12/07/2016

අර්ජුනලාගේ නත්තල් ගස් ජෝගිය සහ හඳගමලාගේ 'පිස්සු ටොයි ලොජික්'

කතෘ:යුතුකම     12/07/2016   No comments

-අශෝක හඳගමගේ ටොයි ලොජික්

රුපියල් ලක්ෂ 200ක් වැයකරලා ලෝකේ ලොකුම නත්තල් ගහ මෙහෙ හදන වැඩේට මැල්කම් රංජිත් කාදිනල්තුමා විරුද්ධත්වය පළකළා. එතුමාගේ අදහස වුණේ ඒ මුදලින් දුප්පත් පවුල් කීපයකට නිවාස හදාලා දෙන එක ඊටත් වඩා ඵල ප්‍රයෝජන බවයි. ඊට පස්සේ නත්තල් ගහ හදන එක නතරකර තිබේලු. දැන් ඒකට අශෝක හදගමගේ වාතයාරක්තය කුපිත වෙලා කාදිනල් තුමාගේ ප්‍රකාශයට එරෙහිව ඔහු මුහුණු පොතේ පොඩි ලිපියක් ලියලා තිබුණා. (එම ලිපියද මේ ලිපිය යටින් උපුටා දක්වා ඇත )

හදගම එහි කියා ඇත්තේ මේ නත්තල් ගහ හැදුවා නම් ඒ ඔස්සේ විශාල පිරිසකට ආර්ථික වාසි සැලසෙන බවයි. කාදිනල්තුමා නිසා දැන් ඔවුන්ට විවර වීමට තිබුණ ජීවන මාර්ග ඇහිරී තිබේලු. දැන් හිතන්න වෙසක් එකට
ලක්‍ෂ 200 ක් වැය කරලා ලෝකේ උසම තොරණ ලංකාවේ ගැහුවා නම් හදගම කියනු ඇත්තේ කුමක්ද ? එහෙම නම් අද හදගම කියන්නේ මැල්කම් රංජිත් කාදිනල්තුමා කියන කතාවය. මේ තමයි කන්න ඕන උනාම කබරයා තලගොයා කරන මේ අයගේ කැත ගතිය. ඔවුන් බෞද්ධ සංස්කෘතියට අදාල කාරනා විවේචනය කරනවා ඕක නියම බුද්දාගම නෙමෙයි කියලා. දන්සැල්,තෝරන්, වෙසක් කලාප , පොසොන් කලාප, කරන කොට අපට මුල් බුදු සමය මතක් කරලා දෙන්න ඉදිරිපත් වෙන හදගමලාට ඒ ඔස්සේ කොපමණ පිරිසකගේ ජීවන මාර්ගයක් සුරක්ෂිත වෙනවද කියලා මේවගේ ගණන් බැලීම් නැහැ . 84,000 පහන් පිංකමක් කලොත් අහන්නේ පොල්තෙල් කොච්චර නාස්ති කලාද ඔකද බුද්ධාගම කියලා. එතකොට මේ අයට තිර , හදුන්කුරු මැටිපහන්, නිෂ්පාදකයන්ගේ සිට තෙල් මෝල් හිමියන්ගේ පවුල් දක්වා සැලසෙන ආර්ථික ප්‍රතිලාභ මතක් වෙන්නේ නැහැ.

එක මෝඩයෙක් පහුගිය කාලයේ කිව්වා රැවන්වැලිසෑයත් ගඩොල් ගොඩක් කියලා. ඒ ප්‍රකාශය කලේ හදගම නොවුනත් බෞද්ධ සංස්කෘතිය සම්බන්ධයෙන් හඳගමත් ඒ දෘෂ්ටිවාදයෙන් පිටස්තරයෙක් නෙමෙයි.මේ ඔක්කොම එක මල්ලේ ලුණු කන අය. මේ ලගදී සුනිල් පෙරේරා, සිංහල සක්විති එක්ක හඳගමත් රූපවාහිනියට ගිහින් කතරගම දෙයියන්ට බනින කොට මතක්වුණේ නැත්තේ මොකෝ සෙල්ල කතරගම ඉදලා තෙල් ,මල් හදුන්කුරු , දැහැත් කපුරු , කැවිලි පෙවිලි , පලතුරු වට්ටි ආදී නොයෙකුත් දේ හරහා කොපමණ ජීවන මාර්ගයන් ටිකක් විවෘත්ත වෙලා තියෙනවද කිය එක. මිනිස්සු කී දෙනෙක් මේ කුඩා කුඩා ජීවන මාර්ග වලින් ජීවත් වෙනවද කියන එක.

හඳගම ගෙනෙන කුඩා ජීවනෝපායන් පිලිබන්ද තර්කය සංස්කෘතික කාරණාවල විතරද අදාළ. ඇයි දේශපාලනයට අදාළා නැද්ද? ඔවුන් ජනවාරි 8 ඡන්දයේ ගෙනාපු මාතෘකා අතර එකක් තමයි රාජපක්ෂලා සැණකෙළිමය වැඩ වලට මුදල් නාස්ති කරනවා කියන එක. එතකොට නැටුම් වැයුම් ශිල්පීන්ගේ සිට පෝස්ටර්, කටවුට්, වේදිකා ගහන්නන් දක්වා වන ආර්ථික ප්‍රතිලාභ හඳගමට පෙන්නේ නැත්තේ ඇයි.ඒ කාලේ මොවුන්ගේ හොද අතුරුපසක් වී තිබුනේ අරලිය ගහ මැදුරේ දන්සල් දීම.එතකොට ඉන් සුළු පරිමාණ දේශීය ගොවි ප්‍රජාවට,හෝටල් ක්ෂේත්‍රයේ රැකියා කරන්නන්ට ලැබෙන ප්‍රතිලාභය ගණන් බලන්න හදගමට අමතක වෙන්නේ ඇයි? ඒවටත් මහජන මුදල් වගේම ව්‍යාපාරිකයින්ගේ අනුග්‍රහයත් රාජපක්ෂට ලැබුණා. මේ නත්තල් ගස නිර්මාණය කිරීම ව්‍යාපාරිකයන්ගේ ආධාර ලැබුණත් මුලික වශයෙන් ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව කෙරෙන්නක්. නමුත් නත්තල් ගසෙන් ඉටුවෙන සමාජ ප්‍රතිලාභ ගැන දොඩවන හඳගමලාට මහින්ද කරන වැඩකින් හෝ බෞද්ධ සංස්කෘතිකාංගවලින් නොපෙනීමේ පාදඩ ස්වරුපය තමයි අපිට තියෙන ප්‍රශ්නය. කෙළින්න ඕන වුණාම ඒ ගොල්ලන්ට ඕන ඕන විදිහට තියරි මාරු වෙන හැටි දැන් පහත ඔහුගේ ලිපියෙන් කියවන්න.

-රත්තනදෙණියේ මේධානන්ද හිමි

හඳගමගේ ලිපිය >>
මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා තිබෙයි. දැන් මාර සල්ලියක් රටේ ආර්ථිකයට ඉතුරු වී ඇත. එය දුප්පතුන් අතරේ බෙදා දිය හැක. හෙට සිට ඒ නිකං සල්ලි ගත් අය පොහොසත් වනු ඇත. මැල්කම් රංජිත් කියන්නේ 'බොරු වියදම් එපා. දුප්පතුන්ට සල්ලි දෙන්න කියාය." දුප්පතුන් ට නිකන් සල්ලි දුන් විට ඔවුන් සවර්ගස්ථ වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් කල සේවයට කාදිනල් තුමාව නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කල හැකිය.

මා වෙසක් එකට වෙසක් කූඩු ගෙදර නොසාදා මිල දී ගෙන පත්තු කරන්නේ වෙසක් සමයට වෙසක් කූඩු හදා විකුණා කීයක් හරි හොයා ගන්නා කෙනෙකුට උදවුවක් ලෙසටය. නත්තලට නත්තල් සැරසිල්ලක් කරන්නේද ඒ අරමුණ ඇතිවයි. පසුගිය වෙසක් සමයේ මා වෙසක් කූඩු මිලදී ගන්නට යද්දී මහා ධාරානිපාත වර්ෂාවක් අද හැලිනි. පාර අයිනේ වෙසක් කූඩු විකුණන අයගේ මුහුණු වැහි වලාවටත් වඩා අඳුරු වනු දුටිමි. වෙසක් එකට කීයක් හරි හොයා ගන්නා බලාපොරොත්තුවද දියවී ගිය පසු පොඩි දරුවන් ද සමඟ වැස්සේ දියවුණු වෙසක් කූඩු දෙස බලා සුසම් හෙලන කූඩු වෙළෙන්දන් ගේ පපුවේ ගිනි ඇවිලෙනු මුහුණු වලින් දිස්වුනි. නත්තලට, අලුත් අවුරුද්දට, වෙසක් එකට, නුවර පෙරහැර කාලයට, මඩු වන්දනා සමයට, යාපනේ නල්ලුර් පූජා කාලයට, මොනවා හෝ යමක් විකුණා ජීවත් වන මිනිසුන් දහස් ගණන් සිටියි.

නත්තල් ගසට වියදම් යන බව ඇත්තය. ඒ ඉදිකිරීම් වෙනුවෙන් අනුග්‍රාහකයින් වියදම් කරනු ඇත. ඒ ඔවුන් උපයන ලාභයෙන් කොටසකි. ඒත් නත්තල් ගස නොහැදුවා කියා ඒ අනුග්‍රාහකයින් ඒ සල්ලි නිකං මිනිස්සුන්ට බෙදන්නේ නැත. නත්තල් ගස තිබුනා නම් ඒ වටා ඇතිවන කුඩා කුඩා ආර්ථික ක්‍රියාකාරකම් කිසියම් පිරිසකගේ එදිනෙදා ජීවින බරට රුකුලක් වනු ඇත. මේ නත්තල් ගස නරඹන්නට එන්නේ කිතු බැතිමතුන් පමණක් නොවෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම් අයද එනු ඇත. ජාති ආගම් වාද වසංගත සේ පැතිරෙන මේ යුගයේ එය එක්තරා සංහිඳියා අදහසක් රෝපණය කරනු ඇත. එය මුදලින් මිනිය නොහැකි සමාජ ප්‍රතිලාභයකි.

මේ ලොකුම නත්තල් ගස ඉලක්ක කර නොයෙකුත් අන්දමේ ආර්ථික ක්‍රියාකාරකම් සැලසුම් කල මහා කොම්පැනි කාරයන් නොවන දහස් ගණන් දෙනා සිටින්නට ඇත. ත්‍රී වීල් රියදුරන්, අයිස්ක්‍රීම්, සරුවත්, ෆලූඩා වෙළෙන්දන්, කුත්තු රොටී කරුවන්, පුංචි පුංචි අරුමෝසම් වෙළෙන්දන්, වීදි කලා කරුවන් ආදී මෙකී නොකී සියලු දෙනා ගේ නත්තල් සිහිනයට මැල්කම් රන්ජිත් වෙඩි තබා ඇත. 'බැලුම්ගල හෙලිදරුවෙන් පසුව ලෝකයේ ලොකුම නත්තල් ගසේ ඉදිකිරීම් නවතියි' කියා නෙත් ප්‍රවෘති කියන්නා උද්දාමයෙන් වාර්තා කරනු ඇසිනි. දැන් මේ සියලු දෙනාට නින්ද යනු ඇත. නත්තල් දා රෑට සිහිනෙන් බියවී නැගිටිනු ඇත්තේ මේ වටා තම ආර්ථික කටයුතු සැලසුම් කල කුඩා ව්‍යවසායකයින් ය."


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions