4/22/2015

මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිෂමට කැඳවනු... !

කතෘ:යුතුකම     4/22/2015   1 comment

යහපාලනවාදී මෙගා චෝදනා

ඇමරිකාවේ බකිංහැම් මාලිගයෙන් ගෙනා රත්තරන් අශ්වයන් , ලැම්බෝගිනි වල සිට ගුවන් යානා , වෙරළ දිගේ අධි සුඛෝපබෝගී හෝටල්, අක්කර සිය දහස් ගණනින් වූ පොල් වතු, සී ෂෙල්ස් වල මාලිගා ආදී ආකර්ෂණීය මාතෘකාවලින් පසුගිය ජනාධිපතිවරණ වේදිකාව පිරී තිබිණ. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිළේ ප්‍රධාන මාතෘකාව වූයේ "පැවති ආණ්ඩුව හොරා කනවා, අපේ පාලනය ආපු දාට හොරු අල්ලනවා යහපාලනය ඇති කරනවා " යන්නයි. එකල යමෙකුට ඒ ප්‍රචාරණ යාන්ත්‍රණයට හසු නොවී ඊට විරුද්ධ මතයක සිටීමට නම් ඉමහත් ධෛර්‍යයක් අවශ්‍යව තිබිණ. විශේෂයෙන් උගත් වියත් යැයි ආඩම්බරයෙන් කියන සමාජ කලාපය තුල මේ බලපෑම ඉතා දැඩිව තිබුණි. කොටින්ම හොරා කෑමේ සංකේතය බවට මහින්ද රාජපක්ෂ පත් කරන්නට 'උගත් වියත්' සමාජය හරහා හඹා යෑමට නිර්මාණය කර එවූ 'යහපාලන' සුනාමියට හැකි විය.
ඊට සාක්ෂි සාධක කියවීම් කිසිවක් අවැසි නොවීය. බුදුන් වහන්සේගේ සමයේ ඒහි භික්ෂු බාවයෙන් භික්ෂූත්වය ලැබූ ආකාරයට මහින්ද රාජපක්ෂ වෙත සහය පළ කරන සැනින් ඔහු අන්ත දූෂිතයෙක්, හොරෙක් , මං පහරන්නේක්ගේ තත්වයට පත් කර තිබිණ. මේ දරුණු දුෂ්ඨ අසාධාරණ මතවාදී ප්‍රහාරය හමුවේ  ( විශේෂයෙන් උගත් වියත් යැයි සම්මත )  බොහෝ දෙනා රාජපක්ෂ පිල අත් හැරීය. ඒ අත්හැරීම උතුරු නැගෙනහිරින් ලද අසාමාන්‍ය චන්ද ගොඩට එක්වීම හරහා මහින්ද රාජපක්ෂ පරාජය විය. තවත් ගැඹුරු විශ්ලේෂණ තිබුනත් පසුගිය ජනාධිපතිවරණ පරාජයේ සරලම ගණිතමය පැහැදිලි කිරීම එයයි.

ඉන්පසු එලඹි කුප්‍රකට දින 100 මෙහෙයුම තුලදී "හොරා කෑවා" යනුවෙන් නැගුනු චෝදනාව සාධනය කරන්නටත් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි සොයන්නටත් වැඩිම කැපවීම වෙන් කෙරිණ. අරලිය ගහ මන්දිරයේ වැසිකිලි වලේ සිට ලැබ්බෝගිනි , රන් අශ්වයන් , හොර ගිණුම් ,බිලියන ට්‍රිලියන ගනණින් ගසා කෑ යැයි කියූ මෙගා ඩීල් , රාජ මාලිගා පිලිබඳ වැටලීම් ඇරඹිණ. මස් පිඩු පුම්බාගත් නලු බට්ටන්ගේ සිට අරහත් ධජය පොරවාගත් කපටි උන්නාන්සේලා දක්වා විශාල පිරිසක් මේ මෙහෙයුම්වල ඉදිරි පෙළ සේනාංක බවට පත්ව තිබිණ.
නමුත් දින 100 අවසන් වන මේ අවස්ථාව වන විට ඒ චෝදනා වලට සිදු වී ඇත්තේ කුමක්ද? රත්තරං අශ්වයන් තවමත් කැලේ පැන ඇතිද? ලැම්බෝගිනි ප්‍රභාකරන් කාලතුවක්කු වලදැමූ ලෙස තවමත් වල දාමාවත් ද? රජ පවුලට ගෙනා ගුවන් යානා තවමත් අහසේද? සිදු වූයේ යැයි කියූ පෝට් සිටියේ හොරකම් මුහුදෙ ගිලී ගොස්ද? අධිවේගී හොරකම් අධිවේගයෙන් පැන ගොස්ද?
සිහි බුද්ධිය කළඳක් හෝ ඇත්තනම් සිහි කරගත යුතු මූලික කරුණ නම් ජනාධිපතිවරණ සමයේ චෝදනා කල 'හොරා කෑමේ' මෙගා ඩීල් පිලිබඳ කිසිඳු ප්‍රගතියක් මේ දක්වා වූ දින 100 තුල ලබා නොමැති බවත් මේ මහමැතිවරණ කටේදීත් එවැන්නක් නොවී නම් ඉදිරියටත් කිසිසේත්ම එය නොලැබෙනු ඇති බවත්ය.

කන්දක් විළිලා වැදූ මළ මී පැටියා...

දින 100 පුරාවට අසාර්ථව වූ 'හොරු ඇල්ලීමේ' බලාපොරොත්තුවට නව පණක් ලැබුනේ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිෂම හමුවට ගෙනෙන බවට වූ පුවතයි. 'ඇති යන්තම්' යනුවෙන් යහපාලනය වෙනුවෙන් අන්තර්ජාපල , සමාජ ජාලා පුරා වෙහෙසවූ යහපාලන වාදීන් සුසුමක් හෙළුවේ ඒ අහදසිනි. රත්තරං බකිංහැම් අශ්වයන් , හෙලිකොප්ටර්, මාලිගා , මෙන්ම අධිවේගී මෙගා ඩීල් ඒ චෝදනාවල ඇතැයි ඔවුන් සිතුවා වන්නට බැරි නැත. "හොරු රකින්න හොරු" යනුවෙන් පොල් ගෙඩි මාතෘකා සහිතව රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චායාරූප සහිතව බැනර් පෝස්ටර් ක්ෂ්ණිකව නිර්මාණය වූයේත් "හොරා කැවෙ නැත්නම් මොකද බය" යනුවෙන් උද්දාමයට පත් වැකි පළවූයේත් ඒ ප්‍රබෝධය නිසාය. අපේ 'පිනට' පහල වූ අගමැති තුමාද පාර්ලිමේන්තුවේදී "හොරු එක්ක හොරු " යනුවෙන් අති උද්වේගකර කතාවක් කරනවා දුටිමි.
නමුත් ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ පුස්සද බිඳින. බිංදු හතේ අටේ ඉලක්කම් වලින් යුක්ත වූ මෙගා ගිගා චෝදනා කිසිවක් එහි නොවීය. කන්දක් විළිලා මළ මී පැටියෙක් වදා තිබිණ. විපක්ෂ මන්ත්‍රීවරුන් බහුතරය තහවුරු කල ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාට නගා තිබූ චෝදනාව ඔහු ජනාධිපති ධූරයේ සිටියදී එජාපයෙන් පැමිණි තිස්ස අත්තනායක මහතාට ඇමති ධූරයක් පිරි නැමීමයි. තිස්ස අත්තනායක මහතාද මීට පෙර අල්ලස් කොමිෂම හමුවට පමුණවා තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතා කැඳවා තිබුනේ එහිදී නැගුණු චෝදනාවේ විත්තිකාර පාර්ශවය ලෙසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 1 හා 2 ව්‍යවස්ථාවන්හි ජනාධිපතිධූරය දරනෙනකුට සහ දැරූවෙකුට හිමිවන නීතියේ මුක්තිය පිළිබඳ සඳහන් වෙන්නේ මෙසේය.
35. (1) ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර වූ හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වෙයහි ලා හෝ නිල තත්ත්වෙයහි ලා හෝ කරන ලද හෝ  නොකර හරින ලද කිසිවක් සම්බන්ධෙයන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ  විනිශ්චය අධිකාරයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාෙගන යාම නොකළ යුත්තේ ය.
(2)  කවර වූ හෝ තැනැත්තකුට විරුද්ධව නඩු පැවරීෙම් දී නඩු පැවරිය හැකි කාලසීමාව නීතිෙයන් නියම වී ඇති විට ,  ඒ කාලසීමාව තුළ ඒ තැනැත්තා යම් කිසි කාලයක්  ජනාධිපති ධුරය දරා ඇත්නම් එකී නඩුව පැවරිය හැකි කාලසීමාව ඉකුත් වූෙය් ද යන වග නිශ්චය කිරීෙම් දී ඔහු ජනාධිපති ධුරය දැරූ කාලය නොගැනිය යුත්තේය.

මේ වගන්ති දෙකෙන් පලමු වගන්තියෙන් ජනාධිපතිධූරය දරණ කාල සීමාව ආවරණය වන අතර දෙවන වගන්තියෙන් ඔහු ජනාධිපති ධූරයේ ක්‍රියාත්මක නොවන විටක නීතිය ක්‍රියාත්මක කල යුතු ආකාරය සඳහන් වේ. ඒ අනුව ජනාධිපති ධූරය දැරූ  කාලය තුලදී සිදුවූ කිසිඳු කරුණක් සම්බන්ධව ඔහු නීතිය හමුවට පැමිණවීමට නොහැකිය . විධායක ජනාධිපති ධූරය අහෝසි කල යුතු ‍යැයි කාලයක් පුරාම නැගේන රාවයේ එක් ප්‍රධාන කරුණක් නම් ජනාධිපතිවරයාට ලැබී තිබෙන නීතියේ මුක්තියයි. පසුගිය ජනාධිපතිවරණ සමයේද ඒ මුක්තිය පිළිබඳ කතාබහක් පැවතිණි. ඇමරිකන් ජනාධිපතිවරයාටද නැති මුක්තියක් මෙරට තිබීම පිළිබඳ බොහෝ දෙනා කරුණු ඉදිරිපත් කෙරිණ. පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී චම්පික රණවක ඇමතිවරයාද මේ පිලිබඳ අදහස් පල කල අතර ඔහු ආඩම්බරයෙන් පැවසුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිධූරය දැරූවෙකුට හිවිවන ඒ මුක්තියේ බලතල අහෝසි කරන බවත් එය ඉතා ප්‍රගතිශීලී පියවරක් බවත්ය. ඊට ටික දිනකට පෙර ඔහු ප්‍රකාශ කර තිබුනේ නීතියේ මුක්තිය නොසලකා හැර හෝ මහින්ද රාජපක්ෂ මහතාට දඬුවම් කල යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රම සෙවිය යුතු බවත්ය.

අල්ලස් කොමිෂමේ පිස්සු කෙලීද?

එසේ වී නම් අල්ලස් කොමිෂම මේ සිදුකරනුයේ කුමක්ද? මහින්ද රාජපක්ෂ මහතාට නීතිය ඉදිරියේ (ජනාධිපති ධූරය දැරූ සමයට අදාළව ) චෝදනා කල නොහැකි නම් ඔහු චූදිතයෙකු කරමින් ගෙනෙන අල්ලස් දීමේ (ඇමතිකම ක් දීම නම් වූ අල්ලස ) චෝදනාවේ අරමුණ කුමක්ද?

කොටින්ම වත්මන් අල්ලස් කොමිෂම ක්‍රියාත්මක කරන්නේ දඩයම් කොමිෂමක් ලෙස යැයි නැගෙන චෝදනාව පදනම් විරහිත චෝදනාවක් නොවන බව අල්ලස් කොමිෂම තම ක්‍රියාකාරීත්වය තුලින්ම ඔප්පු කිරීමක් නොවේද මේ කරමින් සිටිනුයේ? . එසේ නොවේ නම් යහාපාලන ව්‍යාපාරයේ කොටස්කරුවන් පෙරා එහි විරුද්ධවාදීන්ට පමණක් ක්ෂණික  අල්ලස් ප්‍රහාර එල්ල වන්නේත් , යහපාලන ව්‍යාපාරයේ කොටස් හිමියන් ඒ මෙහෙයුම්වල පැමිණිලිකාර පාර්ශවය වන්නේත් නැත.

අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂවරිය බවට පත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ (වික්‍රමසිංහ මහත්මියගේ ) පෞදගලික හිතවතෙකුගේ භාර්‍යාව වන අතර ඇයගේ ක්‍රියා කලාපය අනාගතයේ ඇති කරන්නේ යැයි කියන ස්වාධීන කොමිෂන් සභාවල හැඩ රුව හඳුනාගැනීමට හොඳ සාම්පලයක් වන්නේ මේ පත්වීම සිදු කලේද රාජපක්ෂවරුන් පක්ෂග්‍රාහී කල අල්ලස් කොමිෂම 'ස්වාධීන කිරීමේ ' බෝඩ් ලෑල්ල යට සිට බැවිනි.

අල්ලස් කොමිෂම හමුවට මෙවැනි කිසිදු වැදගැම්මකට නැති චෝදනාවකට ( මේ චෝදනාව කිසිම වැදකට නැති සත පහක වටිනා එකක් නොවන බව චම්පික රණවක ඇමතිවරයා අද මාධ්‍ය හමිවේ වියරුවෙන් මෙන් පවසනු දුටිමි) ගෙන එන්නේ  "හොරෙක් හොරෙක් යනුවෙන්" හතර අතේ බෙරිහන් දුන් අද වන විට අවසන් සුසුම් හෙළමින් ඇති තමන්ගේ ප්‍රමුඛම චෝදනාව තව ටිකක් දිනක්වත් ජීවී තත්වයෙන් පාවත්වාගෙන් යා හැකිද යන අවසන් උත්සහය ලෙස වන්නට පුලුවන.එසේ නොවුනහොත් දින 100 ශේෂපත්‍රයේ එක් පසක් බින්දුව වනු ඇත. එමෙන්ම මෙය අනාගතයේ යුධ අපරාධ චෝදනා සම්බන්ධ නීතිමය මෙහෙයුමේ පූර්ව අත්හදාබැලීමක් වන්නට බොහෝ දුරට ඉඩ ඇත. මේ මුට්ටිය දමා බලන්නේ ඊලඟ පියවරවලදී ඇතිවන තත්වයේ පෙර මග සලකුකුණුය. එබැවින් මුට්ටිය කුඩු වෙන්නට පහර දීම අද දවසේ යුතුකමයි. "එහිදී හොරු රකින්න හොරු පෙරමුණේ"  යනුවෙන් නැගෙන යහපාලන අඩෝවැඩියාව සතයකට මායිම් කල යුතු නැත. බන්ධුල ගුණවර්ධන මහතා  ඉතා නිවරදිව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කල පරිදිම ' පාර්ලිමේන්තුවේ සෙස්සන්නට විරුද්ධ ඕනම චෝදනාවක් ගේන්න. එයට මුහුණ දීමට ලෑස්ති නමුත්  පලිගැනීමේ චේතනාවේන් පොදු සම්මතයට  පට්ටහැනිව සිදුකරන දඩයම් කොමිෂමේ  අසාධාරණ වැටලීම් වලට කොන්දේසි විරහිතව එරෙහි විය යුතුය. යහපාලන ආන්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ටද ඒ වෙනුවෙන් තම අත්සන තබන්නට බල කෙරී ඇත්තේ එබැවිනි.

මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිෂමට කැඳවනු... !

ඉහතින් සඳහන් කල නීතිමය තර්කය පසෙක තබමු. විපක්ෂයෙන් පැමිණෙන මන්ත්‍රීවරයෙකුට ධූරයක් පිරි නැමීම අල්ලසක් යැයි මොහොතකට උපකල්පනය කරමු. එසේ නම් ආණ්ඩු පක්ෂයේ සිට පිටි පසින් සිට පිහියෙන් ඇන පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දීම අල්ලස් දීමක් නොවන්නේද? ඒ ධූරය පිළිගැනීම මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලසක් භාර ගැනීමක් නොවන්නේ ද ? ඇමති ධූරය අල්ලසක් නම් ජනධිපති අපේක්ෂකත්වය කෙතරම් අල්ලසක්ද?  එය සිදුවූයේත් මැතිවරණයක් ප්‍රකාශයට පත් වී තුබූ වාතාවරණයකදීය.

එමෙන්ම අගැමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් අහෝසි නොවී පවතිද්දීම (රාජපක්ෂ පාලන සමයේ තිබූ කැබිනට්ටුව කිසි විටෙකත් විසුරුවා නැත )  බහුතරයක් නැති සුළුතර පාර්ලිමේන්තු කණ්ඩාකම නායකයෙකුට තම හිතුවක්කාර ඒකාධිපතිකම යොදා අගමැති ධූරය පිරි නැමීම අල්ලසක් ලෙස අර්ථ නොගැන්වේද?

තමාට ජනාධිපතිවරණයේදී සහයෝගය දුන් ප්‍රජාතත්‍රවාදී පක්ෂ නායකයාට ෆීල්ඩ් මාෂල් තනතුරක් දීම  අලලස් දීමක් නොවේද? (යුද්ධය කල ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් එක් අයෙක් පමණක් තෝරා දීමම සන්තෝසමක් නොවේද?. යුද්ධය  දිනුවාට ෆීල්ඩ් මාෂල් කලේ නම් අනිත් දෙදෙනාටද එය ලැබිය යුතු නොවේද? දේශපාලන වශයෙන් උදව් කල නිසාම නම් එය ලැබිය යුත්තේ ෆොන්සේකා මහතාට පමණකි )

තවද මෛත්‍රීපාල මහතා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා ගැනීමට යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීම අල්ලසක් නොවනෙනේද? තිස්සට මහින්ද ඇමතිකමක් දීම සහ ශ්‍රීලනිප මන්ත්‍රරීඋවරු 26 දෙනෙකුට ඇමතිකම් පිරිනැමීම අතර ඇති වෙනස කුමක්ද?

එපමණක් නොවේ. ඇමතිකම් නොදුන් ඉතිරි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට තමන් කලින් ඇමති ධූරය දැරූ කල මෙන් අතිරේක වාහන දෙක බැගින් ලබා දීම අල්ලසක් නොවන්නේද?
 
එබැවින් මේ බරපතල යෝධ දේශපාලන අල්ලස් ලබා දීම සමග සැසඳීමදී මහින්ද තවමත් අඟුටුමිට්ටෙකි. මේ මහින්ද වැටලීමේ අල්ලස් මෙහෙයුම මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් එකක් නොවන බව එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබිණ. එසේ නම් මෙය තනිකර රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයුමකි.
එබැවින් අපි පිනට පහල වූ අගමැති තුමාගෙන් එක ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු.

දින 100 කෙටි කාලය තුලදීම මහින්දට වඩා බරපතල ලෙස අල්ලස් දී ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා  වහා අල්ලස් කොමිෂමට කැඳවීමට තම හිතවතා මාර්ගයෙන් වත් ඔහුගේ බිරිඳට පණිවිඩයක් වහ වහා යවනු මැනවි. අල්ලස් දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා වැරදිකරුවකු වුවත් අගමැති කම අල්ලසක් ලෙස ගත් ඔබ අල්ලස් ගැනීමට නිවරදි කරු වනු ඇති. ඒ සඳහා අපූරු පූර්වාදර්ශයක් මේ දින 100 ඇතුලත ඔබම සපයා දී තිබේ . ඒ  අපේ ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව වූ (දැනට එහි පාඩුව කෝටි 4500 ඉක්මවා ඇතැයි පැවසේ ) බැඳුම්කර වංචාවට චෝදනා එල්ල වූ ඔබේ නියෝජිතයා අර්ජුන් මහේන්ද්‍රන් ඔබේම පරීක්ෂණ මණ්ඩලයක් හරහා නිදොස් කොට නිදහස් කිරීමෙන්. එබැවින් ඔබ  බිය විය යුතු නැත. වහාම මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිෂම හමුවට කැඳවනු !!!

- කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මිලානෝ අපි4/22/2015 9:01 AM

    /*. අල්ලස් දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා වැරදිකරුවකු වුවත් අගමැති කම අල්ලසක් ලෙස ගත් ඔබ අල්ලස් ගැනීමට නිවරදි කරු වනු ඇති. ඒ සඳහා අපූරු පූර්වාදර්ශයක් මේ දින 100 ඇතුලත ඔබම සපයා දී තිබේ . ඒ අපේ ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව වූ (දැනට එහි පාඩුව කෝටි 4500 ඉක්මවා ඇතැයි පැවසේ ) බැඳුම්කර වංචාවට චෝදනා එල්ල වූ ඔබේ නියෝජිතයා අර්ජුන් මහේන්ද්‍රන් ඔබේම පරීක්ෂණ මණ්ඩලයක් හරහා නිදොස් කොට නිදහස් කිරීමෙන්. එබැවින් ඔබ බිය විය යුතු නැත. වහාම මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිෂම හමුවට කැඳවනු !!! */

    මේක තමයි මේ ලිපියේ මම ආසම කෑල්ල :)

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions