4/16/2015

මහින්ද නුදුටු යහපාලනය සහ අනුර නුදුටු ඒකාධිපති

කතෘ:යුතුකම     4/16/2015   2 comments


මහින්ද රාජපක්ෂ මහතා තමා අතින් වැරදි සිදු වූ බවත් ඒවා නිවැරදි කර ගැනුමට තමන් ක්‍රියා කරන බවත් ඉකුත්දා රත්නපුරේ පැවති ජන රැලිය වෙත එවා තිබූ සුභාශිංෂණ පණිවුඩයෙහි දක්වා තිබුනි. ඒ අඩුපාඩු තල කිහිපයක ක්‍රියාත්මක වුනි. ඒවා සරල එදිනෙදා කටයුතුවල සිට උපාය මාර්ගික හා මතවාදී තලයන් දක්වාම පැතිර තිබෙන්නට ඇත. මේ ලිපියෙන් සලකා බැලෙන්නේ ඒ එක් අඩුපාඩුවක් පිළිබඳවය.

යහපාලනය නොමැතිකම

වරද කරුවන්ට දඬුවම් නොදීම මහින්ද රාජපක්ෂ රජයේ ජනප්‍රියත්වය අඩුවීමට තීරණාත්මක ලෙස බලපෑවේය. හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මැතිණියගේ සැමියාට අදාලව එල්ල වුණු මුල්‍ය වංචා චෝදනා නොතකා හැරීමට තමන් ක්‍රියා කළ බව එවක ඔහු පැවසිය. එම ප්‍රකාශය එවන් වරදකරුවන්ට නිසි දඬුවම් දීමට ඔහු ක්‍රියා නොකළ බවට ප්‍රබල සාධකයකි. මර්වින් සිල්වලා නිසා සෑහෙන පිරිසක් මහින්දට විරුද්ධව ඡන්දය දුන් බව තේරුම් ගැනීමට සමීක්ෂණ කළ යුතු නැත. නමුත් ඊට සමාන්තරව මර්වින් සිල්වලාද මහින්දට එරෙහිව බහුවිධ යහපාලන කල්ලි සමඟ කුමන්ත්‍රණයක සිටීම දාමරිකයන්ට මැරයන්ට නිසි දඬුවම් නොදීම නිසා මහින්දට ලැබුනු දෛවෝපගත දඬුවමකි. ඒ දාමරිකයන් මැරයින්ම හොර රහසේ කුමන්ත්‍රණය කර බිහි කළ යහපාලන රජයක අවිධිමත් දෝතට මේ ලක් දෙරණ ලක් වීම මහින්දට දඬුවම් කරන්නට ගිය මෙරට පුරවැසියන්ට ලැබුනු දඬුවමයි.

ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා යන පාලකයන්ගෙන් යහපාලනයක් මිනිස්සු නොපැතුවෝය. පණ බේරා ගෙන ඉන්න ලැබීම එකල අප සනසන්නක් විය. ත්‍රස්තවාදයෙන් පසු මහින්ද යහපාලනය ඇති කළ යුතු යයි, ඔහුට එය කළ හැකි යැයි සහ ඔහු එසේ කරනු ඇතැයි බලාපොරොත්තුවක් හා පැතුමක් මිනිසුන් තුළ විය. මහින්ද තමා විසින් යහපාලනය ඇති කළ යුතු යැයි තේරුම් නොගැනීම ඔහු විසින් කළ බරපතල වරදක් විය.

වත්මන් රජයෙන් යහපාලනයක් ඇතිවෙතැයි යහපාලන රෙජිමය ගොඩ නැගීමට කටයුතු කළවුවෝ පවා දැන් නොපතති. සමාජ ජාලා වෙබ් අඩවිවල ඒ වෙනුවෙන් කටයුතු කළ අවිහිංසක තරුණයන් පිරිසක් පමණක් තවම ඒ අව්‍යාජ එහෙත් මෝහාධික යහපාලන පැතුම ඇතිව සිටිනු දැකිය හැකිය. ඔවුහූ කුහකයින් නොවෙති. කුහකයින් වන්නේ මර්වින් සිල්වලා සමඟ එක්ව එකට යහපාලන කුමන්ත්‍රණ දියත් කළ දේශපාලකයෝයි. වත්මන් ජනපති එහි ප්‍රමුඛයාය.

කැඳ හැළියක් ලිපේ තබා කිරිබතක් ඉදවා ගත නොහැකි බව මේ කුහකයන් නොදැන සිටියා විය නොහැකිය.

අනුර කුමාරගේ ජාතිවාදී NGO භූමිකාව


2001දී, තමනට ව්‍යවස්ථාවෙන් හිමිව නැති බලයක් ආරෝපණය කර ගනිමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියා සමඟ එළැඹෙන්නට යන ගිවිසුමක් පිලිබද සියළු තොරතුරු මෙරට ජනතාවගෙන් රනිල් වසන් කළේය. දැන් ඒ රනිල්ලාම තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද පනත් ගෙනෙන්නට සැරසෙන්නේ බටහිර බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අනුව රණවිරුවන් දංගෙඩියට දැක්විම පහසු කරන්නටය. ගෝඨාභය, රොෂාන් ගුණතිලක සහ වසන්ත කරන්නාගොඩ යනාදී ජයග්‍රාහි යුධ සෙන්පතියන් හොරුන් මංකොල්ල කරුවන් ලෙස හංවඩු ගසන්නට උත්සාහ දරන්නේ හුදු කේවල ක්‍රියාවක් ලෙස පමණක් නොවේ. යුධ අපරාධ පරීකෂණ සඳහා උචිත ලෙස මෙරට ජනතාවගේ මනස සකස් කරලීමට බව අප තේරුම් ගත යුතුය. අද ජවිපෙ අනුරලා රනිල්ගේ පහසුකම් සලසන්නාගේ භූමිකාව ඉටු කරමින් සිටිති. වරද කරුවන්ට දඬුවම් දිය යුතු යැයි දෙඇස් ලොකු කර හුස්මක් උඩට අල්ලා පවසන අනුරට බටලන්ද තහනම් වචනයකි. අද අනුර කුමාර උත්සාහ දරමින් සිටින්නේ ජාතිවාදී දෙමළ සන්ධානයට විපක්ෂ නායක කම ලබා දීමටයි.

අනුරගේ ජවිපෙ අද ඉටු කරමින් සිටින්නේ විමල්ලා ජවිපෙ සිටිද්දී විවේචනය කළ රාජ්‍ය නොවන සංවිධාන අප රටට එරෙහිව ඉටු කරමින් සිටි භූමිකාවමය. ජාතිවාදීන්ට අවැසි පරිදි ජන විඥානය වෙනස් කිරීම අනුරට රනිල් ලබා දී ඇති කොන්ත්‍රාත්තුවයි.

ජවිපෙ පෝස්ටර් ඇලවීමට මෙන්ම ලේබල් ඇලවිමටද දක්ෂ බව අප පිලිගත යුතුය. මහින්ද රාජපක්ෂ ඒකාධිපතියකු ලෙස කලින්ම හැදින්වුයේ දෙමළ ජාතිවාදීන් සහ බටහිර මාධ්‍ය විය. ඒ යුද්ධය සිදුවන කාලයේ පටන්ය. එකල එය මෙරට බහුතර ජනතාවට නම් දිරවාගත හැකි ලේබලයක් නොවීය. එම ලේබලය පසුව හෝ මෙරට තුළ සමාජගත කරවන්නට ජවිපෙට හැකිවිය. එය කොතෙක් දුරට යථාර්ථවාදීද? සියළු දේ තේරුම් ගැනීමට සිදුවන්නේ සාපේක්ෂවය. පසුගිය රාජපක්ෂ රෙජීමයට සාපේකෂව වත්මන් සිරිසේන රෙජීමය මේ දින කිහිපය තුළ ක්‍රියා කළ ආකාරයෙන් එය තේරුම් ගැනූම පහසු වී ඇත.

පාර්ලිමේන්තුවේ බහුතරය හිමි නොවන පක්ෂයකට අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය හිමිකර දීම සුපිරි ඒකාධිපතිවාදයකි. එය තමා ජනපති කරවීම සඳහා දමා ගත් ගිගා ඩීල් එකකි. 25කට සීමා කරන්න පොරොන්දු වූ ඇමති මණ්ඩලයට 77ක් මේ වන විටත් පත්කර ප්‍රධාන පක්ෂ දෙකම රජය බවට පත් කර ඇත. වඩාත් උත්ප්‍රාසජනක ලෙස ඒකාධිපති වියරුව පෙන්නුම් කැරෙන්නේ විපක්ෂය සහ විපක්ෂ නායක කමත් තමන් අත තබා ගැනීමට සිරිසේන උත්සාහ දැරීම තුළය. ලක්ෂ 58 ක් වූ ජනතාවගේ මතයට නියෝජනයක් නැති කර ඇත. නියෝජිත ප්‍රජාතන්ත්රවාදයේ මූලිකම සිද්ධාන්ත අමු අමුවේ සාමූහික කෙලෙසීමකට ලක් කර ඇත. ඒ සියල්ල සිදුවන්නේද යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මෛත්‍රියේ නාමයෙනි. මේ තුච්ඡ ඒකාධිපති වියරුව තුළ ජවිපෙටද රනිල්ගේ පහසුකම් සපයන්නාගේ භූමිකාව හිමිය.

මහින්ද ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කළේද යන්න විවාද සම්පන්නය. නමුත් සිරිසේන ඒකාධිපතියෙකුය යන්න අවිවාදිතය. පුද්ගලයාගේ බාහිර පෙනුමෙන් එය මැනිය නොහැකිය. නැත්තේ ඒකාධිපති ලේබලයකි. ලේබලයක් නැති වුවද වැසිකිළිය, වැසිකිළියක් ලෙස හදුනාගැනීම අපහසු නැත. ඇතැමුන්ට ලේබලයක් නැතිව හදුනා ගැනීම අපහසු බව නම් සත්‍යකි. වැසිකිළියේ ලේබලය වැසිකිළියේ නොඅලවා ගෙදර ආලින්දයේ ඇලවූ ජවිපෙද දැන් ආලින්දයේ පහරමින් සිටියි.

දඬුවම් දුන්නාටත් දඬුවමක්


පැරණි සිරිසේනගේ වචනයෙන් මේ කල්ලිය හැදින්වූයේ විපක්ෂයේ දේශපාලන කුහකයන් ලෙසය. ඔහු ඊට අයත් නොවුනේ ඔහු ආණ්ඩු පක්ෂයේ සිටි දේශපාලන කුහකයෙකු නිසාදැයි යන පැනය අද කාලීනය.

මේ පක්ෂ, විපක්ෂ දේශපාලන කුහකයන්ට ඉඩක් ලැබුනේ මහින්ද යහපාලනය ඇති කිරීමට උනන්දුවක් නොදැක්විම නිසාය. මේ දුර්ධාන්ත විපරීත දේශපාලන සංස්කෘතිය තුළ යහපාලනය ඇති කළ හැක්කේ ජන හද දිනූ සවිමත් නායකත්ව ගුණාංග උසුලන පාලකයකුට මිස කුමන්ත්‍රණකාරී වෛරී පුද්ගලයන්ට නොවන බව දැන් පැහැදිලිය.

ජාතියේ අවාසනාවට මහින්ද ඒ අවස්ථාව අත්හැරීය. වරදට දඬුවම් ලැබිය යුතුය. නමුත් දඬුවම් දී ඔහු නික්මවූ මොහොතේ සිට ඔහු නැති හිඩැස වඩාත් තදින් දැනුනි. ඔහු නික්මවීමට හොර රහසේ දැඩි කාර්යභාරයක් කළ බෙදුම්වාදී සතුරන් දැන් රජ මාළිඟාව තුළ සිටින්නේ ඔත්තුකරුවන් ලෙස නොවේ. ජනපතිට නිර්දේශ ලබා දෙන විධායක සභාව ජාතියේ සතුරන්ගෙන් සමන්විතය. ජාතියේ සතුරන් රට කරන හැටි කියා දෙද්දී, පාලකයා දෙදණ නමා අත සිඹ ඒවා පිලිගනිද්දී ජනතාවට දැනෙන්නේ තමන්ගේ රටින් තමන් පළවා හැරි බවකි. තමුන් කබලෙන් ලිපට වැටුනු බවකි.

මහින්ද යහපාලනය ඇති නොකිරීම නිසා ඔහුට දුන් දඬුවම යළි තමන්ටම දුන් දඬුවමක් බවට පත් වී ඇති ආකාරය ජනතාව අවබෝධ කරගෙන ඇත. මහින්ද යළි පැමිණ යහපාලනය ඇතිකළ යුතුය. සිය පුත් නාමල්ට අනුග්‍රාහකයකු නොවී ගුරුවරයෙකු වීමට මහින්ද ඉටා ගත යුතුය. කෙතරම් කාර්යක්ෂම පුද්ගලයකු වුවත් බැසිල් යළි වුවමනා නොවේ.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. සුදු පුතා4/16/2015 9:19 PM

    එකඟයි. මහින්ද වැරදි සාදා ගනු ඇතැයි අපට බලාපොරොත්තු තැබිය හැක.

    ReplyDelete
  2. he rectyfy mistakes what he did specially some politician who suffer common people ,people with mahinda but not with these MPs must revis his stratgies with this thugary politician

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions