4/05/2015

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරමූ

කතෘ:යුතුකම     4/05/2015   No comments

රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විධායක බලතල හැකිතාක් තමා අතට ගැනීමට මිස විධායක බලතල අහෝසි කිරීම නො වේ. විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම යනු ජනතාව නොමග යැවීමට යොදාගන්නා සටන් පාඨයක් පමණ ය. වර්තමානයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු පිටුපස සිංහල විරෝධී සිංහල බෞද්ධ විරෝධී විජාතික බලවේග ක්‍රියාත්මක වෙයි. විදේශ ඔත්තු සේවාවන් ද එම බලවේගවල කොටසක් වෙයි. 

ඉහත සඳහන් කියමන යම් ප්‍රමාණයකට සංශෝධනය විය යුතු ය. විජාතික බලවේග ඇත්තේ මෛත්‍රිපාල පිටුපස නො වේ. විජාතික බලවේගවලට අවශ්‍ය සිංහලත්වයට හිමි තැන අහිමි කිරීම ය. එය අවුරුදු සිය ගණනක් මුළුල්ලෙහි ක්‍රියාත්මක වෙයි. විජාතික බලවේගවල පරමාදර්ශය රනිල් වික්‍රමසිංහ ය. එහෙත් ඔහුට ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි බව ඒ බලවේග දනියි. ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේ දී කරු ජයසූරිය ආදී විවිධ පුද්ගලයන් සලකා බලා අවසානයේ දී මෛත්‍රිපාලට එකඟ වූයේ ජයග්‍රහණය කිරීමට වඩාත් ම ශක්‍යතාවක් තිබුණේ ඔහුට බැවිනි.

එහි දී විජාතික බලවෙගවලට ජාතික හෙළ උරුමයේ නොමඳ සහාය ද ලැබිණි. ජාතික හෙළ උරුමයේ න්‍යායාචාර්ය ලෙස සෑලකිය හැකි අශෝක අභයගුණවර්ධන පැරණි කොමියුනිස්ට් වාදියෙකි. ඔහුගේ පියා කොමියුනිස්ට් පක්‍ෂයේ බලවතකු විය. ජාතික හෙළ උරුමයවත් එහි පුරෝගාමී සංවිධානවත් කිසි දිනෙක අව්‍යාජව සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියේ නැත. විජාතික බලවේග සිංහලත්වයට විරුද්ධ බව ප්‍රසිද්ධියේ නො කීවේ ය. ඒ වෙනුවට ඔවුහු මහින්දගේ දුෂණය භීෂණය ආදිය ගැන කතාකර ඊනියා යහපාලනයක්, සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් වෙනුවෙන් පෙනී සිටියහ. ශ්‍රී ල නි පක්‍ෂයේ නිමල් සිරිපාල, බැසිල් රා ජපක්‍ෂ,ඩලස් අලහප්පෙරුම ආදීහු ද ප්‍රධ්න ප්‍රශ්නය වූ සිංහලත්වයට හිමි තැන ලබා ගැනීම අමතක කළහ. ශ්‍රී ල නි ප මාධ්‍ය ප්‍රචාරය මෙහෙයවනු ලැබුයේ ඔවුන් විසිනි.

අප කිහිප විටක් සඳහන් කර ඇති හේතු නිසා මහින්ද පරාජයට පත්විය. එහෙත් දැන් නැවතත් ජාතිකත්වය මහින්ද සමග ඇත. එයින් කලබලයට පත් රාජිත වැන්නෝ ජාතිවාදීන් මහින්ද වටා එකතු වී ඇතැයි කියති. රාජිත සැමදාමත් සිංහල ජාතිකත්වයට විරුද්ධ ය. රාජිත අද ඇත්තේ රනිල් සමග ය. රනිල් කිසි දිනෙක තමාට ජනාධිපති වීමට නොහැකි බව දන්නා බැවින් අගමැති ධුරය පික් පොකට් ගසා විධායක බලතල අගමැති යටතට ගැනීමට සැරසෙයි. යම්කිසි අයුරකින් රනිල්ට ජනාධිපතිවරණයකින් ජයගැනීමට හැකි කමක් තිබිණි නම් ඔහු විධායක ජනාධිපති ධුරයෙහි බලතල කපා දැමීමට එකඟ වන්නේ ද?

19 වැනි සංශෝධනය මගින් එක් පැත්තකින් රනිල් විධායක බලතල අතට ගැනීමට සැරසෙන අතර තවත් පැත්තකින් මහින්ද බලයට ඒම වැළැක්වීමට උත්සාහ කරයි. ඒ සියල්ල සමග සිංහලත්වය දුර්වල කිරීම ද වෙයි. අද සංශෝධනයේ 33 වැනි වගන්තිය මගින් අර්ථනොදක්වන ලද ඊනියා සංහිඳියාව වැනි වචන යොදා ගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන නැති කිරීමේ උත්සාහයක් වෙයි. රනිල් අගමැතිකම පික්පොකට් ගැසුයේ මේ කරුණු ඉටු කිරීම සඳහා ය.

ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකත්වය කුමක් කළ ද සංධානයේ සෙසු මන්තීවරුන්ට පාරලදමේන්තුවේ දී 19 වැනි සංශෝධනය පරාජය කළ හැකි ය. ඒ සඳහා කළ යුත්තේ සංශෝධනයට පක්‍ෂව තුනෙන් දෙකේ ඡන්දය ලැබීම වෑළ්ක්වීම ය.

නලින් ද සිල්වා
2015 අප්‍රේල් 04

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions