12/04/2016

ට්‍රම්ප්ගේ ජාතිකවාදයෙන් ලෝකයට අත්විය හැකි සුගතියක් තිබේද?

කතෘ:යුතුකම     12/04/2016   No comments

-ඉසුරු ප්‍රසංග- 
ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන ලංකාවේ ජාතිකවාදීන් මේසා උදම් ඇනීමට හේතුව කුමක්ද යන්න මට නම් ගැටලුවකි. ඉස්ලාම් අන්තවාදය වැනි ඇතැම් කාරණා සම්බන්ධව ට්‍රම්ප්ගේ හැසිරීම හා ප්‍රකාශ සුබවාදී බව සැබෑවක් වුවද, පොදුවේ ගත්කල ඇමරිකාවේ ජාතිකවාදය ලෝකයේ හොඳට නොව නරකට හේතුවන අන්ත විනාශකාරී ජාතිකවාදයකි. ට්‍රම්ප් හෝ හිලරි හෝ වෙන කුමන පාංකිරිත්තෙකු බලයට පත්වුවද ඇමරිකාව කොහොමටත් ජාතිකවාදීය. ඔවුහු තම රට, ජාතිය, ආගම, විද්‍යාව, යුධ වීරත්වය, ආර්ථික ශක්තිය, අධි පාරිභෝජනවාදී ජීවන රටාව, ගෝලීය බල පරාක්‍රමය ගැන අධික මාන්නනයකින් පසුවෙති. හොදින් හෝ නරකින් ඒ ජාතික අභිමානය තම දරුවන්ටද එන්නත් කරති. එසේවුවද ඔවුන් තම අසීමිත බල පරාක්‍රමය ගොඩනංවාගෙන ඇත්තේ නිකම් නොව මුළු ලෝකයම සූරාකමිනි. සාගත, වසංගත, ලෙඩ රෝග, දුගී භාවය, යුද්ධ කෝලාහල ආදී අනේක විධ උපද්‍රව මුළු ලෝකයටම උරුම කර දෙමිනි. ඔවුන්ගේ ජාතිකවාදය මෙන්ම ඊනියා ජාත්‍යන්තරවාදයද ඒ සඳහාය.

ජාතිකවාදය යනු ස්ථාවර අදහස් හෝ සම්මුතීන් පද්ධතියක් නොවේ. එය හොඳට මෙන්ම නරකටද යොදාගත හැක්කකි. තැනේ හැටියට එහි හැඩය, ස්වභාවය හා කාර්යය සාධනය වෙනස් වෙයි. හිට්ලර් හා ඉඩි අමීන් වැන්නවුන්ද දැඩි ජාතිකවාදියෝය. ආදරය කිරීමේ වරදට ඇෆ්ගනිස්ථානයේ ගැහැනු දරුවන් ගල් ගසා මරා දැමීම වුවද සංස්කෘතික ජාතිකවාදයේ නාමයෙන් සාධාරණීකරණය කළ හැකිය. මේ අනුව ජාතිකවාදය ඔස්සේ යහපත් පාලනයක් පමණක් නොව අතිශයින්ම විනාශකාරී ප්‍රජා පීඩක පාලන තන්න්‍රයක් වුවද ගොඩනඟා ගැනීම කළ හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මේ සරල කාරණය අමතක වීම නිසාදෝ අද මෙරට ඇතැම් ජාතිකවාදී මත දරන්නෝ ෆිදෙල් කස්ත්‍රෝගේ ජාතිකවාදයටත්, ට්‍රම්ප්ගේ ජාතිකවාදයටත් එකවර අත්පොලසන් දෙමින් සිටිති. මෙය කෙතරම් විකාර සහගත පරස්පරයක්ද වේද? ඇමරිකාවේ ජාතිකවාදය ලෝකයට දැවැන්ත විනාශයක් ගෙන එන විට ෆිදෙල්ගේ ජාතිකවාදය සමාජවාදයේද දැඩි ආභාසයක් ලබමින් ඒ විනාසයට එරෙහිව අරගල කිරීමේ ආදර්ශය ලෝකයට කියා දුන්නේය. මේ ජාතිකවාද දෙක අතර වන අහසට පොළව බඳු පරතරය වටහා ගැනීමම මේ ගැටලුව නිරාකරණය කර ගැනීමට කදිම අභ්‍යාසයකි.

ලංකාවේ අපිටද ජාතිකත්වය, ජාතිකවාදය, ජාතික අභිමානය වැදගත් බව පැහැදිලි ඇත්තකි. එහෙත් අපට එය අවශ්‍ය වන්නේ තවත් රටකට වින කිරීමට නොව අපට වින කරන සතුරන්ගෙන් ගැලවී දෙපයින් නැඟී සිටීම සඳහාය. යටත් විජිතවාදයේ වියගසින් මිදුනු නිවහල් අදීන රටක් හා සාධාරණ සමාජයක් උදෙසාය. මේ නිසා ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන අපට උදම් ඇනිය හැකි වන්නේ ඇමරිකානු ජාතිකවාදයෙන් ලෝකයට සිදුවන විනාශය දසමයකින් හෝ අවම කිරීමට ඔහු සමත් වන්නේ නම් පමණි. එසේ නොමැතිව ඔහු හුදු ජාතිකවාදියකු වීම ඇමරිකාවට කෙසේ වෙතත් ලංකාවට නම් උදම් ඇනීමට කාරණයක් නොවේ. කෙටියෙන්ම කිවතොත් ජාතිකවාදය ජාතිකවාදය උදෙසා නොවේ. එය නිවහල් රටක් හා සාධාරණ සමාජයක් උදෙසාය.

[සංවාදයට විවෘත්තයි ]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions