12/15/2016

පෝය හඳට පිස්සු වැටෙන දෙරණේ නරි

කතෘ:යුතුකම     12/15/2016   3 comments

-යොහාන් නාලක විජේනායක-
පෝය දවස අනිත් දවස් වලට වඩා වෙනස්ය. පෝය දවසට හඳ පායයි. පෝය දවසට නිවාඩුය. එහෙම නිවාඩු දෙන්නේ රටේ බහුතරය බෞද්ධ නිසාය. පොහොය දිනය නිවාඩු දිනයක් කිරීමේ ප්‍රදාන හේතුව බහුතර බෞද්ධ ජනතාවට එදින ආගමික කටයුතු කෙරෙහි නැඹුරු වී තම ජීවිතය සුවපත් කර ගැනීමය. සමහරු පෝයට සිල් සමාදන් වෙති, සමහරු බණ අහති, සමහරු ධර්ම පොත් පත් කියවති, සමහරු වෙනදා වගේම සිටිති, සමහරු රේඩියෝවෙන් බණ අහති, සමහරු TV එකේ යන ධර්ම දේශනා සහ විවිද වැඩසටහන් නරඹති. මේ අතර පෝයට කලින් අරගෙන තියාගත්ත ඒවායෙන් දවස ගොඩ දා ගන්නෝද සිටිති.

කොහොම උනත් පොහොය දිනයේ තේමාව බෞද්ධයා යහපත් මගට යොමු කිරීමය. විවිද කාරනා නිසා කාර්යබහුල වී සිටින ජනතාව ධර්මයට යොමු වීම කෙසේ වෙතත් ඉඳහිට වැරදිලා හරි බණ පදයක් ඇහෙන්නේ පෝයටය. පෝයට පායන හඳ මෙන් ප්‍රබෝධමත වෙන බෞද්ධයාගේ සිත පොහොය හඳ මෙන්ම ටිකෙන් ටිකෙන් විවිද ගිහි ජිවිතයේ වලාකුළු වලින් වැසී ගියද නැවත පොහොය දිනට ප්‍රබෝධමත් වෙයි. එයට හේතුව පොහොය දිනය හා සම්බන්දවුන සංස්කෘතික කාරනා ටිකක් අපේ රටේ තවමත් පැවතගෙන එන නිසාය. තවමත් බහුතර ගෙවල් වල පෝයට බණ ඇහෙන නිසාය. පොහොයට පන්සලේ පිංකම් කෙරෙන නිසාය. වරින් වර විවිද නීවරණ වලාකුළු වලින් වැසෙමින් තිබුනද මසකට වරක් හෝ සිදුවන මේ ප්‍රබෝධමත්බව යම් දිනෙක බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය වෙන උතුම් වූ අමාමහ නිර්වාණය කෙරෙහිම හේතු වෙනවා ඇත. ඒක නිසා පොහොය දින කෙරෙන කටයුතු සහ පොහොය දින විද්‍යුත් මාධ්‍යයෙන් විකාශනය වෙන වැඩසටහන් ගැන බෞද්ධ අපි සැලකිලිමත් විය යුතුය. ඒ අපේම යහපත උදෙසාය, අප ජිවත් වෙන සමාජයේම යහපත උදෙසාය, අපගේ උතුම් වූ සාසනයේම යහපත උදෙසාය, විශ්වයේ සිටින මුළු මහත් සත්ව සංහතියේම යහපත උදෙසාය.

සාම්ප්‍රදායික බෞද්ධ කතා කොහොමටත් අපේ ප්‍රබුද්ධ ප්‍රජාවට වැඩිය අල්ලන්නේ නැත. ඔවුන්ට ඊට වඩා යමක් අවශ්‍යය. ඇත්තටම කිව්වොත් ඔවුන් වඩාත් සතුටු වන්නේ සිය ප්‍රබුද්ධත්වය හුවා දක්වමින් අනිකා පහත කිරීමෙන්ය. මේ උදවියගේ ලොකුම මයින හම සාමාන්‍ය ජනතාවගේ දේව වන්දනාව, බෝධි වන්දනාව වගේ දේවල්ය. ප්‍රබුද්ධ ප්‍රජාවගේ හද පත්ලේ කලක සිටන් පැන නැගෙමින් පවත්නා මේ ආශාව මැනවින් හඳුනාගත් දෙරණ, දෙරණට පෙනෙන තරමින් "නොපෙනන මානය" පටන් ගත්තේය.

මෑතක් වනතුරුම දෙරණේ "නොපෙනන මානය" 'රන් කලේ' "නොපෙනන" නිසා නොපෙනන මානය පිළිගන්න පිළිනොගන්නා ආත්ම අන්ධ ප්‍රබුද්දයන් දෙදෙනෙක්ය. නියත මිත්‍යා ධුෂ්ඨිකයන් දෙදෙනේක්ය, නියත අපායගාමින් දෙදෙනෙක්ය. දෙදෙනාගෙන් එකෙක් දොස්තර
යෙක්ය, අනිකා මාක්ස්වාදියෙක්ය. දෙන්නාටම ගැලපෙන වැඩසටහන් මෙහෙයවන්නෙක්ද ඇත. ඔහු ගැන නම් කතා කරන එකත් තේරුමක් නැති වැඩකි.

මේ "නොපෙනෙන මානයෙන්" ඇත්තටම කරන්නේ ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන්නට, නොදැනෙන්නට "නොපෙනෙන මානයක්" නැති බව ඒත්තු ගැන්වීමය. "නොපෙනන මානය" කිව්වාම මිනිස්සු ආකර්ෂණය වෙන්නේ "මොකක්ද මේ නොපෙනන මානය" කියාය, එයට ආකර්ෂණය වන්නන් වෙනාදා නැරඹු බණ වැඩ සටහන මගහැර නොපෙනෙන මානය බලන්නට උනන්දු වෙයි, නමුත් එහි නොපෙනෙන මානයක් ගැන කතාවක් නැත, එහි ඇත්තේ නොපෙනෙන මානය බොරුවක්ය යන්නය. "නොපෙනෙන මානයක්" බලාපොරොත්තුවෙන් පැමිණි ප්‍රේක්ෂකයා නතර වන්නේ භෞතිකවාදයෙන්ය, නිරාගමිකත්වයෙන්ය.

පොහොය දිනයේ බෞද්ධයාගේ අරමුණ තම දිවිය සුගතිගාමී කරගැනීමට උත්සහ කිරීමත්, සංසාර දුකෙන් අත්මිදීමට උත්සහ කිරීමත්ය. එයට උදව් බලාගෙන පෝය දවසට TV එක ඉස්සරහ වාඩි වෙන බෞද්ධයාගේ සිත් සතන් වනසා දමමින් ඔවුන් සුගතියෙන් දුගතිය කරා යොමු කරමින් තමනුත් දුගති ගාමින් කරගන්නා මෙවැනි නියත මිත්‍යාධුෂ්ඨිකයන් හඳුනා ගත යුතුය. නොපෙනෙන මානයේ සිංහ වෙස් ගත් නරි දැන් නිරුවත් වී ඇත, වරක් නිරුවත් උන නරි නැවත හෙළුවෙන් දෙරණට වද්දා නොගැනීම දෙරණේ යුතුකමකි, එසේ නොකලොත් දෙරණද නිරුවත් වෙන දිනය වැඩි ඈතක නොවේය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. ඇයි බුද්දාගම විවේචනය කරනවට ඔච්චර බය? බුද්ධාගම විවේචනය කරන්ඩ බැරිද? විවේචනය කෙරුවොත් බුද්ධාගමේ තියෙන 90%ක්ම කිසිම සාක්කි නැති දේවල් කියල එළිවෙයි කියල බයයි නේද?

    ReplyDelete
    Replies
    1. බුදු දහමේ අන්තර්ගතය විමසා බැලීමේ කිසි වරදක් නැත එත් එය කල යුත්තේ බුද්ධාගම ගැන මනා අවබෝධයක් දැනුමක් ඇති අය විසින්ය. තමන් වෙනත් දෙයකට මහාචාර්ය හෝ දොස්තරෙකු වූ පමණින් එය කල නොහැකිය. එහෙම හරිහමන් දැනුමක් නැතුව කතා කිරීම හරියට අන්ධයන් කිහිප දෙනෙකු අලියා අතගා බලා කතා කලා හා සමාන වන්නේ ය.මේ අන්ධ මහාචාරියා හා දොස්තර තමන් අත ගා බලා පමණක් සොයා ගත් දේ ගැන පෞද්ගලිකව ඕන මතයක් දරුවාට අපට කාරියක් නැත.නමුත් මේ තමන්ගේ මහාචාරිකම හා දොස්තරකම උපයෝගී කරගෙන අහිංසක බෞද්ධයන් නොමග යැවීමට තවදුරටත් මේ මිත්‍යාදෘෂ්ටිකයන් දෙදෙනාට ඉඩ නොතැබීමට දෙරණ වගබලා ගත යුතුය.

      Delete
  2. කුක්කු පැටියෝ කියන්න බලන්න ඔයාගෙ විවේචනය මොකක්ද කියල?

    කියන්න බලන්න ඔයා සාක්කි කියන්නෙ මොකක්ද කියල? කියන්න බලන්න "එළිවෙයි" කියන්නෙ මොකක්ද කියල?

    මෙතන කරනවට වඩා මමනං කැමතියි ඔය කුක්කු පැටිය ප්‍රසිද්ද තැනකට එනවනං, එතකොට ඔයා කක්ක දාගෙන ඉන්න ඩයිපරේ අනිත් ඔක්කොටමත් බලා ගන්න පුළුවන්.

    දැනට ඇති, එහෙනං ෂුවර් එකටම කියන්න හොඳේ.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions