12/06/2016

සිංහල ජාතික සංවිධාන වල පැසසිය යුතු නව ප්‍රවේශය

කතෘ:යුතුකම     12/06/2016   No comments

-අයි.ජයතිලක-
සිංහල ජාතික සංවිධාන වල නව ප්‍රවේශය


ශ්‍රී ලංකාවේ සිංහල ජනයා වෙනුවෙනුත් පොදුවේ රට වෙනුවෙනුත් ක්‍රියාකරන දේශප්‍රේමි ජාතික සංවිධාන පසුගිය දිනවලදී ඉතා බුද්ධිමත් තීරණ දෙකක් ගෙන තිබුණි. සාමාන්‍යයෙන් දෙමළ ජාතිකවාදී/ඊළාම්වාදී ව්‍යාපාරයන්ට සාපේක්ෂව සිංහල ජාතිකවාදී ව්‍යාපාරයන් ඉතා මන්දගාමීයි. පෙර තියා අභියෝග හා තර්ජනයන් හඳුනාගැනීමටත් තමාට ඇතිවුණු අසාධාරණකම් හා ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට යම් මන්දගාමී ස්වරූපයක් සිංහලයන් අතරේ තිබේ. එම හේතුව නිසාම බාහිර ලෝකයා කොටි ත්‍රස්තවාදය ගැන නිවැරදි තක්සේරුවක නොමැති වූ අතරම යුද්ධයට මූලික වූ අර්බුධයේ මූලයන් ගැන නිවැරදි අවබෝධයක් විදේශ රාජ්‍යයන් තුළ තබා සිංහල පිරිස් අතරවත් නොමැතිය. අප කණගාටුවෙන් වුවත් පිළිගත යුතු සත්‍යය වන්නේ ලංකාවෙන් පිටත බාහිර ලෝකයා ලංකාවේ අර්බුධය ගැන ඇත්තේ දමිළ ජාතිකවාදී මතවාදය විසින් ඇති කළ අවබෝධයයි. මෙවන් පසුබිමක් තුළ කල් ගතවී හෝ සිංහල ජාතිකවාදී ව්‍යාපාර ඉතා නිවැරදි පියවරයන් දෙකක් ගෙන තිබිණ. ඉන් එකක් ලංකාවේ අර්බුධයේ සැබෑ මූලය අධ්‍යනය කිරීමට ගත් පියවරයි.

පසුගිය සතියේ ජාතික පුස්තකාළ ආයතනයේදී ලංකාවේ සිංහල දෙමළ ප්‍රශ්නය ගැන අධ්‍යයන ග්‍රන්ථයක් දොරට වැඩීම සිදුවිය. මහාචාර්ය එල්ලාවල මේධානන්ද ස්වාමීන්වහන්සේ ගේ මුලසුන යටතේ Tamil Eelam: The question of traditional homeland යන ග්‍රන්ථය සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා තුනෙන්ම සිංහල හඬ යන සංවිධානයක් විසින් නිකුත් කෙරිණ. මීට පෙර සිංහල භාෂාවෙන් පමණක් නිකුත්ව ඇති මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි හා දමිළ භාෂා වලට පරිවර්තනය කොට නිකුත් කිරීම කාලෝචිත පියවරකි. මෙම ග්‍රන්ථය පිළිබඳ එම පොත සම්පාදනයට මුල් වූ සුමේධ වීරවර්ධන මහතා පැවසූවේ ලංකාවේ අර්බුධය හුදු සුළු ජනවර්ග අයිතිවාසිකම් ගැටළුවක් නොව ව්‍යාජ දමිළ ඉතිහාසයක් මුල් කරගෙන ඇති වූවක් බවයි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පවතින රජයේ ජාතික සහජීවනය,සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යවරයෙක් වන මනෝගනේෂන් මහතා ට ආරාධනා කර තිබුණු අතර එය තවත් හොඳ පියවරකි. දෙමළ භාෂා පරිවර්තනය ඒ මහතාට පිළිගැන්වූ අතරම පවතින අර්බුධයට පාදක වූ නියම හේතුන් ගැන කතිකා කිරීම යුගයේ අවශ්‍යතාවය බව ප්‍රකාශ විය. ඊළාම් වාදීන් විසින් පවසන ඊනියා දෙමළ ඊළාම් ඉතිහාසය සාක්ෂි සහගතව ඔප්පු කළහොත් ඊළම පවා දෙන්නට තමා කැමති බවත් එසේ නැතිවිට රටේ බොරු ඉතිහාසයක් මවා පා රට බෙදන්නට ඉඩ ලබා නොදෙන බවත් දේශකයන් විසින් පවසා සිටියහ. සමාජ ජාලා වල ඉතා ක්‍රියාකාරී දේශපාලකයෙක් වන මනෝගනේෂන් මහතා තමා සහභාගී වූ මෙම කෘතිය දොරට වැඩීමේ උළෙල ගැන කිසිදු තොරතුරක් සිය සමාජ ජාලා වලින් හෙළි කළේ නැති වුවත් මේ පොත පිළිබඳව තව දුරටත් ජනයා දැනුවත් කිරීමටත් මේ ගැන කතිකාවත් ඇති කිරීමට සිංහල ජාතිකවාදී සංවිධාන කැපවිය යුතුය. ඊළාම්වාදීන් විසින් මේවන විට තවදුරටත් එකතු කර ඇති ඉතිහාස කතා පිළිබඳව තවත් කරුණු එකතු කර මේ කෘතීන් සංශෝධනය විය යුතු බව මගේ පුද්ගලික විශ්වාසයයි. මෙලෙස ලංකාවේ අර්බුධයේ සැබෑ හේතුන් අධ්‍යයනය කර ඊනියා ඊළාම් ඉතිහාසය ට අභියෝග කිරීමට තැත්කිරීම සිංහල ජාතික සංවිධානයක් විසින් සිදුකළ ඉතා බුද්ධිමත් පියවරකි.

අනෙක් කාරණය වන්නේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් ලංකාව වෙනුවෙන් සාකච්ඡා කිරීමට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා හමුවීමට කටයුතු යොදන බවට වූ ප්‍රවෘත්තියයි. මෙය කෙතරම් දුරට සත්‍යයක් දැයි තහවුරු වී නැති වුවත් එසේ පියවරක් ගෙන ඇත්නම් එය ඉතා ප්‍රශංසනීයයි. මෙතෙක් කලක් සිංහල ජනයා බලාපොරොත්තු වූයේ ලංකාවේ විදේශ ඇමතිවරයා තම ජනකොටසත් විදේශයන් හිදී නියෝජනය කරාවි යන කාරණයයි. එය වත්මන් රජය යටතේ කෙසේවත් සිදුනොවන නිසාත් සිදුවන්නේ කොටි හිතවාදී න්‍යාය පත්‍රයට අනුව සැකසුණු විදේශ ප්‍රතිපත්තියකුත් එයටම සරිලන ද්‍රේශද්‍රෝහී විදේශ ඇමති වරයෙකුත් නිසා මෙවැනි පියවරක් ගැනීමට සිංහල ජනතාව වෙනුවෙන් කළ බුද්ධිමත් පියවරකි. මෙසේ සිංහල සංවිධාන විසින් විදේශ නායකයින් හමුවීමත් ඔවුන්ට රටේ පවතින අර්බුධය ගැන සිංහල පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමත් කළ යුතුව තිබුණේ මීට බොහෝ කාලයකට පෙරයි. පමා වී හෝ එම කර්තව්‍යය සිදුවන්නේ නම් එය ඉතා ප්‍රශංසනීයය. වෙනත් රටවල මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇමරිකාව ඇඟිලි නොගැසිය යුතුය යන විශ්වාසයෙන් කටයුතු කරන ඇමරිකානු ජනාධිපතිවරයෙක් සිටින විට මෙසේ ඔහු හමුවී හෝ ඔහුගේ නියෝජිතයෙක් හා සම්බන්ධ වී හෝ සිංහල පාර්ශවය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමක් හා අදහස් ප්‍රකාශ කිරීමට මාර්ගයක් ඇති කරගැනීම බුද්ධිමත් පියවරකි.

එම ක්‍රියාව ඇමරිකානු ජනාධිපතිවරයා වන ට්‍රම්ප් මහතා ගෙන් නොනැවතිය යුතුය. ලංකාවේ කොටි ත්‍රස්තවාදය පිළිබඳවත් ලංකාවේ සිංහල දෙමළ අර්බුධය යනු නිදහසින් පසු ඇති වූ දෙයක් නොවන බවත් එම ගැටළුව විසඳීමේදී සිංහල ජනයාගේ පාර්ශවයේ අදහස් විමසිය යුතු බවටත් යන අදහස සම්බන්ධයෙන් මෙසේ අපට වැදගත් වන රාජ්‍ය නායකයන් දැනුවත් කර තිබිය යුතුය.

ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කළ විදේශ රාජ්‍ය වන චීනය, පකිස්ථානය, රුසියාව, මැලේසියාව, වියට්නාමය යන ආසියාතික රටවල් වල ලංකාවේ තානාපතිවරුන් හමුවීමත් එමඟින් ඔවුන් මේ පිළිබඳව දැනුවත් කිරීමත් ලංකාවට විරුද්ධව කටයුතු කළ ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා කැනඩාව යන බටහිර රටවල් වල නියෝජිතයින් හා සම්බන්ධ වී කරුණු දැක්වීමට අවස්ථාව සලසා ගැනීමටත් කටයුතු කළ යුතුය. ට්‍රම්ප් මහතා හමුවූ ලෙසම ඉන්දියානු රජයේ විදේශ ඇමතිනිය වන සුෂ්මා සුවරාජ් මහත්මියද හමුවී මේ පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත්ය. ලංකාවේ රජයට මේ සම්බන්ධව බලපෑම් කිරීමට හැකි ප්‍රබලම රාජ්‍යය ඇමරිකාව නොව ඉන්දියාවයි. ඉන්දියාවේ වත්මන් විදේශ ඇමතිනිය සුෂ්මා සුවරාජ් හමුවීමට අවස්ථාවක් ලබාගෙන හෝ මෙසේ සිංහල පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාව ටිකෙන් ටික ගොඩනගා ගත යුතුය. එක් එක් විදේශයන් හි නියෝජිතයන් කෙසේ කුමන ආකාරයකින් කටයුතු කරයිද යන්න පෙර සිට සිතා බලා ප්‍රබල රටවල් තෝරාගෙන ඒ ඒ රටවල් වෙනුවෙන් වෙන වෙනම සැලසුම් සකසා ගෙන කටයුතු කළ යුතුය. එලෙසම ඊළාම්වාදීන් කෙරෙහි යම් අනුකම්පාවක් දක්වන අයර්ලන්ත ජනයා පවා දැනුවත් කළ යුතුය. අයර්ලන්ත දේශපාලකයින් ට ලංකාව ගැන ඇත්තේ දමිළ අන්තවාදීන් විසින් නිර්මාණය කරන ලද ලංකාව ගැන දැක්මකි. එයට හේතුව අයර්ලන්ත ජාතිකයනුත් බ්‍රිතාන්‍යය සමඟ යුද්ධයක් ඇති කරගෙන පසුව සාකච්ඡා මඟින් එය සමථයකට පත්කර ගත් ජනකොටසකි. ඔවුන් ලංකාව පිළිබඳව සිතන්නේ එ‍ලෙසයි. අප්‍රිකාව හා ලතින් ඇමරිකාව යන රටවල් වලට පවා ලංකාවේ ඇති ප්‍රශ්නය පිළිබඳව ඔවුන්ගේ නියෝජිතයන් දැනුවත් කර ලංකාවේ කොටි ත්‍රස්තවාදය ගැනත්, සිංහල ජනයාට සිය නිජභූමිය අහිමි වන ආකාරය ගැනත් ඊළාම්වාදීන් ප්‍රචාරය කරනා ලෙස ලංකාවේ දමිළ සංහාරයක් හෝ මර්ධනයක් සිදුනොවන බවත් ඔවුන් වෙනත් ශ්‍රී ලාංකිකයන් ලෙස සම අයිතිවාසිකම් භුක්ති විඳිමින් ජීවත් වන බවත් පෙන්වා දිය යුතුය. වෙනත් අයුරකින් කිව හොත් යුද්ධය අතරතුර හා ඊට පසුව කොටි සංවිධානයත් ඔවුන්ට අනුබද්ධිත ප්‍රචාරක කණ්ඩායම් විසින් සිදුකළ ප්‍රචාරයන්ට පිළිතුරු දීමට අප දැන්වත් පියවර ගත යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions