7/25/2017

ජනපති අත්සනින් රණවිරුවන් දංගෙඩියට දක්කන පනත ස්ථිරයි - මහා අනතුර තේරුම් ගන්නයි මහින්ද මහාසංඝරත්නයෙන් ඉල්ලයි.

කතෘ:යුතුකම     7/25/2017   No comments

ජනාධිපතිවරයා විසින් මෑතකදී අත්සන් තබන ලද අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත යටතේ ඇති යෝජිත නීතිය යටතේ ලංකාව තුළ පුද්ගලයෙකු අතුරුදහන් කරවීමකට සම්බන්ධ යැයි සැක කරන ඕනෑම අයෙක් තමන්ට භාර දෙන මෙන් විදේශීය රටවලට ඉල්ලා සිටීමට බලය ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා විසින් මේ බව සදහන් කරමින් මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

අතිපූජනීය මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වෙත ගෞරවපූර්වකව ලියන විවෘත ලිපියක්රණවිරු දඩයම සම්බන්ධයෙන් විදෙස් බලවතුන්ට කේන්ද්‍රීය කාර්යභාර්යක් පැවරීම සඳහා නව නීති හා ආයතන ස්ථාපිත කිරීම

මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලාත්මක කිරීමට අත්සන් තබා එය සංහිඳියාව වෙනුවෙන් ගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්වූයේය. 2016 අගෝස්තු මාසයේදී මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධයද නොතකා එජාපයත්, ආණ්ඩුවේ ශ්‍රිලනිප කණ්ඩායමත්, ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් එකතු වී පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවේ බලහත්කාරයෙනි. මේ පනත විවාද කිරීමට විනාඩි 40 ක කාලයක්වත් ඔවුන් මිඩංගු කළේ නැත. දැන් ජනාධිපතිවරයාගේ අත්සනින් බලාත්මක කර ඇති 2017 අංක 9 දරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාල (සංශෝධන) පනතින් සංශෝධනය වූ 2016 අංක 14 දරණ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනතේ පහත දැක්වෙන විධිවිධාන කෙරෙහි ගරුතර මහා සංඝරත්නයේ සුවිශේෂ අවධානය යොමුවිය යුතු යැයි මම විශ්වාස කරමි.
  1. මෙකී නීතිය යටතේ පිහිටුවන ආයතනය ‘කාර්යාලයක්’ ලෙස හැඳින්වුවද, අදාල පනතේ 12 වන වගන්තියට අනුව මෙය පැමිණිලි පිලිගෙන විමර්ශන පවත්වන, සාක්‍ෂි කරුවන්ගෙන් කටඋත්තර ලබා ගන්න, තමන් ඉදිරියට පුද්ගලයන් කැඳවමින් නියෝග නිකුත් කරන, හා විභාග පවත්වන උසාවියකට සමාන ආයතනයක් බව පැහැදිලිය. මේ කාර්යාලයේ නිලධාරීන්ට දිවා රෑ ඕනෑම වෙලාවක, ඕනෑම පොලිස් ස්ථානයකට, හමුදා කඳවුරකට හෝ බන්ධානාගාරයකට ඇතුලුවීමටත්, ඔවුන්ට අවශ්‍ය ලියවිලි හෝ වෙනත් දේවල් තම භාරයට ගැනීමටත් බලය පවරා ඇත. කවුරුන් හෝ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සහයෝගය නොදී සිටියහොත් එය අභියාචනාධිකරණයට කරන ලද අපහාසයක් සේ සලකා දඩුවම් කළ හැකිය.
  2. ඕනෑම දේශීය හෝ විදේශීය මූලාශ්‍ර‍කින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට මුදල් ප්‍ර‍තිපාදන ලබා ගැනීමට පනතේ 21 වන වගන්තියෙන් බලය පවරා ඇත. ඒ අනුව මෙකී කාර්යාලයට විදේශීය ආණ්ඩුවකින්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයකින් හෝ තහනම් නොකරන ලද දෙමළ කොටි ඩයස්පෝරා සංවිධානයකින් වුවද මුදල් ලබාගත හැක.
  3. සාක්‍ෂි ආඥාපනතේ සියලු විධි විධාන වලට පටහැනිව වුවත් ඕනෑම ප්‍ර‍කාශයක් හෝ භාණ්ඩයක් සාක්‍ෂි හැටියට පිළිගැනීමට පනතේ 12(ඇ)(iii) වගන්තිය යටතේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට බලය පවරා ඇත. සාක්‍ෂි ආඥාපනත නොසලකා හැරීම නිසා මේ ආයතනය ඉදිරියට කැඳවන සැකකරුවන්ට අපේ රටේ සාමාන්‍ය අපරාධ නඩුවකදී වුවත් චූදිතයෙකුට තිබෙන සාධාරාණ ආරක්‍ෂාව නොලැබෙනු ඇත.
  4. මෙම පනතේ 12 (ඉ) වගන්තියට අනුව රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කරමින් වුවත් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයෙන් ඉල්ලා සිටින සියලු තොරතුරු සහ ලියවිලි ඔවුන්ට ලබා දීමට සන්නද්ධ හමුදා හා බුද්ධි අංශ ඇතුලුව සියළුම රජයේ ආයතන බැඳී සිටී.
  5. පනතේ 15 වන වගන්තියට අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට රහස්‍ය භාවය රැකීමේ පොරොන්දුව මත ලැබෙන තොරතුරු උසාවියට ඉදිරිපත් කරන මෙන් නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයටවත් බලය නැත. එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සම්බන්ධයෙන් බලපවත්වන්නේ නැත.
  6. අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන්ගේ ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් හෝ ඔවුන් පලකරන වාර්ථාවක් සම්බන්ධයෙන් සිවිල් හා අපරාධ නඩු පැවරිය නොහැකි ආකාරයට පනතේ 25 වන වගනත්තිය යටතේ සම්පූර්ණ මුක්ත භාවය ලබාදී ඇත. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය කරන කිසිවක් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 126 හා 140 යන වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරණ නඩුවකින් මිස වෙනත් කිසිදු උසාවියක අභියෝගයට ලක් කල නොහැක. නමුත් පනතේ 15 වන වගත්නියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට වුවත් තොරතුරු හෙළි නොකර සිටීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ඇති බලය නිසා, මෙම කාර්යාලයේ කටයුතු වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමෙන්වත් පලක් නැත.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය විසින් සොයාගන්නා තොරතුරු එම පනතේ 13(1)(එ) වගන්තිය යටතේ අදාල නීතිය ක්‍රියාත්මක කිරීමේ, නැතිනම් පරිචෝදක ආයතනය වෙත යොමු කල හැක. 2015 ඔක්තෝබර් 14 දින, අංක 30/1 දරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට අනුව මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ‘යටගියාව ගැන සෙවීමට’ යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවීමට එකඟ වී ඇති ආයතන කීපයකින් එකක් පමණි. මෙහි පරමාර්ථය වන්නේ, වෙනත් ආයනතන වලට තොරතුරු ලබා දීම බව පැහැදිලිය. මෑතකදී වත්මන් ආණ්ඩුව අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මේ යෝජිත නීතිය යටතේ ලංකාව තුළ පුද්ගලයෙකු අතුරුදහන් කරවීමකට සම්බන්ධ යැයි සැක කරන ඕනෑම අයෙක් තමන්ට භාර දෙන මෙන් විදේශීය රටවලට ඉල්ලා සිටීමට බලය ලැබේ. ඒ ආකාරයට ලංකාවේ කරන ලදැයි කියන අපරාධයක් සඳහා තමන්ගේ රටට ගෙන්වා ගන්නා ශ්‍රී ලාංකික සැකකරුවකු ඒ විදේශීය රටේ උසාවියකට ඉදිරිපත් කිරීම හෝ ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට භාරදීම ඔවුන්ට කළ හැක.

මහා සංඝරත්නයත්, මහ ජනතාවත් අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට ගෙන ආ පනත් කෙටුම්පතට දැක්වූ විරෝධය නිසා ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට ආණ්ඩුවට සිදු විය. නමුත් මේ කල්දැමීම තාවකාලික බවත් නුදුරු අනාගතයේදී ඔවුන් මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බවත් ආණ්ඩුවේ ඇමතිවරුන් පවසා ඇත. මේ අනුව අපට පෙනී යන්නේ යහපාලන ආණ්ඩුවෙන් මේ ගෙන එන නව‍ නීති එකිනෙකට සම්බන්ධ බවයි. විදෙස් රටවල මුදල් වලින් නඩත්තු වෙන අතුරුදහන් වූවන්ගේ කාර්යාලය යම් පුද්ගලයෙකුට එරෙහිව වාර්තාවක් පල කරමින් චෝදනාවක් කළ පසු, එකී චෝදනාව මත පදනම්ව අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියේ විධිවිධාන යටතේ එම සැකකරු තමාට භාරදෙන මෙන් ඉල්ලා සිටීමට විදේශීය රටවලට බලය ලැබේ. මේ ආකාරයට ලාංකික සැකකරුවෙකු තමාගේ රටට ගෙන්වා ගන්නා විදේශීය රටට එම පුද්ගලයාට එරෙහිව තමාගේ රටේ නඩු පැවරීම හෝ ඔහුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට භාරදීම හෝ කළ හැක.

අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය ලංකාවේ බලාත්මක කිරීමට ගෙන එන ලද පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල්දැමීමට සිදු වූ පසු එජාපයේ මෙන්ම ශ්‍රිලනිපයේ ඇමතිවරුන්ද එම පනත් කෙටුම්පත සාධාරණීකරනය කිරීම සඳහා පවසා සිටියේ එය අනාගතයට මිස අතීතයට බලපාන නීතියක් නොවන බවයි. මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍ර‍කාශයකි. අතුරුදහන් කරවීම් වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියේ විධිවිධාන ලංකාවේ බලාත්මක කිරීමට ගෙන එන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවේ නම්, එය අපේ ව්‍යවස්ථාවේ 13(6) වගන්තියේ විධිවිධාන වලට අනුව ස්වයංක්‍රීයවම අතීතයටද බලපානු ඇත. අපගේ සන්නද්ධ හමුදා වලට සහ යුද්ධයට නායකත්වය දුන් දේශපාලන බලධාරීන්ට දඩුවම් කිරීමට එජාපය, ආණ්ඩුවේ ශ්‍රිලනිප කණ්ඩායම, දෙමළ ජාතික සංධානය හා ජනතා විමුක්ති පෙරමුණ යන යහපාලන දේශපාලන පක්‍ෂ තුළ විශාල උනන්දුවක් තිබෙන බව පැහැදිලිය.

යහපාලන ආන්ඩුවේ මේ නව නීති හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නීති කෙටුම්පත් යටතේ රණවිරු දඩයම සම්බන්ධයෙන් ලංකාවේ නීතිය යටතේම විදෙස් බලවතුන්ට කේන්ද්‍රීය කාර්යභාර්යක් පවරා ඇත. සංහිඳියාව ඇතිකරනවා යැයි කියමින් කරන මේ මහා පාවාදීම් කෙරෙහි අතිපූජනීය ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුලු මහා සංඝරත්නයේ නිසි අවධානය යොමු වෙනු ඇතැයි මම විශ්වාස කරමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions