1/29/2015

මොහාන් පීරිස් පත්කිරීම නීති විරෝධී බව තීරණය කළේ කවුද

කතෘ:යුතුකම     1/29/2015   2 comments

කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි තීරණය කර ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ලෙස පත්වී ඇති බවත් වාර්තා වෙයි. මේ වාර්තා පිළිබඳ සත්‍යාසත්‍යතාව කුමක් වුවත් අද (2015ජනවාරි 28) ශිරාණි බණ්ඩාරනායක ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් ඇත.

මෙහි දී අපට ප්‍රශ්න ගණනාවක් යහපාලනය සම්බන්ධයෙන් ඇති වෙයි. මොහාන් පීරිස් මහතාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවට අමාත්‍ය මණ්ඩලයට තීරණය කළ හැක්කේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තිය යටතේ ද? පත්වීම නීත්‍යානුකූල ද නැත්ද යන්න ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුවටවත්, එහි අංගයක් වූ කැබිනට් මණ්ඩලයටවත් තීරණය කළ නොහැකි ය. විධායකයටත් එය කළ නොහැකි ය. කැබිනට් රැස්වීම්වලට ජනාධිපති සහභාගි වුවත් නැතත් අගවිනිසුරු ඉවත්කිරීමේ හෝ අගවිනිසුරු පත්වීම නීත්‍යානුකූල ද නැද්ද යන්න තීරණය කිරීමේ හෝ බලයක් කැබිනට් මණ්ඩලයට නැත.

අගවිනිසුරු ඉවත්කිරීමේ ක්‍රමය ව්‍යවස්ථාවෙහි 107 (2) වගන්තියෙහි සඳහන් වෙයි. ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීමේ දී ඒ ක්‍රමය අනුගමනය නොකෙරිණි නම් ඒ තීරණය කළ හැක්කේ අධිකරණයට මිස කැබිනට් මණ්ඩලයට නො වේ. අඩු තරමෙන් පාර්ලිමේන්තුවටවත් ඒ තීරණය කළ නො හැකි ය.  ආණ්ඩුව කළ යුතුව තිබුණේ ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීම ය. යහපාලන ආණ්ඩුවට ඒ අනුගමනය කිරීමට තරම්වත් ඉස්පාසුවක් නැත. ඒ අධිවේගයෙන් යහපාලනයට යෑමට අවශ්‍ය නිසා විය හැකි ය.

ඇතැමුන් කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා  අගවිනිසුරු ලෙස සිටිය දී ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීමෙන් යුක්තිය ඉටු නොවන බව ය. එසේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ 107 (2) වගන්තිය යටතේ ක්‍රියාත්මක වී ඔහු ඉවත්කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කිරීම ය. එහෙත් ආණ්ඩුවට යහපාලනයට යෑමට කිසිම ඉවසිල්ලක් නැත. ඒ අතර නැවතත් ආණ්ඩුව කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා නීත්‍යානුකූල ලෙස අගවිනිසුරු ලෙස පත් වී නොමැති බැවින් 107 (2) යටතේ ක්‍රියාත්මක වීමට නොහැකි බව ය. 107 (2) ඇත්තේ නීත්‍යානුකූල ව පත් වී ඇති අගවිනිසුරුවරුන් ඉවත්කිරීම සම්බන්ධයෙන් යැයි ආණ්ඩුව කීමට ඉඩ ඇත.

ප්‍රශ්නය මෙසේ සාරාංශ කරගත හැකි ය. මොහාන් පීරිස් මහතා පත්කිරීම නීත්‍යානුකූල නොවන්නේ ශිරාණි බණ්ඩාරනායක අස්කිරීම නීත්‍යානුකූල නොවන නිසා  යැයි ආණ්ඩුව කියනු ඇත.  එහෙත් ඒ තීරණය කළ යුත්තේ අධිකරණය මිස කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවත් නො වේ. ඒ කවුරුන් වුව ද එසේ කිරීම නීත්‍යානුකූල නො වේ. එසේ නම් ශිරාණි බණ්ඩාරනායක හුදු කැබිනට් තීරණයක් මත හෝ ජනාධිපතිගේ ඉල්ලීම මත හෝ දවසකටවත් අගවිනිසුරු පුටුවේ වාඩිවීම නීත්‍යානුකූල නො වේ. ඇය පැහැදිලිව ම අගවිනිසුරු පුටුවේ වාඩිවීමෙන් අධිකරණයට අගෞරව කර ඇත. ඒ පිලිබඳ ව නීතිඥමණ්ඩලය කියන්නේ කුමක් ද?

ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි උපකල්පනය කළ ද ඇය කැබිනට් තීරණ හෝ ජනාධිපති තීරණ හෝ මත නැවත අගවිනිසුරු ලෙස ක්‍රියාකිරීම ද නීත්‍යානුකූල නො වේ. ආණ්ඩුව අධිවේගයෙන් යහපාලනයට යෑමට ගොස් පඹගාලක පැටලී ඇත. නිමල් සිරිපාලගේ විරුද්ධ පක්‍ෂය මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ අනුර ප්‍රියදර්ශන යාපා කියන්නේ කුමක් ද? පොදුවේ මෛත්‍රිපාල සිරිසේන සභාපති වූ ශ්‍රී ල නි පක්‍ෂය කියන්නේ කුමක් ද? ඊනියා දින සීයේ වැඩසටහනට සහයෝගය දී ඒ අමතක කළ යුතු බව ද?  

-ආචාර්‍ය නලින්ද සිල්වා
(2015 ජනවාරි 28)

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. this man must have already forgotten that there is already a supreme court ruling that the process done by the then govt to remove Shirani B. is not legal. But still this logic is invalid. Supreme court ( or any other court for that matter) cannot rule on a parliamentary process which is solely lie on the hands of the parliament. If someone's got the Duminda syndrome, search for hansard reports for what RW said on the supreme court rulings on the impeachment. The reinstatement of Shirani B. is purely based on a technical flaw of the process which can only be corrected by the parties involved, which are the legislature and the executive. The judiciary have no power to meddle with that.

    ReplyDelete
  2. this is the official announcement from the Govt.
    https://lankacnews.com/sinhala/news/127786/

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions