12/14/2016

ව්‍යවස්‌ථා මර උගුලින් රට ගලවාගන්නේ කෙසේද?

කතෘ:යුතුකම     12/14/2016   No comments

-වෛද්‍ය වසන්ත බණ්‌ඩාර-දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග සහ ජාත්‍යන්තර ඔත්තු සේවා විසින් වර්තමාන රජය බලයට පත්කරන්නේ මූලික වශයෙන් නව ව්‍යවස්‌ථාවක්‌ මගින් රාජ්‍ය දුර්වල කිරීමේ කොන්ත්‍රාත්තුව ඔවුන් ලවා ඉටුකිරීම කර ගැනීම යෑයි චෝදනා කිරීම ඉතා තර්කානුකූල සහ සාධාරණ වේ. ඊට අදාළ ප්‍රල සාක්‍ෂි පසුගිය කාලය පුරාම සමාජයේ සාකච්ඡාවට ලක්‌විය. වරදක්‌ වනවා නම් එසේ වන්නේ එම ''ව්‍යවස්‌ථා කොන්ත්‍රාත්තුව'' පිළිබඳව පමණක්‌ කතා කිරීමය. එය නිවැරදි කිරීම සඳහා රට බෙදීමේ ක්‍රියාවලිය සඳහා පමණක්‌ නොව ඉන් පසුව ශ්‍රී ලංකාව තුළ පය තබාගැනීමේ ඉන්දු - ඇමෙරිකානු ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ අනෙකුත් කොන්ත්‍රාත්තු පිළිබඳව ද කතා කළ යුතුය. එනම් ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් බෙදුම්වාදී අපේක්‌ෂා ඉටු කිරීම සඳහා දියත්වී ඇති රණවිරු දඩයම හෙවත් ආරක්‍ෂක හමුදා දුර්වල කොට දුර්මුඛ කිරීමේ ව්‍යාපෘතිය ගැනද කතා කළ යුතුය.

ඊට අමතරව කොල්ලකාරී නව ලිබරල් ගෝලීය කුණාටුවට ශ්‍රී ලංකාව ගොදුරු කරන නව අණපනත් සහ එට්‌කා ගිවිසුම පිළිබඳව ද කතා කළ යුතුය. ඒ මහා පින්තුරය ගැන කතා කිරීම අප රටේ දේශපාලන පක්‍ෂවල මූලික වගකීමකි. එහෙත් වඩා තීරණාත්මක ගැටුම වන ව්‍යවස්‌ථා සම්පාදන කුමන්ත්‍රණය පරාජය කළ නොහැකි වුවහොත් ඉතිරි සියලු සටන් පරාජය වීම වැළැක්‌විය නොහැක. එම නිසා අද යුගයේ සැබෑ විපක්‍ෂයේ සහ රටට ආදරය කරන පොදු ජනතාවගේ පරම යුතුකම වන්නේ ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය පරාජය කිරීම සඳහා කළ හැකි සියලු දේ කිරීමය. ඉන් පසුව යම් දිනෙක මහජන කැමැත්තෙන් සහ සද්භාවයෙන් නව ව්‍යවස්‌ථාවක්‌ හැදීමට බලය ඉල්ලා සිටින පක්‌ෂයකට හෝ නායකයකුට ජනතාව විසින් බලය ලබාදුන්න හොත් රටට නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කිසිදු බාධාවක්‌ නැත.

කෙසේවෙතත් ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලිය පමණක්‌ නොව ශ්‍රී ලංකාව බෙදා වෙන්කර ඒ මත පය තබාගැනීම සඳහා දියත්වී ඇති සූක්‍ෂම මහා සැලසුම හුදකලා සටන්වලින් පරාජය කළ නොහැක. ඒ සඳහා සියලු සටන්බිම් සම්බන්ධීකරණය කොට මහා යුද්ධයක්‌ ආරම්භ කළ යුතුය. නමුත් එය සිදුවන්නේ රික්‌තකයක්‌ තුළ නොවේ. රටට සතුරු බලවේග විසින් නිරන්තරයෙන් තම සටන් උපක්‍රම වෙනස්‌ කරමින් සහ මහා පරිමාණයෙන් විදේශ මුදල් වියදම් කරමින් දියත් කෙරෙන සූක්‍ෂ්ම යුද්ධයට අප සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද? ඒ සඳහා සතුරා විසින් ඔවුන්ගේ සටන් බිම්වලට අප ජාතිය කැඳවනතුරු බලා නොසිට උන්ගේ මහා යුද සැළසුම අප විසින් සිතියම් ගත කළ යුතුය. ඒ මගින් සතුරාගේ සටන් උපක්‍රම පමණක්‌ නොව මිතුරු පාර්ශ්වයේ සිටින බව පෙන්වමින් සතුරාගේ සැලසුමට අනුව ක්‍රියාකරන "සතුරු මිතුරන්'' ද හඳුනාගත යුතුය. ඊට අමතරව සතුරා විසින් තෝරන සටන් බිම්වලට පය තබනවා වෙනුවට නව සටන් බිම්වලට සතුරා කැඳවීමේ වාසියද අප විසින් යොදාගත යුතුය.

ව්‍යවස්‌ථාවේ අඩංගු විය හැකි භයානක බෙදුම්වාදී ලක්‍ෂණ මොනවා දැයි යන සමාජ සංවාදය අප විසින් කඩිනමින් ආරම්භ කළ යුත්තේ එම න්‍යායාත්මක විග්‍රහයට අනුවය. කෙටුම්පත අතට ලැබෙන තෙක්‌ බලාසිටීම මගින් සතුරාට වාසිවේ. ජනමත විචාරණ පනත අනුව සති 5ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ ජනමත විචාරණය පැවැත්විය හැකි බැවින් මහජනයා සටන් බිමට කැඳවීම සඳහා කාලය බරපතළ බාධකයක්‌ බවට පත්වේ. විශේෂයෙන්ම ආණ්‌ඩුව අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කළ ආකාරයට පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන තත්ත්වයක්‌ අපෙක්‌ෂා කිරීමද වඩා ප්‍රඥාගෝචර වේ. එහිදී ඉහත සඳහන් කළ ආකාරයට ජනතා විමුක්‌ති පෙරමුණ සහ හෙළ උරුමය වැනි විපක්‍ෂය ලෙස ව්‍යාජ රඟපෑමක්‌ කරන පක්‍ෂ යම් සංශෝධන ප්‍රමාණයක්‌ ඉදිරිපත් කොට පාර්ලිමේන්තුව තුළ ව්‍යාජ ගාලගෝට්‌ටියක්‌ද සිදුකොට අවසානයේදී ආණ්‌ඩුව විසින් එම සංශෝධන බාරගන්නා තත්ත්වයක්‌ තුළ ව්‍යවස්‌ථා පනත්කෙටුම්පතට සහය දක්‌වනු ඇත. එම ර`ගපෑම් වලදී ඔවුන් මානව හිමිකම්, සුළු ජාතික අයිතිවාසිකම් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම ගැන උස්‌ හඬින් අදහස්‌ පළකොට මහජනයා ගොනාට ඇන්දවීමේ ආණ්‌ඩුවේ උත්සාහයට තල්ලුවක්‌ ද ලබාදෙනු ඇත.

බොහෝ විට එසේ ව්‍යාජ විපක්‍ෂයට බෝලය උස්‌සාදීම සඳහා සංශෝධනය කිරීම සඳහාම යම් වගන්ති ප්‍රමාණයක්‌ ආණ්‌ඩුව විසින් කෙටුම්පතට ඇතුල් කරන බවට සැකයක්‌ නැත. එම පක්‍ෂ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන තුරු ගතවන සංක්‍රාන්ති කාලය තුළ මහජන අවධානය වෙනත් පැතිවලට යොමු කිරීම සඳහා දූෂණ වංචා විරෝධය සහ අයවැය විරෝධය ආශ්‍රිත සටන් පාඨ කරළියට ගෙන එන්නේ එම එකඟතාවයන් අනුව බව පෙනේ. ඒ අතර පාර්ලිමේන්තුවට පරිභාහිරව විසිරී සිටින විවිධ වාමාංශික කොටස්‌ එකතුකොට වාමවාදී, මානවවාදී හෝ "ජාතිවාදී විරෝධී" ස්‌ථාවරයන් මත නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය සාධාරණීකරණය කිරීම සඳහා මෙහෙයුමක්‌ දියත් වන බවටද තොරතුරු වාර්තාවේ. ඒ තුන්වැනි මෙහෙයුම පිටුපස අසල්වැසි රටක ඔත්තු සේවා හස්‌තයක්‌ ද ක්‍රියාත්මක වන බවට හෙළිදරව් වෙමින් ඇත. ඒ අතර කුමන දුර්වලතා සහිතව වුවත් මේ වන විට දියත් වී ඇති ව්‍යවස්‌ථා කුමන්ත්‍රණය පරාජය කිරීමේ විභවය සහිත සහ ඒ බර උරමත දරා සිටින ඒකාබද්ධ විපක්‍ෂයට මඟ වැරැද්දවීමට සහ ඔවුන් අතර න්‍යායාත්මක ගැටුම් ඇති කිරීමටද සතුරා කටයුතු කරන බවට සැකයක්‌ නැත. ඒකාබද්ධ විපක්‍ෂය ''ව්‍යවස්‌ථා සම්පාදක සභා උගුලට පය තබන තැනට තල්ලු කරන්නේ සහ ඊට අවශ්‍ය තාක්‍ෂණික තර්ක නිර්මාණය කරන්නේ බලය බෙදීම මගින් බෙදුම්වාදය පරාජ කළ හැකි යෑයි විශ්වාස කරන පිරිස්‌ බව පෙනේ. ඔවුන් අතරින් යම් පිරිසක්‌ චන්ද්‍රිකාගේ පැකේඡ් ගුලිය ගිලීමෙන් පසු මේ වනතුරු දිරවා ගැනීමට නොහැකි වී ඇති මිනිසුන් බවට සැකයක්‌ නැත. තවත් සමහර වාමාංශික පිරිස්‌ න්‍යායාත්මකව බලය බෙදීම යනු ප්‍රගතිශිලී ප්‍රතිසංස්‌කරණයක්‌ ලෙස අවංකව විග්‍රහකර ගන්නා මෝල්ගස්‌ ගිලින ලද හණමිටිකාරයින් බව රහසක්‌ නොවේ.

පසුගිය දිනවල ඉහත සඳහන් කළ ආකාරයට ව්‍යවස්‌ථා සම්පාදන උගුලට පය තැබීමෙන් පසුව තවදුරටත් එම උගුලට පය හිරවෙන ලෙස බෙදුම්වාදී සංශෝධන යෝජනා කළ යම් පිරිස්‌ එසේ ඉහත විග්‍රහ කළ පිරිස්‌වලට අයත් අය බව පෙනේ. එසේ වුවත් ඔවුන්ව ඒ තැනට මෙහෙයවන තිරය පිටුපස බලවේග නැතැයි කල්පනා කිරීම අනුවණ කමකි. පසුගිය ජනාධිපතිවරණයට පෙර සතුරා ක්‍රියාත්මක වූ සූක්‍ෂම ස්‌වරූපය අධ්‍යනය කරන විට පෙනෙන්නේ මිතුරු පාර්ශ්ව අදත් හැසිරෙන්නේ ඉතා දුප්පත් ආකාරයට බවය. එම නිසා සතුරා අවතක්‌සේරු කිරීම බරපතල වරදකි. විපක්‍ෂ බලවේග දැනට අනුගමනය කරමින් සිටින ආරක්‍ෂාකාරී ප්‍රවේශයෙන් වහා ප්‍රහාරත්මක ප්‍රවේශයකට මාරුවූයේ නැතිනම් සතුරා විසින් මිතුරු පාර්ශ්ව සියල්ල බිත්තියට හේත්තු කිරීමේ වැඩි ඉඩක්‌ ඇත. විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ජාතික මැතිවරණයක්‌ ජයග්‍රහණය කළ නොහැකි වූ බැවින් මෙවර සුළු ජාතික ඡන්ද බලයෙන් ජනමත විචාරණය නම් වූ ජාතික මැතිවරණ ජයග්‍රහණය කිරීම ඔහුගේ දේශපාලන පෞර්ෂයට පමණක්‌ නොව පැවැත්මට ද තීරණාත්මක වේ. එවැනි තත්ත්වයක්‌ තුළ ඔහු තම උපරිම ශක්‌තිය යොදවා ජනමත විචාරණය ජය්‍රහණය කිරීමට උත්සාහ දරනු නියතය. ඔහු විසින් පළාත් පාලන මැතිවරණය කල්දමා ජනමත විචාරණය ඉදිරියට ගෙනෙන්නේ ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම පිළිබඳව ඔහු තුළ පවතින දැඩි විශ්වාසය නිසාය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්‌ථාව කර තබාගෙන ආරම්භ කරන ගමන එතුමාගේ පැත්තෙන් ගත්විට ජීවිතය සහ මරණය අතර සටනකි. ජනමත විචාරණය පරාජය වුවහොත් එතැන් පටන් ඔහුට මුහුණ දීමට සිදුවන්නේ සදාකාලික පරාජයෙන් අවසන්වන දේශපාලන සටනකටය. එසේ එම යුද්ධය පරාජය වීමෙන් පසුව ඔහු යම් හුදකලා තනි සටනක්‌ ජයග්‍රහණය කළත් ඔහුගේ ගමන පරාජයෙන් කෙළවර වීම වැළැක්‌විය නොහැක. එම නිසා මහජන ප්‍රතිචාර මත ඔහු තම දේශපාලන තීන්දු වෙනස්‌ කිරීමේ වැඩි ඉඩක්‌ද ඇත. එනම් මහජනයා වීථි බැස බරපතළ විරෝධයකට යොමුවන තත්ත්වයක්‌ යටතේ ඔහු ජනමත විචාරණය ම`ගහැර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය මත පමණක්‌ විශ්වාසය තබා ඊට සරිලන ආකාරයට ව්‍යවස්‌ථා කෙටුම්පත සංශෝධනය කිරීමට ද ඉඩ ඇත.එම නිසා ව්‍යවස්‌ථා කෙටුම්පතට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අහිමි කෙරෙන තත්ත්වය නිර්මාණය කිරීම සඳහා විපක්‍ෂය විසින් උපාය මාර්ගිකව කටයුතු කළ යුතුව ඇත. නමුත් විවිධ නිදහසට කාරණා ඉදිරිපත් කරමින් විපක්‍ෂය ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ රැඳී සිටීම නිසා එම ක්‍රියාවලියේ බරපතළකම මහජන මනසේ අවධාරණය කිරීම පහසු වන්නේ නැත. විපක්‍ෂය නව ව්‍යවස්‌ථාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ නොකරන්නේ නම් එහි භයානකකම මහජනයා තේරුම් ගන්නේ නැත. ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ රැඳී සිටින අතර අතර ඊට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්නේ කෙසේද?

බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට ඔවුන්ට රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුටු ආරක්‍ෂා කිරීමට බැඳීමක්‌ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ බෙදුම්වාදී මාර්ග සිතියම තුළ මෙතෙක්‌ පැමිණි දුර ආරක්‍ෂා කර ගනිමින් හැකිතාක්‌ දුරට ඉදිරි පිම්මක්‌ පැනීමටය. එහිදී විශාල පිම්මක්‌ ඉලක්‌ක කොට යථාර්ථවාදීව පැනිය හැකි දුර බාරගැනීමට ඔවුන් සූදානම් වනු ඇත. ඉලක්‌කය කේවල් නොකර සමස්‌තයට හානිකර ගැනීමට ඔවුන් සූදානම් නොවනු ඇත. එම නිසා යථාර්වාදීව පැනිය හැකි දුර අනුව ඉලක්‌කය එහා මෙහා කිරීමට ඔවුන් නම්‍යශිලී වනු ඇත. එයට හේතුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තත්ත්වයක්‌ හෙවත් ඊට එරෙහිව පවතින බාධක ඉවත්කර ගැනීමේ තත්ත්වයක්‌ උදාකරගත්තද ඔවුන්ට ඊළාම් මාර්ග සිතියමේ බොහෝ දුරක්‌ යා හැකි වීමය. වර්තමාන ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය හරහා 13ට එහා යම් දුරක්‌ පැන්නද එය ඔවුන්ගේ ප්‍රබල ජයග්‍රහණයකි.

එම තත්ත්වය තුළ පළමු වටයේදී ජනමත විචාරණයක්‌ අවශ්‍ය වන සංශෝධන ඇතුළත් ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ ඉදිරිපත් කොට මතුවන තත්ත්වය අනුව විශේෂ බහුතරයෙන් සම්මත කළ හැකි බොදුම්වාදී සංශෝධන ප්‍රමාණය බාර ගැනීමට බෙදුම්වාදීන් එක`ගවීමටද ඉඩ ඇත. අනතුරුදායක ලෙස ආණ්‌ඩුව ජනමත විචාරණයට තල්ලු වුවහොත් ජය සහ පරාජය යන දෙකම බෙදුම්වාදීන්ගේ ජයග්‍රහණයෙන් කෙළවරවනු ඇත. එනම් ජනමත විචාරණය ජයග්‍රහණය කළහොත් ඔවුන් තම අපේක්‌ෂිත ඉලක්‌කයට සතුටින් ළඟාවනු ඇත. ජනමත විචාරණය පරාජය වුවද අනෙකුත් බෙදුම්වාදී ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත වනු ඇත. එම බෙදුම්වාදී බලතළ ප්‍රමාණයෙන් ඔවුන් සෑහීමට පත්වනු ඇත. ඊට අමතරව දකුණේ ප්‍රතිඵල නොසලකා උතුරු නැඟෙනහිර පළාතේදී ජයග්‍රහණය කරන ජනමත විචාරණ ප්‍රතිඵලය අනාගතයේදී බෙදුම්වාදී ජනතා අපේක්‌ෂා ජාත්‍යන්තරව තහවුරු කිරීම සඳහා ඔවුන් විසින් යොදාගනු ඇත. කෙසේ වෙතත් ජනමත විචාරණයක්‌ පවත්වන බව පැවසීම මගින් විශේෂ බහුතරය ලබාගැනීමට වැඩි අවස්‌ථාවක්‌ උදාවේ. එවිට ව්‍යවස්‌ථාව පරාජය කිරීමේ වගකීම මහජනයා මත පටවා මන්ත්‍රිවරුන්ට ඇඟ බේරාගැනීමේ යම් ඉඩක්‌ විවරවේ. ඒ මගින් රට පාවාදෙන තැනට ඔවුන් පෙළඹවීම වඩා පහසුවේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මුහණ දෙන ඊළඟ අභියෝගය වන්නේ අනාගතයේ පැන නැගීමට නියමිත මහජන විරෝධය හමුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ජාතික ආණ්‌ඩුවට එක්‌වූ පිරිස්‌ තුළ තම ස්‌ථාවරයන් වෙනස්‌ කිරීමට පෙළඹවීමක්‌ ඇති වීමය. එවිට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීම ගැටලුවක්‌ වනු ඇත. නමුත් එම ගැටලුව සමනය කරගනිමින් බෙදුම්වාදී ව්‍යවස්‌ථා යුද්ධය ජයග්‍රහණයෙන් කෙලවර කිරීම සඳහා දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග තම මුදල් සහ රාජ්‍යතාන්ත්‍රික බලය ආණ්‌ඩුව පිටුපසින් යොදවන බවට කිසිදු සැකයක්‌ නැත. එය එසේ වුවත් ආයුධ සන්නද්ධ බෙදුම්වාදී යුද්ධය පරාජය කළ ආකාරයට රාජතාන්ත්‍රික බෙදුම්වාදී ව්‍යවස්‌ථා යුද්ධයද පරාජය කිරීමේ විභවය අප ජාතිය සතුවේ. ඒ සඳහා ජාතිය පෙළගැස්‌සවීම රටට ආදරය කරන සියලු දේශප්‍රේමී, ජාතිකවාදී, වාමවාදී බලවේග වල පරම යුතුකම බව නොකිව මනාය.

මහජනතාව දැනුම්වත් කිරීම සහ ව්‍යවස්‌ථා කුමන්ත්‍රණය පිළිබඳ සමාජ සංවාදය ඉහළට එසවීම යනු ඊට අදාළ අවම ක්‍රියාමාර්ගය බවද කිව යුතුය. මේ උත්සාහය ඒ අවම ජාතික යුතුකම හැකි පමණින් ඉටුකිරීමටය. එසේ වුවත් එම අවම ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීම සඳහා ඉටුවිය යුතු පූර්ව කොන්දේසියක්‌ ඇත. ඒ සැබෑ විපක්‍ෂය හැකි ඉක්‌මනින් ව්‍යවස්‌ථා සම්පාදක මර උගුලින් තම පය ඉවත්කර ගැනීමය. ඔවුන් එම ක්‍රියාවලිය තුළ රැඳී සිටිනතාක්‌ කල් එම ක්‍රියාවලියේ භයානක කම මහජනයාට ඒත්තු ගැන්වීම පහසු වන්නේ නැත. එසේම ඒ තුළ විපක්‌ෂය ලෙස පෙනී සිටිමින් ආණ්‌ඩුවට සහය දෙන ව්‍යාජ විපක්‌ෂ කණ්‌ඩායම්වලට තම දුෂ්ට ක්‍රියාපිළිවෙත ඉදිරියට ගෙන යමින් මහජනයා නොමග යෑවීමට වැඩි ඉඩක්‌ ලැබේ. එම තත්ත්වය වෙනස්‌ කළ සැනින් මහජන මතය වෙනස්‌වීමට පටන්ගනු ඇත. ඒ තුළ ජාතික ආණ්‌ඩුවට එක්‌වී සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රිවරුන්ට තම ස්‌ථාවරයන් වෙනස්‌ කර ගැනීමට බලකෙරෙනු ඇත. එමගින් බෙදුම්වාදී නව ව්‍යවස්‌ථාව ජනමතවිචාරණයට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව තුළදීම පරාජය කිරීමට හැකිවනු ඇත.

අවසාන වශයෙන් ජනතාවගේ අයිතිවාසිකම් නාමයෙන් බෙදුම්වාදී කප්පම් ඉල්ලා සිටින ජාතිවාදී දේශපාලනය සහ කප්පම් දෙන සහ ඒ සඳහා බලකරන ජාතිවාදී දේශපාලනය යන දෙකම පරාජය කළ හැක්‌කේ කෙසේද? ඒ විෂම චක්‍රය බිඳීය හැක්‌කේ සිංහල දමිළ මුස්‌ලිම් සියලු ජනතාවට සමානාත්මතා පදනමින් සියලු අයිතිවාසිකම් ලබාදිය යුතුය යන සටන් පාඨය ඉහළට එසවීම තුළින් පමණි.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions