රට යන්නේ හරි පාරේද?
-ආචාර්ය ලලිතසිරි ගුණරුවන්-
රජය අධි වේගයෙන් ධාවනය කිරීම අරඹා ඇති සෙයකි.හම්බන්තොට වරාය විකිණීමට අත ගැසීමත් සමග ඉඩම් හා ජාතික සම්පත් ද විකුණා දැමීමට ද රජය මේ වටයේ දී අවතීර්ණ වී ඇත.
මෙම ගනුදෙනුව නිසැකවම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අප ගෙන් ඩැහැගනු පිණිස ඉන්දියාව පොළඹවනු ඇත. එමෙන්ම, ඉන්දියාවට / ඇමරිකාවට ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ගාලු වරායනුත් පුදනු පිණිස අප හට පීඩනයක් එල්ල කිරීම සඳහා මෙම ගනුදෙනුව විසින් එම රටවල් වලට අවශ්‍ය පාර කපා දෙනු ඇත. මෙය අවසන් වනු ඇත්තේ කො තැනින් ද ? රටේ හතර කොණ උගස් වූ විට අපි කෙ සේ අත පය දිග හැර නිදමු ද?
මෙම ගනුදෙනුව තුළින් රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක විනිමය ලැබෙනු ඇතැයි පැවසේ. එනමුත් අපට පෙනෙන පරිදි නම් මෙම මුදල යෙදවෙනු ඇත්තේ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය උදෙසා ලබා ගත් ණය පියවීම උදෙසා නො වේ. මේ වනතෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිසි පරිදි ණය සේවා ගෙවුම් පියවමින් සිටි මෙම ණය පංගුව දැන් අප කවුරුවත් නොදන්නා හේතුවක් උදෙසා මහා භාණ්ඩාගාරය විසින් අවශෝෂණය කෙරෙයි. තම ණය මත ගෙවිය යුතු වන විදේශ ණය සේවා ගෙවීම සිදුකිරීමට අවැසි විදේශ විනිමය පුමාණය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙම අවස්ථාව වනවිටත් පහසුවෙන්ම උපයමින් සිටින බව ද පැවසේ. එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අහිමි නොකළහොත් කිසිදු කරදරයකින් හෝ වාරික අතපසු කිරීමකින් තොරව වසර 2019 න් ඔබ්බට ද ඔවුනට එම ණය සේවා ගෙවීම සිදු කර ගෙන යා හැකි බව ද පැවසේ. එසේනම් භාණ්ඩාගාරය විසින් මෙම ණය කන්දරාව අවශෝෂණය කිරීම අපට තේරුම් ගත නො හැකි පියවරකි. මෙම විකුණුමෙන් ලැබෙන ධනස්කන්ධය වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම සමහර විට එහි අරමුණ විය හැකි ය. මින් අපට අනුමාන කළ හැක්කේ වෙනත් ණය ගෙවීම සඳහා මිස හම්බන්තොට වරායේ ණය ගෙවීම උදෙසා මෙම විකුණුමෙන් ලැබෙන මුදල් යෙදවීමක් සිදු නොවීමට ඉඩ ඇති බවයි.
තව ද, ණය බරින් මිරිකෙන රාජ්‍යයක් හැසිරිය යුතු වගකීමකින් යුතුව කටයුතු කරන ආකාරයක් මෙම රජයේ ක්‍රියා කලාපය තුළින් පෙන්නුම් නොකෙරෙයි. 2015 වසරේදී වාහන ආනයන සිමා ලිහිල් කිරීම උදාහරණයකි. මේ නිසා කුඩා ප්‍රමාණයේ වාහන ආනයනයේ අධික වර්ධනයක් ජනිත වූ අතර ඒ හරහා සිදු වූයේ ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල අඩු වීම නිසා අපට ලබා ගැනීමට හැකිව තිබූ විදේශ විනිමය වාසිය බරපතල ලෙස ඛාදනය කරගැනීමකි. එලෙසම දේශීය වෙළඳපොළේ පෙට්‍රෝලියම් ඉන්ධන මිල පහත දැමීම ද ඉන්ධන පරිභෝජනය විශාල ලෙස උත්තේජනය කළ අතර ඒ තුළින් ද විදේශ විනිමය වැය බර මත වඩාත් බරපතල පීඩනයක් එල්ල කෙරුණි. රුපියල් දස දහසේ වැටුප් වැඩි කිරීම හරහා රජයේ සේවකයන් සැලකිය යුතු පිරිසකට වාහන මිලදී ගනු පිණිස හා පෙට්‍රල් / ඩීසල් වැඩිවැඩියෙන් පරිභෝජනය කිරීමට අවශ්‍ය ක්‍රය ශක්තිය උදා කෙරිණි. තව ද, සුඛෝපභෝගී/අත්‍යවශ්‍ය නොවන ආනයන පාලනයකට කිසිදු උනන්දුවක් තිබූ බවක් නොපෙනිණි. ආනයන ආදේශනය කෙරෙහි කිසිදු අවධානයක් නොමැත. අප ඉදිරියෙහි නිර්මාණය වෙමින් පවතින අර්බුදය පිළිබඳව කිසිදු තැකීමක් නොකරමින් සියල්ලන්ම ස්පෘෂීය පරිභෝජන නැඹුරුවක නිමග්න ව සිටින බව පෙනේ. මේ සියල්ල විදේශ ණය බරින් මිරිකී සිටින රාජ්‍යයකින් දැකීමට අපේක්ෂා කළ නොහැකි ප්‍රතිපත්තිමය නොගලපීම්ය.
එලෙසම, ආනයන මත බර තබන ව්‍යාපෘති සම්බන්ධයෙන් හරවත් තර්කාපනයක් ඇති බවක් නොපෙනේ. ව්‍යපෘති වල වාසි-අවාසි පිළිබඳ නිසි හා හරවත් ශක්‍යතා අධ්‍යයනයන් කිරීමක් පිළිබඳ නැමියාවක් තවමත් ඇතිකරගෙන නොමැත. ඒ වෙනුවට සැලසුම් හා ආයෝජන වල වාසි අවාසි සම්න්ධයෙන් නිසි හා හරවත් අධ්‍යයනයන් කිරීමේ වගකීම උසුලන කාර්යාංශය වන ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව නොසලකා හැර ඇති බවක් දිස් වෙයි. ප්‍රසම්පාදනයන් හි තරගකාරීත්වයේ ආර්ථික වාසිය අත්කරගනු පිණිස අවශ්‍ය විනිවිද පෙනෙන තරගකාරී මිල ගණන් කැඳවීම වෙනුවෙන් කිසිදු උත්සාහ දැරීමක් දක්නට නොමැත. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති මෙන්ම දේශීය සම්පත් හා ව්‍යවසාය යොදා ගනිමින් පහසුවෙන් දේශීයව නිමවිය හැකි ව්‍යාපෘති ද අධික විදේශ ණය බරක් දරමින් විදේශ කොන්ත්‍රාත් කරුවන් වෙත ලබාදීමේ පිළිවෙත අවසන්ව නැත…. ආර්ථිකය විදේශ විනිමය අර්බුදයක සිරවී සිටින විට දැකිය යුතු හරයාත්මක හැසිරීමක් ලෙස මෙම භාවිතාව සැලකිය සැලකිය නොහැක.
එමනිසා හම්බන්තොට විකිණීම හරහා ඉපැයෙන ඩොලර් මිලියන කිහිපයෙන් කිසි ප්‍රතිපලයක් අත් නොවනු ඇත. මෙහි විකුණුම් ආදායම නොසැලකිලිමත් හා සුඛෝපභෝගී ආනයන මත නාස්ති කෙරෙනු ඇත. ඩොලර් කිහිපයක් හෝ උපයා ගැනීමට ඉවහල් වන වරායත් අපට අහිමි කෙරෙද්දී අපගේ ගේ ණය බරත් තවදුරටත් ඉසිලීමට සිදුවීමට ඉඩ තිබේ. ඒ අනුව අනුමාන කළ හැක්කේ තත්වය තවත් නරක අතට හැරිමක්ම පමණකි.
ගෙවුම් ශේෂ හිඟය වර්ධනය වෙමින් පවතින තත්වයක් තුළ ඇති කෙරෙන විදෙස් ණය අර්බුදයෙන් ගොඩ යාමක් ජාතියේ මුඛ්‍ය හා අතිශය වැදගත් සම්පත් විකිණීම තුළින් අපේක්ෂා කෙරෙන්නේ නම් එහි කෙළවරක් නොමැත. රජය විසින් කරනු ලැබිය යුත්තේ ආනයන පාලනය තුළින් ගෙවුම් ශේෂය යහපත් කර ගැනීම ය. එසේ ම, සිය ණය හිමියන් සමග ණය කොන්දේසි නැවත සාකච්ඡා කිරීමකින් ණය ආපසු ගෙවීම් ක්‍රමය නැවත සැලසුම් කිරීම ය. එ සේ නොමැතිව එදිනෙදා ජීවත්වීම උදෙසා දේපොළ හා ජාතික සම්පත් විකිණෙන්නේ නම් එය හුදු වරදක් පමණක් නොව අපරාධයක් ද වනු ඇත.
මෙම ත්ත්වයට එරහිව දේශප්‍රේමින් ඉදිරියට නො එන්නේ ඇයි ? විශේෂයෙන්ම සමාජවාදී හා ජාතිකවාදී මංපෙත් වල සිටින දේශපාලන පක්ෂ මුනිවත රකින්නේ ඇයි ? සාමාන්‍යයෙන් වෙනදා පුද්ගලීකරණයට එරහිව හඬ නගන්නන් මෙම සිදුවීමේ දී හම්බන්තොට වරායේ අහිමිවන රැකියා හා මාධ්‍යවේදීන්ට පහරදීම වැනි කරුණු වලට පමණක් ලඝු වෙමින් සම්පත් විකිණීමට එරෙහිව හඬක් නොනඟන්නේ ඇයි ? එම වැරදි කිසි සේත් සාධාරණීකරණය කළ හැකි වැරදි නොවුවත් මෙම සම්පත් විකුණුම ඒ සියල්ලටම වඩා අතිශය හානිකරය. එනමුත් කවුරුන් වත් මෙම තර්කය අවබෝධ කර නොගන්නේ ඇයි ?
රජය තුළ සිටින ආර්ථික ජාතිකවාදීන් හා දේශප්‍රේමින් තම නිහැඬියාව බිඳිමින් විවෘතව මෙයට එරහිව හඬ නගනු පිණිස කරලියට පැමිණීමට දැන් නිසි කාලය උදා වී ඇත. එලෙසම, විපක්ෂයේ දේශපාලන පක්ෂත් මෙයට එරහිව හඬ නගනු පිණිස කරළියට ඒමට නිසි කාලය උදා වී ඇත. විශේෂයෙන්ම වරායේ හා අනෙකුත් පරිශ්‍රයන්හි වෘත්තීය සමිති වෙතත් මෙම අන්තරාය අවබෝධ කරගෙන වහා ක්‍රියාවට අවතීර්ණ වීමට යුතුකමක් පවතී. නිහැඬියාව තුළින් හෝ පිළිබිඹු වන අක්‍රියත්වය නිසැකවම තුඩු දෙන්නේ ව්‍යසනයකටය.
සැබෑ ශ්‍රී ලාංකිකයිනි, කරුණාකර අවදි වනු මැනැවි !
ආචාර්ය ලලිතසිරි ගුණරුවන්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

Dr. Gunaruwan gave leadership from the ground level and restored the south bound railway within 57 days after the Tsunami. That really surprised the expert French team came to assess the damage.
ReplyDelete@ Anonymous 12/18/2016 8.01 AM............... Nicely elaborated. I was at SL Govt. Railways at that period & eye-witnessed this.
ReplyDelete