මිනිසුන්ගේ හද බස අවබෝධ කරගන්නා තැනැත්තා ඔවුන්ගේ ඇතුළාන්තය දකී. එවිට ඒ ජනසමාජය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අනුමාන සිදු කළ හැකි වේ. මෙය සාහිත්‍ය කරුවකුට ඔබින කුසලතාවකි. කිනම් ආකාරයේ ජන සන්නිවේදන ව්‍යායාමයකදී වුව එය මහානුභාව සම්පන්න අවියක් බවට පත් වේ. වෙළෙඳ ප්‍රචාරක කලාවේදී අගයනු ලබන්නේ එසේ ගැඹුරින් දැන ලුහුඬින් කීමේ ක්‍රමවේදයයි. අප රටේදී මෙම දැනුම ඉතා ප්‍රශස්ත ලෙස පරිහරණය කළ අවස්ථා තිබේ.
වෙළෙන්දා අප අමතන්නේ වෙළෙඳ දැන්වීමෙනි. “කදා වළලු” යන අඬහැරයේ සිට නූතන රූපවාහිනී දැන්වීම දක්වා සකලවිධ ප්‍රචාරක ක්‍රම මෙම භාෂණයට ඇතුළත් වේ. එයින් ඔහු කතා කරන්නට උත්සාහ දරන්නේ අපේ සිතටයි.
ජන සමූහයක් ලෙස අපට සිතෙන, දැනෙන ආකාරය හද බස වදනින් කුළු ගැන්වේ. බාහිරින් මනසට එන අන් සියලු අරමුණු සේ වෙළෙඳ පණිවුඩය ද අප නිරායාසයෙන් තේරුම් ගන්නේ හද බස හරහාය.
මේ හද බසෙහි දෙබස හෙවත් වෙළෙඳ ප්‍රචාරය සමාජගත වන ආකාරය අපේ අවධානයට යොමු විය යුත්තේ අන් කවරදාකටත් වඩා අද, වෙළෙඳ බස ප්‍රකට කාලයක් බැවිනි. සමාජ විද්‍යාවේදී හද බසට දෙන නම පොදු ජන විඥානයයි. බොහෝ රටවල එය මනින දර්ශකයක් ලෙස වෙළෙඳ දැන්වීම් සැලකිල්ලට ගැනේ. භාෂාව හා නිර්මාණාත්මක සිතිවිල්ල ප්‍රමුඛ කොටගත් ක්‍රමවේදයක් බැවින් එය කිසියම් ජන සාහිත්‍යාංගයක් සේ හැදෑරීම වටී.
1977 ට පෙර අප රටේ වෙළෙඳ ව්‍යාපාර දැඩි තරගකාරි ස්වභාවයකට මුහුණ නොදුන් බැවින් ඒවායේ ප්‍රචාරක කටයුතු සිදුවූයේ ඊට සැසඳෙන පමණින් ය. පුවත්පත් සඟරා හි පළ වූ කළු සුදු දැන්වීම් හා පෝස්ටර්වලට අමතරව වඩාත් සුහදශීලී ලෙස ගුවන්විදුලි මාධ්‍ය ඒ සඳහා යොදා ගැනිණි. එය කෙතරම් සංයමයෙන් යුතුව ක්‍රමානුකූලව සිදුවී ද යත් ගුවන්විදුලිය වාණිජ කටයුතු සඳහා වෙළෙඳ සේවයක් වෙන් කළේය.
විවෘත ආර්ථිකය හා රූපවාහිනිය මෙහි ආයේ එකම කලෙක බව සිහිපත් කරනු වටී. වෙළෙඳ ප්‍රචාරය නමැති මිනිසුන්ගේ සිත් දිනා ගැනීමේ තරගය තීව්‍ර වන්නේ එතැන් සිටයි. නමුත් ඒ බටහිර අලෙවිකරණයේ හා දැන්වීම්කරණයේ ආකෘති අනුසාරයෙනි. අපේ මිනිසුන් හා ගනුදෙනු කිරීමේදී ඊට වඩා වෙනස් විය යුතු සැටි අවබෝධ වන්නේ වෙළෙඳපොළ අත්දැකීම් හරහාය.
කල් තියා එම සත්‍ය වටහාගත් බැව් පෙන්නුම් කළෝ කිරිපිටි නිෂ්පාදකයෝය. ශ්‍රී ලාංකික කාන්තාවගේ මාතෘත්වයට ඔවුහු ළෙන්ගුතව ඇමතූහ. මව හා දරුවා අතර සබැඳියාව ඕනෑම සමාජයකට පොදු නමුත් අපේ සංස්කෘතියට විශේෂ වූ ඉඳුල් කට ගෑම, අකුරු කියවීම, කිරි අම්මාවරුන්ගේ දානය ආදි සිරිත් මෙරට කිරිපිටි දැන්වීම්වලට නිමිති වී, ගෘහිණියකගේ බඩු ලැයිස්තුවේ ප්‍රමුඛාංගය බවට කිරිපිටි පැකට්ටුව පත්වූයේ එබඳු ප්‍රචාර ඔස්සේය. එදා මෙදා තුර අපේ මවුවරුන් අරභයා සකස් වූ බොහෝ දැන්වීම්වලට එය ආදර්ශ වී ඇති අයුරු පැහැදිලිව දක්නට ලැබේ.
තවත් වරෙක කොළඹදී කරට කර සිටි සුපිරි වෙළෙඳසල් දෙකකින් එකක් සිය රට පුරා ව්‍යාප්ත වීමේ වැඩ පිළිවෙළ සඳහා යොදා ගත්තේ ‘ගෙදර යන ගමන්’ නම් ප්‍රචාරක පාඨයකි. වෙනදා මෙන් මඟුල් ගෙයකට සාරි අන්දමින් සැරසුණු අයකු වෙනුවට සරමක් ඇඳගත් පුද්ගලයෙක් පෙනී සිටි එම රූපවාහිනී දැන්වීමෙන් පළ කළේ අපට නුහුරු අදහසක් නොවේ. සාමාන්‍යයෙන් වැඩි දෙනකු පුරුදු වී සිටින්නේ ගෙදර යන එන පාරේ තිබෙන කඩයකින් කළමනා මිලදී ගන්නටයි. එකී සුපිරි වෙළෙඳසල එය දැන හන්දියේ කඩයක තරමට මිල ගණන් ද අඩු කර, හොඳ සේවාවක් සලසමින් මිනිසුන්ගේ සිත් දිනාගත් අයුරුයි ඒ.
චර්යා රටාවන් ඔස්සේ යම් පිරිසකගේ සංස්කෘතිය හඳුනා ගත හැකිය. ඊට සමගාමී වී විපුල ප්‍රයෝජන ලබනු හැකි බැව් නිශ්චිතව වටහා නොගත්තත් ඒ ගැන නොතකා ජන හද දිනුම අසීරු බව දන්නා බොහෝ ව්‍යාපාරිකයෝ අඩු තරමින් ප්‍රචාරක කටයුතුවලදී හෝ සංස්කෘතික නැඹුරුවක් ආරූඪ කර ගනිති.
එවන් එක් අවස්ථාවක මාංශමය ආහාර නිෂ්පාදනයක් ගැමියන් අතර ප්‍රචලිත කිරීමේ උපක්‍රමයක් ලෙස උපයෝගී කොටගත්තේ කෙතට ගෙන යන ඇඹුලයි. නමුත් පිලී සහිත දේ කුඹුරට වද්දා ගැනීමේ නොකැමැත්තක් පැරැන්නන් අතර පවතී. අද ඒ සිරිත් නොබිඳෙනවා නොවේ. මෙය රූපවාහිනී දැන්වීමකින් හුවා දැක්වීමකින් සිදුවූයේ තදබල සිත් රිදීමකි. අභාග්‍ය නම් එබඳු දේ නිතර සිදුවීමයි. ඉන් අප තුළ ඇතිවන අප්‍රසාදය සමස්ත වෙළෙඳ ප්‍රචාරක ක්‍රියාවලිය කෙරෙහි බලපාන්නකි.
එසේ ප්‍රයෝගයක් හෝ අලංකාරක් ලෙසින් සංස්කෘතිකාංග ඈඳා ගැනීම පාරාවළල්ලක් විය හැකිය. එබැවින් අප ගැඹුරින් හඳුනා ගැනීමට වඩා ඵලදායි විකල්පයක් වෙළෙන්දාට නැත.

දේශීයත්වය පදනම් කර ගත් ලංකාවේ පුරෝගාමී බැංකුවක් 1980 ගණන්වලදී සිය පංචිකාවත්ත ශාඛාව විවෘත කිරිම නිමිත්තෙන් පළ කළ පුවත්පත් දැන්වීමක සිරස්තලය වූයේ ‘අපි මාතර’ යි. අමතන්නේ කාටදැයි හොඳින් දැන කළ ප්‍රකාශයකි. අදටත් වඩා එදා මරදාන හා පංචිකාවත්ත ප්‍රදේශයේ කඩ සාප්පුවල සිටියේ දකුණු ලකෙන් ආ ව්‍යාපාරිකයන් සමූහයකි. දැන හැඳුනුම්කම් කතා කරද්දී ඔවුන්ගේ මුවඟ රැව් දෙන සාඩම්බර දෙ වදනයි ‘අපි මාතර'. ඒ එක් දැන්වීමෙන් අදාළ බැංකුව අනාගත ගනුදෙනු කරුවන් කී දාහක් දිනාගත්තා දැයි උදක් කිව යුතු නොවේ.
මෑත කාලයේ දී ත්‍රිවිධ හමුදාව සඳහා ප්‍රචාරක පාඨය වූ ‘අපි වෙනුවෙන් අපි’ එබඳු තවත් නිදසුනකි. වාණිජ ව්‍යායාමයක් නොවුණත් ඓතිහාසික යුද මෙහෙයුමක් උදෙසා පොදු ජනතාවගේ සිත් සීරුවෙන් තැබීමේදී එය මුව මතුරක් වූයේ අහඹු ලෙස නොවේ. “හමුදාවේ ඉන්න අපේ කොල්ලන් නිසයි අපට රටක් තියෙන්නෙ” යනුවෙන් එවක සාමාන්‍ය රට වැසියා අතර පැවැති පොදු හැඟීමෙන් එය උපුටාගෙන ඇත. එහි වියරණ දොස ගැන වික්ෂෝප විය යුතු නොවන්නේ ද එබැවිනි.
වෙළෙඳ බස අපෙන් වචන උකහා ගන්නා සේම අලුත් පද අපට සමීප කරවන්නට නිතර වෑයම් කරයි. කතාබහේදී සුලබව කියවෙන ‘කර කර ගා හැපෙනවා’ යන යෙදුම බොහෝ කලකට පෙර වෙළෙඳ දැන්වීමක් සඳහා නිර්මාණය කෙරුණක් බව කියනු ලැබේ. බිස්කට්වල ස්වභාවය විස්තර කිරීම සඳහා Crispy යන ඉංග්‍රීසි වදනින් ගම්‍ය වන දේ අපූරුවට අපට තේරුම් කර දුන් අයුරුයි ඒ.
ආහාර වේල් දෙකක් අතරමැද දී ඇතිවන බඩගිනි ස්වභාවය ‘පොඩි බඩගින්න’ යනුවෙන් නම් කිරීම ද එබඳු අවස්ථාවකි.
එබඳු සමහර යෙදුම් විවිධ අදහස් උද්දීපනය කිරීම උදෙසා සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙන්ම දේශපාලන විකට චිත්‍ර ආදි ප්‍රකාශන සඳහා ද උපයෝගී කර ගැනීමෙන් පිළිබිඹු වන්නේ ඒවා ජන සාහිත්‍යයට එකතු වීමේ ලකුණුය.
නමුත් මේ අලුත් පද කොතරම් දුරට අපට සමීප වේ දැයි තීරණය වන්නේ හද බසෙනි. මෑතකදී දැන්වීම් ඔස්සේ කරළියට ආ ‘පොඩිහිටියන්’ යන වචනය ආයාසයෙන් හෝ ජනතාව අතරට ගියත් ඩවාත් නිර්මාණාත්මක ‘කිරිබද්දන්’ යන යෙදුම රැගත් ප්‍රචාරක වැඩපිළිවෙළ එක හෙළා ප්‍රතික්ෂේප වූයේ එය ‘බේබද්දා’ යන ගැරහුම් යෙදුමෙන් බිඳ ගත්තක් නිසාය.
සමාජ යථාර්ථයක් වුවද කලකට පෙර අපට ඇසුණ සිංහල හා ඉංග්‍රීසි මිශ්‍ර බසක වෙළෙඳ දැන්වීම් පොදු ජනතාව අතරේ එතරම් දුර නොගිය සැටි ද මෙහිදී සිහිපත් වේ.
කෙතරම් හොඳින් දන්නා සත්‍යයක් වුව ප්‍රසිද්ධියේ පළ කිරීමට පෙර ඉන් අනර්ථයක් වේදැයි සලකා බැලීම ද හද බසට සංවේදී වීමකි. අද වන විට අප තුන් වේලෙන් දෙවේලක් ම පාන් ආහාරයට ගත්තත් ඒ ලංකාවේ ප්‍රධාන ආහාරය යැයි කීමට දිව නොනැමෙයි. එසේ යමෙකු ප්‍රකාශ කළහොත් අප සිත් නොරිදේ ද? වාණිජ අරමුණු තකා එබඳු සමාජ හරයන් බිඳීම අපරාධයකි.
වාච්‍යාර්ථයෙන් පමණක් උපුටා ඉදිරිපත් කරන සමහර යෙදුම් අප හද දැදුරු කරයි. බුද්ධාමන්ත්‍රණයක් වන ‘අසමසම’ යන ගෞරව සම්ප්‍රයුක්ත වදන නිතර වෙනස් වන බැංකු පොලී අනුපාතයකට සම්බන්ධ කළ දැන්වීමක් ද පළිබෝධනාශකයක් ‘අම්මා අප්පච්චිගේ’ විශ්වාසයට සම කරන ප්‍රචාරක පාඨයක් ද මෑතක අසන්නට ලැබිණි.
අප පූජනීයත්වයෙන් සලකන ජාතක පොත, මහා වංශය, ජාතික ධජය ඇතුළු තවත් අගනා සංකේත ජනතාවට සමීප වීමේ සුලබ වෙළෙඳ උපක්‍රම ලෙස පරිහරණය කිරීම ද නොහොබී. සංස්කෘතියෙන් උද්දීපනය ලබා එයට එක්විය හැකි නැවුම් අපූර්ව අදහස් නිර්මාණයයි කළ යුතුව ඇත්තේ.
සමාජ රටාව හා හර පෙළ අනුව වාණිජ නිෂ්පාදනවලට මෙන්ම වෙළෙඳ දැන්වීම්වලට ද එහි නිසි තැනක් තිබේ. කලකට පෙර සිටි ව්‍යාපාරිකයෝ එය ඉෙවන් මෙන් වටහා ගත්හ. එකල ගුවන් විදුලියේ වේලාව මතක් කළේ ජනතාවට වේලාව දක්වන්නෝ’ යනුවෙන් හඳුන්වා ගත් ඔරලෝසු වෙළෙඳසලකි.
ප්‍රකට දන්තාලේප දැන්වීමක දත්වල ශක්තිය පිළිබිඹු කළේ යමකු පේර ගෙඩියක් පහසුවෙන් හපනු දැක්වීමෙනි.
එසේ නියම තැන උචිත ආකාරයෙන් පෙනී සිටියහොත් ජන හදට සමීප වීම ආයාසයක් නොවේ. ඉතා දුෂ්කර වෑයමක් වුවද හද බසට එරෙහි නොවී තම ප්‍රචාරක කටයුතු සාර්ථක කරගත් පිරිසකි අවමංගල්‍ය සේවා සපයන්නෝ. ජනතාවට නොපහන් හැඟීම් ඇති නොවන සේ ‘මල් ශාලා’ බවට අනුවර්තනය වූ එබඳු එක් ව්‍යාපාරයක් ප්‍රචාරක පාඨයක් ලෙසින් යොදා ගත්තේ ‘සොම්නස දොම්නස පවසන ගොළු බස’ යන්නයි.
සමහර නිෂ්පාදන මෙන්ම ව්‍යාපාර, සංකල්ප වශයෙන්ම අපට දුරස්ථ යැයි සැක පහළ වන අවස්ථා ඇත. අපේ හද බසට ඒවා පිළිබඳ ඉදිරිපත් කරන තර්ක විතර්ක ගෝචර නොවේ.
කලක් තිස්සේ බොහෝ මුදල් වැය කරමින් දැවැන්ත ප්‍රචාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුවද අපේ රටේ ජනතාව අතර ජිවිත රක්ෂණය පිළිබඳ අදහස සතුටු දායක ලෙස ව්‍යාප්ත වී නැත. ආර්ථික හේතු හැරුණු කොට බෞද්ධ දැක්ම ඇති පසුබිමක හැදී වැඩෙන මිනිසුන්ට මරණයෙන් මතු සිදුවන මුදල් ගනුදෙනු ගැන උනන්දුවක් නැති නිසා ද එසේ වන්නෙ?
නමුත් බොහෝ ආගන්තුක නිපැයුම් හා සේවා අපි අපූරුවට අපේ කරගෙන ඇත්තෙමු. ඉතිරි කිරීම පදනම් කරගත් බැංකු සේවා අරපිරිමැස්ම හා සකසුරුවම හුරු අපට ගැළපෙයි. කේක්, බිස්කට් වැනි විදේශයන් ගෙන් හුරු වුණ කෑම වර්ග තනිව රස විඳිනවාට වඩා බොහෝ විට තෑගි වශයෙන් පිරිනැමීමට අපේ මිනිස්සු පෙළඹෙති. ඒ අප සංග්‍රහශීලී ගුණයයි. කිසිඳු ප්‍රචාරක අනුබලයක් නැතිව නිරායාසයෙන් අප යොමුවන එවන් හැසිරීම් රටාවල අරුත් පසු කලෙක හෝ හඳුනාගෙන ඊට සමගාමීව කටයුතු කරන දූරදර්ශී ව්‍යාපාරිකයෝ සිටිති.
වෙළෙඳ දැන්වීමකින් නිෂ්පාදනයක් හෝ සේවාවක් ගැන මෙන්ම එය වෙළෙඳපොළට ගෙන එන වෙළෙන්දාගේ සමාජ ආකල්පය ද ප්‍රකට වේ. තවමත් අප රටේ ආගන්තුක ස්වරූපයක් ගත් ප්‍රචාරක කටයුතු බහුල වන්නේ ඔවුන් අපේ හද බස අමතක කිරීමේ හේතුවෙන් ද? නො එසේනම් නූතන ව්‍යාපාරික ඥානයට අදාළ සියලු අංග මෙරටට ආනයනය කළ යුතු බැව් ඇදහීමෙන් ද?
වෙළෙන්දා කෙසේ අදහස් කළත් ඔහුගේ නිෂ්පාදනය, සේවාව හෝ ප්‍රචාරය සමාජ සංස්කෘතිය මධ්‍යයේ අංශු මාත්‍රයක් බවට පත්වනු මිස කිසි විටෙකත් එය අබිබවා නොයයි.
නුදුරු ජන මතකයෙන් ගෙන හැර පෑ ඉහත විත්ති වලින් ගම්‍ය වන්නේ ද හද බසට සවන් දීමෙන් හා ඒ අනුව කටයුතු කිරීමෙන් ව්‍යාපාරයකට හෝ සන්නිවේදන ව්‍යායාමයකට ලද හැකි ආනුභාවයයි.
එයින් වෙළෙන්දා නිවැරැදි මඟ දකී. ඔහු සංස්කෘතික සමාජයෙන් වෙන්ව නොයේ. වෙළෙඳාමේ යහපත් බව රැකෙන්නට එයම සෑහේ. වෙළෙන්දා අපේ මිනිසෙකි. මේ දෙබස අපගේය. එහෙත් ඉන් පොදු යහපතක් උදාවේ ද?
නිතර ඇසෙන වෙළෙඳ බස නොහොත් නැවත නැවත ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීම් හද බසට සමීප වීම අපට අපේම සංස්කෘතික ගති සොබා පුන පුනා සිහිපත් කර දීමට හේතු කාරක වනු ඇත. ප්‍රචාරක කලාව හුදු වාණිජාලාපයකින් ඔබ්බට ගොස් ජන සාහිත්‍යයට සම්මාදම් වීම ඇරඹෙන්නේ එය අපට අපත්‍ය නොවන තැන් සිටය.
-දිලීප අබේසේකර

[සිළුමිණ ]
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .