2016 නොවැම්බර් 18
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ගරු අග්‍රාමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා
ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමිය
ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් කෙරෙහි ශ්‍රී ලංකාවේ ප්‍රවේශය
(විශ්ව විද්‍යාලයීය ස්වාධීන අර්ථ ශාස්ත්‍රඥයන් සමූහයක් විසින් කෙරෙන ඉල්ලීමක්)
ශ්‍රී ලාංතීය විශ්ව විද්‍යාලයන්හි සේවය කරන ස්වාධීන ආර්ථික විද්‍යා ආචාර්යවරුන් සමූහයක් ලෙස මෙහි පහතින් අත්සන් තබන අපි ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබඳව මේ වන විට සිදු කෙරෙමින් පවත්නා සාකච්ඡාවට අප ගේ අදහස් හා යෝජනා දායකත්වය ලබා දීමට අපේක්ෂා කරමු. එ සේ අප අදහස් ඉදිරිපත් කරනුයේ ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජිත බව පැවසෙන සහ මත ගැටුම්කාරී ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) පිළිබඳව මෙන්ම චීනය සමඟ අත්සන් කිරීමට අරමුණු කෙරෙන්නේ යැයි පැවසෙන නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව සුවිශ්ෂී අවධානය යොමු කරමිනි. මෙ සේ යම් රටක් හෝ කලාපයක් සමඟ වෙළෙඳ හෝ ආර්ථික සහයෝගිතා ගිවිසුම් වලට පිවිසීමේ දී අපේ ජාතිකමය ප්‍රතිලාභ තහවුරු කිරීමේ අනුල්ලංඝනීය අවශ්‍යතාව වෙත ශ්‍රී ලංකා රජයේ, එහි ප්‍රතිපත්ති තීරකයන් ගේ, වෘත්තිකයන් ගේ මෙන්ම පොදු මහජනතාව ගේ ද අවධානය යොමු කරවීම අප ගේ අරමුණයි. එ බැවින්, කවර හෝ රටක් සමඟ වරණීය වෙළෙඳ නිර්බාධිකරණ සාකච්ඡාවන්ට ප්‍රවිෂ්ට වීමේ දී අප විසින් මෙහි ලා සඳහන් කරනු ලබන කරුණු පිළිබඳව නිසි සලකා බැලීමක් විශේෂයෙන් රජය විසින් සිදු කරනු ලැබීම සුදුසු බව අපි අවධාරණයෙන් යෝජනා කර සිටිමු.
අප රටේ මහජනතාව ගේ ජීවන තත්වය ඉහළ නැංවීම හෝ රටවැසියන් ගේ අනාගත සුබසාධන ප්‍රවර්ධනය හෝ හුදු විදේශ වෙළෙඳාමේ වර්ධනයක් තුළින් පමණක් ඉටු කර ගත හැකි බවක් වෘත්තීමය අර්ථ ශාස්ත්‍රඥයන් වශයෙන් අපි විශ්වාස නො කරමු. කිසියම් වූ ආර්ථික මූලෝපායක අරමුණ විය යුත්තේ ජාතික නිෂ්පාදනයේ වෘද්ධිය, සමාජ සමානත්මතා ප්‍රවර්ධනය, පාරිසරික තිරසාරත්වය සහ ජාතික ස්වෛරීත්වය තහවුරු කිරීම වැනි ජාතිකමය අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම විනා හුදු වෙළෙඳ ප්‍රවර්ධනයක් පමණක් නො වේ. එබැවින් අප විශ්වාස කරනුයේ එ වන් වූ සංගත හා ඒකාබද්ධ ජාතික සංවර්ධන අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කර ගැනීම උදෙසා අප ගේ සියලු ප්‍රතිපත්ති, උපාය මාර්ග හා සැලසුම් දිශානුගත විය යුතු බවයි.
පළමු කොට ම අප විසින් පැහැදිලිව ප්‍රකාශ කළ යුතු ව ඇත. එ නම්, නිර්යාත වෙළෙඳපොළ වඩාත් පුළුල් හා ගැඹුරු කිරීම් තුළින් ශ්‍රී ලංකාව තම ජාත්‍යන්තර වෙළෙඳාමේ නිම් වළලු ප්‍රසාරණය කිරීම පිළිබඳව අප ගේ කිසි දු විරෝධයක් නොමැති බවයි. එ සේ ම, එ වැනි කවර වූ හෝ ජාතිකමය ප්‍රයත්නයක දී ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා මූලෝපාය සැලසුම්කරුවන්ට අවශ්‍ය සහයක් ඉහතින් විග්‍රහ කෙරුණු ජාතික න්‍යාය පත්‍රයට අනුකූල වීමට යටත් ව අපට හැකි අයුරින් ලබා දීමට විශ්ව විද්‍යාල පද්ධතියේ ආර්ථික විද්‍යාඥයන් සූදානම් ව සිටින බවයි.
එ සේ වුව ද, අපේක්ෂිත ප්‍රතිලාභ අන් විකල්ප අයුරකින් ළඟා කර ගත නො හැකි වන විටක දී හැර වෙනත් කිසි දු විටෙක ශ්‍රී ලංකාව විදේශ පාර්ශ්වයක්, වෙනත් රටක්, හෝ රටවල් කලාපයක් සමඟ වෙළෙඳ, ආයෝජන, ආර්ථික සහයෝගිතා, තාක්ෂණික වැනි කවර වූ හෝ මාදිලියක ජාත්‍යන්තර නෛතිකමය වගකීම් වලින් බැඳීමෙන් වැළැකිය යුතු බව අප ගේ මතයයි. එ වැනි වෙනත් විකල්පයක් නොමැති නිසා නොවැළැක්විය හැකි ගිවිසුම්ගත වීමක දී පවා පූර්වෝක්තව තීරණය කෙරුණු සීමිත කාල සීමාවකට පමණක් වලංගු වන පරිදි හෝ ගිවිසුම් අවසන් කිරීමේ හැකියාව හා ආකාරය ප්‍රකාශිතව අන්තර්ගත වන පරිදි ගිවිසුම් සකසනු ලැබිය යුතු බව අපි අවධාරණය කරමු. අප එ සේ යෝජනා කරනුයේ මැතිවරණයක් හරහා ප්‍රතිපත්ති දිශානතීන් වෙනස් කිරීමට පුරවැසියනට ඇති ස්වෛරීත්වයේ අයිතිය එ වැනි ඉවත් වීමේ/අවසන් කිරීමේ ප්‍රතිපාදන රහිත ගිවිසුම්ගත වීමක් තුළින් උල්ලංඝනය කෙරෙන බැවිනි.
ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සැකැසීමේ දී ප්‍රතිපත්ති තීරකයන් වඩාත් පාරදෘෂ්‍ය භාවයෙන් කටයුතු කළ යුතු ය. අප එ සේ පවසන්නේ මෙම ගිවිසුම් වල ඉතා සංවේදී, ආපසු හැරවිය නො හැකි වූ හා පුළුල් පරාසයක පැතිරෙන ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිවිපාක තිබීමට ඉඩ ඇති බැවිනි. ඒවා අප ගේ ජාතික අධිකරණමය බල සීමා අතික්‍රමණය කරන මට්ටමේ ප්‍රතිවිපාක වීමට ද ඉඩ කඩ තිබෙන බැවිනි. මෑත දී සකස් කරන ලද “ජාතික වෙළෙඳ ප්‍රතිපත්ති කෙටුම්පත” ප්‍රසිද්ධ සාකච්ඡාව සඳහා නිකුත් කරනු ලැබ තිබීම ඒ අනුව අප ගේ අගැයීමට ලක් වෙයි. එ නමුදු ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් වල අවශ්‍යතාව, ඒවාට පිවිසීමට අපේක්ෂා කෙරෙන උපක්‍රම, ඒවායින් ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන ප්‍රතිලාභ සහ ඒවා නිසා යම් අගතිදායක ප්‍රතිපල උද්ගත විය හැකි නම් ඒ පිළිබඳව සාකච්ඡාවක් විශේෂ වශයෙන් වෘත්තිකයන් හා කර්මාන්ත ප්‍රජාවන් අතර වත් ඇති කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් දිරිගැන්වීමක් හෝ යොමු කිරීමක් රජයේ පාර්ශ්වයෙන් සිදු නො වීම අවාසනාවකි. එ වන් පරාමිතීන් පිළිබඳ පුළුල් අවබෝධයක් ජනනය වීම ජාතික වශයෙන් ප්‍රතිලාභ ගෙන දීමට සමත් මූලෝපාය තේරීමේදී රජයට මහෝපකාරී වනු නිසැක ය. ප්‍රස්තුත අභියෝග හා බලපෑම් පිළිබඳව ජාතිකමය දෘෂ්ටි කෝණයක් ඔස්සේ විමසමින් ප්‍රසිද්ධ සංවාදයකට ඉඩ කඩ පෑදිය යුතු බවට ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යාංශයට අප විසින් අවධාරණයෙන් යෝජනා කෙරෙනුයේ එ බැවිනි.
විවිධ රටවල් තුළ විවිධ වූ නෛතික රාමු, ප්‍රමිතීන් හා නියාමන පද්ධතීන් ඇති බව නොරහසකි. විශේෂ වශයෙන් ඉන්දියාව තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නෛතික ප්‍රතිපාදන මඟින් සාපේක්ෂව ආරක්ෂණය වී ඇත. එ වැනි ආරක්ෂිත ආර්ථිකයන්ට සම කළ හැකි මට්ටමට නියාමන යන්ත්‍රණයන් සැකැසී නොමැති ශ්‍රී ලංකාව වැනි ආර්ථිකයන් පෙර සූදානමකින් තොරව තව දුරටත් නිදහස් ආයාත සඳහා විවෘත කළහොත් එම දේශීය ආර්ථිකයන්ට, ඒවායේ ජන සමාජයන්ට හා එම රටවල ජාතික අරමුණුවලට සාපේක්ෂ වශයෙන් දැඩි වූ අගතිදායක බලපෑම් ඇති විය හැකි ය. වරණීය වෙළෙඳ නිර්බාධීකරණ ගිවිසුම් වල ප්‍රතිපාදන මත දේශීය ආර්ථිකයට ඇතුළු වන භාණ්ඩ, සේවා හා (අදාළ නම්) වෘත්තීයමය ආයාත අවශ්‍ය ගුණාත්මකත්වයෙන් හා ප්‍රමිතියෙන් යුතු බවට තහවුරු කළ හැකි නීති-රෙගුලාසිමය ආරක්ෂණයන් ස්ථාපනය නොවූ තත්වයක් තුළ අප ගේ ආර්ථිකයේ, සමාජයේ හා පුරවැසියන් ගේ සුරක්ෂාව, සුබසාධනය හා තිරසාරත්වය පවා අවදානමට ලක්වීමට ද ඉඩ ඇත. ගුණාත්මක තත්වයන් නිසි ලෙස පාලනය කිරීමට අදාළ පිරික්සුම් සඳහා සහ අවප්‍රශස්ත ආගලනයන් වළක්වාලීම සඳහා අවශ්‍ය නියාමන හා ප්‍රතීතන යන්ත්‍රණයන් ස්ථාපනය (තම ගෘහයට අවශ්‍ය පෙර සූදානම) කිරීමෙන් තොරව විශේෂයෙන් සේවා හා වෘත්තීයමය සම්පත් හුවමාරුව ද ඇතුළත් වෙළෙඳ නිර්බාධීකරණයන්ට තව දුරටත් පියවර නො තැබිය යුතු බවට අනෙකුත් වෘත්තික ආයතන විසින් කෙරෙන නිර්දේශයට විශ්ව විද්‍යාල වල සේවයේ නියුතු අර්ථ ශාස්ත්‍රඥයන් සමූහයක් ලෙස අප ද එකඟ වන්නේ එ බැවිනි.
ඉන්දියාව සමඟ “එට්කා” ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී මෙන් ම, සිංගප්පූරුව, චීනය හා වෙනත් රටවල් සමඟ යෝජිත වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ද ඉහතින් අපේක්ෂිත පරිදි ජාතික උපායමාර්ගිකමය ප්‍රවේශයක් ප්‍රතිපත්ති සම්පාදකයන් වෙතින් පිළිබිඹු නො වීම පිළිබඳව අපි කනගාටු වෙමු. කවර වූ හෝ ද්වි-පාර්ශ්වීය, කලාපීය හෝ බහු-පාර්ශ්වීය ගිවිසුම් පිළිබඳ සාකච්ඡා කිරීමේ දී දිගු කාලීන ජාතික ප්‍රතිලාභ තහවුරු කිරීම උදෙසා තම ක්‍රියාමාර්ග නිවැරදි මාවතට අවතීර්ණ කර ගත යුතු බවට අප විසින් රජය වෙත අවධාරණය කරනු ලබන්නේ එ බැවිනි.
අප ජාතියට එක තැන පල් වෙමින් සිටිය නො හැකි බව සත්‍යයකි. එය ඉදිරියට යා යුතු ය. දිගු කාලීන බලපෑම් සහිත වූත් ගැළවිය නො හැකි වූත් උගුල් වලට හසු නො වෙමින් අප ජාතිය හා එහි ආර්ථිකය දියුණුව කරා පෙරට ගමන් කරනු දැක්ම අපේ ඒකායන අරමුණයි.
අත්සන් කළේ,

- මහාචාර්ය අතුල රණසිංහ මයා, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය හා ශාස්ත්‍ර පීඨාධිපති
- මහාචාර්ය නවරත්න බණ්ඩා මයා, කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය හා 2016 වසර සඳහා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය අර්ථ ශාස්ත්‍රඥ සංසදයේ සම සභාපති
- මහාචාර්ය ඩබ්ලිව් විමලරතන හිමි, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය හා කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශාධිපති
- ආචාර්ය සුමුදු පෙරේරා මිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශාධිපති සහ 2015 වසර සඳහා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය අර්ථ ශාස්ත්‍රඥ සංසදයේ සභාපති
- ආචාර්ය එම් එම් ජයවර්ධන මයා, ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
- ආචාර්ය වසන්ත අතුකෝරළ මයා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ 2013 වසර සඳහා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය අර්ථ ශාස්ත්‍රඥ සංසදයේ සම්බන්ධිකාරක
- ආචාර්ය ටී එල් ගුණරුවන් මයා, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ 2012 වසර සඳහා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය අර්ථ ශාස්ත්‍රඥ සංසදයේ සම්බන්ධිකාරක
- ආචාර්ය සීතා බණ්ඩාර මිය, කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ 2016 වසර සඳහා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය අර්ථ ශාස්ත්‍රඥ සංසදයේ සම්බන්ධිකාරක
- ආචාර්ය මහින්ද බණ්ඩාර මයා, මොරටුව විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
- ඉන්ද්‍රජිත් අපොන්සු මයා, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
- හරිනි අමරසිංහ මිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සහ 2015 වසර සඳහා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය අර්ථ ශාස්ත්‍රඥ සංසදයේ සම්බන්ධිකාරක අත්සන සඳහා අනුමැතිය දුන් පහත නම් සඳහන් අයවලුන් ද
- වෙනුවෙන්:ආචාර්ය රත්නසිරි රණසිංහ මයා, ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍යන පීඨාධිපති
- ආචාර්ය ආර් පී අයි ආර් ප්‍රසන්න මයා, ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශාධිපති
- එස් මහේශ්වරනාදන් මිය, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ ආර්ථික විද්‍යා අංශාධිපති
- ආචාර්ය තුසිත කුමාර මයා, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ රාජ්‍ය පරිපාලන අංශාධිපති
- ආචාර්ය ඩී එම් අජිත් දිසානායක මයා, කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
- ආචාර්ය ඒ ජේ එම් චන්ද්‍රදාස මයා, ශ්‍රී ලංකා රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ 2014 වසර සඳහා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය අර්ථ ශාස්ත්‍රඥ සංසදයේ සම්බන්ධිකාරක
- ආචාර්ය ටී භවන් මයා, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
- ආචාර්ය ඒ එම් එම් මුස්තපා මයා, ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ පීඨයේ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
- ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මයා, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
- ආචාර්ය ප්‍රසාද් සේරසිංහ මයා, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
- ආචාර්ය සුබා මල්ලිකාහේවා මිය, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
- මහින්ද පුෂ්පකුමාර මයා, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
- ශෂිතාංගනී වීරවංශ මිය, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
- චින්තක ජයසුන්දර මයා, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
*සංලක්ෂ්‍ය :
මෙම ලිපියේ අත්සන්කරුවන් විසින් ප්‍රකාශිත මතයයන් ඒ ඒ අය ගේ පුද්ගලික වෘත්තික අදහස් විනා ඒ අයවලුන් සේවයේ නියුතු හෝ සම්බන්ධ වී ඇති ආයතන හෝ සංවිධාන වල මතයයන් ලෙස නො සැලකිය යුතු ය.
(ඉංගිරිසි පිටපතෙන් පරිවර්තනය කෙරිණි)
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook :https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .