4/02/2015

වංගීසගෙන් නදීකාට සිදුවූ අතවරය ගැන විසංයෝජනීය කියවීමක්....

කතෘ:යුතුකම     4/02/2015   7 comments

මේ සටහන ලියන්නට සිත්වූයේ අන්තර් ජාලයේදී ඇස ගැටුනු අපූරු රචනාවක් නිසාය. රචනාව ලියා ඇත්තේ නදීකා බණ්ඩාර නැමැත්තියක් විසිනි. තමා නවකතා කාරියක හා නාට්‍යකාරියකද වන බව ඇය තම රචනාව තුළ අනියමින් අවධාරණය කරයි.

ලිපියේ සාරාංශය මෙසේය.

පසුගිය 26 වැනිදා පසන් කොඩිකාර මහතාට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නදීකා බියර් බීම සදහා බොරැල්ල ඊඒපී බාර් එකට ගොස් තිබේ. ඒ තනිව නොව ජගත් ජයසේකර, නිලන්ත ගමගේ ,විදර්ශන කන්නන්ගර, රුවන් රන්ගේ ,කේ කේ සමන්කුමාර, අජිත් කුමාරසිරි, ප්‍රභාත් හේමන්ත, සාලිය ඉඳුරුවිතාන ආදී වූ තම ප්‍රබුද්ධ මිතුරන් පිරිසක්ද සමගිනි. අවන්හලේදී ඔවුන්ට ඉන්ද්‍රචාප ලියනගේ නැමති ගායනය නුහුරු ගායකයෙක් සහ වංගීස සුමනසේකර මුණගැසී තිබේ. ඉන්පසු නදීකලාගේ සුහද සංවාදය ගාලගෝට්ටියක් බවට පත්ව ඇති අතර මේ අවස්තාවේ වංගීස විසින් නදීකාව ලිංගික වශයෙන් පොළඹවා ගැනීමට බලවත් උත්සාහයක් දරා තිබේ. ඇයගේ සාමකාමී විරෝධය නොතකා ඔහු දිගින් දිගටම ඇය ස්පර්ශ කරමින් ඇයට කරදර කර ඇති අතර ඇය බාර් එකෙන් පිටවී පලා යන තුරුම වංගීස ඇය පසුපස හඹාවිත් තිබේ. සමනලී පොන්සේකාද මේ ගෞරවනීය අවස්ථාවට සහභාගී වී ඇත.

නදීකා මේ සිදුවීම මුල් කර ගනිමින් වෙබ් අඩවියකට හිනා කා පණ යන ලිපියක් ලියා තිබේ. ඒ තුළ ඇය ගැහැනිය ලිංගික වස්තුවක් ලෙස සලකන මේ සංස්කෘතියට හා පසුගාමී ලාංකීය සමාජ අවකාශයට දරුණු ප්‍රහාරයක් එල්ල කරයි. නමුත් ඉල ඇදෙන කාරණය වන්නේ මෙය පසුගාමී සමාජ අවකාශය තුළ නොව බැරි හරුප බල් බල් ගාමින් විකල්ප දැනුම නිශ්පාදනය කරන බව කියන බෙහෙවින් ඉදිරිගාමී සමාජ අවකාශයක් තුළ සිදුවූ ලිංගික අතවරයක් වීමය. අතිශය පසුගාමී, ලිංගික කුහකත්වය ඉතිරෙන අප වැනි ගමේ බයියන් සහිත අවන්හලක මෙය සිදුවූයේ නම් ඉවසා සිටිය හැකිය. නමුත් මෙය සිදුවී ඇත්තේ ලංකාවේ සංස්කෘතික විමුක්තිය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කොට ඇති ඉදිරිගාමී, පශ්චාත් නූතනවාදී, පශ්චාත් මාක්ස්වාදී, ස්ත්‍රීවාදී, ප්‍රති සංස්කෘතික වීරයන් රොත්තක්ම සහභාගී වූ සාදයකදීය. පුම ඉතිරි ලිගු වෙනසක් නැති එවන් තැනක පවා මෙවැන්නක් සිදුව ඇත්තේ කෙසේද යන කාරණය දැන් ඔවුන්ට ලැකානියානු හෝ ජිජැකියානු අර්ථයෙන් නැවත කියවා ගත හැකි වනු ඇත. පසුගාමී සමාජ අවකාශය තුළද ලිංගික අතවර සිදුවුවත් මෙතරම් විගඩම්කාරී ලෙස ප්‍රසිද්ධ ස්ථානයක, තමන්ගේම මිතුරන් පිරිසක් මැද, සිදුවන අතවර විකල්ප ලෝකයටම මිස සාමාන්‍ය ලෝකයට එතරම් අදාල දෑ නොවේ.

නදීකා අවධාරණය කරන ආකාරයට ඇය තුන් තිස් පැයේ ලිංගික හිංසාවට ලක්වන ගැහැනියකි. රටේ සියලු පුරුෂයන් ලිගු ඔසවාගෙන බලා සිටින්නේ දුටු තැන නදීකාට අතවර කිරීම සදහාය. ඇය පාරේ යනවිට මෝටර් බයිසිකල් කාරයන් පවා ඇය පසුපස හඹාවිත් ඇගේ කලවයට පහර දෙති. නදීකා සැබවින්ම මේ ලියන්නේ මොනවා විය හැකිද?

තමන්ට අතවර සිදුවන බවට ප්‍රසිද්ධියේ අනවශ්‍ය ඝෝෂා නගන බොහෝ ගැහැනුන්ට ඇත්තේ වෙනත් මානසික ව්‍යාධියකි. නදීකාට එය එසේදැයි අප නොදනිමු. එක්කෝ නදීකා එම රෝගයෙන් පෙලෙනවා විය යුතුය. එසේ නැතහොත් මේවා ඇය ජීවත්වන ඉදිරිගාමී විකල්ප ලෝකය තුළින්ම ඇය අත්විදි සුවිශේෂී අත්දැකීම් විය යුතුය. ඒ මන්දයත් ඇය ජීවත් වන ඉදිරිගාමී විකල්ප ලෝකයට වඩා පසුගාමී ලාංකීය සමාජ අවකාශය කාන්තාවන්ට හිතකර තැනක් බව ඇගේ ලිපියෙන්ම මැනවින් ගම්‍යමාන වන බැවිනි. නදීකා වැනි වම්බටු ගෙඩියකට වඩා බෙහෙවින් ලිංගික ආකර්ශනයක් සහිත කාන්තාවන් පසුගාමී සමාජ අවකාශය තුළ බීමත් පුරුෂයන් අතරේ කිසිදු අතවරයකින් තොරව යහතින් ජීවත් වෙති.

කෙසේ වුවද මෙහි අදහස මෙරට සිදුවන ලිංගික අපරාධ සියල්ල අමතක කොට නදීකාගේ අවනඩුව විසදිය යුතු බව නොවේ. රටේ අපරාධවලට හේතු සෙවිය යුත්තේ නදීකා හෝ වංගීස වැනි නොමේරෑ දරුවන්ගේ ඔලු තුළ ඇති මනස්ගාත ඔස්සේද නොවේ. තමන්ගේ විකල්ප මිතුරන් විසින් ශිෂ්ටත්වයේ සිහින දුටු ඉදිරිගාමී රටවල් තුළ වාර්ශිකව සිදුවන ලිංගික අපරාධ සංඛ්‍යාව කෙතරම් දැයි නදීකාට අන්තර්ජාලය පිරික්සීමෙන් වුවද අවබෝධ කොට ගත හැකිය. පසුගාමී ලාංකීය සමාජ අවකාශය ගැන ඇය නගන ගිරා පෝතක මැසිවිල්ල ගැන වෙනත් ආකාරයකින් කල්පනා කිරීම සදහා ඇය එවන් ප්‍රාථමික අභ්‍යාසවල වැඩි වැඩියෙන් නිරත වීම යහපත්ය.

නදීකා බාර් එකකට යාම ගැන ඇතමුන් ඇයට දොස් පවරා තිබුණද අපට නම් එහි කිසිදු වරදක් නොපෙනේ. වරද ඇත්තේ ඇය ආශ්‍රය කරන මිතුරු සමාජයට හිමි මහා පොදු ඔල්මාදය තුළ මිස බාර් එකකට යාම තුළ නොවේ. බාර් ගානේ නොගියද ඉතා සාමාන්‍ය ගැහැනු පවා මංගල උත්සව වැනි අවස්ථාවලදී පිරිමින් සමග එකට බීර පානය කරති. නර්තනයේ යෙදෙති. අපේ සමාජය කොතෙක් පසුගාමී වුවද එවන් අවස්ථාවලදී මෙවන් විගඩම්කාරී අතවර සිද්ධි අප දැක නැත.

බියර් බෝතලයක් කට ගා ගත් පමණින් මදන කුලප්පුව ඇවිස්සෙන පිරිමියා කවරෙක්ද? ඇවිස්සුනද ප්‍රසිද්ධ ස්ථානයක ඒ බව පාලනය කර ගත නොහැක්කේ කාටද? ඒ සියල්ලටම වඩා තමන්ගේම මිතුරන් පිරිසක් මැද සිටින මිතුරියකට ප්‍රසිද්ධියේ එවැනි බලපෑමක් කිරීමට පෙළඹෙන අසහනකාරයා කවුද? එය වංගීස සුමනසේකර වැනි විකල්ප ඔල්මාදකාරයෙකුට මිස සාමාන්‍ය සිහියක් ඇති පසුගාමී ආසියාතික පුරුෂයෙකුට කළ හැකි විගඩමක් නොවේ.

අඩුම ගානේ පසුගාමී අවකාශය තුළ මෙවැන්නක් සිදුවූයේ නම් වංගීස අවට සිටි අයගෙන් හෝ ගුටි කෑමට නියමිතය. එහෙත් විකල්ප දැනුම නිශ්පාදනය වන සමාජයක ඉදිරිගාමී සාමාජිකයන් ස්වකීය නව දැනුමේ නාමයෙන් මෙවන් දේ ඉවසා සිටීම එතරම් පුදුමයක් නොවේ. නදීකාගේ මිතුරන් මෙහිදී නිහඩව සිටින්නට ඇත්තේ ස්ත්‍රී දූෂණය පිටු දැකීමද කථිකාමය වශයෙන් ගොඩනංවන ලද අධිපති සංස්කෘතික මතවාදයක් විය හැකි නිසාය. ඒ අනුව මෙය ප්‍රසිද්ධ අවන්හලක් නොවන කාගේ හෝ නිවසක් වැනි ස්ථානයක් වූයේ නම් වංගීස අතින් නදීකා බණ්ඩාර දූෂණය වීමට වුවද බැරි කමක් නැත. එවිට කේ.කේ සමන් කුමාරට ඒ දූෂණයේදී දූෂකයා අත්විදි පරපීඩක ආශ්වාදය පිළිබද කෙටි නවකතාවක් ලිවිය හැකිය. එය සන්නස්ගලට දී අච්චු ගස්සවා සමන් වික්‍රමාරච්චි හෝ ලියනගේ අමරකීර්ති ලවා ඊට ඇට්ටි හැලෙන විචාරයක්ද ලියවා ගත හැකිය. දූෂණය අවසාන වූ පසු විදර්ශන කන්නංගරට ඒ පිළිබද පශ්චාත් මාක්ස්වාදී විචාරයක් ලියා බූන්දියේ කල්පනා ඇම්බුරුස්ට ඊ මේල් කල හැකිය. අවශ්‍ය නම් සාහිත්‍ය මධූ සාදයේදී මේ සිද්ධිය පිළිබද බියර් බොමින් රසවත් සංවාදයක් සිදුකළ හැකිය. මොහාන් රාජ් මඩවල වැනි යහපාලන ඝට්ටැඹියකු ලවා ඊට ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරයක්ද ලබා දිය හැකිය. විමුක්ති ජයසුන්දර හෝ සංජීව පුශ්පකුමාර වැනි නව පරපුරේ සිනමා වීරයෙක් මෙතැන සිටියේ නම් මෙය ඔවුන්ට ප්‍රති සංස්කෘතික සිනමා නිර්මාණයක් සදහාද අපූරු නිමිත්තක් වනු ඇත. මෙය හුදු වංගීසගේ ඔල්මාදයක් නොව ඔහු ජීවත්වන ගෝත්‍රයට හිමි සාමූහික ඔල්මාදයයි. අද ඊනියා යහපාලනයේ ආනුභාවයෙන් මේ ඔල්මාදකාරයන්ට රාජ්‍ය අනුග්‍රහයද හිමිවී තිබේ.

අවසාන වශයෙන් නදීකා බණ්ඩාර නැමති ගොන් බදින කනුවට කීමට ඇත්තේ මෙපමණකි.

තමන් කැමැත්තෙන්ම පිස්සන් කොටුවක ජීවත් වෙමින් එහිදී සිදුවන හිංසාවන් ගැන රටට ලෝකයට දෙස් දෙවෙල් තැබීම පළක් ඇති ක්‍රියාවක් නොවේ. ඔබට බලපා ඇත්තේ පිස්සන් කොටුවේ ප්‍රශ්නයක් මිස රටේ ප්‍රශ්නයක් නොවේ. රටේද ප්‍රශ්න ඇති බව සෑබෑය. එහෙත් රටේ සිදුවන දේවල් යහපත් සිහියෙන් වටහා ගැනීමට නම් ඔබ පළමුව මේ පිස්සන් කොටුවෙන් එලියට ආ යුතුය.

කෙසේ වුවද මෙවන් ලිපියක් ලියා තමන්ගේ විකල්ප ලෝකය තුළ සිදුවන නාටකීය සිදුවීමක් රටට හෙලි කිරීම ගැන නදීකාට අප ස්තුතිවන්ත විය යුතුය. මේ ආකාරයට නොලියවෙන සිදුවීම් තව බොහෝය. අසමජ්ජාති අසංස්කෘතික රාත්‍රියක් ගැන කියමින් නදීකා මේ බැන අඩගසන්නේ මට හෝ ඔබට නොවේ. මේ වනාහී ලංකාවට සංස්කෘතික විමුක්තිය උදාකිරීම සදහා කැපවී සිටින පිරිසක් ගැන ඔවුන්ගේම ගජ මිතුරියක් කියන කතාවකි. . නදීකාගේ ලිපියේ සබැදිය පහතින් ඇති අතර එය කියවීමෙන් පාඨක ඔබටද නොමද හාස්‍ය රසයක් අත්විදිය හැකිය.


සබැදිය http://lankadaily.com/

සුභාෂ් වික්‍රමගේ
-යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. වංගීස මගේ පුද්ගලික මිත්‍රයෙක් මෙන්ම දේශපාලන සගයෙක් ද වේ. කෙසේ වෙතත් නදීකා බණ්ඩාර මෙහිදී විස්තර කර ඇති සිදුවීමේදී (එම සිදුවීම සත්‍ය නම් - පෙනෙන විදිහට එය සත්‍ය සිදුවීමකි) වංගීසගේ හැසිරීම ස්ත්‍රී හිංසනයක් පමණක් නොව සමාජ විරෝධී කටයුත්තක් ද වේ. පොදු ස්ථානයක සාමූහික කටයුත්තකට පැමිණි ස්ත්‍රියකට ලිංගික භාණ්ඩයක් ලෙස සැලකීම කොහොමත් සමාජ විරෝධී වේ. ස්ථාපිත සීමා ප්‍රශ්න කොට සමාජයීය වීමට උත්සාහ දරණ ස්ත්‍රියකට මෙලෙස සැලකීම කොහොමටත් බරපතල දේශපාලන වරදකි. මෙවැනි චර්යාවක් දිගින් දිගටම පෙන්නුම් කරන්නේ නම් එවැන්නෙකුට යහපත් දේශපාලන ක්‍රියාධරයෙක් විය නොහැකි බව මගේ අදහසයි. මා මේ පිළිබදව පුද්ගලිකව වංගීස සමග කතා කිරීමට පෙර ප්‍රසිද්ධියේ කතා කළේ මෙවැනි දේ පුද්‍ගලිකව කතා කොට විසදාගත යුතු ප්‍රශ්න නොව සමාජය ඉදිරියේ විසදාගත යුතු ප්‍රශ්න බැවිණි.
    -Nirmal Dewasiri

    ReplyDelete
  2. ගොඩේ බයියා4/02/2015 6:35 PM

    විප්ලවකාරී පුකවල් දාර්ශනිකව මිරිකීම
    මෙතනින් කියවන්න
    https://www.facebook.com/189404577862002/photos/a.189406687861791.46290.189404577862002/604909476311508/?type=1

    ReplyDelete
  3. සහෝදරයා, ඔබට හිතෙන්නේ නැද්ද ඔබත් ඇතුළු සිංහල බෞද්ධ සංස්කෘතිය අගය කරණ ඒ වෙනුවෙන් සටන් කරණ කණ්ඩායම කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටීමෙන්, ඔහුගේ සියළු වැරදි අනුමත කෙරීමෙන්, අඩුම වශයෙන් වැරදි විවේචනය නොකිරීම නිසා සමාජයේ ඇති කෙරුණ හිඩැස නිසා මෙවන් විලම්බීත කාරයින් සමාජයේ සහ රජයේ බලය ලබාගත් බව.

    ReplyDelete
  4. සිංහල බෞද්ධ සංස්කෘතිය අගය කරන කණ්ඩායම් කොන්දේසි විරහිතව මහින්ද වෙනුවෙන් පෙනී සිටි බව කීම එතරම් සාධාරණ ප්‍රකාශයක් නොවේ.. නමුත් මෙවන් විලම්බීත කාරයන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීම නම් මහින්ද විහින් අත් කර ගත් පරාජයේ එක ප්‍රතිපලයක් බව පැහැදිලිය

    ReplyDelete
  5. ඒ අනුව මෙය ප්‍රසිද්ධ අවන්හලක් නොවන කාගේ හෝ නිවසක් වැනි ස්ථානයක් වූයේ නම් වංගීස අතින් නදීකා බණ්ඩාර දූෂණය වීමට වුවද බැරි කමක් නැත. එවිට කේ.කේ සමන් කුමාරට ඒ දූෂණයේදී දූෂකයා අත්විදි පරපීඩක ආශ්වාදය පිළිබද කෙටි නවකතාවක් ලිවිය හැකිය. එය සන්නස්ගලට දී අච්චු ගස්සවා සමන් වික්‍රමාරච්චි හෝ ලියනගේ අමරකීර්ති ලවා ඊට ඇට්ටි හැලෙන විචාරයක්ද ලියවා ගත හැකිය. දූෂණය අවසාන වූ පසු විදර්ශන කන්නංගරට ඒ පිළිබද පශ්චාත් මාක්ස්වාදී විචාරයක් ලියා බූන්දියේ කල්පනා ඇම්බුරුස්ට ඊ මේල් කල හැකිය. අවශ්‍ය නම් සාහිත්‍ය මධූ සාදයේදී මේ සිද්ධිය පිළිබද බියර් බොමින් රසවත් සංවාදයක් සිදුකළ හැකිය. මොහාන් රාජ් මඩවල වැනි යහපාලන ඝට්ටැඹියකු ලවා ඊට ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරයක්ද ලබා දිය හැකිය. විමුක්ති ජයසුන්දර හෝ සංජීව පුශ්පකුමාර වැනි නව පරපුරේ සිනමා වීරයෙක් මෙතැන සිටියේ නම් මෙය ඔවුන්ට ප්‍රති සංස්කෘතික සිනමා නිර්මාණයක් සදහාද අපූරු නිමිත්තක් වනු ඇත. මෙය හුදු වංගීසගේ ඔල්මාදයක් නොව ඔහු ජීවත්වන ගෝත්‍රයට හිමි සාමූහික ඔල්මාදයයි. අද ඊනියා යහපාලනයේ ආනුභාවයෙන් මේ ඔල්මාදකාරයන්ට රාජ්‍ය අනුග්‍රහයද හිමිවී තිබේ.

    ReplyDelete
  6. Lasantha Biyanka4/03/2015 4:52 PM

    නදීකාම කියන ඔය මාර ලිබරල් සංස්කෘතිය ඇතුලේ මොකක්ද වංගීස කරලා තියෙන වැරැද්ද? නදීකලාගේ සංස්කෘතිය තුළ වංගීස කර ඇත්තේ ආරාධනා පත්‍රය කිහිප වරක් යැවීම පමණි. නදීකා එය කිහිප වරක් ප්‍රතික්ෂේප කර ඇත. ඉතින් අවුලක් නෑනේ. ඔය විශ්වීය ලිබරල් සංස්කෘතියේ ඉන්න ගැහැණියකුට එවන් ආරාධනාවක් පමණක් ලැබීම මෙතරම් ගැටළුවක් උනේ මොකද කියලා ඔය විශ්වීය මහත්තුරු ටිකක් කල්පනා කරලා බැලුවොත් නරකද? නදීකා වංගීසගේ ආරාධනය ලිංගික අතවරයක් ලෙස අර්ථ දක්වන්නේ කුමන සංස්කෘතියක පිහිටලාද කියලත් හිතලා බලන්න. නිර්මාල් වංගීසගේ හැසිරීම ස්ත්‍රී හිංසනයක් කියන්නේ කුමන සංස්කෘතියක ඉදලද කියලා හිතලා බලන්න. අමතක කරන්න එපා වංගීස කිසිම ලිංගික අවයන් යයි හදුනාගත් කිසිවකට අත තබා නැති බව. නදීකා පුටුව සාමකාමීව මාරු කලා කියන්නේ යන්න හදද්දි අල්ලලත් නෑ. මට තේරෙන විදියට නම් නදීකා ඔළුවෙ මවන් ඉන්න සංස්කෘතියේ වංගීස අහිංසකයෙක්. ඒ සංස්කෘතිය තුළ වංගීස නදීකාට ඇණයක් වෙලා තියෙනවා. එච්චරයි. නිර්මාල්ලා, නදීකලා, වංගීසලා සිංහල බෞද්ධ සංස්කෘතියේ නෙමේනේ. ඕගොල්ලන්ට මේකේ වැරැද්දක් පේන්නේ, මේවා හිතට වද දෙන්නේ ඇයි මන්දා..

    ReplyDelete
  7. ලසන්ත වෙත. යාලුවා මොඩයෙක් වෙන්න එපා.. උඹ ඔය කියන උන් සිංහල බෞද්ධ නෙවෙ කියල අපිටත් ඇස් කන් වහගෙන ඉන්න පුලුවන් උන් අපෙ රටෙ සිංහල බෞද්ධ කමට වින කරන්නෙ නැතුව උන්ගෙ ලොකෙට වෙලා ඉන්නව නම්. ඒක මතක තියාගනින්.

    නිර්මාල් වෙත.. හලො පොර, උඹල 80 ගනන් වල කරපු පාහර වැඩ වලට පිලිතුරු කර්මය උඹලට ලබාදේ. මෙ සිංහල බෞද්ධ රට උඹලට වටින්නෙ නැති වුනාට අපිට වටිනව.. උඹලට ඔනෙ කාලකන්නි වැඩ වලට උඹලගෙ හාම්පුත්තු ඉන්න රටවල් වලට පලයව් රට කාලකන්නි නොකර. මල පෙරෙතයො.

    සිංහල පුරවැසියා තාරක

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions