7/28/2017

"ඉඩම් සුද්දන්ට විකිණීම" - සිරිසේන මහතාගේ ව්‍යාජ අඳෝනාව සහ ඇත්ත

කතෘ:යුතුකම     7/28/2017   No comments

"ලංකාවෙ බිහි වුන කිසිම රජයක් මේ රටේ ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට ලියලා දුන්නෙ නෑ. ඒත් පහුගිය පාලකයො පෝට්සිටියෙ අක්කර 200ක් සින්නක්කරව චීනෙට ලියලා දුන්නා. ෂැන්ග්‍රීලා එකට ගෝල්ෆේස් එක ලඟින් අක්කර 10ක් සින්නක්කරව ලියලා දුන්නා. එතකොට අද කථා කරන දේශප්‍රේමියො හිටියෙ ඇඳන් යට.''
මේ ජනාධිපති සිරිසේන
මහතා සහ ඔහුගේ ගෝල සේනාවෝ පසුගිය වසර දෙකහමාර පුරාම විටින් විට නැගූ අඳෝනාවකි.

නමුත් මේ කථාවේ ඇත්ත තත්වය කුමක්ද.?? මඳක් ආපස්සට යමු.

2001 වසරේදී අද සිරිසේන ජනාධිපතිවරයාගේද 'බොස්' ලෙස අපිට පෙනෙන අගමැති වික්‍රමසිංහ ලංකාවේ අගමැති පුටුවට පත් වූයේ සුළුතර ආණ්ඩුවක් සමඟය. ඒ වන විට විදේශිකයන්ට ලංකාවේ ඉඩම් සින්නක්කරව අත්පත් කර ගැනීම අහුරාලන නීති ප්‍රතිපාදන ලංකාවේ නීතියේ තිබුනි.
'යලි පුබුදමු ශ්‍රී ලංකා' නම් ශ්‍රී ලංකාව විදේශිකයන්ගේ අම්බලමක් බවට පරිවර්ථනය කිරීමේ විකුම්සිහ ප්‍රතිපත්තිය යටතේ මෑත ඉතිහාසයේ විදේශිකයන්ට කුණු කොල්ලයට ඉඩම් මංකොල්ල කෑමට පළමු ඉඩ ලැබුනි. ඊට තිබූ නීතිමය බාධා ඉවත් කරනු ලැබීය.
එහි ප්‍රතිපලය වූයේ ඉතා කෙටි කාලයක් තුල මේ භූමියේ ඉඩම් අක්කර දස දහසකට (10,000) වඩා විදේශිකයන් කුණු කොල්ලයට මංකොල්ල කෑමයි. ගාලු කොටුව ඇතුළු දකුණු මුහුදු තීරයේ ඉඩම් විදේශිකයන් අත පත්වූයේ මේ වික්‍රමසිංහ ප්‍රතිපත්තිය නිසාය.
ජනාධිපති සිරිසේන මහතා මයික් පලමින් නොකියන කථාව එයයි. දැන් ඔහු අඳෝනා නගන මේ මහා පෝට්සිටි සහ ෂැංග්‍රීලා පාවා දීම් ගැන බලමු .

මෙහි පෝට් සිටි කථාව ගැන ජනාධිපති සිරිසේන මහතා කියන්නේ පුරුදු පරිදි තවත් පට්ටපල් පට්ට කෙබරයකි. නැතිනම්, පෝට්සිටිය ගැන ඕපදූපයන්ට එහා කථාවක් සිරිසේන මහතා නොදන්නවා වීමද විය හැකි දෙයකි.
පෝට්සිටියේ අක්කර 200ක් සින්නක්කරව ලබා දුන් කථාව ගල් පැලෙන කෙබරයකි. සත්‍යය නම් එසේ සින්නක්කරව හිමිකම පැවරූ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 233 (අක්කර 575.8) ක්වූ මුහුදේ නිර්මාණය කරන පෝට්සිටියේ ඉඩමෙන් හෙක්ටයාර් 20ක් (අක්කර 49.4) පමණි. එසේ පවරණු ලැබූවේ නැවත නොගෙවිය යුතු ඩොලර් බිලියන 1.1ක (රුපියල් කෝටි 16720 ක) ආයෝජනයේ හිලව්වටය. එම සින්නක්කර හිමිකමද පවරනු ලැබුවේ අදාල චීන සමාගම ලංකාවේ ලියාපදිංචි කරන සමාගමකට මිස චීනයටද නොවේ.

මෙය මහා අපරාධයක් ලෙස බොහෝ හඩ නැගූ යහපාලකයෝ මෙම හෙක්ටයාර 20 'සින්නක්කර' ලේබලයෙන් ගලවා 'අවුරුදු 198ක බඳු' ලේබලයක් අලවා තිබුනාටත් වඩා ප්‍රතිලාභ චීන සමාගමට යන ලෙස ගිවිසුම වෙනස් කලේ අංක වචන විජ්ජාවකින් නැවත වරක් ජනතාව මුලා කරමිනි.
ඒ පිළිබඳ සටහනක් පහත සබැඳියෙන් කියවන්න
https://www.facebook.com/wishwa.chinthana/posts/1211696892194291

අනිත් කථාව ෂැන්ග්‍රීලා අක්කර 10 කථාව.

2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු ලංකාවට පැමිණි පළමු විශාලතම ආයෝජනය වූයේ මෙම ආන්දොලාත්මක ෂැන්ග්‍රීලා ආයෝජනයයි. ලෝකයම මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බූදයක ගිලී තිබුනු එම යුගයේ ලංකාවට ආ මේ ආයෝජනය ආයෝජන අහේනියකින් දශක ගණනක් සිටි ලංකාවට සුවිශේෂී වූ බවද මතක තබා ගත යුතුය.
එහි දී ආණ්ඩුව ගාලු මුවදොර අසල ඉදි වන ෂැන්ග්‍රීලා ව්‍යාපෘතිය සඳහා ඉඩම සින්නක්කරව අදාල සමාගමට විකිණීමට එකඟ වූ අතර එය අක්කරයට ඩොලර් මිලියන 12.5 ක් (රුපියල් කෝටි 165) ලෙස රුපියල් කෝටි 1650ක පමණ සම්පූරණ ආයෝජනයක් ලෙස සිදු විය. යුධ හමුදාව යටතේ ආරක්ෂක අමාත්‍යංශය සතුව පැවති මේ භූමිය පැවරීමෙන් ලඳ සියළු ආදායම් වලින් අකුරේගොඩ ඉදිකරන ආරක්ෂක මූලස්ථානය ඉදි කිරීමට තීරණය කර තිබූ අතර ඒ සදහා ප්‍රමාණවත් මුදලක් ඉපැයීම සදහා මේ ආයෝජනය මේ ක්‍රමයට සිදු කිරීමට ආණ්ඩුව යොමු වූ බව පෙනේ.

එහෙත් මෙම තීරණය තුලින් තමන් බරපතල වැරැද්දක් කල බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් තේරුම් ගන්නට ආණ්ඩුවට වැඩි කාලයක් අවශ්‍ය වූයේ නැත. මින් පසු කිසිඳු ආයෝජනයකදී සින්නක්කර ක්‍රමයට ඉඩම් නොපැවරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් එම ආණ්ඩුව ගන්නේ 2011 වසරේදීමය.
එම තීරණයෙන් නොනැවතුනු පසුගිය ආණ්ඩුව වික්‍රමසිංහ පාලනය ඉවත් කල විදේශිකයන්ට සින්නක්කරව ඉඩම් මිලදී ගැනීමට තිබූ බාධා නැවත බලාත්මක කිරීමටද පියවර ගන්නා ලදී.

නමුත් මැතිවරණ සමයේ නැවත කරලියට රැගෙන ආ රාජපක්ෂලාගේ ඉඩම් පාවා දීම හරහාම බලයට ආ සිරිසේන ආණ්ඩුව සිය දෙවන අයවැය යෝජනා මගින් විදේශිකයන්ට ඉඩම් අත්පත් කර ගැනීමට තිබූ බාධා නැවත ඉවත් කර ආපසු විදේශිකයින්ට ලංකාවේ ඉඩම් නැවත අත්පත් කර ගැනීමට ඉඩ දුන් බව ( පුවත්පත් වාර්ථාවක් : http://www.dailymirror.lk/111195/Government-to-allow-foreigners-to-buy-land) සමහර විට ජනාධිපති සිරිසේන මහතා තවමත් නොදන්නවා වන්නට ඉඩ ඇත. ඔහුට ඒ ගැන සඳහන් සිංහල පුවත්පතක් හමු නොවූවා වන්නටද ඉඩ ඇත.

"සිරිසේන බොරු පතුරවයි - පිළිගන්න එපා" කියලා පෝස්ටරයක් ගහන්න සහෝදරයෙක්වත් නැති එකේ ඔහු හෙටත් ඔය කෙබරම දෙසා බාගෙන ඉන්නත් ඉඩ ඇත.

-විශ්ව චින්තන
ෆේස්බුක් සටහන ඇසුරෙනි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions