3/31/2018

සංස්කෘතික ඝාතක විචාරකයන්ට ගෝචර නොවූ විශිෂ්ට නවකතාවක්

කතෘ:යුතුකම     3/31/2018   No comments
     

    ඉසුරු ප්‍රසංග විසින් රචිත පේමතෝ ජායතී අසෝකෝ නවකතාව පිළිබඳ යමක් ලිවීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසාය. එකක් එය හොඳ නවකතාවක් වීමය. ඊටත් වඩා වැදගත් අනෙක් හේතුව වන්නේ මේ කෘතියේ එන ගැඹුරු සමාජ දේශපාලන සංවාදය මෙරට විචාරකයන් යැයි කියා ගන්නා පිරිස් විසින් හිතාමතාම මඟහරින බවක් පෙනෙන්නට ඇති නිසාය. මේ කෘතිය ප්‍රකාශයට පත්ව වසරක් පමණ ගතව තිබේ. ඒ කාලය තුළ කෘතියේ දෙවැනි මුද්‍රණයක්ද නිකුත්ව තිබුණද තවමත් මේ පිළිබඳ ප්‍රමාණවත් කතාබහක් ඇතිවී නැත. ඊට හේතු විමසීම පසුවට කල් තබා පළමු කොටම මේ නවකතාව පිළිබඳ මූලික විමසීමක් කළ යුතුය.

යථාව හා කල්පිතයේ සුසංයෝගය


    මේ කතාවේ කේන්ද්‍රිය චරිතය රවිඳු නැමති තරුණයෙකි. 80 දශකයේ අගභාගයේ සිට 2015 - 2016 කාලය දක්වා වූ කාලපරාසයක සිදුවීම් මේ කතාවට විෂය වෙයි. කතාව ඇරඹෙන්නේ රවිඳුගේ ළමා වියට අයත් ඒක පාර්ශවික ප්‍රේමයක් පිළිබඳ හාස්‍යජනක විස්තරයකිනි. එය 80 දශකයේ මුල් භාගයේ උපන් පරම්පරාවේ මනස කෙරේ බලපෑ සමාජ පරිසරය පිළිබඳ අපූරු විවරණයක්ද වෙයි. අනතුරුව ගැටවර වියේදී රවිඳුට පාසැල් ප්‍රේමයකටත් පෙරාතුව පන්ති ප්‍රේමය හෙවත් ජවිපෙ දේශපාලනය  මුණගැසෙයි. ඒ තම පාසැල් මිතුරා වූ සුධීර හරහාය. මේ 1994න් පසු ජවිපෙ නැවත නැඟී සිටි මුල් යුගයේ අත්දැකීම්ය. රවිඳු ජවිපෙ දේශපාලනයට සම්බන්ධ වුවද ඔහු එහි නිශ්චිතව මුල් බැස නොගත්තෙකි. රවිඳු උසස් පෙළ නිසි ලෙස සමත් නොවුණද ඔහුගේ දේශපාලන මිතුරා වූ සුධීර සරසවි වරම් ලැබ පසුව අන්තරේ කැඳවුම්කරුවා බවට පත්වෙයි. රවිඳු බොහෝ හැකියාවන්, දක්ෂතා ඇති අයෙක් වුවද දේශපාලනය, ආදරය, රැකී රක්ෂා ආදී කිසිවක දී ආකෘතිගත වීමට ඔහු කැමති නැත. ඔහු විවිධාකාර ආදරවන්තියන්, විවිධාකාර පුද්ගලයන්, විවිධ දර්ශන මතවාද ඇසුරු කළද, ඒ සියල්ල අත්විඳිමින් කිසිවක නොඇලී අයාලේ යන රස්තියාදුකාරයෙකි. 

      මේ අනුව පාසැල් ජීවිතය, නව යෞවනය, ආදරය, වමේ දේශපාලනය, විශ්ව විද්‍යාල, ශිෂ්‍ය අරගල, ජනමාධ්‍ය, එන්ජීඕ සංවිධාන, බෙදුම්වාදී කල්ලි, සාහිත්‍ය කලා ලෝකය, මතවාදී ඇකඩමික් සමාජය, සෝවියට් දේශය, චීනය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ස්වීඩනය වැනි ලෝකයේ විවිධ රටවල සමාජ දේශපාලන සිදුවීම්, ආදී පුළුල් පරාසයක විසිරී ඇති අත්දැකීම් සමුදායක් මේ කෘතියට විෂය වී තිබේ. 80 දශකයේ අගභාගයේ සිට 2015 මහින්ද රාජපක්ෂගේ පරාජය දක්වා දිගු කලක් තිස්සේ පෙළ ගැසුණු ලාංකීය දේශපාලනයේ මෙතෙක් කතාව මේ කෘතිය තුළ මැනවින් පිඬු කොට ඇත්තේ සැබෑ සිදුවීම්, සැබෑ චරිත ආදියද කෘතියේ චරිත බවට පත් කරගනිමිනි. විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ, මෙන්ම ගුණදාස අමරසේකරද මේ කෘතිය තුළ අපට එලෙසින්ම හමුවෙයි. සුධීර දේවගේ කල්පිත චරිතයක් වුවද ඔහු නියෝජනය කරන අන්තරය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ශිෂ්‍ය අරගල ආදිය මෙරට වාම දේශපාලනයේ එක් සැබෑ පැතිකඩකි. රවිඳු නැමති කතා නායකයාගේ චරිතය ගොඩනැඟී ඇත්තේ මෙකී විවිධාකාර අත්දැකීම් හා සමාජ ස්ථර ඔස්සේ අයාලේ යන රස්තියාදුකාර සංචාරකයෙකු වශයෙනි. මේ රස්තියාදුකාර සංචාරයේ කටුක හා විචිත්‍ර අත්දැකීම් රවිඳුගේ මුවින් ඉතා රසවත් ලෙස සරල කථන බසින් ප්‍රකාශයට පත්වෙයි. ඒ අනුව තවත් අතකින් මේ කතාව ඉතාම අවංකව ලියූ චරිතාපදානයක ලක්ෂණද පෙන්වයි. එය එසේ වන්නේ කිසිදු මානසික බාධාවකින් හෝ ආත්ම අනුකම්පාවකින් තොරව තමාගේ හොඳ, නරක, ප්‍රබලතා, දුබලතා, සියල්ල අමු අමුවේ වැමෑරීමට මේ කතාවේ කථකයා ඉදිරිපත් වන නිසාය. 

නිරීක්ෂණ කීපයක්... 

      පළමු කොටම මෙය ආදරය පිළිබඳ විචිත්‍ර ලෙස ලියවුනු කතාවකි. ආදරයේ විචිත්‍රත්වය මෙහි ගොඩනංවා ඇත්තේ පරම ආදරයක් වෙනුවෙන් දිවි දෙන පෙම්වතෙකු හරහා නොවීම විශේෂත්වයකි. රවිඳු යනු එවැනි පෙම්වතෙකු නොව විවිධ පෙම්වතියන් ඇසුරු කරමින් අයාලේ යන චරිතයකි. එහෙත් ඔහු වගකීම් විරහිතව අනෙකා අමාරුවේ දමන සල්ලාලයෙක්ගෙන් වෙනස් වන ආකාරය හා ආදරය පිළිබඳ ඔහුගේ අවංක හෘදයාංගම මනස මේ කෘතිය තුළ මැනවින් පිළිඹිබු කොට ඇත්තේ රවිඳු පැතලි වීරයෙකු හෝ දුෂ්ටයෙකු බවට පත් නොකරමිනි. 

      මීළඟට සුධීරගේ චරිතය හා පේරාදෙණිය ඇසුරින් මෙරට ශිෂ්‍ය දේශපාලනය ගැන කරන තියුණු විවරණය ඉතා වැදගත් එකකි. මේ නවකතාව තුළ පේරාදෙණිය විශ්ව විද්‍යාලය තලේබාන් කඳවුරක් ලෙස හැඳින්වීමට කතුවරයා නිර්භීත වී ඇත්තේ එය තලේබාන්කරණය වීමට බලපෑ සාධක ගැනද විශ්වාසනීය අවබෝධයක් සහිතවය.

   “විශ්ව විද්‍යාල දේශපාලනෙන් රටට වැඩක් තියන එක විචාරශීලී මිනිහෙක් හදන්න අපට පුළුවන් වුණාද? හැබැයි කී දෙනෙක් උපාධි අතෑරියාද? හරක් වගේ උද්ඝෝෂණවලට කොල්ලන්ව දක්කන නිවට උප සංස්කෘතිය නඩත්තු කරන එක විතරයි අපි මෙච්චර කැප කිරීම් කරලා, උපාධි අතෑරලා,  මැරිච්ච සහෝදරයින්ව තුට්ටු දෙකට විකුණලා කරපු එකම දේ...”  (259 පිටුව)

      මෙය විශ්ව විද්‍යාල තම නිසරු සටන් බිම් බවට පත් කරගත් වමේ පක්ෂවල ස්වයං විනාශයට පසු සුධීර විසින් කළ ප්‍රකාශයකි. අවසානයේදී සුධීරගේ මේ කළකිරීම හා ආත්මීය කඩා වැටීම කෙළවර වන්නේ ඔහු දෙමළ බෙදුම්වාදී දේශපාලනයේ කුලී කාරයෙක් බවට පත්කරමිනි. සුධීරගේ මේ ඉරණම තුළ අපට හමුවන්නේ ලංකාවේ වම එන්ජීඕකරණය වීම පිළිබඳ සැබෑ කතාව මිස කතුවරයාගේ හිතළුවක් නොවේ. මෙරට විකල්ප එන්ජීඕ දේශපාලනයේ ව්‍යාජත්වය පිළිබඳ මේ කෘතිය තුළ මතුකරන කාරණාද අතිශය ප්‍රබලය. 

    “මේ රටේ ජාතිකත්වය කියන්නේ මොකක්ද කියලා තේරුම් නොගන්න ඕනම සමාජවාදියෙක් අන්තිමට ප්‍රභාකරන් වීරයෙක් කියලා කියන සමාජ වෛරක්කාරයෙක් වෙන එක කාටවත් වළක්වන්න බෑ.”

    මීට අමතරව සුනාමි ව්‍යසනය, යුධ ජයග්‍රහණය, මහින්ද රාජපක්ෂගේ පරාජය, ආදී රටේ සැබෑ දේශපාලන සිදුවීම් ගණනාවක් මේ කෘතියට පසුබිම් වී තිබේ. ජවිපෙ 1994න් පසු නැගී සිටීම හා ඔවුන්ගේ ස්වයං විනාශයද මේ කෘතියේ මැනවින් නිරූපණය කර ඇත. රවිඳු පැතලි වීරයෙකු නොවුණද රවිඳු යනු මේ සියලු පරාභවයන් මැද වුවද තම හෘද සාක්ෂියේ හඬ ගෑම අමතක නොකළ අයෙකි. ඔහු සමාජ ව්‍යාපාරවල නිල කොටස් කරුවෙක් නොවුණද ඒ ඔස්සේ ගොඩනැඟුණු සද්භාවයේ මනස ඔහු  විනාශ කර නොගත්තෙකි. මෙය වත්මන් ජනතා විමුක්ති පෙරමුණ විසින් අහිමි කොට ගෙන ඇති ජවිපෙ අතීත අවංක සාමාජිකයාගේ හෘද සාක්ෂිය නොවේද?

   “අපි රන් මැණික් ආකරේක පය තියාගෙන හිඟාකන නිවට ජාතියක්. ගෑනු අරාබි යවලා ගේන සල්ලිවලින් පාන් පිටි ගිලින නපුංසක රටක්. අපිට රන් ආකරයක් උඩ ඉඳගෙන අරාබි වැද්දන්ට ගෑනු විකුණන්න සිද්ධකරපු මේ මජර දේශපාලන ක්‍රමේ මොකක්ද? ඒ ව්‍යසනේ ප්‍රායෝගිකව තේරුම් අරන් වෙනස් කරන එක තමයි මේ මොහොතේ මොන ඉලව් වාදෙකින් හරි වෙන්න ඕන.” පිටුව 399

    සමාජවාදය පිළිබඳ වැදගත් සංවාදයක් මේ කෘතිය තුළ මතුකර ඇත්තේ සෝවියට් දේශය, කියුබාව, චීනය වැනි රටවල පමණක් නොව ඉන්දියාවේ කේරල විමුක්තිකාමීන්ගේ අත්දැකීම්ද විචිත්‍රවත් ලෙස කතාවට මුසු කරමිනි. වම පිළිබඳ ශාස්ත්‍රීය කෘති ගණනාවක් ඔස්සේ මතු කළ හැකි සංවාදයක් සාහිත්‍ය තුළ ඒ ආකාරයට පිඬු කිරීම අසීරු දෙයකි. ඒ සංවාදය කෙළවර මෙවැන්නක් හමුවෙයි. 

    “මට පුදුමයි රවිඳු වෙලාවකට උඹ ගැන... කිසිම සමාජ සම්මතයක් නොතකපු, බිබී අයාලේ ඇවිදපු,  පෝය දාකට පන්සලක මලක් පහනක් පූජා නොකරපු උඹ වගේ එකෙක් තමයි අද අපේකම ගැන සංස්කෘතිය, සභ්‍යත්වය ගැන කථා කරන්න අරන් තියෙන්නේ...”

  “ඔව්. සම්මුති කඩන එක ජීවන භාවිතාව බවට පත්වුණාට පස්සේ සංස්කෘතියට වගේම, බොරු ප්‍රතිසංස්කෘතික වීරයන්ටත් තියන බය ඉබේම නැතුව යනවා. ප්‍රායෝගිකව සමාජ සම්මුති කඩපු එකෙකුට තමයි සම්මුතිවල වටිනාකමයි සම්මුති කඩකරන එකේ වටිනාකමයි දෙකම හරියට තේරෙන්නේ...”  (පිටුව 395) 

කෘතියේ අවසානයේ තැනක මෙසේද සඳහන් වෙයි. 

                                say it loud... say it proud... i'm a communist

     “මීට අවුරුදු දහනමයකට කලින් මට අපේ දේශපාලන ආඛ්‍යානය පටන් ගන්න වුණේ ඒ වාක්‍යයෙන්. ඊට පස්සේ තව තව පරමාදර්ශ හොයාගෙන යන්න තියන හැම අතේම අයාලේ ගිහින් බල්ලෙක් වගේ හති වැටිලා අවුරුදු දහනමයකට පස්සේ මට අද මේ කතාව අවසාන කරන්න සිද්ධ වෙන්නෙත් ඒ වාක්‍යයෙන්...”

    මෙය ප්‍රකාශ දෙක බැලූ බැල්මට පරස්පරයක් ලෙස යමෙකුට පෙනී යා හැකි වුවද මේ සාධක දෙක ඇසුරින් මතුවන අවසන් නොවූ සංවාදය ඉතා වැදගත් එකකි. එය මෑතකදී රචනා වූ අමරසේකරගේ සභ්‍යත්ව රාජ්‍යයක් කරා, විමල් වීරවංශගේ රටට වුවමනා වම, සුමනසිරි ලියනගේ ගේ සභ්‍යත්ව රාජ්‍යය හා සම සමාජය, ආදී කෘති ඔස්සේ මතුවූ ශාස්ත්‍රීය සංවාදයේ සාහිත්‍යමය ස්වරූපය ලෙස සැලකීම වැරදි නොවේ.  

කතුවර මතවාදය හා දේශපාලන ප්‍රවේශය

    ඕනෑම සාහිත්‍ය කෘතියක් තුළින් කතුවරයාගේ දේශපාලන මතවාද ප්‍රකට වීම වැළැක්විය නොහැක්කකි. මේ කෘතියටද ඒ ඇත්ත අදාළ වුවද මෙය කිසියම් මතවාදයක බාල හොරණෑවක් බවට පත් කර නොගැනීමට ඉසුරු ප්‍රසංග ප්‍රවේසම් වී ඇති ආකාරය අගය කළ යුත්තකි. ඒ නිසාම විවිධ මතවාද දරන විවිධ පාර්ශවයන්ට මේ කෘතිය තුළින් තමන්ට රිසි කොටස් උපුටා දැක්වීමේ නිදහසක්ද ලැබී තිබේ. එය දේශපාලන වශයෙන් නුසුදුසු විය හැකි වුවද ඒ විවෘතභාවය හා පුළුල්බව සාහිත්‍ය කෘතියකට අතිශය වැදගත්ය. 

    ඉසුරු ප්‍රසංගගේ පේමතෝ ජායතී අසෝකෝ නවකතාව ජීවිතය පිළිබඳ, ආදරය පිළිබඳ, මිනිස් සම්බන්ධතා හා අකාලික ලෝක සත්‍යයන් පිළිබඳ වැදගත් ඥාන සම්භාරයක් සම්පාදනය කරන කෘතියකි. ඒ සියල්ලටත් වඩා මේ කෘතියේ එන ගැඹුරු දේශපාලන සංවාදය මේ රට පිළිබඳ අවංක ආදරයක් ඇති සෑම අයෙකු විසින්ම ඇසුරු කළ යුත්තකි. එසේ කළ යුත්තේ එම කෘතිය අප අදහන එක් නිශ්චිත දේශපාලන මතවාදයක ප්‍රචාරක හොරණෑවක් වන නිසා නොවේ. එක් මතවාදයක් දේශනා කිරීම වෙනුවට කතුවර අභිලාෂයට එකඟ හා එකඟ නොවන මතවාද රැසක් එකම වේදිකාවක් මත නිදහසේ ගැටෙන්නට සැලැස්වීම මේ කෘතියේ ලක්ෂණයකි. ඒ ඔස්සේ මානව ප්‍රජාවේ දේශපාලනිකත්වය පිළිබඳ එයින් සිදුකෙරෙන සාහිත්‍යමය විවරණය ඕනෑම දේශපාලන මතවාදයක් දරන්නෙකුට ප්‍රයෝජනවත් වන්නකි. කුමන මතයක් දැරුවද මේ රට පිළිබඳ මිනිසුන් පිළිබඳ සැබෑ ආදරයක් ඇති ඕනෑම අයෙකුට තම චින්තනය මුවහත් කරගැනීමට අදාළ දෑ බොහොමයක් මේ පිටු 409 පුරා ගැබ්ව තිබේ. 

     මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය මේ රටට වෛර කරන සංස්කෘතික ඝාතකයන් බෝ කරන තිඹිරි ගෙයක් බවට පත්වී ඇත්තේ බොහෝ කාලයක සිටය. පොත්වලට විචාරක පැසසුම් සම්මාන ආදිය හිමිවන්නේ කතුවරුන් මේ සංස්කෘතික ඝාතක කල්ලිවලට හිස නමන ප්‍රමාණයට සාපේක්ෂවය. ඊට එරෙහිව යන අයෙකුට සාහිත්‍ය ලෝකය තුළ පය ගසා සිටීම ලේසි නොවන බව මේ කෘතිය වෙත ඔවුන් දක්වන නිහඬභාවයේ ප්‍රතිචාරය තුළින්ම පෙනී යයි. කෙසේ වුවද එවන් තත්ත්වයක් තුළ ඉසුරු ප්‍රසංග වැනි ලේඛකයෙකු නවකතාකරණයට පිවිස තිබීම අතිශය වැදගත්ය. නිල විචාරකයන්ගේ සාහිත්‍ය ආධිපත්‍යයට ඔහු හුදකලාව හෝ එල්ල කළ මේ අභියෝගය බෙහෙවින් වැදගත්ය. විය යුත්තේ සාහිත්‍ය ලෝකයේ ප්‍රතිචාර මොනවා වෙතත් මෙවැනි කෘති පිළිබඳ පොදු පාඨක ප්‍රජාව අතර වැදගත් සමාජ සංවාදයක් ගොඩනැඟීමය. 

-වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

පේමතෝ ජායතී අසෝකෝ කෘතිය සුරස ප්‍රකාශණයකි. මරදාන සුරස පොත් හල, දිවයින පුරා පිහිටි සරසවි, ගුණසේන, විජිත යාපා, දයාවංශ ජයකොඩි, මින්සර, ආදී ප්‍රධාන පොත්හල්වලින් ලබා ගත හැකිය. පහත අංකවලට ඇමතීමෙන් පොත කඩිනමින් නිවසටම ගෙන්වා ගත හැකිය.

grantha.lk  – 0719  448899  

kbooks.lk -  0778  715500

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/21/2017

රට දෙකඩවීම වැලැක්වීමට නම් - මහින්ද යළිත් නොකෑ යුතු සිරිසේනලාගේ ලණුව

කතෘ:යුතුකම     4/21/2017   No comments
-වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර-

මෛත්‍රි - මහින්ද තෙවන සටන් විරාමය;
අවසානය කුමක්‌ද?


මේ දිනවල ඉංග්‍රීසි පුවත්පත් හරහා ඉදිරිපත් කෙරෙන යම් විවාදාත්මක මතවාද සිංහල පාඨකයින් අතර සංවාදයට ලක්‌වන්නේ නැත. ඒවා අතුරින් එක්‌ ප්‍රධාන මතවාදයක්‌ වන්නේ මෛත්‍රි - මහින්ද-ගෝඨාභය ත්‍රිත්වය විසින් නව දේශපාලන සන්ධානයකට ම`ග විවර කළ යුතු බවය. වෙනත් වචන වලින් කියන්නේනම් ඒ මගින් අවධාරණය කෙරන්නේ මෛත්‍රි සහ මහින්ද පාර්ශ්ව අතර 'සටන්විරාම' ගිවිසුමක්‌ අත්සන් කළ යුතු බවය. පාර්ශ්ව දෙකක්‌ අතර සටනකදී එක්‌ පාර්ශ්වයක්‌ විසින් තුන්වන පාර්ශ්වයක්‌ හරහා සටන් විරාම යෝජනාවක්‌ ඉදිරිපත් කරන්නේ මූලික වශයෙන් එම පාර්ශ්වය සටනේ අවාසිදායක අන්තයකට තල්ලුවී සිටින අවස්‌ථාවකය. පසුගිය යුද සමයේදී සටන් විරාම යෝජනා කළ අවස්‌ථා අධ්‍යයනය කිරීමෙන් ඒ බව වටහාගත හැක. එහිදී ජාත්‍යන්තර සටන්විරාම ගිවිසුමක්‌ අත්සන් කිරීමෙන් ආරම්භ කළ සටන් විරාමය තුළ එම ගිවිසුම කඩකළ ආකාරය සහ ඒ තුළ කොටි සංවිධානය ශක්‌තිමත් වූ ආකාරය සහ අසීරු අවස්‌ථාවන් පියමන් කළ ආකාරය අපි අත්දැක ඇත්තෙමු.

කෙසේ වෙතත් සටන් විරාමයක්‌ මගින් සටන් නැවැත්වීම සඳහා හෝ අවසාන වශයෙන් සාමය උදාකිරීම සඳහා පෙරහුරුවක්‌ ලැබෙන බවට පොදු මතයක්‌ ඇත. එහෙත් සත්‍ය වශයෙන්ම සටන් විරාමයද සටනේම නව උපායමාර්ගික පෙරමුණක්‌ බව තේරුම් ගැනීම අමාරු නැත. ඒ අනුව මෛත්‍රි සහ මහින්ද පාර්ශ්ව අතර මීට පෙර අත්සන් කළ සටන් විරාම වලට සිදුවූයේ කුමක්‌දැයි විමසා බැලිය යුතුය. යහපාලන ආණ්‌ඩුව පළමු සටන් විරාමය යෝජනා කරන්නේ විපක්‍ෂයට ''තුනෙන් දෙකේ'' පාර්ලිමේන්තු බලයක්‌ අත තිබියදීය. එහිදී මෛත්‍රි පාර්ශ්වය විසින් මහින්ද බලවේගයෙන් කොටසක්‌ තමා වෙත දිනාගැනීම සඳහා 19 වැනි සංශෝධනය සම්මත කිරීමේ එක`ගතාවය හෙවත් සටන් විරාම ගිවිසුම ඇතිකරගනු ලැබීය. එම සටන් විරාමය තුළ ආණ්‌ඩුව විසින් තමාට නොතිබූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තමන්ට වාසිදායක අරමුණක්‌ වෙනුවෙන් යොදා ගැනීමට සමත් විය. එම සටන් විරාමයට එරෙහිව අවි එසවූයේ එක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ පමණි.

එම ඊනියා සටන් විරාමය යනු මහින්ද රාජපක්‍ෂ මහතා දෙවන වරටත් පරාජය කිරීම සඳහා යොදාගත් නිර්මාණශිලී නව සටනකි. මහින්ද පාර්ශ්වය විසින් ඒ බව තේරුම් ගන්නා විට ඒ පළමු සටන් විරාමය තුළ මෛත්‍රි පාර්ශ්වය විසින් මහින්ද පාර්ශ්වය තෙවන වරටත් පරාජය කිරීම සඳහා හෙවත් දෙවන සටන්විරාමයකටද අඩිතාලම දමා අවසන් විය. නමුත් ඉන් පසුව පාර්ශ්ව දෙක අතර නැවත සටන ආරම්භ වූ පසුව මෛත්‍රි පාර්ශ්වය ඉතා කෙටි කලකින් අවාසි සහගත තත්වයකට ඇද වැටිණි. ඒ තුළ මහින්ද පාර්ශ්වයේ ශක්‌තිය දිනෙන් දින වර්ධනය වන තත්වයක්‌ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණයද එම පාර්ශ්වයට හිමි වන බව පැහැදිලිව පෙනුනි. එම කාල වකවානුවේදී දේශපාලන සමීකරණය තුළ මෛත්‍රි සාධකය සතු ''ඉඩ'' ක්‍රමයෙන් මහින්ද පාර්ශ්වය විසින් අත්පත්කරනු දක්‌නට ලැබුණි. එම අවාසිසහගත තත්වය ආපසු හැරවීම සඳහා හෙවත් මහින්ද පාර්ශ්වය විසින් ඉතා පහසුවෙන් මහමැතිවරණයේදී බහුතර මන්ත්‍රිවරු ප්‍රමාණයක්‌ දිනාගැනීම වැලැක්‌වීම සඳහා දෙවන සටන්විරාමයක්‌ යෝජනා විය.

එම සටන් විරාමය තුළ මෛත්‍රි- මහින්ද පාර්ශ්ව එකම සන්ධානයක්‌ යටතේ තර`ග වදින තැනට ගෙන ඒමට තුන්වන පාර්ශ්වයක්‌ සමත් විය. ඉතා අවාසිදායක කොන්දේසි යටතේ එක`ග වූ එම සටන්විරාමය තුළ මහින්ද පාර්ශ්වයට ජාතික ලැයිස්‌තු මන්ත්‍රී පදවි පවා අහිමි විය. එම සටන් විරාමය තුළ ජනාධිපතිවරණයේදී ඔවුන්ට ඡන්දය දුන් 58 ලක්‍ෂයක්‌ වූ ඡන්දදායකයින්ගෙන් ලක්‍ෂ 11 ක්‌ අකර්මන්H විය. එහි ප්‍රතිඵලය වූයේ මෛත්‍රි සහ මහින්ද පාර්ශ්ව දෙකටම පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවීමයි. ඒ සමගම මහින්ද පාර්ශ්වය දීර්ඝ කාලීන සටනේ අවාසිදායක සන්ධිස්‌ථානයකට තල්ලු විය. එම දෙවන සටන් විරාම ගිවිසුමේ කොන්දේසි කෙතරම් අවාසිදායක වූවාදයත් ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රීධුර එකක්‌ හෝ බේරා ගැනීමට මහින්ද පාර්ශ්වය අසමත් විය.

දැන් නැවත වටයකින් දේශපාලන සමීකරණය තුළ මෛත්‍රි සාධකයට තම දේශපාලන ඉඩ ආරක්‌ෂාකර ගැනීමේ අවශ්‍යතාවය මතුවී ඇත. මහින්ද පාර්ශ්වයේ ඉඩ වැඩි වන ප්‍රමාණයට සාපෙක්‌ෂව සමීකරණය තුළ මෛත්‍රි සාධකයේ ඉඩ අඩුවේ. එවිට රනිල් සාධකය මත තෙරපීම වැඩිවේ. එය වැළැක්‌විය හැක්‌කේ මහින්ද සාධකය විසින් මෛත්‍රි සාධකයට පහර දී එම ඉඩ අත්පත්කර ගැනීම වැළැක්‌වීම මගිනි. එසේ මහින්ද පාර්ශ්වය දැඩි ප්‍රහාරාත්මක ප්‍රවේශයකට මාරුවීම වැළැක්‌වීම සඳහා සටන්විරාමයක්‌ අවශ්‍ය වේ. ප්‍රධාන වශයෙන් රනිල් වික්‍රමසිංහ සාධකය විසින් හසුරුවනු ලබන දේශපාලන සමීකරණය තුළ ඔහුගේ භූමිකාව පහසුවෙන් ඒකපාර්ශ්වීයව ඉටුකළ හැක්‌කේ මෛත්‍රි -මහින්ද සටන්විරාමයක්‌ තුළ පමණි. දැන් මෛත්‍රි -මහින්ද -ඝෝඨා සන්ධානයක්‌ ගොඩනැගීමේ යෝජනාව තුළින් කෙරෙන්නේ ඒ තුන්වන සටන් විරාම ගිවිසුම සඳහා ආරාධනා කිරීමය. එය ගිවිසුමක්‌ ලෙස හැදින්වුවද එක්‌තරා ආකාරයක මානසික ගිවිසුමක්‌ මිස ලිත ගිවිසුමක්‌ අත්සන් කෙරෙනු බවක්‌ ඉන් අදහස්‌ නොවේ.

එම තුන්වන සටන් විරාම යෝජනාව මගින් දිර්ඝ කාලීන දේශපාලන න්‍යාය පත්‍රයක්‌ දිගහැරෙන බවක්‌ එනම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවක්‌ ගම්‍ය වේ. ඒ අනුව අනාගත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බලාපොරොත්තු වන පිරිස්‌ විසින් මෛත්‍රි සාධකයට පහරදීම සහ එම සාධකයට අයත් දේශපාලන ඉඩ අත්පත්කර ගැනීම නොකළ යුතුය. එනම් විශේෂයෙන්ම මෑත කාලීනව ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට අදාල පාර්ලිමේන්තු ඡන්දයේදී මහින්ද පාර්ශ්වය විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රිවරු තම පැත්තට හරවා ගැනීමට කටයුතු නොකළ යුතුය. මහින්ද පාර්ශ්වය විසින් මෛත්‍රි පාර්ශ්වයට දේශපාලන වශයෙන් තිරණාත්මකව පහරදීම අත්හිටුවන කාලය තුළ මෛත්‍රි පාර්ශ්වය විසින් දැනට තමා සතු මන්ත්‍රිවරුන් පිරිස්‌ ආරක්‍ෂා කර ගැනීමට සමත්වනු ඇත.

කෙසේවෙතත් ඒ ආකාරයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩුවක්‌ පිහිටුවිමට මෛත්‍රිපාල සිරිසේන මහතාට උවමනාවක්‌ තිබෙන බව පෙන්වීම ද සටන් විරාමයක උවමනාව සාධාරණිකරණය කෙරෙන පූර්ව කොන්දේසියකි. ඒ සඳහා යම් මාත්‍රාවකට එහෙත් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයාට සහ මහින්ද පාර්ශ්වයට දැනෙන ආකාරයට රනිල් විරෝධයක්‌ පවත්වාගෙන යා යුතුය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රනිල් විරෝධය යම් අවස්‌ථාවල ව්‍යාජ ර`ගපෑමක්‌ ලෙස පෙනුනත් පොදුජනතාවගේ ඇසින් බලන විට ඔවුන් දෙපළ අතර යම් ප්‍රතිවිරෝධයක්‌ තිබෙන බවක්‌ දක්‌නට ඇත. න්‍යායාත්මකව ගත්විට ඔවුන් අතර බොහෝ ප්‍රතිවිරෝධතා තිබෙන බවට කිසිදු සැකයක්‌ නැත. නමුත් ඔවුන් දෙපළටම එකවිට උපදෙස්‌ දෙන පිරිස්‌ සැබෑ ප්‍රතිවිරෝධතා සමනය කරන බවට හෙවත් අඩු තරමින් ඒවා දේශපාලන ගැටුම් ලෙස මතුවීමට ඉඩ නොදෙන බවටද සැකයක්‌ නැත.

නෝර්වේ රාජ්‍යයයේ ජාත්‍යන්තර ආධාර සංවිධානය වන ''නොරාඩ්'' ආයතනය විසින් 2010 දී ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ ''සාම ක්‍රියාවලිය'' පිළිබඳ ඇගයීම් වාර්තාව තුළ රනිල් - චන්ද්‍රිකා ප්‍රතිවිරෝධය සමනය කර ගැනීමට නෝර්වේ සාම නියෝජිතයා අසමත් වීම පිළිබඳව විශේෂිsතව කරුණු දක්‌වා ඇත. එම වාර්තාව මගින් සාම ක්‍රියාවලියක්‌ ආරම්භ කිරීමේ නාමයෙන් ශ්‍රී ලංකාව තුළ නොර්වේ රාජ්‍යය විසින් කරනු ලැබූ මැදිහත්වීම් අසාර්ථකවීම සඳහා බලපාන ලද හේතු ගැඹුරින් විශේෂණය කොට ඇත. වෙනත් වචන වලින් කියන්නේ නම් නෝර්වේ සාම නියෝජතයාට සටන් විරාම ගිවිසුමක්‌ සහ ඒ හා බැඳුණු තාවකාලික ආණ්‌ඩු විසදුම මගින් සුඩානය බෙදා වෙන්කළ හැකි වුවත් ශ්‍රී ලංකාව තුළ එම ක්‍රියාවලිය අසාර්ථක වන්නේ කුමක්‌ නිසාදැයි එම වාර්තාව මගින් විග්‍රහකොට ඇත. එම වාර්තාවට අනුව එසේ ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට සිදුවූ ප්‍රධානතම වරදක්‌ වන්නේ රනිල්-චන්ද්‍රිකා ප්‍රතිවිරෝධය සමනය කිරීමට නොහැකි වීමය. ඒ අනුව අද ''සංහිදියා ක්‍රියාවලිය'' ලෙස හදුන්වන එදා ''සාම ක්‍රියාවලිය'' 2002 සිට රාජ්‍යතාන්ත්‍රිකව නැවත ආරම්භ කිරීමට ජාත්‍යන්තර බලවේග සමත්වී ඇති තත්වයක්‌ තුළ එදා සිදුවූ වරද අද සිදුවීමට ඔවුන් ඉඩක්‌ ඉඩක්‌ නොතබන බවට කිසිදු දැකයක්‌ නැත.

කෙසේ වෙතත් මෛත්‍රි - රනිල් දෙපළ අතර සමනය කළ නොහැකි ප්‍රතිවිරෝධයක්‌ තිබේනම් ශ්‍රී ලංකාවට සතුරු බලවේග විසින් එම සුවිශේෂී ප්‍රතිවිරෝධය තමන්ගේ මූලික අරමුණ සාක්‌ෂාත් කර ගැනීම සඳහාම පමණක්‌ යොදා ගන්නා බවටද සැකයක්‌ නැත. එනම් රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් පහකිරීමට අවශ්‍ය නම් එසේ කරන්නේ ඔහු බලයට ගෙන ඒම මගින් ඉටුකර ගැනීමට අපෙක්‌ෂා කළ අරමුණ සඳහාම පමණි. උදාහරණයක්‌ ලෙස බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා ගෙනඑනු ලබන ව්‍යවස්‌ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීම සඳහා ''රනිල් විරෝධය'' අවශ්‍ය නම් ඊට වැඩෙන්නට ඉඩලැබෙනු ඇත. එයට හේතුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීම සඳහා රනිල් සාධකයට වඩා මෛත්‍රි සාධකය වඩා තීරණාත්මකව වැදගත් වීමය. එනම් ශ්‍රී ලංකාවේ දේශපාලන සමීකරණය තුළ රනිල් සාධකය නියතයක්‌ වන අතර මෛත්‍රි සාධකය විචල්‍යයක්‌ වේ.

ඉහත සඳහන් කළ ආකාරයට එම දේශපාලන සමීකරණයේ එකිනෙකා මත බලපෑම් ඇතිකරමින් වෙනස්‌වන ප්‍රධාන සාධක දෙක වන්නේ මෛත්‍රි සහ මහින්ද යන සාධකයි. මෛත්‍රි සාධකය වැඩෙන තරමට මහින්ද සාධකය කුඩා වේ. ඊට ප්‍රතිවිරදේධ ක්‍රියාවද ඒ ආකාරයටම සිදුවන බව 2015 ජනවාරි 1දා සිට ගතවූ කාලය තුළ ඉතා පැහැදිලිව දක්‌නට ලැබුණි. ඒ අනුව මහින්ද සාධකය ස්‌වෙච්ඡාවෙන් කුඩා වන්නේ නම් එහි වාසිය ලබාගනිමින්a මෛත්‍රි සාධකයට දේශපාලන සමීකරණයේ වැඩි ඉඩක්‌ අත්පත්කර ගැනීමට හැකිවේ. ආණ්‌ඩුවට සහ විපක්‍ෂයට එක විට උපදෙස්‌ දෙන පිරිස්‌ මහින්ද සාධකයට එසේකුඩා වීමට බලකරන්නේ මෛත්‍රි - රනිල් ප්‍රතිවිරෝධය වර්ධනය වීමට ඉඩදීමේ නාමයෙනි. එනම් මහින්ද සාධකය ප්‍රහාරාත්මක ප්‍රවේශයකට මාරු වුවහොත් මෛත්‍රි සාධකය දුර්වල වීම නිසා රනිල් සාධකය බලවත් වනු ඇත. යන තර්කය ගොඩනගමිනි. වෙනත් වචන වලින් කියන්නේනම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩුවක්‌ සැදීම සඳහා මහින්ද සාධකය ස්‌වෙච්ඡාවෙන් කුඩා විය යුතු අතර මෛත්‍රි සාධකය සතු දේශපාලන ඉඩ අත්පත්කර ගැනීම සඳහා උපාය මාර්ගික තේරීම් සිදු නොකළ යුතුය.

නමුත් මේ දෙපැත්තටම උපදෙස්‌ දෙන උපදේශකයින් ඉතා හොදින් දන්නා පරිදි මෛත්‍රි සාධකයේ දේශපාලන ඉඩ ආරක්‍ෂාකර දීම සඳහා මහින්ද පාර්ශ්වය එක`ග කර ගැනීම පහසු නැත. ඒ නිසා ඔවුහුq එම සමීකරණයට තුන්වන සාධකයක්‌ ඇතුල්කොට මෛත්‍රි - මහින්ද-ගෝඨා සන්ධානයක්‌ අවශ්‍ය බව අවධාරණය කරති. ඔවුන් ඒ තුන්වන සාධකය තේරීමේදී ඊළ`ග ජනාධිපතිවරණයේදී වඩා වැඩි ශඛ්‍යතාවය සහිත සහ මහින්ද පාර්ශ්වයට පමණක්‌ නොව පොදුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටද පිළිගත හැකි නායකත්වයක්‌ සොයා ගෙන ඇත. ඒ මගින් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ට ලබාදෙන පණිවිඩය වන්නේ ඊළ`ග ජනාධිපතිවරණය මෛත්‍රි - රනිල් සටනක්‌ බවට පත්වීමට ඉඩ නොදී ගෝඨා-රනිල් සටනක්‌ බවට පත්කළ යුතු බවය. එම පණිවිඩයේ යටි පණිවිඩය වන්නේ ඒ සඳහා මෛත්‍රි සාධකය එක`ගකරගත හැක්‌කේ එම තුන් ඇදුතු සන්ධානය මේ මොහොතෙaදී ගොඩනැගුණහොත් පමණක්‌ බවය. ඉන් පැහැදිලි වන්නේ 2020 දක්‌වා දිගු කෙරෙන කැරට්‌ අලයක්‌ දෙස බලාගෙන මේ නිශ්චිත මොහොතේ මෛත්‍රි සාධකයේ දේශපාලන ඉඩ ආක්‍රමණය නොකළ යුතු බවය. ඉහත සඳහන් කළ පරිධි මෛත්‍රි - මහින්ද තුන්වන සටන් විරාමය සාර්ථක වන්නේ මහින්ද පාර්ශ්වය විසින් එම න්‍යායාත්මක පදනම පිළිගන්නේනම් පමණි. එම න්‍යාය පිටුපස සැගව ඇති සැබෑ උපාය මාර්ගික අරමුණ වන්නේ එම එම සටන් විරාමය තුළ ඇතිකෙරන දීර්ඝකාලීන සුභවාදී පින්තූරය පෙන්වමින් බෙදුම්වාදී ව්‍යාවස්‌ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරය ලබාගැනීමය. මහින්ද පාර්ශ්වය විසින් සටන් විරාම යෝජනාව නොසලකා යුද්ධ ප්‍රකාශකළහොත් මෛත්‍රි පාර්ශ්වයට විශේෂ බහුතරය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරු සංඛ්‍යාව ආරක්‍ෂා කර ගැනීමට නොහැකිවනු ඇත.

මෙම තෙවන සටන්විරාම ගිවිසුම මහින්ද පාර්ශ්වයට ගිල්ලවිය හැක්‌කේ ඒ මගින් ඉදිරි වසර දෙක අවසානයේදී ඉතා පහසුවෙන් ආන්ඩුව පරාජය කළ හැක යන මතය තහවුරු කිරීමෙනි. පවතින ආන්ඩුව පරාජය කොට නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නම් එම ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කළ යුතුය යන මූලධර්මය ඒ මගින් යටපත් වේ. එනම් බෙදුම්වාදී ව්‍යවස්‌ථා සංශෝධනය පරාජය කිරීම යනු ආණ්‌ඩුව පරාජය කිරීමේ සටනේ ප්‍රමුඛතම සටන්බිම බව අමතක කෙරේ. වසර දෙකකට පසුව ආණ්‌ඩු බලය ඉතා පහසුවෙන් 'ඔඩොක්‌කුවට'' කඩා වැටේ නම් ඊට පෙර ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කිරීම ස\හා මහන්සි වී සටන් කරන්නේ කුමකටද? එම ''අලස න්‍යාය'' වෙනත් මූලධර්මයක්‌ මත අනුමත කරමින් ආන්ඩුවේ න්‍යාය පත්‍රයට අභියෝගයකින් තොරව ඉදිරියට ගමන් කිරීමට ඉඩ දිය යුතුය යන මතය දරණ තවත් පාර්ශවයක්‌ ද මහින්ද පාර්ශ්වය තුළ සිටියි.

ඔවුන් තම ප්‍රවේශය සාධාකරණිකරණය කරන්නේ ආණ්‌ඩුව මහජන අප්‍රසාදයට ලක්‌වීමට ඉඩදී ඉන්පසුව පහසුවෙන් බලය ලබාගත හැක යන තර්කය මතය. එනම් ආණ්‌ඩුවේ දුෂ්ඨ න්‍යාය පත්‍රය පරාජය කිරීමේ ''පින් බලයෙන්'' බලයට පත්වනවා වෙනුවට ආණ්‌ඩුවේ ''පවු බලයෙන්'' බලයට පත්වීමයි. මහින්ද පාර්ශ්වය තුළ සිටින එම මතය දරන පිරිස ඒ තුළ මතවාදී බලයකට වඩා සංවිධානමය බලයක්‌ සහිත පිරිසකි. නමුත් එම සංවිධානමය බලය භාවිතාකොට මතවාද වෙනස්‌ කිරීමට ඔවුන් අතීතයේදී සමත්වී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට මහින්ද රාජපක්‍ෂ මහතා තුන්වන වරටත් පරාජය කිරීම සඳහා මෛත්‍රි පාර්ශ්වය විසින් පාර්ලිමේන්තු මැතිවරණය ආශිතව ඉදිරිපත් කළ ''දෙවන සටන්විරාම'' ගිවිසුම අත්සන් කිරීම සඳහා මහින්ද පාර්ශ්වය මතවාදීව පොළඹවනු ලැබුයේ එම පිරිස විසින් බවට මතයක්‌ සමාජගත වී ඇත. ඔවුහු ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා තමා සතු බලය යොදවනවා වෙනුවට අනාගත සටනක්‌ සඳහා සේනා සංවිධානය කරති. එම තේරීම සමාන කළ හැක්‌කේ සතුරා බලකොටුවට පහරදෙන විට එය ඇද වැටීමට ඉඩ හැර ඉන්පසුව වෙනත් ස්‌ථානයක රාජධානිය පිහිටුවීම සඳහා ආහාර රැස්‌කරමින්, ආයුධ තලමින් සහ සේනා පුහුණු කරමින් අනාගත සටනකට සූදානම්වන තත්වයකටය. එම ප්‍රවේශය සහ සතුරා සම`ග සටන් විරාමයකට එළඹවීම අතර උපාය මාර්ගික වශයෙන් වෙනසක්‌ නැත. ඒ ආකාරයෙන් කුමන ආකාර දෙකෙන් සතුරාට මුහුණ දුන්නත් සතුරාගේ දීර්ඝ කාලීන අරමුණු සහිත කොටිකාලීන න්‍යාය පත්‍රය අවුල් වන්නේ නැත.

කෙසේවෙතත් ආණ්‌ඩුවට සහ විපක්‍ෂයට එක්‌විට උපදෙස්‌ දෙන පිරිස්‌ වලට අවශ්‍ය වන්නේ ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රය ආරක්‍ෂා කිරීමට මිස ආණ්‌ඩුව පවතින ආකාරයෙන්ම දිර්ඝකාලීනව ආරක්‍ෂා කිරීම නොවේ. ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කළහොත් ඉන්පසුව එම ජයග්‍රහණය ආරක්‍ෂා කිරීම සඳහා ආන්ඩුව පරාජය කළ යුතු නම් එම උපදේශකයින් ඒ සඳහා බලවේග පෙළගස්‌වනු ඇත. එවැනි අවස්‌ථාවක එම උපදේශකයින් වඩා කැමති විය හැක්‌කේ ආණ්‌ඩුවේ ''පවු'' වල ''පිනෙන්'' බලයට පත්වීමට සිහින දකින පිරිසට මිස සටන් විරාමයකට සූදානම් වන පිරිසට නොවේ. ඇත්තවශයෙන්ම එම උපදේශකයින්ගේ න්‍යාය පත්‍රය සහ ආණ්‌ඩුවේ න්‍යායා පත්‍රය අතර ඇත්තේ සුළු වෙනසකි. උපදේශකයින්ගේ න්‍යාය පත්‍රය තුළ ආන්ඩුවේ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම අඩංගුවන අතර ඊට අමතරව ආණ්‌ඩුව සහ විපක්‍ෂය යන පාර්ශ්ව දෙකම හැසිරවීමට අදාල න්‍යාය පත්‍රයද අඩංගු වේ. ඒ මහා න්‍යාය පත්‍රය පරාජය කිරීමෙන් තොරව ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කළ නොහැක.

විපක්‍ෂ බලවේග සටන්විරාම දෙස හෝ ආණ්‌ඩුවේ පවු පලදෙන තෙක්‌ බලා සිටිය හොත් රටට හතුරු බලවේගවල මහා න්‍යාය පත්‍රය ජයග්‍රහණය කරන බවට කිසිදු සැකයක්‌ නැත. එය වැළැක්‌විය හැක්‌කේ සමාජය උද්දීපනය කරන සහ ඒ තුළ නව බලාපොරොත්තු ඇති කරන මහා ජන බලවේගයක්‌ ගොඩ නැගීමෙන් පමණි. එම ජන බලවේගය විසින් රට අවුලින් මුදවා ගන්නා උපාය මාර්ගික සැලසුම පමණක්‌ නොව තමා බලයට පත්වීමෙන් පසුව ජනතා අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්‌ථාවේ සැබෑ කෙටුම්පතක්‌ද රටට ඉදිරිපත් කළ යුතුය. එදා 1994 සිට අද දක්‌වා විවිධ දේශපාලන බලවේග විසින් ව්‍යවස්‌ථා වෙනසකට අදාළව රටට ඉදිරිපත් කළේ පොරොන්දු පමණි. ඒ නිසා මෙවර පොරොන්දු වෙනුවට මහජන අදහස්‌ මත සකස්‌කළ ව්‍යවස්‌ථාවක්‌ මහජනයාගෙන් බලය ඉල්ලා සිටීමට පෙර ඔවුන් වෙත ඉදිරිපත් කළ යුතුය. එම ක්‍රියාවලිය තුළ බලයට පත්වීමෙන් පසු මහජනයා නැවත රැවටීමට ලක්‌නොවන බවට ප්‍රභල සහතිකයක්‌ ලැබිය යුතුය.

එවැනි තත්වයක්‌ තුළ චන්ද්‍රිකාගේ ''ව්‍යවස්‌ථා පැකේජයට'' රනිල් වික්‍රමසිංහ මහතා ගිනිතබා පරාජය කළ ආකාරයට ''රනිල්ගේ ව්‍යවස්‌ථා පැකේජයට'' මහින්ද රාජපක්‍ෂ විසින් ගිනි තැබීම මහජනයා විසින් සාධාරණිකරණය කරනු ඇත. එවිට ඒ මහා බලවේගයට පමණක්‌ නොව ඒ ක්‍රියාදාමයටද අවනත වීම හැර අන් විකල්පයක්‌ මෛත්‍රි පාර්ශ්වයට මෙන්ම සෙසු විපක්‍ෂ බලවේගවලටද ඉතිරි නොවනු ඇත. ඉන් පසුව එනම් ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රය පරාජය කිරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ නම් වූ ජනාධිපති අපේක්‌ෂකයාට මුහුණදෙන්නේ කෙසේද ඒ සඳහා ඔහු විසින් පෙන්වූ ආදර්ශය එනම් තමා වෙනුවට මෛත්‍රිපාල සිරිසේන නම් වූ ජනාධිපති අපේක්‍ෂකයා යොදා ගැනීමේ ආදර්ශය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට ඉතිහාසය විසින් මහින්ද පාර්ශ්වයට අවකාශය ලබාදෙනු ඇත. ඔවුන් විසින් ඒ අකාරයට ඉතිහාසයට සාධාරණය ඉටු නොකළහොත් ඒ වරද අවසන් වන්නේ රට දෙකඩවී ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වීමෙනි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

4/09/2017

දේශිය යුද අපරාධ යාන්ත්‍රණයක්‌ සදහා පාර්ලිමේන්තුවට ගෙනෙන නව පනත

කතෘ:යුතුකම     4/09/2017   No comments
-වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර -

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත නමින් හැඳින්වූ ඊට අදාළව අර්ධ අධිකරණ කොමිසමක්‌ පිහිටුවීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර ආණ්‌ඩුව විසින් රහසිගතව ඒ හා බැඳුනු වෙනත් නීතියක්‌ද සම්මත කිරීම සඳහා මුලපුරනු ලැබීය. ඒ 2016 මැයි 25 දින ''බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සිදුකිරීම වැලැක්‌වීමේ'' ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලංගු කිරීමෙනි. එම ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලංගුකිරීමේ යෝජනාවක්‌ හෝ අදාළ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීය. ඒ වෙනුවට ඉතා සූක්‍ෂමව අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත ඉදිරිපත් කිරීමේ යෝජනාව සම`ග ගැටගසා වක්‍රව ඊට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගැනුනි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමක්‌ සිදු නොවූ අතර ඒ නිසාම මහජන අවධානයද යොමු නොවීය. ඒ අනුව එම ජාත්‍යන්තර ප්‍රඥප්තිය 2016 ජුනි මස 24 දින සිට ශ්‍රී ලංකාවට අදාළව ක්‍රියාත්මක වේ.

දැන් එම ප්‍රඥප්තිය අප රටේ නීතියට ඇතුල්කොට බලාත්මක කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල්කොට ඇත. එම නව පනත මගින් මීට පෙර සම්මත කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මගින් පිහිටුවීමට නියමිත අර්ධ අධිකරණ කොමිසම තවදුරටත් ශක්‌තිමත් කෙරෙයි. ඊට අමතරව අතුරුදන් කිරීම් පිළිබඳ චෝදනා ලබන්නන්ට එරෙහිව Rජුව මහාධිකරණයේ නඩු පැවරීමටද ප්‍රතිපාදන සැලසේ. එසේම එම නව පනත මගින් ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාව විසින් ඇතිකරගනු ලබන බැදීම් සියල්ල ඉටු කිරීම සඳහා නීතිමය ආවරණය සැපයේ. එම බැදීම් අනුව අතුරුදන් කිරීම පිළිබඳව චෝදනා ලබන ශ්‍රී ලාංකිකයකුට විරුද්ධව වෙනත් සාමාජික රටක්‌ විසින් නඩු පවරනු ලබන අවස්‌ථාවක එම චූදිතයා එම රටට පිටුවහල් කිරීමට පවා ශ්‍රී ලංකා රජය බැදී සිටියි. ඒ ආකාරයටම වෙනත් සාමාජික හෙවත් ''සම්මුති රාජ්‍යයක'' පුරවැසියෙක්‌ට විරුද්ධව එම අපරාධය යටතේ ශ්‍රී ලංකාවේදී නඩු පැවරිය හැක.

ජාත්‍යන්තර නීතිය යටතේ පුද්ගලයින් අතුරුදන් කිරීම මානව සංහතියට එරෙහිව කරනු ලබන අපරාධ ගණයට වැටෙන යුද අපරාධයකි. ඒ අනුව මෙම නව පනත මගින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව එම චෝදනා එල්ලවන්නේ නම් ඔවුන්ට විරුද්ධව ශ්‍රී ලංකාව තුළදී විශේෂ මහා අධිකරණයකදී අපරාධ නඩුවක්‌ පැවරිය හැක. එසේම ඉහත සඳහන් කළ ආකාරයට එසේ චෝදනා ලැබූවකට විරුද්ධව දෙමළ ඩයස්‌පෝරාව විසින් වෙනත් රටකදී පැමිණිලි කළහොත් ඔහුට විරුද්ධව එම රටේදී නඩු පැවරීමට සහ පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටීමට ජාත්‍යන්තර නීතිය යටතේ බලය ලැබේ. එම රට සහ ශ්‍රී ලංකාව අතර චූදිතයින් පිටුවහල් කිරීම පිළිබඳ ගිවිසුමක්‌ නොමැති වුවද මෙම නව නීතිය මගින් එම අඩුව සැපිරේ. විවිධ ආකාරයේ යුද අපරාධ පිළිබඳව ශ්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව අභූත චෝදනා එල්ල වුවත් පහසුවෙන් විශාල පිරිසකට දඩුවම් කළ හැක්‌කේ අතුරුදහන් කිරීම නමැති යුද අපරාධය යොදා ගනිමිනි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඒ ආකාරයට ජාත්‍යන්තර නීතියට යටත් කෙරෙන මෙම පනත පාර්ලිමේන්තුවේදී පළමුවර කියවීමෙන් පසුව දින 7ක්‌ තුළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයකට ලක්‌ වූයේ නැත. ඉතා පැහැදිලිව පෙනෙන ආකාරයට අප රටේ පුරවැසියන් ජාත්‍යන්තර අපරාධ නීතියට ගොදුරු කිරීමට නීති හැදීම සඳහා එම පුරවැසියන් විසින් තම පරමාධිපත්‍යයේ බලය පාර්ලිමේන්තුවට පවරා නැත. ඒ නිසා එවැනි පනතක්‌a සම්මත කිරීම ව්‍යවස්‌ථා විරෝධී වේ. එම තත්ත්වය තුළ එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්‌වූවා නම් එය අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත අවශ්‍ය වීමට ඉඩ තිබුණි. ඒ පිළිබඳව දැනුම්වත් වී අවසාන මොහොතේදී එම පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කිරීමට රටට ආදරය කරන් නීතිඥවරුන් පිරිසක්‌ විසින් උත්සාහයක්‌ ගනු ලැබීය. නමුත් දින 7යි විනාඩි 1ක්‌ ගතවී තිබූ බැවින් පෙත්සම බාර ගැනුනේa නැත.

මෙම නව පනත දෙස බැලු බැල්මට පෙනෙන්නේ ඒ මගින් අතුරුදන් කිරීම් පිළිබඳ චෝදනා එල්ල වන පිරිස්‌වලට Rජුව මහාධිකරණයේදී නඩු පැවරිය හැකි බවයි. මතුපිටින් කල්පනා කරන අයෙකුට එය ඉතා හොඳ දෙයක්‌ ලෙස පෙනිය හැක. නමුත් ජාත්‍යන්තර ප්‍රඥප්තිය මහාපරිමාණයෙන් උපාංගයක්‌ ලෙස යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ මෙහෙයුමක්‌ දියත් කිරීමට එම පනත මගින් ඉඩ සැලසේ. කෙසේ වෙතත්, නීතියක්‌ තිබූ පමණින් එම නීතිය රජය විසින් පොදු සමාජ යහපතට යොදා ගන්නවා යෑයි සම්මතයක්‌ ලෝකයේ නැත. ලෝකයේ ඕනෑම රජයක්‌ රටේ නීති පද්ධතිය තම දේශපාලන උවමනාවන්ට අනුව ක්‍රියාත්මක කරන බව ප්‍රසිද්ධ රහසකි. අප රටේ පොදු දේපළ පනත සැබෑ ලෙසම ක්‍රියාත්මක කරනවා නම් රටේ දේශපාලනඥයින් සහ නිලධාරීන්ගෙන් අඩකට වඩා සිරගෙවල්වල ලැගීමට සිදුවනු ඇත. නමුත් එම නීතිය ක්‍රියාක්‌මක වන්නේ රජයේ දේශපාලන සතුරන් දඩයම් කිරීම සඳහා පමණි.

අතුරුදන් කිරීම වැලැක්‌වීම සඳහා අප රටේ රජයට අවංක උවමනාවක්‌ තිබේ නම් පරිපාලන ක්‍රියාමාර්ග සහ දණ්‌aඩනීති සංග්‍රහයේ පවතින නීති යටතේද එය කළ හැක. අවශ්‍ය නම් දණ්‌aඩනීති සංග්‍රහය සංශෝධනය කොට අදාළ ප්‍රතිපාදන තවදුරටත් ශක්‌තිමත් කළ හැක. එසේනම් ජාත්‍යන්තර සංවිධානවලට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇ`ගිලි ගැසිය හැකි ආකාරයට නව පනතක්‌ සම්මත කරන්නේ කුමක්‌ නිසාද? එම නව පනත මගින් අපරාධකරුවනට එරෙහිව නඩු පවරනවාට අමතරව අණදීමේ වගකීම මත නම් කරනු ලබන හමුදා නිලධාරීන් එම අපරාධයට පටලවා ගැනීමට ඉඩ ලැබේ. එම අධිකරණය ඉතා පැහැදිලිවම දේශීය යුද අපරාධ අධිකරණයකි. අනෙක්‌ පැත්තෙන් එම නව නීතිය මගින් ජාත්‍යන්තර ප්‍රඥප්තියේ කොන්දේසි දේශීය නීතිය තුළ බලාත්මක කෙරේ. මෙම නව පනත මගින් මීට පෙර සම්මත කළ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත හරහා පිහිටුවීමට නියමිත අර්ධ අධිකරණ කොමිසමේ කටයුතු වලට මැදිහත්වීමටද විවිධ ජාත්‍යන්තර බලවේගවලට ඉඩ සැලසේ. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලන අර්ධ අධිකරණ කොමිසමේ කටයුතුවලට සාක්‌ෂි ආඥාපනත අදාළ නොවේ. එම නිසා එහිදී දරුස්‌මාන් කොමිසම හමුවේ බොරු චෝදනා සහ සාක්‌ෂි ඉදිරිපත් කිරීම සඳහා ''ආදර්ශ පැමිණිලි පත්‍රිකා'' යොදාගත් ආකාරයට බොරු චෝදනා සහ සාක්‌ෂි තොග වශයෙන් ගොතා ඉදිරිපත් කිරීමට ඉඩ ලැබේ. ඒ සඳහා සාක්‌ෂිකරුවන් පුද්ගලිකව ඉදිරිපත් වීම අවශ්‍ය නොවේ. අන්තර්ජාලය මගින් සහ ලිතව එසේ බොරු චෝදනා සහ සාක්‌ෂි ඉදිරිපත් කළ හැක.

ඒ අනුව තෝරාගත් හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව එම ලැයිස්‌තුව කොතෙක්‌ දිගු වුවත්, චෝදනා ඉදිරිපත්කොට ඊනියා පරීක්‍ෂණයකට පසුව ඔවුන් වැරදිකරුවන් ලෙස නම් කළ හැක. එසේ චෝදනාවන්ට ලක්‌වූ විට එම අර්ධ අධිකරණ කොමිසම මගින් Rජුව දඬුවම් නොකළද ඔවුන් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරුවේ. නව පනත මගින් ඒ සඳහා උපරිම පහසුකම් සැලසේ. නව පනත යටතේ බලාත්මක කෙරෙන අතුරුදන්වීම් වැළැක්‌වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට පාර්ශ්ව කරුවන් වන සම්මුති රාජ්‍යයන්ට සහ ඊට අදාළව පිහිටුවනු ලබන ජාත්‍යන්තර කමිටුවට එසේ මැදිහත්වීමේ බලය ලැබේ. කෙසේ වෙතත් එම ජාත්‍යන්තර කමිටුවට බලය ලැබෙන්නේ යම් සීමාවන් යටතේ පමණි. ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක වීමට පෙර සිදුවූ යම් නිශ්චිත අතුරුදන්වීමක්‌ පිළිබඳව පැමිණිලිs කිරීමට හෝ සොයා බැලීමට එම කමිටුවට බලයක්‌ නැත. නමුත් අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පිහිටුවනු ලබන යාන්ත්‍රණ පිළිබඳ සොයා බැලීමට, වාර්තා කිරීමට සහ බලපෑම් කිරීමට එම කමිටුවට බලය ඇත.

එම තත්ත්වය තුළ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා සාමාන්‍ය නීතිය යටතේ විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවීමේ හැකියාව තිබියදී මෙන්ම ඒ සඳහා ජනාධිපති කොමිසමක්‌ පිහිටුවා තිබියදී විශේෂ නීතියක්‌ මගින් විශේෂ යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේ රහස ද වටහාගත හැක. එම පනත් දෙක මගින් පිහිටුවන ලබන යාන්ත්‍රණවලට මැදිහත්වීම සඳහා ඉඩ සලසන ප්‍රතිපාදන ජාත්‍යන්තර ප්‍රඥප්තියට පමණක්‌ නොව අදාළ පනත් වලට මෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ 2015,30/1 ''යෝජනාවටද ඇතුල්කොට ඇත. නීතිමය බලය හරහා කරනු ලබන මැදිහත්වීම්වලට අමතරව අරමුදල් සැපයීම සහ ඊනියා විශේෂඥ සහය වැනිදේ උපාංග ලෙස යොදා ගනිමින් එසේ මැදිහත්වීමට පුළුල් ඉඩක්‌ විවරකොට ඇත. මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය නීතිගත කිරීමේ පනත වහා සම්මත කළ යුතු බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා තම 2017 පෙබරවාරි 27 - මාර්තු 24 වාර්තාව" මගින් නිර්දේශ කොට ඇත. විදේශ අමාත්‍යවරයා තම කථාවේදී එම පනත වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පොරොන්දු වී ඇත. කෙසේ වෙතත් ආණ්‌ඩුව දැන් නව පනත් කෙටුම්පත සමග පැරණි පනත් හෙවත් තවමත් ක්‍රියාත්මක වීම ආරම්භ නොවූ අතුරුදන් වුවන්ගේ කාර්යාල පනතට අදාළව සංශෝධන පනත් කෙටුම්පතක්‌ ඉදිරිපත්කොට ඇත. එමගින් සංශෝධනය කිරීමට යෝජනා කරන්නේ එක්‌ වගන්තියක්‌ පමණි. ඒ මගින් එම කාර්යාලය හෙවත් අර්ධ අධිකරණ කොමිසම විසින් විදේශ අරමුදල් ලබාගැනීමට ඉඩ සලසන වගන්තිය ඉවත්කොට ඇත. නව පනතින් ඒ සඳහා වඩා පුළුල් අවකාශයක්‌ සපයන බැවින් එම වගන්තිය අවශ්‍ය නැත.

ටී.එන්.ඒ පක්‍ෂය මෙම නව පනත පිළිබඳව පමණක්‌ නොව ඊට පෙර අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත ඉදිරිපත් කිරීමේදී ඉතා උපක්‍රමශිලීව වැඩි ඝෝෂාවක්‌ නොකර සිටීමේ ප්‍රතිපත්තියක්‌ කරන කරන බවක්‌ සහ කළ බවක්‌ පෙනේ. ඔවුන් දැඩි ලෙස ඒ වෙනුවෙන් පෙනී සිටියාහොත් එහි භයානක කම සමාජයට අවධාරණය වේ. ඔවුන් දෙමුහුන් යුද අපරාධ අධිකරණය කල් දැමීමේ යෝජනාවට ආණ්‌ඩුව සම``ග රහසිගතව එක`ගතාවයකට පැමිණෙන්නේ ඒ හිලව්වට මෙම අතුරුදන්වූවන් පිළිබඳ යාන්ත්‍රණ පිහිටුවීම සඳහා බව පැහැදිලිව පෙනේ. මීට පෙර එම පක්‍ෂයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පරිදි 2015 ජිනීවා යෝජනාවට එක`ගතාවය පළකිරීමේදී ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් ඉදිරිපිsටදී ඔවුන් සහ ශ්‍රී ලංකා ආණ්‌ඩුව අතර එක`ගතාවයක්‌ ඇතිකරගෙන ඇත. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක්‌ වෙනුවට දෙමුහුන් යුද අපරාධ අධිකරණයට එක`ග වන්නේ ඔවුන්ගේ වෙනත් ඉල්ලීමකට ආණ්‌ඩුව එක`ග වූ බැවිනි.

ඇත්ත වශයෙන්ම, දෙමුහුන් යුද අපරාධ අධිකරණයක්‌ යනු ආණ්‌ඩුවේ අත කරකැවීම සඳහා යොදාගන්නා දේශපාලන දඬුq අඩුවක්‌ මිස මහා පරිමාණයෙන් හමුදාව දුර්වල කිරීම සඳහා යොදාගත හැකි උපාංගයක්‌ නොවේ. උදාහරණයක්‌a ලෙස ලෝක ප්‍රසිද්ධ වූ කාම්බෝජයේ දෙමුහුන් යුද අපරාධ අධිකරණය මගින් මේ වන විට දඩුවම් කොට ඇත්තේ චූදිතයින් 03 දෙනෙකුට පමණි. ඒ සඳහා 2003 සිට 2017 දක්‌වා වසර 14ක්‌ ගතවිය. ඊට හේතුව එම ක්‍රියාවලිය තුළ සාක්‌ෂි ආඥා පනත් අනුව සාක්‌ෂිකරුවන් කැඳවීමට සහ හරස්‌ ප්‍රශ්න ඇසීමට ඉඩ ලැබීමයි. ඊට අමතරව එහිදී සැකයෙන් තොරව ඔප්පු කිරීමේ භාරය අභිචෝදක වෙත පැවරේ. ඒ අනුව දෙමුහුන් යුද අපරාධ අධිකරණය කල් දැමීමේ හිලව්වට ඉතා ලිහිල් ආකාරයට බොරු චෝදනා සහ සාක්‌ෂි මත චූදිතයින් නම් කළ හැකි සහ දඩුවම් කළ හැකි යාන්ත්‍රණ දෙකක්‌a ලබාගැනීම යනු ටී. එන්. ඒ පක්‍ෂයේ දියුණු උපාය මාර්ගික තේරීමක්‌ නොවේද?

ප්‍රායෝගිකව ගත්විට හමුදාවට එරෙහිව විදේශ විනිසුරන් සහිත දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීම යනු කෙටිකාලීන දේශපාලන මර උගුලකි. දීර්ඝ කාලීනව ඊට වඩා සිය ගුණයකින් භයානක යාන්ත්‍රණයකට එක`ග වීම මගින් දෙමුහුන් අධිකරණ කල්දමා ගැනීම යනු කෙටිකාලීන දේශපාලන ජයග්‍රහණයකි. ජාත්‍යන්තර බලවේග පැත්තෙන් ගත්විටදී එය ඉතා ලාභදායී එකඟතාවයකි. එයට හේතුව දෙමුහුන් යුද අපරාධ අධිකරණයක සැබෑ උපායමාර්ගය වන ඉහළ දේශපාලන නායකයන් දඩයම් කිරීමේ උවමනාව යම් කාලයකට කල් දමා ගැනීම ඔවුන්ට වඩා වාසි සහගත වේ. එය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දමා ගැනීමේ උපාය මාර්ගයකි. එක්‌ පැත්තකින් වඩා භයානක හා කාර්යක්‌ෂම පනත් දෙකක්‌ මගින් ආරක්‍ෂක හමුදාවලට එරෙහිව තොග වශයෙන් දඬුවම් කිරීමේ අවස්‌ථාව උදාවේ. අනෙක්‌ පැත්තෙන් ගත්විට ඒ මගින් දෙමුහුන් යුද අපරාධ අධිකරණ නිර්දේශය ඉවත් කර ගන්නවා වෙනුවට එය යම් කාලයකට කල්දමා ගැනීම පමණක්‌ සිදුවේ. එම කාලය තුළ එම දේශපාලන උවමනාව නිල වශයෙන් ජාත්‍යන්තර න්‍යාය පත්‍රය තුළ දිගින් දිගටම පවතිනු ඇත. එවිට අවශ්‍ය අවස්‌ථාවක එය සක්‍රිය කිරීමට ඉඩ ලැබේ. උදාහරණයක්‌ ලෙස අනාගතයේදී ගෝඨාභය රාජපක්‌ෂ මහතා ජනාධිපති වුවහොත් හෝ මහින්ද රාජපක්‌ෂ මහතා අගමැති වුවහොත් දෙමුහුන් යාන්ත්‍රණය පිහිටුවීමට ශ්‍රී ලංකා රජය කටයුතු- නොකළ බැවින් ජාත්‍යන්තර අධිකරණයක්‌ අවශ්‍ය බවට යෝජනා කළ හැක.

අතුරුදන් වූවන් පිළිබඳ දඩුවම් කිරීම සඳහා යොදාගන්නා ජාත්‍යන්තර සම්මුතිය සහ ඒ හා බැදුණු පනත් දෙක පමණක්‌ නොව 2015,30/1, ජිනීවා යෝජනාවේ 8 වැනි වගන්තිය අනුවද ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට දඬුවම් කිරීම සඳහා අධිකරණමය යාන්ත්‍රණවලට අමතරව පරිපාලන යාන්ත්‍රණයක්‌ සකස්‌වේ. ඒ මගින් චෝදනා එල්ලවන හමුදා නිලධාරීන්ට එසේ චෝදනා එල්ල වූ පමණින් පරිපාලන වශයෙන් දඩුවම් කිරීමේ අවස්‌ථාව උදාවේ. ඊට අනුව එම නිලධාරීන් සේවයෙන් පහකිරීමට, ඔවුන්ගේ සේවය අත්හිටුවීමට, ඔවුන්ගේ උසස්‌වීම් සහ වරප්‍රසාද අහිමි කිරීමට මෙන්ම විදේශගත සේවා අවස්‌ථා හෝ පුහුණු අවස්‌ථා අහිමි කිරීමට ඉඩ සැලසේ. ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ පැත්තෙන් මෙන්ම රටේ ජාතික ආරක්‍ෂාව සහ භෞමික අඛණ්‌ඩතාවය පැත්තෙන් බැලූවිට මෙම තත්ත්වය බරපතළ ජාතික ෙ€දවාචකයක්‌ ලෙස දැකිය හැක. නමුත් එම සැබෑ තත්ත්වය මහජනයා අත්විඳිනුයේ යම් කාලයකට පසුවය. අගමැතිවරයා මෑතකදී ඉතා අගය කරමින් පිළිගත් ඊනියා සංහිඳියාව කාර්ය සාධන බලඇනියේ වාර්තාව මගින් සහ එම වාර්තාව ක්‍රියාත්මක කළ යුතු බව කියන මානව හිමිකම් කොමසාරිස්‌ගේ 2017 පෙබරවාරි/මාර්තු වාර්තාව මගින් ද හමුදා නිලධාරීන්ට පරිපාලන වශයෙන් දඬුවම් කිරීම අවධාරණය කොට ඇත.

නමුත් ආණ්‌ඩුවේ ඉහළ නායකයින් තමා විසින් ඉටුකරනු ලබන කර්ත්‍යවයේ භයානකකම නොදන්නවා යෑයි විශ්වාස කළ නොහැක. ඔවුන් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්මත කළ ආකාරයටම ඉතා සූක්‍ෂම ලෙස සහ බලහත්කාරය යොදාගනිමින් නව පනතද සම්මත කර ගැනීමට ඉඩ ඇත. කෙසේ වෙතත් නව පනත පිළිබඳ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට ගැඹුරු අවබෝධයක්‌ නොමැති තත්ත්වයක්‌ යටතේ පළමු පනත සම්මත කිරීමේදී සිදුකළ ආකාරයට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ නිරුවත පෙන්වීමට අවශ්‍ය නොවනු ඇත. එසේ වුවත් නව පනත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ආණ්‌ඩුව තටයුතු කළ ආකාරයෙන් ඔවුන්ගේ සැබෑ ක්‍රීඩා සැලසුම අවබෝධකර ගත හැක. අදාළ පනත මගින් අතුරුදහන් වැළැක්‌වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය රටේ නීති පද්ධතිය තුළ බලාත්මක කෙරුණත් එම පනත් කෙටුම්පත සම`ග අදාළ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැත. විශේෂයෙන්ම එය වලංගු කිරීමේදී හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බැවින් පනත් කෙටුම්පත සම`ග එය ඉදිරිපත් කළ යුතු බව කුඩා දරුවෙක්‌ට වුවද තේරුම්ගත හැක. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිවෙකු ඒ පිළිබඳව අද වනතුරු විරෝධය පළ කර නැත. එම ප්‍රඥප්තියේ සිංහල හෝ දෙමළ පරිවර්තන කිසිදු වෙබ් අඩවියක දක්‌නට නැත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කරන්නට යන්නේ ගණන් නොදැමූ චෙක්‌පතකටය. අහෝ පරමාධිපත්‍යයේ බලය!

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

4/07/2017

මානව හිමිකම් දඬුඅඬුව : බුරුල් කළාද? තද කළාද?

කතෘ:යුතුකම     4/07/2017   No comments
දෙවන ලෝක යුද්ධයෙන් පසුව අධිරාජ්‍යවාදීන්ගේ භූ දේශපාලන උවමනාවන්ට අනුව ලෝක සිතියම නැවත සලකුණු කිරීමේ උපාය මාර්ගය තුළ රටවල් බෙදා වෙන්a කිරීමේ රාජ්‍ය තාන්ත්‍රිත මෙහෙයුම්වලට ප්‍රධාන ස්‌ථානයක්‌ හිමි වූ බව රහසක්‌ නොවේ. එහිදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යොදා ගනිමින් කරනු ලැබූ මැදිහත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා ආයුධ සන්නද්ධ මැදිහත්වීම් ද යොදා ගැනිණි. ඒ සඳහා බොහෝ විට ඔත්තු සේවා හරහා පුහුණුකොට ආයුධ සන්නද්ධ කළ කුලී හේවා බල ඇණි එම රටවල ජන කොටස්‌ අතරින්ම සොයා ගැනිණි. එසේ සන්නද්ධ කළ හැකි කුලී හේවා බල ඇණි ලවා බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කිරිම සඳහා යොදාගත් ප්‍රධානතම සටන් පාඨය වූයේ 'zෆෙඩරල්කරණ'' ඉල්ලීමයි.

එසේ ලෝකය පුරා ෆෙඩරල්කරණ රැල්ලක්‌ ඇති කිරීම සඳහා 1950 දශකයේ ආරම්භයට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත ෆෙඩරල් මතවාද ප්‍රචලිත කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්‌ දියත් විය. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්‌ හරහා ඊට අදාළ දේශපාලන නායකයින් පෙළඹවීම සඳහා එම ''ෆෙඩරල් ව්‍යාපෘතිය'' සුවිශේෂී වැඩකොටසක්‌ ඉටු කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ''ෆෙඩරල් ව්‍යාපෘතියේ'' පියා ලෙස සැලකෙන චෙල්වනායගම් මහතා මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම ගෝලීය ෆෙඩරල් ව්‍යාපෘතියේ ආරම්භක අවධියේදීමය. මේ වන විට ලෝකයේ රටවල් 26 ක්‌ බෙදා වෙන් කොට ඇති අතර එසේ බෙදා වෙන් කෙරුණු සෑම රටකටම මුල් වටයේදී වෙනම රාජ්‍යයකට ආසන්න බලතල ලබාදෙනු ලැබූයේ ෆෙඩරල් රාජ්‍ය පාලන මූලධර්මය මතය. නමුත් පැපුවා නිව්ගිනියාවෙන් බටහිර පැපුවා නමින් වෙනම රටක්‌ කඩා වෙන්කොට එම කොටස ඉන්දුනීසියාවට පවරා දීමේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඉතාමත් අත්තනෝමතික ආකාරයට ක්‍රියා කළේය. එසේ පැපුවා නිව්ගිනියාව බෙදා වෙන් කිරීමේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය දේශසීමා සලකුණු කරනු ලැබුයේ සිතියම මත අඩිරූලක්‌ තබා ඉරක්‌ ගැසීමෙනි. ලෝක සිතියම පරීක්‍ෂා කිරීමෙන් ඒ බව වටහාගත හැක.

ඇමෙරිකාවේ දැඩි මැදිහත්වීම මත සම්පත් පිරි බටහිර පැපුවා නම් වූ රට ඉන්දුනීසියාවට පවරන්නේ නැ`ගී එන චීනයට එරෙහිව පලිහක්‌ ලෙස භාවිතා කිරීම සඳහාය. කෙසේ වෙතත් එහිදී බටහිර පැපුවාවේ නොදියුණු ගෝත්‍රික ජනතාව හරහා බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමේ අවශ්‍යතාවක්‌ නොවීය. නමුත් ජාත්‍යන්තර මැදිහත්වීම මත ෆෙඩරල් රාජ්‍ය බිහි කිරීම සඳහා සෙසු සෑම රටකම පාහේ සන්නද්ධ ව්‍යාපාර යොදා ගැනිණි. බෙදා වෙන් කිරීම සඳහා අවසාන වශයෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීමට පෙර එම සන්නද්ධ ව්‍යාපාර දඩමිමා කරගනිමින් සාම සාකච්ඡා සහ සටන්විරාම ක්‍රියාවලි හරහා අතරමැදි මැදිහත්වීම් සඳහා විවිධ බටහිර රටවල් යොදාගනු ලැබීය. සුඩානය බෙදා වෙන් කිරීමේදී සටන්විරාම ක්‍රියාවලිය හරහා වෙනම රාජ්‍යයකට ආසන්න බලතල සහිත පාලන ව්‍යqහයක්‌ ජාත්‍යන්තර ගිවිසුමක්‌ හරහා නිර්මාණය කිරීමට මැදිහත් වූයේ නෝර්වේ රාජ්‍යයයි.

ශ්‍රී ලංකාවේදී ඒ සඳහා අවස්‌ථා දෙකකදී රටවල් දෙකක්‌ මැදිහත් විය. පළමුව බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය මැඩලීමේ නාමයෙන් ඉන්දියාව මැදිහත් වී ව්‍යවස්‌ථානුකූලව ෆෙඩරල් රාජ්‍යයක්‌ නිර්මාණය කළේය. ඉන්පසුව නෝර්වේ රාජ්‍යය මැදිහත් වී සුඩානයේදී ව්‍යවස්‌ථාවට පිටින් සිදු කළ ආකාරයට ජාත්‍යන්තර ගිවිසුමක්‌ හරහා තාවකාලික ආණ්‌ඩුවක්‌ පිහිටුවා එමගින් ඉන්දියාව විසින් ව්‍යවස්‌ථානුකූලව නිර්මාණය කළ ෆෙඩරල් රාජ්‍යය තවදුරටත් සක්‍රිය කිරීමට දැඩි උත්සාහයක්‌ ගනු ලැබීය. ඒ සෑම අවස්‌ථාවකදීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හරහා විවිධ වක්‍ර මැදිහ්වීම් සිදු කළ ද Rජු මැදිහත්වීමක්‌ සිදු වූයේ නැත. ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ උපායමාර්ගය තුළ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය Rජුව මැදිහත් වන්නේ ශ්‍රී ලංකාවේ රජය විසින් බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය යුදමය වශයෙන් සම්පූර්ණයෙන්ම පරාජය කොට දින 3 ක්‌ ඉක්‌ම යාමටත් පෙරය. ආයුධ සන්නද්ධ කුලී හමුදාවේ පරාජයත් සම`ග එක්‌සත් ජාතීන්ගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමට පාර කැපීම සඳහා යොදාගන්නේ පරාජය වූ ආයුධ සන්නද්ධ ව්‍යාපාරයේ දේශපාලන පෙරමුණයි. එතැන් සිට ගෙවී ගිය වසර 7 ක කාලය තුළ ආයුධ වෙනුවට මානව හිමිකම් ආලේප කළ රාජ්‍යතාන්ත්‍රික ද`ඩුඅ`ඩුව යොදා ගනිමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරනු ලැබූ මැදිහත් වීම අද වන විට එහි උච්චතම අවස්‌ථාවට ළ`ගා වී ඇත. මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේදී ඊට එරෙහිව පැවැති බාධක සියල්ල ඔහුගේ පරාජය සම`ග සම්පූර්ණයෙන්ම ඉවත් විය.

යහපාලන ආණ්‌ඩුව බලයට ගෙන ඒමෙන් පසුව මානව හිමිකම් කවුන්සිලය හරහා දියත් වූ එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීම කිසිදු බාධාවකින් තොරව ගමන් කළ හැකි ආකාරයට තැනිතලා මාර්ගයකට අවතිර්ණ විය. ඒ අනුව මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් 2014දී කැඳවූ ශ්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ වාර්තාව සහ ඒ මත පදනම් වූ 2015 30/1 යෝජනාව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා අගය කිරීමෙන් යුතුව අනුමත කළේය. ඔහු එසේ අගය කිරීමෙන් යුතුව අනුමත කළේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා වලට එරෙහිව ද්වේෂ සහගත ලෙස සහ බෙදුම්වාදී බලවේගවලට පක්‍ෂපාතී ලෙස එල්ල කළ යුද අපරාධ චෝදනා මාලාවකි.

එහිදී අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවලට එරෙහිව ජාත්‍යන්තර මැදිහත්වීම සහිත දෙමුqහුන් යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට සහ අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ අර්ධ අධිකරණ කොමිසමක්‌ මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීමට එක`ග විය. ඒ හරහා සාක්‌ෂි ආඥා පනතට යටත් නොවන ආකාරයට ව්‍යාජ සාක්‌ෂිකරුවන් විසින් ඉදිරිපත් කරන යුද අපරාධ චෝදනා මත ආරක්‍ෂක හමුදා සාමාජිකයින් චූදිතයින් බවට පත්කිරීම මගින් ඔවුන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ බලයට ගොදුරු කෙරේ. ඊට අමතරව එවැනි සාක්‌ෂිකරුවන් නොමැති අභූත චෝදනා මත පරිපාලන වශයෙන් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට ද`ඩුවම් කිරීමට ද විදේශ අමාත්‍යවරයා එක`ග විය. රටේ ජනතාවගේ බුද්ධිය පරික්‍ෂා කිරීම සඳහා දැන් ඔහු කියා සිටින්නේ ඔහු විසින් අනුමත කළ යෝජනාවේ දෙමුහුන් අධිකරණයක්‌ පිළිබඳව සඳහන් නොවන බවය. නමුත් 30/1 යෝජනාවේ ක්‍රියාකාරී වගන්ති මාලාවේ අංක 04, 06 සහ 08 යන වගන්ති කියවිය හැකි සාමාන්‍ය ඉංගී්‍රසි දන්නා ඕනෑම පුරවැසියකුට විදේශ අමාත්‍යවරයා එම තනතුරට සුදුසුද නැද්ද යන්න තේරුම්ගත හැක. කෙසේ වෙතත් විදේශ අමාත්‍යාංශය විසින් එම වගන්ති සිංහල භාෂාවට පෙරළීමේදී හිතාමතා එම වගන්තිවල සැබෑ අර්ථය වෙනස්‌ කිරීමට උත්සාහ කළ බවට 'ද අයිලන්ඩ්' පුවත්පත විසින් චෝදනා එල්ල කරනු ලැබීය.

විදේශ අමාත්‍යවරයා විසින් 2017 පෙබරවාරි 28 දින ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේ 34 වැනි සැසියේදී සිදු කළ කතාව මගින් 30 වැනි සැසියේදී එක`ග වූ 30/1, යෝජනාව ඉක්‌මවා යන බරපතළ අමතර යෝජනා ප්‍රමාණයකට ද එක`ග වේ. ඔහු විසින් එක`ග වන අමතර කොන්දේසි මෙවර සමුළුවට මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව තුළ නව නිර්දේශ ලෙස ඇතුළත් කොට ඇත.

ඒ නව එක`ගතාවයන් අනුව ඉදිරි වසර දෙක තුළ ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටින කොන්දේසි උපායමාර්ගික වැදහත්කම අනුව කරුණු 8ක්‌ යටතේ ඉදිරිපත් කළ හැක. ශ්‍රී ලංකා රජයට ''කාලය ලබාදීම'' පිළිබඳව ව්‍යාජ ලෙස විවිධ පෙරමුණුවල සිට විරෝධය පළකරන ටී. එන්. ඒ. පක්‍ෂයේ විවිධ කණ්‌ඩායම් පෙන්වීමට උත්සාහ කරන්නේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට සහන සලසන බවය. නමුත් සමස්‌තය සලකා බැලීමේදී ඉතා පැහැදිලිව පෙනී යන්නේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රමුඛ බටහිර බලවේග ශ්‍රී ලංකා රජයේ අත කරකැවීම සඳහා යොදාගත් ද`ඩු අ`ඩුව ක්‍රම ක්‍රමයෙන් තද කරන බවය. ඉතා පැහැදිලිව පෙනෙන ආකාරයට එසේ කාලය ලබාදෙන්නේ දෙමුහුන් යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමේ කොන්දේසියට පමණි. නමුත් ඒ සඳහා නීතිය සකස්‌ කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්‌වරයා තම වාර්තාවේ සඳහන් කරයි. ඒ අනුව ජනාධිපතිවරයා කොන්ද කෙලින් තියාගෙන කරන්නට උත්සාහ කරන්නේ එම කොන්දේසිය අහෝසි කිරීම නොව කල් දමා ගැනීම බව පැහැදිලිව පෙනේ.

ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ අත කරකවා ඉටුකරවා ගැනීම සඳහා විදේශ අමාත්‍යවරයා සහ මානව හිමිකම් කොමසාරිස්‌වරයා එක`ග වී ඇති අට වැදෑරුම් කොන්දේසි මෙසේ හඳුනාගත හැක. පළමුවැන්න, අතුරුදහන්වීම් වැළැක්‌වීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුළු කිරීමය. ඒ සඳහා වන නව පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇත. නමුත් එම පනත සම්මත කළ පසුව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම`ග ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි භයානක තත්වය පාර්ලිමේන්තුවට ස`ගවා ඇත. එම නව පනත සම`ග බලාත්මක කිරීමට යෝජිත ජාත්‍යන්තර ප්‍රඥප්තියේ පිටපත් ඉංග්‍රීසි හෝ සිංහල හෝ දෙමළ මාධ්‍යවලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නැත. එම නව පනත් කෙටුම්පත අතීතයට බලනොපාන බවක්‌ සඳහන් වුවද එසේ වන්නේ අතුරුදහන් වූ පුද්ගලයින්ට අදාළව පමණි. නමුත් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නමින් පිහිටුවන ලබන අර්ධ අධිකරණ කොමිසමේ කටයුතුවලට බලපෑම් කිරීමට ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් පිහිටුවනු ලබන ජාත්‍යන්තර කමිටුවට සහ සාමාජික රටවලට බලය ලැබේ. එම නව පනත මගින් සාක්‌ෂි ආඥා පනතට පටහැනිව ඉදිරිපත් කරන ව්‍යාජ සාක්‌ෂි මත වැරදිකරුවකු බවට නම් කෙරෙන සෑම හමුදා නිලධාරියකුම ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කෙරේ.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා අවධාරණය කරන දෙවන කොන්දේසිය වන්නේ චෝදනා එල්ල වන හමුදා නිලධාරීන්ට අධිකරණ ක්‍රියාදාමයන්ගෙන් පරිබාහිරව පරිපාලන වශයෙන් ද`ඩුවම් කිරීම සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක්‌ සකස්‌ කිරීමය. ඒ මගින් 2015, 30(1) යෝජනාවලියේ 8 වැනි කොන්දේසිය තවදුරටත් බලාත්මක කෙරේ. ඒ හා බැඳුණුq තුන්වන කොන්දේසිය වන්නේ ආරක්‍ෂා හමුදා ක්‍රියාකාරීත්වය සිවිල් කමිටුවක අධීක්‍ෂණය යටතට පත් කිරීමයි. ඒ මගින් ඔත්තු සේවා ක්‍රියාකාරීත්වය, බඳවා ගැනීම් සහ මිලදී ගැනීම් ආදී රහස්‍ය හමුදා ක්‍රියාකාරකම් සිවිල් පරිපාලනය නමින් රාජ්‍ය නොවන සංවිධානවල අධීක්‍ෂණයට යටත් කිරීමට යෝජනා කෙරේ.

හතරවැනි කොන්දේසිය වන්නේ 2015 30/1 යෝජනාවලියේ 6 වැනි වගන්තිය අනුව දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීම සඳහා නව නීතියක්‌ සම්මත කළයුතු බවය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක්‌ අනුව ද පවතින නීතිය යටතේ දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවිය නොහැක. ඒ සඳහා ජනමතවිචාරණයක්‌ අවශ්‍ය වන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ අවශ්‍ය බව ඔහුගේ මතයයි. ඒ අනුව ඒ සඳහා කල් ලබාදීම අරුමයක්‌ නොවේ. නමුත් ඒ සමගම දේශීය නීතිය යටතේ දේශීය අධිකරණ පද්ධතිය මගින් යුද අපරාධ සඳහා අණදීමේ වගකීමට අදාළව ද`ඩුවම් කිරීම සඳහා නව නීති පැනවිය යුතු බවට නිර්දේශ කොට ඇත. ඉහත සඳහන් කළ අතුරුදහන්වීම් වැළැක්‌වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත යටතේ එසේ අණදීමේ වගකීම සොයා ද`ඩුවම් කිරීමට ඉඩ සැලසේ.

පස්‌වැනි කොන්දේසිය වන්නේ සත්‍ය සෙවීමේ නාමයෙන් කොමිසමක්‌ පිහිටුවීමයි. ඒ සඳහා නව නීතියක්‌ පැනවිය යුතු බව සඳහන් වන අතර ඊනියා සංහිඳියා කාර්ය සාධක බල ඇණියේ නිර්දේශ අනුව එය සිදු කළ යුතු බවට ද බල කෙරේ. එම කාර්ය සාධක බල ඇණිsය හරහා 2015.30.01 යෝජනාවලියේ සඳහන් සත්‍ය සෙවීම, වගවීම, පිළිසකර කිරීම සහ ගැටුම් නැවත ඇතිවීම වැළැක්‌වීම නාමයෙන් ඉදිරිපත් කෙරෙන බලය බෙදීමේ යෝජනා ක්‍රියාත්මක කිරීම යන කරුණු 4 පිළිබඳවම අධීක්‍ෂණය කිරීමට යෝජනා කෙරේ. ඒ හරහා ජාත්‍යන්තර ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානවලට ද එම ක්‍රියාවලියට මැදිහත්වීමට ඉඩ සැලසේ. ඒ සඳහා ජාත්‍යන්තර ගිවිසුමක්‌ අත්සන් කිරීමට වැඩි ඉඩක්‌ ඇත. ඒ අනුව Rජු ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ සඳහා අවශ්‍ය ඉඩකඩ සංහිඳියා කාර්යයසාධක බල ඇනිය හරහා ලබාගනු ඇත.

හයවැනි කොන්දේසිය වන්නේ ව්‍යවස්‌ථාව ඇතුළු නීති පද්ධතිය තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්‌කරණයි. එහිදී ආණ්‌ඩුව විසින් දියත්කොට ඇති ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය අගය කරන අතර ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කිරීමට යෝජනා කෙරේ. ඒ මගින් එම පනත යටතේ චෝදනා ලැබ සිටින සහ ද`ඩුවම් ලැබූ හිටපු කොටි ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කිරීමට යෝජනා කොට ඇත. ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ මෙහෙයුම් කමිටුව විසින් එම සභාවට අතුරු වාර්තාවක්‌ ඉදිරිපත් කොට ඇති බවට මානව හිමිකම් කොමසාරිස්‌වරයා තම වාර්තාව හරහා ව්‍යාජ සටහනක්‌ද යොදා ඇත. ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය කඩිනමින් ඉදිරියට ගෙනයාම සඳහා ඔහු තුළ වන උවමනාව ඒ තුළින් පැහැදිළි වේ.

හත්වැනි කොන්දේසිය වන්නේ එක්‌සත් ජාතීන්ගේ ඊනියා මානව හිමිකම් න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා දින වකවානු සහිත මාර්ග සිතියමක්‌ සකස්‌ කිරීම සහ එය අධීක්‍ෂණ්‍ය කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ගේ ශාඛා කාර්යාලයක්‌ පිහිටුවීමයි. එම ඉල්ලීම ටී.එන්.ඒ. මන්ත්‍රී සුමන්තිරන් මහතා විසින් දැඩි ලෙස අවධාරණය කොට ඇත. ඊට අමතරව දැනට ශ්‍රී ලංකාව විසින් ලබාදී ඇති විවෘත ආරාධනාව අනුව අදාළ එක්‌සත් ජාතීන්ගේ විශේෂ බලයලත් නිලධාරීන් ද එම අධීක්‍ෂණ ක්‍රියාවලියට සහභාගි කර ගත යුතු බවට ද කොන්දේසි පනවා ඇත. මෙම යාන්ත්‍රණය මගින් නිශ්චිත සැලසුමක්‌ සහ කාල රාමුවක්‌ යටතේ ශ්‍රී ලංකාවේ අත කරකවමින් ඉදිරියට ඇදගෙන යාමට ඔවුන් සැලසුම් කරන බව පැහැදිලිව පෙනේ.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් 8 වැනි කොන්දේසිය ඉදිරිපත් කරන්නේ සාමාජික රටවලටමය. ඒ මගින් ඔහු නිර්දේශ කරන්නේ ශ්‍රී ලංකාවේදී යුද අපරාධ චෝදනාවට ලක්‌වන හමුදා නිලධාරීන්ට සාමාර්ක රටවලදී නඩු පවරන ලෙසය. මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති අතුරුදහන්වීම් වැළැක්‌වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත වුවහොත් ඒ සඳහා ප්‍රබල යාන්ත්‍රණයක්‌ සකස්‌ වේ.

ඒ සියල්ල අනුව 2015, 30/1 යෝජනාවේ අඩංගු සියලූ කොන්දේසිවලට අමතරව නව කොන්දේසි ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති බව දැන් ඉතා පැහැදිලිව පෙනේ. එසේම ඒවා ක්‍රියාත්මක කිරීම, අධීක්‍ෂණය කිරීම සඳහා ද යාන්ත්‍රණ නිර්දේශ කොට ඇත. ඒ සමස්‌ත ''පැකේජය'' තුළ ඉතා වැදගත් නව ප්‍රවේශයන් දෙකක්‌ දැක ගත හැක. පළමු වැන්න නිශ්චිත කාලරාමුමවක්‌ තුළ දින වකවානු සහිතව අදාළ කොන්දේසි ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා අධීක්‍ෂණ යාන්ත්‍රණයක්‌ නිර්දේශ කිරීමයි. දෙවැන්න ශ්‍රී ලංකාවේ අගමැතිවරයා විසින් ඉතා ඉහළින් පිලිගෙන ඇති ඊනියා සංහිඳියා කාර්ය සාදක බල ඇනියේ වාර්තාව ක්‍රියාත්මක කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් නිර්දේශ කිරීමයි. එම වාර්තාව මගින් ආරක්‍ෂක හමුදාවලට එරෙහිව ගතයුතු පියවර රාශියක්‌ නිර්දේශ කොට ඇත. ඒ සියල්ල මගින් ශ්‍රී ලංකාවේ ගෙල සිරකිරිම සඳහා යොදාගත් ද`ඩුඅ`ඩුව කාලය ලබාදීමේ මුවාවෙන් තවදුරටත් තද කොට ඇති බව පිළිගැනීමට අපට සිදුවේ. ඒ ද`ඩුඅ`ඩුව බුරුල් වන්නේ ඉතා නුදුරු දිනකදී 2015, 30/1 යෝජනාවේ සඳහන් පරිදි 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා 20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පමණි. ඒ බව ආණ්‌ඩුව මෙන්ම ටී. එන්. ඒ පක්‍ෂය ද ඉතා හොඳින් දන්නා බවට කිසිදු සැකයක්‌ නැත. කාලය දික්‌ කිරීම පිළිබඳ ව්‍යාජ ඝෝෂා වැදගත් වන්නේ ඒ දිනය ළගාවන තෙක්‌ පමණි.

වෛද්‍ය - කේ.එම්. වසන්ත බණ්‌ඩාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

3/23/2017

දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව

කතෘ:යුතුකම     3/23/2017   No comments
-වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර-

ජනාධිපතිතුමා විසින් සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයකට අනුව එතුමා විදේශීය විනිසුරන් ඇතුළත් වන දේශීය යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට කිසිදු ඉඩක්‌ ලබාදෙන්නේ නැත. තමාට ඒ බව සෘජුව ප්‍රකාශ කිරීමට තරම් පිට කොන්දක්‌ තිබෙන බවටද එතුමා විසින් ඉතා දැඩි ස්‌වරයෙන් තම ප්‍රකාශය තවදුරටත් අවධාරණය කොට තිබේ. ඒ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයකට අනුව එවැනි දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීමට දේශපාලන සක්‍යතාවයක්‌ නැත. එතුමාගේ වචන වලට අනුව ඊට හේතු වන්නේ ඒ සඳහා ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ අවශ්‍යවීමයි. එම ප්‍රකාශය මගින් එතුමා වක්‍රව සඳහන් කරන්නේ ජනමතවිචාරණයක්‌ අවශ්‍යවන ව්‍යවස්‌ථා සංශෝධනවලට තමා එකඟ නොවන බවය.

අගමැතිතුමාගේ එම ප්‍රකාශය මගින් පැහැදිලි වන්නේ නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව පිළිබඳව කතිකාව ද ව්‍යාජයක්‌ බවය. ආණ්‌ඩුව විසින් ව්‍යාජ ලෙස නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන බවට ඝෝෂා කරන නමුත් ඔවුන්ගේ අවසාන අරමුණ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම බවට අප විසින් දරන මතයද ඒ මගින් තහවුරු වේ. ඊට පෙර ජනාධිපතිතුමා විසින් ජනමතවිචාරණයකට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධනවලට තමා එකඟ නොවන බව ප්‍රකාශ කොට ඇත. ඒ අනුව ජනාධිපතිතුමා සහ අගමැතිවරයා වෙනස්‌ ස්‌ථාවරයන් දෙකක්‌ මත ක්‍රියාරන බව පෙන්වමින් පොදු මතයක්‌ ඉදිරිපත් කරන බවද පැහැදිලි වේ. දැන් පැනනැඟෙන ප්‍රශ්නය වන්නේ ඔවුන් දෙපළ විසින් එම ප්‍රකාශ සිදුකරන්නේ ප්‍රායෝගිකව කුමන අරමුණක්‌ පෙරදැරි කරගෙනද? යන්නයි. ව්‍යවස්‌ථාවට අදාළ ප්‍රශ්නයේදී ආණ්‌ඩුවේ නායකයන් දෙදෙනා පමණක්‌ නොව ටී.එන්.ඒ. පක්‍ෂයේද ජනමත විචාරණයක්‌ අවශ්‍ය නොවන ලෙස 13 වැනි සංශෝධනය බලාත්මක කරන ව්‍යවස්‌ථා සංශෝධනයකට එකඟ වී ඇති බවට සැකයක්‌ නැත. නමත් දෙමුහුන් යුද අපරාධ අධිකරණයට අදාළව ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශ හුදු දේශපාලන ''පාරම්බෑමක්‌'' බව පැහැදිලිව පෙනේ.

එළඹෙන මාර්තු 22 වැනි දින ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාහකත්වය සහිතව අනුමත වීමට නියමිත බ්‍රිතාන්‍ය විසින් ඉදිරිපත් කෙරෙන ඊනියා ''රෝල් ඕවර්'' යෝජනාවේ කෙටුම්පත පරීක්‍ෂා කිරීමේදී ආණ්‌ඩුවේ රඟපෑම කුමක්‌ දැයි පැහැදිලි වේ. මානව හිමිකම් සමුළුවේ 34 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන එම ''ඉදිරියට තල්ලු කිරීමේදී" යෝජනාව මගින් 2015 දී 30 වැනි සමුළුවේදී සම්මත කළ 30(1) යෝජනාවේ අඩංගු සියලු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා කාලය දීර්ඝ කෙරේ. ඒ අනුව දෙමුහුන් යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට මුල්වන ඊනියා වඟවීමේ යාන්ත්‍රණය පළමු යෝජනාවේ අඩංගු ආකාරයටම පවතිනු ඇත. එසේ නම් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රට තුළදී දෙමුහුන් අධිකරණයට විරෝධය පළකරන අතරතුර විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් සමුළුවේදී ඊට එකඟතාවය පළකරනු ඇත. ඔවුන් දෙදෙනා විසින් වේදිකාවේ සිදුකෙරෙන මෙම රඟපෑමට පසුබිම් කථනය සපයන ටී.එන්.ඒ පක්‍ෂය අවධාරණය කරන්නේ යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවය. එවිට වේදිකාවට පිටුපසින් සිදුවන දේ නොදන්නා ශ්‍රී ලංකාවේ පොදු ජනතාව නැමති ප්‍රේක්‌ෂකයා කල්පනා කරන්නේ ටී.එන්.ඒ පක්‍ෂයේ ඉල්ලීම් නොසලකා ආණ්‌ඩුව දැඩි ස්‌ථාවරයක සිටිමින් දෙමුහුන් යුද අපරාධ අධිකරණයට විරුද්ධ වන බවය.

මෙම නාට්‍යයට පසුබිම් සංගීතය සපයන බටහිර රටවල් ද දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කරන තත්වයක්‌ තුළ ඊට විරුද්ධ වන ආණ්‌ඩුවේ ප්‍රකාශවලට දැඩි වටිනාකමක්‌ හිමිවේ. ටී.එන්.ඒ පක්‍ෂයද යුධ අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කරන අතර 2015 දී එකඟ වූ සියල්ල ක්‍රියාත්මක කිරීම සඳහා කාලය ලබාදීමට එකඟ බව පැහැදිලිව ප්‍රකාශ කරයි. එම පක්‌ෂයේ ස්‌ථාවරය මගින් ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළව ඔවුන්ගේ ස්‌ථාවරයද පැහැදිලිවේ. ඔවුන්ගේ මූලික අරමුණ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කර ගැනීම නම්, 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය බලාත්මක කෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මගින් ඔවුන්ගේ මූලික අරමුණු ඉටුවේ. ජිනීවා යෝජානාව මඟින් අවධාරණය කරන්නේ 13 වැනි සංශෝධනයට අනුව බලය බෙදාදීම ප්‍රතිඵලදායක ලෙස සිදුකරන ලෙස පමණි. දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේගවලට අවශ්‍ය වන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවා ගැනීම බව අප විසින් දිගින් දිගටම අවධාරණය කොට ඇත.

කෙසේ වෙතත් ටී.එන්.ඒ පක්‍ෂයේ ඊනියා මධ්‍යස්‌ථ මතධාරීන්ගේa එම මතයට එම පක්‍ෂයේ අන්තවාදීන් විරුද්ධ බව පැවසේ. ඔවුන් ඉල්ලා සිටින්නේ නව ව්‍යවස්‌ථාවක්‌ මෙන්ම දෙමුහුන් යුද අධිකරණයද නොපමාව ලබාදිය යුතු බවටය. මෙම පාර්ශ්ව දෙක යුද්ධය පැවැති කාලයේදී සිට මතවාද දෙකක්‌ නියෝජනය කරන බව පෙන්වමින් එකම අරමුණක්‌ ජයග්‍රහණය කරවීම සඳහා පෙරමුණු දෙකක සටන්වදියි. සුමන්දිරන් මන්ත්‍රිවරයා ඇතුළු ''මධ්‍යස්‌ථ මතධාරීන්ට'' බහුතර සිංහල සමාජය තුළ යම් පිළිගැනීමක්‌ ලබාගැනීම සඳහා ද ''අන්තවාදීන්ගේ'' එම භූමිකාව ඉතා වැදගත් වේ. එසේම ආණ්‌ඩුවේ නායකයන්ගේ රඟපෑම්වලට වීරත්වයක්‌ ආරෝපණය කිරීමටද එය හේතුවේ. මේ දිනවල බෙදුම්වාදී හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්‌ ද ආණ්‌ඩුවේ ස්‌ථාවරයට වැඩි වටිනාකමක්‌ ලබාදීම හෙවත් ''බෝලය උස්‌සාදීම'' සඳහා ව්‍යාපාරයක්‌ පටන්ගෙන ඇත. ඔවුන් විසින් රටපුරා පෝස්‌ටර් ගසමින් නව ව්‍යවස්‌ථාවක්‌ ඉල්ලා සිටින විට එය නොසලකා 13 බලාත්මක කිරීමට සැරසෙන ආණ්‌ඩුවේ නායකයන් ව්‍යාජ ලෙස වීරයන් බවට පත්වේ. නමුත් අවසන් ප්‍රතිඵලය අනුව සහ බෙදුම්වාදීන්ගේ මූලික අවශ්‍යතාවයට අනුව එම ස්‌ථාවර දෙක අතර වෙනසක්‌ නැත.

දෙමුහුන් යුද අපරාධ අධිකරණ පිහිටුවීමේ සටන් පාඨය බෙදුම්වාදීන්ට වැදගත් වන්නේ උපාය මාර්ගික අරමුණු දෙකක්‌ සඳහා බව පැහැදිලිව පෙනේ. පළමු වැන්න, ආණ්‌ඩුවේ අත කරකැවීමේ උපාංගයක්‌ ලෙස යොදාගැනීමය. ආණ්‌ඩුවේ පැත්තෙන් ගත්විට විදේශීය විනිසුරන් සහභාගීවන යුද අපරාධ අධිකරණයක්‌ රට තුළ පිහිටුවීම යනු ඔවුන්ට මරු කැඳවන දේශපාලන මර උගුලකි. ඒ නිසා ඒ හිලව්වට ඉල්ලා සිටින වෙනත් ඉල්ලීමක්‌ දිනාගැනීමට එම පළමු ඉල්ලීම මගින් වැඩි ඉඩක්‌ විවර වේ. උදාහරණයක්‌ ලෙස 13 වැනි සංශෝධනය කඩිනමින් බලාත්මක කිරීමට ආණ්‌ඩුව එකඟ වේ නම් දෙමුහුන් අධිකරණය සඳහා කාලය ලබාදීම ඔවුන්ට ප්‍රශ්නයක්‌ නොවේ. සුමන්තිරන් මන්ත්‍රීවරයා කාලය ලබාදීමට එකඟ වන්නේ දෙමුහුන් අධිකරණය පිහිටුවීම සඳහා පමණක්‌ බව ඉතා පැහැදිලිය. නමුත් ඔවුහු ඒ මගින් යුද අධිකරණ යෝජනාව න්‍යාය පත්‍රයේ තබා ගනිමින් දිගින් දිගටම එම ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා ඉඩ තබා ගනිති.

මීට පෙර සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් එළිදරව් කළ ආකාරයට 2015 ජීනීවා යෝජනාවට ඔවුන් එකඟ වූයේ ඊට පෙර ආණ්‌ඩුව සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඇතිකරගත් එකඟතාවයකට අනුවය. එහිදී ඔහු කියා සිටියේ ආණ්‌ඩුව ඔවුන්ගේ ඉල්ලීම්වලට එකඟ වූ බැවින් විදේශීය අධිකරණයක්‌ වෙනුවට දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීමේ යෝජනාවට තමා එකඟ වූ බවය. ආණ්‌ඩුව එහිදී නම්‍යශිලී වූයේ ටී.එන්.ඒ. පක්‍ෂයේ මූලික ඉල්ලීම වන බලය බෙදීමේ කාරණයට අදාළව බව දේශපාලනයේ ''අ'' යන්න දන්නා අයෙක්‌ට වුවද තේරුම්ගත හැක. ඒ අනුව මෙවරද දෙමුහුන් අධිකරණය කල් දැමීමට එකඟ වන්නේ බලය බෙදීමේ ක්‍රියාවලිය ඔවුන්ට අවශ්‍ය ආකාරයට කඩිනම් කරගැනීම සඳහා බවට විවාදයක්‌ නැත. ඉහත සඳහන් කළ ආකාරයට ඊනියා අන්තවාදීන් ඊට එරෙහිවන ප්‍රමාණයට සාපෙක්‌ෂව එම ඉල්ලීමේ ''සාධාරණත්වය'' වැඩිවේ.

ඇත්ත වශයෙන්ම ඉහත සඳහන් කළ ආකාරයට දෙමුහුන් අපරාධ අධිකරණය ඔවුන්ට වැදගත් වන්නේ දේශපාලන උපාංගයක්‌ ලෙස පමණි. ඒ මගින් යුද හමුදාවේ ඉහළ නායකයන් විශාල පිරිසකට දඩුවම් කිරීමට සහ ඔවුන් මානසිකව වැට්‌ටවීමට ප්‍රායෝගිකව ඉඩ ලැබෙන්නේ නැත. කාම්බෝජයේදී දෙමුහුන් යුධ අපරාධ අධිකරණයක්‌ පිහිටුවන්නේ 2003 වසරෙදීය. මේ වන විට එනම් වසර 14 ක්‌ තුළ එම අධිකරණය මගින් චෝදනා ඔප්පුකොට ද`ඩුවම්කොට ඇත්තේ ඉහළ නායකයන් තිදෙනකුට පමණි. ඒ අනුව එවැනි විධිමත් අධිකරණයක්‌ වැදගත් වන්නේ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ වැනි ඉහළ නායකකයන්ට දඬුවම් කිරීම සඳහා වන ආශාව සංසිදුවා ගැනීම සඳහා පමණි. හමුදාවේ හරස්‌කඩකට දඬුවම් කිරීම සඳහා එවැන්නක්‌ යොදාගත නොහැක. ඒ නිසා එය කල්දමා ගැනීම උපාය මාර්ගිකව වඩා වැදගත් විය. ඒ මගින් නැවත මහින්ද රාජපක්‍ෂ රජයක්‌ බලයට පත්වුවහොත් අදාළ යෝජනාවට නැවත පණදීමේ අවස්‌ථාව ද ඉතිරිවේ.

දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේගවලට ඊනියා ''සත්‍ය සෙවීමේ'' ක්‍රියාවලිය සමඟ වගවීමේ හෙවත් ද`ඩුවම් කිරීමේ ක්‍රියාවලිය ඒකාබද්ධ කිරීම වැදගත් වන්නේ හමුදාව දුර්වල කොට දුර්මුඛ කිරීමේ උවමනාව නිසාය. ඔවුන් ආදර්ශයට ගන්න බව පෙන්වන දකුණු අප්‍රිකාවේදී සත්‍ය සෙවීමේ කොමිසමක්‌ සමඟ දෙමුහුන් යුද අපරාධ අධිකරණ ක්‍රියාවලියක්‌ ඒකාබද්ධ කළේ නැත. ඒ නිසා දෙමුහුන් යුද අපරාධ අධිකරණය කල්දැමීමට එකඟවීම මගින් බලය බෙදීම සහ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හෙවත් අර්ධ අධිකරණ කොමිසම පිහිටුවීම කඩිනම් කරගැනීම උපාය මාර්ගික වශයෙන් ඔවුන්ට වැදගත් වේ. එසේ කල්දැමීම අතහැර දැමීමක්‌ ලෙස හුවා දක්‌වා වීරයන් වීමට ආණ්‌ඩුවේ නායකයන්ට අවස්‌ථාව උදාවී ඇත. ආණ්‌ඩුවේs නායකයින් වීරයින් කිරීමද බෙදුම්වාදීන්ට වැදගත් වේ. මහජන විරෝධය නොතකා ඔවුන්ගේ ඉල්ලීම ඉටුකිරීමට නම් ආණ්‌ඩුවට යම් වීරත්වයක්‌ ආරෝපණය කර ගැනීම සඳහා ඔවුන් විසින් උදව් කළ යුතුය.

උදව්වේ හිලව්වට උදව් කිරීමට සැරසෙන ආණ්‌ඩුව දැන් ඉතා බරපතළ පනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ඒ මගින් අතුරුදහන්වීම වැළැක්‌වීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය දේශීය නීතිය තුළ බලාත්මක කෙරේ. රණවිරුවන් අමු අමුවේ පාවා දෙමින් අප රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම නීතිය සම්මත කළ හොත් යුද්ධයට දායක වූ ඕනෑම හමුදා නිලධාරියෙක්‌ ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කිරීමේ ඉඩක්‌ විවෘත වේ. එනම් සාක්‍ෂි ආඥාපනත් ක්‍රියාත්මක නොවන ආකාරයට අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත හරහා පිහිටුවනු ලබන අර්ධ අධිකරණ කොමිසම මගින් වරදකරුවකු බව නිගමනය කෙරෙන ඕනෑම නිලධාරියෙක්‌ මෙම නව පනත යටතේ ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු වේ. යුද අපරාධ අධිකරණයකදී සාක්‌ෂි ආඥාපනත ක්‍රියාත්මක වන අතර සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කිරීම සහ ඔවුන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට එහිදී අවකාශය ලැබේ. අතුරුදහන්වූවන්ගේ කාර්යාල නීතිය අනුව විද්යුත් තැපෑලෙන් එවනු ලබන පට්‌ටපල් බොරු සාක්‍ෂි ප්‍රමාණයක්‌ මත පදනම්ව ඕනෑම හමුදා නිලධාරියකුට විරුද්ධව චෝදනා ගොනුකළ හැක.

නමුත් ඉතා කනගාටුදායක ලෙස අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත ගෙන ඒමේදී සිදු වූ ආකාරයටම විපක්‍ෂයේ දේශපාලන නායකයන් මෙම පනතේ බරපතළකම තේරුම් නොගැනීම නිසා ඊට එරෙහිව අධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කිරීමට නොහැකි විය. ඒ අනුව ව්‍යවස්‌ථා විරෝධී එම පනත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් සම්මතවීමට බොහෝ ඉඩ කඩ ඇත. ''ජාත්‍යන්තර නීති යටතේ සහ බටහිර රටවල උදව්වෙන් සමාජවාදය පිහිටුවීමට සිහින දකින යම් දේශපාලන පක්‍ෂද අතුරුදහන්වුවන්ගේ කාර්යාල පනත සාධාරණීකරණය කළ ආකාරයටම මෙම නව පනත ගෙන ඒමේදී හැසිරෙන බවට සැකයක්‌ නැත. එවැනි තත්ත්වයක්‌ තුළ දෙමුහුන් අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට ඉඩ නොදෙන බව පවසමින් එය යම් කාලයකට කල්දමා ගැනීම යනු හුදු දේශපාලන ''පාරම්බෑමක්‌'' පමණක්‌ නොව මහා පාවාදීමක්‌ සඳහා අවකාශය ලබාගැනීමත් ලෙසද ඉතිහාසය විසින් විග්‍රහ කරන බවට සැකයක්‌ නැත.

බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට මෙම සමස්‌ථ නාට්‍යය අවසන් වන විට ඔවුන්ට තුන් පැත්තකින් වාසි අත්වේ. පළමුව, දෙමුහුන් අධිකරණය කල් දමා ගැනීමට හිලව් වශයෙන් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ ව්‍යවස්‌ථා සංශෝධනය කඩිනම් කෙරේ. දෙවනුව, යුද අධිකරණයක්‌ මගින් එකකු හෝ දෙදෙනකුට දඬුවම් කරනවාට වඩා පනත් දෙකක්‌ දෙමුහුන් කිරීම මගින් උසස්‌ හමුදා නිලධාරීන් සිය ගණනකට දඬුවම් කිරීමට සහ ඒ මගින් හමුදාව දුර්මුඛ කොට දුර්වල කිරීමට ඉඩ සැලසේ. තුන්වෙනුව, කල්දමා ගන්නා යුද අපරාධ ක්‍රියාවලිය දිගින් දිගටම ''ජිනීවා න්‍යායපත්‍රය'' තුළ තබා ගැනීම මගින් අවශ්‍ය අවස්‌ථාවේදී බලාත්මක කිරීමේ ඉඩ ඉතිරිවේ. උදාහරණයක්‌ ලෙස අනාගතයේදී මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවක්‌ බලයට පත්වුවහොත් දෙමුහුන් අධිකරණයට ලබාදුන් කාලය අවසන් බව පවසමින් සහ එය ඉටු නොකළ නිසා ජාත්‍යන්තර අධිකරණයක්‌ පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ හැක. ඒ වන විට බලය බෙදීම හරහා ඉදිරියට ගමන් කරන රට බෙදීමේ ක්‍රියාවලියද තීරණාත්මක සහ ගැටුම් සහගත තත්වයකට ලඟාවනු ඇත.

කෙසේ වෙතත් පවතින නරකම තත්ත්වය යටතේ වුවත් ආණ්‌ඩුවේ නායකයන්ට තම පිටකොන්ද පරීක්‍ෂා කිරීමට ඉඩක්‌ විවර වි ඇත. ඒ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවූ විද්වත් කොමිසම හරහා සම්පාදනය කළ වාර්තාව ප්‍රයෝජනයට ගැනීමයි. පසුගිය 13 වැනිදා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකදී විරුවන්ගේ විත්ති වාචකය නම් සුවිශේෂී වාර්තාව එළි දැක්‌විණි. නමුත් ජනමාධ්‍ය විසින් එම

රැස්‌වීමේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ රියර්අද්මිරාල් සරත් විඡේසේකර මහතා විසින් සිදුකළ කාතාවලින් කොටස්‌ පල කළ මුත් අදාළ වාර්තාවේ වැදගත්කම අවධාරණය කළේ නැත. එම ඓතිහාසික අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 දෙනකුට ආරාධනා කොට තිබුණ ද ඊට සහභාගී වූයේ මන්ත්‍රීවරු හතර දෙනෙකු පමණි.

එම වාර්තාව මගින් 2014 ජිනීවා යෝජනා හරහා පිහිටවූ ශ්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ කමිටුවේ වාර්තාව සුනු විසුනු කොට ඇත. එය ඉතා දුර්වල සහ පක්‍ෂපාතී ලේඛනයක්‌ බව එම වාර්තාව මගින් ඉතා තර්කානුකූලව ඔප්පුකොට ඇති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රකාශකොට ඇත. ඒ අනුව එවැනි දුර්වල සහ පක්‍ෂග්‍රාහී වාර්තාවක්‌ මත පදනම් වූ 2015 ජිනීවා යෝජනාව තවදුරටත් වංලගු නොවන බවට ප්‍රබල තර්කයක්‌ මතුවේ. එම තර්කය මත පදනම්ව 2015 යෝජනාව සංශෝධනය කොට අවම වශයෙන් ඊනීයා වගවීමේ යාන්ත්‍රණය යටතේ පිහිටුවීමට යෝජනා කරන දෙමුහුන් අධිකරණය ඉල්ලා අස්‌කරගත යුතු බවට ඉල්ලීමක්‌ ඉදිරිපත් කිරීමට ආණ්‌ඩුවට දැන් අවස්‌ථාව උදාවී ඇත. එම අවස්‌ථාව භාවිතාකොට නොපමාව එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා ක්‍රියාකරන්නේ නම් පමණක්‌ එතුමාගේ කොන්ද පළිබඳව එතුමා විසින්ම කරනු ලබන ප්‍රකාශය ජනතාව විසින් පිළිගනු ඇත.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

12/14/2016

ව්‍යවස්‌ථා මර උගුලින් රට ගලවාගන්නේ කෙසේද?

කතෘ:යුතුකම     12/14/2016   No comments
-වෛද්‍ය වසන්ත බණ්‌ඩාර-දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග සහ ජාත්‍යන්තර ඔත්තු සේවා විසින් වර්තමාන රජය බලයට පත්කරන්නේ මූලික වශයෙන් නව ව්‍යවස්‌ථාවක්‌ මගින් රාජ්‍ය දුර්වල කිරීමේ කොන්ත්‍රාත්තුව ඔවුන් ලවා ඉටුකිරීම කර ගැනීම යෑයි චෝදනා කිරීම ඉතා තර්කානුකූල සහ සාධාරණ වේ. ඊට අදාළ ප්‍රල සාක්‍ෂි පසුගිය කාලය පුරාම සමාජයේ සාකච්ඡාවට ලක්‌විය. වරදක්‌ වනවා නම් එසේ වන්නේ එම ''ව්‍යවස්‌ථා කොන්ත්‍රාත්තුව'' පිළිබඳව පමණක්‌ කතා කිරීමය. එය නිවැරදි කිරීම සඳහා රට බෙදීමේ ක්‍රියාවලිය සඳහා පමණක්‌ නොව ඉන් පසුව ශ්‍රී ලංකාව තුළ පය තබාගැනීමේ ඉන්දු - ඇමෙරිකානු ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ අනෙකුත් කොන්ත්‍රාත්තු පිළිබඳව ද කතා කළ යුතුය. එනම් ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් බෙදුම්වාදී අපේක්‌ෂා ඉටු කිරීම සඳහා දියත්වී ඇති රණවිරු දඩයම හෙවත් ආරක්‍ෂක හමුදා දුර්වල කොට දුර්මුඛ කිරීමේ ව්‍යාපෘතිය ගැනද කතා කළ යුතුය.

ඊට අමතරව කොල්ලකාරී නව ලිබරල් ගෝලීය කුණාටුවට ශ්‍රී ලංකාව ගොදුරු කරන නව අණපනත් සහ එට්‌කා ගිවිසුම පිළිබඳව ද කතා කළ යුතුය. ඒ මහා පින්තුරය ගැන කතා කිරීම අප රටේ දේශපාලන පක්‍ෂවල මූලික වගකීමකි. එහෙත් වඩා තීරණාත්මක ගැටුම වන ව්‍යවස්‌ථා සම්පාදන කුමන්ත්‍රණය පරාජය කළ නොහැකි වුවහොත් ඉතිරි සියලු සටන් පරාජය වීම වැළැක්‌විය නොහැක. එම නිසා අද යුගයේ සැබෑ විපක්‍ෂයේ සහ රටට ආදරය කරන පොදු ජනතාවගේ පරම යුතුකම වන්නේ ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය පරාජය කිරීම සඳහා කළ හැකි සියලු දේ කිරීමය. ඉන් පසුව යම් දිනෙක මහජන කැමැත්තෙන් සහ සද්භාවයෙන් නව ව්‍යවස්‌ථාවක්‌ හැදීමට බලය ඉල්ලා සිටින පක්‌ෂයකට හෝ නායකයකුට ජනතාව විසින් බලය ලබාදුන්න හොත් රටට නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කිසිදු බාධාවක්‌ නැත.

කෙසේවෙතත් ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලිය පමණක්‌ නොව ශ්‍රී ලංකාව බෙදා වෙන්කර ඒ මත පය තබාගැනීම සඳහා දියත්වී ඇති සූක්‍ෂම මහා සැලසුම හුදකලා සටන්වලින් පරාජය කළ නොහැක. ඒ සඳහා සියලු සටන්බිම් සම්බන්ධීකරණය කොට මහා යුද්ධයක්‌ ආරම්භ කළ යුතුය. නමුත් එය සිදුවන්නේ රික්‌තකයක්‌ තුළ නොවේ. රටට සතුරු බලවේග විසින් නිරන්තරයෙන් තම සටන් උපක්‍රම වෙනස්‌ කරමින් සහ මහා පරිමාණයෙන් විදේශ මුදල් වියදම් කරමින් දියත් කෙරෙන සූක්‍ෂ්ම යුද්ධයට අප සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද? ඒ සඳහා සතුරා විසින් ඔවුන්ගේ සටන් බිම්වලට අප ජාතිය කැඳවනතුරු බලා නොසිට උන්ගේ මහා යුද සැළසුම අප විසින් සිතියම් ගත කළ යුතුය. ඒ මගින් සතුරාගේ සටන් උපක්‍රම පමණක්‌ නොව මිතුරු පාර්ශ්වයේ සිටින බව පෙන්වමින් සතුරාගේ සැලසුමට අනුව ක්‍රියාකරන "සතුරු මිතුරන්'' ද හඳුනාගත යුතුය. ඊට අමතරව සතුරා විසින් තෝරන සටන් බිම්වලට පය තබනවා වෙනුවට නව සටන් බිම්වලට සතුරා කැඳවීමේ වාසියද අප විසින් යොදාගත යුතුය.

ව්‍යවස්‌ථාවේ අඩංගු විය හැකි භයානක බෙදුම්වාදී ලක්‍ෂණ මොනවා දැයි යන සමාජ සංවාදය අප විසින් කඩිනමින් ආරම්භ කළ යුත්තේ එම න්‍යායාත්මක විග්‍රහයට අනුවය. කෙටුම්පත අතට ලැබෙන තෙක්‌ බලාසිටීම මගින් සතුරාට වාසිවේ. ජනමත විචාරණ පනත අනුව සති 5ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ ජනමත විචාරණය පැවැත්විය හැකි බැවින් මහජනයා සටන් බිමට කැඳවීම සඳහා කාලය බරපතළ බාධකයක්‌ බවට පත්වේ. විශේෂයෙන්ම ආණ්‌ඩුව අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කළ ආකාරයට පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන තත්ත්වයක්‌ අපෙක්‌ෂා කිරීමද වඩා ප්‍රඥාගෝචර වේ. එහිදී ඉහත සඳහන් කළ ආකාරයට ජනතා විමුක්‌ති පෙරමුණ සහ හෙළ උරුමය වැනි විපක්‍ෂය ලෙස ව්‍යාජ රඟපෑමක්‌ කරන පක්‍ෂ යම් සංශෝධන ප්‍රමාණයක්‌ ඉදිරිපත් කොට පාර්ලිමේන්තුව තුළ ව්‍යාජ ගාලගෝට්‌ටියක්‌ද සිදුකොට අවසානයේදී ආණ්‌ඩුව විසින් එම සංශෝධන බාරගන්නා තත්ත්වයක්‌ තුළ ව්‍යවස්‌ථා පනත්කෙටුම්පතට සහය දක්‌වනු ඇත. එම ර`ගපෑම් වලදී ඔවුන් මානව හිමිකම්, සුළු ජාතික අයිතිවාසිකම් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම ගැන උස්‌ හඬින් අදහස්‌ පළකොට මහජනයා ගොනාට ඇන්දවීමේ ආණ්‌ඩුවේ උත්සාහයට තල්ලුවක්‌ ද ලබාදෙනු ඇත.

බොහෝ විට එසේ ව්‍යාජ විපක්‍ෂයට බෝලය උස්‌සාදීම සඳහා සංශෝධනය කිරීම සඳහාම යම් වගන්ති ප්‍රමාණයක්‌ ආණ්‌ඩුව විසින් කෙටුම්පතට ඇතුල් කරන බවට සැකයක්‌ නැත. එම පක්‍ෂ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන තුරු ගතවන සංක්‍රාන්ති කාලය තුළ මහජන අවධානය වෙනත් පැතිවලට යොමු කිරීම සඳහා දූෂණ වංචා විරෝධය සහ අයවැය විරෝධය ආශ්‍රිත සටන් පාඨ කරළියට ගෙන එන්නේ එම එකඟතාවයන් අනුව බව පෙනේ. ඒ අතර පාර්ලිමේන්තුවට පරිභාහිරව විසිරී සිටින විවිධ වාමාංශික කොටස්‌ එකතුකොට වාමවාදී, මානවවාදී හෝ "ජාතිවාදී විරෝධී" ස්‌ථාවරයන් මත නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය සාධාරණීකරණය කිරීම සඳහා මෙහෙයුමක්‌ දියත් වන බවටද තොරතුරු වාර්තාවේ. ඒ තුන්වැනි මෙහෙයුම පිටුපස අසල්වැසි රටක ඔත්තු සේවා හස්‌තයක්‌ ද ක්‍රියාත්මක වන බවට හෙළිදරව් වෙමින් ඇත. ඒ අතර කුමන දුර්වලතා සහිතව වුවත් මේ වන විට දියත් වී ඇති ව්‍යවස්‌ථා කුමන්ත්‍රණය පරාජය කිරීමේ විභවය සහිත සහ ඒ බර උරමත දරා සිටින ඒකාබද්ධ විපක්‍ෂයට මඟ වැරැද්දවීමට සහ ඔවුන් අතර න්‍යායාත්මක ගැටුම් ඇති කිරීමටද සතුරා කටයුතු කරන බවට සැකයක්‌ නැත. ඒකාබද්ධ විපක්‍ෂය ''ව්‍යවස්‌ථා සම්පාදක සභා උගුලට පය තබන තැනට තල්ලු කරන්නේ සහ ඊට අවශ්‍ය තාක්‍ෂණික තර්ක නිර්මාණය කරන්නේ බලය බෙදීම මගින් බෙදුම්වාදය පරාජ කළ හැකි යෑයි විශ්වාස කරන පිරිස්‌ බව පෙනේ. ඔවුන් අතරින් යම් පිරිසක්‌ චන්ද්‍රිකාගේ පැකේඡ් ගුලිය ගිලීමෙන් පසු මේ වනතුරු දිරවා ගැනීමට නොහැකි වී ඇති මිනිසුන් බවට සැකයක්‌ නැත. තවත් සමහර වාමාංශික පිරිස්‌ න්‍යායාත්මකව බලය බෙදීම යනු ප්‍රගතිශිලී ප්‍රතිසංස්‌කරණයක්‌ ලෙස අවංකව විග්‍රහකර ගන්නා මෝල්ගස්‌ ගිලින ලද හණමිටිකාරයින් බව රහසක්‌ නොවේ.

පසුගිය දිනවල ඉහත සඳහන් කළ ආකාරයට ව්‍යවස්‌ථා සම්පාදන උගුලට පය තැබීමෙන් පසුව තවදුරටත් එම උගුලට පය හිරවෙන ලෙස බෙදුම්වාදී සංශෝධන යෝජනා කළ යම් පිරිස්‌ එසේ ඉහත විග්‍රහ කළ පිරිස්‌වලට අයත් අය බව පෙනේ. එසේ වුවත් ඔවුන්ව ඒ තැනට මෙහෙයවන තිරය පිටුපස බලවේග නැතැයි කල්පනා කිරීම අනුවණ කමකි. පසුගිය ජනාධිපතිවරණයට පෙර සතුරා ක්‍රියාත්මක වූ සූක්‍ෂම ස්‌වරූපය අධ්‍යනය කරන විට පෙනෙන්නේ මිතුරු පාර්ශ්ව අදත් හැසිරෙන්නේ ඉතා දුප්පත් ආකාරයට බවය. එම නිසා සතුරා අවතක්‌සේරු කිරීම බරපතල වරදකි. විපක්‍ෂ බලවේග දැනට අනුගමනය කරමින් සිටින ආරක්‍ෂාකාරී ප්‍රවේශයෙන් වහා ප්‍රහාරත්මක ප්‍රවේශයකට මාරුවූයේ නැතිනම් සතුරා විසින් මිතුරු පාර්ශ්ව සියල්ල බිත්තියට හේත්තු කිරීමේ වැඩි ඉඩක්‌ ඇත. විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ජාතික මැතිවරණයක්‌ ජයග්‍රහණය කළ නොහැකි වූ බැවින් මෙවර සුළු ජාතික ඡන්ද බලයෙන් ජනමත විචාරණය නම් වූ ජාතික මැතිවරණ ජයග්‍රහණය කිරීම ඔහුගේ දේශපාලන පෞර්ෂයට පමණක්‌ නොව පැවැත්මට ද තීරණාත්මක වේ. එවැනි තත්ත්වයක්‌ තුළ ඔහු තම උපරිම ශක්‌තිය යොදවා ජනමත විචාරණය ජය්‍රහණය කිරීමට උත්සාහ දරනු නියතය. ඔහු විසින් පළාත් පාලන මැතිවරණය කල්දමා ජනමත විචාරණය ඉදිරියට ගෙනෙන්නේ ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම පිළිබඳව ඔහු තුළ පවතින දැඩි විශ්වාසය නිසාය.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්‌ථාව කර තබාගෙන ආරම්භ කරන ගමන එතුමාගේ පැත්තෙන් ගත්විට ජීවිතය සහ මරණය අතර සටනකි. ජනමත විචාරණය පරාජය වුවහොත් එතැන් පටන් ඔහුට මුහුණ දීමට සිදුවන්නේ සදාකාලික පරාජයෙන් අවසන්වන දේශපාලන සටනකටය. එසේ එම යුද්ධය පරාජය වීමෙන් පසුව ඔහු යම් හුදකලා තනි සටනක්‌ ජයග්‍රහණය කළත් ඔහුගේ ගමන පරාජයෙන් කෙළවර වීම වැළැක්‌විය නොහැක. එම නිසා මහජන ප්‍රතිචාර මත ඔහු තම දේශපාලන තීන්දු වෙනස්‌ කිරීමේ වැඩි ඉඩක්‌ද ඇත. එනම් මහජනයා වීථි බැස බරපතළ විරෝධයකට යොමුවන තත්ත්වයක්‌ යටතේ ඔහු ජනමත විචාරණය ම`ගහැර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය මත පමණක්‌ විශ්වාසය තබා ඊට සරිලන ආකාරයට ව්‍යවස්‌ථා කෙටුම්පත සංශෝධනය කිරීමට ද ඉඩ ඇත.එම නිසා ව්‍යවස්‌ථා කෙටුම්පතට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අහිමි කෙරෙන තත්ත්වය නිර්මාණය කිරීම සඳහා විපක්‍ෂය විසින් උපාය මාර්ගිකව කටයුතු කළ යුතුව ඇත. නමුත් විවිධ නිදහසට කාරණා ඉදිරිපත් කරමින් විපක්‍ෂය ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ රැඳී සිටීම නිසා එම ක්‍රියාවලියේ බරපතළකම මහජන මනසේ අවධාරණය කිරීම පහසු වන්නේ නැත. විපක්‍ෂය නව ව්‍යවස්‌ථාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ නොකරන්නේ නම් එහි භයානකකම මහජනයා තේරුම් ගන්නේ නැත. ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ රැඳී සිටින අතර අතර ඊට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්නේ කෙසේද?

බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට ඔවුන්ට රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුටු ආරක්‍ෂා කිරීමට බැඳීමක්‌ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ බෙදුම්වාදී මාර්ග සිතියම තුළ මෙතෙක්‌ පැමිණි දුර ආරක්‍ෂා කර ගනිමින් හැකිතාක්‌ දුරට ඉදිරි පිම්මක්‌ පැනීමටය. එහිදී විශාල පිම්මක්‌ ඉලක්‌ක කොට යථාර්ථවාදීව පැනිය හැකි දුර බාරගැනීමට ඔවුන් සූදානම් වනු ඇත. ඉලක්‌කය කේවල් නොකර සමස්‌තයට හානිකර ගැනීමට ඔවුන් සූදානම් නොවනු ඇත. එම නිසා යථාර්වාදීව පැනිය හැකි දුර අනුව ඉලක්‌කය එහා මෙහා කිරීමට ඔවුන් නම්‍යශිලී වනු ඇත. එයට හේතුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තත්ත්වයක්‌ හෙවත් ඊට එරෙහිව පවතින බාධක ඉවත්කර ගැනීමේ තත්ත්වයක්‌ උදාකරගත්තද ඔවුන්ට ඊළාම් මාර්ග සිතියමේ බොහෝ දුරක්‌ යා හැකි වීමය. වර්තමාන ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය හරහා 13ට එහා යම් දුරක්‌ පැන්නද එය ඔවුන්ගේ ප්‍රබල ජයග්‍රහණයකි.

එම තත්ත්වය තුළ පළමු වටයේදී ජනමත විචාරණයක්‌ අවශ්‍ය වන සංශෝධන ඇතුළත් ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ ඉදිරිපත් කොට මතුවන තත්ත්වය අනුව විශේෂ බහුතරයෙන් සම්මත කළ හැකි බොදුම්වාදී සංශෝධන ප්‍රමාණය බාර ගැනීමට බෙදුම්වාදීන් එක`ගවීමටද ඉඩ ඇත. අනතුරුදායක ලෙස ආණ්‌ඩුව ජනමත විචාරණයට තල්ලු වුවහොත් ජය සහ පරාජය යන දෙකම බෙදුම්වාදීන්ගේ ජයග්‍රහණයෙන් කෙළවරවනු ඇත. එනම් ජනමත විචාරණය ජයග්‍රහණය කළහොත් ඔවුන් තම අපේක්‌ෂිත ඉලක්‌කයට සතුටින් ළඟාවනු ඇත. ජනමත විචාරණය පරාජය වුවද අනෙකුත් බෙදුම්වාදී ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත වනු ඇත. එම බෙදුම්වාදී බලතළ ප්‍රමාණයෙන් ඔවුන් සෑහීමට පත්වනු ඇත. ඊට අමතරව දකුණේ ප්‍රතිඵල නොසලකා උතුරු නැඟෙනහිර පළාතේදී ජයග්‍රහණය කරන ජනමත විචාරණ ප්‍රතිඵලය අනාගතයේදී බෙදුම්වාදී ජනතා අපේක්‌ෂා ජාත්‍යන්තරව තහවුරු කිරීම සඳහා ඔවුන් විසින් යොදාගනු ඇත. කෙසේ වෙතත් ජනමත විචාරණයක්‌ පවත්වන බව පැවසීම මගින් විශේෂ බහුතරය ලබාගැනීමට වැඩි අවස්‌ථාවක්‌ උදාවේ. එවිට ව්‍යවස්‌ථාව පරාජය කිරීමේ වගකීම මහජනයා මත පටවා මන්ත්‍රිවරුන්ට ඇඟ බේරාගැනීමේ යම් ඉඩක්‌ විවරවේ. ඒ මගින් රට පාවාදෙන තැනට ඔවුන් පෙළඹවීම වඩා පහසුවේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මුහණ දෙන ඊළඟ අභියෝගය වන්නේ අනාගතයේ පැන නැගීමට නියමිත මහජන විරෝධය හමුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ජාතික ආණ්‌ඩුවට එක්‌වූ පිරිස්‌ තුළ තම ස්‌ථාවරයන් වෙනස්‌ කිරීමට පෙළඹවීමක්‌ ඇති වීමය. එවිට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීම ගැටලුවක්‌ වනු ඇත. නමුත් එම ගැටලුව සමනය කරගනිමින් බෙදුම්වාදී ව්‍යවස්‌ථා යුද්ධය ජයග්‍රහණයෙන් කෙලවර කිරීම සඳහා දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග තම මුදල් සහ රාජ්‍යතාන්ත්‍රික බලය ආණ්‌ඩුව පිටුපසින් යොදවන බවට කිසිදු සැකයක්‌ නැත. එය එසේ වුවත් ආයුධ සන්නද්ධ බෙදුම්වාදී යුද්ධය පරාජය කළ ආකාරයට රාජතාන්ත්‍රික බෙදුම්වාදී ව්‍යවස්‌ථා යුද්ධයද පරාජය කිරීමේ විභවය අප ජාතිය සතුවේ. ඒ සඳහා ජාතිය පෙළගැස්‌සවීම රටට ආදරය කරන සියලු දේශප්‍රේමී, ජාතිකවාදී, වාමවාදී බලවේග වල පරම යුතුකම බව නොකිව මනාය.

මහජනතාව දැනුම්වත් කිරීම සහ ව්‍යවස්‌ථා කුමන්ත්‍රණය පිළිබඳ සමාජ සංවාදය ඉහළට එසවීම යනු ඊට අදාළ අවම ක්‍රියාමාර්ගය බවද කිව යුතුය. මේ උත්සාහය ඒ අවම ජාතික යුතුකම හැකි පමණින් ඉටුකිරීමටය. එසේ වුවත් එම අවම ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීම සඳහා ඉටුවිය යුතු පූර්ව කොන්දේසියක්‌ ඇත. ඒ සැබෑ විපක්‍ෂය හැකි ඉක්‌මනින් ව්‍යවස්‌ථා සම්පාදක මර උගුලින් තම පය ඉවත්කර ගැනීමය. ඔවුන් එම ක්‍රියාවලිය තුළ රැඳී සිටිනතාක්‌ කල් එම ක්‍රියාවලියේ භයානක කම මහජනයාට ඒත්තු ගැන්වීම පහසු වන්නේ නැත. එසේම ඒ තුළ විපක්‌ෂය ලෙස පෙනී සිටිමින් ආණ්‌ඩුවට සහය දෙන ව්‍යාජ විපක්‌ෂ කණ්‌ඩායම්වලට තම දුෂ්ට ක්‍රියාපිළිවෙත ඉදිරියට ගෙන යමින් මහජනයා නොමග යෑවීමට වැඩි ඉඩක්‌ ලැබේ. එම තත්ත්වය වෙනස්‌ කළ සැනින් මහජන මතය වෙනස්‌වීමට පටන්ගනු ඇත. ඒ තුළ ජාතික ආණ්‌ඩුවට එක්‌වී සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රිවරුන්ට තම ස්‌ථාවරයන් වෙනස්‌ කර ගැනීමට බලකෙරෙනු ඇත. එමගින් බෙදුම්වාදී නව ව්‍යවස්‌ථාව ජනමතවිචාරණයට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව තුළදීම පරාජය කිරීමට හැකිවනු ඇත.

අවසාන වශයෙන් ජනතාවගේ අයිතිවාසිකම් නාමයෙන් බෙදුම්වාදී කප්පම් ඉල්ලා සිටින ජාතිවාදී දේශපාලනය සහ කප්පම් දෙන සහ ඒ සඳහා බලකරන ජාතිවාදී දේශපාලනය යන දෙකම පරාජය කළ හැක්‌කේ කෙසේද? ඒ විෂම චක්‍රය බිඳීය හැක්‌කේ සිංහල දමිළ මුස්‌ලිම් සියලු ජනතාවට සමානාත්මතා පදනමින් සියලු අයිතිවාසිකම් ලබාදිය යුතුය යන සටන් පාඨය ඉහළට එසවීම තුළින් පමණි.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/08/2016

අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට මන්ත්‍රීවරුන්ට කොළේ වසා ශ්‍රී ලංකාව ගොදුරු කළ හැටි

කතෘ:යුතුකම     9/08/2016   No comments
-වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර -

පසුගිය දිනවල බරපතළ කතාබහට ලක්‌වූ අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය තුළ තවත් ඉතා සූක්‍ෂම ක්‍රියාවලියක්‌ සිදුවිය. ඒ බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රාඥප්තිය එම පනතට සම්බන්ධ කිරීම මගින් ඊට ව්‍යාජ ලෙස වංලගු භාවය ලබාදීමයි. එහිදී එක්‌සත් ජාතිනAගේ සංවිධානයේ පටිපාටි උල්ලංඝණය කිරීමක්‌ද සිදුව ඇති බව පෙනේ. පනතේ 27 වැනි වගන්තිය මගින් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය පනතට සම්බන්ධකොට ඇත්තේ අතුරුදහන්වූවන් නිර්වචනය කිරීමේ මුවාවෙනි. පනත මගින් ඉදිරිපත් කෙරෙන නිර්වචන තුනෙන් එකක්‌ වන්නේ එම ප්‍රඥප්තිය මගින් දක්‌වා ඇති නිර්වචනයයෑයි පනතේ සඳහන් වේ. පනතේ එසේ සඳහන් වූවත් ප්‍රාඥප්තිය තුළ නිර්වචනයක්‌ ලබාදී නැත. ඒ අනුව සිදුවන්නේ පනත ක්‍රියාත්මක කිරීමේදී ප්‍රඥප්තිය මගින් ලබාදී ඇති මූලික මාර්ගෝපදේශ පිළිපැදීමය.

මෙම ක්‍රියාව ඉතා කූඨ ලෙස සිදුකර ඇතිඅතර එම ප්‍රඥප්තිය විධිමත්ව වලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගත්තා නම් ප්‍රඥප්තිය පිළිබඳව පනතේ පුර්විකාවේ සඳහන් කළ යුතුව තිබුණි. නමුත් අණ්‌ඩුවට අවංකව සහ විවෘතව එසේ කිරීමට හැකියාවක්‌ නැත්තේ එම ප්‍රඥප්තිය වලංගු කිරීම මගින් අප රටේ රණවිරුවන් බරපතල පාවාදීමකට ලක්‌වන බැවිනි. මෙම ප්‍රඥප්තිය 1996දී එක්‌සත් ජාති
න්ගේ මහා මණඩලයෙන් අනුමත වූ දා සිට ඊට අනුමැතිය පළකොට පසුව එය වලංගු කොට ඇත්තේ රටවල් 52ක්‌ පමණි. ඉන්දියාව සහ ඇමෙරිකාව එම ප්‍රඥප්තිය මේ වන තුරුත් වලංගු කොට නැත. එම රටවල් එක්‌සත් ජාතීන්ගේ විවිධ ප්‍රඥප්ති යටතේ තම රටවල හමුදා සාමාජිකයන්ගේ ආරක්‍ෂාව හෝ ජාතික ආරක්‍ෂාවට අදාල රාජ්‍ය රහස්‌ අනතුරට ලක්‌වීමට ඉඩ දෙන්නේ නැත. ඔවුන් මතුපිටින් ඉතා සාධාරණ බව පෙනෙන බොහෝ ජාත්‍යන්තර ප්‍රඥප්ති යොදාගන්නේ තෝරාගත් රටවල් ප්‍රමාණයක අභ්‍යන්තර කටයුතුවලට අගිලි ගැසීම සඳහා ම`ග පාදන දේශපාලන උපාංග වශයෙනි.

අප රටේ ව්‍යවස්‌ථාව අනුව ජනාධිපතිවරයා හෝ වෙනත් බලය පැවරූ ඇමතිවරයකු හෝ නිලධාරියකු විසින් යම් ජාත්‍යන්තර ප්‍රඥප්තියක්‌ අත්සන් කිරීම හෝ වලංගු කිරීම සිදුකළ පමණින් ඊට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ අධිකරණය බැදී නැත. සරත් එන් ද සිල්වා අගවිනිසුරුතුමා විසින් ලබාදී ඇති නිතිපතිට එරෙහි සිංහරාස නඩු තීන්දුව අනුව අප රටේ රාජ්‍ය නායකයා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අත්සන් කළ පමණින් එය රටේ නීතියට අනුව බලාත්මක වන්නේ නැත. ඒ සඳහා ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු අතර එය රටේ නීති පද්ධතියට ඇතුල් කළ යුතුය. එම ප්‍රඥප්තිය රටේ නීතියට සම්බන්ධකොට නොමැති නිසා ඒ යටතේ ජිනීවා නුවර පිහිටුවා ඇති මානව හිමිකම් කමිටුව විසින් ලබාදෙන ලද තීන්දු අනුව කටයුතු කිරීමට අප රටේ අධිකරණයට බැඳීමක්‌ නැත. වර්තමාන යහපාලන ආණ්‌ඩුව විසින් ජාත්‍යන්තර බලපෑම මත අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය හොර පාරෙන් ගොස්‌ රටේ නීතියට ඇතුල්කරන්නේ ඉහත සඳහන් කළ වරද නිවැරදි කිරීම සඳහා බව ඉතා හොඳින් වටහාගත හැක.

කෙසේ වෙතත් ඉහත සඳහන්කළ ආකාරයට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය මෙන් නොව අතුරුදහන්වූවන්ගේ ප්‍රඥප්තිය මහජනයාගේ ඇස්‌ ඉදිරියේ සාධාරණිකරණය කිරීම යනු දේශපාලන වශයෙන් පහසු කාර්යයක්‌ නොවේ. එම ප්‍රඥප්තිය මතුපිටින් අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන බව පෙන්වුවත් එහි මූලික අරමුණ අතුරුදහන්වීම් වලට වගකිවයුතු යෑයි චෝදනා එල්ලවන ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට දඩුවම් කිරීම බව මහජනයාට තේරුම්ගත හැක. 2015දී එක්‌සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට විරුද්ධව සම්මතකළ ඇමෙරිකානු යෝජනාවලියේ 4 වැනි වගන්තිය මගින් අවධාරණය කෙරෙන්නේ එම ප්‍රඥප්තියේ සඳහන් ආකාරයට කටයුතු කළ යුතු බවය. එම ප්‍රඥප්තිය පිළිබඳව පනතේ සඳහන්වී තිබියදී එහි පිටපත මන්ත්‍රීවරුන්ට ලබාදීමට ආණ්‌ඩුව ක්‍රියා නොකරන්නේ එම තත්ත්වය නිසාය. එම ප්‍රඥප්තියේ සිංහල පරිවර්ථනයක්‌ විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය හෝ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සතුව නොමැති බව එම කාර්යාලවල වගකිව යුතු නිලධාරීන් විසිනි ප්‍රකාශ කරන්නට යෙදුනි. ඒ බව දැනගත හැකි වූයේ ප්‍රඥප්තියේ සිංහල පිටපත ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිත පිරිසක්‌ එම කාර්යාලවලින් ඉල්ලීම් කළ අවස්‌ථාවේදීය. ඒ අනුව ප්‍රඥප්තිය පිළිබඳව මහජනයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක්‌ නොව ජනාධිපතිවරයා පවා දැනුවත්වීම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හිතා මතා වළක්‌වා ඇති බව පෙනේ.

අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතේ සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ අන්තර්ගතය තරම්ම ඒවා සම්මත කළ ආකාරයද ඉතා භයානක වන්නේ ඒ මගින් පාර්ලිමේන්තුවට ඉතා නරක පුර්වාදර්ශයක්‌ සපයන බැවිනි. ඕනෑම ජාත්‍යන්තර ප්‍රඥප්තියකට එක`ගතාවය පළ කිරීමෙන් හෙවත් ඊට අත්සන් යෙදීමෙන් පසුව එය වලංගුභාවයට පත්කිරීම සඳහා අත්සන් යෙදීමට පෙර අදාළ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතකිය ලබාගත යුතුය. රටේ නීති පද්ධතියට එම ප්‍රඥප්තියේ කොන්දේසි නිර්ණායක හෝ ප්‍රමිතීන් අතුල්කළ හැක්‌කේ එසේ අනුමැතිය ලබාගැනිමෙන් පසුවය. නමුක්‌ යහපාලන ආණ්‌ඩුව එම පටිපාටිය අනුගමණය කළේ නැත. විදේශ අමාත්‍යවරයා 2015 සැප්තැම්බර් මස මානව හිමිකම් කොමසාරිස්‌වරයාට එක`ග වූ පරිදි දෙසැම්බර් මාසයේදී අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් යෙදීමට ක්‍රියා කළේය. ඒ සඳහා ඔහු පසුගිය දෙසැම්බර් 09 වැනිදා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගන්නා අතර පසුවදා එනම් 10 වැනිදා අත්සන් තැබීමට කටයුතු සැලසීය. ඒ මගින් විදේශ අමාත්‍යාංශයේ හදිසිය කොතරම්ද යන්න පැහැදිලි වේ.

කෙසේවෙතත් ප්‍රඥප්තිය අත්සන් කිරීමෙන් පසුව එය අදාල පටිපාටියට අනුව වලංගු කිරීම සඳහා අමාත්‍ය මණ්‌ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමක්‌ සිදුවූයේ නැත. ඒ වෙනුවට ආණ්‌ඩුව කළේ එම ප්‍රඥප්තිය පනතට සම්බන්ධ කොට පනත සඳහා පමණක්‌ අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගැනීමය. ඒ අනුව මැයි 24 දින අමාතශ මණ්‌ඩලය විසින් පනත ගැසට්‌ කිරීම සඳහා අනුමැතිය ලබාදුන් අතර එම අනුමැතිය කූඨ ලෙස යොදගනිමින් මැයි 25 දින ප්‍රඥප්තිය වලංගු කිරීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කළේය. ඒ අනුව අවසානයේදී ප්‍රඥප්තිය පනතට සම්බන්ධ කොට බලහත්කාරයෙන් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව ප්‍රඥප්තියටද පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණා සේ සලකා ආණ්‌ඩුව කටයුතු කරන බව පෙනේ. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමක්‌ පමණක්‌ නොව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ පටිපාටිද උල්ලංඝණය කිරීමකි. එය කූඨ සහ නීති විරෝධී දේශපාලන හැසිරීමකි. නමුත් එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊට අභියෝග නොකරන බවට සැකයක්‌ නැත. පනත සම්මත වූ පසුව පනත සම්මත කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරය පිළිබඳව වචනයක්‌ හෝ කතා නොකර ඊට සුභ පැතීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් ක්‍රියාකිරීම තුළින් පැහැදිලි වන්නේ ඒ පරම සත්‍යය නොවේද?

දැන් අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතට සම්බන්ධ කිරීම නිසා එම ප්‍රඥප්තියේ නිර්නායක සහ ප්‍රමිතීන්ට අනුව පනත ක්‍රියාත්මක වනු ඇත. ඒ මගින් රණවිරුවන්ට එරෙහිව පනත යොදාගන්නා ආකාරයේ භයානකකම දස ගුණයකින් වැඩිවේ. ජාත්‍යන්තර ප්‍රඥප්තිය හරහා ශ්‍රී ලංකා රජය එක`ගවන කොන්දේසි අනුව ඊනියා අතුරුදහන් කිරීම්වල ප්‍රමාණය සහ ව්‍යාජ සාක්‍ෂි මගින් වර්ණ ගන්වා පෙන්වනු ලබන ඒවයේ කෘරත්වය අතිශයෝක්‌තියෙන් හුවාදැක්‌වීම මගින් ඒවා පොදුවේ මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකළ අපරාධ ලෙස නම්කළ හැක. එසේම ඒවා දැනුවත්ව සිදුකළ සාමුළ ඝාතන මෙහෙයුමක ප්‍රතිඵල ලෙසද අර්ථ දැක්‌විය හැක. එය වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත්කිරිමේදී ඉතා වාසිදායක කොන්දේසියක්‌ බවට පත්වේ. ''පරණගම කොමිසමට'' ලැබුණු පැමිණිලි 20,000ක ප්‍රමාණවය 65,000ක්‌ දක්‌වා වැඩිවනු ඇති බවට අප රටේ විදේශ අමාත්‍යාංශය අනාවැකි පළකරන්නේ එම අවශ්‍යතාව ඉටුකිරීම සඳහා නොවේද? ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 5 වැනි වගන්තිය මගින් පනවා ඇත.

ශ්‍රී ලංකා රජය විසින් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලංගු කිරීම නිසා අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතට අදාලව පමණක්‌ නොව ඊනියා අතුරුදහන්වීම්වලට අදාලව පිහිටුවනු ලබන ඕනෑම යාන්ත්‍රණයක්‌ එම ප්‍රඥප්තියේ නිර්දේශ සහ ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමට රජය බැදී සිටියි. ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂිය නීති යටතේ යුදඅපරාධන චෝදනා එල්ල කිරීමේදී යුද්ධයේ යථාර්ය සැලකිල්ලට ගැනේ. උදාහරණයක්‌ ලෙස රජයට විරුද්ධව යුද වැදී සිටින පාර්ශ්ව විසින් භාවිතා කරන යුද බලයට සාපේක්‍ෂ බලයක්‌ භාවිතා කිරීමට රජයට අයිතිය ඇත. නමුත් අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ අතුරුදහන්වීම් වලට අදාලව යුද්ධයේ ස්‌භාවය නිදහසට කරුණක්‌ ලෙස සැලකිල්ලට නොගැනේ. එහි ඇති භයානකකම වන්නේ යුද පිටියේදී ක්‍රියාන්විතවලදී මරණයට පත්වූ ත්‍රස්‌තවාදීන් පවා අතුරුදහන්වූවන්ගේ ගොඩට දමා චෝදනා එල්ල කිරීමට හැකිවීමය.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව අතුරුදහන්වීම් පිළිබඳව චෝදනා එල්ලකළ හැක්‌කේ රජයේ පාර්ශව වලට පමණි. ඒ අනුව හෙළ උරුමය වැනි පක්‍ෂ කියන ආකාරයට හමුදා සාමාජිකයන්ගේ අතුරුදහන්වීම් පිළිබඳව සම්බන්ධන් මන්ත්‍රීවරයාට හෝ සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකළ නොහැක.නමුත් එම ප්‍රඥප්තියේ 6වැනි වගන්තිය අනුව ඕනෑම පරීක්‍ෂණයකදී අණදීමේ වගකීමට අදාල චෝදනා එල්ල කිරීම අනිවාර්ය වේ. ඒ මගින් අතුරුදහන්වීමකට අදාලව චෝදනා එල්ලවන ආරක්‍ෂක හමුදා සාමාජිකයකුට අනදිමේ වගකීමක්‌ සහිත ඉහළ හමුදා හෝ සිවිල් නායකයකු ඊට පටලවා ගැනීමට ඉඩ සැලසේ. එහිදී අණදීමේ වගකීම තිබේනම් අතුරුදහන්වීමකට පක්‍ෂව ක්‍රියාමාර්ග ගැනීම හෝ නියෝගදීම මෙන්ම එය වැළෑක්‌වීමට ක්‍රියාමාර්ග නොගැනීම යන භූමිකා දෙකටම අදාලව ඉහළ නිලධාරීන් චුදිතයන් බවට පත්කිරීමේ ඉඩ ලැබේ. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හෙවත් කොමිසම අනාගතයේදී පරීක්‍ෂණ කරගෙන යාමේදී අනුගමනය කළ යුතු නිර්ණායක එසේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් නිශ්චිතව පනවා ඇත.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 7 වැනි වගන්තිය අනුව චෙෙdaදනා එල්ලවන රණවිරුවන්ට එරෙහිව පරිපාලන වශයෙන් දඩුවම් කිරීමට ශ්‍රී ලංකා රජය බැදී සිටියි. ඒ සඳහා පරීක්‍ෂණ අවසාන වනතුරු සිටීම අවශ්‍ය වන්නේ නැත ඒ අනුව හුදු චෝදනා එල්ල වූ පමණින් රණවිරුවන් සේවයෙන් පහ කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් රජයට බලකෙරේ. 2015 ඇමෙරිකානු යෝජනාවේ 8වගන්තිය මගින් එසේ පරිපාලන වශයෙන් රණවිරුවන්ට දඩුවම් කළ යුතු බව අවධාරණය කොට ඇත.ඊට අමතරව අතුරුදහන්වූවන්ගේ කොමිසම මගින් සෘජු අපරාධ හෝ සිවිල් නඩු පැවරීමක්‌ සිදු නොකරන බව සඳහන් කළත් ජාත්‍යන්තර ප්‍රඥප්තියේ කොන්දේසිවලට අනුව එම කොමිසමේ පරීක්‍ෂණ වාර්තා පදනම් කරගෙන වෙනත් ආයතන හරහා නඩු පැවරිය යුතුය. එනම් නීති පති සහ ඉදිරි කාලයේ පිහිටුවනු ලබන යුද අපරාධ අධිකරණයේ අභිචෝදනා හරහා එසේ අපරාධ නඩු ක්‍රියාමාර්ග ගත යුතුය.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 9 වැනි වගන්තිය අනුව ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවන් වන ඕනෑම රටකදී අප රටේදී චෝදනා එල්ලවන රණවිරුවන්ට එරෙහිව නඩු පැවරිය හැක. චෝදනා එල්ල වූ රණවිරුවකු හෝ ඔහුට අණ දුන්නා යෑයි චෝදනාවට ලක්‌වන හමුදා හෝ සිවිල් නායකයකු එම රටකට ඇතුල් වූ අවස්‌ථාවක ඔහු අත්අඩංගුවට ගෙන එම රටේ නීතියට අනුව නඩු පැවරීමේ බලය මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් ලබාදී ඇත. එසේ අප රටේ රණවිරුවකු අත්අඩංගුවට ගත් රටක්‌ රෝම ප්‍රඥප්තියට හෙවත් ජාත්‍යන්තඑ අපරාධ අධිකරණ ව්‍යවස්‌ථාවට අත්සන් තබා තිබේනම් අප රට එසේ අත්සන් තබා නොමැති වුවත් අදාල රණවිරුවා ජාත්‍යන්තර අධිකරණයට බැරදීමට එම රටට බලය ලැබේ. ඒ අනුව මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට බලංගුභාවය ලබාදීම මගින් කෙතරම් බරපතල ලෙස රණවිරුවන් පාවාදීමට ලක්‌වනවාද යන්න පැහැදිලිවේ.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 15 වැනි වගන්තියට අනුව ඊට අත්සන් තබා ඇති රටවල්වලට යම් රටකට සහයෝගය දීමේ මුවාවෙන් එම රටේ නීතිය අනුව සිදු කෙරනවා යෑයි කියන පරීක්‍ෂණවලට මැදිහත්වීමේ බලය ලැබේ. ශ්‍රී ලංකාව වැනි එවැනි ජාත්‍යන්තර මැදිහත්වීමකට ''පැනලා දෙන'' රටකට අදාලව එම වගන්තිය මගින් මැදිහත්වීමකට විශාල ඉඩක්‌ විවෘත වේ. බොහෝ විට තාක්‍ෂණ සහාය ලබාදීමේ නාමයෙන් සහ අතුරුදන්වූවන් වෙනත් රටක ජීවත්වෙනවාද යන්න සොයා බැලීමේ නාමයෙන් මෙම මැදිහත්වීම් සාධාරණීකරණය කෙරනු ඇත. එහිදී අ=රුදහන්වූවන්ගේ කාර්යාල පනත මගින් ජාත්‍යන්තර සංවිධාන වලින් මුදල් සහ තාක්‍ෂණික සහාය ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන පනවා ඇති බැවින් පනත රිලවාට ඉනිමං බදින තත්ත්වයක්‌ ඇතිවනු ඇත.

කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව පිහිටුවනු ලබන ජාත්‍යන්තර කමිටුවට යම් රටක්‌ වගකිය යුතු වන්නේ ප්‍රඥප්තිය වංලගු කිරීමෙන් පසුව සිදුවන අතුරුදහන් කිරීම් වලට අදාලව පමණි. එහෙත් ප්‍රඥප්තියේ පොදු වගන්ති මගින් අතීතයට අදාලව සිදුකෙරෙන පරීක්‍ෂණවලට මැදිහත්වීමට ඉඩ සැලසේ. එසේ වුවත් ප්‍රඥප්තියේ අනෙකුත් පාර්ශ්වකාර රටවල් විසින් ශ්‍රී ලංකාවට අදාලව කරනු ලබන ඉල්ලීම් හෝ මැදිහත්වීම් නිසා යම් ගැටුමක්‌ ඇතිවුවහොත් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පැමිණිලි කිරීමට මෙම ප්‍රඥප්තිය මගින් ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් අතුරුදහන්වීම් පිළිබඳ සොයා බැලීම සඳහා කරනු ලබන පරීක්‍ෂණ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ට උවමනා ආකාරයට සිදු නොවේනම් ඊට මැදිහත්වීමට පමණක්‌ නොව ඊට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කිරීම මගින් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ ඉඩක්‌ මෙම ප්‍රඥප්තිය මගින් විවරවේ.

මෙම තත්ත්වය සමස්‌ථයක්‌ ලෙස ගෙන බලන විට පෙනීයන්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතේ ප්‍රතිපාදන වලට වඩා බරපතල කොන්දේසි ප්‍රමාණයකට යටත්වීමට ශ්‍රී ලංකා රජයට සිදුවන බවය. එතරම් බරපතල උගුලකට ආණ්‌ඩුව විසින් පය තැබීම මගින් රණවිරුවන් ජාත්‍යන්තර ගොදුරක්‌ බවට පත්කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලූ දෙනාටම තොරතුරු සැ`ගවීම මගින් සහ ඔවුන් රැවටීම මගිනි. එම පහත් ක්‍රියාවට කථානායකවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා Rජුව වගකිව යුතුය. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මනසේ ඒ පිළිබඳව ඇතිවන්නේ ලැර්ඡාවක්‌ද කෝපයක්‌ද යන්න පැහැදිලි නැත. ආණ්‌ඩුවේ පාර්ශ්වකරුවන් වී සිටින මන්ත්‍රීවරුන්ට නම් ඒ පිළිබඳව කිසිදු හැඟීමක්‌ නැතිවීම පුදුමුයක්‌ නොවේ. එහෙත් ව්‍යාජ විපක්‍ෂය කෙසේවෙතත් සැබෑ විපක්‍ෂය වන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව හෘද සාක්ෂියේ ප්‍රශ්නයක්‌ තිබිය යුතුය. මෙම ක්‍රියාවලිය තුළ සැබෑ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට කථානායකවරයා පිළිබඳ අඹමල් රේණුවක විශ්වාසයක්‌ ඉතිරිවී තිබිය හැකිද?එසේ ඉතිරි වී නොමැතිනම් ඔවුන්ට තවදුරටත් ඔහු කෙරෙහි විශ්වාසය තබමින් රෙදි ඇදගෙන ඔහු සභාපතීත්වය දරන ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ වාඩි වී සිටිය හැකිද? අතුරුදහන්වූවන්ගේ පනත සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තිය සම්මත කිරීමේදී කථානායකවරයා හැසිරුණු ආකාරය ව්‍යවස්‌ථා සම්පාදන සභාවේදී නැවත ප්‍රතිනිර්මාණය නොවනු ඇතැයි යන සහ.තිකය දිය හැක්‌කේ කාටද? මහජන පරමාධිපත්‍යයේ නාමයෙන් ඔහුගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුවේ වාඩිවී සිටීම යනු වෙනම සලකා බැලිය යුතු අවාසනාවන්ත තත්ත්වයකි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

8/30/2016

'හවුල් ආණ්ඩුව' හැදීමේ නියම අරමුණ - රට බෙදන ව්‍යවස්ථාව ලඟ ලඟම...

කතෘ:යුතුකම     8/30/2016   No comments
ව්‍යවස්‌ථා සම්පාදක සභාවෙන් ඊළමට දොරවල් අටක්‌!
-වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර-

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට සාධාරණ උත්තරයක්‌ ලබානොදෙන ''යහපාලන රෙජීමය'' පාර්ලිමේන්තුවෙන් පරිභාහිරව ව්‍යවස්‌ථා සම්පාදක සභාවක්‌ නිර්මාණය කොට මන්ත්‍රීවරු සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ව්‍යවස්‌ථාවක්‌ හැදීමට තරම් 'ප්‍රජාතන්ත්‍රවාදී' වන්නේ කුමක්‌ නිසාද? විපක්‍ෂයේ විවිධ කණ්‌ඩායම් එම ප්‍රශ්නයට තර්කානුකූල උත්තරයක්‌ සොයාගත් බවක්‌ මහජනයාට පෙනෙන්නේ නැත. කෙසේ වෙතත් මෙම නව ක්‍රමවේදය තේරීමට ආණ්‌ඩුවට බලකරන්නේ නිල විපක්‍ෂය වන ටී.එන්.ඒ. පක්‍ෂය බවට කිසිදු සැකයක්‌ නැත. ඔවුන් ශ්‍රී ලංකා ආණ්‌ඩුව සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග අත්සන් කළා යෑයි කියන තුන් පාර්ශවීය ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක්‌ වන්නේ ද එයම බවට විවාදයක්‌ නැත. අර්ධ විපක්‍ෂයක්‌ වන ජනතා විමුක්‌ති පෙරමුණට ලබාදී ඇති භූමිකාව බව පෙනෙන්නේ හොරු අල්ලන ඝෝෂාව මගින් එම ක්‍රියාවලියේ භයානකකම වසන්කිරීම බව පෙනේ.

ඒ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ විවිධ කණ්‌ඩායම් විවිධ උපකල්පන වලට එළඹෙන්නේ තම තමාගේ ස්‌ථාවරයන්ට සාපේක්‍ෂව ඊට සරිලන ආකාරයට බවද පෙනේ. ඔවුන් තවමත් යහපාලන රෙජීමය බලයට ගෙනඒම සඳහා පිඹුරුපත් සකස්‌ කළ ඉන්දියානු සහ ඇමෙරිකානු ඔත්තුසේවා වල වුවමනාවන්ට සාපේක්‌ෂව හෙවත් සතුරාගේ පැත්aතේ සිට ප්‍රශ්නය දෙස බලන්නට ඉගෙනගෙන නැත. එම බුද්ධිමය දුප්පත්කම නිසා ඔවුන් දැනුම්වත්ව සහ නොදැනුවත්ව යන ආකාර දෙකටම අනුව සතුරාගේ න්‍යායපත්‍රයට පහසුකම් සලසන තත්ත්වයකට පත්ව ඇත. ඔවුන් හැදෙමින් පවතින ව්‍යවස්‌ථාව ජාතියට මර උගුලක්‌ වන බවට දේශපාලන ස්‌ථාවරයක සිටිමින් සහ ආණ්‌ඩුවේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන එම ක්‍රියාවලියට දායක වන අතර ආණ්‌ඩුවට එරෙහිව මහ ජනතාව මහපාරට කැඳවීමේ තම දේශපාලන උපායමාර්ගය පැහැදිලි කරන්නේ කෙසේද?

බාහිර බලවේග විසින් ආණ්‌ඩුව බලයට ගෙන එන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අවශ්‍ය ආකාරයට රාජ්‍යයේ ව්‍යqහය වෙනස්‌ කිරීමේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීම මුල්කරගෙන නොවේද? වර්තමාන ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ මූලිකයා ලෙස කටයුතු කරන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා 2014 දී ලන්ඩනයේ අමිර්තලිංගම් අනුස්‌මරණ දේශනය පවත්වමින් කියාසිටියේ මහින්ද රාජපක්‍ෂ බලයේ සිටිනතුරු දෙමළ ජනතාවගේ ''ප්‍රශ්නය'' විසඳීම සඳහා ව්‍යවස්‌ථාමය විසඳුමක්‌ ගෙනඒමට ඉඩක්‌ නැති බවය. ඊට පෙර ''එන්.ජී.ඕ. ගෝඩ් µdදර්'' කෙනෙකු වන ''ඉන්ටර්නැෂනල් ක්‍රයිසින් ගෲප්'' නැමති සුප්‍රසිද්ධ බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධානයේ නායක ඇලන් කීනන්ගේ මුවින්ද ඒ වචනම පිටවිය. 2013 දී මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා ඇතිකරගත් කුප්‍රකට ''සිංගප්පුරු එකඟතාවයේ'' ප්‍රධාන කොන්දේසිය වූයේද එයයි. 'විකිලික්‌ස්‌' හරහා එළිදරව් වූ තොරතුරු අනුව ඇමෙරිකානු තානාපතිනි පැටි්‍රෂියා බුටනේස්‌ සහ සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ ඕ බ්ලේක්‌ 2009 සිටම එම අවශ්‍යතාවය අවධාරණය කළේය.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහකොට රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්කරන්නේ ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය ''බුල්ඩෝසර්'' කිරීමේ මූලික සහ පළමු උපාය මාර්ගික අවශ්‍යතාවය ඉටුකරගැනීම සඳහා බවට දේශපාලනයේ ''අයන්න'' දන්නා අයට නම් කිසිදු සැකයක්‌ තිබිය නොහැක. ආණ්‌ඩුව ආරම්භකොට ඇති ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියේ දිග පළල වටහාගත යුත්තේ මෙම මහා පින්තූරය හොඳින් වටහා ගනිමිනි. මේ වන විට විපක්‍ෂය විසින් නිර්මාණය කොට දී ඇති හිදැස හෙවත් රික්‌තකය තුළ ආණ්‌ඩුව විසින් කිසිදු බාධාවකින් තොරව ව්‍යවස්‌ථා සම්පාදන මාර්ග සිතියම දිගහරිමින් ඇත. පළමු වටයේදීම විධායක ජනාධිපති ක්‍රමය සහ ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීම වැනි සැරසිලිවලින් වසා තිබෙන බෙදුම්වාදී ව්‍යවස්‌ථා උගුල ඉදිරිපිටට විපක්‍ෂය කැඳවාගැනීමට ආණ්‌ඩුව සමත්වී ඇත. ඒ සඳහා ආණ්‌ඩුව විසින් ව්‍යවස්‌ථා සම්පාදක සභාව නැමැති දියුණු තාක්‍ෂණික උපාංගය භාවිතා කළේය. විපක්‍ෂය විසින් බරපතල දේශපාලන ගැටලුවක්‌ හෙවත් අභියෝගයක්‌ තාක්‍ෂණිකව විසඳීමට උත්සාහ කිරීම නිසා එම උගුලට කොටුවිය. ඒ අනුව 1995 දී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක විසින් ආරම්භ කළ බෙදුම්වාදී ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය නව මානයකට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී ඇති බව පිළිගැනීමට සිදුවේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා හරහා ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති රාමුව පළමුවෙන්ම ඉදිරිපත් කිරීමට සිදුවීමේ අවුල බේරමින් සමස්‌ථ පාර්ලිමේන්තුව මත වගකීම පැවරෙන ව්‍යවස්‌ථා සම්පාදක සභා ක්‍රමය හඳුන්වා දීමට ඔහු සමත්විය. එම ක්‍රියාවලිය 1972 දී යොදාගත් ක්‍රියාදාමයට වඩා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්‌වන ආකාරයට සිදුවේ. එහිදී සමස්‌ථ පාර්ලිමේන්තුවම ඊට සහභාගීවනවාට අමතරව මහජන අදහස්‌ ලබාගැනීමේ ක්‍රියාවලියක්‌ ඊට බද්ධ කිරීම මගින් එම ක්‍රියාවලියට වැඩි වලංගු භාවයක්‌ ලබාදී ඇත. දැන් එම ක්‍රියාවලිය බෙදුම්වාදී ටී.එන්.ඒ. පක්‍ෂය සහ ආණ්‌ඩුවේ එක`ගතාවයෙන් ජාත්‍යන්තරව පිළිගත හැකි ආකාරයට සිදුවෙමින් ඇත. ඒ පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්‌ගේ ප්‍රසාදයද පළවී ඇත. එම තත්ත්වය තුළ සකස්‌වන ව්‍යවස්‌ථාව රනිල්ගේ ''පැකේජය'' ලෙස නම් කෙරෙනවා වෙනුවට සමස්‌ථ පාර්ලිමේන්තුවේම පැකේජයක්‌ බවට පත්වේ. ඒ අනුව එම ජයග්‍රහණය පශ්චාත් යුද නව ඊළාම් මාර්ග සිතියමේ පළමු බාධකය හෙවත් පළමු දොර විවෘත කිරීමක්‌ ලෙස සැලකිය හැක. ඉන්පසුව පැනනගින දේශපාලන තත්වයන්ට අනුව විවිධ මට්‌ටම්වලදී ඊළාම් මාවතට විවෘතවන විවිධ දොරවල් විවෘත කිරීමට මෙම ක්‍රියාවලිය තුළ ඉඩ ලැබේ.

එම ක්‍රියාවලිය තුළ ආණ්‌ඩුවට මුහුණදීමට සිදුවන බරපතලම අභියෝගය වන්නේ දැනටමත් පිටත සකස්‌ වෙමින් පවතින ව්‍යවස්‌ථා කෙටුම්පත් වලින් පවතින තත්වය අනුව ඉදිරිපත් කිරීමට වඩාත් සුදුසු කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්‌ථා සම්පාදක සභාවෙන් එළියට පැනීම වළක්‌වා ගැනීමය. එසේ වුවහොත් ''සමස්‌ථ පාර්ලිමේන්තුව'' යන ලේබලය ඉවත්කර ගැනීමට සිදුවන නිසා එම ක්‍රියාවලියේ වලංගුභාවයට බරපතල අගතියක්‌ සිදුවේ. ඒ අනුව ආණ්‌ඩුවේ න්‍යාය පත්‍රයට අනුගත වී ඇති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අමාත්‍යවරුන් සහ වෙනත් සැකකටයුතු උපදේශකයන් යොදාගනිමින් ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ දිගටම රැදී සිටීමේ තාක්‌ෂණික වැදගත්කම විපක්‍ෂයට අවධාරණය කෙරෙමින් ඇත. නමුත් ඒ තුළ රැඳී සිටින ලෙස පොදුජන ඉල්ලීමක්‌ බිම් මට්‌ටමේදී නොමැති බව සහ එදා 2000 දී පැකේජය ඉදිරිපත් කිරීමේදී කළ ආකාරයට ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව ඊට එරෙහිව වාද කිරීමේ පැහැදිලි ඉඩක්‌ තිබෙන බව විපක්‍ෂය විසින් තේරුම් නොගැනීම කනගාටුදායක තත්වයකි. ආණ්‌ඩුවට සැබෑ ලෙසම අභියෝගය වන්නේ ව්‍යවස්‌ථා කෙටුම්පත සභාවට හෝ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන තෙක්‌ විපක්‍ෂය කොටුකර තබා ගැනීමය. ඊට පසුව ඔවුන් එළියට පැනගත්තද එය අර්ථ ගැන්වෙන්නේ ඡන්දය නොදීමක්‌ ලෙසය. එවිට ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ වලංගුභාවය අභියෝගයට ලක්‌ නොවේ. එනම් පළමු ඊළාම් දොරටුවේ යතුර නැතිවන්නේ නැත.

ආණ්‌ඩුව මුහුණ දෙන දෙවන අභියෝගය හෙවත් ටී.එන්.ඒ. පක්‍ෂය ප්‍රමුඛ බෙදුම්වාදීන් විසින් විවෘත කර ගැනීමට බලාපොරොත්තුවන දෙවන දොරටුව වන්නේ ව්‍යවස්‌ථා කෙටුම්පත සභාවේ සාමාන්‍ය බහුතරයකින් සම්මතකර ගැනීමය. රනිල් - සම්බන්ධන් සන්ධානය දැනටමත් ඒ සඳහා අවශ්‍ය යතුර සංඛ්‍යාත්මකව තමා අත තබාගෙන ඇත. එම ක්‍රියාවලිය එතැනින් ඉදිරියට ගෙන යාමට ඉඩක්‌ නොලැබුනද බෙදුම්වාදී බලතල සහිත ව්‍යවස්‌ථාවක්‌ සමස්‌ථ පාර්ලිමේන්තුවම නියෝජනය වන ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයකින් සම්මතවීම යනු බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට බරපතල ජයග්‍රහණයකි. මහජන විරෝධයන් පැන නොනගින තත්වයක්‌ තුළ එම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවට හෝ ජනමත විචාරණයකට ඉදිරිපත් නොකර Rජුව ක්‍රියාත්මක කිරීමේ නීතිමය ඉඩක්‌ ඇත. එය ජාත්‍යන්තරව පිළිගත් භාවිතාවකි. ශ්‍රී ලංකාවේදී 1972දී එම භාවිතාව සාර්ථකව අත්හදාබලා ඇත.

තුන්වන දොරටුව විවෘතකර ගැනීම අවශ්‍යවන්නේ සාමාන්‍ය බහුතරයෙන් අනුමත වූ ව්‍යවස්‌ථාව Rජුව ක්‍රියාත්මක නොකර එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව මතු වූ විටය. ව්‍යවස්‌ථා සම්පාදක සභාව තුළ විශේෂ බහුතරය ලබාගත නොහැකි වුවහොත් අමාත්‍ය මණ්‌ඩලය හරහා පාර්ලිමේන්තුව දක්‌වා යන මාර්ගය වෙනුවට පාර්ලිමේන්තුව හරහා අමාත්‍ය මණ්‌ඩලය දක්‌වා යැමේ මාවත තෝරාගැනීමට සිදුවේ. ඒ අනුව ව්‍යවස්‌ථා සම්පාදක සභාව හරහා ඊළම දක්‌වා යන තුන්වන දොරටුව විවෘත වන්නේ ව්‍යවස්‌ථා සම්පාදක සභාවේදී විශේෂ බහුතරයකින් ව්‍යවස්‌ථාව සම්මතවුවහොත් පමණි. එවිට පාර්ලිමේන්තුවේදී මුල්වටයේදී අභියෝගයට ලක්‌ නොවී අමාත්‍ය මණ්‌ඩලය දක්‌වා Rජුව ඉදිරිපත් කිරීමේ අවස්‌ථාව හිමිවේ. එවිට හතරවන දොරටුවක්‌ අමාත්‍ය මණ්‌ඩලයේදී විවෘත කිරීමට ඉඩ ලැබේ.

පාර්ලිමේන්තුව විසින් සම්මත කළ ව්‍යවස්‌ථා සම්පාදක සභාවක්‌ පිහිටුවීමේ යෝජනාව තුළ අමාත්‍ය මණ්‌ඩලය විසින් කළයුතු දේ පිළිබඳව නිර්ණායක පනවා ඇතත් ව්‍යවස්‌ථාදායකය මගින් විධායකයට එවැනි නියෝගයක්‌ පැනවීමේ ඉඩක්‌ නැත. ඒ අනුව පවතින දේශපාලන තත්වයට සාපේක්‍ෂව අමාත්‍ය මණ්‌ඩලයේ උප කමිටුවක්‌ මගින් ව්‍යවස්‌ථා කෙටුම්පත නැවත සංශෝධනය කිරීමේ ඉඩ ලැබේ. එම හතර වන යතුර මගින් ඒ වන විට පවතින දේශපාලන බාධක ජයගැනීමේ ඉඩ ලැබේ. ඒ දක්‌වා ඊළාම් මාර්ග සිතියම දිගට ගෙනයාම අවශ්‍ය වන්නේ බරපතල බෙදුම්වාදී බලතලවලට නීත්‍යානුකූල වලංගුභාවය ලබාදීම සඳහා ව්‍යවස්‌ථා සම්පාදක සභාවෙන් අනුමත වූ ව්‍යවස්‌ථාව Rජුව ක්‍රියාත්මක කිරීමට වාතාවරණයක්‌ නොමැති තත්ත්වයක්‌ තුළය. ඉන්පසුව පස්‌වන යතුර අවශ්‍ය වන්නේ අමාත්‍ය මණ්‌ඩලය විසින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය සහ ජනමත විචාරණය සඳහා ව්‍යවස්‌ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදීය. ඒ මගින් අධිකරණයට ඉදිරිපත් නොකර Rජුව මහජනයාට ඉදිරිපත් කිරීම හරහා අධිකරණ බාධකය නැමති දොරටුව හෙවත් හතරවන දොරටුව විවෘතකර ගැනීමට හැකිවේ. එසේ නොමැතිව අධිකරණයේ බාධකයට මුහුණදීමට සිදුවුවහොත් ඒ මගින් සිදුවන මහජන දැනුම්වත් වීම නිසා ජනමත විචාරණයේදී බරපතල නිශේධනාත්මක බලපෑමක්‌ සිදුවිය හැක. එම බාධකය ජයග්‍රහණය කිරීම හෙවත් පස්‌වන දොර විවෘත කිරීමට ඉඩ සලසා ගැනීම යනු බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ ප්‍රබල ජයග්‍රහණයකි.

පස්‌වැනි බාධකය හෙවත් දොරටුව ඊළාම් මාර්ග සිතියම තුළ මුණ ගැසෙන්නේ පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරය ලබාගැනීමේදීය. එහිදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ව්‍යවස්‌ථා සම්පාදක සභාවේදී අනුමතකළ ව්‍යවස්‌ථාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ නම් එය ඉතා සරල බාධකයකි. ඊට අදාළ යතුර ආණ්‌ඩුවේ සාක්‌කුවට දමා ගැනීමට ඉඩ ලැබෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් සභාව තුළ වාද විවාදවලට සහභාගීවීමේ උගුලට පයතැබුවහොත් පමණි. කෙසේ වෙතත් විපක්‍ෂය ව්‍යවස්‌ථා සභාවේදී එක පයක්‌ උගුලට තැබුවත් නැතත් පාර්ලිමේන්තුව තුළදී විවිධ සංශෝධනවලට ඉඩ සලසමින් සහ සමහර බොරු යෝජනා අකුලා ගැනීම මගින් විපක්‍ෂයට උගුලක්‌ ඇටවීමට ආණ්‌ඩුවට ඉඩ ලැබේ. උදාහරණයක්‌ ලෙස එහිදී මහජන අදහස්‌ කමිටුව හරහා මේ වන විට මහජනයාට අටවා ඇති උගුල ගලවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇටවීමට ඉඩක්‌ ලැබේ.

මහජන අදහස්‌ ලබාගැනීමේ කමිටුවේ ප්‍රධාන අරමුණක්‌ වන්නේ මහජන සංවාදය වෙනත් අතකට රැගෙන යාමය. එනම් අන්‍යාගමික රාජ්‍යයක කථාව, සිංහ කොඩිය හෝ ජාතික ගීය ඉවත් කිරීම හෝ සමලිංගික කථා මගින් බරපතල බෙදුම්වාදී බලතල පිළිබඳව ඇතිවිය යුතු සංවාදය වෙනත් පැත්තකට යොමු කෙරේ. එය අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේදී එම යෝජනා ඉවත්කර ගැනීම මගින් මන්ත්‍රීවරුන් සහ මහජනයා අතර ව්‍යාජ ආරක්‍ෂිත මනසක්‌ ඇති කිරීම සඳහාය. ඒකීය වගන්තිය ව්‍යවස්‌ථාවේ තිබීම බෙදුම්වාදීන්ගේ අරමුණට බාධාවක්‌ නොවන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා 'සිංගප්පුරු එක`ගතාව' මගින් එළිදරව්කොට ඇත. එම වගන්තිය සිංහල බහුතරය සහ ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයන් ගොනාට ඇන්දවීම සඳහා ඉතා නිර්මාණශිලීව භාවිතාවන බවට කිසිදු සැකයක්‌ නැත. ඒ අනුව සයවන දොරටුව විවෘතකර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට හෙවත් ජනමත විචාරණයක්‌ අවශ්‍ය නොවන බලතල ප්‍රමාණයක්‌ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීසෙන් බෙදුම්වාදී න්‍යාය පත්‍රයේ හැරවුම් ලක්‍ෂයකට ළ`ගාවිය හැක. එසේ වංගුවක්‌ ගැසීම අවශ්‍යවන්නේ ජනමත විචාරණයක්‌ දක්‌වා ගමන් කිරීමට තරම් වාසිදායක දේශපාලන තත්වයක්‌ නොමැති නම් පමණි. හත්වන දොරටුව හෙවත් ''කොන්ෙµඩරල්'' බලතල සහිත ඊනියා එක්‌සත්, රාජ්‍යයක්‌ හරහා රට බෙදීමේ න්‍යාය පත්‍රයට පහසු ජයග්‍රහණයක්‌ අත්පත්කර ගැනීමේ දොරටුව විවෘත වන්නේ ජනමත විචාරණයට කෙටුම්පත ඉදිරිපත් කිරීම මගිනි. එහිදී ජයග්‍රහණය නොලැබුණත් උතුර නැගෙනහිර පළාත තුළ ප්‍රතිඵලය වෙනම විග්‍රහ කිරීම මගින් බෙදුම්වාදයට වාසි සහගත තත්ත්වයක්‌ ලැබේ. එම වාසිය තුළ සිට ගනිමින් සහ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය මගින් ලබාගත හැකි දේ ලබාගැනීම තුළින් බෙදුම්වාදී මාර්ග සිතියමේ තව දුරටත් ඉදිරියට ගමත් කිරීමට හැකිවේ. ඒ අනුව අටවන දොරවුට හෙවත් මහජනයා විසින් බන්දේසියක තබා ඊළම පිරිනැමීමේ තත්ත්වය නිර්මාණය වන්නේ ජනමත විචාරණය ජයග්‍රහණය කළහොත්ය. ඒ සඳහා ඩයස්‌පෝරාව ඇති තරම් මුදල් විසිකරනු ඇත. එසේම සංවිධානාත්මකව හොර ඡන්ද දැමීමේ සිට මැතිවරණ කොමිසමේ වාසිදායක තත්ත්වය මෙන්ම ජාත්‍යන්තර නිරීක්‍ෂකයන්ගේ මැදිහත්වීමද බරපතල ලෙස යොදාගනු ඇත.

ජාතියේ අනාගත ඉරණම තීන්දු වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය මෙම මහා පින්තුරය තේරුම්ගන්නා ප්‍රමාණයට සාපේක්‌ෂවය. ජනතා විමුක්‌ති පෙරමුණ මෙම ක්‍රියාවලිය තුළදී ආණ්‌ඩුවට පහසුකම් සලසමින් රට අර්බුදයට යෑවීම තමාට දේශපාලන වශයෙන් වාසිදායක වන බවට කල්පනා කරන බව දැන් ඉතා පැහැදිලිව පෙනේ. ව්‍යවස්‌ථා සම්පාදක සභාව මගින් දියත්කොට ඇති ක්‍රියාදාමයට විපක්‍ෂය විසින් සුජාතභාවය ලබා දුනහොත් බෙදුම්වාදීන්ට විවිධ මට්‌ටම් වලදී විවෘත වන දොරවල් ප්‍රමාණයෙන් එම ක්‍රියාදාමයේ භයානකකම පැහැදිලි වේ. කෙසේ වෙතත් මේ එක්‌ යතුරක්‌ හෝ නොමැතිව වුවද බෙදුම්වාදීන් දැනටමත් තමා සතුකොට ගෙන ඇති 13 වැනි සංශෝධන යතුර නියම ආකාරයට භාවිතා කිරීමට ඉඩ ලැබුණහොත් යම් දුෂ්කරතා සහිතව වුවත් ඊළම දක්‌වා දිවෙන කැලෑ පාර විවෘත කළහැකි බවද අමතක නොකළ යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions