4/22/2015

දහනවයට පළමු රනිල් ඉවත් කළ යුතුයි

කතෘ:යුතුකම     4/22/2015   No comments

මෙරට බිහි වූ කපටි ම දේශපාලනඥයකු වූ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂය ගොනාට ඇන්දවීමට සැරසෙයි. එහෙත් ඔහු පරාජය කිරීම අපහසු කාර්යයක් නො වේ. ජනාධිපති ලෙස පත් වී ඇති මෛත්‍රිපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අද හෙට ගෙදර යැවිය හැකි නො වේ. එහෙත් පාර්ලිමේන්තුවට ඕනෑම අවස්ථාවක රනිල් ගෙදර යැවිය හැකි ය. විජාතික බලවේගවල සහය ලබන රනිල් මෛත්‍රිපාලට වඩා බලවත් නමුත් පාර්ලිමේන්තුවේ නිරූපණය වන ජනබලය අනුව මහින්ද රනිල්ට ද මෛත්‍රිපාලට ද වඩා බලවත් ය.

එය ඊයේ පෙරේදා කාහටත් හොඳින් ම දැකගත හැකි විය. ඒ දැකගත් වැඩ බැරි ටාසන් කෙනකු වූ රනිල් පාර්ලිමේන්තුවේ දී වියරුවෙන් මෙන් හැසිරුනේ ය. රනිල්ට සහය දෙන රවි කරුණානායක, ලක්‍ෂමන් කිරිඇල්ල, විජේදාස රාජපක්‍ෂ, අජිත් පෙරේරා ආදීහු ද කිරිඇල්ලගේ තවත් හෙළිදරවුවක් ලිපියෙහි සඳහන් පරිදි වැඩ බැරි ටාසන්ලා වෙති. දින සියය ඇතුළත පළිගැනීම හා අර්ජුන් මහේන්ද්‍රන් වැන්නන් වෙනුවෙන් බොරුකීම හැර ඔවුන් කළ වෙනත් දෙයක් වේ ද? ඔවුන් සමග සංසන්දනය කළ විට මෛත්‍රිපාල තම කාරිය ඉටුකරගන්නා කපටි වැඩ කාරයෙකි. ඔහු වැඩ කරන්නේ බටහිරයන්ගේ ඉන්දීයයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් බව පැහැදිලි ය. බඩේ බිජු නොව ආප්ප තියාගෙන කතාකළ හැකි මෛත්‍රිපාල අද අර අඳින්නේ ඔහුගේ ස්වාමිවරුන් වෙනුවෙන් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමටත් මහින්ද ගෝඨාභය ඇතුළු 41 දෙනකු ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් කර බටහිරයන්ට පාවාදීමටත් ය.

මහින්ද හා මෛත්‍රිපාල අතර සාකච්ඡා පැවැත්වීමට මෛත්‍රිපාල එකඟවන්නේ ඔහුගේ ස්වාමිවරුන්ගේ කැමැත්ත පරිදි ය. ඒ කපන්න බැරි අත සිඹීමට මිස මහින්දට හෝ ශ්‍රී ල නි පක්‍ෂයට ඇති කරුණාවක්, ගෞරවයක් නිසා නො වේ. අද ඒ සාකච්ඡා සඳහා ශ්‍රි ල නි පක්‍ෂය හා මහින්ද වෙනුවෙන් පහත සඳහන් කොන්දේසිවලට එකඟ වීමට මෛත්‍රිපාලට බල කළ යුතු ය. සිංහල ජාතික මහජන මතයට ගරු කරන්නේ නම් ඔහු ඒ කොන්දේසිවලට එකඟ විය යුතු ය.

(1) නීති විරෝධීව අගමැති ලෙස පත් වී සිටින රනිල් වහාම අගමැති ධුරයෙන් පහකිරීමට මෛත්‍රිපාල පාර්ලිමේන්තුව හා එක් ව ක්‍රියා කළ යුතු ය. මහින්ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඔහු අගමැති කළ යුතු ය.

(2) රනිල් අගමැතිව සිටින තාක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය 20 වැනි සංශෝධනයක් ඇතිව හෝ නැතිව හෝ ඉදිරිපත් නොකළ යුතු ය. සිංහල බෞද්ධ විරෝධියකු වූ රනිල්ට බලතල දීම ප්‍රජාතන්ත්‍රවාදය  තහවුරු කිරීමක් නොව දෙමළ ජාතිවාදය ශක්තිමත් කිරීමකි. (රෝ ඔත්තු සේවයේ අවශ්‍යතා ඉටු කරන ජාතික හෙළ උරුමය කොන්දේසි විරහිත ව 19 ට පක්‍ෂ වෙයි. ඒ පක්‍ෂය ද අද දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටියි. දෙමළ ජාතික සංධානය අනුව යමින් ජාතික හෙළ උරුමය තම නම දෙමළ ජාතික උරුමය ලෙස වෙනස් කිරීම කාලෝචිත ය.)  

(3) විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පළාත්සභාවලට දී ඇති බලතල කප්පාදු කළ යුතු ය. විශේෂයෙන් ම ඉඩම් හා පොලිස් බලතල ව්‍යවස්ථා සංශෝධනයකින් පළාත්සභාවලට අහිමි කළ යුතු ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුත්තේ 13 කප්පාදු කිරීමට ය.

(4) පළාත්සභා බලතල කප්පාදු නොකර විධායක ජනාධිපති බලතලවලට අත නොතැබිය යුතු ය. පළාත් සභා බලතල කප්පාදු නොකර විධායක ජනාධිපති බලතල අඩුකිරීම විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදි දෙමළ ජාතිවාදයට කප්පන් දීමකි. අද 19 පිටුපස ඇත්තේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දෙමළ ජාතිවාදී බලවේග ය. අද වනවිට ජාතික හෙළ උරුමය ද ඒ ගණයට වැටී ඇත. මාදොළුවාවේ සෝභිත හිමියන් ඒ ගණයට වැඩම කර බොහෝ කල් ය.

(5) ඊනියා 20 වැනි සංශෝධනයකට අද විජාතික බලවේග කැමතිවන්නේ 19 ට ශ්‍රී ල නි පක්‍ෂයේ සහය ලබාගැනීමට ය. මෛත්‍රිපාල මගින් ඉදිරිපත් කරන මේ ගැටයට ශ්‍රී ල නි පක්‍ෂය හසු නොවිය යුතු ය. අවශ්‍ය නම් 20, 19ට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ බාධාවක් නැත. මීළඟ මැතිවරණය මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට ජනතාවගෙන් බහුතරය කැමති වනු නොඅනුමාන ය. 19ට පළමු 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. මේ සංශෝධනවල අංක මාරු කිරීම අහස පොළොව ගැටළන ප්‍රශ්නයක් නො වේ.  මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුත්තේ මිශ්‍ර ක්‍රමයට මැතිවරණ පැවැත්වීමේ දී යම් දිස්ත්‍රික්කයකින් අනුපාත ක්‍රමයට කණ්ඩායමකින් හෝ පක්‍ෂයකින් හෝ මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට නම් අදාළ කණ්ඩායම හෝ පක්‍ෂය හෝ අදාළ දිස්ත්‍රික්කයෙහි වලංගු ඡන්දවලින් 5%ක්වත් ලබාගෙන තිබිය යුතු ය හා කේවළ ක්‍රමයට මන්ත්‍රින් තේරීමේ දී බල ප්‍රදේශයකින් වලංගු ඡන්දවලින්  5%කට අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා අපේක්‍ෂකයන්ගේ ඇප රාජසන්තක කළ යුතු ය යන කොන්දේසිවලට යටත් ව ය.

(6) ජාතික ගීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගැයිය යුත්තේ සිංහල භාෂාවෙන් පමණකි. එය වෙනත් බසකින් ගයන්නන්ට දැඩි දඬුවම් දීමට හැකි වන පරිදි පනතක් සම්මත කර ගත යුතු ය. කෙටියෙන් කියන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර්නන්ට දඬුවම් පැමිණ විය යුතු ය. එසේ උල්ලංඝනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහිමි කළ යුතු ය.

(7) මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයක අගමැති අපේක්‍ෂක ලෙස මහින්ද රාජපක්‍ෂ නම් කළ යුතු ය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක දී ජනතාව ඉවෙන් ඒ ඒ පක්‍ෂවල අගමැති අපේක්‍ෂක කවුදැයි දැන ගනිති. මෙවර ඇති වී තිබෙන විශේෂ තත්ත්වය හේතුකොටගෙන ජනතාව තරමක් වික්‍ෂිප්ත වී ඇති බැවින් අගමැති අපේක්‍ෂකයා කවුදැයි නම් කිරීම අත්‍යවශ්‍ය වෙයි.          

නලින් ද සිල්වා
කාලය - 2015 අප්‍රේල් 22

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions