3/10/2014

මහා සංඝරත්නය සමග විමල්ගේ සම්මුතිය.

කතෘ:යුතුකම     3/10/2014   4 comments



මම ප්‍රතිපත්තියක් ලෙස දේශපාලනඥයින්ට ප්‍රශස්ති ගායනා නොකරන්නෙක්මි.විමල් වීරවංශ නැමති දේශපාලනඥයා කොතෙක් සුවිශේෂී වුවත් ඔහුට අදාලවද එම ප්‍රතිපත්තිය වෙනස් වන්නේ නැත. එහෙත් පසුගියදා ඔහුට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් ප්‍රදානය කරන ලද ගෞරව නාමයට අදාල හේතුපාඨය කියවීමේදී ඒ පිළිබඳව යමක් නොකියා සිටීම වරදක් ලෙස හැඟුණි. අතිගෞරවනීය දවුල්දෙන ඥානිස්සර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් එම ගෞරව නාමය ප්‍රදානය කරන අවස්ථාවේ ඊට සාක්ෂි දරමින් ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අති ගෞරවනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම රාමඤ්ඤ නිකායේ අති ගෞරවනීය මහාස්වාමීන්ද්‍රයන් වහන්සේද එම වේදිකාවේ වැඩ සිටියහ.

මෑතකාලීනව ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ මහා නිකාය ත්‍රිත්වය නියෝජනය කරමින් අතිගෞරවණීය මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් සිදුවූ  ගෞරව නාම ප්‍රදානයක් පිළිබඳ මගේ මතකයට නැගෙන්නේ නැත. එම නිසා එම අවස්ථාව සහ ක්‍රියාව ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් නියෝජනය කරන බව මම කල්පනා කරමි.අනෙක් අතට එම ගෞරවනාම සාධන පත්‍රයට අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාට පිරිනැමුනු "ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර" ගෞරව නාමය හුදු ඒක පාර්ශවීය  ප්‍රදානයක් නොවන බවද පැහැදිලි වේ. ගෞරවණීය මහා සංඝරත්නයට අනුව එය ගෞරවනාම  සම්මාන සම්මුතියකි.එයින් පැහැදිලි වන්නේ උන්වහන්සේලා විමල් වීරවංශ නම් වූ දේශපාලනඥයා සමග  යම් සම්මුතියකට එළඹුනු බවයි. 

එම ගෞරව නාමයට අදාල හේතුපාඨය මහින් ඔහු විසින් බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ ජාතික කර්තවය තුල ඉටු කල සුවිශේෂී භූමිකාව ඇගයීමට ලක්ව ඇත. අතීතයේ ඉටුකල භූමිකාවක් ඇගයීමේදී සම්මුතියක් අවශ්‍ය වන්නේ කුමක් නිසාද? මා කල්පනාකරන ආකාරයට මහා සංඝරත්නය එසේ සම්මුතියක් ඉල්ලා සිටින්නේ ඔහු විසින් ඉටු කල යුතු අනාගත භූමිකාවක් සඳහාය. මහා සංඝරත්නය සඳහන් කරන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ භූමිකාවට අදාල කාලවකවානුවේදී ශ්‍රී ලංකාව එක් ආකාරයකට තුන් බියකට මුහුණ දෙමින් තිබිණ. එදා  2003 වසර වන විට එවකට පැවති රජය එක් පැත්තකින් බෙදුම්වාදී කොටි සංවිධානය සමග සටන්විරාම ගිවිසුමක් අත්සන් කොට තාවකාලික ආන්ඩුවක්ද ලබාදීමට අර අඳිමින් සිටියේය. ඒ අතර විවිධ ජාත්‍යන්තර  බෙදුම්වාදී බලවේග වලට රටේ ප්‍රශ්න වලට ඇඟිලි ගැසීමට අවශ්‍ය ඉඩ කඩද නොමදව සපයා තිබිණ. එම තත්වය නිසා ශ්‍රී ලංකාව  සූඩාන රාජ්‍ය මෙන් දෙකඩවීමේ ඉම වෙත ලඟාවෙමින් තිබුණි. ඊට අමතරව "යළි පුබුදමු ශ්‍රී ලංකා " වැඩසටහන මගින් අධිරාජ්‍යවාදී මහා සමාගම් වලට රටේ ආර්ථිකය කොල්ලකෑමට අවශ්‍ය වාතාවරණයද වඩාත් පුළුල් කෙරෙමින් තිබුණි. අනෙක් පැත්තෙන්  සංස්කෘතික වශයෙන්ද  එම විනාශය භාරගන්නා මිනිසෙකු නිර්මාණය කිරීම සඳහාද  විවිධ වැඩ සටහන්  නිර්මාණය කරන්නට එදා  කටයුතු යෙදෙමින් තිබුණි.

එම වකවානුවේදී ඒ තුන්බිය නැති කිරීම සඳහා ඊට එරෙහිව ජාතික බලවේග පෙළගැස්වීම සඳහා සක්‍රීයව දායකත්වය සැපයූ සුළු පිරිස අතර විමල් වීරවංශ ප්‍රමුඛයෙක් විය. ජනතා විමුක්ති පෙරමුණ තුලද විශාල මතවාදී සටනක් කරමින් දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය බිහි කිරීමට ඔහු දැවැන්ත කාර්‍යභාරයක් ඉටුකලේය. ඔහු සතු වූ න්‍යායාත්මක දේශපාලන දැනුම ,සුවිශේෂී කතිකත්වය සහ විවිධ බලවේග සමග ගනුදෙනු කිරීමේ නම්‍යශීලී ගුණය එම කාර්‍යභාරය සඳහා මහත් පිටුවහලක්  විය.

ඒ භූමිකාව ඉටුකිරීමේදී ඔහුද පෙරළා මේ රටේ සංස්කෘතික මූලයන් සමග ගැබුරු අධ්‍යාත්මික සබඳතාවක් ගොඩනගාගැනීමට සමත්වූ බව මම දනිමි. මේ රටේ බොහෝ සම්ප්‍රදානුකූල මාක්ස්වාදී දේශපාලනඥයන්ට වඩා විමල් වීරවංශ වෙනස් වන්නේ ඒ නිසා බව මම විශ්වාස කරමි.

ඇත්ත වශයෙන්ම සම්ප්‍රදානුකූල වාමාංශික පක්ෂයකට වඩා ජනතා විමුක්ති පෙරමුණ  මූලික වශයෙන් වෙනස් වූයේ  බෙදුම්වාදයට අදාලව ඔවුන් ඉදිරිපත් කල ජාතිකවාදී මතවාදය නිසයි. ඔවුන්ගේ එම මතවාදී නැඹුරුව මේ රටේ ඉරණම වෙනස් කිරීමට මූලික වශයෙන් හේතුවූ බව අතිශෝක්තියක් නොවේ. විමල් වීරවංශ එම පක්ෂයෙන් ඉවත් වීමෙන් පසුව සිදුවූ න්‍යායාත්මක පීළි පැනීම  අද මේ රටේ අනාගත ඉරණම කෙරෙහි බෙහෙවින් බලපාන බවද මම විශ්වාස කරමි. කෙසේ වෙතත්  විමල් වීරවංශ එම පක්ෂයෙන් ඉවත් වීමට හෝ ඉවත් කිරීමට හේතු වූයේ එම පීළි පැනීම බවටද තර්කයක් ඇත.මා විශ්වාස කරන හැටියට එදා 2005 ඓතිහාසික ජනවරම නිර්මානය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් අති මහත් භූමිකාවක් ඉටු කරන්නේ විමල් වීරවංශ සාධකය නිසයි.

 එතැන් පටන් උතුරු නැගෙනහිර පළාත් ව්න් කිරීම ඇතුළුව බෙදුම්වාදී විරෝධී දේශපාලන න්‍යායපත්‍රයකට රට යොමු කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජයට ධෛර්‍යය සැපයූ ප්‍රමුඛතම දේශපාලන නායකයා විමල් වීරවංශ ලෙස හැඳින්වීමේ වරදක් නැත. කොළඹ නගරය  ආරක්ෂා කරගැනීම සඳහා ජාතිකවාදී ඔත්තුකරුවන් පුහුණු කිරීමේ සිට රණවිරුවන් දිරිමත් කිරීම සඳහා මුහමලේ ඉදිරිපෙළ බංකර්වලට ඇතුළුවීම දක්වා වූ මහා ක්‍රියාකාරකම් මාලාවක නිර්මාතෲ වුයේ විමල් වීරවංශයන් බව මම ඉතා හොඳින් දනිමි. ගෞරවණීය මහා සංඝරත්නය ඇගයීමට ලක් කරන්නේ ඔහුගේ එම භූමිකාවය. මා දන්නා තරමින් ඔහු විසින් රට වෙනුවෙන් ඉටු කල භූමිකාව ඒ ආකාරයට ජාතික මට්ටමින් ඇගයීමට ලක් වූ පළමු අවස්ථාවද එය විය හැක. අවංකව රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන මිනිසුන්ට ඇගයීම් අවශ්‍ය නැත. ඇගයීම අවශ්‍ය වන්නේ ඔවුන් වඩ වඩාත් දිරිමත් කිරීම සඳහාය.

දැන් මහා සංඝරත්නය විසින් සිදුකල ඒ දිරිමත් කිරීම මේ රටට ආදරය කරන සියළු මිනිසුන් මත ආරොපනය කිරීම සඳහා විමල් වීරවංශයන් මැදිහත් විය යුතුය. මහා සංගරත්නය අපේක්ෂාකරන සම්මුතියද එයම බවට සැකයක් නැත. රට ඉදිරියේ අද  පවතින අභියෝගය දෙස බලන විට එය යුද්ධය පැවති කාලයටත් වඩා බරපතල බව මගේ හැඟීමයි. ඒ අනුව එදා යුද්ධය පැවති කාලයේදී විමල් වීරවංශයන් ඉටුකල භූමිකාවට වඩා වැඩි භූමිකාවක් හෙට දිනයේදී අවශ්‍යවනු ඇත. විසේෂයෙන්ම එයට හේතුව යුද්ධය පැවති කාලයේදී රට පිළිබඳ පැවති මහජන අවධානය සහ අවබෝධය අද හීන වී ගොස් ඇති  තිබීමය. අභියෝගය වැඩි වන තරමට මැදිහත්වීම අඩු වීම යනු බරපතල තත්වයකි.මා විස්වාශ කරන හැටියට  වසර 30ක්  යුද්ධය කිරීමෙන් දිනාගත නොහැකි වූ ඊළම "ජිනීවා සාම බලහත්කාරය " මගින් ලබා ගැනීමට වසර තුනක් වත් ගත වන්න නැත.

යුධ ජයග්‍රහණය්න් පසුව පසුගිය වසර  4 කට අධික කාලයක් නිදි වැදී සිටි ජාතියට  විමල් වීරවංශයන්ට ලැබුණු ගෞරව නාමය නිසා  දැන් නව සාකඡ්චාවක් ඇරඹීම සඳහා නිමිත්තක් ලැබී ඇත.  මහා සංඝරත්නය විසින් පමා වී හෝ ඊට නිමිත්තක් සැපයීම පිළිබඳව අපගේ නොමද ස්තුතිය උන් වහන්සේලාට හිමි විය යුතුය. විමල් වීරවංශයන්ගේ දේශපාලන භූමිකාව දෙසට මල් විසිකරන පිරිස් වලට මෙන්ම ගල් විසි කරන පිරිස් වලටද ඊට දායකත්වය සැපයිය හැක.

මේ රටට නිදහස ලබාදුන් නායකයන් කටයුතු කලේ අපගේ ජාතිකත්වය පිළිබඳව අල්පමාත්‍ර අවබෝධකයකින් යුතුව නොවේ. බටහිර ලිබරල්වාදී මනසකින් යුතු ඔවුන්ගේ නිගමනය වූයේ ඉංග්‍රීසිකාරයා විසින් කෝල්බෲක් , කැමරන් ප්‍රතිසංස්කරණ මහින් නූතන ජාතියක් අපට හිමි කර දී ඇති බවය. ඔවුන් සිංහල ජාතියේ අභීත ශ්‍රී විභූතිය ගැන කතා කලා නම් සේ කලේ ජනතාව රැවටීම සඳහායි.  1956 දී සිය ජාතිකත්වය නොනසාගත් බහුතර ජනතාව බණ්ඩාරණායක ප්‍රධාන ශ්‍රීලංකා නිදහස් පක්ෂය බලයට පත් කරන ලද්දේ අපට උරුම මේ ජාතික දේශපාලන දර්ශනය ක්‍රියාවට නගනු සඳහායි.ලිබරල්වාදය කරපින්නාගත් බණ්ඩාරනායකට ය නොවැටහිණ. තිස් ගනන්වල දේශපාලන ක්ෂේත්‍රයට පිවිසුණු මාක්ස්වාදී අනුනාකරකන්ට "පංතියක්" විනා "ජාතිය"  නොතිබිණ. ජාතිකත්වය ගැන කතාකරන පලමු මාක්ස්වාදී පක්ෂය වූයේ හැත්ටෑව දශකයේ බිහි වූ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් ජාතිකත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොතිබුණු ඔවුන් එය සලකන ලද්දේ ජනතාව රැවටීම සඳහා යොදා ගත යුතු පැලඳගත යුතු වෙස් මුහුණක් ලෙස බව දැන් පැහැදිලිව පෙනේ. විමල් වීරවංශ ඔවුන්ගෙන් වෙන් වූ ප්‍රඥාංකුරයෙක් විය.

මේ අතින් ගත් කල ජාතිකත්වය පදනම් කරගත් දේශපාලන දර්ශනයක් වෙත මනස යොමු කළ පළමු දේශපාලන නායකයා විමල් වීරවංශ වෙයි. ඔහු කර ඇත්තේ ඒ විප්ලවීය වෙනසට පය ගැසීම පමණි. අනාගතයට දිවෙන ඒ මහා ගමනේ පළමු පියවර පමණි ඔහු තබා ඇත්තේ. එහෙත් ඒ සඳහා අවශ්‍ය  නියත විවරණ මේ රටේ මුර දේවතාවන් වූ මහා සංඝරත්නය දැන් ඔහුට ලබා දී ඇත. එය වටහාගෙන ඔහු ඒ කටයුත්ත ඉටු කිරීමට කටයුතු කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි. ඒ ගමන යාම සඳහා ඔහුට උපරිම සහය දීම දේශහිතෛශී මෙරට ජනතාවගේ වගකීම වෙයි.

-ආචාර්ය ගුණදාස අමරසේකර
ලංකාදීප 2014-03-09



පරිගණක සටහන : යුතුකම සංවාද කවය
www.yuthukama.com



, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. විමලසේන3/11/2014 8:49 AM

    විමල් ජාතිකවාදය දේශපාලනයට සෘජුව න්‍යායාත්මකව දැනුවත්ව හඳුන්වා දුන්නා කියන කාරණය තමා වැදගත්. හෙළරුමයට අපේ උරුමය වැටහෙන්නේ නෑ. උන් කරන්නේ බටහිර ඉන්න දක්ෂිණාංශික ජාතිකවාදීන් කොපි කරන එකයි. විමල්ගේ දේශපාලනේ තියෙන සුවිශේෂී ගුණය මේකයි.
    අමරසේකර නැතිව මේකට න්‍යායක් සැපයෙන්නේ නෑ කියන එකත් ඉතා වැදගත් සිහි කැදවා ගැනීමක්

    ReplyDelete
  2. සුදු පුතා3/11/2014 8:52 AM

    මහනායක හිමි වරුන්ගේ දේශපාලන මැදිහත්වීම මැනවින් කල් යල් බලා අනාගතය දැක කරන ප්‍රඥාසම්පන්න මැදිහත්වීමකි.
    රජුන් තැනීමේ කාර්යයට එදත් අදත් අපේ සඟ පරපුරේ දායකත්වය ඉතා තීරණාත්මකයි. ස්වභාවය වෙනස් උනත් උන් වහන්සේලා දිගටම ක්‍රියා කර ඇත්තේ දැඩි තීක්ෂණ බුද්ධියකින් ඉවසීමෙන් හා තුන් කල දක්නා නුවණකින් සේම විශිෂ්ට දේශපාලන විඥානයකින්ද යුතුවයි. සෝඩා බෝතලේ පෙණ වගේ හදිසි, ආවේගශීලී නොවුනා සේම එම තීර්ණවල සෘජු දේශපාලන ගතිකයන් නොපෙනුනත් ඒවා අතිශය දේශපාලනික තීන්දුය. එය ලාංකීය භික්ෂුවගේ උරුමයත්, යුතුකමත් වේ…ඇඟේ හයියෙන් උද්ගෝෂණ කරන්නට සිදු වන්නේ ප්‍රමාද වූ විටය. මෙවරද මහනායක හිමිවරුන් අප්‍රමාදී වී ඇත.

    ReplyDelete
  3. ශ්‍රි ලංකා දෙශපාලන්යේ දෙවෙනිපෙලක් නොදකින අවධියක, විමල් භූමිකාව සුවිශේෂ වන්නෙ,ඔහු දර්ශනයක් සහ අරමුනක් ඇතිව බත් ගොට්ටකින් තොරව, දේශපාලනයේ නිරතවීමයි.

    ReplyDelete
  4. Maarai ooi me wage lipi liyana unui ewa piliganna unui nam. Anduwata set wela Jathiwade aussala gathamanawak soyaa ganna ekekuta giya kala..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com