12/18/2016

වන්නියේ ජයග්‍රහණය දියවන්නාවේදී පාවා දෙන්නට ඔබ ඉඩ දෙනවාද?

කතෘ:යුතුකම     12/18/2016   No comments

යුතුකමේ අපි 2016 ජනවාරි මස 'බිල්ලෝ, ව්‍යවස්ථාව සහ කුමන්ත්‍රණ' මැයෙන් සම්මන්ත්‍රණයක් පවත්වමින් ව්‍යවස්ථා සංශෝධන හරහා ක්‍රියාවට නංවන්න සැරසෙන බෙදුම්වාදී අනතුර කල්වේලා ඇතිව ජාතිය ඉදිරියේ අනාවරණය කළෙමු. ඉන් පසු රජය විසින් මහජන අදහස් නාමයෙන් ඉදිරිපත් කළ කමිටු වාර්තාවේ ඇති දේශද්‍රෝහී යෝජනාවන් අළලා 2016 ජුනි මස 'ෆෙඩරල් සංහිඳියාව' මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් පවත්වමින් මෙම බෙදුම්වාදී ෆෙඩරල් අනතුර පිළිබඳව ජනතාව අවදි කරවිමට උත්සුක වූයෙමු. ජනාධිපතිවරයා විසින් මැතකදී 'ෆෙඩරල් සංහිඳියාව' ලෙස රජයේ සංහිඳියා වැඩපිළිවෙල උපහාසයට නගන අයට ළඟදී අඬන්නට සිදුවන බව පවසා සිටියේය. රජය විසින් පත් කළ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ අනුකමිටු මගින් ඉදිරිපත් කර ඇති බෙදුම්වාදී ෆෙඩරල් යෝජනා පරාජය නොකළහොත් මුළු මහත් ජාතියකට හඬන්නට සිදුවනු ඇත.

එම යෝජනාවන්ට අනුව;

ඉඩම් කළමණාකරණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම පළාත්සභා සතුය. පළාත් පොලිස් කොමිසම මධ්‍යම රජයෙන් වෙන්කර එහි සාමාජිකයින් පත්කිරීමේ බලය මහ ඇමතිවරයාට පැවරේ. පළාත් රාජ්‍ය සේවය පළාත් රාජ්‍ය සේවා කොමිසම යටතට පවරා එය මහ ඇමති වරයා යටතට පැවරේ. දිස්‌ත්‍රික්‌ ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු පළාත් බලය යටතට පත් කෙරේ.පළාත් විෂයයන්ට අදාළව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමිවන අතර පොදු ප්‍රතිපත්ති නිර්දේශ කිරීමේ බලය ද පාර්ලිමේන්තුවට අහිමිවේ.

මධ්‍යම රජය සහ පළාත් සභා අතර බලය සම්බන්ධ ගැටලු වලට තීන්දු ලබා දීමට මින් මනතට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකිය. ඒ බලය ඇත්තේ වත්මන් අධිකරණ පද්ධතියට පිටින් පිහිටවෙන, ජාතිවාදී පදනම ම මත නියෝජිතයින් පත් කරන එන්ජීඕ ඇටවුමකටය.

කීමට තවත් බොහෝ දේ ඇත...

රණ විරුවන් වන්නියේදී දිවි පුදා ලද ජය දියවන්නාවේදී පරාජය කෙරෙනෙ තෙක් නිහඬව බලා සිටීම මිනිස්කමට නිගාවකි. මේ දේශද්‍රෝහී, බෙදුවාදී ෆෙඩරල් කුමන්ත්‍රණය පරාජය කිරීම උදෙසා සබුද්ධික මිනිස් දාමයක් වහ වහා ගෙතිය යුතුය. ඒ සබුද්ධික මිනිස් දාමය ගොතන්නට, එහි මුල් පුරුකක් වන්නට ඔබට ආරාධනය කරමු.

විරුවන් දිවි පුදා රැකි රට බන්දේසියක තබා බෙදුම්වාදීන්ට පුදන
ෆෙඩරල් ව්‍යවස්ථාව පිළිබඳ දැනුවත් වෙමු ! එරෙහි වෙමු !! පරදවමු !!


ව්‍යවස්ථාවෙන් රට බෙදීම වළකමු !!
මව්බිමට හිතැති සියළු දෙනාට ආරාධනා...
දෙසැ 19 සවස 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයට එන්න .

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions