1/05/2015

මව්බිමේ ජය පතා නිවැරදි තීන්දුව ගනිමු!

කතෘ:යුතුකම     1/05/2015   9 comments

2010 ජනාධිපතිවරණයෙන් පසු මේ රජයේ ගමන් මඟ පිළිබඳ මා තුළ කිසිදු පැහැදීමක් නැත. එහෙයින් පසු ගිය කාලයේ දිගින් දිගට ම ආණ්ඩුවේ අකටයුතු විවේචනය කළ මම ජනාධිපතිවරණයේ දී ජාතිකවාදී පක්ෂ සහ සංවිධාන මහින්ද රාජපක්ෂට සහාය පළ කරන්නේ නම් එය කොන්දේසී සහිතව කළ යුතුය යන මතය දැරුවෙමි. එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවට කොන්දේසී විරහිතව සහාය දීම නිසා සිදුවනුයේ මේ ආණ්ඩුව සමඟ ජාතිකවාදීන් ද පරාජයට පත්වීම සහ ආණ්ඩුවේ සියලු පව්වලට ජාතිකවාදීන්ට කර ගැසීමට සිදුවීම බව ද කීවෙමි. එහෙත් අපේ ජාතිකවාදී පක්ෂ මෙන් ම නායකයින් ද කැමති අනෙකා කපා තමා මුදුනා විමටය. විමල්, පාඨලි, දිනේෂ්, නලින්, අමරසේකර ආදී පිරිස එකතු වී කිසියම් ප්‍රභල බලයක් නිර්මාණය කොට, අනතුරුව මහින්ද රාජපක්ෂට කොන්දේසී ඉදිරිපත් කර, ඔහුගේ ජයග්‍රහණය ඔස්සේ ඒ අරමුණුවලට යෑමේ මඟ මේ කුළල් කා ගැනීම නිසා අහිමි විය.


අනෙක් අතට හෙළ උරුමය කිසියම් කොන්දේසී මාලාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සහ ඊට එකඟ වන්නේ නම් සහාය දිය හැකි බව ප්‍රකාශ කිරීම ඉදිරි පියවරක් විය. මේ සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වා හෙළ උරුමය ආණ්ඩුවේ රඳවා ගැනීමට, මේ ආණ්ඩුවේ ප්‍රභලයින්ගේ උද්දච්චකම සහ තමන් පිළිබඳ ඇති අධිමානය ද අනෙකා පිළිබඳ ඇති අවමානී හැඟීම ද හරස් විය. මෙහි දි හෙළ උරුමය ජාතිකත්වය වෙනුවෙන් තම පක්ෂය තුළින් වෙන ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයේ මම සිටියෙමි. ඒ අපේක්ෂකයා පාඨලි චම්පික රණවක විය යුතු බව ද තම කොන්දේසීවලට මහින්ද රාජපක්ෂ එකඟ වන්නේ නම් පාඨලීට ගිවිසුමකට අනුව තරඟයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂට සහාය දිය යුතු යැයි ද අපේක්ෂා කළෙමි. එහෙත් සිදුවූයේ හෙළ උරුමය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කිරීම ය. 

පොදු සන්ධානය සමඟ හෙළ උරුමය එක්වීම සමඟ පොදු අපේක්ෂකගේ පාර්ශවයට ද ජාතිකත්ව ස්වරූපයක් ලැබිණි. විශේෂයෙන් චන්ද්‍රිකා, රාජිත, මංගල ආදී ආදී ෆෙඩරල්වාදී, ජාතික විරෝධි, රටේ ඒකීයත්වය පිළිනොගන්නා පිරිස්වල බලය හෙළ උරුමයේ ජාතිකත්ව ඒකීයත්ව බලය හමුවේ දියාරු වී යනු ඇතැයි අපේක්ෂා කළ අප හෙළ උරුමය කෙරෙහි විශ්වාසය තබා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය වීමට තීරණය කළෙමි. එහෙත් නොබෝ දිනකින් ම හෙළ උරුමයේ ගම්මන්පිල ප්‍රමුඛ පළාත් සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් 29 දෙනාගෙන් 22ක් නැවත ආණ්ඩුව සමඟ එක් විය. හෙළ උරුමය මෙවර ගත් දේශපාලන තීන්දුව සම්බන්ධයෙන් හෙළ උරුමය තුළ පවා මතවාදීමය එකඟතාවක් හෝ විශ්වාසයක් නොතිබුණු බව ඉන් පැහැදිලි වේ.

අනෙක් අතට ආණ්ඩුවේ සිටි බොහෝ දූෂිත අන්තවාදී කල්ලී සියල්ල පොදු අපේක්ෂක වටා රොක්විය. තමන් අධිකරණ ඇමතිව සිටිය දී නීති විද්‍යාල ප්‍රවේශ විභාගය හලාල්කරණය කළ හකීම් මෛත්‍රීට එක් විය. ඒ දිගු කලක් තිස්සේ ආණ්ඩු සමඟ කේවල් කළ මුස්ලිම් පරිපාලන ඒකකයක් සඳහා මහින්දගේ අනුමැතිය නො ලැබුණු නිසා ය. අනෙක් අතට මේ වසලයා 2005 මෙන් ම 2010 ද මහින්ද රාජපක්ෂට විරුද්ධව අපේක්ෂකයාට සහාය වූ බව ද යුද්ධය තීව්‍ර අවස්ථාවේ එනම් 2007 වසරේ තම ද්‍රෝහීත්වය මොනවාට ප්‍රදර්ශනය කරමින් නැවත විපක්ෂයට ගිය බව ද සිහිතබා ගත යුතු ය. ඒ පසුපස බැසිල් රාජපක්ෂගේ හුරතලා රිෂාඩ් බදූර්දීන් ද විපක්ෂයට ගියේ ය. තහීඩ් ජමාද් නමැත් අන්තවාදී මුස්ලිම් කල්ලිය නිර්මාණය කර මේ රටේ බෞද්ධ - මුස්ලිම් සමගිය විනාශ කළේ ද අධිකරණයට ගල් ගැසූ, රක්ෂිත වනය කපා මුස්ලිම් කොලනි නිර්මාණය කළ මේ බදූර්දීන් ය. දැන් මේ සන්ධානය තුළ අසාද් සාලි ද තහීඩ් ජමාද් ඇතුළු සියලු මුස්ලිම් අන්තවාදී කල්ලි ද කොටි සංවිධානයේ ප්‍රජාතන්ත්‍රවාදී කල්ලිය වන ද්‍රවිඩ සන්ධානය ද එකමුතු වී සිටී.

මර්වින් සිල්වා සිය සන්ධානයට නොගන්නා ලෙස ද තිස්ස අත්තනායක නැවත පැමිණියහොත් තමන් ඉවත් බව ද කීමට තරම් එඩිතර වූ අතුරලියේ රතන හිමි මේ මුස්ලිම් කල්ලිවලට විරුද්ධව කිසිවෙක් නො කීවේ ය. කොටි සංවිධානය විනාශ කිරීමෙන් පසු මේ රටේ සිදුවුණු සියලු අන්තවාදී ක්‍රියා පිටුපස සිටි මුස්ලිම් අන්තවාදී කල්ලි ය. ඒ අකටයුතුකම් ජඩකම් සමාජයට අනාවරණය කරමින් සමාජය තුළ විරෝධතාවක් ගොඩනැඟූ හෙළ උරුමය මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් ඉවසුවේ ඇයි දැයි මට අවබෝධ කරගත නො හැකි ය. අනෙක් අතට මොවුන් සමඟ යහ-පාලනයක්, මෛත්‍රී පාලනයක් ගොඩනඟන්නේ කෙසේ දැයි අවබෝධ කරගත නො හැකිය. දැන් සිදුවිය හැක්කේ මෛත්‍රී දිනුවහොත් එම ආණ්ඩුවේ ද ප්‍රභල ඇමති ධූර හිමි කරගෙන, දඬුවම් ලැබිය යුතු කල්ලි යෙහෙන් වැජඹීමය. ඒ අනුව අප අපේක්ෂා කළ කිසිවක් මේ හවුල ඔස්සේ ලබා ගත නොහැකි බව සක්සුදක් සේ පැහැදිලි ය. පාර්ලිමේන්තු ආසන දෙකක් සහිත පාඨලි ප්‍රමුඛ හෙළ උරුමයේ කේවල් කිරීමේ බලය බෙදුම්වාදී රාජිත සහ මංගලගේ බලයට කැපී ගිය විට ද්‍රවිඩ සන්ධානය සතු ආසන 14න් ද හකීම් සතු ආසන 8න් ද බදුර්දීන් සතු ආසන 2න් ද නැවත රට බෙදුම්වාදී දිශානතිය වෙත යොමු කළ හැකි ය. එසේ නම් විය හැක්කේ 2005 සිට අප ජාතිය දුක් විඳ ලබා ගත් ජයග්‍රහණ ද අහිමි වීම ය.

මෑත ලංකා ඉතිහාසයේ පහළ වූ අසාර්ථක ම නායිකාව වන චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණයට පෙර උතුරට ගොස්, රාජපක්ෂ පාලනයට වඩා මෘදු මෛත්‍රී පාලනයක් තුළ සිය බෙදුම්වාදී අරමුණු කරා වේගයෙන් යෑමට හැකි පරිසරය නිර්මාණය කෙරෙන බවට ඉඟියක් ලබා දෙමින් මිස්ටර් ප්‍රභාකරන් යැයි කියා අළු යට ඇති බෙදුම්වාදී ගිනි පුපුරුවලට පිඹ අත්පොළසන් නාදයක් ද ලබා ගත්තා ය. බින් ලාඩන් ජීවත්ව සිටින කාලයේ ම ලොව භයානක ම ත්‍රස්තවාදියා බවට ඇමරිකාව ද නම් කළ ප්‍රභාකරන්ට, මේ රට තිස් වසරක් සිංහල දෙමළ ලෙයින් තෙත් කළ ප්‍රභාකරන්ට, ඔහුගේ මළ ගමින් පසුව ද මිස්ටර් යැයි අමතන චන්ද්‍රිකා කුමාරතුංග, තමන්ගේ ද ඇසක් උදුරා ගත් ප්‍රභාකරන් විනාශ කර රට එක්සේසත් කළ ජනාධිපතිවරයාට අමතන්නේ මහින්ද රාජපක්ෂ නමිනි. බෞද්ධ විරෝධී මංගල සමරවීර බෞද්ධකමක් ගෑවි නැති චන්ද්‍රිකාගේ මේ ක්‍රියාව ඈ සතු බෞද්ධ හැදියාවේ ලක්ෂණයක් ලෙස දකින අතර තමන් එසේ කීවේ සමච්චලයට යැයි චන්ද්‍රිකා විසින් පැහැදිලි කිරීම එම හැදියාවේ නිරුවත අප හමුවේ තබා තිබේ. අදටත් තමිල්නාඩුවේ සහ බටහිර රටවල මහින්දගේ අනුරුව තනා ඒවාට සෙරෙප්පුවලින් පහර දී, ගිනි තැබීම කරන බෙදුම්වාදීන් පිනවීමට ඈ දැන් සිට ම ක්‍රියාත්මක වන ආකාරයෙන් මෛත්‍රී පාලනය තුළ ඇගේ හැසිරීම අනුමාන කළ හැකි ය.

මේ නිසා මෛත්‍රීපාල සිරිසේන යහපත් මිනිසෙකු වුව ද පාඨලි චම්පික රණවක ජාතිකත්වය නියෝජනය කළ ද අපට දරාගත නොහැකි මහා මෙරක් තරම් බරක් අවධානමක් ඔවුන් බරට සිටින චන්ද්‍රිකා, රනිල්, මංගල, රාජිත, හකීම්, බදූර්දීන්, තහීද් ජමාද්, අසාද් සාලී, සම්බන්ධන් කල්ලියට හිමිය. මේ සියලු දෙනා සිංහල බෞද්ධ විරෝධීය. ජාතිකවාදයේ හතුරෝය. රටේ ඒකීයත්වය පිළි නොගන්නෝය. දේශපාලන විසඳුම් ගැන අදත් නන්දොඩවන්නෝ ය. මේ රෝග ලක්ෂණවලට එක්වූ හුදු මහින්ද රාජපක්ෂ විරෝධයෙන් ඔබ්බට ගිය දැක්මක් මොවුන්ට නොමැත. එහෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය තුළ අප අපේක්ෂා මුදුන් පත්වේ යැයි සිතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමට නො දෙවෙනි අමනකමකි.

එහෙයින් මේ සියලු කරුණු කාරණා පිළිබඳ සලකා බැලීමේ දී මහින්ද රාජපක්ෂ පාලනයේ සීමා පිළිබඳ විවේචන තිබුණ ද, ඒ සීමා අතික්‍රමණය කළ හැකි නායකයෙකු නිර්මාණය කර ගත යුතුව තිබුණ ද මේ මොහොත වන විට ඒ සඳහා පැවති සියලු කවුළු වැසී ඇති බව පැහැදිලි වෙයි. රටට අවශ්‍ය නායකත්වය බිහි කර ගන්නා තුරු දන්න යකා ආරක්ෂා කිරීමට සිදුවෙයි. එසේ නොවුණහොත් රට නැවත අගාධයට ඇද දැමිය හැකි දුර්වල පාලනයක්, ජාතිකත්වය වෙනුවට විජාතිකත්වය රජ විය හැකි පාලනයක්, සිංහලකම, සිංහල බෞද්ධකම අනාගමිකත්වයේ සළු පොටට මුවා වී යටපත් කළ හැකි පාලනයක්, මුස්ලිම් අන්තවාදය අදටත් වඩා නිදහසේ වැඩීමට ඉඩ සලසන පාලනයක්, මුළු මහත් ජාතිය සප්ත මහා සාගරය පරයන ලේ කඳක් හෙළා දිනා ගත් නිවහල් ඒකීය රට නැවත බෙදුම්වාදය කරා ඇද ගෙන පාලනයක් රට එක්සේසත් කර වසර 5ක් තුළ නැවත බිහිවීමේ මහා අවධානමක් අද රට හමුවේ පවති. මේ අවධානම පරාජය කළ හැක්කේ රටේ ඒකීයත්වය ගරු කරන අප දිනාගත් නිදහස අගයන අන්තවාදී නොවන සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදී සියලු ජන කොටස්වල එකතුවෙනි.

මහින්ද රාජපක්ෂ සිය දෙවැනි ධූර කාලය තුළ 2/3 බලයක් සහිත පාර්ලිමේන්තුවක් තනාගත හැකි වුව ද ඔහු ඒ බලය භාවිත කළේ රටේ යහපතට නොවේ. ඒ සඳහා ජාතිකවාදී පක්ෂ එකමුතුව මීට වඩා බලපෑමක් කළ යුතුව තිබිණි. එහෙත් සිදුවූයේ සිය වාසිය සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීම පමණි. කෙසේ වුව ද විවිධ වරදාන වරප්‍රසාද ලබා දී තබා ගත් සියලු අවස්ථාවාදීන්, අන්තවාදීන්, ඊළාම්වාදීන් මේ වන විට ආණ්ඩුවෙන් පිටතට ගොස් ඇත. ඒ පිරිස් නැවත සිය ආණ්ඩුවට නො ගන්නා බවට මහින්ද රාජපක්ෂ පවසා තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. අනෙක් අතට රටේ ඒකීයත්වය ආරක්ෂා කරන බවට මහින්ද රාජපක්ෂ සිය මැතිවරණ ප්‍රකාශනයේ පවසා තිබේ. එහෙයින් ආණ්ඩුවේ අට අනූවක් ව්‍යාදීන් අමතක කර මහින්ද රාජපක්ෂ තව දුරටත් ජනාධිපති ධූරයේ තබා ගැනීමට අප කටයුතු කළ යුතුව ඇත. ඒ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් නොව මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙනි. දිනු නිදහසේ සුරක්ෂිතතාව වෙනුවෙනි. මාතෘ භූමියේ අනාගත ඒකීයත්වය වෙනුවෙනි.

මාගේ ආදරණීය මාතෘ භූමිය සදාකල් දිනේවා!!!

-නාමල් උඩලමත්ත
 

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

9 comments :

  1. චූටි පුතා1/05/2015 11:38 PM

    තවත් නාමල්ලා ඉතිරිව සිටී නම් එක්වන්න.
    තව දින තුනයි.
    ගල් ලෙන බිඳලා .ලෙන් දොර හැරලා. වරෙල්ලා....
    ප්‍රමාද වී පසු තැවිලි නොවන්න...
    ස හ ච ර (සම්බන්ධන් හකීම් රනිල් චන්ද්‍රිකා ) අශුද්ධ හවුල සමග රට අවුලට නොගෙනයමු.
    බුද්ධිමත්ව ඔබේ තිරණය ගන්න...

    ReplyDelete
  2. ඇමීබාවා1/06/2015 12:35 AM

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්... (Y)

    ReplyDelete
  3. වෙන මොන විකල්පද මචෝ. මෛත්‍රී, මයිත්‍රී, මෛත්‍රී.

    ReplyDelete
  4. මෛත්‍රි ට කඩේ ගිහින් ගිහින් හොම්බ බිම ඇන ගත්ත නේද නාමලෝ....
    කමක් නෑ පහු වෙලා හරි නිවරදි තීරණයට ආපු එක,,
    උඹට මොලේ තියෙනවා.
    හැබැයි තවමත් සමහරු ඉන්නවා චම්පික නිසා නොමග ගිය..

    උන් ප්‍රභාකරන් ඒ පැත්තට ආවත් ආයේ එන්නේ නැති ඩයල් ටිකක්..
    ඒ තරම් 'උගත් අලුත් පරපුරක්'

    ReplyDelete
  5. මෙව්වා කියලා වැඩක් නෑ. මෛත්‍රී දැනටම මිනිසුන්ගේ හිත දිනලා ඉවරයි. ඒ නිසා වෙඩි වගේ චන්දෙ දිනනවා. සීයට පන්සීයක් ෂුවර්.

    ReplyDelete
    Replies
    1. සුදු පුතා1/07/2015 3:01 PM

      රටකට ඕන පණ ඇති මිනිහෙක්

      Delete
  6. Mewa.....mada sites.....bara sinhala dala....gemburu wachana walin kiwwath wedak ne.....17 thibbanam kohomath anduwen enne My3 ma thama.....moko namal baby ta wayasa madi ne...manussyekuge heti therum ganna puluwan baden, usen, angen nowa kriyawen kiyala ape moda minissunta kawada therum yaida......

    ReplyDelete
  7. ලංකාවේ අපි බොහෝවිට ඉගෙනගන්නේ ඉතිහාසය මිස ඉතිහාසයේ පාඩම් නොවේ. ලංකාවට බුදු දහම පැමිණි පසු ඇතිවූ පළමු ආක්රඉමණය වන එළාර පරාජය කිරීම දුටුගැමුණු රජතුමා සිදුකල අතර එය අද දක්වාම අපේ පරමාදර්ශී ඉතිහාස කතාව වේ. දුටුගැමුණු රාජ චරිතය හදුන්වදීමටම ආරම්භ කල මහාවංශ රචනය සිදුකලේ ඉන් වසර 500පසු දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහානාම හිමියන්ය. ඒ ධාතුසේන කුමරුගේ මාමා වේ . ඒ වනවිට සිංහල රාජ වංශය වැනසී තිබු අතර රජ කිරීමට කිසිවෙකු සොයාගත නොහැකි විය . දෙමල රජුන් ට එරෙහිවීම නිසා බොහෝ සෙනෙවියෝ මියගොස් සිටි අතර ඉතිරි අය උපක්රහමශීලි යහපාලනයක් හරහා දෙමල රජුන්ගේ සේවකයෝ වී සිටියහ . කොටින්ම ධාතුසේන කුමරුගේ බිරිඳ පවා දෙමල ස්ත්රි යකි (සිගිරි කාශ්ශප ගේ මව ). මේ තත්වයෙන් රට නිදහස් කිරීමේ වගකීම බාර ගත්තේ මහානාම හිමියන්ය. තම ඥාති පුතකු රජ කමට සොයා ගත් එහිමියන් ඔහු මහණකොට ඒ සඳහා පුහුණු කරවීය. මේ සදහා ඉතා දුෂ්කර කාර්යයක් කල එහිමියන්ට ජාතික හැගීම් ඇතිකොට යුධය සඳහා ජනයා යොමුකිරිම ඉතා අපහසු විය. දීර්ඝ කාලයක් ගතවිය. එහෙත් එහිමියන්ට යුද්ධයේ ජයග්රඇහණය පිලිබඳ ජීවමාන සාක්ෂි යක් විය ඒ රුවන් වැලි සැයයි.
    දුටුගැමුණු රජු යුද කර ජයග්ර්හණ කළා පමණක් නොව එය අනාගත පරපුරට පෙන්වීමට කටයුතු කල උතුමෙකි. ඒ නිසා එතුමාගේ දුෂ්කර කාර්යයේ සියලු තතු සමාජ ගත කොට තිබිණ . අද වුව ඒ නර විරුවා සිහි කිරීමට යොදාගන්නේ එතුමාගේ සොහොන හෝ වෙනත් දෙයක් නොව මහා සැය යි . මහජන මුදල් කෝටිගණන් වැයකර අහස උසට මහ සෑය ගොඩ නැගුවේ වසර දහස් ගණනකට කරන ආයෝජනයක් ලෙස ඒ දුෂ්කර යුද්ධයේ සංකේතයයි. සමාජගත කල දුටුගැමුණු වීර චරිතය ඇසුරින් ලියු මහා වංශය තේරුම් ගැනීම අද දවසේ අපගේ කාර්යය විය යුතුය . එහි සංෂිප්තය අප විමසමු.
    1. එළාර යනු යහපලකයෙකි. ඔහු තම පුතාට වඩා යහපාලනය අගය කොට ගවයෙකුට වූ සුළු සිද්දියක් මුල් කරගෙන තම පුතුට මරණ දඩුවම ලබාදුන්නේය.
    2. එහෙත් මහමෙව්නාවට බෞධයන්ට යාමට නොහැකිලෙස එය එළිමහන් වැසිකිලියක් බවට පත් කළේය .
    3. එළාර දුටුගැමුණු රජුට වඩා හමුදාවෙන් දෙගුණයක් ප්රහබලවිය
    4. දුටු ගැමුණු රජු සමහර යෝදයන් උපන් දිනා ගත් අතර හුදකලා සටන් මගින් එක එකා බැගින් දඩයම් කළහ.
    5. දුටු ගැමුණු රජු තම සෝයුරා මුලින් දිනාගෙන ඔහු ආර්ථිකය ගොඩනැගීමට වෙල්ලසට යැවීය
    6. මවගේ සහයෝගයෙන් මුලින් හිමිවරුත් , පසුව ජනතාවත් දිනාගත්තේය
    7. ඔහු සටනට පිවිසියේ සියලු දේ තේරුම් ගෙන ඉතා උපායශීලි ආකාරයෙනි .
    8. යුධයේදී බාවිත කළ සියලු උපක්රේම ජනගත කල අතර වසර දහස් ගණනක් ඒවා අපට වැදගත් විය .
    9. සතුරා කෙතරම් ප්ර බල වුවද උපක්ර මශීලි බවයෙන් ඒවා ජයගතහැකි බව එහි අවසාන විග්රයහයයි.
    10. එළාර පරාජයේ සතුට විදීමටත් ප්රඋථම බාහිර සතුරන් ලක්බිමට පැමිණීම අදටවුවද එලෙසම සිදුවේ.
    11. දේශීය සතුරන්ට එකසිතින් රට මුහුණ දුන්නද බාහිර සතුරන් ඉදිරියේ රජු දීර්ඝ පසු බැසීමක් අත්කරගනී.
    12. රජු අවසානයේ ජයලබන්නේ දේශීය හා බාහිර සතුරන් සියලු දෙනා පරදු පසුයි.
    මෙලෙසින් සියල්ල පරික්ෂා කළහොත් අදද සිදුවන්නේ එම ක්රිනයාවලියම බව සන්කෙත්මකව ගැලපිය හැකිය. දුටුගැමුණු රජු කල ලෙසින්ම 2009 ජයග්ර්හණයේ සදාතනික සංකේතයක් තව වසර දහස් ගානකට ඉතිරිවන ලෙස ඉදිකලයුතුය . එසේම අප බාවිතා කල යුද හා දේශපාලනික උපායන් අනාගත පරපුරට යම් ආකාරයකින් දායාද කලයුතුය. ඒ මෙම යුද්ධය තවත් ඒ වර්ගයේ සංග්රාාමයක එක් පරිච්චේදයක් පමණි.


    ReplyDelete
  8. --- මස් කන හාවෙක්ට වඩා, එලවළු කන යකා හොඳය ---

    මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ කුඩු, එතනෝල්, කැසිනෝ සූදු කරුවන් දැන් මෙම ඡන්ද වකවානුවේ දී මෛත්රීාපාල සිරිසේන මහතාගේ පක්ෂයට ආවොත් ඡන්ද වැඩි කර ගැනීමට ඇති කෑදරකම නිසා ඔවුන් ඒ අයව බාර නො ගෙන ඉඳියි ද ? ඒඅනුව මෛත්රීගපාල සිරිසේන මහතාගේ පිලත් ඊට දෙවැනි නොවේ. එබැවින් සියල්ලන් ම එක ය. ඔබ ඡන්දය දෙන්නේ ඒ පිළිබඳව සිතා නම් එය මුලාවකි. අතීතයේ මෙන් ම වර්තමානයේදීත් අනාගතයේදීීත් මෙරට දේශපාලනය තුළ එවැනි දූෂණයන්ගෙන් සපුරා මිදුණු පාරිශුද්ධ තත්ත්වයක් මෙම විවෘත ආර්ථිකය නිසාවෙන් කිසි ලෙසකින්වත් බලාපොරොත්තු විය නො හැකි ය. එය වනාහි සුන්දර සිහිනයක් පමණි. එයට හේතුව මිනිසා නොහදා රට හැදිය නො හැකි බැවිනි. එවන් හැදුණු මිනිසෙකු රටින් සොයා ගැනීමට ඊටත් වඩා දුෂ්කර බැවිනි. එබැවින් මෛත්රීසපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවක් ආවා වුණත් ඔහුට ජනාධිපති ලෙස තනිව ඍජු තීරණයක් ගත නො හැකි වනුයේ රටේ ජනතාව පවා හරිහැටි නො දන්නා විවිධ වූ ගිවිසුම් මත පදනම් වූ කැඳ හැලි ආණ්ඩුවක් නිර්මාණය වී ඇති බැවිනි.එබඳු තත්ත්වයක් යටතේ ඒ තුළින් ද මෙරට දූෂණය වැළක්විය හැකි බවක් නොපෙනේ. තව ද ඔබ මහින්ද රාජපක්ෂ මහතා බල කාමයෙන් මත් වී කටයුතු කරන්නේ යැයි ද 'පවුල් වාදය' යැයි කියමින් ඒ යටතේ ඔහුට චෝදනා කරන්නේ නම් යම් දිනෙක මෛත්රීලපාල සිරිසේන මහතා මෙරට ජනාධිපති වුවහොත් ඔහු පමණක් කිසිසේත් ඒ අයුරින් කටයුතු නො කරාවි යැයි ඔබට ස්ථිර කොට දිය හැකි සහතිකය කුමක් ද ? බලයට පැමිණීමට පෙර කෙසේ වෙතත් බලයට පැමිණි පසු කවර නම් පාලකයෙකුගේ වුවද අදහස්, බලයට ඇති කැමැත්ත මෙලෙස වේ.පුහුදුන් මිනිසාගේ ස්වභාවය එය යි. එනමුත් රටක් ඉදිරියට යාමට පාලකයකු අවශ්යයය ය. නැතහොත් එම රට අරාජික වේ. එබැවින් පාලකයන්ගේ පෞද්ගලික ජීවිතවල ඇති අඩුපාඩු ප්ර ශ්න වලට වඩා දැන් කළ යුතු හොඳම දේ වන්නේ රටේ අනාගතය දියුණුව කරා මෙහෙය විය හැකි "වැරදි නැති" කුසලතා "නැති" පාලකයෙකු තෝරා ගැනීමකට වඩා "වැරදි අඩු" කුසලතා "වැඩි" නායකත්වයකට සුදුසු පෞරුෂයක් ඇති විශේෂයෙන් ම බටහිර අධිරාජ්යාවාදය හමුවේ දණින් නො වැටෙන කොන්ද පණ ඇති පුද්ගලයෙකු "ශ්රීක ලංකා ජනාධිපති" ලෙස තෝරා පත් කර ගැනීම යි. එසේ නො වුණහොත් අනාගතයේ දී මේ වටිනා රට තුළ වර්තමානයේ ඇති ප්ර ශ්නවලටත් වඩා වැඩි දරුණු ප්ර"ශ්නවලට ගැටලුවලට ව්ය සනයන්ට මුහුණදීමට සිදු වනු ඒකාන්ත ය. එවන් අවාසනාවන්ත යුගයක් අහම්බෙන් හෝ උදා වුවහොත් එදිනට ඒ සියලු ව්යාසනයන් වෙනුවෙන් ඊට පක්ෂව කටයුතු කළ සෑම සියලු දෙනාම වගකිව යුතු ය

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions