3/11/2025

ජාතිකවාදය, ලෝක ප්‍රවණතා සහ අපි : අපේ මතය 1

කතෘ:යුතුකම     3/11/2025   No comments


මිනිසා පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් තොරව දේශපාලනය අවබෝධ කරගත නොහැකිය.

දේශපාලනය යනු දේශයක ජනතාව පාලනයයි. එය ගෝලීය සන්දර්භයෙන් ගත් කළ භූ දේශපාලනය වේ.

දියුණු මනසක් පමණක් ඇති තවත් එක් සත්ත්වයෙකු වන මිනිසාගේ ස්භාවික චර්යාවන්, මිනිසාගේ සහ මිහිතලයේ යහපැවැත්ම උදෙසා අවශ්‍ය මානව චර්‍යාවන් ලෙස හැඩගස්වාගනිමින් පවත්වාගෙන යාම අප විශ්වාස කරන දේශපාලනයේ උත්තරාර්ථයයි.

ප්‍රායෝගික දේශපාලනයේ නියුතු බොහෝ දෙනා යම්කිසි දේශපාලන මතවාදයක පිහිටා කටයුතු නොකරතත් හැමදෙනාම පාහේ තමන් යම් දේශපාලන මතවාදයක් දරන බව පැවසීමට ආශා කරති. එය වත්මන් දේශපාලන භාවිතයේ ප්‍රචාරාත්මක අවශ්‍යතාවයකි.

මේ ආකාරයෙන් ගත් කළ ගෝලීය දේශපාලන ධාරා ලෙස ගත හැකි ප්‍රමුඛ දේශපාලන මතවාද ද්විත්වයක් පවතී.

ඉන් පළමුවැන්න වන්නේ ධනවාදයයි. පෞද්ගලික ධනය උපරිමයෙන් ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය විසින් පහසුකම් සැපයීමත්, ධන හිමි පුද්ගලයන් හෝ ධනහිමියන්ගේ ආශිර්වාදය සහිත අය රාජ්‍ය පාලනයේ සුක්කානම දැරීමත් ධනවාදයේ මූලික ලක්ෂණයන්ය. ධනවාදයට මානුෂීය සළු පිළි අන්දවා එය ලිබරල්වාදය ලෙස අභිෂේක කිරීම ඇඩම් ස්මිත්, රූසෝ වැනි චින්තකයන් විසින් සිදු කරන ලදි. එය නියෝ ලිබරල්වාදය ආදි උපචින්තන ධාරාවන්ගෙන් ද සමන්විතය. තනි පුද්ගල නිදහස ලෝකයේ සමස්ත පැවැත්මට බාධා කරන අවස්ථාවන්හි දී පවා ලිබරල් ධනවාදය තනි පුද්ගල නිදහසෙහි පැවැත්ම වෙනුවෙන් තව දුරටත් පෙනී සිටී. එය මිනිසා නම් සත්ත්වයාගේ උන්නතිකාමී සහජ හැසිරීම් ඒ අයුරින්ම භාර ගැනීමට සූදානම්ය.

දෙවැන්න වන්නේ සමාජවාදයයි. සැමට සම අයිතිවාසිකම් හිමි වන සාමූහිකත්වය පෙරදැරි කරගත් සමාජවාදී ලෝකයක් බිහි කර ගැනීමේ මාර්ගය මේ යැයි න්‍යායාත්මකව සූත්‍රගත කොට පෙන්වා දුන් පුරෝගාමීන් වන්නේ මාක්ස්, එංගල්ස් ආදීන්ය. සමාජවාදය යනු මාක්ස්වාදයම නොවෙතත් මාක්ස්ගේ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම බැහැර කරන සමාජවාදීන් නොමැති තරම්ය. මිනිස් සත්ත්වයාගේ සහජ චර්‍යාව පිළිබඳව උත්සුක නොවන මාක්ස්වාදී සමාජවාදය භෞතිකවාදී ඇසකින් ලෝකය නිර්වචනය කරමින් ඒ තුළ විසඳුම් සෙවීමට ප්‍රයත්න දරයි. අවසානාත්මක වශයෙන් එය යෝජනා කරන්නේ රාජ්‍ය දිය කර හරිනු ලැබූ, ලෝකය තනි යායක් වූ, නිෂ්පාදන සම්පත් සාමූහිකව සහ සමානත්වයෙන් භුක්ති විදින පරමාදර්ශී කොමියුනිස්ට් සමාජයක් ස්ථාපිත කිරීමටය.

මේ අයුරින් බලන කල ලිබරල් ධනවාදය මිනිස් සත්ත්වයාගේ සහජ උන්නතිකාමී සහ තිරශ්චීන හැසිරීම් ඒ අයුරින්ම භාරගැනීමට සූදානම් අතර මාක්ස්වාදී සමාජවාදය ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙස මුළුමනින්ම මිනිසාගේ සහජ හැසිරීම් සහ හැඟීම් නොතකා හැර පරමාදර්ශී ලෝකයක් පිළිබඳ සිහිනය මවා පෙන්වයි.

ලිබරල් ධනවාදයේ සහ මාක්ස්වාදී සමාජවාදයේ අගනාකම් සහ සීමාකම් පිළිබඳවත්, ඒවායේ ප්‍රායෝගික භාවිතාවේ දී ලිබරල් සමාජවාදය, රාජ්‍ය ධනවාදය වැනි විකෘතීන් හටගෙන ඇති අන්දමත්, ඒවා ඒ ඒ රාජ්‍යන් තුළ ඇති වුණු තත්ත්වයන් සමඟ අනුගත වී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සුබසාධනවාදය ආදී ප්‍රවාහයන් ලෙස ක්‍රියාත්මක වන ආකාරයත් අප වෙනම සාකච්ඡා කළ යුතුය.

ලිබරල් ධනවාදයත්, මාක්ස්වාදී සමාජවාදයත් යන චින්තන ධාරාවන් ද්විත්වයම වරින් වර අධිපතිවාදී සහ ව්‍යාප්තවාදී ප්‍රවේශයන්ට එළඹ ඇත. එකී අධිපතිවාදී ව්‍යාප්තවාදයන්ට එදිරිව 'ජාතීන්' විසින් ස්වකීය දේශපාලන ආධිපත්‍යයන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා නිර්මාණය කොටගත් දේශපාලන මතවාද පොදුවේ ජාතිකවාදයන් ලෙස වර්තමාන සන්දර්භය අනුව සරලව නිර්වචනය කොට දැක්විය හැකිය. ලෝකයේ ජාතිකවාදී දේශපාලන භාවිතාවන් ගණනාවක් නිරීක්ෂණය කළ හැකිය. ඒ සියල්ල එකිනෙකට වෙනස් අනන්‍යතා ලක්ෂණවලින් සමන්විත වන අතර ඒවායේ ඇති එකම පොදු ගුණාංගය වනුයේ ඒවා යම්කිසි අධිපතිවාදී ව්‍යාප්තවාදයකට එරෙහිව ස්වකීය ජාතික පැවැත්ම උදෙසා කටයුතු කිරීමයි.

අනූව දශකය වන තුරු ලෝකයේ පැවති ජාතිකවාදී ප්‍රවණතාවයන් ප්‍රධාන අදියර ත්‍රිත්වයකට වෙන් කොට දැක්විය හැකිය.

01. ජාතිකවාදය (nationalism) යන යෙදුම මුල්වරට භාවිතයට යෙදෙන්නේ 17 වන සියවසේදී බටහිර යුරෝපයේ ජාතික රාජ්‍ය බිහිවීමට තුඩු දුන් සහ එම රාජ්‍යන්වල ආර්ථික නැගීමට තුඩු දුන් මතවාදය හැඳින්වීම සඳහාය.

02. එලෙස ජාතික රාජ්‍ය ගොඩනගාගත් බටහිර යුරෝපා ජාතීන් ලිබරල් ධනවාදය සමඟ සහවාසයේ යෙදෙමින් ලෝකය ශිෂ්ටාචාරගත කිරීමේ ඊනියා මෙහෙයුම දියත් කොට ඇමරිකා, අප්‍රිකා සහ ආසියානු කලාපය සිය යටත්විජිත කොලනි බවට පත් කරගත් අතර එවිට එම යටත්විජිතකරණයට එරෙහිව එම ඇමරිකා, අප්‍රිකා සහ ආසියානු කලාපයන් තුළ ජාතිකවාද පැන නැඟිණි. බටහිර යුරෝපයේ ලිබරල් ධනවාදී අධිරාජ්‍යවාදයට එරෙහිව යටත්විජිත තුළ පැන නැඟුණු ජාතිකවාදී ව්‍යාපාර 20 වන සියවස මුල් භාගයේදී මාක්ස්වාදී සමාජවාදය සමඟ සන්ධානවලට එළඹෙමින් කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් පෙන්වන ලදි.

03. දෙවන ලෝක යුද්ධයෙන් පසුව එළඹුණු දශක කිහිපය තුළ දී සෝවියට් සමූහාණ්ඩුව ප්‍රමුඛ මාක්ස්වාදී සමාජවාදී බලකඳවුරද තරගකාරී ලෙස සිය අධිපතිවාදය ව්‍යාප්තවාදී ස්වරූපයෙන් ලෝකය පුරා පැතිරවීමට උත්සුක වීමේ ප්‍රතිඵලයක් ලෙස ඊට එරෙහිව ද ජාතිකවාදී පැන නැගීම් ලෝකයේ විවිධ කලාපවල සිදු විය. එම ජාතිකවාදී පැනනැඟීම් එවර ලිබරල් ධනවාදයේ සහයෝගය ද සහිතව ක්‍රියාත්මක විය.

අනූව දශකයෙන් පසු ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ජාතිකවාදී පැන නැඟීම් පොදු ප්‍රවණතාවයක් ලෙස විස්තර කිරීම අපහසුය. ඒ ඒ රටවල, ඒ ඒ කලාප තුළ පවතින සුවිශේෂ අනන්‍යතා ඔස්සේ ඒවා නිර්වචනය කොටගත යුතුය.

90 දශකයෙන් මෙපිට ලෝකය තුළ නිරීක්ෂණය වන ජාතිකවාදී පැන නැගීම් පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ජාතිකවාදී ව්‍යාපාරයේ සුවිශේෂතාව පිළිබඳව ඉදිරි කලාපය තුළින් සාකච්ඡාවට බඳුන් කරමු.

(සංවාදයට විවෘතයි)

පැතුම් ඒ.රණසිංහ
ලේකම් - යුතුකම ජාතික සංවිධානය

(යුතුකම මාසික සඟරාවේ ජනවාරි කලාපයේ ලිපියකි )

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම ජාතික සංවිධානයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions