4/19/2015

19 පැරදවිය යුත්තේ ඇයි?

කතෘ:යුතුකම     4/19/2015   7 comments

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු තවත් ව්‍යවස්ථා සංශෝධනයක් නො වේ. එය සිංහලයන්ගේ මිනී වළ කපන සංශෝධනයකි. බැලූ බැල්මට එහි ඇත්තේ ජනාධිපතිගෙන් විධායක බලතල අගමැතිට පැවරීම ය. ඒ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කඩිමුඩියේ ය. ඊනියා දින සියයේ වැඩසටහනෙන් රනිල් වික්‍රමසිංහ උනන්දුවක් දැක්වූයේ ද 19 වැනි සංශෝධනයට හා අමතර ව උතුරු සහ නැගෙනහිර පළාත්වල අධිආරක්‍ෂිත කලාප දෙමළ ජනයාට පවරා දීමට ය.
ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කරන ලද්දේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 19 වැනි සංශෝධන කෙටුම් පනත නො වේ. තවත් සංශෝධන කිහිපයක් එයට අමුනා තිබිණි. පාර්ලිමේන්තුවේ දී ඒ ගැන ප්‍රශ්න කෙරුණු අවස්ථාවේ දී රනිල් කියා සිටියේ පාර්ලිමේන්තුවට නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඒ සංශෝධන ගැන කතා කළ හැකි බව ය!

ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ව එ ජා ප රනිල්ට උපදෙස් දෙන සමසමාජ ජයම්පති වික්‍රමරත්නට අනුව මේ සංශෝධනය මෛත්‍රිපාල හෝ රනිල් හෝ සම්බන්ධයෙන් ඉදිරිපත් වන්නක් නොව පොදුවේ ජනාධිපති කවුරු වුවත් අගමැති කවුරු වුවත් ඉදිරිපත්  කෙරෙන්නකි. එහෙත් ඔහුගේ කසිකබල් ඊනියා විද්‍යාත්මක මාක්ස්වාදයට හා පට්ටපල් බොරු විද්‍යාවට හසු නොවන කරුණ නම් මෛත්‍රිපාල යහපාලනයට මුවා වී දෙමළ ජාතිවාදය වෙනුවෙන් බලයට පත් වූ බවත් රනිල් නීති විරෝධීව පත් වූ පික්පොකට් අගමැතිවරයකු බවත් ය. සංශෝධනයේ අරමුණ දෙමළ ජාතිවාදය වෙනුවෙන් රනිල්ට තව තවත් බලතල ලබාදීම ය. එහි පිටුපස බටහිර රටවල් මෙන් ම ඉන්දියාව ද ඇත. කෙසේ වෙතත් සිංහල විරෝධී මාක්ස්වාදී ජයම්පතිට දෙමළ ජාතිවාදයට තව තවත් කප්පන් දීම ප්‍රශ්නයක් නො වේ. මෛත්‍රිපාල පෞද්ගලික ව තම බලතල කපා දමන ව්‍යවස්ථා සංශෝධනයට අකමැති වුවත් විජාතික බලවේගවලට ඇති බිය නිසා එයට සහාය දෙයි. ඔහු ද අද දෙමළ ජතිවාදයේ යටහත් සේවකයෙකි.

බටහිර රටවල් ද ඉන්දියාව ද විශ්වාසය තබන්නේ රනිල් කෙරෙහි පමණ ය. ඒ බව තමන් හමු වූ සංධාන නායකයන්ට මෛත්‍රිපාල පවසා ඇත. එහෙත් ඔහු ඒ සම්බන්ධයෙන් කරන දෙයක් නැත. දෙමළ ජාතිවාදයට රට පාවාදීම සඳහා රනිල් ට අවශ්‍ය වගන්ති කිහිපයක් වෙයි. ඔහු කුල්ලෙන් හෝ පොල්ලෙන් හෝ ඒ වගන්ති සම්මත කර ගැනීමට උත්සාහ දරයි. ඔහුගේ බලපොරොත්තුව තුන්වැනිවර කියවීමේ දී හෙවත් කාරක සභා අවස්ථාවේ දී තමන්ට අවශ්‍ය සංශෝධන සම්මත කර ගැනීමට ය. 

පනතක වැදගත් ම අවස්ථාව දෙවැනිවර කියවීම ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාමාන්‍ය පනතක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ගෙනෙන පනතකි. එය දෙවැනිවර කියවීමේ දී  තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් ලබාගත යුතු ය. යම් අයුරකින් තුනෙන් දෙකේ ඡන්දය ලැබුණහොත් 19 වැනි සංශෝධනය කාරක සභා අවස්ථාවට යොමු කෙරෙනු ඇත. ව්‍යවස්ථා සංශෝධන පනතක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන සංශෝධන ගැන කාරක සභා අවස්ථාවේ දී කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන් නො වේ. එය රනිල්ගේ වාසියට ම හේතු වනු ඇත. ඔහු ස්ථාවර නියෝග 37 –- 40 යටතේ ක්‍රියා කිරීමට යෝජනා කරනු ඇත. දැන් තිබෙන තත්ත්වය යටතේ විපක්‍ෂ නායකකමට කෙනකු පත්නොකළ කතානායක රනිල්ගේ යෝජනාව අනුමත කරනු ඇත. 

එහි භයානකකම ඒ ගෙනෙන සංශෝධන ගැන එවිට කරුණු විමසිය යුත්තේ නීතිපතිගෙන් පමණක් වීම ය. නීතිපති සංශෝධන අනුමත කළහොත් ඒ කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කෙරෙනු ඇත. එපමණක් නො වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්  පිළිබඳ ව ගෙනෙන සංශෝධන ගැන කාරක සභා අවස්ථාවේ දී කටයුතු කරන්නේ කෙසේ ද යන්න ස්ථාවර නියෝගවල පැහැදිලි ව සඳහන් නොවන බැවින් ඒ සංශෝධන තුනෙන් දෙකේ බහුතරයක් නොමැතිව සාමාන්‍ය බහුතරයකින් වුව ද සම්මත කර ගැනීමට හැකි වනු ඇත. එවිට රනිල්ට අවශ්‍ය සංශෝධන සාමාන්‍ය බහුතරයකින් සම්මත වනු ඇත. 

මේ භයානක තත්ත්වයෙන් මිදිය හැක්කේ 19 වැනි සංශෝධනය කාරක සභා අවස්ථාවට යොමු නො කිරීමෙනි. ඒ සඳහා කළ යුත්තේ එක ම එක දෙයකි. එනම් දෙවැනි වර කියවීමේ දී 19 වැනි සංශෝධනයට තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් ලබා නො දීමෙනි. ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල ගැත්තන් නොවන මන්ත්‍රීවරුන්ට හා සංධානයේ අනෙක් මන්ත්‍රීවරුන්ට ඒ කළ හැකි ය. ජාතිය මේ අවස්ථාවේ දී ඔවුන්ගෙන් බලාපොරොත්තුවන්නේ ද එය ම ය.

නලින් ද සිල්වා
කාලය 2015 අප්‍රේල් 19  

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. අනේ චූටි බබාලා ඔයාලා ජන්ගියේ චූ කරගෙන ඇඬුවාට වැඩක් නැහැ කුක්කු පැටියෝ. මරාගේ සායම ගිහින් ඉවරයි. උගේ සහ උගේ පවුලේ හොරමැර නියම විදිහට එලියට එන්නේ ඉලෙක්ෂන් එක ප්‍රකාශයට පත්කළාට පස්සේ. දැන් බබාලාම ගිහින් ජංගිය මාරු කරලා අලුත් එකක් ඇඳගන්න. ඒ වනවිට 19 සම්මතවී හමාරයි.

    ReplyDelete
    Replies
    1. සිරිකොතේ අනුර4/20/2015 9:26 AM

      හා චූටි බබෝ...
      ඔයාගේ දවසේ කුලිය (1600) සිරිකොතෙන් ගෙදරට එවාවි,,
      එතකන් මේ වගේ කමේන්ට් කර කර ඉන්න පැටියෝ...

      Delete
  2. සිරිකොතේ අනුර4/20/2015 9:25 AM

    හා චූටි බබෝ...
    ඔයාගේ දවසේ කුලිය (1600) සිරිකොතෙන් ගෙදරට එවාවි,,
    එතකන් මේ වගේ කමේන්ට් කර කර ඉන්න පැටියෝ...

    ReplyDelete
  3. තමුසෙලාට ලජ්ජා නැද්ද හලෝ. මම පළවෙනියට දාපු කොමෙන්ට් එකෙන්නේ තමුසෙලා යැපෙන්නේ. කෝ කොමෙන්ට්? තමුසෙලා නිකම්ම නිකං පුඉස්සෝ නිසා බල්ලෙක්වත් එන්නේ නෑ මේ විකාර කියවන්න. බලනවා තමුසෙලාගේ කොයි පෝස්ට් එකටද අඩුගානේ කොමෙන්ට් විසිපහක් වැටිලා තියෙන්නේ. අනේ තමුසෙලාගේ මරාවාදී ගොන් ප්‍රතිපත්ති නිසා නිකං මඩකරියෝ වෙනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. මේ ඇවිල්ල තියෙන්නේ එක බල්ලෙක්... :)
      බල්ලො ආවම තමයි එන එන තැන කැත කරල ගූ ගාල යන්නේ.
      මිනිස්සු ආවම මිනිස්සු වගේ යනවා :)
      මේකේ තියෙන ඒවා අපි වගේ මිනිස්සු බලනවා...
      බල්ලො හදිස්සියෙන් ඇවිත් කැත කරල යනවා

      Delete
    2. Ballo thamai goverment eketa wedakwath karaganne denne nathuwa parliament eke mada idagene buranne. Nodakin

      Delete
  4. අනේ පැරද්දුවද මෙයාලා? ඉස්සෙල්ලම කියල ඉන්නකෝ 19 දැන් හොඳයිද නරකයිද කියල.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions