නාමල් හිර වුණ හර්ෂ පොර වුණ ජිනීවා යෝජනාවේ ඇත්ත..
හර්ෂ එන්න ඇවිත් බලන්න - ජිනීවා පවාදීමේ රඟ මෙන්න...
පසුගියදා රූපවාහිනී දේශපාලන සංවාදයකට සහභාගී වූ හිටපු විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර ඇතිවූ සංවාදයක් මේ සටහනට හේතු වෙයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තම අදහස් දැක්වීමේදී පළකළ කරුණක් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා විසින් යලිත් ප්‍රශ්න කරන්නට යෑමේදී මේ සිදුවීම දක්නට ලැබුණි.එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමා පැවසූ මුල් ප්‍රකාශය හිතා මතාම මගහැර ඊට වෙනත් අතකින් සම්බන්ධ නමුත් වෙනත් අදහසක් ප්‍රකාශ කළේය.
නාමල් මන්ත්‍රීවරයා ඒ මගහැර යන කොටස පසුව හර්ෂද සිල්වා මහතා විසින් තම ෆේස් බුක් පිටුවට එක් කර තිබුණේ "නොදන්න දේවල් නොකිය ඉන්නවනම් තමයි හොඳ' වැනි අදහසක් එන වැකියක්ද ඊට එක් කරමිනි. ( පහත සබැඳියෙන් එය නරඹන්න. >>> )
නාමල් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ කුමක්ද යන්න ඔහුගේ වචන වලින්ම අසමු.
"ජිනීවා යෝජනාවේ 2015 31-1 සහ 2017 34-1 L බලන්න, මේ රටේ රණවුරුවන් යුධ අපරාධ කලා යැයි කියලා අපේ රටේ ආණ්ඩුවම පිළිගත්තනේ. අපේ රටේ විදේශ කටයුතු ඇමතිවරයා සහ නිළධාරීන් පිළිගත්තනේ රණවිරුවන් යුධ අපරාධ කළා, ස්ත්‍රී දූෂණ කළා කියල ඔවතුමාලා ජිනීවා වලදි පිළිගත්තා. "
හර්ෂ ඇමතිවරයා පෙරළා ප්‍රකාශ කළේ ආණ්ඩුව එවැනි පිළිගැනීමක් කළේ නම් ඒ බව සඳහන් වන්නේ කොතන්ද යන්න ප්‍රකාශ කරන ලෙසයි.නාමල් මන්ත්‍රීවරයා හිර වුනේ මෙතනදීය. ඔහු මේ අදහස පිළිබඳ දැනගෙන හිටියත් එහි මූලාශ්‍රය කුමක්ද යන්න පිලිබඳ වැටහීමක නොසිටි බව පැහැදිලි විය. හර්ෂද සිල්වා මහත් ආඩම්බරයෙන් එදින විවාදය තුලදී සහ පසුව තම ෆේස්බුක් ගිණුම හරහාත් ප්‍රශ්න කර සිටියේ එයයි.

හර්ෂ මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයට මීට වසරකට පමණ පෙර යුතුකම සංවාද කවය මගින් සංවිධානය කල "බිල්ලො ඇවිත් " සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක රැස්වීමේදී විවස්ථා සම්පාදන විෂය පිළිබඳ ප්‍රාමාණික අධීන බුද්ධිමතෙකු සේ ක්ෂේත්‍රයේ සහ පිටත බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා නිසි පිළිතුරක් ලබා දී තිබිණ.
එහිදී ඔහු මනාව පෙන්වා දෙන්නේ "මානව හිමිකම් කොමිෂමේ හුසේන් කුමාරයාගේ වාර්ථාවේ රණවිරුවන්ට එරෙහිව මේ ස්ත්‍රී දූෂණ ළමා අපචාර චෝදනා නගා ඇති අතර ආණ්ඩුව එකඟ වූ ජිනීවා යෝජනාවේ ආරම්භයේදීම මේ හුසේන් කුමාරයාගේ වාර්ථාව සාදරයෙන් පිළිගන්නවා යනුවෙන් සඳහන් කිරීමෙන්ම ආණ්ඩුව ඒ වාර්ථාවේ කරුණුද පිළිගැනීම සිදු කර ඇති බවයි.
මනෝහර ද සිල්වා මහතා හෙළි කරන ඒ කරුණු පහත සබැඳියෙන් නරඹන්න.
මේ සම්මත්‍රණයේදීම අදහස් දැක්වූ ගෙවිඳු කුමාරතුංග මහතාද මේ කරුණ පිළිබඳව පහත අදහස් පළ කළේය.
අප හර්ෂ ද සිල්වා ආචාර්‍යවරයාට, "නොදන්න දේවල් නොකිය ඉන්නවනම් තමයි හොඳ" කියා නොකියන්නේ ඔහු මේ ව්‍යාජය කරන්නේ නොදැන නොවේ යැයි අප විස්වාස කරන බැවිනි.
-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama
Fuck u harsha ! WE meats u fucker!enjoy until..ur hippy days fuker!
ReplyDelete