හොරා අපිට හොදා ‘ යන න්‍යායට අනුව පාර්ලිමේන්තුව තුල හෝ ඉන් පිටත එම අපරාධයට වගකිව යුතු කිසිවෙකුට දඩුවම් ලැබෙන්නේ නැත. බරපතල මුල්‍ය වංචා වලට දඩුවම් ලැබෙන්නේම නැත.

විජේසිංහ පෙන්නා දුන්නේ එම කාන්තාව නොවන්නට එවකට මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කල මැදිහත් වීම ඔප්පු කිරීමට නොහැකි වන බවයි. විජේසිංහ එම නිලධාරිනිය අදාළ ලේඛණයට යෙ¥ සටහන අගය කලේය. නමුත් ඇයගේ නම සදහන් කලේ නැත. මෑතකදී විශ‍්‍රාම ගිය ඇය එවකට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව බාරව සිටි දීපා සෙනවිරත්නය. සම්මාන පිට සම්මාන පිරි නැමීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශය සමත්ය. එලෙසම රාජ්‍ය නොවන සංවිධාන ජාලය සහ සිවිල් සංවිධාන පවත්වන සම්මාන උළෙලවල් ද නිමක් නැත. නමුත් අදටත් මහා බැංකු වංචාවට හිටපු මහා බැංකු අධිපති සිංගප්පුරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන්ගේ සම්බන්ධතාවය ඔප්පු කල රාජ්‍ය සේවකයා අගය කිරීමකට ලක් වුයේ නැත. නමුත් එවකට මුදල් ඇමති ලෝකයේ හොදම මුදල් ඇමති ලෙස ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබිය.

මහා බැංකු වංචා ඇතුළු මහා පරිමාණයේ දුෂණ අක‍්‍රමිකතා සහ ‘නීතිය නැවීම් ‘ දීර්ඝ කාලයක් තුල සිදුවුයේ නැතිනම් කොරෝනා වෛරස් ප‍්‍රහාරයට මුහුණ දීමට ශ‍්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට හැකියාව තිබු බව පළමුවන බැංකු වංචාව විමර්ශනය කල පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක ඩිව් ගුණසේකර සහ හිටපු විගණනාධිපති ගාමිණී විජේසිංහ මෙම ලියුම්කරු ඉදිරිපත් කල ප‍්‍රශ්න වලට පිළිතුරු ලෙස පැවසීය. ගුණසේකර සහ විජේසිංහ ජාතික ආර්ථිකයට කල විනාශයට පාර්ලිමේන්තුව වගකිව යුතු බව ද පැවසිය. තව දුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තුව තම වගකීම් සහ මහජනතාවට වගවීම යන මුලික කරුණු දෙකම ඉතාමත් පහත් ලෙස දිගින් දිගටම කඩකිරීම හේතුවෙන් කොරෝනා වෛරසය කල විනාශයට මුහුණ දීමට අවශ්‍ය මුල්‍යම ශක්තිය රටට අහිමි කර ඇති බවයි.

දේශීය රාජ්‍ය සහ පෞද්ගලික බැංකු පද්ධතිය සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන මෙන්ම චීනය වැනි ණය සපයන්නන් මත යැපෙන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආදායම් මාර්ග සියල්ලම ඇහිරී රට අන්ත අසරණ වී ඇත. ශ‍්‍රී ලංකාවේ ජනතාව මෙම තත්ත්වය නිසියාකාරව තේරුම් ගෙන ඇති බවත් තවමත් නොපෙනේ. මෑතකදී අගමැති මහින්ද රාජපක්ෂ චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණයක් සහන කොන්දේසි මත ලබා ගත්තේය. කොන්දේසි කෙලෙස හැදින්වුවත් ණය ගෙවිය යුතුය. ආදායමක් නැති තත්ත්වයක් යටතේ ජාතියක් ලෙස ඉදිරියට යෑම කෙසේ වෙතත් පවතින තත්ත්වය ආරක්ෂා කර ගැනීමේ වගකීම රජයට ඇත.

2020 මහා මැතිවරණය පවත්වන තුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් රට පාලනය කරන කැබිනට් මණ්ඩලය රාජ්‍ය මුල්‍ය පාලනය ඉතාමත් වගකීමෙන් කල යුතුය. පසුගිය දශක තුන තුල කැබිනට් මණ්ඩලවල සාමාජිකයන්ගේ වංචා සහ දුෂණ හේතුවෙන් රටට අහිමි කල ධනය අසීමිතය. තව දුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයන් කිසිදු වංචා දුෂණයක් හෝ අක‍්‍රමිකතාවයක් සිදු නොකළ යුතුය. ඇත්ත වශයෙන්ම දුෂණයකට සම්බන්ධ නොවූ මහජන නියෝජිතයෙකු සොයා ගැන්ම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

තවමත් දින නියම කර නොමැති මහා මැතිවරණයකින් පසුව පාර්ලිමේන්තුව රැුස් වන්නේ ජාතික ආර්ථිකය බිංදුවට වැටි ඇති අවස්ථාවකය. 2015 අගෝස්තු මහා මැතිවරණයෙන් පසුව සියලූ‍ම පක්ෂ නියෝජනය කල මන්ත‍්‍රීවරුන්ට සහ මන්ත‍්‍රිවරියන්ට නිකුත් කල බදු වලින් තොරව වාහනයක් ආනයනය කිරීමට අදාල බලපත‍්‍රය හරහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම හේතුවෙන් රජයට අහිමි කල බදු ආදායම රුපියල් බිලියන 7 බවට රටේ ඉහලම අධිකරණයේ නඩු පැවරිණි. නව මැතිවරණයකින් පසු මහජන නියෝජිතයින් වැඩ අල්ලන්නේ වංචාවක් කිරීමෙනි. එම වංචාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේම පුර්ණ අනුග‍්‍රහයෙන් සිදු කෙරේ. නමුත් මන්ත‍්‍රීවරු ජාතික ආර්ථිකයට කල හානිය රටට ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛණ වලට වඩා බෙහෙවින් වැඩිය.

මන්ත‍්‍රීවරයෙකුට ලබාදුන් වාහන බලපත‍්‍රයේ වටිනාකම රුපියල් ලක්ෂ 330 හෝ රුපියල් මිලියන 33 අධිකය. එවැනි බද්දක් ගෙවා වාහනයක් ආනයනය කල හැකි පුද්ගලයන්ට තමන් ( මන්ත‍්‍රීවරුන් ) ආනයනය කල වාහනය විකුණා රටට අහිමි කල බදු මුදල කොපමණද? කොරෝනා වසංගතය හේතුවෙන් රුපියල බාල්දු වී ඇමරිකානු ඩොලරයට රුපියල් 200 වැනි මුදලක් ගෙවන මෙම අවස්ථාවේ බලයේ සිටිය පුද්ගලයන් විදේශ විනිමය කාබාසිනියා කල ආකාරය ජනතාවට මතක් විය යුතුය.

එජාප ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට 2015 ඇතුළු වූ රවුෆ් හකීම් සහ රිෂාඞ් බදුර්දින්ගේ මිත‍්‍රයන් දෙදෙනෙකු තම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර වලින් වසර දෙකකට පමණ පසු ඉවත් විය. එම පුද්ගලයන්ගේ ඉවත් වීමෙන් ඇතිවූ පුරප්පාඩු වලට පත්වූ දෙදෙනාටද රුපියල් ලක්ෂ 330 වාහන වාසනාව හිමි විය. ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ඩොලර් වලින් මාසික වැටුප ගෙවන කටයුත්තක් ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා දැමීමට සති කිහිපයකට පෙර ඉල්ලා අස්විය. එම පුරප්පාඩුව පිරවූ සිවිල් ක‍්‍රියාකාරී සමන් රත්නප‍්‍රිය සිල්වාටද රුපියල් ලක්ෂ 330 බදු සහනය හිමිවන බලපත‍්‍රය ලැබිණි. එම තත්ත්වය ද නීත්‍යානුකුලය.

කෙසේ වෙතත් හිටපු කථානායක කරු ජයසූරිය ලෝකයේ ක‍්‍රියාත්මක වන හොදම පාර්ලිමේන්තුවක් ලෙස හැදින්වූ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙන් මහජන නියෝජිතයන්ට විකිණීමට විශේෂ බලපත‍්‍ර යටතේ වාහන ආනයනය කිරීමට ලොව අන් කිසිදු මැතිසබයක් අවස්ථාව නොදෙන බවට සැකයක් නැත. මහජන නියෝජිතයන්ට මෙවැනි සැප දීම අසික්කිතය. ලෙඩ වූ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේම නැත.

හිටපු විගණාධිපති විජේසිංහ පවසන්නේ පවතින තත්්වය මත මහජන නියෝජිතයන්ට ලබා දෙන සියලූ‍ම වරප‍්‍රසාද නැවත සලකා බැලිය යුතු බවයි. 19 වැනි සංශෝධනය නීතිගත කිරීම 2015 දී සිදුවිය. මෙම නව නීතියද මහජන නියෝජිතයන්ගේ වාසියට හේතු විය . පාර්ලිමේන්තු වාරයක කාලය වසර 6 සිට 5 දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් 330 බදු වාසිය වසරකට කලින් ලබා ගැනීමේ අවස්ථාව හිමි වී ඇත.

කාරෝනා වෛරසය හේතුවෙන් මහජන නියෝජිතයින් මෙන්ම රජයේ නිලධාරීන්ගේ විදේශ ගමන් වලට වැටබැදීමෙන් රටට සැලකිය යුතු විදේශ විනිමයක් ඉතිරි වී තිබේ. රටට කිසිදු පල ප‍්‍රයෝජනක් නොමැති ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වීමට අදහාගත නොහැකි විදේශ විනිමය ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාව වියදම් කරයි. බුරුතු පිටින් රට ජනතා නියෝජිතයන් සහ ඔවුන්ගේ අඹු දරුවන් කරන මුදල් නාස්තිය අන්ත අපරාදයකි.

කොරෝනා වෛරසය ශ‍්‍රී ලංකා දේශපාලන බලවතුන්ට මුල්‍ය පරිපාලනය සහ මුල්‍ය විනය බරපතල ලෙස මතක් කර දී ඇත. මීට පසුව වත් මහා බැංකු වංචා සිදුවිය නොහැක. කොළඹ කොටස් වෙළදපොළ තමන්ට අවශ්‍ය ආකාරයට හසුරුවා ජාතික ආර්ථිකය විනාශ කිරීමට ඉඩ සලසා දිය යුතු නැත. සේවක අර්ථ සාධකය කිසි ලෙසකත් අනතුරේ හෙලා දැමීමට ඉඩ දිය යුතු නැත. 2020 දී ද පාර්ලිමේන්තුවට පත්වන බොහෝ මහජන නියෝජිතයින් පිළිබදව මහජනතාවට විශ්වාසයක් නැත. නමුත් ජනතාවගේ අවාසනාවට නව ලාංජන වලින් තරග කරන්නේද මීට පෙර බරපතල දුෂණ චෝදනා වලට ලක්වූ පුද්ගලයන්මය. ඉහල මනාපයන් ලබා එම පුද්ගලයන් මැතිසබයට ඇතුළු වනු ඇත. එහි සැකයක් නැත.

නමුත් කොරොනා වෛරසය ශ‍්‍රී ලංකාව අන්ත අසරණ කර ඇති මෙම මොහොතේ දී කිසිදු දුෂණයකට, වංචාවකට, හෝ අයථා ගණුදෙනුවකට සම්බන්ධ නොවිය යුතුය. මැති ඇමතිවරුන්ගේ සහ අදාල අමාත්‍යංශ වල ලේකම්වරුන්ගේ දායකත්වය, සම්බන්ධතාවය නොමැතිව කිසිදු ප‍්‍රධාන වංචාවක් සිදු වුයේ නැත. අනාගතයේ සිදුවන්නේද නැත. මෙම තත්ත්වයට දිය හැකි ඉතාමත් හොද උදාහරණය කෘෂිකර්ම අමාත්‍යංශයට ගොඩනැගිල්ලක් රුපියල් බිලියනයකට කුලියට ගැනීමට පාර්ලිමේන්තුව යොදා ගැනීමයි. මෙවැනි මුදල් කාබාසිනියා කිරීමක් කල එවුනුත් 2020 මහා ජන්දයට ඉදිරිපත් වී ඇත. මහජනතාවට පටි තද කර ගැනීමට උපදෙස් දෙන්නේ මේ හොර මුලය.

මෙම ලියුම්කරු ‘දි අයිලන්ඞ් ‘පුවත්පතට මෑතකදී විශ‍්‍රාමික විගණකාධිපති ගාමිණී විජේසිංහ පාර්ලිමේන්තුවේ නාස්තිකාර හැසිරීම පිලිබදව කල ප‍්‍රකාශයක් වාර්තා කළේය. එම ලිපිය සම්බන්ධයෙන් තතු දත් ඉහල පෙලේ රාජ්‍ය සේවකයෙකු පැවසුවේ විජේසිංහ අනිවාර්යයෙන්ම එතුමාගේ සේවා කාලයේ දී තමන්ට මෙන්ම තම දෙපාර්තමේන්තුවට නව වාහන පෞද්ගලික අංශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කල යුතු බවයි.එලෙසම තම දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් පිරිසක් විදේශීය පුහුණුවකට යැවීම සම්බන්ධයෙන් ද පැහැදිලි කල යුතු බවයි. වීදුරු ගෙවල් වල සිටින පුද්ගලයන් ගල් නොගැසිය යුතු බව විජේසිංහට ද අදාළ බව ඔහු පවසයි.

දශක ගණනාවක් ඉවක් බවක් නැතිව කල මුදල් නාස්තියට ශ‍්‍රී ලංකාව අද වන්දි ගෙවයි. හදිසි අවස්ථාවකට ප‍්‍රයෝජනයකට ගැනීමට යම් මුදල් ප‍්‍රමාණයක් ඉතිරි කර තබා ගත යුතු බව බුදු බණේ ද ඇත. 1977 පසු රට පාලනය කල කිසිදු රජයකට මුල්‍ය විනය පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ ද නැත.

ආනයනය සම්බන්දයෙන් විධිමත් ප‍්‍රතිපත්තියක් තිබුණේ නම් කොරෝනා ප‍්‍රහාරයත් සමගම අත්‍යවශ්‍ය භාණ්ඩ යැයි කියා අපනයන තහනම් කිරීමට අවශ්‍ය වන්නේ නැත.

විධිමත් මුල්‍ය පාලනය සම්බන්ධයෙන් දැනුම් තේරුම් ඇති මහජන නියෝජිතයන් පත් කර ගැනීමේ අවශ්‍යතාවය හිටපු මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාර්මි රාජ්‍ය අංශයේ වංචා දුෂණ සම්බන්දයෙන් විමර්ශනය කල ජනපති කොමිසමක් ඉදිරියේ පෙන්නා දුන්නේය.එතුමාගේ උපදෙස් අගනේය. ප‍්‍රශ්නය, ජන්ද දායකයන්ට 2020 මහා ජන්දයේදීද මනාපය පල කිරීමට සිදු වී ඇතතේ මෙපමණ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කල කණ්ඩායමටමය. ජාතික ලැයිස්තු වල සිටින්නේද බොහෝ දුරට වන්දි බට්ටයෝය

‘ අපේ හොරා අපට හොදා ‘ යන න්‍යාය මත ක‍්‍රියාකරන මෙම පුද්ගලයන්ගේ ඒකායන බලා පොරෝත්තුව බලය ලබා ගැනීමයි. මන්ත‍්‍රීධුරයක් ලබා ගැනීම ද ,බලය ලබා ගැනීමක් ලෙස අර්ථ කථනය කිරීමට මෙම ලියුම්කරු කැමතිය.

බොහෝ රාජ්‍ය සේවකයන් රාජකාරී කරන ආකාරය හොදින් දන්නා ජනතාවට කොරෝනා හේතුවෙන් නිවසේ සිට වැඩ කිරීමට දුන් අවස්ථාව සම්බන්ධයෙන් කීමට බොහෝ දේ ඇති බවට සැකයක් නැත.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීම ජනතාවට සහනයකි. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක පවසන්නේ මැති සබය දිනක් රැස්වීමට රුපියල් මිලියන 9.2 වැය වන බවය. පාර්ලිමේන්තුව රැස්වෙන්නේ මසකට දින 8 පමණි. හිටපු මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රකාශය කීපවරක් කර තිබේ. මාර්තු සිට පාර්ලිමේන්තුව රැුස් වූයේ නැත. පළාත් සභාද කාලයක සිට අක‍්‍රියය . 4,000 පමණ වූ පළාත්පාලන ආයතන වල මන්ත‍්‍රීධුර සංඛාව 8,600 කර, අහස පොළොව නුහුලන බරක් බදු ගෙවන ජනතාවට දුන්නේ පාර්ලිමේන්තුව බව අපට මතකය.

ජනපතිවරයා ප‍්‍රමුඛ 16 කින් සමන්විත කැබිනට් මණ්ඩලය වෛද්‍ය සේවය, ආරක්ෂක හමුදා, පොලිසියේ සහය ඇතිව කොරෝන වෛරසයට සාර්ථකව මුහුණු දී ඇත. නමුත් පාර්ලිමේන්තුව කාලයක් තුල කිසිදු හිරිකිතයක් නොමැතිව කල ක‍්‍රියාදාමය ජනතාව තේරුම් ගත යුතුය. මැතිසභයට එලෙස හැසිරීමට ඇති අවස්ථාව මන්ත‍්‍රීවරුන්ගේ වරප‍්‍රසාද වලින් ආරක්ෂා වී ඇත.

යහපාලන සමයේ දී කථානායක කරූ ජයසුරිය කල ඉල්ලීම පරිදි චීනය සියලූ‍ම මන්ත‍්‍රීවරුන්ට චීන දේශයේ සංචාරයක් ලබා දුන්නේ ඇයි දැයි සිතා ගැනීමට නොහැකිය. එම ඉල්ලීම මත 200 ට අධික මන්ත‍්‍රීවරුන් පිරිසක් චීනයේ සංචාරය කල බව අපට මතකය. ඇත්ත වශයෙන්ම පිනට ලැබුණ චීන සංචාරයට අමතරව, පාර්ලිමේන්තුව පිටරට රෝන්දේ යන මහජන නියෝජිතයන්ට කොපමණ බදු මුදල් වැය කර තිබේද?

සුදු අලියෙක් වන පළාත් සභාද රට සංචාර සදහා හිතුමතේ මුදල් කාබාසිනියා කරයි. ජනතාවගේ යහපත උදෙසා පළාත් සභා වලට ලබා දුන් මුදල් විදේශ සංචාර වලට යොදවයි මේ කරන නාස්තිය හේතුවෙන් රටේ හදිස්සි අවස්ථාවකදී වියදම් කිරීමට මුදල් නැත.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෙන්ම හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ශ‍්‍රී ලංකාව ලබා ගත් ණය ප‍්‍රමාණය නිවැරදිව නොදන්නා බව පවසා ඇත. සමස්තයක් ලෙස රටම අසරණය . රටේ සාරය උරා බිව් කණ්ඩායම සොහොනකක හිමිකරුවන් ලෙස හැසිරෙන බව පෙනේ. කොරෝනා මුළු ජන ජීවිතයම වෙනස් කර හමාරය ජනතාවට නාස්ති කිරීමට මුදල් නැත. විවාහ මෙන්ම මරණ ද මුදල් කාබාසිනියා කරන අවස්ථා නොවිය යුතුය.

රටක් වටිනා උගතෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මියගිය විට ඔහුගේ අවසන් කටයුතු කිසිදු රාජ්‍ය සහ මාධ්‍ය සහභාගිත්වයක් නොමැතිව සිදු කළේය. මිනිය රාගම වෛද්‍ය විද්‍යාලයට භාරදුනි. මිනියක් තබාගෙන විකාර කරන ජාතියකට ෆොන්සේකා මහතා පාඩමක් කියා දුන්න බව අපි වටහාගත යුතුය. කොරෝනා වෛරසය ලෝකයටම වෙනස් වීමට අවස්ථාවක් උදාකර ඇත. තවදුරටත් මහජන නියෝජිතයින් දිනපතා ප‍්‍රවෘත්ති සාකච්ඡුා පවත්වමින් රාජ්‍ය අනුග‍්‍රහය දක්වන උත්සව වලට මහජන මුදල් වියදම් කළ යුතු නැත. අවසන් ලෙස යමක් පැවසිය යුතුය ආරක්ෂක හමුදා බොහෝ කාර්යාල ඇතුළු මහජනතාවට ප‍්‍රයෝජනවත් වන ස්ථාන කොරෝනා වෛරසය විනාශ කිරීමට කටයුතු කළේය. නමුත් පාර්ලිමේන්තුව පිරිසුදු නොකලේ එසේ කිරීම තේරුමක් නැති නිසාද? මහජන මුදල් කාබාසිනියා කරන පාර්ලිමේන්තුව උඩුයටිකුරු කිරීමට අවශ්‍ය බව කොරෝනා වෛරස ප‍්‍රහාරය පෙන්වා දී ඇත.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/07/2017

අපේ රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් නැගී සිටින සුදු මහත්තයා - නේස්‌බි සාමිවරයා

කතෘ:යුතුකම     12/07/2017   No comments
නේස්‌බි සාමිවරයාගේ අමතක කළ ප්‍රකාශය
-ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ -



කිසිදු අධිකරණ ක්‍රියාවලියකට නතු නොවූ යුද අපරාධ චෝදනා නිසා ශ්‍රී ලංකාවට නව ව්‍යවස්‌ථාවක්‌ හෝ 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලගැන්වීමේ භයානක ක්‍රියාවලියට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මණ්‌ඩලයෙන් මරු පහරක්‌ එල්ල වී තිබේ. නේස්‌බි සාමිවරයා විසින් 2017 ඔක්‌තෝබර් මස 12 වන දින කළ එම ප්‍රකාශය මගින් බටහිර ප්‍රජාව ශ්‍රී ලංකාවට එරෙහිව වසර 9 ක කාලය තුළ දිගින් දිගටම එල්ල කරන ලද ද්‍රවිඩ සාමාන්‍ය වැසියන් 40,000 ක්‌ වන්නි නැගෙනහිර පෙරමුණේ ඝාතනය කළා යෑයි කරනු ලබන චෝදනාව මුළුමනින්ම අභියෝගයට ලක්‌ වේ. 2009 මැයි මස 19 වන දින LTTE ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමූ පසු ශ්‍රී ලංකාවට එරෙහිව කරන පදනම් විරහිත යුද අපරාධ චෝදනාවලට එම චෝදනා එල්ල කළ ප්‍රධානතම රටක පාර්ලිමේන්තුවකදී නිකුත් කළ පළමු ප්‍රකාශය මෙයයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව පැවති විවාදයේදී නේස්‌බි සාමිවරයා මතු කළ ප්‍රධාන කරුණු සැකැවින් දැනගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට අයිතියක්‌ ඇති බව අපේ හැඟීමයි. නේස්‌බි සාමිවරයා මතු කළේ පහත කරුණුය.

මෙම සටනේදී මියගිය මුළු සංඛ්‍යාව 40,000 නොව 7000 ත් 8000 ත් අතර ප්‍රමාණයක්‌ බවයි. එම සංඛ්‍යාවෙන් 1/4 කොටසක්‌ LTTE සාමාජික සාමාජිකාවන් බවත් ඔවුන් සිවිල් ඇඳුමින් සැරසී සිටි බව, එවකට පැවති ශ්‍රී ලංකා රජය කිසිදු ආකාරයකින් සිතා මතා සිවිල් වැසියන් ඝාතනය නොකළ බව සහ යුද සමයේදී ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආරක්‌ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් යුද තත්ත්වය සම්බන්ධයෙන් එවනු ලැබූ සියලු රහස්‍ය වාර්තා හෙළි නොකිරීම සිතා මතා කරුණු වසන් කිරීමක්‌ ලෙසත්ය. නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය පදනම් වූයේ ගෑෂ් සහ එවකට ඇමරිකානු තානාපති රොබට්‌ ඕ බ්ලේක්‌ කරනා ලද රහස්‍ය ප්‍රකාශය මතය.

නේස්‌බි සාමිවරයා පවසන පරිදි කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයෙන් එවනු ලැබූ වාර්තා තමන් කළ ඉල්ලීමක්‌ අනුව අධික ලෙස වාරණයට ලක්‌ කර තමන් හට ලබා දුන්නේ සත්‍ය වසන් කිරීමට බවයි. නේස්‌බි සාමිවරයා ඊට දින කීපයකට පසුව අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ඉන්දියානු මාධ්‍ය ජාලයක්‌ වන වියෝන් Wion හරහා බ්‍රිතාන්‍ය රජයට නැවතත් මෙම චෝදනා එල්ල කළේය.

ඔහු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු ස්‌තූතිය පළ කරන ලද අතර ඔහුගෙන් මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද විමසීමක්‌ කරන ලදී. එහිදී නේස්‌බි සාමිවරයා පැවසුවේ තමා 2017 ඔක්‌තෝබර් මස 12 කරනා ලද ප්‍රකාශයෙන් පසුව මෙම විෂයට අදාළව කටයුතු කරන මාර්ක්‌ ෆSල්ඩ් අමාත්‍යවරයා තමා පෙන්වා දුන් කරුණු සලකා බැලීමට පොරොන්දු වූ බවයි.

මිනිස්‌ ඝාතන 40000 ක්‌ චෝදනාව අභියෝගයට ලක්‌ කළ නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය රජයෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජයවත් අද වනතුරු ඉටු කර නැත.

ඔහුගේ ඉල්ලීම වූයේ බ්‍රිතාන්‍ය එක්‌සත් ජාතීන්ට සහ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට වහාම යුද චෝදනා පත්‍රය වෙනස්‌ බව ඉදිරිපත් කළ යුතු බවය. එනම් මියගිය මුළු සංඛ්‍යාව උපරිම ලෙස 8000 විය යුතු බවත් ඒ අතරින් 1/4 ක ප්‍රමාණයක්‌ පමණ ත්‍රස්‌තවාදීන් ලෙස වෙනස්‌ විය යුතු බවත්ය.

යුද්ධයෙන් පසු සංහිඳියාව

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට ප්‍රධානම බාධකය පසුගිය රජයට සහ ආරක්‌ෂක හමුදාවලට එල්ල කරනු ලබනා අභූත චෝදනාය. වන්නි මෙහෙයුමේදී (2007 මාර්තු සිට 2009 මැයි දක්‌වා) හමුදා ප්‍රහාර හේතුවෙන් සිවිල් ජනතාව මියගිය බව සහ තුවාල වූ බව රහසක්‌ නොවේ. එම මරණවල වගකීම ශ්‍රී ලංකා රජය භාරගත යුතුමය. කිසිදු වරදක්‌ හමුදා අතින් සිදු වූයේ නැති බව පැවසීම තමුන් තමන්වම රවටා ගැනීමක්‌ බව එවකට පාලකයන්ට තේරුණේ නැත. හිටපු ජනාධිපති රාජපක්‌ෂ මහතාට හිතවත් ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට සහ ව්‍යවස්‌ථා වෙනසකට එරෙහි අනෙකුත් පාර්ශ්වවලට මේ බව තේරෙන්නේ නැත. ඒ හේතුවෙන් නේස්‌බි සාමිවරයා කියනු ලබන ත්‍රස්‌තවාදීන් ඇතුළුව මියගිය උපරිම සංඛ්‍යාව 8000 බවත් එම නිසා ප්‍රධාන යුද අපරාධ චෝදනාව සංශෝධනය විය යුතු බව සහ එය ශ්‍රී ලංකාවට ඉතාම වාසි දායක තත්ත්වයක්‌ බව කිසිවෙක්‌ අවබෝධ කරගෙන නැත.

සාමිවරයාගේ ප්‍රකාශය යහපාලන රජය දුර්මුඛ කළේය. එලෙසම ශ්‍රී ලංකාවේ දේශපාලන සහ හමුදා නායකත්වය දෙමුහුන් අධිකරණ ක්‍රියාවලියකට භාජනය විය යුතු බව බටහිර මුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන නඩය නිරුත්තර කළේය. ද්‍රවිඩ ජනතාවගේ ගැලවුම්කරුවා ලෙස දැන් පෙනී සිටින ආර්. සම්බන්ධන්ගේ ටී. එන්. ඒ. පක්‌ෂය මහත් අපහසුතාවට ලක්‌ කළේය. එලෙසම කිසිදු ආකාරයකින් අධිකරණ ක්‍රියාවලියකට ලක්‌ නොවූ චෝදනා පදනම් කරගෙන සංහිඳියාව ඇති කර ගැනීමට බලය බෙදා හැරිය යුතු බව පුන පුනා පවසන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශයට කොළඹදී ප්‍රතිචාර දැක්‌වීය. එම ප්‍රතිචාර දැක්‌වීම සාමි මණ්‌ඩලයේ කළ ප්‍රකාශයට දින 12 කට පසුව සිදුවීම අවධානයට ලක්‌ කළ යුතුමය.

ශ්‍රී ලංකාවේ දින 14 ක සංචාරයකින් පසුව එක්‌සත් ජාතීන්ගේ නිලධාරියකු වන කොලොම්බියානු ජාතික පැබ්ලෝ ඩී ගී්‍රෆ් කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේදී නේස්‌බි සාමිවරයාට පිළිතුරු දුන්නේය. නමුත් එම ප්‍රකාශය කළ ස්‌ථානය හෝ සාමිවරයා පිළිබඳව සඳහන් කළේ නැත.

ඔහු පැවසූ මේ වන්නි සටනේ වින්දිතයන් සංඛ්‍යාව 40,000 ක්‌ද එසේ නැති නම් 8000 ක්‌ද බව පිළිබඳව පුවත්පත්වල සඳහන් වූ නමුදු එම සංඛ්‍යාව නිශ්චිත ලෙසම දැන ගැනීම අපහසු බවයි.

පැබ්ලෝ ගී්‍රෆ්, නේස්‌බි සාමිවරයා කළ ප්‍රකාශය දේශපාලන මතයක්‌ ලෙසද හැඳින්වීය.

මේ ප්‍රකාශය, එවකට සිටි එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා විසින් පත් කරනු ලැබූ දරුස්‌මාන් කොමිටියේ ප්‍රධානතම චෝදනාව, එනම් 40,000 ක්‌ ඝාතනය කිරීම පිළිබඳ චෝදනාව විවාදයට ලක්‌ කිරීමකි. තම සංවිධානය විසින්ම 2011 මාර්තු මස 31 දින නිකුත් කරනා ලද වාර්තාව විශ්වාසදායක ආරංචි මාර්ග අනුව 40,000 ක්‌ අනිවාර්යයෙන්ම මියගිය බව කළ චෝදනාව මේ නිසා අමතක කර තිබේ. (දරුස්‌මාන් වර්තාව 41 පිටුව 137 පරිච්ඡේදය)

මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කළ චෝදනාව අභියෝගයට ලක්‌ වෙද්දී ලොව පුරා ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කළ සංවිධාන කර බාගෙන සිටියේය.

ලංකාවේ සංහිඳියාව ගැන දේශනා කරන කොළඹ පිහිටි කිසිදු තානාපති කාර්යාලයක්‌ මේ පිළිබඳව ප්‍රකාශයක්‌ කළේ නැත. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික සාම මණ්‌ඩලය මෙම ලියුම්කරු කළ විමසීම්වලට පිළිතුරු ලබා දුන්නේය. එහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය නේස්‌බි සාමිවරයා තමන් සමඟ කළ කතාබහ හෙළි කිරීම ප්‍රතික්‌ෂේප කළේය. ජාතික සාම මණ්‌ඩලය පැවසුයේ සටනේ මියගිය සංඛ්‍යාව 7000 සිට 10000 දක්‌වා සඳහන් වන අතර නේස්‌බි සාමිවරයා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන තවත් එක්‌ වාර්තාවක්‌ බවයි.

විදේශ අමාත්‍යාංශය නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය අර්ථ නිරූපණය කළේ අමුතුම ආකාරයකටය.

විදේශ අමාත්‍යාංශය චෝදනා කළේ යුද්ධයේදී මියගිය සංඛ්‍යාව ජාත්‍යන්තරයේ කතාබහට ලක්‌වීම දැනට කරගෙන යනු ලබන සංහිඳියා ක්‍රියා පිළිවෙතට මහත් බාධකයක්‌ බවත් එවැනි ප්‍රකාශ යම් යම් පුද්ගලයන්ගේ හිත සුව පිණිස වනු ඇති බවත්ය. මෙවැනි ප්‍රකාශ කිරීමම ඛේදවාචකයකි. එලෙසම ත්‍රස්‌තවාදයට එරෙහි සටනේදී තම ජීවිත පූජා කළ හමුදා සහ පොලිස්‌ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට කළ අවමානයකි. අප රට වෙනුවෙන් විදේශීය පාර්ලිමේන්තුවකදී හඬක්‌ නඟන කෘතහස්‌ත දේශපාලනඥයන් අපහාසයකට ලක්‌ කිරීමකි. ඔවුන් නිහඬ කිරීමට ගත් උත්සාහයකි. සැබවින්ම අපගේ විදේශ අමාත්‍යාංශය 2015 ඔක්‌තෝබර් මස 1 වන දින ශ්‍රී ලංකාවේ සහභාගිත්වයෙන් සම්මත කරගන්නා ලද ජිනීවා නිර්දේශය එම තත්ත්වයට පත් කිරීමට බටහිර බලවතුන් කටයුතු කළ ආකාරය අමතක කර ඇත. තමුන් රට වෙනුවෙන් කළ යුතු කාර්යය නේස්‌බි සාමිවරයා කිරීම පිළිබඳව සැබවින්ම අප රටේ දේශපාලන නායකත්වය සහ නිලධාරීන් ලැජ්ජා විය යුතුය. මෙම ලියුම්කරු දන්නා පරිදි එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පැබ්ලෝ ඩී ගී්‍රෆ් හමු වූ දේශපාලනඥයකු හෝ නිලධාරි හෝ උසස්‌ හමුදා නියෝජිතයන් කිසිවෙකු නේස්‌බි සාමිවරයා පෙන්වා දුන් කරුණු සාකච්ඡාවට බඳුන් කළේ නැත. මෙම තත්ත්වය පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයාද පුදුමයට පත්වූ බව නොඅනුමානය. තම රටට එරෙහිව නැඟෙන ප්‍රධානම චෝදනාව සුණු විසුණු කිරීමට අවශ්‍ය කරුණු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සපයා තිබියදී ඒ පිළිබඳව වචනයකුදු නොදොඩා සිටින මහජන මුදලින් යෑපෙන මෙවැන්නන් කුමකටද? සංහිඳියාව ඇති කිරීමට ප්‍රධානතම බාධකය 40,000 කට අධික සිවිල් ජනතාවක්‌ සිතා මතා කරනා ලද හමුදා ප්‍රහාර හේතුවෙන් මියගියා යෑයි කරනු ලබන චෝදනාවයි. එම චෝදනාව කිසිදු පදනමක්‌ නැති අසත්‍යක්‌ බව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ පෙන්නුම් කිරීමට අප හට අවස්‌ථාවක්‌ නේස්‌බි සාමිවරයා උදා කර දී ඇත. එම අවස්‌ථාවෙන් ප්‍රයෝජනයක්‌ ගැනීමට උත්සුක නොවන සියලු පාර්ශ්ව ශ්‍රී ලංකාව කැබලිවලට කැඩීමේ ක්‍රියාවලියේ නියමුවන් ලෙස අකමැත්තෙන් වුවද හඳුන්වාදීමට සිදු වී ඇත.

ඔක්‌තෝබර් මස 30 දින සිට පුරා දින 4 ක්‌ පාර්ලිමේන්තුවේ මතභේදයට හේතු වූ ව්‍යවස්‌ථා යෝජනාවලි වාද විවාදයට ගත් අවස්‌ථාව නේස්‌බි සාමිවරයා කළ ප්‍රකාශය මන්ත්‍රීවරුන් හට යොදා ගත හැකි අවස්‌ථාවක්‌ විය. නමුත් රටේ අවාසනාවකට රජය, ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හෝ ඒකාබද්ධ විපක්‌ෂය නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය කිසිදු ආකාරයකට සාකච්ඡාවකට භාජනය කළේ නැත. ආර්. සම්බන්ධන්ගේ කණ්‌ඩායම ඔවුන්ගේ ප්‍රධානම චෝදනාව මහා බේගලයක්‌ බව හෙළිදරව් වීම සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කිරීම පුදුමයක්‌ නොවේ. කලක්‌ කොටි සංවිධානය ද්‍රවිඩ කතා කරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් ටී. එන්. ඒ, නේස්‌බි සාමිවරයාගේ හෙළිදරව්ව කිසිවිටකත් අභියෝගයට ලක්‌ කරන්නේ නැත.

නේස්‌බි සාමිවරයා සඳහන් කළ මරණ සංඛ්‍යාව බොහෝ දුරට එක්‌සත් ජාතීන් 2008 අගෝස්‌තු – 2009 මැයි 13 දක්‌වා වන්නියේ සිදු වූ මරණ සහ තුවාලවීම් සම්බන්ධයෙන් එකතු කරන ලද දත්ත සමඟ ගැලපේ. මේ බව අවධානයට ලක්‌ විය යුතුය.

තෙරේසා මේ මහත්මියගේ බ්‍රිතාන්‍ය රජය ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රබල සාමාජිකයකු වේ. ඇමරිකාවද, ඉන්දියාවද එහි වර්තමාන සාමාජිකයෝය. යුද සමයේදී වන්නියේ පමණක්‌ නොව නැගෙනහිර පළාතේ තිබූ තත්ත්වය සම්බන්ධයෙන්ද එම රටවල කොළඹ ස්‌ථානගත කර සිටි හමුදා නිලධාරීන් ඉදිරිපත් කළ වාර්තා ජීනිවා මානව හිමිකම් කොමිසමට ලබාදීම ඉතාම වැදගත් බව ලියුම්කරුගේ හැඟීමයි. ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය වාර්තා බොහෝදුරට එකම ස්‌ථාවරයක සිටින බවට තොරතුරු ඇත. උදාහරණයක්‌ ලෙස ශ්‍රී ලංකාව පොකුරු බෝම්බ පාවිච්චි නොකළ බවට බ්‍රිතාන්‍ය හමුදා නිලධාරි ලුතිනල් කර්නල් ගෑෂ් කර ඇති ප්‍රකාශයයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට තම රහස්‍ය වාර්තාවද හෙළි කළ හැක.

විශ්‍රාමික හමුදා නිලධාරීන් නියෝජනය කරන කිසිදු සංවිධානයක්‌ නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය පිළිබඳව කටයුතු කිරීමට මෙම ලිපිය ලියන අවස්‌ථාව වන විටත් බල කිරීමක්‌ කර නොමැත.

යුද හමුදා මූලස්‌ථානයද මුනිවත රකින බව කිව යුතුය.

ලෝකයේ ත්‍රස්‌තවාදය පරාජය කළ එකම රට තම හමුදාවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහිව නැඟුන පදනම් විරහිත ප්‍රධානම චෝදනාව නිෂ්ප්‍රභ කිරීමට ලැබී ඇති අවස්‌ථාව ප්‍රයෝජනයට ගෙන නොමැත.

යහපාලන රජයේ ක්‍රියාකලාපය පිළිබඳ මුළු රටම බලා සිටී. ඒකාබද්ධ විපක්‌ෂයේ නිහැඬියාව ජනතාවට පුදුමයකි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions