12/05/2016

"රට බෙදන ව්‍යවස්ථාව හකුළාගන්න" මල්වත්තට නොපෙනෙන අනතුර ගැටඹ පන්සලට මනාව පෙනේ..

කතෘ:යුතුකම     12/05/2016   No comments

-නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යද?
කැප්පිටියාගොඩ සිරිවිමල මහා ස්‌ථවිර

ජනාධිපතිතුමනි, සංහිඳියාව යන්නද අද රටට ජාතියට බරපතළ උවදුරකි. උතුරු නැඟෙනහිර සිංහලයන් පළවාහරින්න යම් යම් බලවේග ක්‍රියාකරන නමුත් සංහිඳියාව යන මායාවෙන් ඒවා වැසී තිබෙනවා. මේ රාජ්‍ය නොවන සංවිධානවලට සංහිඳියා වැඩපිළිවෙළ නොපවරන්න. එය මේ රටේ මහා සංඝයාට පවරන්න. මේ රටේ මුස්‌ලිම්වරු අතීතයේ සිට ඇසුරු කළේ භික්‌ෂුන් වහන්සේය. රජමහා විහාරවල ඉඩකඩම්වල පදිංචි වීමට ඔවුන්ට ඉඩ හැරියා. පල්ලි හදන්න මාලිගාවේ ඉඩම් පවා ලබා දී තිබෙනවා. එසේ නම් සංහිඳියාවට සැබෑ සුදුස්‌සන් වන්නේ මහා සංඝයා නොවේද?

මේ රටට නවතම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක කිසිම අවශ්‍යතාවයක්‌ නොමැතිව තිබිය දී රජයේ ඇතැම් අය නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමට දැඩි උත්සාහයක යෙදී සිටින්නේ ඇයි? මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත්වන විට බොහෝ අය චෝදනා කළේ එතුමන් දෙමළ ඩයස්‌පෝරාවේ ඕනෑ එපා කම් ඉටු කිරීමට ඔවුන් සමඟ ගිවිසුම් ඇති කර ගෙන බලය ඉල්ලන බවටයි. තිස්‌ස අත්තනායක මහතා සිය ලේකම් ධුරයද අතහැර එක්‌සත් ජාතික පක්‌ෂයෙන් එළියට බැස්‌සේ බෙදුම්වාදීන් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ගිවිසුමක්‌ අත්සන් කර ඇති බවට චෝදනා කරමින්ය. එදා මැතිවරණ වේදිකාව අමතමින් වික්‍රමසිංහ මැතිතුමාත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් පවසා සිටියේ තමන් කිසිවෙකු සමඟ ගිවිසුම්ගතව නැති බවයි. ඒත් තිස්‌ස අත්තනායක මහතා අදත් උසාවි ගෙනියන්නේ නැති ගිවිසුමක්‌ ගැන වැරදි ප්‍රකාශයක්‌ කළ නිසා බව නොරහසකි. එහෙත් දැන් සිදුවේගෙන යන්නේ කුමක්‌ද? තවමත් කෙටුම්පතක්‌ පමණයි කියමින් ලහි ලහියේ සූදානම් වන්නේ රට කැබලිවලට බෙදන ෆෙඩරල් ක්‍රමයක්‌ යෝජනා කිරීමට නොවේද? ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපති යුගය පිළිබඳ අපට ඇති අත්දැකීම් අනුව අග්‍රාමාත්‍යතුමා ද දන්නා පරිදි 'කළගෙඩි ලාම්පු' සෙල්ලමට සරිලන දෙයක්‌ මගින් ජනමත විචාරණයකින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමට යත්න දැරීමක්‌ තිබේ දැයි සැක සංකා පහළ වී තිබේ.

බෙදුම්වාදයට උඩගෙඩි දෙන ඇතැම් අධිනීතිඥවරු, ආචාර්යවරු, මහාචාර්යවරු උත්සාහ දරන්නේ ෆෙඩරල් ක්‍රමයක්‌ කරා රට ගෙන යැමට නොවේද? මේ අය රට ගැන කැක්‌කුමක්‌ ඇති අය නොවෙයි. මේ අය මේ රටේ පොදු ජනතාව ආදරය කරන අය ද නොවේ ප්‍රායෝගික නොවන එවන් ආතක්‌ පාතක්‌ නැති න්‍යායාචාර්යවරුන්ගෙන් රටට පැහැදිලි විසඳුමක්‌ ලබා ගත නොහැකිය. ඒ අය කලක්‌ තිස්‌සේ මේ රටේ ඓතිහාසික උරුමකරුවන්ට එරෙහි බලවේග විසින් තාන්න මාන්න අපේක්‌ෂාවෙන් රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවා ගෙන පටු ආකල්ප මත ක්‍රියා කරන අයයි. රජය ද උපදෙස්‌ ගන්නේ මෙවන් රට ජාතිය ආගම ගැන කැක්‌කුමක්‌ නැති නරුම උපදේශකයින්ගෙන් වීම කනගාටුවට කරුණකි.

මේ රටේ මහා සංඝයා ඇතුළු දේශප්‍රේමීන් මේ තීරණාත්මක අවස්‌ථාවේ කළ යුත්තේ අලුතෙන් නිර්මාණය කෙරෙමින් පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිටුදැකීමයි. ඉඩම් බලතල, පොලිස්‌ බලතල, අධිකරණමය බලතල පළාත් සභාවලට පැවරීමෙන් බරපතළ අනතුරත් සිදු වීම නොවැලැක්‌විය හැකි කාරණයකි. ටී.එන්.ඒ. නායකයා ෆෙඩරල් ගැන බිය නොවන ලෙසත් එයින් රට කැඩීමක්‌ සිදු නොවන බවටත් සිංහල ජනතාවට දන්වා සිටියි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කළොත් අනිවාර්යයෙන්ම ෆෙඩරල් පාලනයක්‌ ඉල්ලන බවට උතුරේ මහ ඇමැති විග්නේශ්වරම් මැතිතුමා පවසා සිටියි. ඔවුන්ට අනුව ෆෙඩරල් ක්‍රමය රටේ එAකීයත්වයට බාධාවක්‌ නැති ක්‍රමයක්‌ නම් ෆෙඩරල් ඉල්ලා හඬන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුතුය. මේ නැති ප්‍රශ්න ඇති කරන්නේ කවරෙක්‌ද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යයයි කියන භඨධ කාරයෝ නොවේද? නව රජය තුළ ෆෙඩරල්වාදීන් බහුලව ඇති බව පෙනී යයි. අනවශ්‍ය ෆෙඩරල් කැක්‌කුමක්‌ ඇත්තේ ඔවුන්ට ය.

ජනාධිපති තුමනි, 2014 ජනවාරි 8 වැනි දින අපි ඡන්දය දුන්නේ ෆෙඩරල් කාක්‌කන්ට නොවේ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි. අපි හැමෝම එතුමා විශ්වාස කළෙමු. ගරු ජනාධිපතිතුමනි, එබැවින් ඔබතුමා මේ රටට වගකිව යුතුයි. ජනාධිපති තනතුර ලැබීම ගැන අප සතුටු වුවත් දැන් දැන් ඔබතුමන් යන ගමන ගැන අපට ඇත්තේ බරපතළ සැකයකි. අපගේ ඉල්ලීම වන්නේ ඔබතුමා මේ නරුම කේවට්‌ටයන්ගේ උපදෙස්‌ මත ක්‍රියා නොකළ යුතු බවය. රට දැය සමයට හිතැති මහා සංඝයා හමුවී උපදෙස්‌ ගන්න. හැමදාම මේ රට රැක ගත්තේ ජාතියේ මුර දේවතාවුන් වන මහා සංඝරත්නයයි. මේ රටේ ඉතිහාසය පුරාම වරින් වර රට පාවා දෙන්නන් බිහිවී තිබෙනවා. අනුරාධපුර පොළොන්නරු යුග වලදීත්, සීතාවක, මහනුවර යුග වලදීත් රජුට ළංවි රටට ද්‍රෝහිකම් කළ අය නිසා රටට සිදු වූයේ බරපතළ විපත් බව පෙන්වා දිය යුතුයි.

රට එක්‌සේසත් කළ දුටුගැමුණුට එරෙහිව එළාර සමඟ දේශීය ෙද්‍රdaහීන් එකතු වී සිටියා. ලාභ, ලෝභ තාන්න මාන්න අපේක්‌ෂාවෙන් පෘතුගී්‍රසි, ලන්දේසි, ඉංග්‍රිසි පාලන යුග වලදී ද ඇතැම් ද්‍රෝහී සිංහලයෝ රටට ජාතියට ෙද්‍රdaහීව කටයුතු කළා. පසු කාලයේ ඇතැමුන් පෘතුගීසීන් රට හැර ගොස්‌ අවුරුදු 500 ගිය තැන ඔවුන්ගේ පාලන සමය සමරන්නත් උත්සාහ කළ අන්දම ද සිහිපත් කළ යුතුයි.

ජනාධිපතිතුමනි, ඔබතුමා මාධ්‍ය මගින් කරන ප්‍රකාශන දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු. ඒවා බලන විට මේ රටේ සක්‍රීය රාජ්‍ය නායකයා කවරෙක්‌ ද යන්න පවා තේරුම් ගැනීමට අපහසුය. රට කරන්නේ ඔබතුමා නොවේද? ඔබතුමා වරින් වර මාධ්‍ය මගින් පළකරන සෘජු අදහස්‌ ගැන ජනතාව තුළ විශ්වාසය පළුදු වී තිබේ. වැට්‌ බද්ද, පරිසර විනාසය, රණවිරුවන් අධිකරණයට දක්‌කා ගෙන යාම, ආබාධිත රණවිරුවන්ට පහර දීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් අභීත ප්‍රකාශ සිදු කිරීම ගැන කවුරුත් සතුටු වුණා. ඒ හැම මොහොතකම රජයක්‌ විදියට තීන්දු තීරණ ගන්නා බව කියමින් ජනතාව නොමඟ යවන බව බොහෝ අයගේ මතය වී තිබේ.

එමෙන්ම ඔබතුමා සත්‍ය දකින්නේ පුවත්පත්වලින් බවට ජනතාව කරන චෝදනා නායකයෙකුට නුසුදුසුය. සියලු තීන්දු තීරණ ගැනීමට පෙර රටේ ජන නායකයා දැන සිටිය යුතු බව අපේ විශ්වාසයයි. ඇතැමුන් පවසන්නේ මහජන උද්ඝෝෂණයන් පැන නගින විට එය යටපත් කිරීමේ උපක්‍රමයක්‌ ලෙස ඔබතුමා මැදිහත්වන බවයි.

මේ දිනවල ඔබතුමා පුවත්පත්වලට දොස්‌ නගමින් ආණ්‌ඩු පෙරළීම විවේචනය කිරීම, රටට අහිතකර පුවත් වාර්තා කරන පත්තර මුල් පිටු පිළිබඳව අදහස්‌ පළ කරනවා. ඇත්තම කාරණය නම් ඔබතුමා කළේත් ඒ දෙයමයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නිර්මාණය කළේ ද පත්තරකාරයෝ හා විද්යුත් මාධ්‍යයන්ය. ආණ්‌ඩු පෙරලුවෝද ඔවුහුමය. මා දකින විදියට මේ වකවානුවේ පතAතරකාරයෝ රටේ පවතින අසාධාරණකම් හා අයුක්‌ති සහගත දේ පිළිබඳව ඉතා සියුම්ව විමර්ශනාත්මකව පෙන්වා දේ. මාධ්‍යකාරයෝ හැටියට ඔවුන් විසින් එය හැර කුමක්‌ කළ යුතුද? සියල්ලටම එහෙයි කියන පාර්ලිමේන්තු නියෝජිතයෝ මෙන් මාධ්‍යකාරයෝත් සිටියා නම් රටට, දෙයියන්ගේම පිහිටය. එබැවින් මාධ්‍ය මර්දනය පිළිබඳව රජයේ ඇතැමුන් තුළ පවතින අදහස, තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධාවක්‌ බව පෙන්වා දිය යුතුය.

ජනපතිතුමනි, අගමැතිතුමනි මේ රට අවුල් සහගත තත්ත්වයකට පත් වෙමින් පවතී. පෙර නොවූ විරූ අන්දමින් ජනතාව අද දැඩි අසහනයකින් පසුවෙති. ආණ්‌ඩුව කරන බෙහෝ දේ රටට හිතකර නැති බව පෙනෙයි. මහජනතාව වරින් වර පාරට බහින්නේ, උද්ඝෝෂණ කරන්නේ ඒ නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන නිසා නිදහස අයුතු ලෙස භාවිත කරන බව ඇතැමුන් පැවසුවත් එය එසේ වන්නේ අසහනය නිසාය. මහජනතාව අතෘප්තිකරයි. සුළු පිරිසක්‌ සතුටු කරන්න රජය දැවැත්න උත්සාහයක යෙදෙන බව පෙනේ. අද උතුරේත් නැඟෙනහිරත් තත්ත්වය භයානකය. වෙහෙර විහාර කඩා බිඳ දමමින් සිංහල ජනතාවත් මහා සංඝයාත් උතුරු නැඟෙනහිරින් පළවා හැරීමේ උත්සාහයක්‌ තිබේ. පුරාවස්‌තු භූමි ඩෝසර් කරති. මේවා පෙන්වා දෙන විට ඔවුන්ගේ ක්‍රියා පුංචි දරුවන් කරන වැරදි විදියට දැක නායකයෝ ඉවත බලා ගනිති. ලොව ඕනෑම රටක එහි උරුමකරුවන්ට ප්‍රධානත්වයක්‌ හිමි වේ. එහෙත් මේ රටේ උරුමකරුවෝ අන්ත අසරණ දුගී තත්ත්වයට පත්වී පීඩා විඳිති. මේ රටේ සුළු ජනතාව උපරිම වරප්‍රසාද භුක්‌ති විඳිති. ලොව මොන රටේ ද මෙවැන්නක්‌ සිදුවන්නේ? මෙම අඩුපාඩු පෙන්වා දෙන අය ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීම බරපතළ ගැටලුවකි.

රජය ඇතැම් විට සත්‍ය යටපත් කිරීමේ උත්සාහයක යෙදී සිටින්නේ ඇයි? එළඹෙන ප්‍රශ්න ජාති, ආගම්, කුලමල නොතකා ප්‍රසිද්ධියේ විවෘතව සාකච්ඡා කොට තීරණ ගත යුතු නොවේද? මාධ්‍යයට තර්ජනය කිරීමෙන් තොරතුරු වසන් කිරීම හරිද? ආණ්‌ඩුක්‍රම ව්‍ය
ස්‌ථාවක්‌ යනු රටේ වැදගත්ම ලියවිල්ලයි. රටේ ඉරණම රඳා පවතින්නේ එය මතයි. ඉදිරියේ දී එය විවේචනය කරන අය නිහඬ කිරීමට අත්අඩංගුවට ගැනීමට නීති සකසමින් සිටින බවක්‌ පෙනෙයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් මේ රටේ ජනතාව මෙවන් තත්ත්වයක්‌ අපේක්‌ෂා කළේ නැත.

ජනාධිපතිතුමනි, සංහිඳියාව යන්නද අද රටට ජාතියට බරපතළ උවදුරකි. උතුරු නැඟෙනහිර සිංහලයන් පළවාහරින්න යම් යම් බලවේග ක්‍රියාකරන නමුත් සංහිඳියාව යන මායාවෙන් ඒවා වැසී තිබේ. මේ රාජ්‍ය නොවන සංවිධානවලට සංහිඳියා වැඩපිළිවෙළ නොපවරන්න. එය මේ රටේ මහා සංඝයාට පවරන්න. මේ රටේ මුස්‌ලිම්වරු අතීතයේ සිට ඇසුරු කළේ භික්‌ෂුන් වහන්සේය. රජමහා විහාරවල ඉඩකඩම්වල පදිංචි වීමට ඔවුන්ට ඉඩ හැරියා. පල්ලි හදන්න මාලිගාවේ ඉඩම් පවා ලබා දී තිබෙනවා. එසේ නම් සංහිඳියාවට සැබෑ සුදුස්‌සන් වන්නේ මහා සංඝයා නොවේද? සංහිඳියාවට එරෙහි වන්නෝ කවුරුන්ද? රජය මේ දේ වටහා ගත යුතුයි. අධිකරණ අමාත්‍ය විඡේදාස රාජපක්‌ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ දී මේ රටේ ඉදිරි අනාගතයේ දී මුහුණ දීමට සිදුවිය හැකි භයානක ෂීෂී ත්‍රස්‌ත අනතුර ගැන සඳහන් කළා. එසේනම් සිදුවිය හැක්‌කේ කුමක්‌ද? නයිජීරියාවේ බොකෝහරාම්වරු එම රටේ වෙනත් ආගමිකයන් දහස්‌ ගණන් ඝාතනය කළා. සමහරු බලෙන් ආගමට හරවා ගත්තා. එබැවින් මේ රටේ හෙට දිනය සංහිඳියාවෙන් ගත කළ හැකි වෙයිද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සැකසීමේ දී මෙවන් භයානක උවදුරුවලට පවා වටා පිටාව සැකසෙනු නියතය. කැඩුණු 'බිඳුනු' වෙන්වන පාලන තන්ත්‍රයක්‌ තුළ ආරක්‌ෂක හමුදාවකට එවන් අනතුරකට මුහුණ දීමට නොහැකි වනු නියතය.

මේ අවස්‌ථාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීම නොකළ යුතුය. මේ රටේ ෙත්‍රෙනිකායික මහා සංඝයා නිහඬව නොසිට පෙරමුණ ගෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නැති බවට රජයට බලපෑම් කළ යුතුය. පවත්නා ව්‍යවස්‌ථාව තුළ සංශෝධන ඇතුළත් කර ගැනීම ප්‍රමාණවත් බව පෙන්වා දිය යුතුය. ජනාධිපතිතුමා ද මේ මොහොතේ කළ යුත්තේ දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණකරුවන්ගේ යටි උගුල් සක්‍රියව ඇති බැවින් ව්‍යවස්‌ථා සම්පාදනය පසෙකට දමා රටේ ආර්ථිකය ගොඩනැඟීමට කැපවී ක්‍රියා කිරීමයි. එමෙන්ම ඔබතුමා නිවැරැදි තීරණ තින්දු නොගත්තොත් රටට මහා විපතක්‌ සිදුවීම ද වැලැක්‌විය නොහැකිය. අගමැතිතුමා ද පොදු මහජනතාවගේ අදහස්‌වලට එකඟව රටට හිතැති තීරණ නොගන්නා අයෙක්‌ බව මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියෙන් පැහැදිලි වේ. මහ බැංකුවේ අධිපති ධුරය විදේශිකයකුට පැවරීම නිසා අද වන විට කෝටි ගණනක්‌ රටට අහිමි වී තිබේ. එබැවින් මේ මොහොතේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීමට සුදුසු වාතාවරණයක්‌ පාර්ලිමේන්තුව තුළ ද නැති බව පෙනී යයි. එබැවින් ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමෙන් සිදුවිය හැකි විපතේ වගකීම ඔබතුමා පිට පවරා අන් අය සුදනන් වීමට යත්න දැරීමට ඉඩ තිබේ. එබැවින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සැකසීමේ උත්සාහය ඉවත දමන ලෙස ඉතා ඕනෑකමින් සිහිපත් කිරීමට කැමැත්තෙමි.
කැප්පිටියාගොඩ සිරිවිමල මහා ස්‌ථවිර යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions