3/24/2014

ජාත්‍යන්තර නීතියක් පවතින බව ඔවුනට මතක් වීම හොඳයි-පුටින්

කතෘ:යුතුකම     3/24/2014   12 comments

ඇතැම් විට පශ්චාත් සෝවියට් යුගයේ වඩා තීරණාත්මකම කථාව මෙය විය හැකිය. මොස්කව් නුවර ක්‍රෙම්ලිනයේ සිට රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් දේශපාලනඥයන් හා සිවිල් සමාජ ක්‍රියාකාරී නියෝජිතයන් අමතමින් ක්‍රිමියාව අරඹයා පැවැත්වූ ඓතිහාසික කථාව ඉතා තීරණාත්මක හා සෘජු අදහස් ප්‍රකාශ කිරීමකි.

එහිදී ඉස්මතු කෙරනු ප්‍රධාන කරුණු දහයක සිංහල පරිවර්තනය පහතින් දක්වමු.

ජාත්‍යන්තර නීතියට බටහිරයන් සාදරයෙන් පිළිගනිමින්.. 

අප ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇතැයි බටහිර ජාතීහු පවසති. ජාත්‍යන්තර නීතිය කියා යමක් ඇති බව ඔවනට මතක් වීම සතුටකි. ප්‍රමාද වී හෝ එය මතක් වීම කිසිදාකවත් එය මතක් නොවනවාට වඩා හොඳය.


එකඟතාවන් පසෙකින් තබා පිඟන් කඩයට කඩා වැදුනු ගොනෙකු ලෙස හැසිරී ඇත්තේ බටහිරයන්ය.

අපට ස්වාධීන ස්ථාවරයක් තිබෙන නිසා, අප එම ස්ථාවරය පවත්වාගෙන යන නිසා, අප එය නොවළහා ප්‍රකාශ කරන නිසා මෙන්ම අප කුහකයන් නොවන නිසා ඔවුහූ අපව දිගින් දිගටම කොන් කර දැමුමට උත්සා ගනිමින් සිටිති. නමුත් ඕනෑම දෙයකට සීමාවක් තිබේ. ‍යූක්‍රේනය හා සම්බන්ධව අපගේ බටහිර මිතුරෝ  රතු ඉර පනිමින් වගකීම් විරහිතව  හා වෘත්තීය නොවන අන්දමින් කටයුතු කරමින් සිටිති. 

බටහිරයන් සීතල යුද්ධයේ මානසිකත්වයෙන් මිදිය යුතුය.

සීතල යුද්ධය නමැති අලංකාරෝක්ති හිස්ටීරියාවෙන් මිදී අද බටහිරයන් විසින් යතාර්ථය පිළිගැනුමට සූදානම් විය යුතුය. ජාත්‍යන්තර ක්‍රියාකාරකම් අරඹයා රුසියාව ස්වාධීනව ක්‍රියාකාරීව සහභාගි වන බව ඔවුන් තේරුම් ගත යුතුය. අනෙක් රට වල මෙන්ම රුසියාවේද ජාතික අභිප්‍රායන් සැළකිල්ලට හා ගෞරවයට ලක් විය යුතුය. 

බුෂ් යුගයේ රාජතාන්ත්‍රික හැසිරීම ශිෂ්ටසම්සම්පන්න ලෝකයකට කිසිඳු අයුරකින් සුදුසු නොවේ.

ඔවුහූ සැමවිටම සැම තන්හි ඔවුනගේ අභිරුචිය පරිදිම හැසුරුනි. ස්වෛරී රාජ්‍යයනට එරෙහිව සිය බලය යෙදවූහ. 'ඔබ අප කියනා දේ පිළිනොගන්නාවුහූ නම්, ඔබ අපට එරෙහි වී ඇත' යන මූලධර්මයේ සිට අන් රටවල් සමඟ එකඟතා ගොඩනැගීය. මේ ආක්‍රමණශීලීත්වයට නීත්‍යානුකූල ස්වභාවයක් ආරෝපණය කරනු වස් ඔවුහු ජාත්‍යන්තර සංවිධාන හරහා යෝජනා ඉදිරිපත් කරවීමට සිය බලය යොදවති. එයින් පලක් නොවුනහොත් ඔවුහු කිසිදු තැකීමකින් තොරව එක්සත් ජාතීන්ගේ  ආරක්ෂක කවුන්සිලය හා සමස්ථයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයද නොසලකා හරිමින් කටයුතු කරති.

ඇමරිකානු 'සුවිශේෂී' සන්නාමය පිළිබඳ පවසමින්..

එක්සත් ජනපදය විසින් නායකත්වය සපයන බටහිර හවුල් කරුවෝ ජාත්‍යන්තර නීතිය අනුගමනය නොකර සිටීමට කැමතිය. ඒ වනුවට තුවක්කුවේ නීතිය පැවැත්වීමට ඔවුහූ වඩාත් ප්‍රිය කරති.

අපි නේටෝවට සාදයට ආරාධනා කළද ඔවුනට පැමිණ අපේ පිළිකන්නේ කූඩාරම් සෑදීමට ඉඩදිය නොහැක.

නේටෝව හා මිලිටරිමය සන්ධානයක් අප පැවතුවද, අපගේ ඓතිහාසික නිජභූමිවලට තර්ජනයක් වන ලෙස මිලිටරිමය සන්ධාන ඇතිකර ගන්නට ඉඩදිය නොහැක. සෙවාස්ටොපොල් වෙත අමුත්තන් ලෙස ගොස් නේටෝ හමුදා නාවිකයන් හමුවීමක් මට අදහනු  නොහැකිය. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ප්‍රියජනක බව සැබෑය. නමුත් අපේ තැනදී අපව අමුත්තන් ලෙස ඔවුන් විසින් පිළිගන්නවාට වඩා අපේ තැනදී ඔවුන්  අමුත්තන් ලෙස පිළිගැනීමට අපි කැමැත්තෙමු. 

බටහිර තර්ජනයන්ට නිසි ලෙසට මුහුණ දෙන්න අපි සූදානම්..

සමහර බටහිර දේශපාලනඥයින් අපට දැනටමත් සම්බාධකවලින් තර්ජනය කරමින් සිටිනවා පමණක් නොව, රට තුළ ඇතිවන්නට නියමිත යයි කියන දැඩි අභ්‍යන්තර ගැටළු රාශීයක පැතුම්කරුවන් බවටද ඔවුහු පත්ව සිටිති. ඔවුනගේ සිතේ හරියටම ඇත්තේ කුමක්දැයි දැන ගැනුමට මම කැමත්තෙමි. රට තුළ සිටින අධම දේශද්‍රෝහී කුමන්ත්‍රණකරුවන් රොත්තක් ලව්වා සිදුකෙරෙන කිසියම් ක්‍රියාවක්ද, නැතිනම් ඔවුන් අපව අහිතකර සමාජයීය හා ආර්ථික තත්වයකට පත් කර ඒ හරහා මහජනයා කුපිත කරවීමට ආශාවෙන් බලා සිටිනවාද? එවන් ප්‍රකාශයන් වගකීම් විරහිත හා පැහැඳිළිවම ප්‍රචණ්ඩ ස්වරයක් උසුලන වග අපි සළකන අතර අපි ඒවාට නිසි කලට නිසි අයුරින් ප්‍රතිචාර දක්වන්නෙමු.

පශ්චාත් සීතල යුධ සමයේ බටහිර හා නැගෙනහිර එක් වන විට සැවොම ඔවුනට සහය නොදුන් බව ජර්මනියට සිහි කැඳවමින්..        

යුරෝපීයයන්, පළමුව හා ප්‍රධාන කොටම ජර්මානුවන්, මා පවසන දේ තේරුම් ගනු ඇති බව විශ්වාස කරමි. දැන් ඔබලාගේ මිතුරන් වී සිටින ඇතැම් ජාතීන් ජර්මනියේ නැගෙනහිර හා බටහිර එක්වීමට  ඒ මොහොතේ සහයෝගය නොදුන් බව ඔබලාට මතක ඇතැයි සිතමි. කෙසේ නමුත් අපගේ ජාතිය, රුසියානුවන් කිසිදු පැකිළීමකින් තොරව ජර්මානුවන්ගේ අවංක හා නොවැළක්විය හැකි ජාතික ඒකීයභාවය උදෙසා වන අභිලාෂය වෙනුවෙන් සහය දැක්වීමු. ඔබලා හට එය අමතක වී නොමැති බව මා හට විශ්වාසය. එපරිදිම ජර්මානු පුරවැසියන්ද රුසියානුවන්ගේ අභිලාෂයන්ට, ඓතිහාසික රුසියාවට, හා එහි ඒකීයභාවයට සහය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

කොසොවෝ පිළිබඳ බටහිර කුහකත්වයට චෝදනා කරමින්..

කොසොවො අර්බුදය ගැන දිගින් දිගටම එක්සත් ජනපදය හා බටහිර යුරෝපය දේශනා කරන්නේ එය විශේෂ සිද්ධියක් බවයි. අපගේ මිතුරන්ට අනුව එය ඉතා සුවිශේෂී වී ඇත්තේ මන්ද? හේතුව- එය අතිවිශාල ලේ වැගිරීමක් වීමයි. මෙය  නීත්‍යානුකූල තර්කයක්ද? අන්තර්ජාතික අධිකරණය එවැන්නක් පිළිබඳව කිසිවක් පවසන්නේ නැත. මෙය අඩු ගනනේ , දෙපිට කාට්ටු කමක් වත් නොවේ. එය විශ්මයජනක, මුඩුම ප්‍රාථමික නරුමවාදයකි. යමෙක් මෙලෙස තමාගෙ වාසිය උදෙසා, අද යමක් සුදු යැයි පවසන අතර, හෙට එයම කළු යයි පවසන්නේ කෙසේද? ඔවුනගේ මෙම තර්කයට අනුව හැම අර්බුධයක්ම විසඳුමක් ලැබීම සඳහා ලේ වැගිරීමක් දක්වා ගෙන යා යුතුය.

ඕනෑම අයකුට බිඳුම් අවස්ථාවක් ඇති බව තමා විවේචනය කරන්නන් හට මතක් කරමින්..

ඔබ දඟර දුන්නක් (spring) ඕනෑවට වඩා තෙරපුමට ලක් කළ හොත් එය එක්වර අනෙක් අතට පැනිය හැකියි. නුඹලා සැමවිටම එය මතක තබා ගත යුතුයි.









යුතුකම සංවාද කවය


,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

12 comments :

  1. විමලසේන3/24/2014 7:16 AM

    ඇමරිකානු විරෝධී පෙරමුණක් ලොව පුරා ඇතිවෙමින් පවතියි. මෙය වඩාත් සාධාරණ ලෝකයක් පතන ඕනෑම අයකුට සුභ පණීවුඩයකි. ලෝක සාධාරණත්වය වෙනුවෙට අවි බලය හා මුදල් බලය අත්පත් කරගැනීම මඟින් ලෝ පුරා අහිංසක මිනිසුන්ගේ රීරි මාංශ උරා බොන ඇමරිකානු අධිරාජ්‍යයට ඇත්තේ තවත් දශක දෙකකට නොවැඩි ආයු කාලයක් පමණි. ඒ බලය ගිලිහෙන බව දකින ඔවුන් මරු විකල් වූ පරිදි රටවල් ඇතුලත ගැටුම් අවුලවමින් පවතියි. ඒ තර්ජනයට මුහුණ දීමට ලංකාවට ද සිදුව ඇත.

    ReplyDelete
    Replies
    1. විභූතිරත්න3/24/2014 5:04 PM

      ඉහත සඳහන් සියළු බොහෝ සමග එකඟ වෙමි.
      ඇමරිකාව ඉදිරියේදී බිඳ වැටේනම් එයද සතුටින් විස්වාස කරමි.
      නමුත් ඇමරිකාව තනිවම බිඳ වැටේද?
      ඒ පාරේම යන චීනය බිඳ නොවැටේද?චීනය මත යැපීම හරහා අපට ගැලවිය හැකි වේද?

      ලංකාව ඒ පිළිබඳවත් අවධානයක් යොමු කල යුතු නොවේද?
      එසේනම් අප යා යුතු මග කුමක්ද?
      සැකෙවින් කතා කරමු...

      Delete
    2. විමලසේන3/24/2014 5:41 PM

      විභූතිරත්න,
      මම කිව්වේ සහමුලින්ම බිදවැටීමක් නොවේ. අද ලොව බලවත්ම රාජ්‍යය ඇමරිකාවයි. වත්මනෙහි ලෝකයේ විශාලතම ආර්ථිකය (දළ දේශීය නිෂ්පාදිතය) ඇත්තේ ඔවුන් හටයි. එනිසා ඔවුන් සතුව විශාල බලයක් පවතියි. නමුත් චීනයට විශාල වර්ධන වේගයක් ඇත. එනිසා තවත් දශක දෙකක් ඇතුලත ලොව විශාලම ආර්ථිකය චීනය හිමි කර ගන්නවා ඇත. එදාට ලෝක බලවතා වන්නේ ඇමරිකාව නොව චීනයයි. ඊට සමගාමීව චීනය යුධ හා සංස්කෘතික පෙරමුණු වලද ක්‍රියාත්මක වනු ඇත. නිකමට හිතන්න චීන්නුන්ට ඇයි තමන්ගේ ළමයින්ට ඉංග්‍රීසි උගන්නගන්න උනනදුවක් නැත්තේ. ඒ ඔවුනට පැහැඳිළි ඉලක්කයක ඇති නිසා. ඔවනට අවැසි තව අවුරුදු විස්සකින් චීනුන් හොඳින් ඉංග්‍රීසි කතා කර්නවා දකින්න නොව, සෙසු ලෝකයා මැන්ඩරීන් බස කතා කරනවා දකින්නයි. චීන්නු ඉංග්‍රීසි කතා කරන්න ගත්තොත් ඒක වෙන්නේ නෑ. එවන් කලක ඇමරිකාවට ද හිරු බැස ගිය කලක් උදාවන බව දන්නා ඇමරිකානුවන් ලෝකය පුරා තම්න්ගේ ගොඩ වැඩිකර ගැනීම සඳහා තමනට හිතවත් රජයන් අප්‍රිකානු හා ආසියානු කලාපවල පිහිටුවා ගනු සඳහා ඕනෑම නරුම ක්‍රියා පිළිවෙතක් තෝරන තැනට අද තල්ලු වෙලා ඉවරයි. එහිදී ඔවුන් අඩු වියදම් ක්‍රම වන යටි කූට්ටු වැඩ හරහා සිය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ විසල් වැඩ පිළිවෙලක් ලොව පුරා දියත් කරමින් සිටිති. ඒ නිසා අසරණ මිනිසුන් ලක්ෂ ගණනින් කා අතින් හෝ මිය යමින් සිටිති.

      Delete
    3. විභූතිරත්න3/24/2014 5:49 PM

      "ඒ තර්ජනයට මුහුණ දීමට ලංකාවට ද සිදුව ඇත" .
      පැහැදිලියි.

      නමුත් ඒ තර්ජනයෙන් මිදුන කියමුකො.එතනින් එහාට අපට මගක් තිබේද?චීනය සමග යම් සමගාමී ගමනක් යෑමෙන් අපිට චීනයට මෙන් දිනාගත හැකි යමක් ඉතුරු වෙයිද?

      Delete
    4. විමලසේන3/24/2014 5:54 PM

      විභූතිරත්න,
      අප මුහුද හත් ගව්වක් දුරින් තබා ගෙන අමුඩ ගැසිය යුතු නැත. නමුත් මුහුද හමුවන බව දැන රුවලක් තනා ගත යුතුය. එවිට මුහුදු වෙරළ දුටු විට මුහුදට දොස් කියන්නට සිදු නොවනු ඇත.

      Delete
    5. Americawa reerimansha ura bonawanam, Americawa samaga kandawure sitina ratawal diyunu wimatath wirudda peramune inna ratawal duppath wimatath hethuwa mokakda. Udaharanayak lesa uthuru koreawa saha dakunu koreawa salakaa beluwoth?
      Thawada oya wirudda peramune ratawala sitina janaya , Iranaya Russiawa Chinaya weni ratawalata nogos, Americawa samaga sitina ratawal walata penageniimata walikanne ei?

      Delete
  2. Ee kiyanne batahirata jathyanthara neethiya mathak karala dennada meya ara Crimeave veda kellak damme

    ReplyDelete
  3. බුද්ධික3/24/2014 1:06 PM

    ane namak nethi - Anonymous - koluwo..... ohe me comments daanne mulu lipiyama kiyawala balalada nathman lipiye maathrukaawa balalada????

    ReplyDelete
  4. බොහෝ දෙනා දරන්නන් පුටින්ගේ ක්‍රිමියානු ක්‍රියාදාමය දෙස තරමක ආශ්වාදයෙන් යුතුව බලන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන්.හැබයි බෙදුම්වාදී අනතුරක කරවටක් ගිලිල ඉන්න අප වගේ රටක් මේ ගැන සතුටු විය යුතුද?
    ක්‍රිමියාව රුසියාව හා එක්වන්නේ 'ස්වයං නීර්ණ අයිතිය' මත පදනම්ව නේද? වෙන්වීමේ අයිතිය ප්‍රායෝගිකව මෙහෙම යතාවක් වෙද්දි අනාගතයේදී ලෝකය පුරා තැනින් තැන මේක ආදර්ශයට අරගනීවි කියල හිතෙනව.
    එසේනම් අප රටත් අනාගතයේ මෙවැනි ඉරණමකට ලක් වීමේ අවධානමක නේද ඉන්නේ?
    ඉන්දියාව -රුසියාව ලෙසත් , ශ්‍රී ලංකාවේ උතුර ක්‍රිමියාව ලෙසත් සිතුවහොත්?
    මේ පිළිබඳ පැහැදිලි කල හැකිද?

    ReplyDelete
    Replies
    1. පුටින්ගේ කතාව තුළ ඔහු අවධාරණය කරන්නේ ඓතිහාසික රුසියාව කියන කාරණය. ක්‍රිමියානු වැසියන්ගේ ස්වයං නිර්ණ අයිතිය කියන සංකල්පයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. හිටපු ජනපති ගොර්බචොප් ද පවසා සිටියේ ක්‍රිමියානු ජනතාව ඓතිහාසික වරදක් නිවැරදි කර ඇති බවයි. ඒ පදනමෙන් ගත්විට ඓතිහාසික ලංකාව කුමක්ද යන්න පිළිබඳ ගැටළුවක් ඇති වන්නේ නෑ. ඒකනේ ලංකවේ විකල්ප ගෝත්‍රය මහාවංශයට වෛර කරන්නේ. ලංකාවත් රුසියාවට සහය දිය යුත්තේ එහි ඓතිහාසික පදනමින්.

      අනික බටහිරයන් ක්‍රිමියාවේ ජන මත විචාරණය වැරදියි කිව්වට ලංකාවෙ උතුරෙදි ඒක හරියි කිව්වොත් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මේ තර්ක කන්න ඕන වෙලාවට කබරගොයා තලගොයා කර පවසන ආකාරය පිළිබඳ තර්කයන් පමණයි. නමුත් එහි පදනම අපට ප්‍රශ්න කරන්න පුළුවන් ඉන් පලක් නොවුනත්. ඉන්දියාව රුසියාවක් වෙන්න යයි කියලා හිතන්න අමාරුයි. රුසියාවට එහෙම කරන්න සිද්ධ වුනේ බටහිරයන් යුක්‍රේනය තුළ ඇති කරපු තත්වය නිසා. යුක්‍රේනය තුළ සිදු වූ සිදු වීම් වලින් ස්වායත්තව ක්‍රිමියානු ගැටළුව අරගන්න බැහැ. අද බටහිරයන් හා ඉන්දියාව ලංකාව අරඹයා පොදු තැනක ඉන්නවා, අඩුම තරමේ 13 සංශෝධනය බලාත්මක කරගන්න කම්වත් ඒ එකඟතාවය තියේවි.

      කෙසේ නමුත් සමස්ථයක් ලෙස ගත් කල අපද ගොදුරුව සිටින්නේ අපේ රට තුළ සහෝදර දෙමළ ජනතාව සමඟ ඇති ගැටළුවකට නොව, අධිරාජ්‍යයවාදී වුවමනා වෙනුවෙන් බෙදුම් වාදය පෝෂණය කර ගෙන යාමේ ගැටළුවකටය. එනිසා යූක්‍රේනය තුළ සිදුකෙරුනු ඇමරිකානු අධිරාජ්‍යයවාදී වුවමනාවන්ට විරුදධව රුසියාව ක්‍රියා මාර්ගයන් තේරීම අපගේ ද සැබෑ සතුරා වන ඇමරිකානු අධිරාජ්‍යයවාදයේ තාවකාලික හෝ පරාජයකි. රුසියාව සෘජු ස්ථාවරයක සිටීම පිළිබඳ අප සතුටු විය යුතුයි. ලංකාවට ඇති කරන බටහිර බලපෑමත් ලංකාව පමණක් ඉලක්ක කර ගෙන ඇති කරන බලපෑමක් නෙමෙයි. ඒකත් පැහැඳිළිවම ඉන්දියන් සාගරය තුළ සිය අණසක පැතිරවීමේ අරමුණ ඇතිව කර ගෙන යන අධිරාජ්‍යයවාදී ක්‍රියාදාමයක්. ඒ නිසා ලංකාවෙ ගැටළුවත් හුදු ලංකාව ගැන විතරක් තිබෙන ගැටළුවක් නෙමේ. ලෝකයේ ආධිපත්‍යය රදවා ගැනීම පිළිබඳ කාරණයක්. ලංකාව ඔවුනට සුදුසු පිවිසුම් මඟක්. ඒ නිසා රුසියාව මෙන්ම චීනයත් බටහිරයන් විසින් ලංකාවට ඇති කරන තර්ජනයන් තමනට කරන තර්ජනයන් ලෙස සළකනවා. ඔවුන් කැමති නෑ බටහිර සිතැඟි ලංකාව අරඹයා ඉටු කරගන්න ලැබෙනවට. ඔවුන් අපි වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ එක අතකට ඔවුන් ඔවුන් වෙනුවෙන්ම පෙනී සිටීමක්. ඒ නිසා ඔවුන් වඩාත් ස්ථාවරව ඇමරිකානු බලහත්කාරයනට එරෙහිව නැගී සිටීම ලංකාව අරභයා සුභ දායක යයි සිතමි.

      Delete
    2. Uthure chanden penunane uthure minissu hitanne kohomada kiyala. Lankawe tiyenne janawargika getaluwak lesa piligena eyata piligathheki wisadumak denakan oya prashne ohomama tiyewi , nethinam kawada hari kedila yaawi. Mahawanshayata waira karana wikalpa gothrika kandayamak gena kiyala tiyenawa. Hebei mahaa wanshe puraama thiyenne demalunta waira kara kara demalu merima niwan lebenna tharam deyak kiyana ekane. Den me anduwa karanneth jathiwadaya wapurawamin gothrika manasikathwayata minissu thallu karana ekai.
      Soviet Russiawa thiyena kaale lankawa wage prathigami ratawala minissu lokuwata uda daagena balaa hitiya Americawa kadaa wetenakam. Den Chinaya dihaa balan innawa. Namuth me heena dakina unta therenne ne Americawa bihi wee thibena padanama anuwa kisidinaka ee rata kadaa wetimakata lakwanne nethi bawa. Mokada americawa jathyantharayedi kotharam balahathkariwa hesirunath rata thula ethi nidahasa haa prajathantrawaadaya shakthimathwa mul besa ethi nisaa minissu kawadaawath e kramaya wenas kirimakata uthsaaha karanne nethi nisaa. Soviet Russiawa binda wetune Americawe planning walatath wadaa ee rate minissu nidahasa nethiwa pidawata pathwela hitapu nisai. E kaale kathawakuth thibunane "Sema russianuwan dedenekugenma ekek KGB agent kenek" kiyala.

      Poddak pita giyaa. Mamath americawa karana siyalla anumath nokalath samasthayak lesa americawa wadaath idiriyen sitina bawa kime asathyayak netha.
      Swayan nirnaya gena kathaa kaloth, kiyanna tiyenne Russiawa karapu widiyatama Arakshaka mandale anumethiyak nethiwa lankaweth uthuru negenahirata janamatha wicharanayak genawoth me akarayatama rata wen wela yai. Me welawe puhu american wirodhee lankawe janayaata podi aathal ekak lebila tiyena bawa sebewa. Namuth chinayatawath me deta ekanga wenna beruwa thiyenawa, mokada chinaya ethuleth Tibet, Taiwan, Uyghur weni prashna tiyena nisaa. Americawa kabaragoya thalagoya karaganii kiyaa liyanagaman ihatha komentuwa liyapu kenaa thaman karanneda anith petthata e wede neda kiyala therumganna beri tharam manasika thathwayaka inna ekai duka. Eth ithin chuun eka nethi kirima gena samaawenna ona.

      Delete
  5. සුදු පුතා3/26/2014 10:45 PM

    අනේ මහතුනේ....
    සිංහලෙන් කොටාපියෝ. මේකෙන් කොටලා ගන්න. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions