12/28/2016

ආණ්ඩුව යෝජිත ව්‍යවස්ථාවෙන් පළාත් ආණ්ඩුකාර බලතල කපන්නේ රට 9 ට බෙදන්නයි. - හේමකුමාර

කතෘ:යුතුකම     12/28/2016   No comments

ආණ්‌ඩුකාර බලය කප්පාදු කරන්න හදන්නේ ඒකීයභාවය බිදින්න
-දකුණු පළාත් ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් වත්මන් ව්‍යවස්‌ථාව යටතේ පළාත් ආණ්‌ඩුකාරවරුන්ට හිමි විය ඇති බලතල කප්පාදු කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇත. ඒ පිළිබඳව දකුණු පළාත් ආණ්‌ඩුකාර, මව්බිම ජනතා පක්‍ෂයේ නායක ආචාර්ය හේමකුමාර නානායක්‌කාර මහතා ගේ ස්‌ථාවරය පහත පරිදි වේ.

ප්‍රශ්නය - මේ මොහොත වන විට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. එම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හරහා දැනට ආණ්‌ඩුකාරවරුන්ට හිමිවී ඇති බලතල සීමා කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් වාර්තා වෙනවා.
දැනට ආණ්‌ඩුකාරවරුන්ට හිමිවී ඇති බලතල සීමාකිරීමට ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?


පිළිතුර - අලුත් ව්‍යවස්‌ථාව යටතේ පළාත් ආණ්‌ඩුකාරවරුන්ට හිමි වී ඇති බලතල අඩු කළ යුතුය කියන යෝජනාව පළමුවෙන්ම ගෙනාවේ උතුරු පළාත් සභාව. උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායකයත් මෙකට හවුල්. ඒ එක්‌කම ජාත්‍යන්තරයෙන් මුදල් ලබන සංවිධාන කිහිපයක්‌ මෙම වැඩපිළිවෙළේ බොහොම වේගයෙන් ක්‍රියාත්මක වනවා. මෙම සංවිධාන විශාල වශයෙන් මුදල් වියදම් කරල ලොකු හෝටල්වල සාකච්ඡා, සම්මන්ත්‍රණ පවත්වනවා. පළාත් සභාවල මහ ඇමැතිල ගෙන්වනවා. ආණ්‌ඩුකාරවරුන්ටත් එන්න කියල තිබුණා. මට නම් යන්න බැරි වුණා. නමුත් වෙන අය ගිහින් තිබෙනවා. ඒ අය ආණ්‌ඩුකාරවරයාගේ බලතල අඩු කරන්න කියල කියන්නේ ඒක යටි අරමුණක්‌ තබාගෙන. ඒ අරමුණ තමයි පෙඩරල් ක්‍රමයකට රට ගෙනියන එක.

ඒකීය රටක්‌ ලෙස ලංකාවේ ලොකු බලයක්‌ තිබෙන්නේ ජනාධිපතිතුමාට. ආණ්‌ඩුකාර-වරුන් කියල කියන්නේ ජනාධිපතිතුමා විසින් පත් කරන ලද නියෝජිතයන් ජනාධිපතිවරයා සතු බලතල එතුමා විසින් ආණ්‌ඩුකාරවරුන්ට ලබාදී තිබෙන්නේ ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කිරීම සඳහායි. එසේ නම් පෙඩරල් රාජ්‍ය ක්‍රමයක්‌ ගෙන එන්න කැස කවන කණ්‌ඩායම උත්සාහ කරනව ආණ්‌ඩුකාරවරයාගේ බලය කප්පාදු කිරීම සඳහා ආණ්‌ඩුකාරවරයාගේ බලය කප්පාදු කළහොත් රටේ ඒකීය ස්‌වරූපය ගිලිහිලා ජනාධිපතිවරයාගේ නියෝජිතයාගේ බලතල ගිලිහෙන කොට, පළාත් සභා, පළාත් ආණ්‌ඩු බවට පත් කරගැනීමයි මොවුන්ගේ උත්සාහය.

ඉන්දියාවේ ආණ්‌ඩුකාරවරුන්ගේ සංසදයක්‌ තිබෙනවා. අපි ඒ පිළිබඳව අධ්‍යයනය කළා. එහිදී අපට පැහැදිලි වූවා ලංකාවේ ආණ්‌ඩුකාරවරුන්ගේ බලතලවලටත් වඩා වැඩි බලතල ඉන්දියාවේ ආණ්‌ඩුකාරවරුන්ට තිබෙන බව. ඉන්දියාවේ ආණ්‌ඩුකාරවරුනුත් ලංකාවේ වගේම පත්කරනු ලබන අය. එම රටේ තිබෙන්නේ පළාත් සභා නොවෙයි, පළාත් ආණ්‌ඩු. එසේ තිබියදීත් ලංකාවේ ආණ්‌ඩුdකාරවරයකුට වඩා බලතල ඉන්දියාවේ ආණ්‌ඩුකාරවරයකුට තිබෙනවා.

ඒ අනුවත් පැහැදිලි වනවා ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල අඩු කිරීම ගුණ්‌ඩුවක්‌ බව. පෙඩරල් ක්‍රමයක්‌ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලිකම දේ තමයි ආණ්‌ඩුකාරවරයාගේ බලතල කප්පාදු කිරීම. එය කර ගැනීමට හැකි වුවහොත් ෙµඩරල් රාජ්‍ය 9 ක්‌ ගොඩඟගා ගැනීමට හැකි වෙනවා.

ඒ සඳහා යටින් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධාන සහ රටේ අයිතිය විකුණන අපේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ වෙනත් අයගේ අදහස රටින් බැහැරව සිටින දෙමළ ඩයස්‌ පෝරාවට, ඇතැම් ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් වල අවශ්‍යතාව අනුව පෙඩරල් ක්‍රමයක්‌ හඳුන්වාදීල ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගැනීම. ඔවුන් එම මුදල් ලබාගැනීම සඳහා මෙරට ඒකීය ව්‍යqහය දෙදරවා දැමීමට උත්සාහ කරනවා. ඒ සඳහා තමයි මූලික වශයෙන් ම ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල කප්පාදු කරන්න හදන්නේ.

ප්‍රශ්නය - ආණ්‌ඩුකාරවරයා සතු බලතල කප්පාදු කිරීම පිළිබඳව සෙසු පළාත්වල ආණ්‌ඩුකාරවරුන්ගේ ස්‌ථාවරය කුමක්‌ද? මේ කාරණය පිළිබඳව ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළාද?

පිළිතුර - තවම ජනාධිපතිතුමා මුණගැසුණේ නෑ. නමුත් ආණ්‌ඩුකාරවරුන්ගේ සංසදය වශයෙන් අපි 9 දෙනා මුණගැසෙනවා. ඒ එක්‌කම පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල කප්පාදු නොකළ යුතු බව දැඩි ලෙස ප්‍රකාශ කරනවා. ඒ රටේ ඒකීය භාවය පිළිබඳව කල්පනා කරන අය.

එහෙත් ඒකීය පාලන ක්‍රමයෙන් මිදිල, පෙඩරල් පාලන ක්‍රමයකට යන්න කැස කවන අය තමයි ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල කප්පාදු කිරීමට යෝජනා කරන්නේ. මේ ලණුවට ඇතැම් මහ ඇමැතිවරුනුත් අසුවී සිටිනවා. ඔවුන්ට සීනි බෝලයක්‌ දීල තිබෙනවා. ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයන් තමයි ඒව කරන්නේ.

මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයන් යෝජනා කරනවා ජනාධිපතිතුමා, මහ ඇමැතිවරයාගෙන් විමසා ඔහු කැමැති කෙනකු ආණ්‌ඩුකාරවරයා ලෙස පත් කළ යුතු බව. එතකොට එම ආණ්‌ඩුකරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයකු වන්නේ නෑ. අපි හිතමු, දැන් සිටින්නේ සභාග ආණ්‌ඩුවේ ජනාධිපතිවරයෙක්‌, උතුරේ මහ ඇමැතිවරයා වෙනත් පක්‍ෂයක නියෝජිතයෙක්‌, ජනාධිපතිවරයා ඔහුගෙන් විමසා ආණ්‌ඩුකාරවරයා පත් කළ හොත් ඇති වන තත්ත්වය කුමක්‌ද? එතකොට ඇතිවෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ තත්ත්වයක්‌ තමයි. ඔයිට වඩා හොඳයි ඔය යෝජනාව කරන අය ආණ්‌ඩුකාරවරයා ලෙස මහ ඇමැතිතුමාගේ බිරිඳම පත් කරන ලෙස යෝජනා කළා නම්. මේ සූදානම් වන්නේ ඔවුන්ගේ අතකොලුවක්‌ බවට ආණ්‌ඩුකාරවරයා කරගන්න.

එහෙත් ඇතැම් මහඇමැතිවරු මේ ලණුව ගිලල. ඔවුන් සිතනවා ඔවුන්ගේ බල අධිකාරිය වැඩි වේවි කියලා. නමුත් ඒක වෙන්නේ නෑ.

මේ රට ඒකීය රටක්‌. එය තවදුරටත් ඒකීය රටක්‌ ලෙස පැවතිය යුතුයි. නමුත් කුමන්ත්‍රණකාරී කණ්‌ඩායම ප්‍රකාශ කරල තිබෙනවා, පෙඩරල් යන වචනය පාවිච්චි නොකර පෙඩරල් ක්‍රමයකට යා යුතු බව. මගේ ළඟ තිබෙනවා ඔය සංවිධාන ප්‍රකාශයට පත් කළ පොත්. ඒ වගේම තිබුණ වැඩ මුළුවල ඔක්‌කොම විස්‌තර තිබෙනවා. අපි ඒවා අධ්‍යයනය කරල තිබෙනවා.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ජනතාවගේ අදහස්‌ විමසූ ලාල් විඡේනායකගේ වාර්තාව අපි අධ්‍යයනය කළා. මට පෙනෙනවා ඒ වාර්තාව සැකසීමත් අලි පුස්‌සක්‌ කියලා. කිලිනොච්චියට ගියහම කාන්තා සංවිධානයකින් ප්‍රකාශ කරල තිබෙනවා සිංහ කොඩිය අයින් කරන්න කියලා. මන්නාරම් සංවිධානයකින් ප්‍රකාශ කරල තියෙනවා ජාතික කොඩියේ සිංහයා අයින් කරන්න කියලා. ඒ අනුව අපි හිතමු දකුණේ අන්තවාදීව හිතන කෙනකු යෝජනා කරනවා කියල නව ව්‍යවස්‌ථාවෙන් දකුණේ සිටින දෙමළ සහ මුස්‌ලිම් අය එම පළාතෙන් ඉවත් විය යුතුය කියලා. ඒ වගේ අන්තවාදී අප්‍රයෝගික අමනෝඥ යෝජනා තමයි කිලිනොච්චියේ දී සහ මන්නාරමේදී යෝජනා වී තිබෙන්නේ.

මිනිසුන් කියන කියන දේ වාර්තාවකට ගන්න තරම් ලාල් විඡේනායක කොමිසම දුර්වල වෙනවා නම්, මම හිතන්නේ එම කොමිසම තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්aට කරල නෑ. ලාල් විඡේනායක කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක්‌. නීතිඥයෙක්‌a. එයාට බලන්න තිබුණා සන්සෝනි කොමිසම කොහොමොද කටයුතු කළේ කියල. හිටපු අග්‍ර විනිශ්චයකාරවරයකු වූ එම්. සී. සන්සෝනි මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක්‌ පත් කළේ යළිත් සිංහල - දෙමළ කෝලාහල ඇති නොවීමට කළ යුතු දේ නිර්දේශ කිරීමට. ශිෂ්‍යයෙක්‌ව සිටි අවධියේදී මම එය බලන්න ගියා. සන්සෝනි මහතා යුක්‌තිය පසිඳලන නඩුකාරයකු සේ එක්‌ එක්‌ පුද්ගලයාගෙන් කරුණු විමසා අන්තර්ගතයත් විමසා අසාධාරණයක්‌ සිදුවූ අවස්‌ථා තිබෙනවා නම් ඒවා සටහන් කළා. අවසානයේදී නැවත සිංහල දෙමළ කෝලාහල ඇති නොවීම සඳහා කළ යුතු දේ නිර්දේශ කළා. එසේ නොමැතිව සන්සෝනි මහතා හැම බහුභූතයක්‌ ම වාර්තාවට ඇතුළත් කළේ නෑ.

නමුත් ලාල් විඡේනායක මහතා ඇතුළු කණ්‌ඩායමේ වාර්තාව ඇත්තටම සාර්ථක නැහැ.

ප්‍රශ්නය - මෙම ප්‍රශ්නය පිළිබඳව උතුරේ මහඇමැති විග්නේශ්වරම් මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්‌ථාවක්‌ ලැබුණා ද?

පිළිතුර - උතුරේ මහඇමැතිතුමා හමුවූයේ නැහැ. ඒ මහතා අපේ පවුලටත් සම්බන්ධයිනේ. එතුමා මම අඳුරන්නේ මට අවුරුදු 12 සිට. අපේ ලොකු අයියා වූ වාසුදේව නානායක්‌කාරගේ ළඟම යාළුවෙක්‌. ඉස්‌සර අපේමහ ගෙදරට එනවා. එම නිසා කුඩා කාලයේ සිටම ඇසුරු කර තිබෙනවා. පසුකාලීනව තමයි ආවාහ - විවාහ කටයුතු සිද්ධ වූයේ.

මට පෙනෙන විධියට නම් උතුරේ මහ ඇමැතිවරයා ජාතිවාදය ඇඟේ ආරෝපනය කරගෙන සිටින පුද්ගලයෙක්‌. මම දන්න විග්න්ශේෂ්වරම් මහතා නම් ජාතිවාදියෙක්‌ නොවෙයි. නමුත් බලයේ, රැඳී සිටීම සඳහා ඩයස්‌පෝරාවේ වුවමනාව මත ඇඟේa ජාතිවාදය ආරෝපනය කරගෙන අමුතු චරිතයක්‌ වෙන්න හදනවා. බලයේ රැඳී සිටීම සඳහා අමුතු ඇඳුමක්‌ ඇඳගෙන මේ කරන කටයුත්ත කනගාටුදායක සෝචනීය තත්ත්වයක්‌.

ප්‍රශ්නය - සම්පාදනය වෙමින් පවතින නව ව්‍යවස්‌ථාව පිළිබඳව ඔබට බරපතල විවේචනයක්‌ තිබෙන බව පැහැදිලියි. නමුත් මේ මොහොත වන විටත් නව ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේ කටයුතු සිද්ධවෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියට ගැනීමට බලාපොරොත්තු වන පියවර කුමක්‌ද?

පිළිතුර - අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම නරකයි කියල කියන්නෙත් නෑ. නමුත් එම ව්‍යවස්‌ථාවට ජනතා විරෝධී කරුණ ද එකතු වෙනවා නම් අපි විරුද්ධයි. මේ රටේ ජනතාවගෙන් 74% ක්‌ සිංහලයන්, 12% ක්‌ දෙමළ ජනතාව, 8% ක්‌ මුස්‌ලිම් ජනතාව. බර්ගර්, මැලේ ඇතුළු ජනතාව 6% ක්‌ සිටිනවා.

එබඳු ජන සංයුතියක්‌ තිබෙන රටක නව ව්‍යවස්‌ථාවන් සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක්‌ එය සම්මත වීම ප්‍රමාණවත් වන්නේ නෑ. නව ව්‍යවස්‌ථාවේ අනිසි ක්‍රියා තිබෙනවා නම් හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලැබෙන එකක්‌ නෑ. මමත් හෘද සාක්‍ෂියට එකඟව දේශපාලනය කරන බොහොම අමාරු භයානක තීන්දු අරගෙන අට්‌ටාලයේ සිට බිමට වැටිච්ච කෙනෙක්‌. එවැනි තීන්දු ගන්න අපි බයවෙන්නෙ නෑ.

පාර්ලිමේන්තුවෙන් නව ව්‍යවස්‌ථාව සම්මත වුවත්, ඉන් පසුව ජනමත විචාරණයකට යා යුතු වෙනවා. ආණ්‌ඩුව ජනමත විචාරණයකට යනවා නම් යා යුත්තේ දිනන්න බලාගෙන. ජනමත විචාරණයකින් පරාජයට පත්වූ ඉතාලියේ නායකයන්ට අත්වූ ඉරණම අපි දන්නවා.

ජනාධිපතිතුමා කල්පනාවෙන් කටයුතු කරනවා. අගමැතිතුමත් කල්පනාවෙන් කටයුතු කරවා. නමුත් කවුරුවත් ලස්‌සන කුප්පියකට දාල වස දුන්නොත් වයින් කියල රැවටිල බොන එක නරකයි. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තිබෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, නව ව්‍යවස්‌ථාවක්‌ අනවශ්‍ය බවත්, පවතින ව්‍යවස්‌ථාවට සංශෝධන පමණක්‌ ගෙන ආ යුතු බවත් තීරණය කර තිබෙන බව මම පුවත්පත් වලින් දුටුවා. ඒ අනුව යම්කිසි පෙළගැසීමක්‌ තිබෙන බව අපට පෙනෙන්න තිබෙනවා. විපක්‍ෂයේ සිටින කණ්‌ඩායමත් එම ස්‌ථාවරයේ සිටින්න පුළුවන්. ඒ වගේම ඇතැම් පාර්ශ්වයන් කරන ප්‍රකාශ වලට දෙමළ සංධානයත් විරුද්ධයි. එම නිසා මෙ ප්‍රශ්නය අවුල් සහගත තත්ත්වයකට ගෙන නොයා යුතුයි.

සාකච්ඡා කළේ : එරික්‌ ගාමිණි ජිනප්‍රිය
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions