යටත් විජිත සමයේ මෙරට වාසය කළ ආමන්ඩ් ද සූසා නම් ඉංග්‍රීසි ජාතික මාධ්‍යවේදියා විසින් 1915 සිංහල මරක්කල කෝලාහලය අළලා ලියා පළකරන ලද "Hundred Days in Ceylon Under Martial Law- 1915" නම් කෘතිය මෙම ලිපියෙහි පූර්විකාව වෙයි. එම කෘතිය යසපාල වනසිංහ මහතා විසින් "සිංහල මරක්කල කෝලාහලය" නමින් සිංහලයට පරිවර්ථනය කර මෙම සිදුවීමට අදාළ ප්‍රධාන නඩු සහ කොමිෂන් සභා වාර්ථාද සමඟින් ප්‍රකාශයට පත් කර ඇත. පුවත්පත් කතුවරයකු වශයෙන්ද සුදු ජාතිකයකු වශයෙන්ද ආමන්ඩ් ද සූසා මහතාට රටේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කිරීමටත් බ්‍රිතාන්‍යයේ කිරීටයේ සිට සාමාන්‍ය ගැමියා දක්වා වූ සියළු තලයන් නිරීක්ෂණය කිරීමටත් නිදහස තිබිනි. එබැවින් ඔහුගේ මෙම කෘතිය එම සිදුවීම සම්බන්ධ ඓතිහාසික වාර්තාවක් ලෙසින් සැලකිය හැකියැයි සිතමි. මෙයට සියවසකට පෙරාතුව රටේ ජන සංයුතිය, සමාජ සැකැස්ම මෙන්ම ජාතික දේහය මත පිළිලයක් ලෙසින් වැඩෙන ජාතිවාදයක මූල බීජය දෙරණ මත පතිත වන ආකාරයත් අධ්‍යයනය කිරීමට එය මහඟු මූලාශ්‍රයකි.
මෙම අතීක කතා පුවත අදට වැදගත් වන්නේ අප අභිමුවෙහි ඇති සැබෑම ප්‍රශ්නය කුමක්දැයි වටහා ගැනීමේදීය. නාස්තිය, දූෂණය, වංචාව, දරිද්‍රතාවය, විරැකියාව, නීතියේ ස්වාධීනත්වය ආදී දහසකුත් දෑ සාකච්ඡා කළද අද මෙරට ඇති කේන්ද්‍රීය ප්‍රශ්නය කුමක්ද? දේශපාලන න්‍යායන් තුළින් කුමන අන්දමකින් විග්‍රහ කලද මා දකින සරල සත්‍යය නම් ජාතික ස්වාධීනත්වය, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික අධීනත්වය පරයන ප්‍රමුකතාවයක් කිසිඳු රටක කවර ප්‍රශ්නයකටවත් හිමි නොවන බවයි. තිස් අවුරුදු යුද්ධය අවසන් යැයි සිතා අපට අත පිසදාගත නොහැක්කේ අද වන විටත් අප හමුවේ ඇති කේන්ද්‍රීය ප්‍රශ්නය ජාතික නිදහස නොමැති වීම හෙවත් සිංහලයන්ට මෙරට හිමි විය යුතු තැන නොලැබීම වන බැවිනි.
මෙම වත්මන් ප්‍රශ්නයට 1505 දක්වාම දිවයන ඉතිහාසයක් ඇත. ජාත්‍යන්තරය තුළ යටත්විජිතවාදීන්ගේ දේශපාලන භාවිතාවේ මුහුණුවර කාලානුරූපව වෙනස් වුවද ඔවුන්ගේ අරමුණ කිසි ලෙසකින් හෝ වෙනසකට භාජනය වී නැත. ඩේවිඩ් කැමරන් අද මෙරටට ගොඩ බසින්නේ 1815 දී ඔවුන් කන්ද උඩරටට ගමන්කළ අරමුණෙන් දශමයකින් හෝ වෙනස් වූ අරමුණකින් නොවේ. ඉදිරියේදීද එය එසේම වනු ඇත. සර්ව හිතවාදී විශ්වීය මානව නිදහසක් පිළිබඳව අප වැනි රටවලට වැදි බණ දෙසීමට ඉදිරිපත් වුවද ඔවුන්ගෙන් අධීන වූ නිදහසක් ලබා ගැනීමට කවර ලෙසකින් හෝ ඔවුන් අවසර නොදෙනු ඇත. පන්සිල් සුරැකිය හැකි, සිංහලයන්ට පමණක් නොව දෙමළ මුස්ලිම් ආදී අනෙක් ජන වර්ග වලටද සාමයෙන් සතුටින් සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක්, නිවන අරමුණු කරගත් දේශපාලන ආර්ථික දර්ශනයක් ගොඩනගා ගැනීමට ඔවුන් ඉඩ නොතබනු ඇත. ඔවුන්ගේ ක්‍රිස්තියානි සංස්කෘතියට විකල්පයක් බිහි වනු දැකීමට ඔවුන් රිසි නොවනු ඇත. මෙම කරුණේදී සිංහලද දෙමළද මුස්ලිම් ද යන්න අදාළ නොවේ. මුළු ලොවම ඔවුන්ගේ දේශපාලන ආර්ථික සංස්කෘතික යටත්විජිතවාදය තුළ සිර කර තැබීම ඔවුන්ගේ න්‍යායයි. 1505 දී ඇරඹී අද වන විටද අප හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය එයයි.
1848 දක්වා අවියෙන් කරන ලද 1948 දක්වා ඍජු දේශපාලන යටත්විජිතකරණය හරහා සිදුකරන ලද එම කාර්යය ඔවුන් විසින් ඉන් අනතුරුව ප්‍රධාන පෙරමුණු දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කර ඇත. මෙම පෙරමුණු දෙකම ඔවුන් විසින් බිහිකරනුයේ 1948 ට පෙර ඉතා උපක්‍රමශීලීවය. ඉන් පළමු පෙරමුණ මිශනාරී අධ්‍යාපනය, ප්‍රභූ ආර්ථිකය හරහා මෙරට බිහි කරන ලද කළු සුද්දන් පිරිසයි. අනගාරික ධර්මපාල තුමා මෙම කළු සුද්දන්ගෙන් වන හානිය පළමු වරට දුටු ප්‍රඥයාය. ආමන්ඩ් ද සූසා මෙම කෘතිය රචනා කිරීමේ අරමුණද මෙම කෝලාහලයේදී සුද්දන් සිංහලයන්ට කරන ලද අසාධාරණය දැකීමෙන් ඔවුන්ගේ සුවච කීකරු කුක්කන් සේ ඇතිකරන ලද සිංහල කළු සුද්දන් ඔවුන් කෙරෙහි කලකිරේවියැයි ඇතිවූ බියයි. ඒ බව ඔහුගේ පෙරවදනේ පටන් මුළු කෘතිය පුරාම ඉතා පැහැදිලිව විග්‍රහ කර ඇත. නමුත් එවන් කලකිරීමක් ඇති නොවිනි. ආමන්ඩ් ද සූසා සිතුවාට වඩා තදින් කළු සුද්දන් ඔවුන්ගේ ග්‍රහණයට නතු වී තිබිනි. 1948 දී සුද්දන් පාලන බලය ඔවුන් වෙත ප්‍රදානය කළේ එබැවිනි.
දෙවැනි පෙරමුණ මෙරට සුළු ජන වර්ග අතර වපුරන ලද ජාතිවාදයයි.
තමන් උපන් රටේ නිජ අයිතියක් සෑප පුරවැසියෙකුටම හිමිය. එහි විවාදයක් නැත. එසේ වුවද රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික උරුමකාරිත්වය හිමිවිය යුත්තේ යම් රටක මුල් බැසගත්, එහිම ඉපදී, එහිම හැදී වැඩුනු එබැවින්ම එහි නිජ අයිතිය උරුම කරගත් එනම් ශිෂ්ඨාචාරය ගොඩනැගූ ජාතියටය. එනයින් ගත් කළ සිංහල බෞද්ධ චින්තනයට සහ සංස්කෘතියට මෙරට ඇති උරුමය කිසිවෙකුට හෝ ප්‍රශ්න කළ නොහැකිය. වසර 2500ක් දක්වා දිවයන පැහැදිලි සැක සංකා රහිත අඛණ්ඩ උරුමයක් අප සතුව ඇත. මෙම උරුමය සෑම පුරවැසියෙකුටම උපතත් සමඟ හිමිවන අයිතිවාසිකම් වලට ඔබ්බෙන් පවතින්නකි. එම තනි තනි පුරවැසි අයිතිවාසිකම් වලට කිසිවෙකු වැට නොබැඳිය යුතුවාක් මෙන්ම සෑම පුරවැසියකුම මෙරට මුල් බැසගත් ජාතිය වශයෙන් අපට ඇති එම උරුමය පිළිගත යුතුය.
තමන් උපන් රටේ නිජ අයිතියක් සෑප පුරවැසියෙකුටම හිමිය. එහි විවාදයක් නැත. එසේ වුවද රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික උරුමකාරිත්වය හිමිවිය යුත්තේ යම් රටක මුල් බැසගත්, එහිම ඉපදී, එහිම හැදී වැඩුනු එබැවින්ම එහි නිජ අයිතිය උරුම කරගත් එනම් ශිෂ්ඨාචාරය ගොඩනැගූ ජාතියටය. එනයින් ගත් කළ සිංහල බෞද්ධ චින්තනයට සහ සංස්කෘතියට මෙරට ඇති උරුමය කිසිවෙකුට හෝ ප්‍රශ්න කළ නොහැකිය. වසර 2500ක් දක්වා දිවයන පැහැදිලි සැක සංකා රහිත අඛණ්ඩ උරුමයක් අප සතුව ඇත. මෙම උරුමය සෑම පුරවැසියෙකුටම උපතත් සමඟ හිමිවන අයිතිවාසිකම් වලට ඔබ්බෙන් පවතින්නකි. එම තනි තනි පුරවැසි අයිතිවාසිකම් වලට කිසිවෙකු වැට නොබැඳිය යුතුවාක් මෙන්ම සෑම පුරවැසියකුම මෙරට මුල් බැසගත් ජාතිය වශයෙන් අපට ඇති එම උරුමය පිළිගත යුතුය.
1948න් පසුව කළු සුද්දන් කළේ අඟේ ඉඳන් කන කන්නාක් මෙන් මෙම ජාතිකත්වය දුර්වල කිරීමයි. දේශපාලනය, අධ්‍යාපනය, නීතිය, කලාව, මාධ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකම එය ක්‍රියාත්මක විය. අද ජාතියක් වශයෙන් අපට අත්වී ඇති දුර්භාග්‍යයේ සම්පූර්ණ පාපය මෙම ක්ෂේත්‍රයන්හි හිමිකාරිත්වය දරන බටහිර අධ්‍යාපනයෙන් මොළ සෝදාගත් පිරිස භාරගත යුතුය. අපගේ මුල් සිඳින අතර සුද්දන් වපුරාගිය ජාතිවාදී බිජුවට වළට රිසි සේ වර්ධනය වීමට ඔවුහු ඉඩ දුන්හ. බීජ, කෝෂ, කීට අවධි පසුකරමින් අද වනවිට සුහුඹුල් තත්ත්වයට පත්වී ඇති දෙමළ ජාතිවාදයත් කීට අවධිය පසුකරමින් සිටින මුස්ලිම් අන්තවාදයත් එහි ප්‍රතිඵල වෙයි.
බටහිරයන් විසින් ආදරයෙන් හදාවඩාගත් මෙම දරුවන්ට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙතින් ඇඟට දැනෙන ප්‍රහාරයක් එල්ල වූයේ 2005න් පසුවය. නෝර්වේ කාරයන් වැනි කුලී හේවායන්ට නොහැකි වූ කල කැමරන් සහ ඔබාමා ඍජුවම අද වනවිට මෙරට ප්‍රශ්නයට අත දමා ඇත්තේ මෙම දරු සෙනෙහස නිසාමය. මානව හිමිකම් ඔවුන්ගේ නවතම ආයුධය වෙයි. මුල් කාලය තුළ ඔවුන් යොදාගත් යුධ අවි සහ මෙම අවිය අතර ඇති එකම වෙනස යෙදූ සැනින් වල් පැළ නසන ග්‍රැමක්මක්සෝන් සහ දින 14ක් ඇතුලත ප්‍රතිඵල පෙන්වන වීඩෝල් අතර ඇති වෙනසට සමාන වෙයි. කුමක් යෙදුවද අවසන් ප්‍රතිඵලය රජරැටියන්ගේ වකුගඩු මෙන්ම අපගේ ජාතික දේහය විනාශ වීමයි.
මුස්ලිම් අන්තවාදීන් විසින් රටට එරෙහි බොරු වාර්ථා ඔසවාගෙන ජිනීවා යන්නේ ඔවුන් හා දෙමළ ජාතිවාදීන් නිවුන් සොයුරන් වන බැවිනි. ප්‍රභාකරන් කාත්තන්කුඩි පල්ලිය තුළ බැතිමතුන් මරා දමද්දී හකීම් ඔහු හා සන්ධානගත වන්නේත්, නැගෙනහිර මුදවාගන්නා විට ආණ්ඩුව පෙරලීමට කටයුතු කරන්නේත්, රටේ අධිකරණ අමාත්‍ය ධූරය දරමින් රටට එරෙහිව ජිනීවාවල නඩු කියන්නේත් එකම හේතුවක් නිසාවෙනි. එනම් නැගී එන මෙම වහාබ් අන්තවාදය බටහිර යටත්විජිතවාදය වෙතින්ම පෝෂණය වන්නක් වන බැවිනි.
1915 දී සිංහල මරක්කල කෝලාහලය පිළිබඳව ආමන්ඩ් ද සූසාගේ සටහන වැදගත් වන්නේ සුදු අධිරාජ්‍ය වාදයට ජාතකව උපන්, ලෝකය තුළ වරින් වර වර්ධනය වන මුස්ලිම් අන්තවාදයන්ගෙන් ගුරු හරුකම් සහ ආධාර උපකාර ලබමින් වැඩෙන මෙම මුස්ලිම් අන්තවාදය පැහැදිලිව තේරුම් ගැනීම සඳහාය.
මෙම අන්තවාදයෙන් දූෂණය නොවුනු, තම ආගමික අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් සිංහල බෞද්ධ උරුමය පිළිගත් මෙරට මුල් බැසගත් සාප්‍රදායික මුස්ලිමුන් විශාල ප්‍රමානයක් අද වන විටද රට තුළ ජීවත් වෙති. මූලික වශයෙන් නැගෙනහිර පළාත මුල් කරගනිමින් ක්‍රියාත්මක වන වහාබ් අන්තවාදය පිළිබඳව මුලින්ම අනතුරු හඟවන්නේ මෙම සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව විසිනි.
1915 දී සිංහල මරක්කල කෝලාහලය පිළිබඳව ආමන්ඩ් ද සූසාගේ සටහන වැදගත් වන්නේ සුදු අධිරාජ්‍ය වාදයට ජාතකව උපන්, ලෝකය තුළ වරින් වර වර්ධනය වන මුස්ලිම් අන්තවාදයන්ගෙන් ගුරු හරුකම් සහ ආධාර උපකාර ලබමින් වැඩෙන මෙම මුස්ලිම් අන්තවාදය පැහැදිලිව තේරුම් ගැනීම සඳහාය.
මෙම අන්තවාදයෙන් දූෂණය නොවුනු, තම ආගමික අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් සිංහල බෞද්ධ උරුමය පිළිගත් මෙරට මුල් බැසගත් සාප්‍රදායික මුස්ලිමුන් විශාල ප්‍රමානයක් අද වන විටද රට තුළ ජීවත් වෙති. මූලික වශයෙන් නැගෙනහිර පළාත මුල් කරගනිමින් ක්‍රියාත්මක වන වහාබ් අන්තවාදය පිළිබඳව මුලින්ම අනතුරු හඟවන්නේ මෙම සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව විසිනි.
1915 වන විටද ලංකා මරක්කල ලෙසින් හැඳින්වුනු අරාබි සම්භවයක් ඇති සාම්ප්‍රදායික මුස්ලිමුන් විශාල ප්‍රමාණයක් ඉතා සාමකාමීව රටතුළ ජීවත් වූහ. කෝලාහලයට මුළ පුරන්නේ ඉන්දීය සම්භවයක් ඇති හම්බ ලෙසින් හැඳින්වුනු එවකට ඉතා සුළු පිරිසක් වුනු මුස්ලිමුන් විසිනි. ගම්පොල හෙනකඳ බිසෝ බන්ඩාර දේවාලයේ වාර්ශික පෙරහැරට විරුද්ධ වන මෙම හම්බයන් සුද්දන්ගේ අනුග්‍රහය ලබමින් රටතුළ ප්‍රචණ්ඩත්වය පතුරවයි. සිංහලයන් කෙතරම් අහිංසක සහනශීලී සාධාරනය ගරුකරන ජාතියක්ද යන්න මෙම කරුණ සම්බන්ධ නඩු වාර්ථා මඟින් මනාව සනාථ වෙයි.
1915 දී සිදුවුනු එම ක්‍රියාවලියම අද වන විටද එලෙසින්ම ක්‍රියාත්මක වන්නේ කුමන හේතුවකින්ද? මා දකින පරිදි අප 1915න් එම සිදුවීම අමතක කර දැමුවද අපේ සතුරන් එලෙස කර නැත. දෛවෝපගත ලෙසින් වසර 100කට පසුවත් එම ඉතිහාසයම පුනරාවර්ත වන්නේ එබැවිනි.එසේ වුවද මෙම ප්‍රවාහය ආපසු හැරවීමට අප තවමත් ප්‍රමාද නැතැයි මම සිතමි. විශේෂයෙන් දේශපාලනික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි කළ යුතු විශාල කාර්යයක් ඇත. තවමත් රටේ 70% කට ආසන්න ප්‍රමානයක් සිංහල බෞද්ධ වෙයි.
එසේ වුවද රටේ පාර්ලිමේන්තුව තුලින් එම සැබෑ ජන අනුපාතය නිරූපනය වන්නේද? විකාර රූපී ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය මඟින් සැබෑ ජන මතය යට ගසා ඇත. අන්තවාදයට ජාතිවාදයට ඉඩකඩ විවර කර ඇත. ජාතිවාදී ආගම්වාදී ප්‍රවනතාවන් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන පළාත් සභා ආදී ව්‍යුහයන් තුළින් සිදුවන හානිය සුළුපටු නොවේ. එබැවින් මෙම තත්ත්වයන් නිවැරදි කිරීමේ දිශාවට රටත් රජයත් ජනතාවත් පමණක් නොව අධිකරණයද මෙහෙයැවීමේ වගකීම ජාතික සංවිධාන විසින් සියතට ගත යුතුය. තුන් වේල වෙනුවට එක් වේලක් කා හෝ තිර අදිටනින් විජාතික බලවේගයන්ට එරෙහි වීම සඳහා ජාතිය සූදානම් කළ යුතුය.
නමුත් එය මෙම සටනේ එක් අංශයක් පමනි. 1915 දී සීමිත ප්‍රදේශයක පැතිරුනු හම්බයන් අද රට පුරා විසිරුනු අනෙක් සාම්ප්‍රදායික මුස්ලිම් ජන කොටස් කෙරෙහි ඉතා සීඝ්‍රයෙන් තම අණසක පතුරවමින් සිටී. අප විසින් වැට බඳිය යුත්තේ එම සමාජ පිළිලයටයි. 1915දී ලද පසුබෑමත් සමඟ සිංහලයන් යටත් කරගැනීම පහසු නොවන බව තේරුම්ගත් මෙම අන්තවාදය සමස්ථ මුස්ලිම් ප්‍රජාවම බිළි ගනිමින් නව අධියරකින් පෙරට පැමින ඇත. ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩ නගාගෙන ඇත. ඉදිරියේදී අප වෙත එල්ලවීමට නියමිත ක්‍රමයෙන් උග්‍ර වන බටහිර බලපෑම් හමුවේ ඔවුන්ගේ මානසිකත්වය තව තවත් ශක්තිමත් වනු ඇත. අප පැරදවිය යුත්තේ එම ප්‍රවාහයයි.
මෙම උවදුරද එහි ඍජු ප්‍රතිවිපාකද කෙරෙහි අප සවිඥානක වුවද ස්ථිරසාර ලෙස එය මැඩලීමේ දිශාවට අප තවමත් නැඹුරු වී නැතැයි මම සිතමි. අප අපගේ ජාතික උරුමයන් සංස්කෘතික වටිනාකම් රැකගනිමින් දේශපාලන සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි අපගේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කළ යුතුය. දෙමළ ජාතිවාදයද වහාබ් අන්තවාදයද එක ලෙසින්ම නිසි පරිමානයෙන් වටහාගනිමින් ක්‍රියාත්මක විය යුතුය.
නමුත් දීර්ඝකාලීන වශයෙන් විසඳුමක් ලබා ගැනීමටනම් එයද ප්‍රමාණවත් නොවේ. මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ ආගමික සංස්කෘතික හර පද්ධතීන් රැකෙන පරිදි අපගේ සංස්කෘතිය වෙත අවශෝෂනය කර ගැනීමටද ක්‍රියා කළ යුතුය. සෙනරත් රජු නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශවල ඔවුන්ව පදිංචි කළේ පරම්පරා කිහිපයක් තුළ සිංහල ජාතියට අවශෝෂණය විය යුතු බවට කොන්දේසියක් පනවමිනි. නමුත් එම කරුණ සාක්ෂාත් කර ගැනීමට අප සමත් වී නැත. හම්බ මුස්ලිමුන් සිය සංස්කෘතියේ අනසක අනෙක් මුස්ලිම් ප්‍රජාව වෙත පැතිරවීමට පසුගිය සියවස තුළම ක්‍රියාත්මක වී ඇත. නමුත් අප යම් තරමකින් හෝ සාර්ථක වී ඇත්තේ මැලේ මුස්ලිමුන් අපගේ සංස්කෘතිය තුළට අවශෝෂණය කරගැනීමට පමනි.
සිංහල කතා කරන මුස්ලිමුන් අප වෙත සමීපවීමේ නැඹුරුවක් ඇති නමුදු එය අපගේ ක්‍රියාකාරිත්වය සහ වහාබ් අන්තවාදයේ සීඝ්‍රතාව මත තීරණය වනු ඇත. මෙම නව ප්‍රවනතාවන් කෙරේ සවිඥානික ජාතික සංවිධාන මුස්ලිම් සමාජය තුළ ඇති සියුම් විවිධත්වය වටහාගත යුතුය. තොප්පිය පැළඳූ සිකුරාදා කඩ වහන සියල්ලන්ම එකම මිම්මකින් මැනීම ප්‍රශ්නය තව තවත් බැරෑරුම් කිරීමක් විය හැකිය. මෙම මුස්ලිමුන්ගෙන්ම කොටසක්
දෙමළ හෝ මුස්ලිම් හෝ ක්‍රිස්තියානි හෝ මෙම කවර ගැටළුවකට වුවද අවසාන විසඳුම විය යුත්තේ ඒ සැමදෙනාම අපගේ ජාතිකත්වය තුළට වද්දා ගැනීමයි. එය සියවස් කිහිපයක් තුළ සිදුවිය යුත්තක් විය හැකිය. නමුත් අද අප ඒ වෙනුවෙන් මුල් පියවර තැබිය යුතුය. වහබ් අන්තවාදයෙන් පීඩා විඳින සාම්ප්‍රදායික මුස්ලිමුන්ගේ ආගමික අයිතිය වෙනුවෙන් අප ක්‍රියාත්මක විය යුතුය. ඔවුන්ට රැකවරණය සැළසිය යුතුවාක් මෙන්ම අප සංස්කෘතිය තුළ ඔවුන්ට රැකවරණයක් ඇත යන විශ්වාසයද ඔවුන් තුළ ජනිත කළ යුතුය. රටත් ජාතියත් ලේ විලක් වෙත දක්කන කපටි ආරක්ෂකයන්ගෙන් ඔවුන් මුදවාගත යුතුය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Meke Naanasaarayagei Gawa Rawayei Sinhala Bauddha anthawade gena liyala nethi eka nam loku aduwak.
ReplyDeleteමේ පොතත මීට සමගාමීව යන පොතක් නේද?
ReplyDeletehttp://www.scribd.com/doc/207759720/Riots-and-Martial-Law-in-Ceylon-1915
මේ ලිපියේ කතෘ වරයා මා හොඳ හැටි හඳුනන අයෙක්මි. මොහුගේ ක්‍රියා කලාපය මේ ලිපියේ සඳහන් ශුද්ධ වූ ආකාරයේ එකක් නොවන බවනම් කිව හැකිය. මොහු දිය යටින් ගින්දර ගෙනයන ආකාරයේ පුද්ගලයෙකි.
ReplyDeleteදිය යටින් ගින්දර ගෙන යෑමට සුවිශේෂී දක්ෂතාවයක් තිබිය යුතුය. එය අශුද්ධ ක්‍රියාවක් නොව දක්ෂතාවයකි. කෙසේ වුවද කතෘගේ ක්‍රියාකලාපය කුමක් වුවත් මෙහි අන්තර්ගතය හා ඒ අතර ඇති සබඳතාවය කුමක්ද?
Delete