-වෛද්‍ය වසන්ත දේවසිරි-
Ba ba black sheep have you any wool
Yes sir yes sir three bags full
Two for my master one for my dame
And none for the naughty boy who cries in the lane
කිසි දිනෙක පෙර පාසැල් නොගිය මා මෙම ඉංගි‍්‍රසි පෙර පාසැල් කවිය කට පාඩම් කරේ පාසලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිය දී ය. ඒ කාලයේ දී ඉංගිරිසින් ගේ කුරිරු කම් ගැන කිසිත් නොදැන සිටි අපි මෙම ගීතය ශබ්ද නගා ගායනා කරමින් සන්තෝෂ වූයෙමු. දහඅට වැනි සිය වසේ එංගලන්තයේ අසාධාරන බදු වලට (wool tax)එරෙහි ව නිර්මාණය වුනු ගීයක් පෙර පාසැල් ගීතයක් බවට පත් වූයේ කෙසේ දැ යි මම නො දනිමි. කෙසේ නමුත් බටහිර කාර්මික විප්ලයවයත් සමඟ ඇති වූ සමාජ පරිවර්තනයේ කුරිරු බව පිළිබිඹු කරණු ලබන නිසාදෝ මෙම ගීතයේ අවසන් පද කීපය “..one for my master, one for my dame and one for the little boy who lives down the lane” යනුවෙන් පසු කලෙක දී වෙනස් කරනු ලැබ ඇත. මෙයින් පෙන්නුම් කරනු ලබන්නේ බටහිර රටවල් තුළ වර්ධනය වී කෙමෙන් විකාශය වූ නූතන ධනවාදී අර්ථ ක‍්‍රමය කුඩා දරුවන්ගේ ගීතයක් තුළ ඇතුළත් කිරීමට තරම් ශිෂ්ට සම්පන්න වූවක් නොවන බව ඔවුන් විසින් ම පිළිගන්නා ලද බව යි. එපමණක් ද නොව පසුව වෙනස් කරණ ලද ආකාරයට
"one for my master, one for my dame and one for the little boy……..” යනුවෙන් සර්ව සාධාරන ලෙස වූල් මලූ බෙදා දීමේ දී ඔවුන් පූර්වාදර්ශය ලෙස යොදා ගත්තේ ඔවුන් විසින් ම දැඩි ලෙස විවේචනයට ලක් කරණු ලබන සමාජවාදී ප‍්‍රතිපත්තීන් ය. මෙම ළමා ගීතය පසු කලෙක වෙනස් කරණු ලැබුව ද ඔවුන් කිසි කලෙක ඔවුන්ගේ ප‍්‍රතිපත්තීන් වෙනස් නො කළහ. මෙය 19 හා 20 වැනි සියවස් වල ඔවුන්ගේ යටත් විජිත වලට පමණක් නොව එංගලන්තයට ද පොදු වී ය. 19 වැනි සිය වසේ දී ඉංගිරිසින් විසින් එතෙක් පැවති සම්ප‍්‍රදායික අධ්‍යාපනය වෙනස් කරමින් මෙරට අධ්‍යාපන ප‍්‍රතිපත්ති සකස් කරණ කාලයේ දී එංගලන්තයේ පැවැති කුරිරු කම කදිමට පිළිබිඹු කරන්නෙකි එම වකවානුවේ (19 සියවසේ මුල් භාගයේ* ඉංගිරිසිි සාහිත්‍ය තුළින් උපුටා ගන්නා ලද මෙම ප‍්‍රකට පාඨය.
“Please sir, I want some more”
ඉංගිරීසින් මෙරටට අධ්‍යාපනය හඳුන්වා දුන්නේ මෙරට ජනතා අභිලාෂයන් ට විරුද්ධ ව එංගලන්තයේ පැවති ආකාරයේ පරිපාලනයක් හා හා පරිපාලන ආයතන කි‍්‍රයාත්මක කිරීම සඳහා අඩු මුදලකට වැඩ කිරිමට එකඟ කරගත හැකි පරිපාලන නිළධාරීන්, ලිපිකරුවන්, නීතීඥයින්, වෛද්‍යවරුන් වැනි ශ‍්‍රමිකයින් පිරිසක් නිර්මාණය කර ගැනීම උදෙසා ය. මේ සඳහා මෙරට වරප‍්‍රසාද හිමි පන්තියේ දරුවන් පිරිසක් තම පාරම්පරික සභ්‍යත්ව විඥානය සිඳ බිඳ දමන අවජාතක අධ්‍යාපනයක් මුදල් ගෙවා ලබා ගත් හ. මැකෝලි සාමිවරයා ඉන්දියාව සම්බන්ධයෙන් ප‍්‍රකාශ කළ ආකාරයෙන් සිතින් සුද්දන් අනුකරණය කරණ සමෙන් පමණක් වෙනස් වුණු කලූ සුද්දන් පිරිසක් ඉන්දියාවේ මෙන් ම මේ රට තුළ ද බිහි වූ වා පමණක් නොව ඔවුහ මෙරට ප‍්‍රභූ පන්තිය බවට ද පත් වූ හ.
පසු කලෙක මෙරට දේශපාලන බලය අත්පත් කර ගත් මේ බ්ලැක් ෂීප් ලා (කලූ සුද්දන්) සැම විට ම “all for my master and non for the naughty boy who cries in the lane” යැ යි ගැයූවා මිස “and one for the little boy who lives down the lane” යැ යි නොගැයූ හ. මේ නිසා මෙරට අධ්‍යාපන වරප‍්‍රසාද මුදල් හදල් හිමි ප‍්‍රභූ පන්තියට පමණක් සීමා විය. මේ තත්වය වෙනස් කිරීමට අරගල කළ අනගාරික ධර්මපාල තුමා රටින් පිටුවහල් කර තබා ගැනීමටත්, කන්නංගර මහතා දේශපාලන භූමිය තුළ පරාජය කිරීමටත්, බණ්ඩාරනායක මහතා ඝාතනය කර දැමීමකට ලක් කිරීමටත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප‍්‍රජා අයිතීන් අහිමි කර දේශපාලනයෙන් ඉවත් කර දැමීමටත්, මේ බ්ලැක් ෂීප්ලා සමත් වූ හ. මාර්ටින් වික‍්‍රමසිංහ මහතා විසින් බමුණු කුලය ලෙස හඳුන්වා දෙන ලද්දේ ද මෙම ප‍්‍රභූ පන්තිය යැ යි සිතමි.
අවාසනාවකට මෙන් අද මෙම බමණු කුලයට යළි මෙරට බලය හිමි වී ඇත. දෛවයේ කුරිරු සරදමකට මෙන් අද මෙම බමුණු කුලයේ බර කරින් දරාගෙන සිටින්නේ මා මුලින් සඳහන් කළ ජාතික නායකයින් විසින් නායකත්වය දෙන ලද දැවැන්ත ජාතික ව්‍යාපාර තුළින් ලබා ගන්නා ජයග‍්‍රහණයන්ගෙන් අධ්‍යාපන ප‍්‍රතිලාභ ලැබ ඉණිමෙඟ් ඉහළට නැගගත් අවශේෂ බමුණු කුලයක් විසිනි. ඔවුන් ව බමුණු කුලයක් ලෙසින් නොව බමුණු කුලයේ ආවතේව කරුවන් ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය යැ යි සිතමි. ඔවුහු අද නිදහස් අධ්‍යාපනය ගැන නොව අධ්‍යාපනයේ නිදහසක් ගැන නන් දොඩවති. දිස්ති‍්‍රක් ක‍්‍රමය ඇති කිරීමට බල පෑ හේතු සාධක ගැන මුනිවත රකිමින් ඒ තුළින් සිසුන් සුලූ කොටසකට පමණක් වන අසාධාරනය හුවා දක්වති. වෛද්‍ය විද්‍යාල වලට ඇතුලූ වන සියලූම ශිෂ්‍යයන් පුද්ගලික උපකාරක පන්තිවලට සහභාගී වන බැවින් මෙරට නැති නිදහස් අධ්‍යාපනයක් රැුක ගැනීමට අවශ්‍ය නැති බවට තර්ක කරති. වෛද්‍ය විද්‍යාව හැර අනිකුත් විෂයන් සම්බන්ධයෙන් පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඇති බැවින් වෛද්‍ය අධ්‍යාපනය ද පුද්ගලීකරණය විය යුතු යැ යි ඔවුහු පවසති. ඔවුහු තමන් අධ්‍යාපනය පිළිබඳව ප‍්‍රතිපත්තිමය පදනමක පිහිටා අදහස් ඉදිරිපත් කරණ බව ඔවුන් විසින් ම පුන පුනා පැවසුව ද ඔවුන් මේ සියලූ තර්ක ඉදිරිපත් කරන්නේ සැක කටයුත වූ ද අපකීර්තිමත් වූ ද ඉතිහාසයක් ඇති වෛද්‍ය උපාධි ආයතයකට සුජාත බවක් ලබා දීමට ය. ඒ කුමන අරමුණක් වෙනුවෙන් ද?
ආන්නද කුමාරස්වාමි මහතා විසින් 20 වැනි සිය වසේ මුල් යුගයේදී මෙරට උගතුන් හැඳින්වීමට යොදා ගත් අධ්‍යාත්මික අවජාතකයින් (spiritual bastards) යන පදය වඩාත් යෝග්‍ය වනුයේ 21 වැනි සිය වසේ මුල් යුගයේ ජීවත් වන මෙම බමුණු කුලයේ ආවතේව කරුවන් හැඳින් වීමට යැ යි සිතමි. මන්ද 21 වැනි සියවසේ ජීවත් වන අධ්‍යාත්මික අවජාතකයන් තමා ඉහළ නැගි ඉණිමඟ ද පෙරළා දැමීමට තරම් අශිෂ්ටයන් බවට පත් වී ඇති බැවිනි. ඉංගිරිසිය උගත් නමුදු ඉංගිරිස සභ්‍යත්වය තුළින් හික්මවනු නොලැබූ ඔවුහු මෙම කවිය “And none for the naughty boy who cries in the lane” යනුවෙන් දිගින් දිගටම ගයනු ඇත.
වෛද්‍ය වසන්ත දේවසිරි
2017 ඇසළ මස දෙවැනි දා
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .