4/24/2015

අපි නැවතත් වහල්ලු වෙමු

කතෘ:යුතුකම     4/24/2015   8 comments



මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා කරන ලද කතාවෙන් ඉතා වැදගත් දෙයක් කීවේ ය. ඔහු කියා සිටියේ ඒබ්‍රහම් ලින්කන් වහලුන් නිදහස් කිරීමෙන් පසුව ද ඇතැම් වහලුන්ට වහල්කම අවශ්‍ය වූ බව ය. අද ලංකාවේ සිදු වී තිබෙන්නේ එයට කිට්ටු දෙයකි. මහින්ද යටතේ වහල්කමින් මිදුණු අපි නැවතත් වහල්බව වුවමනාවෙන් වැළඳ ගත්තෙමු. ජනවාරි 8 වැනි දා සිදු වූයේ එයයි. ජනවාරි 9 වැනි දා පටන් ම බටහිරයන් අපට සලකන්නේ අප ඔවුන්ගේ වහලුන් බවට නැවතත් පත්වීම පිළිබඳ හටගත් සොම්නසින් ය. 


අප කතාකරන්නේ එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් ගලවා තමන්ට අතට අත දිම ගැන මෛත්‍රිපාල මහත් උජාරුවෙන් කතාකිරීම ගැන නො වේ. ඩේවිඩ් කැමරන් පැමිණ මෛත්‍රිපාල ඩවුනිං වීදියට ගිය රථයේ දොර ඇරීම ගැන පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිය මෛත්‍රිපාල ගැන ද අපි කතා නො කරමු. එහෙත් ජනවාරි 9 වැනි දාම බටහිරයන් අපට සලකන ආකාරය වෙනස් වූයේ කෙසේ ද? ඉතා පැහැදිලි ව එදා වහල්ලු නැවතත් වහල්ලු වූහ. 



අප එදින සිට නැවතත් එ ජා පක්‍ෂයේ වහල් බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරමු. එ ජා පක්‍ෂයට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ කවදා සිට ද? බැංඩුං වීරයාගේ දින සිට ද? එසේත් නැතහොත් එයටත් පෙර කටුනායක හා ත්‍රිකුණ්මල කඳවුරු ඉංගිරිසින්ට පාවා දුන් දින සිට ද? එසේත් නැත්නම් යැංකි ඩිකීගේ සමයේ සිට ද? එදා මෙන් ම අද ද එ ජා පක්‍ෂයේ විදේශ ප්‍රතිපත්තිය බටහිර ගැති ය. එය එදත් අදත් වහල් ප්‍රතිපත්තියකි. ඩී එස්ගේ සිට රනිල් දක්වා  එ ජා පක්‍ෂයේ විදේශ ප්‍රතිපත්තිය හැඳින්වීමට මෛත්‍රිපාල නමක් සපයා ඇත. ඒ වහල් විදේශ ප්‍රතීපත්තිය ය.  



රනිල්ට වහල් කමෙන් මිදීමේ අවශ්‍යතාවක් ඇති වූවා නො වේ. එහෙත් මෛත්‍රිපාල මගින් ඉන්දීය ගැති විදේශ ප්‍රතිපත්තියක් ද රටේ ක්‍රියාත්මක වෙයි. බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය හා ඉන්දීය පක්‍ෂපාතී විදේශ ප්‍රතිපත්තිය අතර ගැටුමක් නැත්තේ අද ඉන්දියාව ද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යටතේ බටහිර ගැති රටක් වී තිබීම හේතුවෙනි. අද අපි ද්විත්ව වහල්ලු වෙමු. 



මේ ද්විත්ව වහල් භාවයේ ප්‍රතිඵලයක් ලෙස අපි  දෙමළ ජාතිවාදයට කප්පන් දෙමු. ජාතික ගීය දෙමළෙන් ගයමු. අධි ආරක්‍ෂිත කලාප හමුදාවට අවශ්‍ය නැත යන පදනමෙන් ඒ අත්හරිමු. එසේ කරන්නේ එ ජා පක්‍ෂයේ අවශ්‍යතාවට ය. මෛත්‍රිපාලට එ ජා ප වහල්බවට විරුද්ධව සටන් කිරීමට ශක්තියක් නැත. ඔහුට හැකියාව ඇත්තේ ශ්‍රී ල නි ප මන්ත්‍රීන් කෙරෙහි තම අණසක පැතිරවීමට පමණ ය.  



අද බටහිරයෝ ද ඉන්දීයයෝ ද දෙමළ ජාතිවාදයට මේ ආණ්ඩුව ලවා කප්පන් දීමට කටයුතු කරති. 19 වැනි සංශෝධනයේ අරමුණ එසේ කප්පන් දීම මිස ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් නො වේ. එහි දී සිංහල ජතිකත්වය මැඩීමට ද බටහිරයෝ කටයුතු කරවති. ඒ අතර ඊනියා දුෂණ චෝදනා යටතේ රාජපක්‍ෂරුන්ට දඬුවම් දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතියි. අපට වහලුන් යැයි කීම මුසාවක් නො වේ. මෙහි ඇති ඛෙදවාචකය වනුයේ වහල් කමෙන් මිදුණු ජාතියකට නැවතත් වහල් වීමට සිදු වීම ය. 



අද ඊනියා සංහිඳියාවක් ගැන කතාකරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිතැන ලබා නොදීමට ය. මෛත්‍රිපාල  සංහිඳියාව ගැන  කතා කෙළේ ඒ කිසිවක් නොදැන නොවේ. ඔහු තමන්ට එල්ලවන බටහිර බලපෑම් ගැන කියවයි. ඔහුට ද නිදහස නැති විට ඔහු ජාතියට නිදහස ලබා දෙන්නේ කෙසේ ද? අද ඔහු ශ්‍රී ල නි ප මන්ත්‍රින්ට බලපෑම් දමා දෙමළ ජාතිවාදය වෙනුවෙන් 20 පෙන්නා 19 සම්මත කර ගැනීමට උත්සාහ කරයි. ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් 20 ඇතිව හෝ නැතිව හෝ 19 පැරදවිය යුතු ය. වහල් බවෙන් මිදිය හැක්කේ එවිට ය.    



නලින් ද සිල්වා

කාලය : 2015 අප්‍රේල් 23

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

8 comments :

  1. දික්වූ කෙනෙහි සතුරාගේ ගෙළ නොසිද
    වක්නූ පොරන සිංහළ අත් යුවල අද
    ඔක්කෝටොම වදින හැටි බල බලා හිද
    ළක්මව හඩන හැටි නුඹටත් පෙනෙනවද

    ReplyDelete
  2. චීනෙට වහල්කම් කල කාලය අවසානයි. නලින්දලාගේ සුමනදාසලාගේ අනාවැකි බොරු බයිලා බව නැවත නැවතත් ඔප්පු වෙමින් පවතී. මේ නූගතුන් රැවටිය හැකි කාලයක් නොවේ. සටන් පාඨ යාවත්කාලීන කරගන්න.

    ReplyDelete
    Replies
    1. ඇබිත්තයා....4/25/2015 7:34 AM

      ඔබ හරි අර්ධ වශයෙන්
      මෙය නූගතුන් රැවටිය හැකි කාලයක් නොවේ... මක් නිසාද යත් ඔවුන් නූගතුන් උවත් ඔවුන් බහුතරය හය හතර දත් බුද්ධිමතුන් බැවිනි...
      අද දවසේ රැවටිය හැක්කේ උගතුන් පමණි...
      විසේෂයෙන් මේ අන්තර්ජාලවල සමාජ ජාලාවල කරක් ගාන ඊනියා උගතුන් කෙප්ප දෙකකින් රැවැට්ටිය හැකිය....
      බොරුනම් චම්පිකගෙන් අහන්න.....

      Delete
    2. සමස්ත ලිපියම පදනම් වී ඇත්තේ මයිත්‍රීගේ විදේශ සංචාරයන් මතය. බැරිවෙලාවත් මහින්ද දින්නානම්, මේ ලියුම්කරුවන් පවා එම සංචාරයන්වල කොටස්කරුවන් වනු ඇත. මහින්දගේ නඩයත්, ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිත් දශකයක් පුරා අත්විදි ජනතාවට අමුතුවෙන් වහල්භාවය ගැන කියාදීමට අවශ්‍ය නැත.

      Delete
  3. වහල්ලු ගැන කතා කරන්නෙත් හොඳම දේශපාලන වහලෙක්.
    ජනාදිපති බිරිඳ බ්‍රිතාන්‍ය රැජිනට නැමිලා අචාර කරන ෆොටෝ දාන එකේ, නලින්ද සිල්වා මහත්තයා තමන්ගේ ළමයින්ටත් වඩා බාල නාමල් රාජපක්ෂට නැමිලා ආචාර කරන ෆොටෝ එකත් දාමු

    ReplyDelete
  4. නලින්ට දෙකට නැමිලා නාමල් බේබිට වඳින පොටො එකත් දාමු

    ReplyDelete
  5. ඇබිත්තයා4/27/2015 8:36 AM

    පව් බන් මේ යහපාලන ටොයි බබාලා.
    මුන් පොටෝෂොප් වලිනුත් රවට්ටන්න පුලුවන් හරක් ටිකක්....

    ReplyDelete
  6. ඇබිත්තයා4/27/2015 8:40 AM

    වහල් ටොයියනි...මේක කියවපියව්

    " ලංකාවේ උගතුන් යෑයි කියන්නේ බටහිර දැනුම් අනුකාරකයන්ට ය.මොවුන්ගේ අවිචාරවත් බවට කදිම නිදසුනක්‌ පසුගිය දා ඔවුහු ම ඉදිරිපත් කළහ. ඔවුන්ගෙන් අයකු හෝ කිහිප දෙනකු හෝ එකතු වී මා එක්‌තරා ලාබාල දේශපාලනඥයකුට බුලත් දෙන ව්‍යාජ ඡායාරූපයක්‌ අන්තර්ජාලයට නිකුත් කර ඇත. මට මෙකී දේශපාලනඥයා ජීවිතයට මුණ ගැසී නැත. මට ඔහුට නොව ඔහුගේ පියාටවත් බුලත් දීමේ අවශ්‍යතාවක්‌ නැත. මගේ මව මිය යැමෙන් පසුව මා බුලත් දුන්නේ මගේ භාර්යාවගේ මවට පමණය. පසුගිය දිනයක ඇය ද මියගිය බැවින් මේ අවුරුද්දේ මම කිසිම ගිහියකුට බුලත් නුදුන්නෙමි. අවුරුද්දට හැර වෙනත් දිනයක මා ගිහියන්ට බුලත් දෙන්නේ ද නැත. මා කිසි දිනෙක දේශපාලනඥයකුට බුලත් දී ද නැත. මේ ව්‍යාජ ඡායාරූපය දැකීමෙන් අමන්දානන්දයට පත් වූ මගේ දේශපාලන විරුද්ධකාරයන් මෙන් ම කසිකබල් ශාස්‌ත්‍රඥයෝ ද මා වැටී ඇති පහත් තත්ත්වය, මගේ වැඩවසම් මානසිකත්වය ආදිය ගැන ඉලෙක්‌ට්‍රොනික තැපෑලෙන් හා වෙනත් ක්‍රම මගින් තම මිතුරන්ට හා වෙනත් අයට දැනුම් දුන්හ. එහෙත් මේ සියල්ලන්ගේ ම අවිචාරයක මහත කෙතෙක්‌ ද කිවහොත් ඔවුහු මා අඳින ජාතික ඇඳුමේ අත් මැණීක්‌ කටුව අසල මගේ පියා කළාක්‌ මෙන් හුළං පොදක්‌ වැදීමට ඉඩක්‌ ඇතිව තබන බවත් ව්‍යාජ ඡායාරූපයේ ජාතික ඇඳුමේ අත් දේශපාලනඥයන්ගේ කපටිකිටේ මෙන් මැණික්‌ කටුව අසල කිටි කිටියේ තදින් තබා ඇති බවත් නො දුටුවෝ ය` අඩුම තරමෙන් මීළඟ ව්‍යාජ ඡායාරූපය සකස්‌ කරන විට මේ තක්‌කඩියන් මෙයට වඩා විචාරශීලී විය යුතු ය.
    "
    ආචාර්‍ය්ය නලින් ද සිල්වා
    2013-04-28
    ඉරිදා දිවයින

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions