7/31/2017

ශ්‍රී ලංකා රජය රවට්ටන්නේ කාවද?

කතෘ:යුතුකම     7/31/2017   No comments

ජනාධිපති සිරිසේන මහතා මතභේදකාරී අතුරුදන් වුවන් සෙවීමේ කාර්යාලය පිළිබඳ පනත ගැසට් කිරීම සිදුකළේ ජූලි 19-21 යන දින වලයි. අනික් විශේෂත්වය වන්නේ මෙම පනත ගැසට් කළේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ උපලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතාගේ ලංකා සංචාරයට සමගාමී ලෙසයි. රජයේ කටයුතු දෙස නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ පසුගිය රජයේ ඉහළ නිලධාරීන් හා දේශපාලකයින් අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ මේ ආකාරයට බටහිරින් නියෝජිතයන් ලංකාවේ සංචාරය කරන විටදීයි. එම එක්සත් ජාතින්ගේ හා බටහිර නියෝජිතයන් සතුටු කිරීමට සංතෝසම් ලෙස මෙම මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා යයි කෙනෙක්ට සිතෙන්නට පුළුවන.

පෙර නොවු විරු ලෙස කොමදෝරු ඩි.කේ.පි දසනායක මහතා අත්අඩංගුට ගැනීමත් සිදුවූයේ බෙන් එමර්සන් ගේ ජූලි 10-14 දිනවල යෙදුණු ලංකා සංචාරයට සමගාමී ලෙසයි. මේ නිසා සිය මාධ්‍ය සාකච්ඡාවේදී කොමදෝරු දසනායක මහතා අත්අඩංගුවට ගැනීම ගැනත් එක්සත් ජාතීන්ගේ සංගමයේ නිලධාරියෙකුට නොගැලපෙන ලෙස ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නට බෙන් එමර්සන් කටයුතු කළේය.

සාමය හා සංහිඳියාව ගොඩනැංවීමට පැමිණෙනවා යයි කියමින් ලංකාවට පැමිණෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම නිලධාරීන්ගේ අරමුණු ගැන සැක කිරීමටත් ඒ ගැන කල්පලාකාරී වීමටත් රජයට සිදුවීම ස්වභාවිකයි. ජෙෆ්රි ෆෙල්ට්මන් ලංකාවට පැමිණියේ බෙන් එමර්සන් ගේ සංචාරය නිමවී දින පහකට පසුයි. මෙහිදී මාධ්‍යට වාර්තා නොවුණු කරුණු වන්නේ ජෙෆ්රි ෆෙල්ට්මන් රජය, දෙමළ සන්ධානය හා නැගෙනහිර පළාතේදී එම දේශපාලකයින් සමඟ පැවැත්වූ සාකච්ඡා වල ස්වභායයි. ජෙෆ්රි ෆෙල්ට්මන් විසින් මාධ්‍යට දුන් ප්‍රකාශය වූයේ එක්සත් ජාතීන්ගේ සංගමය ලංකාවේ සංවර්ධනයට හා සංහිඳියාව උදෙසා උපරිම සහයෝගය දෙන බවට වූ අපැහැදිලි ප්‍රකාශයයි. සංචාරය අතරතුරේ දි සිදුවූ සාකච්ඡා සම්බන්ධයෙන් රටේ වැසියා දැනුවත් නැත.

මෙහිදී අප අමතක නොකළ යුතු කාරණය වන්නේ ජෙෆ්රි ෆෙල්ට්මන් යනු එක්සත් ජාතීන්ගෙ සංගමයේ දෙවනියට ප්‍රධාන තනතුර දරණ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට පසුව සිටින ප්‍රධානම පුද්ගලයායි. ඔහු විසින් ආරක්ෂක කවුන්සිලයට සාමය හා ආරක්ෂාව සමබන්ධව උපදෙස් දෙන නිලධාරියායි. එවැනි උසස් නිලයක් දරණ නිලධාරියෙක් ලංකාවට පැමිණියේ කුමක් සඳහා ද?

ෆෙල්ට්මන් චරිතය පිළිබඳ කරුණු පිරික්සා බැලූ විට අපට ඔහු පැමිණි හේතුව පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය. ෆෙල්ට්මන් යනු ඇමරිකානු විදේශ සේවයේ වසර 30ක් සේවය කළ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලෙස ද කටයුතු කළ පුද්ගලයෙකි. ඇමරිකානු රාජ්‍ය සේවයේ අවසානයේ දී ඔහු දැරු තනතුර වන්නේ ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් තනතුරයි. විදේශ සේවයෙන් පසු 2012 වසරේ දී දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ උපලේකම් වශයෙන් ඔහුව පත්කෙරිණ.

ඔහුව මේ තනතුරට පත්කළේ ලයින් පැස්කෝ (Lynn Pascoe) යන හිටපු ඇමරිකානු නියෝජිතයාගෙන් පසුවයි. ඒෂියන් ට්‍රිබියුන් මාධ්‍යට දයා ගමගේ මහතා වතාවත් පැවසූ ආකාරයට මෙම එක්සත් ජාතීන්ගේ තනතුර ඇමරිකානුවන් පමණත් පත්වෙන ඇමරිකාව විසින් සිය ග්‍රහණයට ගත් තනතුරකි.

ජෙෆ්රි ෆෙල්ට්මන් ගේ පළමු ලංකා ගමන සිදුවූයේ 2015 පෙබරවාරි මාසයේදීය. ජෙෆ්රි ෆෙල්ට්මන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු නොව ඇත්ත වශයෙන් ඇමරිකන් ඉත්තෙක් බව පැහැදිලිව දක්වන සිදුවීමක් වන්නේ International Support Group for Lebanon යන එක්සත් ජාතීන්ගේ හමුවීමට සහභාගී වීමට සිටි දී එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීට වෙනත් හදිසි කටයුත්තකට සහභාගි වීමට සිදුවූ විට ඒ හමුවේදී ඇමරිකාව නියෝජනය කරමින් සහභාගී වූයේ මෙම නිලධාරියා වීමයි.

මෙයින් පෙනී යන්නේ ෆෙල්ට්මන් යනු එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගෙන් අපේක්ෂා කරන පරිදි ජාත්‍යන්තර සිවිල් සේවකයෙකු නොව එක්සත් ජාතීන්ගේ සංගමයේ වඩා ප්‍රබල තනතුරක් හොබවන ඇමරිකානු නියෝජිතවෙකු බවයි. ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ලෙස තමන් විසින් මුලින් හෙබවූ තනතුරේ වගකීම් වලින් ඔහු තවමත් නිදහස් වී නැති බවත් සිය නව තනතුරත් සමඟ එම වගකීම් ද ඉටුකරන බව පෙනේ.

එක්සත් ජාතීන්ගේ සංගමයේ ත්‍රස්තවාදය මැඩලීම සම්බන්ධයෙන් වූ විශේෂ නියෝජිත බෙන් එමර්සන්

2014 වසරේ දී යුක්රේනයේ මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා වන වික්ටර් යැන්කුවිච් කුමන්ත්‍රණයක් මාර්ගයෙන් බලයෙන් පහකිරීමට ෆෙල්ට්මන් ගේ නම සම්බන්ධ වීමත් අප සළකා බැලිය යුතුය. මේ පිළිබඳව හෙළිදරව් වූයේ යුරෝපය හා යුරේෂියාව සම්බන්ධ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වන වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) හා ඇමරිකාවේ යුක්රේන තානාපති වන ගියොෆ් පියොට් (Geoff Pyat) අතර සිදුවූ දුරකථක සංවාදය මාධ්‍යට නිකුත්වීමෙනි. මෙම සංවාදයේ දී නුලන්ඩ් තැනැත්තිය විසින් පවසා ඇත්තේ ඇමරිකානු මෙහෙයුම් සඳහා එක්සත් ජාතීන්ගේ සංගමයේ නිලධාරීන් යොදා ගැනීමේ වැදගත්කමයි. ඒ මඟින් ඇමරිකාව විසින් වෙනත් රටවල රාජ්‍ය පෙරලීමට සිදුකරන කුමන්ත්‍රණ වලට විශ්වාසදායක බවක් ලැබෙන බවයි. ඇයගේ සංවාදයෙන් පැහැදිලි වන්නේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු වන ෆෙල්ට්මන් විසින් සිදු කර ඇත්තේ ඇමරිකානු ඇජෙන්ඩා එකට අනුව එක්සත් ජාතීන්ගේ සංගමය තුළ කටයුතු කිරීම බවයි.

UN Special Rapporteur on counter terrorism බෙන් එමර්සන් ලංකාවට පැමිණියේ මේ ෆෙල්ට්මන් නැමැත්තාගේ පැමිණීමට ටික දිනකට පෙරයි. බෙන් එමර්සන් ගේ හැසිරීම ලංකාව තුළ දුටුවේ එක්සත් ජාතීන්ගේ සංගමයේ නිලධාරියෙක් ලෙස ඔහුට ඇති වරම ඉක්මවා දාමරික ආකාරයෙන් තර්ජනාත්මක ආකාරයට ඒක පාර්ශ්විකව කටයුතු කිරීමක් ලෙසයි. ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගේ සංගමයේ හිටපු නියෝජිතයන් දෙදෙනෙකු වන තමාරා කුමානායගම් හා පාලිත කොහොන යන අය දැඩි ලෙස විවේචනාත්මකව කරුණු දන්වා තිබිණ. ඔවුන්ට අනුව එමර්සන් නැමැත්තාගේ ප්‍රකාශයන් හා වාර්තා අත්තනෝමතික, විවේචනාත්මක, උද්දච්ඡ, තර්ජනාත්මක, බලපෑම්කාරී, අපහාසාත්මක ලෙස සිදුකළ චෝදනා පමුණුවීමකි.

ඔවුන්ට අනුව එමර්සන් විසින් සිය මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා රජයට බරපතල ප්‍රතිඵල සඳහා මුහුණ දෙන්නට විය හැකි බවට සිදුකළ තර්ජනය ඔහුගේ ස්වාධීනත්වය, අවංකභාවය හා නිර්පාක්ෂික බව පිළිබඳවත් වෘත්තීයබව පිළිබඳවත් බරපතල ප්‍රශ්න මතු කළ අවස්ථාවක් බව පැහැදිලි ලෙස කිය හැකි බවයි.

ශ්‍රී ලංකාවට GSP+ සහනය නැතිවීම ගැන අනතුරු ඇඟවීම, මානව හිමිකම් කාර්යාලය මඟින් සිදුකරන පීඩනය වැඩි කිරීමත් ආරක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව යොමු කිරීමත් තවත් විධි ක්‍රම කිහිපයකින්ම ජාත්‍යන්තර ප්‍රජාවට ලංකාව මැඩීමට යොදාන්නට හැකි බව දන්වමින් සිදුකළ ප්‍රකාශය එමර්සන් ගේ වෘත්තීයභාවය ප්‍රශ්න කිරීමට ලක් කළ යුතු ප්‍රකාශයක් බවත් හිටපු තානාපතිවරුන්ගේ අදහසයි. එමර්සන් මේ ආකාරයට ඔහුගේ වරම ඉක්මවා කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංගමයට අනුකූල ලෙස නොවේ නම් කාගේ න්‍යාය පත්‍රයට අනුවද ඔහු ක්‍රියා කරන්නේ යන්න සැළකිය යුතුය.

එමර්සන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය පසු රජය විසින් මාධ්‍යට ප්‍රකාශ කළේ එමර්සන් ගේ වාර්තාව පිළිබඳව තමන් අසතුටු වන බවයි. බෙන් එමර්සන් ට කොටි රැඳවුම්කරුවන් හා සාකච්ඡා කිරීමට අවසරය ලබා දුන්නේ කවුරුන්ද යන වග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවා ප්‍රශ්න කර ඇත. මෙසේ රජය හැසිරීම පුදුමාකාර වන්නේ බෙන් එමර්සන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේ ශ්‍රී ලංකා රජය විසින් වීමත් ඔහුට කැමති ආකාරයට රටේ ඕනෑම තැනකට නිරීක්ෂණ චාරිකා යාමට අවසර ලබා දුන්නේ රජය විසින් වීමත්ය. රජය සිදුකරන්නේ ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩවීම් පිළිබඳ යෝජනා ගෙන ආ බටහිර රටවල් හා ඔවුන්ගේ නියෝජිතයන් සැනසීමට එකක් කීමත් ඔවුනේ බලපෑම්කාරී තර්ජනාත්මක ගෙරවිලි නිසා උරණ වුණු රටේ ජනතාව සැනසීමට තවත් එකක් පැවසීම ද? මේ ආකාරයට ජනතාව රැවටිය හැක්කේ කෙතරම් කාලයක් ද?
ලසඳා කුරුකුලසූරිය මහත්මිය ඩේලි මිරර් මාධ්‍යයට ලියු ලිපියේ සිංහල පරිවර්තනය.
සටහන අයි.ජයතිලක
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions