ජවිපෙන් ඉවත්වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පුවත්පත් සාකච්ඡාවලදී මතුකළ මූලික ගැටලුවක් තිබිණි. ඒ ජවිපෙ තුළ මෙතරම් සාධනීය ලක්ෂණ තිබියදීත් ඔවුන් තීරණාත්මක ජයග්‍රහණ වෙනුවට දිගින් දිගටම පරාජයන් දිනා ගනිමින් සිටින්නේ මන්ද යන කාරණයයි. සෝමවංශ අවධාරණය කර තිබුණේ දැන්වත් මේ ගැටලුව ගැඹුරින් විශ්ලේෂණය කරගත යුතු බවය. ඇත්තෙන්ම මෙය සෝමවංශට පමණක් නොව බොහෝ ජවිපෙ හිතවාදීන්ට මතුවන ගැටලුවකි.
අවුරුදු විසි හතරක් ජවිපෙ නායකයා ලෙස කටයුතු කළ සෝමවංශ මහතාට තවමත් මේ ගැටලුව විශ්ලේෂණය කර ගත නොහැක්කේ මන්දැයි අප නොදනිමු. එහෙත් වසර දොළහක කාලයක් ජවිපෙ ක්‍රියාධරයෙකු ලෙස කටයුතු කළ ඉසුරු ප්‍රසංග විසින් බිදුණු වම් අත නැමති කෘතිය හරහා මේ ගැටලුව මැනවින් විශ්ලේෂණය කර තිබේ. ජවිපෙට සිදුව ඇත්තේ කුමක්දැයි ගල් වැලි නැතුව පෙන්වා දී ඇති මේ කෘතිය සෝමවංශ කියවා නැතිනම් දැන්වත් ඔහු එය කියවීම බෙහෙවින් වැදගත්ය.
බිදුණු වම් අත කෘතිය මුල්වරට නිකුත්ව ඇත්තේ 2011 වසරේදීය. 2013 වසරේදී නව පරිචේද තුනක්ද ඇතුළත්ව එහි දෙවන මුද්‍රණය නිකුත් වී තිබේ. ඒ ගැන යමක් කීමට සුදුසුම අවස්ථාව දැන් උදාවී තිබේ. වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ ආසන බලමණ්ඩලයකි. කිලී මහරාජා සමූහ ව්‍යාපාරයේ අනුශාඛාවකි. එන්ජීඕ කාරයන්ගේ කාගේත් සුන්දරියකි. ජවිපෙ තවදුරත් වාමාංශික පක්ෂයක් නොව ආන්තික දක්ෂිණාංශික පක්ෂයකි. එසේ වුවද ජවිපෙ පරාජයට ඉසුරු පෙන්වා දෙන හේතු ඒවා පමණක් නොවේ. ඒවාද ඇතුළත්ව ජවිපෙ සදාතනික අසමත්භාවයට හේතුවී ඇති ගැඹුරු සූක්ෂම කාරණා ගණනාවක් ඔහු පිටු 382ක් පුරා ඉතා පැහැදිලි බසින් විස්තර කර පෙන්වා දී ඇත්තේ මාතෘකා ගණනාවක් යටතේය.
ජවිපෙ ප්‍රචාරක ක්‍රියාවලිය, සංවිධාන ක්‍රියාවලිය, පටු මතවාදී ආකල්ප, විනය නීති රීති, ආදිය එහි විනාශයට හේතුවූ ආකාරය, නිලධාරීවාදයේ ඉස්මතුවීම, මාක්ස්වාදය ජවිපෙට බලපෑ ආකාරය, අන්තරේ ශිෂ්‍ය දේශපාලනය, විමල්ගේ ඉවත්වීම, පෙරටුගාමීන්ගේ ඉවත්වීම, ජවිපෙ උපායමාර්ගිකව වැරදි ගමනකට අවතීර්ණ වූ ආකාරය, ආදී පැති ගණනාවක් ඔස්සේ ජවිපෙ අර්බුදය විමසා බැලීම මේ කෘතියෙන් සිදු කෙරෙයි. එය බෙහෙවින් මැදහත් විමසා බැලීමක් විනා කිසිසේත්ම ජවිපෙ පිළිබද පක්ෂග්‍රාහී වෛරී සහගත විවේචනයක් නොවේ. ජවිපෙ තුළ ඇති යහපත් ලක්ෂණද මේ කෘතිය හරහා නිසි ඇගයීමකට ලක්කර ඇති අතරම කතුවරයාගේ අරමුණ වී ඇත්තේ එවන් යහපත් ලක්ෂන සහිත ව්‍යාපාරයකට කිසිදා තීරණාත්මක ජයග්‍රහණයක් කරා ලගාවීමට නොහැකි වී ඇත්තේ මන්ද යන තීරණාත්මක ප්‍රශ්නයට තියුණු පිළිතුරක් සම්පාදනය කිරීමය. අද සෝමවංශට මතුවී ඇති ප්‍රශ්නයද එයම බව පෙනෙයි. එයට තවමත් පිළිතුරක් සපයා ගත නොහැකි නම් සෝමවංශ මේ මොහොතේ කියවිය යුතුම පොත වන්නේ බිදුණු වම් අත ය. පහත දක්වා ඇත්තේ එම කෘතියේ සංවිධායකයා නිළධාරියෙක් වූයේ කෙසේද යන පරිචේදයෙන් උපුටාගත් කොටසකි.
ජවිපෙ දිනෙන් දින බහුජන පක්ෂයක් ලෙස විශාල වෙමින් ඉදිරියට ගියද ඊට සරිලන ගුණාත්මක වර්ධනයක් අත්කර ගැනීමට ඔවුහු සමත් නොවූහ. මුල් කාලයේදී සරල උපක්‍රම ඔස්සේ සරල අභියෝග ජය ගනිමින් අඛණ්ඩව පෙරට ආ ආස්වාදනීය ගමන ක්‍රමයෙන් අඩාල වන්නට මේ තත්ත්වය හේතුවූ අතර හිස හා කද අතර නොපෑහීම ඉහළ ගියේය. පක්ෂය වෙත වේගයෙන් ගලා ආ ජයග්‍රහණ උසුලා ගැනීමට ජවිපෙ අසමත් වූ අතර 2004 සන්ධාන ජයග්‍රහණය මේ ප්‍රතිවිරෝධයේ උච්චතම අවස්ථාවක් බව මීට පෙරද මෙහි පෙන්වා දී තිබේ. මේ නව ජයග්‍රහණ සමග සමස්ථ දේශපාලන වැඩරටාවම පාහේ සංකීර්ණ තත්ත්වයට පත්විය. ජවිපෙ වෙත මහා කාර්යභාරයක් පැවරිණි. වගකීම් ප්‍රමාණය නොසිතූ විරෑ ලෙස ඉහල ගියේය. රටේ ජනතාව ඔවුන් කෙරේ මහත් අපේක්ෂාවෙන් පසුවිය. එසේ වුවද මේ නව අභියෝගය ජයගැනීම සදහා ජවිපෙ සදා නොවෙනස් සටන් උපක්‍රම කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. අලුත් තත්ත්වයට හැඩ නොගැසීම නිසාම අලුතින් පැවරුණු අධික වැඩ කන්දරාව හමුවේ පක්ෂ සංවිධායකයෝ හෙම්බත් වූහ. රට පාලනය කිරීම තමන් හිතූ තරම් පහසු සුන්දර කාර්යයක් නොවන වග ඔවුන්ට දැනෙමින් තිබිණි. මහා බලාපොරොත්තු, සටන්කාමී ගති ලක්ෂණ, උද්යෝගය ක්‍රමයෙන් වියැකී ගියේය. මේ පසුබෑමත් සමගම අව්‍යාජ දේශපාලන අරගලය නිල රාජකාරියක් බවට පත්වීමේ පසුබිම සැකසෙමින් තිබිණි. තමන් එතෙක් දේවත්වයෙන් ඇදහූ පක්ෂ මතවාද, සංවිධාන විධික්‍රම, න්‍යාය ධර්ම ආදිය කෙතරම් සීමාසහිත දැයි ජවිපෙට පෙනී යමින් තිබුණද ඊට අනුව වෙනස්වීමේ සූදානමක්ද ජවිපෙ තුළ නොවීය. අනෙක් අතින් නව අභියෝගය ජය ගැනීමේලා තමන්ගේ අසමත්කම කොතෙක්දැයි පැහැදිලි ලෙසම දැනෙමින් තිබියදී පවා ඒ අසමත්කම නොපිලිගන්නා විනාශකාරී උද්දාමයක් හා මෝහයක්ද මේ කාලය වනවිට ජවිපෙ සංවිධායකයන් තුළ ඉස්මතුව තිබිණි.(බිදුණු වම් අත - පිටුව 129)-රත්තනදෙණියේ මේධානන්ද හිමි

යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .