4/10/2015

වකුගඩු රෝග කතිකාව අළුත් මානයකට

කතෘ:යුතුකම     4/10/2015   1 comment

-වෛද්‍ය චන්න ජයසුමන
වෛද්‍ය පීඨය, රජරට විශ්වවිද්‍යාලය.

වෛද්‍ය චන්න ජයසුමන යනු රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ කථිකාචාර්යවරයෙකි. එසේම ශ‍්‍රී ලංකාවේ පැතිර යන ඊනියා ‘හඳුනානොගත් වකුගඩු රෝගවලට’ නිෂ්චිත හේතුව සොයා ගිය විද්වත් කණ්ඩායමේ ආරම්භයේ සිටම අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව තම ධනය ශ‍්‍රමය කැපකරමින් පර්යේෂණවල නියැලූණු පර්යේෂකයාය. අද වන විට ඔහු අප වැනි රටවල් මුහුණ දෙන වකුගඩු රෝගී තත්ත්වයට නිෂ්චිත හේතුව කෘෂි රසායන බව ලෝකය හමුවේ ඔප්පු කරන්නට සමත් වූ වෛද්‍ය කණ්ඩායමක කීර්තිමත් සාමාජිකයාය. බොහෝ වෛද්‍යවරුන් මෙන් කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන බටහිර රටක අතිශය සුවදායි ජීවිතයක් ගත කිරීමට තිබූ අවස්ථාව, අලූයම ලූ කෙළ පිඬක් මෙන් විසිකර දමා ඔහු ඇතුළු සමස්ත ලාංකීය ශිෂ්‍ය පරපුරට අකුරු කරන්නට කාසි සොයාදීමට මහපොළව සමග පොර බඳින ගොවි පරපුරේ උන්නතිය වෙනුවෙන් කැප කළ අපේ කාලයේ වීරයා ඔහුය. සමස්ත ලෝකවාසී බහුජාතික ද`ඩුඅ`ඩුවට හසුවුණු ගොවි ජනයාගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන අතටගත් ඔහුගේ අත්දැකීම ඔහුගේ බසින් අප මෙසේ පළකර සිටිමු.

ශ‍්‍රී ලංකාවේ ගොවිජනපද සිසාර පැතිර යන මාරාන්තික වකුගඩු රෝගය පිළිබඳ සංවාදය දැන් ජනප‍්‍රිය මාතෘකාවකි. 1990 දශකය මැද භාගයේ පදවිය ගොවි ජනපදයෙන් ආරම්භ වූ මෙම රෝගී තත්ත්වය මේ වන විට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ගොවිජනපද සියල්ලකම පාහේ දක්නට ලැබේ. මෑතකදී රෝගය වාර්තා වූයේ ඌව පැලවත්ත සහ සෙවනගල ප‍්‍රදේශවල උක්වගා කරන ගොවීන් අතුරෙනි.
ආරම්භයේ සිටම රෝගය ඇති වන්නේ කවර හේතු කාරනා නිසාද යන්න මතභේදාත්මක විය. රෝගයට හේතුව ඇතැම් පළිබෝධනායක සහ රසායනික පොහොර මඟින් එක්වන විෂ ද්‍රව්‍ය යන්න විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වීම සහ එය සමාජගත වීම සමග තෙල් - පොහොර වෙළෙන්දන් සහ ඔවුන්ගේ අනුග‍්‍රහය ලැබූ අතලොස්සක් වූ වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ දේශපාලඥයින් ඊට එරෙහිව අවි අමෝරා ගත්හ.

පසුව වාර්තාවූයේ මධ්‍යම ඇමෙරිකානු කලාපයේ එල්සැල්වදෝරය, නිකරගුවා හොන්ඩුවරාස්, ගෝතමාලා වැනි උක් වගාව ප‍්‍රධාන කෘෂිකාර්මික භෝගය වන රටවල් ගණනාවකද මේ ආකාරයේම රෝගී තත්ත්වයක් පැතිර යන බවයි. ශ‍්‍රී ලංකාවේ පර්යේෂකයන්ට එම රටවල විද්‍යාඥයින් සහ වෛද්‍යවරු සමගද කටයුතු කිරීමට අවස්ථාව හිමිවිය. එහිදී හෙළිවූ වැදගත් කරුණක් නම් කෘෂිරසායන සමාගම් සහ උක් සීනි කර්මාන්තකරුවන්ගේ බලපෑම ඉතා තදින් එම ප‍්‍රදේශවල පැතිර ඇති බවයි. අති විශාල ලාභ ලබන බහුජාතික සමාගම් 3ක් මුළු මධ්‍යම ඇමරිකානු කලාපයේම ක‍්‍රියාත්මක වේ. එක් කණ්ඩායමක් කියුබානු සහ සැල්වදොර විද්‍යාඥයින්ගෙන් සමන්විතය. අනෙක් කණ්ඩායම කොස්ටරිකා - ඇමෙරිකා එක්සත් ජනපද - ස්වීඩන් විද්‍යඥයින්ගෙන් සමන්විත විය. පළමුව සඳහන් කළ කියුබානු - සැල්වදොර විද්‍යඥයින්ගේ පර්යේෂණ ප‍්‍රතිඵල අනුව රෝගයට මූලික ලෙසම හේතුවන්නේ කෘෂිරසායන භාවිතයයි. පසුව සඳහන් කළ කණ්ඩායමට ඍජුවම කෘෂිරසායන සහ සීනි කර්මාන්තකරුවන්ගේ අනුග‍්‍රහය ලැබෙන අතර රෝගයට හේතුව කෘෂිරසායන නොවන බව පැවසීමට ඔවුහු උත්සාහ දරති. ඒ අනුව පසුගිය වසර කිහිපය තුළ ඔවුහු නව මතවාදයක් නිර්මාණය කළහ. එනම් කෘෂිකාර්මික කටයුතුවලදී ගොවීන් හිරු රශ්මියට නිරාවරණය වන බවත් දිවා කාලය තුළ ඇති වන විජලන තත්ත්වය රෝගයට හේතු වන බවත්ය. මේ අදහස සනාථ කිරීම සඳහා මෙකී පර්යේෂණ කණ්ඩායමට මේ වන විටත් ඩොලර් මිලියන 10ක පමණ පර්යේෂණාධාර කෘෂිරසායන - උක් සීනි වෙළෙන්දන් ලබාදී ඇත. එහි මුඛ්‍ය පරමාර්ථය රෝගයේ සැබෑ හේතුව යටපත් කිරීමයි. විශේෂයෙන් මධ්‍යම ඇමරිකානු ජනතාව ස්පාඤ්ඤ බස කතා කරන රණකාමී ජන කොටසකි. නිකරගුවාවේ රෝගය වැඩියෙන්ම පැතිර යන ලියොන් - චිචිගල්ෂා ප‍්‍රදේශයේ සැන්ඩිනිස්ටා කැරලිකරුවන්ගේ නිජබිමයි. දශක ගණනාවක් නිකරගුවාවේ පැවති ඇමරිකානු හිතවාදී සෝමෝසා :ීදපද‘්* පාලනය පෙරළා දැමීමට 1979 දී සැන්ඩිනිස්ටා කැරලිකරුවන්ට හැකි විය. 

දැනටමත් මියගිය සහ ජීවත් වන රෝගීන් වෙනුවෙන් වන්දි ඉල්ලා නිකරගුවා ජනතාව වීදි බැස ඇත. රෝගයෙන් කෙනෙකු මිය ගිය විට දේහය සමාගම් ඉදිරිපිටට ගෙන ගොස් උද්ඝෝෂණ කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. මීට මාස කිහිපයකට පෙර නිකරගුවාවේ අගනුවර වන මනගුවා වෙත දිවෙන ප‍්‍රධාන මහා මාර්ගය අවහිර කළ උද්ඝෝෂකයෝ වන්දි ඉල්ලා දැවැන්ත විරෝධයක නිරත විය. මේ නැග එන විරෝධය මාර්ධනයට හොඳම උපක‍්‍රමය ලෙස සමාගම් තෝරාගෙන ඇත්තේ රෝගය ඇති වන්නේ විජලන තත්ව නිසා බව විද්‍යඥයින් ලවා පැවසීමයි. ජලය අඩුවෙන් පානය කරන්නේ ගොවි ජනතාවයි. එවිට වරද ඔවුන් පිටය. කෘෂිරසායන සමාගම්වලට මෙන්ම උක් සීනි කර්මාන්තකරුවන්ටද අත පිසදාගත හැකිය.
මෙවර ලෝක වකුගඩු රෝග කොංග‍්‍රසය පැවතියේ දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් නගරයේදීය. ලොව පුරා රටවල් 130ක වකුගඩු රෝග විද්‍යඥයෝ, පර්යේෂකයෝ 200කට අධික පිරිසක් කේප්ටවුන් නගරයට පැමිණ සිටියහ. එහි විශේෂ අංගයක් වූයේ ශ‍්‍රී ලංකාවේ සහ මධ්‍යම ඇමරිකාවේ පැතිර යන වකුගඩු රෝගය පිළිබඳ සැසිවාරයයි. මේ සඳහා මධ්‍යම ඇමරිකානු කලාපයේ පර්යේෂණ පිළිබඳ තොරතුරු දැක්වීමේ අවස්ථාව හිමි වූයේ ස්වීඩන් ජාතික මහාචාර්යවරයකුටයි. ඔහු විජලන මතවාදය වෙනුවෙන් දැඩිව පෙනී සිටින අයෙකි. වකුගඩු රෝග කොංග‍්‍රසයේදී කියුබානු - සැල්වදෝර විද්‍යඥයින්ට අදහස් දැක්වීමට අවස්ථාවක් නොවීය. කෙසේ වෙතත් දැන් වසර 3ක පමණ කාලයක් පුරා කියුබානු - සැල්වදෝර විද්‍යාඥ කණ්ඩායම සම`ග සමීපව කටයුතු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස විජලනය නිසා වකුගඩු රෝගය ඇතිවේය යන අදහස කොංග‍්‍රසය තුළ ස්ථාපිත කිරීමට තිබූ සැළසුම ගැන මට කල්වේලා ඇතිව දැනගන්නට ලැබුණි. එල් සැල්වදෝර් පර්යොෂණ කණ්ඩායමේ ප‍්‍රධානී වෛද්‍ය කාලෝස් ඔරාන්ටේස් (ඔහුගේ සගයන් කාලෝස් හඳුන්වනුයේ නූතන චේ ගුවේරා යනුවෙනි) ඇතුළු පිරිසට දකුණු අප‍්‍රිකාවට පැමිණිමට ආරාධනාවක්ද නොවීය. එහෙත් අපගේ සැසිවාරයට පෙර දින කාලෝස් මා අමතමින් පවසුයේ ඔහු ශ‍්‍රී ලංකාව පමණක් නොව එල් සැල්වදෝර් ජනතාව වෙනුවෙන්ද පෙනී සිටින බවත්, විජලනය නිසා මෙකී වකුගඩු රෝගය ඇතිවනවා යන අදහස ජය ගැනීමට ඉඩ නොතබන ලෙසත්ය. ඔහුගෙන්
ලැබුණු තොරතුරු මත මාගේ දේශනයට මම සූදානම් විණි. බලාපොරොත්තු වූ පරිදිම සැසිවාරියේදී මට පෙර දේශනය කළ ස්වීඩන මහාචාර්යවරයා විවිධ කරුණු ගෙනහැර පාමින් විජලන තත්ත්වය නිසා වකුගඩු රෝගය ඇතිවන බව සපථ කිරීමට උත්සාහ දැරීය.

දැන් මාගේ අවස්ථාවයි. මා සරළ කරුණු කිහිපයක් යොදාගෙන මෙකී සුවිශේෂි වකුගඩු රෝගය විජලන අදහසින් පැහැදිළි කළ නොහැකි බවත් කෘෂිරසායනවල බලපෑම නොසලකා හැර රෝගය පැහැදිළි කිරීමට තැත් කිරීම සාර්ථක උත්සාහයක් බවත් දැක්වීමි. මා ප‍්‍රශ්න කෙරුවේ දිවා කළ උෂ්ණත්වය අනුරාධපුර සහ පොළොන්නරුවටත් වඩා වැඩි, විජලන තත්ත්ව ඇති වීමේ වැඩි සමභාවිතාවක් ඇති යාපනය, කිලිනොච්චිය, මුලතිව් ගොවීන්ට මේ රෝගය නොවැලඳීමට හේතුව කුමක්ද යන්නයි. එල්සැල්වදෝරයේ සහ නිකරගුවාවේ මෙන්ම දේශගුණයක් ඇති උක් වගාව මහා පාරිමාණයෙන් කරන කියුබාවේ ගොවීන්ට මෙම රෝගය නොවැලඳීමට හේතුව කුමක්ද යන්නයි. ශ‍්‍රී ලංකාවේ පැවති ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය නිසා උතුරු පළාතට කෘෂිරසායන නොයැවූ බවත් (ඊට හේතුව කෘෂි රසායන ද්‍රව්‍ය පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය වීමයි) ආර්ථික සම්බාධක නිසා කියුබාව කෘෂි රසායන භාවිතා නොකළ බවත් රෝගය එස ස්ථානවල නොමැතිවීමට හේතුව එය බවත් මම පැහැදිළි කළෙමි. සියවස් 25ක් වී වගා කළ අනුරාධපුරයේ ගොවීන්ගේ වකුගඩු විජලනය නිසා නරක් වේ යැයි පැවසීම කොටින්ම විහිළුවකි.

සැසිවාරය අවසානයේ පැමිණ සිටි විද්වතුන්ට ඇදහස් දැක්වීමට ඉඩකඩ විවර විය. ලොව ප‍්‍රමුඛ පෙලේ විද්‍යාඥයින් ගණනාවක් එහිදී අදහස් දැක්විය. ඔවුන් සියල්ලෝම පාහේ අදහස වූයේ විජලනය යනු රෝගය උග‍්‍රකරවන සාධකයක් මිස රෝග නිධානය නොවන බවයි. මෙහිදී සමාලෝචනයක් කළ සුප‍්‍රකට වකුගඩු රෝග විශේෂඥයකු සහ පර්යේෂකයකු වන බෙල්ජියම් ජාතික මහාචාර්ය මාක් ඩි බ්‍රෝ පැවසූයේ විජලන
වකුගඩු රෝගයක් ඇතිවන්නේ නම් බෙල්ජියමේ වානේ කර්මාන්තශාලාවල ඉතා අධික උෂ්ණත්වයක් යටතේ සේවය කරන වානේ කම්කරුවන්ට මේ ආකාරයේ රෝගයක් නොවැලඳීමට හේතුවද ඔහු ප‍්‍රශ්න කළේය.
කෘෂිරසායන සහ උක් වගා කර්මාන්තකරුවන් ඔවුනට හිතවත් විද්‍යාඥ කණ්ඩායමක් හරහා දැන් වසර කිහිපයක සිට කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතු වෙනත් මානයකට ගෙනයාමට දැරූ උත්සාහය මෙවර දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් නගරයේදී පරාජය කිරීමට අපට හැකිවිය. කෙසේ වෙතත් ඔවුහු ඉතා බලවත් කණ්ඩායමක් වෙති. තම මතය ස්ථාපිත කිරීම විවිධ ආකාරයෙන් ඔවුන් උත්සාහ දරණු ඇත. ඊළඟට අපට ඇති අභියෝගය ශ‍්‍රී ලංකාවේදීය. ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුව ෆලෝරයිඞ් අදහස දැන් විහිළු ලෙස සලකා දැන් බැහැර කර ඇත. ඒ වෙනුවට බටහිර විද්වතුන් පිරිසක් ඉදිරිපත් කරන ‘‘විජලන මානය’’ වැඩි දිනක් යන්නට පෙර මෙරට අනුකාරක උගතුන් පිරිස කර තබා ගන්නවා කිසිදු සැකයක් නැත. මෙකී අදහසට සළුපිළි පළදවා ශ‍්‍රී ලංකාව තුළ භෞතිස්ම කිරීමට දතකට මැදගෙන සිටින පිරිස් ගැනද අප දැනුවත් අතර ඒ පිරිසට සුදුසු ප‍්‍රතිචාර සුදුසු අවස්ථාවේදී ලබාදීමට අපි සූදානමින් සිටිමු.

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ඔබගේ කටයුත්ත නොපිරිහෙලා ඉටු කර ඇත. තවතවත් ශක්තිය පතමි

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions